9/03/2015

සම්බන්ධන්ලාගේ අවුල කුමක්ද?

කතෘ:යුතුකම     9/03/2015   No comments
දෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්ධන් මහතා මෛත්‍රී - රනිල් ආශිර්වාදයෙන් විපක්ෂ නායක ධූරයට පත් වී තිබේ.
එයට විරුද්ධව අදහස් දක්වන අයට සමහරුන් දෙමළ ජාතිකයකු විපක්ෂ නායකයා බවට පත් වීම ප්‍රශ්නයක් දැයි පෙරළා අසන්නේ අර මුල් පාර්ශවයට ජාතිවාදියා යන අවමන් කිරීමද සමගිනි.
නමුත් ඔවුන්ට නොතේරෙන හෝ අමතක කරවන්නට හදන කරුණ නම් ඔවුන් එලෙස අනුන්ට ජාතිවාදියා යැයි චෝදනා කරන්නේ එක් පැත්තකින් අන්ත ජාතිවාදයක් ආරක්ෂා කරමින් යන්නයි.
 
දෙමළ ජාතිකයකු විපක්ෂ නායක ධූරයට නොව ජනාධිපතිධූරයට පත් වුවත් අපට නම් ගැටලුවක් නොවේ.
නමුත් ඒ එක් අත්‍යවශ්‍ය කොන්දේසියකට යටත්වය. ඒ රටේ ඒකීයභාවය ස්වෛරීත්වය සමග මෙරට ශිෂ්ඨාචාරය ගොඩ නැගූ මුඛ්‍ය සංස්කෘතික උරුමය සිංහල බෞද්ධ බව පිළිගැනීමයි.
 
නමුත් සම්බන්ධන්ලාට අද විපක්ෂ නායකධූරය රැගෙන දුන්නේ ඒ කොන්දේසිය තබා ෆෙඩරල් රාජ්‍යකට මෙහා වත් තම දේශපාලන ස්ථාවරය නවතාගන්නට තරම් සංවේදීතාවයක් නැතිව තිබියදීය. පසුගිය ද්‍රවිඩ සංධාන පක්ෂ සමුළුවේදී සම්මත කරගත් යෝජනාව කියවීමේදී අදද ඔවුන් සිටින ස්ථාවරය එදා ප්‍රභාකරන්ගේ දේශපාලන පෙරමුණ සිටි ස්ථාවරයෙන් කිසිඳු වෙනසක් නොමැති බව පැහැදිලි වනවා ඇත.

පසුගිය මැතිවරණය අරභයා ඔවුන් ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයන පිලිබඳ ආචාර්‍ය නලින්ද සිල්වා මහතා ඒ දිනවල ලියූ පහත සඳහන් ලිපිය අද දවසේ නැවත අපගේ අවධානයට ලක් කල යුත්තේ සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත් වූ නිසාම නොවේ. පසුගියදා පාර්ලිමේන්තු රාජාසන කතාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතාද ප්‍රකාශ කලේ ඔහුගේ ඉදිරි දේශපාලන වැඩසටහන සැකසීමේදී මේ දෙමළ ජාතික සංධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයද පාදක කරගන්නා බව පැවසූ බැවිනි.

අපි රට බෙදන්නේ නැතැයි
අද  සම්බන්ධන්ලා මාධ්‍ය හමුවේ කරන ප්‍රකාශ හුදු ප්‍රකාශ පමණක්ම වන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තිල අඩංගු මේ විසකුරු වගන්තිවල විසකුරු බව ඒ ප්‍රකාශ වලින් හීන නොවන බැවිනි.
--------------------------------------------------------------------------------------------
 
ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ -නලින් ද සිල්වා 

 අද බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශය ය. එහි දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, ස්වයංනිර්ණ අයිතිය, නිජබිම, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම වැනි කරුණු අඩංගු වෙයි. මේ එකක්වත් අලුත් කරුණක් නො වේ. තිම්පු යෝජනා, වඩුකොඩෙයි සම්මේලන යෝජනා ආදියෙහි මෙන් ම එයට පෙර ෆෙඩරල් හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ (තමිල් අරසු කච්චි) ප්‍රතිපත්ති ප්‍රකාශවල ද ඒ කරුණු යම් ආකාරයකින් දැක ගත හැකි ය. මේ සියල්ලෙහි මූලික අරමුණ වනුයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් නැති කර දැමීම ය. නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීම ය.

ප්‍රශ්නය අඩුම තරමින් 1833 දක්වා විහිදෙයි. එකල සිට දෙමළ ජාතිවාදීහු ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් විවිධ දේ ඉදිරිපත් කළහ. දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම පළමුවෙනි දේශපාලන ඉල්ලීම විය. ඒ ක්‍රම ක්‍රමයෙන් විකාශය වී දෙමළ බෙදුම්වාදය බවටත් පසුව දෙමළ ත්‍රස්තවාදය බවටත් පත් විය. එහි තිබුණේ සංතතික (අඛණ්ඩ) විකාශයකි. ඒ ඉල්ලීම් සියල්ල අසාධාරණ ඉල්ලීම් විය. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමේ අරමුණෙන් කරන ඉල්ලීම් සාධාරණ වන්නේ කෙසේ ද?

ඒ අසාධාරණ ඉල්ලීම් ලබා දීමට මායාදුන්නේ ජාතික ව්‍යාපාරයේ සිංහලයෝ මුල සිට ම විරුද්ධ වූහ. එවාට යම් ප්‍රමාණයකට වුව පක්‍ෂපාති වූයේ ජාතික කොංග්‍රසයේ පෙත්සම්කාර ප්‍රභූ සිංහලයෝ ය. මායාදුන්නේ පරම්පරාවේ සිංහලයන්ගේ විරුද්ධතාව බටහිරයන්ට ද ඉන්දියාවට ද ප්‍රශ්නයක් විය. ඔවුහු අවසානයේ දී මායාදුන්නේ සිංහලයන්ගේ තදබල විරුද්ධතාව මැද පෙත්සම්කාර ප්‍රභූ සිංහලයන්ගේ (එවකට ඔවුහු එ ජා පක්‍ෂය වටා සංවිධානය වී සිටියහ) ආධාරයෙන් කුප්‍රසිද්ධ ඉන්දු ලංකා ගිවිසුම ද දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවසථාව ද පළාත්සභා පණත ද අප මත බලයෙන් පැටවූහ. අපට ඒ පිළිගැනීමට සිදුවූයේ ජේ ආර්, රනිල් ආදීන්ගේ නිවටකම නිසා ය. 

දෙමළ ත්‍රස්තවාදය බවට පත් වී සිටි දෙමළ ජාතිවාදය දහතුනෙන් සෑහීමකට පත් නොවී ය. ඔවුහු දහතුනෙන් ඔබ්බට යන ඉල්ලීම් ඉදිරිපත් කළහ. රට බෙදීම කරා යන විසඳුම් ඉදිරදපත් කළහ. ආයුධ අතට ගෙන තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන් කළහ. ඒ සටනට බටහිරයෝ ද ඉන්දීයයෝ ද, පල්ලියේ නායක පූජකවරුද, ඊනියා සිවිල් සාමාජිකයෝ ද, රාජ්‍ය නොවන පඬියෝ ද දැනුමෙන්, මුදලෙන්, ආයුධවලින් හා වෙනත් ද්‍රව්‍යමය වශයෙන් ආධාර කළහ. එහෙත් සිංහලයෝ අවසානයේ දී මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වයෙන් 2009 මැයි 18 වැනි දා හමුදා මෙහෙයුම්වලින් ඒ සටන පරාජය කළහ.

ඒ සටනෙන් පරාජය වූයේ කුමක් ද? එතෙක් කළ සියලු ඉල්ලීම් අවසාන සටනට ද වලංගු විය. 1833 සිට සිංහලයන්ට එරෙහිව පැවති සටනක් එදා පරාජය විය. එතෙක් පැවති සියලු ඊනියා සාම සාකච්ඡා ද පරාජය විය. දෙමළ ජාතිවාදයේ ඉල්ලීම්, සාකච්ඡා ආදිය දෙමළ ත්‍රස්තවාදයත් සමග කූටප්‍රාප්තියට පත්විය. නන්දිකඩාල් කලපුවේ දී ඒ සියල්ල පරාජයට පත් කෙරිණි. හමුදා මෙහෙයුුම් (යුද්ධය) මගින් දෙන්නේ ද දේශපාලන විසඳුමකි. හමුදා විසඳුම් හා දේශපාලන විසඳුම් යනුවෙන් විසඳුම් වර්ග දෙකක් නැත. ඊනියා සාම සාකච්ඡා අසාර්ථක වීම ම හමුදා විසඳුමකින් නිරූපණය වෙයි. හමුදා මෙහෙයුම් කෙරුණේ මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනන නායකත්වයෙනි.

නන්දිකඩාල් පරාජයෙන් පසු දෙමළ ජාතිවාදයේ සියලු ඉල්ලීම් පරාජය වී ඇත. ඒවාට තවදුරටත් වලංගුබවක් නැත. දෙමළ ජාතික සංධානය ඉල්ලන්නේ පරාජය වී ප්‍රතික්‍ෂෙප වූ ඉල්ලීම් ය. මායාදුන්නේ පරම්පරාව ඒවාට කන්දීමක්වත් කළ යුතු නො වේ. මහින්ද රාජපක්‍ෂට ඒ සියලු ඉල්ලීම් ප්‍රතික්‍ෂෙප කිරීමට නෛතික හා සදාචාරාත්මක අයිතියක් ඇත. රනිල්ගේ පෙත්සම් කාරයන් බටහිරයන්ට බියෙන් නැවත දෙමළ ජාතික සංධානයේ ඉල්ලීම් පසුපස යයි. අගොස්තු 17 වැනි දා රනිල් පැරදවිය යුතු ප්‍රධානම හේතුව වන්නේ ද එයම ය.

ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය වූ නට්සිවාදීන් පසුව එංගලන්තය, ඇමරිකාව හා රුසියාව සමග සාකච්ඡා ඇති කළ යුතු යැයි කීවේ නම් චර්චිල්ගෙන් හොඳවායින් දෙකක් අසාගන්නට තිබිණි. අද දෙමළ ජාතිවාදය පසුපස සිටින කැමරන්ට චර්චිල්ගේ බසින් ම යමක් පැවසිය යුතු ය.

නලින් ද සිල්වා
2015 අගෝස්තු 04

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

7/18/2015

අශීලාචාරයෝ කවරහු ද?

කතෘ:යුතුකම     7/18/2015   No comments
 -නලින් ද සිල්වා -
අද දෙරණ වෙබ් අඩවියට අනුව මෛත්‍රිපාල සිරිසේන ලබන අගෝස්තු 17 වැනි දිනට පසු ගෙදර හරින බවට මා කළ ප්‍රකාශය අශිලාචාර එකක් යැයි කබීර් හෂීම් පවසා ඇත. මා කිසි දිනෙක ගේට්ටු කඩාගෙන විත් මෛත්‍රිපාල ගෙදර හරින බවක් කියා නැත. මා පැහැදිලිව කියා ඇත්තේ ව්‍යවස්ථානුකූලව දෝෂාභියෝගයක් මගින් මෛත්‍රිපාල ගෙදර හරින බව ය. ඒ අශීලාචාර නම් මෙරට ව්‍යවස්ථාව අශීලාචාර විය යුතු ය. එය ජේ ආර් ජයවර්ධනගේ අශිලාචාර කමක් යැයි කබීර් හෂීම් පවසන්නේ ද?

මෛත්‍රිපාල සිරිසේන පසුගිය දින දෙසියයක පමණ කාලයෙහි ඉතා පැහැදිලිව තමා රාජ්‍ය පාලකයකු තබා නායකයකුවත් නොවන බව පෙන්වා දී ඇත. ඔහුට තීරණයක් ගැනීමට නො හැකි ය. ඔහු බලයට පත් කෙරුණේ බටහිර හා ඉන්දීය ඔත්තු සේවාවල අවශ්‍යතාව මත මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීම සඳහා ය. මෛත්‍රිපාලට විවිධ බලපෑම් කෙරෙයි. එංගලන්තය, ඇමරිකාව ඉන්දියාව ආදී රටවලට අමතරව මෙරට විජාතික බලවේග ඔහුට බලපෑම් කරයි. ඒ අතර ශ්‍රී ල නි ප හා සංධානය මගින් ඔහුට ජාතික බලවේග විසින් කරන බලපෑම් ද වෙයි. මෛත්‍රිපාල ඒ බලපෑම් අතර දෝලනය වෙයි. එහෙත් අවසානයේ දී ඔහු කරන්නේ විජාතික බලවේගවලට අවශ්‍ය දේ ය.

කබීර් හෂීම් අප ගැන කුමක් කීවත් මෙරට අශිලාචාරයෝ සිටිති. මෛත්‍රිපාල ඉන් එක් අයකු පමණකි. මෛත්‍රිපාල සිරිසේන වාරණ නියෝගයක් මගින් ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ධුරයේ එල්ලී සිටියි. ශ්‍රී ල නි පක්‍ෂයේ ව්‍යවස්ථාව එතරම් කල්පනාකාරීව කෙටුම් පත් කරන ලද්දක් නො වේ. එහි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාන්‍ය රැස්වීමක් කැඳවන්නේ කෙසේ දැයි සඳහන් නො වේ. පක්‍ෂයේ සභාපතිට මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවිය හැකි ය. එමෙන් ම මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් තුනෙන් එකක් ඉල්ලා සිටි විට ලේකම්ට හෝ සභාපතිට හෝ විශේ’’’ෂ රැස්වීමක් කැඳවිය හැකි ය. එහෙත් ඒ සඳහා මසක කාලයක් ගත වෙයි. ඒ හේතුවෙන් ලේකම් මධ්‍යම කාරක සභාව කෑඳවීමට විරුද්ධව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත හැකි ය.

මගේ ප්‍රශ්නය වාරණ නියෝගයේ නෛතික භාවය පිළිබඳ ව නොව එහි දේශපාලනික හා සදාචාරාත්මක භාව පිළිබඳ ව ය. ඉතා පැහැදිලිව මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකමේ එල්ලී සිටීමට අවශ්‍ය වෙයි. ඔහු තවදුරටත් හදවතින් ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක් නො වේ. ඔහු අද වන විට එ ජා පාක්‍ෂිකයෙකි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම දරන්නේ එ ජා පක්‍ෂය වෙනුවෙනි. ඕනැම ගොනකු කියන දේ කියන ලක්‍ෂමන් කිරිඇල්ලට අනුව නම් ශ්‍රී ල නි ප නායකයා ම ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්දට අගමැතිකම නොදෙන බව පවසා මහින්ද පරදින බව ද කියා ඇත. ගොන් කතා කීමට ප්‍රසිද්ධ කිරිඇල්ලට අනුව නම් පක්‍ෂ නායකයා ම මහින්ද පරදින බව පිළිගෙන ඇති බැවින් සංධානයට ඡන්දය දීම වැඩක් නැත. එහෙත් සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වන්නේ නමට පමණකි. ඔහු අද වන විට හදවතින් එ ජා පාක්‍ෂිකයෙකි. ඔහුට අවශ්‍ය එ ජා පක්‍ෂය දිනවීම ය.

සිරිසේන ප්‍රජාතන්ත්‍රවාදියකු නම් කළ යුත්තේ මධ්‍යම කාරක සභාව රැස්කිරීමට විරුද්ධව වාරණ නියෝග ගන්නා වාරණයකු (වානරයකු) වීම නොව මධ්‍යම කාරක සභාව රැස්කිරීමට ඉඩ දී (ඔහුට රැස්විමක් කැඳවිය හැකි ය) ඔහුගේ සභාපතිත්වය තහවුරු කර ගැනීම ය. ඔහුට පක්‍ෂය කැමති නම් පක්‍ෂයට අවශ්‍ය ඔහු සභාපති ලෙස කටයුතු කරනු දැකීම නම් ඔහු කළ යුත්තේ මධ්‍යම කාරක සභාව කැඳවා තමා කෙරෙහි විශ්වාසය පළකරන යෝජනාවක් සම්මත කර ගැනීම ය. එය දේශපාලනික ව මෙන් ම සදාචාරාත්මක ව ද නිවැරදි වෙයි. මෛත්‍රිපාල ඒ වෙනුවට නීතිය පසුපස ගොස් එ ජා පක්‍ෂය වෙනුවෙන් ශ්‍රී ල නි ප සභාපතිකම අත් නොහරියි. මෙය බල ලෝභය නොවන්නේ යැයි කියන්නේ කවු ද ? කිරිඇල්ල ද?

රනිල් වික්‍රමසිංහ වාරණ නියෝගයක් මගින් කෝප් වාර්තාව (තොරතුරු) ප්‍රසිද්ධ කිරීම වළකයි. රනිල් බේරා ගැනීමට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරියි. ඒ සියල්ල නීත්‍යානුකූල විය හැකි ය. එහෙත් ජනතාවට තොරතුරු දැනගැනීමට වැළැක්වීම, ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට තමන්ට කැමති සභාපති කෙනකු තෝරා ගැනීමට අවස්ථාව නො දීම, හොරුන් රැකීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙතරම් ශීලාචාර දැයි කබීර් හෂීම්ගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. කබීර් හෂීම්ට අශිලාචාරයන් දැක ගැනීමට එතරම් දුර යා යුතු නො වේ. එ ජා පක්‍ෂය දූෂිතයන්ගෙන් අශීලාචාරයන්ගෙන් හොරුන්ගෙන් ජාතිය පාවා දෙනන්නන්ගෙන් පිරී ඉතිරී ඇත. කබීර් හෂීම්ට ඒ නොපෙනීම පුදුමයක් නො වේ. නීතියට මුවා වී මහින්දගේ ආරක්‍ෂාව අඩු කිරීමට උසාවි යන වික්‍රමබාහුට අවශ්‍ය ඔහුට අනුව ධනපති අධිකරණයක් වූ උසාවියක් මගින් මහින්ද ඝාතනය කිරීමට ඔහුගේ මිතුරන් වූ කොටින්ට ආධාර කිරීම ය. ඒ අන්දමට ම මානව අයිතිවාසිකම් කමිටුව ඉදිරියට යන අනුර දිසානායකට ද අවශ්‍ය මහින්ද ඝාතනය කිරීම ය. වික්‍රමබාහු ද අනුර දිසානායක ද අශිලාචාරයෝ හා ඝාතක ආධාරකරුවෝ වෙති.

ඉහත සඳහන් කරුණු ද දෝෂාභියෝග යෝජනාවට අඩංගු විය හැකි බව පමණක් දැනට සටහන් කරගන්නා මෙන් කබීර් හෂීම්ගෙන් ඉල්ලා සිටිමි. දෝෂාභියෝගය ගෙන ඒම සඳහා අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව සංධානයට ලබා දීම ජනතාවගේ කාර්ය භාරය වෙයි. සිකුරාදා පවත්වන ලද අනුරාධපුර රැස්වීමෙන් නම් පෙනී යන්නේ මහින්ද ගෙදර යැවීමට විජාතික බලවේග විසින් බලයට පත් කෙරුණු රනිල් හා මෛත්‍රිපාල ගදර යන දිනය වැඩි ඈතක නොවන බව ය.

අනුරාධපුර රැස්වීමෙන් පසු විජාතික බලවේග විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ල නි පක්‍ෂය යළි ඉපදී ඇත. පක්‍ෂය දැන් අලුත් ගමනක් යයි. එහි දී ජාතික බලවේග කෙසේ ක්‍රියා කළ යුතු ද යන්න දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු වෙයි.

නලින් ද සිල්වා
-කාලය
2015 ජූලි 18

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions