10/02/2015

ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් (2 කොටස )

කතෘ:යුතුකම     10/02/2015   No comments

ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් (2 කොටස )

මේ ලිපි මාලාවේ පළමු ලිපිය  >>
මේ එහි දෙවැන්නයි..

කුඩා දරුවන් පැවිදි කිරීම ගැන සමාජ ජාලා තුල ඇතිවී තිබෙන සංවාදයට තවත් කරුණු කීපයක් එකතුකළ යුතුව තියෙනවා .මේ ගැන තවදුරටත් වාද විවාද කිරීමට අවශ්‍යතාවයක් නොතිබුනත් අප මේ කරුණු ගැන කළ අධ්‍යයනයේදී ඇතැම් අය කරුණු විකෘති කොට තිබු බව තහවුරු වූ නිසාත් උක්ත ප්‍රශ්නය ගැන හුදු විවේචනවලින් නොනැවතී සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කළ යුතු නිසාත් මේ කරුණු ටික ලියන්නම් .මුලින්ම මේ අය පලකරන අසත්‍ය අදහස් මොනවාද බලමු

1.සම්ප්‍රදායට අනුව වයස 7 න් ඉහල දරුවන්ව පැවිදි කළ හැකි බව කීම
මෙය සම්පුර්ණ අසත්‍යයකි .කුරුල්ලෙකු එළවීමට හැකි දරුවෙකු පැවිදි කළ හැකිය යන්න සම්ප්‍රදායයි .මෙය බුද්ධ භාශිතයක්ද යන්න ගැන සැක සහිතය .කුරුල්ලෙකු එළවීමට වයස අවු 3 ක දරුවෙකුටද හැක .එනිසා එවන් වයසක් පැවිදි වීමට සුදුසුද යන්න සම්ප්‍රදාය ගැති නොවී මධ්‍යස්ථව සිතා බලන්න .

2.පැවිදිවීමට පෙර දරුවෙකු වසරක කාලයක් වත්පිළිවෙත් පුහුණු වෙන බව
මෙයද සම්පුර්ණ අසත්‍යයකි .අපට දැනගන්නට ලැබුණු පරිදි පැවිදිවීමට දින ගණනකට මාස ගණනකට පෙරද දරුවන් පන්සලට භාරදේ .
සමාජ ජාලා තුල භික්ෂුන් වහන්සේලා සිටින බැවින් ඒ ගැන විමසා ඕනෑම කෙනෙකුට සැක හැර ගත හැක .

3.ඉස්ලාමයේ ළමා විවාහ සහ රාවතාවත්ත පල්ලියේ සිදුවීම් වැනි දේවල් නිසා මේ කරුණ ගැන කතා නොකළ යුතු යයි කීම

ඉස්ලාමයේ මෙහෙමයි කිතුනු ආගමේ මෙහෙමයි කියමින් අපේ වැරදි සාධාරණීකරණය කරන එක බෞද්ධකමද ? අවු 3-4 දරුවන් දෙමව්පියන් ඇසුරේ හැදෙන්න ඕනේ එසේ නැත්නම් නිසි ආරක්ෂාවක් තියෙන දරුවන් හැදීම ගැන පළපුරුද්දක් තියෙන ආයතනයක් භාරයේ හෝ හැදෙන්න ඕනේ .ළමා අයිතිවාසිකම් අහිමි කරමින් සසර ගැන තියා ලෝකය ගැන කිසිම දෙයක් නොදන්නා වයසක පැවිදි කරලා කැමති අධ්‍යාපනයක් හෝ වෘත්තියක් පුහුණු වෙන්නට නොදී බලෙන් ප්‍රාචීන අධ්‍යාපනය ලබාදෙන එක දරුවාට කරන සාධාරනයක්ද ?

4.නොදරු වයසේදී පැවිදි උවත් ඉගෙන ගෙන පසුව ගිහි සමාජයට එක්විය හැක .
මෙයද යථාර්ථය නොදැන කළ ප්‍රකාශයකි .පැවිදි වූ අය බොහෝ විට ලබන්නේ ප්‍රාචීන අධ්‍යාපනයයි එනම් පිරිවෙන් අධ්‍යාපනයයි .එහිදී බුදු දහම පාලි සංස්කෘත වැනි විෂයන් ඉගෙන ගත්තත් එම විෂයන්වලට වත්මන් වාණිජ සමාජයේ වටිනාකමක් නැත .එම සුදුසුකම් මත පුද්ගලික ආයතනයට රැකියාවකට ගිය හොත් එවැනි අයෙකුට සම්මුඛ පරීක්ෂණයේ සිටම නින්දා අපහාස අවලාද අසන්නට ලැබෙන බව අපට දැනගන්නට ලැබුණි .සමාජයෙන්ද ලැබෙන්නේ ගැරහුම්ය .පිරිවෙන් අධයාපනය තුලින් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් හෝ වඩු කාර්මික ආදී වෙනත් වෘත්තිකයන් බිහි වන්නේ නැත .එනිසා පුද්ගල සහජ දක්ෂතා අනුව ජීවන වෘත්තියකට පිවිසීමට මේ අයට අවස්ථාව නැත .ඒ අනුව මේ අයට කැමති අධ්‍යාපනයක් ලැබීමේ අයිතියද අහෝසි වී ඇත .

තවත් මෙවැනි ප්‍රයෝගික සත්‍යය නොදැන කළ ප්‍රකාශයන් බොහෝය .පොස්ටුව දීර්ග විය හැකි බැවින් සියල්ලට මෙහි සටහන් කළ නොහැක .

පසුගිය කාලයේ විවිධ ආගමික වැඩකටයුතු කරමින් භික්ෂුන් වහන්සේලා සමග අප සිදු කළ සාකච්ඡාවන්හිදී මතු වූ කරුණු අනුව මේ ලිපි සැකසිණි .විවේචනවලින් නොනැවතී මේ ගැටළු මගහරවාගෙන කටයුතු කිරීමට යෝජනා ඉදිරපත් කිරීමද අපගේ වගකීමකි . සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා භික්ෂුන් වහන්සේලාගෙන් මතු වූ කරුණු පාදක කරගෙන අපට ඉදිරිපත් කළ හැකි යෝජනා ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු .

-රන්ජන් බාලසූරිය
 
ලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න
සංවාදයට විවෘත්තයි...
ඔබගේ ප්‍රතිචාර ලිපි editor@yuthukama.com වෙත යොමුකරන්න
 

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions