1/08/2019

දේවසිරිගේ ගණනාථ ඔබේසේකර වන්දනාව

කතෘ:යුතුකම     1/08/2019   No comments
-පුන්සර අමරසිංහ

සුපුරුදු ආකාරයටම නිර්මාල් දේවසිරි උත්සහ කර ඇත්තේ ගණනාථ ඔබේසේකර සිංහල බෞද්ධ ජාතිකචින්තනය විසංයෝජනයකල බව කියන මුසාව ඉස්මතු කිරීමටය. කොළඹ සරසවියේ සිසුවෙකු සිටි සමයේ සිට ඔහුගේ මේ කතාන්දරය අසා ඇති මට මෙහි පුදුමයක් නොපෙනේ. දෙසැම්බර 7ත් වෙනිදා නිර්මාල් රන්ජිත් දේවසිරි විසින් රාවය පුවත්පතට "සැබෑ සිංහල ගැමියා දුටු මානව විද්‍යා ප්‍රාඥයා ගණනාථ ඔබේසේකර" යන ශීර්ෂය යටතේ ලියන ලිපිය හරහා උත්සහ ගෙන ඇත්තේ ඔබේසේකර කොතරම් සාර්ථක සහ සියුම් ලෙස සිංහල බෞද්ධ ජාතික චින්තනය අවබෝධ කර ගත්තා ද යන්න පෙන්නවනු ලැබීමය. මෙහිදී නිර්මාල් දේවසිරි මහතා පුන පුනා පෙන්නුම් කරන කාරණයක් නම් ඔබේසේකර පෙන්වනු ලැබීමට උත්සහ කරන සිංහල බෞද්ධ සමාජය යනු සිංහල නාගරික මද පන්තියේ නිර්මාණයක් යන්න නලින් ද සිල්වා ඇතුළු සිංහල බෞද්ධ ජාතිකවාදීන්ට දැරිය නොහැකි බවය. දේවසිරි මහතා තම ලිපියෙන් මෙසේ කියයි

"මම නම් නලීන් ද සිල්වාගේ ලිපිවලින් ගණනාථව දකිමි. නලීන් මේ වෛර කරන්නේ කුමකටද? යන්න වටහාගත යුතු ය. ගණනාථ මේ කරන්නේ නලීන් ලා වසා දැමීමට හදන සිංහල බෞද්ධයා නිරාවරණය කිරීමයි. නලීන් පවසන්නේ ගණනාථ බටහිරවාදියකු කියාය. එහෙත් මා සිතන්නේ කතිකාමය තලය විශ්ලේෂණය කළ විට ගණනාථගේ සහ වේදනාව (empathy) එක යොමුකර තිබෙන්නේ පූර්ණ යටත්විජිත සංස්කෘතික සත්වයා දෙසටය. එසේ අභිමුඛවීමේදී සිංහල බෞද්ධ ගැමියා වෙත ඔහු තම සහ වේදනාව යොමු කරයි. එහෙත් නලීන් ලා ඔහුව බටහිරවාදියකු බව දකින බව පෙනේ. මා සිතන්නේ එයට පටහැනිව නලීන්ලා ධර්මපාලලාගේ මතවාදය ගමන සුරක්ෂිත කරන බවය."

නිර්මාල් රංජිත් දේවසිරි මහත් ඉහලින් අගය කරන "ඔබේසේකර විසින් ඉදිරිපත් ගොඩ නගනු ලැබූ " ප්‍රෝතෙස්තන්ත බුදුදහම " යන තීසිසය තුලින් ඔබේසේකර ගොඩනගනු ලබන ප්‍රවාදය හැදෑරීමේදී ඔබේසේකර සබැ ලෙසම මෙරට තුල 19වන සියවසේ අග බාගයේ සිට පැවති දේශීය චින්තන විප්ලවය සහ බෞද්ධ පුනර්ජීවනය වටහා ගැනීමට නොහැකි වූ ආකාරය ස්ථාපනය වෙනු ලැබේ. ප්‍රෝතෙස්තන්ත බුදුදහම යන සංකල්පය හරහා ඔබේසේකර මතු කරනු ලබන මුලික තර්කයක් නම් මෙරට තුල ඇති වූ බෞද්ධ පුනරුදය බාහිර බලපෑමක් මගින් පැමිණි දෙයක් බවය. ගොම්බ්‍රිච් සහ ඔබේසේකර රචිත "Buddhism Transformed නම් කෘතිය මගින් ඉදිරිපත් කරනු ලබන නම් ඕල්කට් සහ බ්ලවස්කි සමග පැමිනි තියෝසොෆිස්ට්වාදීන් විසින් ගෙන එනු ලැබූ ප්‍රොතේස්තන්ත අදහස් අනුව මෙරට තුල බෞද්ධ පුනර්ජීවනය ඇති වූ බවය. නමුත් අමතක කල නොහැකි කරුණක් වනාහි ඇමරිකාවේ නිව්යෝර්ක් හි සිටි ඕල්කට් මෙරටට පැමියේ මෙරට තුල මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි විසින් ක්‍රිස්තියානි පුජකයන් සමග මුහුණට මුහණ කරනු ලැබූ වාදයන් කියවීමෙන් බවය. බෞද්ධ පුනරුදය ඕලකට් නිර්මාණයක් ලෙස පෙන්වා දීමට උත්සහ ගන්නා ඔබේසේකර සහ ගොම්රිච් මතු කරන තවත් කරුණක් නම් බෞද්ධ හිමියන් එතෙක් ගත කරමින් සිටි ආරාමික ජිවිතයෙන් බැහැරව ලුතර් විසින් යුරෝපයේ ඇති කල ආගමික පුබුදුව සමග නැගී ආ නිදහස් මතධාරී පුජක පන්තිය මෙන් මෙරට බෞද්ධ බික්ෂූන් වහන්සේලා ඕල්කට් ඇති කල ව්‍යාපාරය හරහා සමාජ කටයුතු කිරීමට එක් වූ බවය. නමුත් ඇත්තටම සිදුවූ දෙය නම් බෞද්ධ හිමිවරුන් සමාජ මෙහෙවරක නිරත වී සිටීම මෙරටට ආගන්තුක නොවීමයි. උදාහරනයක් ලෙස 18වන සියවස තුල වැලිවිට සරණංකර හිමියන් ඇරබූ සිල්වත් සමාජය තුල ද පැවතියේ බෞද්ධ හිමිවරුන් සමාජ ආගමික ව්‍යාපාරක් සදහා මූලික ලෙස දායක කර ගැනීමේ අරමුණ වේ. ඔබේසේකර සහ ගොම්බ්‍රිච් ගෙනෙනු ලබන "Protestant Buddhism" තීසිසය මගින් දැඩි ලෙස සාකච්චාවට බදුන් කරන කණ්ඩායමක් නම් බෞද්ධ ස්වාමින් වහන්සේලාය. වල්පොල රාහුල හිමියන් රචිත " Heritage of Bikku නම් කෘතිය සදහා පෙරවදනක් සැපයු ඇමරිකානු විද්වතෙකු වන එඩ්මන්ඩ් පෙරී සදහන් කරන පරිදි බෞද්ධ බික්ෂුන් වහසේලා සමාජ කටයුතු වලින් ඉවත් කර තැබීම යටත්විජිත පාලකයන්ගේ උපාය මාර්ගයක් විය. ඔහු තවදුරත් සදහන් කරන්නේ කතෝලික තාපසාරම වල සිටි බෙනදික්ත නිකායික පුජකයන් මෙන් බෞද්ධ හිමිවරුන් ජනතවගෙන් ඉවත් ව සිටිනු දැකීම යටත්විජිත පාලකයන්ගේ සහ මිෂනාරීන්ගේ මුලික අරමුනක් විය. ඕල්කට් මෙරට ට පැමිණීමට පෙර සිට බෞද්ධ හිම්වරුන්ට බටහිර නුතනවාදී නිදහස් චින්තනය පිළබද අවබෝදයක් තිබු බව ඔබේසේකර වචනයක් වත් සදහන් නොකරයි. පානදුර වාදය සදහා බුද්ධිමය දායකත්වය දුන් හික්කඩුවේ සුමංගල හිමි ජෝන් ස්ටුවර්ට් මිල් වැනි ලිබරල් චින්තකයන් පිලිබදව හොද අවබෝදයක් තිබුඋගතෙකු බව උන්වහන්සේ පිළබදව තම රචනා වල සදහන් කර ඇති ඩෙන්මාර්ක් ජාතික විද්වතෙකු වන ඔල්ඩෙන්බෙර්ග් සාක්ෂි දරයි. Protestant Buddhism හරහා ඔබේසේකරලා ඉදිරිපත් කරන තවත් කාරණයක් නම් මෙරට සංඝයා සමාජ සුබසාධන කටයුතු සදහා යොමු වුයේ ඕල්කට් අති කල පුනරුදය හරහා මෙරට කිතුනු පුජකයන් සහ මිෂනාරි වරුන් විසින් පාසල් , රෝහල් හරහා ගෙනගිය සුබසාධක වැඩපිළිවල කොපි කර බවයි. නමුත් ඕල්කට් මෙරටට පැමිණීමට ශතවර්ෂ ගණනාවක සිට බෞද්ධ හිමිවරුන්වෙදකම වැනි ලෞකික කටයුතු වල නිරත වී සිටි බව ඔබේසේකර තම මතයෙන් සගවා සිටිනු ලබයි.

ගණනාථ ඔබේසේකර සහ රිචර්ඩ් ගොම්රිච් ඉදිරිපත් කල "Protestant Buddhism තීසිසයට පිළිතුරක් ලෙස සුසන්ත ගුණතිලක විසින් රචිත " Anthropologizing Sri Lanka: A Eurocentric Misadventure" කෘතිය මගින් ඔබේසේකරගේ ඇකඩමික කුහකත්වය මානව එළිදරව් කර තිබේ. උදාහරනයක් ලෙස ඔල්කට් සහ බ්ලැවැස්කි ගේ ආගමනය මෙරට බෞද්ධ නුතනවාදය පටන් ගත් මොහොත බව ඔබේසේකර ඉදිරිපත් කරන කරුණ සදහා ගුණතිලක තම කෘතියෙන් අබියෝගයට ලක් කරනුයේ ඔල්කට් සමග මෙරටට හදුන්වා දුන් තියෝසොෆි ව්‍යාපාරය දේශීය බෞද්ධ චින්තනයක් නොවූ අකරයයත් පසුව අනගාරික ධර්මපාල ඇතුළුඇතුළු බෞද්ධ නායකයන් ඕල්කට් සහ බ්ලවස්කි විසින් ගෙනගිය තියෝසොෆි ව්‍යාපාරය ගුප්ත ආගමික චින්තනයක් මත පදනම් ව තිබුවක් බව තේරුම් ගෙන ඉන් මෙරට බෞද්ධ පුනර්ජීවනය ගලවා ගැනීමට කටයුතු කරනු ලැබූ ආකාරය පෙන්වා දීමෙනි. නිර්මාල් දේවසිරි ගණනාථ ඔබේසේකරයන් දුටුවා කියන දේශීය බෞද්ධ චින්තනය පිළබදව මෙසේ කියයි

"සිංහල බෞද්ධ ජාතිකවාදය දැඩි ප්‍රභූතන්ත්‍රයකි. එය සේවය කරන්නේ යම් ප්‍රභූ පිරිසකගේ පැවැත්ම උදෙසාය. එහෙත් ඒ අතරම එය නියෝජනය කරන පිරිසට තම පොදු ජන භාවය පෙන්වීමට අවශ්‍ය වී තිබේ."

මෙය නිවැරදි කරුණක් නම් අනගාරික ධර්මපාල කිසිදිනක දේශීය ගම්බද ජනතාව සදහා කාර්මික පුහුණුවීම් වල වැදගත් කම ගැන මතු නොකළ යුතුව තිබුණි. මන්ද දේවසිරි සහ ඔහු සිංහල ගැමියා දුටු සබැ සබැ විද්වතා විද්වතා ලෙස සලකන ඔබේසේකර කියන තර්කය අනුව ධර්මපාල පැමිණි දේශීය නාගරික ධනපති පන්තිය නිසා ඔහු කිසිදිනක සිංහල ගැමියන් කාර්මික පුහුණුව ලැබීමේ ලැබීමේ අරමුණ මතු නොකරනු ඇත. එහෙත් ධර්මපාලගේ දැඩි විවේචනයට හසුවුයේ ඔහු නියෝජනය කල දේශීය නාගරික සමාජ කණ්ඩායම් වේ. වඩාත් සරදම් සහගත තත්වයක් වනුයේ අප අසල්වැසි ඉන්දියාවේ ජාතික ව්‍යාපාරය පවා මුල් වකවානුවේදී ඇනි බෙසන්ට් වැනි තියෝසොෆිවාදීන්ගෙන් පෝෂණය ලැබුවත් කිසි වෙකුත් එය Protestant Freedom Movement ලෙස නම් නොකිරීමයි.

බෞද්ධ චින්තනය පිළබදව ඔබේසේකර ඉදිරිපත් කල තවත් වැරදි මතයන් ඔහු විසින් රචිත "Imagining Karma " කෘතියේ දක්නට ලැබේ. පුනරුත්පත්තිය පිළබදව බෞද්ධ අදහස් බටහිර දාර්ශනික අදහස් සහ රතු ඉන්දියානු ජනයා නැවත ඉපදීම විශ්වාස කල ආකාරය පිළබද මානව විද්‍යාත්මක කෘතියක් ලෙස ලියවී ඇති Imagining Karma මගින් බෞද්ධ ඉගැන්වීම් පිළබද වැරදි මතයන් රැසක් ඉදරිපත් කර ඇත. ඔහු තම කෘතියෙන් සදහන් කරන එක් කරුණක් නම් අනිත්‍ය සංකල්පය බෞද්ධ චින්තකයන් විස්තර කර ඇත්තේ කර්මය පිළිබද බෞද්ධ මතවාද පදනම් කර ගෙන බවය. නමුත් නිවැරදි කාරණය නම් බුදුන් තම චින්තනමය චාරිකාව තුල මුලික ස්ථානයක් ලබාදුන්නේ ඇති වීම සහ නැති වීම නම් "වෙනස් වන වන ස්වභාවය අවබෝධ කරගනු ලැබීමටය. බෞද්ධ උගැන්වීම් වල මුලික ලෙස වෙනස් වන ස්වභාවය තනිව වැටහා ගැනීම කර්මය පිළබදව සිතනවාට වඩා විමුක්තිය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වු කෙනකුට අවශ්‍ය වේ. බුදුන් තම දේශනා තුල කර්මයේ ස්වභාවය පිලිබදව දිගු අර්ථකතන සැපයුණු නොලැබුවේ එබැවිනි. නමුත් “අනිත්‍යතාව” යන්න තනිකරම බෞද්ධ චින්තනය තුල ගොඩනැගී ඇත්තේ කර්මය යන්න පදනම් කර ගෙන බව ඔබේසේකර විසින් වැරදි ලෙස තම කෘතිය තුලින් දක්වා ඇත.

ගණනාථ ඔබේසේකර මහතා මෙරටින් පමණක් නොව සමස්ත ආසියාවෙන්ම තම විෂය අරභයා මතවාද රැසක් බිහි කල මහා චරිතයයක් බවට විවාදයක් නැත. ඔහු විසින් ජේම්ස් කුක් ගේ මරණය සහ හවායි දුපත් වැසියන් කුක් ව දේවත්වයෙන් සැලකීමට පටන් ගැනීම ගැන මාෂල් සහලින්ස් සමග සිදු කල බුද්ධීමය විවාදය හරහා ඔබේසේකර දේශීය දුපත් වැසියන් බටහිර මිනිසුන් සිතු ආකාරයෙන්ම තාර්කිකව සිතා ඇති බව මතයක් ඉදිරිපත් කල අතර එමගින් ඔහු යුරෝපය මුලික කර ගෙන ඇතිව තිබු චින්තනයට (Eurocentricism ) පහර එල්ල කරනු ලැබිය. නමුත් ඔබේසේකර වැරදියට අල්ලා ගනු ලැබූ මෙරට බෞද්ධ පුනර්ජීවනය බාහිර බලපෑමක් මත 19වන සියවසේ අග භාගයේ දී සිදුවූවක් පැහැදිලිව ම බිද දැමිය හැකි තර්කයකි

නමුත් මෙරටින් එහා සිටින විද්වතුන් සහ මෙරට කොළඹ සරසවියේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ඉතිහාස දෙපාර්තමේන්තුවටත් බුදුදහම මෙරට ජනවාර්ගික හිංසනයට මුලික වූවාය කියන බොරුව සදහා ඇකඩමික මතයක් අවශ්‍ය වූ විට ඔවුන් කෝකටත් බෙහෙත ලෙස යොදා ගන්නේ ඔබේසේකර සහ ගොම්බ්‍රිච් ගෙන ආ "Protestant Buddhism " තීසිසයයයි. එයට එරහිව ලියන සියලුම සියලුම අනිත් රචකයන් ඔවුන් දකිනු ලබන්නේ ඔබේසේකරගේ ඇකඩමික බස සහ තර්කයන් තේරුම් ගත නොහැකි නාහෙට නාහන ජාතිවාදීන් ලෙසය. නිර්මාල් දේවසිරි රාවයට ලියු ලිපියෙන් නලින් ද සිල්වාට ඔබේසේකර ව තේරුම් ගත නොහැකි වූ බවට නිගමනය කර ඇත්තේ එම නිසාය.

පුන්සර අමරසිංහ
Institute of Law and Politics
Scuola Superiore Sant Anna
Pisa, Italy


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/10/2018

විජාතික කුමන්ත‍්‍රණකරුවන්ගේ ප‍්‍රයත්නය හා ජාතික සටන

කතෘ:යුතුකම     12/10/2018   No comments
විජාතික බලවේග, සුද්දන් හා කළු සුද්දන්, ඩොයිලිලා තාවකාලික හෝ සටන් විරාමයකට සූදානම් නැති බව අද ඉතා පැහැදිලිය. එක්සත් ජනතා සන්ධානය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමගම, තමන් ගොදුරු කරගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තවදුරටත් විජාතිකත්වයේ ගොදුරක් වීම ප්‍රතික්ෂේප කිරීමත් සමග තමන්ට අත් වූ පරාජය පිළිගෙන, තාවකාලිකව හෝ වේදිකාවෙන් බැස යෑමට විජාතික බලවේග සූදානම් නැති බව අද ඉතා පැහැදිලිය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය මනෝ ගනේෂන් මහතාගේ පක්ෂය බටහිර විදේශීය තානාපති කාර්යාලයන්හි සෘජු මෙහෙය වීම මත අද ඉෂ්ට - සිද්ධ කර ගැනීමට තැත් කරමින් සිටින්නේ කුමක්ද?

මතකද පිටකොටුව බෝම්බය? පිටකොටුව බෝ සමිඳු අසල අත පය කෑලි කෑලී සතර අත විසිර තිබුණු, මස් වැදලි, ලේ කැටි පාර පුරා විසිර තිබුණු, කඳින් වෙන් වු හිස් ගෙඩි බියකරු දසුන් මැවූ ඒ මූසල අඳුරු දවස මතකද? අපේ අනාගතය, පාසල් සිසුන් ඉලක්ක කළ මරදාන බෝම්බය මතක ද? එවකට මේ රටේ රාජ්‍ය නායකයා වූ ආර්. ප්‍රේරමදාස ජනාධිපතිතුමාව ඝාතනය කරනු ලැබූ බෝම්බ ප්‍රහාරය මතකද? එක්සත් ජාතික පක් ෂයේ නායක ගාමිණී දිසානායක, මේජර් ජනරාල් ලකී අල්ගම මරාදැමූ බෝම්බය මතකද?ශ්‍රී ලංකා නිදහස් පක් ෂයේ නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියට එල්ල කළ බෝම්බ ප්‍රහාරය මතකද? ලක් ෂමන් කදිරගාමර් විදේශ ඇමැතිතුමා ඝාතනය කළ අයුරු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රමුඛ සෙන්පතියන්ට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මතකද?

මහා බැංකුවට එල්ල කළ බෝම්බ ප්‍රහාරය, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල කළ ප්‍රහාරය මතකද?
එදා කොටි මිලේච්ඡ ත්‍රස්තවාදය බෝම්බ ප්‍රහාර මගින්, රාජ්‍ය නායකයන්, ඇමැතිවරුන්, සෙන්පතියන් ඝාතනය කිරීමෙන් සපුරා ගැනීමට තැත් කළ ඉලක්කය කුමක්ද?
මහා බැංකුවට, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට, තෙල් පිරිපහදුවට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමෙන් සපුරා ගැනීමට තැත් කළ ඉලක්කය කුමක්ද?
වෙන කිසිවක් නොව අපේ රාජ්‍යය අකර්මණ්‍යය කිරීමයි. අපේ රට පාලකයෙක් නැති, පාලනයක් නැති අනාථ භූමියක් කිරීමයි. මේ රට වැසියන් අප රාජ්‍යයක ආරක්ෂාවක් නැති, පාලකයකුගේ රැකවරණය නැති අසරණ අනාථයන් පිවිසක් බවට පත් කිරීමයි.

දැන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විජාතික ජුන්ටාව අධිකරණය මගින් ඉටු කරගැනීමට තැත් කරන ඉලක්කය කුමක් ද? අපේ පාර්ලිමේන්තුව ගරු කථානායක කරුමයා මගින් අවභාවිත කර උදා කර ගැනීමට තැත් කරන්නේ කුමක්ද? බලපෑම් කරමින් අපේ විධායකය යොදා ගැනීමට තැත් කරන්නේ කුමකටද?
අභියාචනාධිකරණය හමුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විජාතික කුලී හේවායන් 122 පවරා ඇති නඩුවෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද? මහින්ද රාජපක් ෂ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයම නිෂ්ක්‍රීය කරන ලෙසය. අන් කිසිවක් නොව අමාත්‍ය මණ්ඩලයම, රාජ්‍ය යාන්ත්‍රණයම අක්‍රීය කරන ලෙසය. මේ එදා කොටි ම්ලේච්ඡයන් මගින්, බෝම්බවලින්, ඝාතනවලින් ඉෂ්ට කරගැනීමට තැත් කළ ඉලක්කයම නොවේද?

අපේ පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාදායකය යොදා ගනිමින් සිටින්නේ කුමක් සඳහාද? ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සියලූ අමාත්‍යාංශවල වැය ශීර්ෂ කපා හැරීමට කළ යෝජනාවේ අර්ථය කුමක්ද? පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට මුදල් වියදම් කළ නොහැකි නම්, අධිකරණ අමාත්‍යාංශයට මුදල් වියදම් කළ නොහැකි නම්, ආරක්ෂක අමාත්‍යාංශයට මුදල් වියදම් කළ නොහැකි නම්? රණවක මයා යෝජනා කරන්නේ කොටියා බෝම්බයෙන්, ඝාතනයෙන්, බිය ගැන්වීමෙන් කළ යෝජනාවමය. රාජ්‍යය සහමුලින්ම අක්‍රීය කිරීමය. සමස්ත රාජ්‍ය ක්‍රියාකාරීත්වමය නැවැත්වීමය.

මේ දුෂ්ට බලවේග, මේ පාපී බලවේග අපේ විධායක ලවා, මෛ ත්‍රීපාල සිවිසේන ජනාධිපතිතුමා ලවා ඉටු කරගැනීමට තැත් කරන්නේ කුමක්ද? පෙඩරල් රාජ්‍යයක් බිහි කිරීම සිය අරමුණ කරගත්, බෙදුවාදයට හා ආගමික මූලධර්මවාදයට නතුව ඇති දෙමළ ජාතික සන්ධානය (ටි. එන්. ඒ.) එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ අත්සනින් ජනාධිපතිතුමා වෙත යැවූ ලිපිය මගින් ඉල්ලා සිටින්නේ කුමක්ද? විපක්ෂ නායකකම තදින්ම අල්ලාගෙන සිටිමින් මේ පෙඩරල්වාදීන් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පෙරමුණෙන් අගමැති පත් කරන ලෙසයි. ඔක්තෝබර් 26 ට පෙර පැවැති තත්ත්වයට යන ලෙසය.

ටී. එන්. ඒ. ලිපිය සමස්ත ජාතිය රැවටීමට දරන නින්දිත උත්සාහයක්ය. විපක්ෂ නායකකම දැඩිව ග්‍රහණයේ තබා ගනිමින්ම ප්‍රශ්න කළ විට තමන් රජයක කොටස්කරුවන් නොවන බව කියමින්ම අහවල් පක් ෂයෙන් අගමැති පත් කරන්න යැයි මේ මන්ත්‍රීවරු කියන්නේ රෙදි ඇඳගෙන ද? මේ උත්සාහ කරන්නේ එක්සත් ජාතික පෙරමුණට නැති බහුතරයක් (මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව 122/123 ක් එකතු කළාට එක්සත් ජාතික පෙරමුණු රජයකට තාම 113 වත් එකතු කරගෙන නැත) ව්‍යාජ ලෙස රටට පෙන්වන්නටය. කෙසේ හෝ මේ පෙඩරල්වාදී, බෙදුම්වාදී, ආගමික මූල ධර්මවාදී කල්ලියේ මෙහෙය වීමට අප රටේ අග්‍රාමාත්‍ය ධුරය ද නතු කරගැනීමට ය. විපක් ෂ නායකකම මේ පෙඩරල්වාදීන් අත තිබිය දීම අගමැතිත් ඔවුන්ගේම පාලනයට නතු කිරීමටය. මීට වැඩි කෲර ඒකාධිපතිවාදයක්, පැසිස්ට්වාදයක් අශිෂ්ටත්වයක් තිබිය හැකිද?

මේ සියලූ කරුණුවලින් පෙනීයන්නේ එදා කොටි මිලේච්ඡත්වය අප රටට එරෙහිව මෙහෙය වූ බලවේග අද එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය (ටී. එන්. ඒ) ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් මහතාගේ හවුල අද සියල්ල මෙහෙයවමින් ඒ මිලේච්ඡත්වයට ඒ අශිෂ්ටත්වයට අපගේ අධිකරණය, අපගේ ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව), අපගේ විධායකය (ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය) යටත් කිරීමේ ප්‍රයත්නයක නිරතව ඇති බවය. මිලේච්ඡත්වයේ, අශිෂ්ටත්වයේ බලවේග අප සැමගේ නිවෙස්හි දොරටුවලට තට්ටු කරමින් යටත්වන ලෙස කියා සිටින බවය. යටත් වෙමු ද? වසර දහස් ගණනක් පුරා පරපුරෙන් පරපුර දිවි පුදා රැකගත් මවුබිම පාවා දෙමු ද? සභ්‍යත්වය පාවා දෙමු ද?

මේ කැප්පෙටිපොළ නිලමේ ඇතුළු 1818 මහ කැරැල්ලේ විරුවන් සමරන මොහොතයි. ඒ නිදහස වෙනුවෙන් අපේ මවුබිම, අපේ සභ්‍යත්වය වෙනුවෙන් කළ උදාර ජීවිත පූජාවේ 200 වන සංවත්සරය සමරන මොහොතයි. අපි මිලේච්ඡුත්වයට, අශිෂ්ටත්වයට, විජාතිකත්වයට යටත් නොවෙමු. අපි පෙරළා අපේ උරුමය වෙනුවෙන් සටන් කරමු.

සටන් පෙරමුණ කුමක්ද? ඔවුන් අපෙන් මේ මොහොතේ මුළු වැර යොදා උදුරා ගැනීමට තැත් කරන්නේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව මහ මැතිවරණයයි. අපේ ඡන්ද අයිතියයි. අභියාචනාධිකරණය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය අක්‍රීය කරමින් අතුරු තහනම් නියෝගයක් දුන් සැණෙන් ඒ විජාතික මාරපුත්‍රයන්ගේ දුර්දාන්තම කුලී හේවායකු වන ජ. වි. පෙ. නායක අනුර කුමාර ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළේ කුමක්ද? "දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය වහාම ඉල්ලා අස් කරගත යුතුයි"; ඒ කියන්නේ අපට ලබාදුන් මහා මැතිවරණය අපෙන් උදුරාගත යුතු බවයි. ඊළ`ගට අනුර කුමාර ගරු මන්ත්‍රීතුමා කියන්නේ කුමක්ද?"වහාම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතුයි." ඒ කියන්නේ ජනාධිපතිවරණය වහාම අහෝසි කළ යුතුයි. ඒ ඡන්දයත් අපෙන් උදුරාගත යුතුයි.

ඉතින් අප කළ යුත්තේ කුමක්ද? අපේ ඡන්ද අයිතිය සුරක් ෂිත කරගැනීමයි. වහාම, මහ මැතිවරණයක් ලබාගැනීමයි. අරගලය හුදී ජනයා වෙත රැගෙන යෑමයි. අද දින ජාතික සටන එයයි.

-ගෙවිඳු කුමාරතුංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :
https://www.facebook.com/yuthukama

7/10/2018

අනාගමික රාජ්‍ය සංකල්පය : බෞද්ධ සංස්‌කෘතියේ විනාශයේ ඇරඹුමයි

කතෘ:යුතුකම     7/10/2018   1 comment
-පූජ්‍ය වෙල්ගම ගුණසිරි හිමි-රට තුළ වත්මනයේ පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කරන ලද මාතෘකාවක්‌ වන්නේ ගෙන ඒමට නියමිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබ`දව රටේ සබුද්ධික ජනයා වැඩි වශයෙන් කතා කරනු ලබන්නේ බෙදුම්වාදීන් හා අන්තවාදීන් සතුටු කරනු ලබන විධි විධාන රැසක්‌ මෙම ව්‍යවස්‌ථාවට අන්තර්ගත කිරීමට දරන ප්‍රයත්නය නිසාවෙනි. එවැනි එක්‌ විධි විධානයක්‌ වන්නේ අනාගමික රාජ්‍ය සංකල්පයයි. අනාගමික යන වචනය බටහිර යුරෝපයේ බිහි වූ අතර ඉංග්‍රීසි භාෂාවෙන් SECULAR - සෙක්‍යුලර් යනුවෙන් මෙය හඳුන්වයි. විශ්වකෝෂයේ මෙම ඉංග්‍රීසි වචනයට දී ඇති අර්ථය වන්නේ Not connected with Religious or supiritual matters හෙවත් non Religious යන්නයි. එනම් ආගම සමග සම්බන්ධ නොවූ ආගමික නොවන යන අදහසයි. මෙය සිංහලට පරිවර්තනය වීමේදී අනාගාමික වශයෙන් හඳුන්වන අතර අනාගාමික යන වචනය තුළ ආගමික නොවන යන අදහස මතු නොවන බැවින් අනාගමික යන වචනය භාවිත කිරීම යෝග්‍ය වේ. කෙසේ නමුත් මෙය අනාගමික, නිරාගමික හා අනාගාමික වශයෙන් වචන කීපයකින්ම හඳුන්වනු ලැබේ. වචනය සිංහලට පරිවර්තනය වීම තුළම ගැටලූවක්‌ ඇති බැවින් මෙම සංකල්පය අප රටට නොගැලපෙන බව නම් පැහැදිලිය.

2015 ජනවාරි 08 වැනි දින බලයට පත් වත්මන් ආණ්‌ඩුවේ පොරොන්දු හා ප්‍රතිපත්ති අතර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ කරුණක්‌ ඇතුළත් නොවේ. මොවුන්ගේ ප්‍රධානතම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා එහි බලය පාර්ලිමේන්තුව සතු කිරීම යි.

රටේ ජනයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය ඉස්‌මතු නොකළ මොහොතක නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එනු ලබන්නේ වත්මන් ආණ්‌ඩුව බලයට ගෙන ඒම ස`දහා දායකත්වය සැපයූ දෙමළ ඩයස්‌පෝරාව, උතුරේ බෙදුම්වාදී කල්ලි කණ්‌ඩායම්, අන්තවාදී මුස්‌ලිම් පක්‌ෂ, රාජ්‍ය නොවන සංවිධාන, ඉන්දියාව මානව හිමිකම් කවුන්සලය, ඇමරිකාව හා යුරෝපා සංගමය සතුටු කිරීමට ය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක යම් විධි විධානයක්‌ පිළිබඳව සංශෝධනයක්‌ හෝ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට යම් විධිවිධානයක්‌ ඇතුළත් කළ යුත්තේ රටේ පවතින ගැටලුවක්‌ හෝ අර්බුදයක්‌ නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුවක්‌ තුළට ගෙන විසඳා ගැනීම ස`දහා ය. රටේ සිංහල බෞද්ධයාට වත්මන් ආණ්‌ඩුවෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ කුමන අර්බුදයක්‌ විස`දීමේ අරමුණින් අනාගමික රාජ්‍ය සංකල්පය ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන්නේද යන්න යි. අපේ රටට නොගැලපෙන අනාගමික රාජ්‍ය සංකල්පය නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන්නේ පැහැදිලි ලෙසම සිංහල බෞද්ධ සංස්‌කෘතිය හා ප්‍රෙෘඪ ඉතිහාසය විනාශ කර දැමීමේ කුටෝපක්‍රමයන් සදහා ය. එය මැනවින් තේරුම් ගැනීමට හැකි වනුයේ අනාගමික හෙවත් නිරාගමික රාජ්‍ය සංකල්පය බිහි වීමේ පසුබිම පිළිබ`ද විමසා බැලීමෙන් ය.

මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ පාලනය සිදු වූයේ පල්ලියේ ආධිපත්‍යයට යටත්වය. පාප්වහන්සේගේ අනුමැතියෙන් යුරෝපා රාජ්‍යයන්හි පාලකයන් පත් වූ අතර ක්‍රිස්‌තියානි මූලධර්ම හා ආගමික නීතිරීති මෙන්ම සිද්ධාන්ත ඔස්‌සේ පල්ලියට අවශ්‍ය ආකාරයට පාලකයා රාජ්‍ය මෙහෙයවීය. යුරෝපයේ මෙම ක්‍රිස්‌තියානි ආගමික මූලධර්ම හා සිද්ධාන්ත මුල් කොටගෙන කරනු ලැබූ පාලනය හරහා ක්‍රිස්‌තියානි භක්‌තිකයන්ට විශේෂ වරප්‍රසාද හා වාසි ලැබුණි. ක්‍රිස්‌තියානි නොවූ පිරිස්‌ වෙත පාලන තන්ත්‍රය විසින් විවිධ තාඩන පීඩන එල්ල කළ අතර රාජ්‍ය බලය යොදා ක්‍රිස්‌තියානි ආගමට බලෙන් හරවා ගැනීමට ද කටයුතු කළේය. එසේ ක්‍රිස්‌තියානි ආගමට හරවා ගැනීමට නොහැකි වූ අය මරණයට පත් කිරීම හෝ රාජ්‍යයෙන් පිටුවහල් කිරීම සිදු විය. මේ නිසා යුරෝපයේ සියලූ රාජ්‍යයන් ආගමික රාජ්‍යයන් විය.

යුරෝපයේ පාප් වහන්සේ මූලික කරගෙන පල්ලියේ ආධිපත්‍යය යටතේ ක්‍රියාත්මක වූ පාලන තන්ත්‍රය තුළින් රාජ්‍යයේ ජනතාව විශේෂීකරණයට ලක්‌ වූණි. පැහැදිලි ලෙසම ක්‍රිස්‌තියානි අන්තවාදී මූලධර්ම මත පදනම් වූ යුරෝපයේ මෙම පාලන ක්‍රමය ජනතාවට මහත් පීඩාවක්‌ හා හිංසනයක්‌ විය. මානව නිදහස අයිතිවාසිකම් මෙන්ම සමානාත්මතාව ද මෙම පල්ලියේ ආධිපත්‍යය යටතේ ක්‍රියාත්මක වූ පාලන ක්‍රමය තුළ ජනයාට අහිමි විය. එම නිසා ක්‍රි.ව. 1303 දී පමණ එංගලන්තයේ හා ප්‍රංශයේ පාලකයන් දෙදෙනා යුරෝපයේ ක්‍රිස්‌තියානි මූලධර්ම මත පල්ලිය විසින් ගෙන ගිය පාලනයට එරෙහිව නැඟී සිට 08 වැනි බොනිපස්‌ පාප් වහන්සේව පාප් පදවියෙන් නෙරපා හැර ක්‍රිස්‌තියානි ආගමික මූලධර්ම මත පදනම් වූ පාලනය අවසන් කළේය.

මේ ආකාරයට යුරෝපයේ බිහි වූ නව පාලන ක්‍රමය තුළ හිංසාකාරී හා පීඩාකාරී ක්‍රිස්‌තියානි පල්ලිවල පාලන බලපෑමෙන් මිදී රාජ්‍යයත් ආගමත් වෙන වෙනම සංකල්ප දෙකක්‌ ලෙස ගෙන පවත්වාගෙන ගියේය. රාජ්‍යයෙන් ආගම වෙන් කොට වෙනමම පවත්වා ගෙන යාම තුළ ගොඩනැඟුණු සංකල්පයක්‌ වන්නේ ලෝකෝත්තර වාදය යි. එනම් රාජ්‍යය විසින් පිළිගත් නිළ ආගමක්‌ රාජ්‍යයට නොමැති බව යන්නයි. ලෝකෝත්තරවාදය මූලික කරගෙන අනාගමික රාජ්‍යය හෙවත් නිරාගමික රාජ්‍ය සංකල්පය යුරෝපයේ බිහි වීමට අවශ්‍ය පදනම සැකසිණ.

මෙම අනාගමික රාජ්‍යයේ විශේෂතා නම්,

01. අනාගමික රාජ්‍ය සංකල්පයේ මූලික හරය වන්නේ ලෞකිකත්වය පදනම් කර ගත් මූලධර්ම ඔස්‌සේ රාජ්‍ය මෙහෙයවීම යි.

02. ලෝකය පිළිබද ආගම් විසින් විග්‍රහ කර ඇති විඤ්ඤාණවාදී අදහස්‌ හෝ අධි මානුෂීය විශ්වාසයන් බැහැර කර රාජ්‍ය පාලනය කිරීම ද මිනිසුන්ගේ ජීවිතය ආගමෙන් මුළුමනින්ම වෙන් කොට තබා ගැනීම ද අනාගමික රාජ්‍යය තුළින් සිදු කරයි.

03. මිනිසාගේ ලෞකික දියුණුව ඇති කළ හැක්‌කේ භෞතික කරුණුවලින් පමණක්‌ බව අනාගමික රාජ්‍ය සංකල්පය දැඩිව පිළිගනු ලබයි.

04. එමෙන්ම සියලු ආගම්වලට එක හා සමානව සැලකීම ද ඕනෑම ආගමකට කෙනෙකුව හරවා ගැනීමේ නිදහස ද හිමි වේ.

05. ඕනෑම ආගමකට ඇඟිලි ගැසීම හා පාලනය කිරීමට රාජ්‍යයට හැකියාවක්‌ ලැබීම මෙම අනාගමික රාජ්‍ය සංකල්පයේ තවත් විශේෂ ලක්‌ෂණයක්‌ වේ.

06. රාජ්‍යය විසින් ආගම පෞද්ගලික දෙයක්‌ වශයෙන සලකන අතර ඕනෑම ආගමික විශ්වාසයක්‌ තමන්ට අවශ්‍ය අයුරින් ඇදහීමට, පිළිපැදීමට හා විශ්වාස කර පුදපූජා පැවැත්වීමට ද පුද්ගලයෙකුට පූර්ණ නිදහස තිබේ.

07. කිසිදු ආකාරයකින් ආගමකට රාජ්‍යයේ කටයුතුවලට මැදිහත්මක්‌ සිදු කළ නොහැකි වීම අනාගමික රාජ්‍ය සංකල්පයේ තවත් විශේෂයක්‌ වේ.

08. රාජ්‍යය විසින් නීතිය ඉදිරියේ සියලූ ආගම්වලට සමානාත්මතාවෙන් කටයුතු කිරීම ද මෙහි සුවිශේෂී වේ.

09. රාජ්‍යය තුළ කිසිදු ආගමක්‌ පෝෂණය කිරීමට නීතිමය බැදීමක්‌ රාජ්‍යයට නොමැති අතර මිනිසුන්ට තමන්ගේ ආගමක්‌ ඇදහීමට පූර්ණ නිදහස හා ආරක්‌ෂාව ලබා දේ.

වෙනත් ආකාරයකට පැහැදිලි කරන්නේ නම් අනාගමික හෙවත් නිරාගමික රාජ්‍ය සංකල්පයේ කාර්යයභාරය වන්නේ රාජ්‍යය මුළුමනින්ම ආගමෙන් ඈත් කොට තබා පුද්ගලයාගේ ලෞකික දියුණුව හා අභිවෘද්ධිය උදෙසා ඕනෑම කාර්යයක්‌ කිරීමට අවශ්‍ය පදනම සකස්‌ කර දීම යි.

මෙම ව්‍යවස්‌ථා සම්පාදක කමිටුව ඉදිරිපත් කරනු ලබන නිර්දේශය වනුයේ වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දෙවන පරිච්ඡේදයේ නවවැනි වගන්තිය යටතේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දිය යුතුයි යන වචනය ඉවත් කොට ඒ වෙනුවට රාජ්‍ය අනාගමික රාජ්‍යයක්‌ බවට පත්කර ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම්වලට සමාන තත්ත්වයක්‌ දිය යුතුය යන්න ව්‍යවස්‌ථාවට අන්තර්ගත කිරීමය.

මෙම අනාගමික රාජ්‍ය සංකල්පය අපේ රටට යෝග්‍ය නොවන බව සොයා බැලීම රටේ බුද්ධිමත් ජනයාගේ වගකීමක්‌ බව මෙහි දී කිව යුතුමය. මෙම අනාගමික රාජ්‍ය සංකල්පයේ ඇති සුවිශේෂතා සියුම්ව විමසා බැලීමේ දී පෙනී යන්නේ සුනාමියක්‌ මෙන් අරාජිකත්වය පමණක්‌ ඉතිරි කරන, ප්‍රෙෘඪ සංස්‌කෘතිය විනාශ කර දැමීම ස`දහා බටහිර යුරෝපයේ දේශපාලන අර්බුද මත ගොඩනැඟුණු, පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා භාවිත කරන මෙවලමක්‌ බවය. මෙම සංකල්පය බිහිවීම හා අප රටේ සමාජ දේශපාලන පසුබිම විමසීමෙන් මෙහි අයෝග්‍ය ස්‌වභාවය මැනවින් වටහා ගත හැකි වේ.

එම අයෝග්‍ය කාරණා වන්නේ,

01. වසර 2500 ගණනක ඉතිහාසයක්‌ හිමි බෞද්ධ දර්ශනය සමඟ මොවුන් ලෝකයේ සියලු ආගම් සමාන කරයි. බටහිර රටවල ඇති ආගම් සදාකාලික වින්දනීය ජීවිතයකට මග සොයන නිරර්ථක ආගම් වන අතර බෞද්ධ දර්ශනය මරණය ජයගන්නා වූ සැනසිලිදායක ජීවිතයකට මග එළිපෙහෙළි කරන දර්ශනයකි. බුදු දහම ආගමක්‌ පමණක්‌ නොව ලෝකයේ සියලු ඇතිවීම් හා නැතිවීම්වලට හේතු පැහැදිලි කරන සජීවී දර්ශනයක්‌ ද වේ. එබැවින් ලෝකයේ අනිකුත් ලෞකික ආගම් සමග බුදු දහම කවර කලෙකවත් සමාන කළ නොහැකිය.

02. යුරෝපයේ අනාගමික රාජ්‍ය සංකල්පය බිහි වූයේ යුරෝපා රාජ්‍යයන්හි පාලකයා පත් කළ පාලනය කළ හා ඉවත් කළ පාප් වහන්සේගේ ආධිපත්‍යයට එරෙහිව බැවිනි. නමුත් අපේ රටේ ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දී ඇතත් පාලකයා පත් කිරීමේ ඉඩ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් රටේ ජනතාවට ලබා දී තිබේ.

03. එමෙන්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්‌ දැනටමත් ස්‌ථාපිතව පවතින අතර යුරෝපයේ අනාගමික රාජ්‍ය සංකල්පය බිහි වීමට පදනම සැකසුණේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්‌ නොමැති වූ බැවිනි.

04. යුරෝපයේ පාලකයන් මෙන් අපේ රටේ රාජ්‍ය බලය යොදා ගනිමින් වෙනත් ආගමික කණ්‌ඩායම්වල ජනයා බෞද්ධ ආගමට බලෙන් හරවා ගැනීමක්‌ සිදු නොවේ. අන් ආගමික කණ්‌ඩායම්වල නිදහස හා අයිතිවාසිකම් උපරිම ලෙස අප රටේ ආරක්‌ෂා වී තිබේ. යුරෝපයේ වූවාක්‌ මෙන් රාජ්‍ය බලය යොදා ගෙන ආගමට හරවා ගැනීම අප රටේ සිදු වූවා නම් අද වන විට මේ රටේ සියලු ජනයා බෞද්ධයන් බවට පත් වී සිටිය යුතුය. එහෙත් සිදුව ඇත්තේ වෙනත් ආගමික අන්තවාදී කල්ලි කණ්‌ඩායම් විසින් බෞද්ධ ජනයාව බලහත්කාරයෙන් හා අල්ලස්‌ දිමෙන් එම ආගම්වලට හරවා ගැනීම යි.

05. අතීතයේ රට තුළ විසිරී ජීවත් වූ සිංහල බෞද්ධ ජනයාට එම ගම්බිම් හා උරුමයන් ද ප්‍රෙෘඪ ඉතිහාසයක නටබුන් ද අහිමි වී ඇති අයුරු විමසීමේ දී කොතරම් සාහසික ලෙස බෞද්ධ සංහාරයන් මෙරටේ සිදු වන්නේ ද යන්න පැහැදිලිය. එවැනි පසුබිමක්‌ තුළ අනාගමික රාජ්‍ය සංකල්පය ගෙන ඒමෙන් ගම්‍ය වනුයේ බෞද්ධ ජනයා මුළුමනින්ම මෙම භූමියෙන් අතුගා දැමීමේ වැඩපිළිවෙළ තව තවත් කඩිනම් කිරීමක්‌ හා ශක්‌තිමත් කිරීමක්‌ බව ය.

06. අනෙක්‌ වැදගත් කාරණය වන්නේ යුරෝපයේ ඇති වූවාක්‌ මෙන් බෞද්ධ ආගමට බලෙන් මිනිසුන් හරවා ගැනීමක්‌ හෝ රටෙන් පිටුවහල් කිරීම හෝ එයට අකමැති නම් මරණයට පත් කිරීමක්‌ අප රටෙන් මෙතෙක්‌ අනාවරණය නොවීම යි. නමුත් වෙනත් අන්තවාදී ආගමික කණ්‌ඩායම් විසින් බෞද්ධ ජනයාට හිරිහැර හා තාඩන පීඩන සිදු කිරීම් රටේ ඕනෑතරම් වාර්තා වී තිබේ.

බෞද්ධ දර්ශනය තුළින් ලාංකීය සියලු ජන වර්ගවල අයිතිවාසිකම් හා නිදහස පිළිගෙන සුරක්‌ෂිත කොට තිබෙන පරිසරයක්‌ තුළ අනවශ්‍ය ආකාරයේ අනාගමික රාජ්‍ය සංකල්ප වැනි දෑ මෙරටට හදුන්වා දීම හරහා නැති අර්බුද ඇති නොකරන්නට පාලකයන් වග බලාගත යුතුය. අනාගමික රාජ්‍ය සංකල්පය සැබෑ ලෙසම අන්තවාදී හා බෙදුම්වාදී කල්ලි කණ්‌ඩායම්වලට රට විනාශ කිරීමට අවශ්‍ය පාර සකසනු ලබයි. මෙරටේ බුද්ධිමත් සිංහල, දෙමළ, මුස්‌ලිම් සාමාන්‍ය ජනයා සැබෑ සහජීවනයෙන් ජීවත් වේ. සුද්දා අතීතයේ සිටම අප රටට කළ විනාශය වූයේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්ති හඳුන්වා දීම යි. එබැවින් අනාගමික රාජ්‍ය සංකල්පය මෙරට ස්‌ථාපිත වුවහොත් රටේ ජනයා අතර වර්ගවාදී ගැටුම් ඇති වීම වැළැක්‌විය නොහැකිය. රටේ සාමාන්‍ය ජනයා සහජීවනයෙන් ජීවත් වන බව යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාට වෙඩි තැබීමේ සිද්ධියේ දී හා මන්නාරම ශාන්තිපුර සිංහල ගම්මානයේ නාවක්‌කුලිය ශ්‍රී සමිද්ධි විහාරයේ චෛත්‍යය ඉදිකිරීම සම්බන්ධයෙන් චාවාකච්චේරිය මහෙස්‌ත්‍රාත් එස්‌. චන්ද්‍රසේකරන් මහත්මිය ලබා දුන් තීන්දුවලින් මැනවින් පැහැදිලි වේ. එසේ නම් මෙරට බෙදුම්වාදය ඇති කිරීමේ අවශ්‍යතාව ඇත්තේ පටු බලලෝභී අවස්‌ථාවාදී දේශපාලනඥයන්ට බව පැහැදිලි ය.

වෙල්ගම ගුණසිරි හිමි
2017 සැප්තම්බර් 06 දිවයින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

4/26/2018

13 පවතින තෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි - ජාතික ඒකාබද්ධතා කමිටුව

කතෘ:යුතුකම     4/26/2018   No comments
 ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා


ගෙවිඳු කුමාරතුංග



පළාත් සභාවක්‌ ව්‍යවස්‌ථාවට එරෙහි වූ විට වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි - ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා
ජවිපෙ පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙසට ඉල්ලා නොසිටින්නේ ඇයි? - ගෙවිඳු කුමාරතුංග

රටේ පළාත් සභාවක්‌ රටේ ව්‍යවස්‌ථාවට එරෙහිව කටයුතු කරන අවස්‌ථාවක එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය රටේ පැවතිය යුතු යෑයි ජාතික ඒකාබද්ධ කමිටුවේ විධායක සභික ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ඊයේ (25 දා) පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ඒකාබද්ධ කමිටුව විසින් ඊයේ (25 දා) ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි මේ දිනවල විවිධ පාර්ශ්ව මත පළකරනවා. 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් ඇතිකළ පළාත් සභාවල බලතල ඉක්‌මවා යැමට පළාත් සභාව කටයුතු කරනවා නම් එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය රටේ පැවතිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය රටේ නොමැති වුවහොත් පළාත් සභාවක නීතියක්‌ සකස්‌ කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතුයි.

නමුත් විධායක ජනාධිපති ක්‍රමය පැවතීම නිසා ජනාධිපතිවරයාට තනි බලයකින් රටට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවන්ට එරෙහිව කටයුතු කිරීමට පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා පළාත් සභාවල බලය විධායක ජනාධිපති ක්‍රමය පවතින තාක්‌ එය ඉක්‌මවා කටයුතු කළ නොහැකි බවට මතයක්‌ ප්‍රකාශ කර තිබෙනවා.

යම් ආකාරයකින් උතුරේ හෝ වෙනත් ප්‍රදේශයක සිටින සුළු ජාතික පිරිසකට එරෙහිව එම පළාතේදී පළාත් සභාවෙන් යම් අකටයුත්තක්‌ සිදුකරනවා නම් එය වැළැක්‌වීමට පාර්ලිමේන්තුවේ පනතක්‌ සම්මත කරගෙන එය නිවැරැදි කිරීමට කාලයක්‌ ගතවීම සහ එයට විවිධ බාධා පැමිණවීම් සිදුවිය හැකි නමුත් විධායක ජනාධිපති සිටී නම් ඔහුට එම අවස්‌ථාවේම එම ක්‍රියාවට එරෙහිව කටයුතු කරන්න පුළුවන්කමක්‌ පවතිනවා. උතුරු පළාතේ කෝකිලාහි බෞද්ධ විහාරස්‌ථානයක බුදු පිළිමයක්‌ විනාශ කිරීමට යැමේදී එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය පැවැති නිසා එය නවතා දැමීමට කටයුතු කර තිබුණා.

ජාතික ඒකාබද්ධ කමිටුවේ සභික ගෙවිඳු කුමාරතුංග මහතා - ජනතා විමුක්‌ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි මතයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත් සභා පිහිටුවීමට ප්‍රධානම විරුද්ධ වූ පිරිස. ඒ වෙනුවෙන් ඔවුන්ගේ සාමාජිකයන් ජීවිත පවා පරිත්‍යාග කළා. මේ අය එසේ විරුද්ධ වී පළාත් සභා ස්‌ථාපිත කිරීමෙන් පසු එහි රැඳී සිටිනවා. මේ පළාත් සභාවල බලතල රටට යම් ආකාරයෙන් අහිතකර ලෙස බලපානවා නම් එය ඉවත් කළ හැක්‌කේ විධායක ජනාධිපති ක්‍රමයෙන් විතරයි.

ඔවුන් පළාත් සභාවල බලය ඉක්‌මවා යැමට පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර බලාපොරොත්තු වන්නේ පළාත් සභාවලට පෙඩරල් විසඳුමක්‌ කරා යැමට අවස්‌ථාව ලබාදීමද? අඩුම වශයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය සමඟ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඇති කළ පළාත් සභාත් අහෝසි කරන ලෙස ඉල්ලා නොසිටින්නේ ඇයි. ඒ නිසා ඔවුන්ට විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින්නටත් අයිතියක්‌ නැහැ. ඒ ගැන ඔවුන් ලැඡ්ජා විය යුතුයි.

රජය ආණ්‌ඩුක්‍රම නව ව්‍යවස්‌ථාවක්‌ ගේන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මේ නව ව්‍යවස්‌ථාවට ජනතා විමුක්‌ති පෙරමුණ අදහස්‌ දී තිබෙන්නේ පිටු දෙකක්‌ පමණයි. පළාත් පාලන මැතිවරණයෙන් ගමට ආයෝජිතයෙක්‌ පත්කර ගන්න තිබූ අවස්‌ථාව අහිමි කළේ මේ සුළු පක්‍ෂයි. ඔවුන් කොට්‌ඨාස සහ සමානුපාතික ක්‍රමයෙන් පරාජයට පත්වූ අයටත් නියෝජිතයන් විය හැකි ආකාරයට පනත වෙනස්‌ කරගත්තා. එම නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයේදීවත් මෙය නොකරන තත්ත්වයට වැඩ පිළිවෙළක්‌ සකස්‌ කර ගත යුතුයි.



චමින්ද සිල්වා [Divaina]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

3/26/2018

අධිකරණ බලය විධායකය ලවා පික් පොකට් ගසන තුප්පහියන්ගේ වෑයම [Video]

කතෘ:යුතුකම     3/26/2018   No comments
N.G.O තුප්පහියන්ගේ සහ විජාතික බලවේග වල උවමනාවට අධිකරණ බලය විධායකය විසින් පික් පොකට ගසන්නට ගෙනෙන විශේෂ අධිකරණ පිහිටවීමේ පනතේ භයානක කම... 

ගෙවිඳු කුමාරතුංග 
යුතුකම මාධ්‍ය හමුව : 
2018-03-25

 

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/08/2018

ජාතියට මඟ පෙන්වූ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමිපාණෝ

කතෘ:යුතුකම     2/08/2018   No comments
ජාතියට මඟ පෙන්වූ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමිපාණෝ
[යුතුකම සංවාද කවය විසින් අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අවමංගල උළෙලේ බෙදා හැරි පත්‍රිකාව..]

පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න අනුනා හිමිපාණෝ ජාතියට අහිමි වූයේ උන් වහන්සේ ගේ නායකත්වය ජාතිය ම අපේක්ෂා කළ මොහොතක ය.  ව්‍යාජ සත්ව කරුණාවක් පෙරට ගනිමින් එන්.ජී.ඕ නඩ මෙ රට පෙරහැර සංස්කෘතිය අකාමකා දැමීමට කැසකවද්දී ඊට විදග්ධ ලෙස එරෙහි වෙමින් ද, අපේ රටේ ජනතාවටත්, මෙ රට සකලවිධ සංස්කෘතික උරුමයන්ටත් අතිශය හානිකර වූ ඉන්දියාවත් සමඟ අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවසුමේ භයානක බව පෙන්වා දෙමින් අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමට මුල් වූ විද්වතුන්ට ආශිර්වාද කරමින් ද, එ් සියල්ලන්ටත් වඩා මේ පින්බිම අනාගාමික රාජ්‍යයක් කිරීමට, ෆෙඩරල් බලතල ඉක්මවූ බලතල බෙදුම්වාදීන්ට ලබාදීමට යෝජිත ව්‍යවස්ථා කි‍්‍රයාවලියට එරෙහි ව සිංහ නාද නගමින් ද මෙ රට හුදී ජනීජනයා අපේක්ෂා කළ භික්ෂු නායතක්වය නියමානුකූල ලෙස ම ජාතියට ලබා දෙමින් ද තිබුණු අවස්ථාවක ය.

බෙල්ලනවිල විමලරතන නායක හාමුදුරුවෝ අපට, රටට පරමාදර්ශී භික්ෂු නායකත්වයක් ජීවමාන කළ හ. කැළණි සරසවියෙන් උපාධිය ද බි‍්‍රතාන්‍යයේ ලැන්කෂයර් සරසවියෙන් ආචාර්ය උපාධිය ද ලත් උන් වහන්සේ ශී‍්‍ර ජයවර්ධනපුර
සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මාහාචාර්යවරයා ලෙස ද එ් සරසවියේ ම උපකුලපති හා කුලපති තනතුරු දරමින් ද දැවැන්ත ශාස්තී‍්‍රය මෙහෙවරක නිරත
වූ සේක. ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධය වූ ‘බෞද්ධ මහා පුරුෂ සංකල්පය’ සේ ම ‘බෞද්ධ ප‍්‍රතිමාවේ උපත හා පූර්ව ප‍්‍රතිමා සංකේත’ පිළිබඳ පර්යේෂණය
ද උන් වහන්සේ විසින් ශාස්තී‍්‍රය ලෝකයට කළ දායාදයෝ වෙත්. The Mind Unshaken කෘතියෙන් උන් වහන්සේ ලත් ආශ්වාදය අන්‍යයන්හා බෙදාගැනීමට සිංහලයට කළ පරිවර්තනය මහත් පාඨක ප‍්‍රසාදයක් දිනාගන්නා ලදි.

”ජනාධිපතිතුමනි, අපේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුනා ලොකු වෙනසක්. මම මේ කිසි ම දේශපාලනයකට නැති භික්ෂුවක්. මම මොන ආණ්ඩුවකින්වත් කිසි ම
දෙයක් කරගන්න බලාපොරොත්තුවක් නෑ. අද මේ රටේ ඉතා පැහැදිලි ව පෙනෙන මහා විශාල හොරකමක් තියෙනවා. පොඩි එකෙකු ගෙන් ඇහුවත් කියයි මේක වංචාවක් කියලා. ඇයි මේක වහන්න හදන්නේ? ඇයි මේකට කොමිෂන් පත්කරලා යට ගහන්න හදන්නේ? වැඩක් නෑ මේක බොරුවක්.
මේක බොහොම වාසනාවන්ත පින්වන්ත රටක්. අපි හැම වෙලාවෙ ම කෑගහනවා පිටරටින් ආයෝජකයෝ ගේනවා, අර රටෙන් එනවා, මේ රටෙන් ගේනවා කියලා. ඔය සියලු දේට වඩා මේ රටේ සම්පත් සංවර්ධනය කරගන්න, මේ රටේ මිනිසුන්ට නැගිටින්න, මේ රටේ මිනිසුන්ට ලොකු ව්‍යාපාරිකයෝ වෙන්න සංවර්ධනය කරන එක තමයි ප‍්‍රධාන දේ. පිටින් එන එකා ආවත් එකයි, නාවත් එකයි කියලා කටයුතු කරන්න.
”මේ රටට දැන් අලුතෙන් ව්‍යවස්ථාවක් ඕනේ නෑ. මේ බුද්ධාගමට මේ රටේ තියෙන තැන මොකක් ද කියලා ආයේ කතා කරන්න දෙයක් නෑ ඒකේ. මේ රටේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය තියෙනවා. ඒක අමුතුවෙන් දෙන්න ඕනා කරන්නේ නෑ. ඒක මේ ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක වෙනස් කරන්න කියලා එකඑක්කෙනා යෝජනා කරනවා. අනාගමික රාජ්‍යයක් කරන්න කියනවා. තවත් එක එක යෝජනා බටහිරින් එනවා. අවසාන වශයෙන් සමලිංගික සේවනයත් නීතිගත කරන්න කියලා සමහරු යෝජනා කරනවා. මොන විහිළුවක් ද මේ? පිටරටවල තියෙන විකාර අපේ
රටවලට, අපේ සංස්කෘතියට ගැලපෙන දේවල් නෙමේ. අපේ ජනාධිපතිතුමා ඉදිරියේ, අපේ හිත්වල තියෙන එක්තරා විදියක වේදනාවක් නිසයි මම මේ කතා කළේ. ̃
- නාරාහේන්පිට අභයාරාමයේ අවුකන බුද්ධ ප‍්‍රතිමාව නිරාවරණය
කිරීමේ පූජෝත්සවයේ දී 



උන් වහන්සේ මෙ ලෙස පරිපූර්ණ ශාස්තී‍්‍රය මෙහෙවරක නිරත වූයේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී වහන්සේ ලෙස එ් වෙහෙර වැඳපුදා ගැනීමට, එ් ඓතිහාසික පුදබිමෙන් සෙතක් ශාන්තියක් ලබාගැනීමට ඇදී ආ ලක්ෂ සංඛ්‍යාත ජනීජනයා ගේ සියලූ අවශ්‍යතා ඉතා කාර්යක්ෂම ලෙස ඉෂ්ට-සිද්ධ කරමින්, එ් වෙහෙර දියුණුවෙන් දියුණුවට පත් කරන අතරතුර ය. පුදබිමට ලැබුණු ආදායමෙන් ප‍්‍රදේශයේ තරුණ-තරුණියන්ට වෘත්තීය පුහුණු පාඨමාලා දායාද කරමින් ය. බෙල්ලන්විල මහා පෙරහැර දැවැන්ත සංස්කෘතික මංගල්‍යයක් ලෙස වාර්ශිකව සංවිධානය කරමින් ය. මේ සියල්ල සිදු කරන අතර වුව ද උන් වහන්සේ හමුවීමට පැමිණෙන සෑම දායකයකු හා ම, සිසුවකු හා ම සුහදශීලී පිළිසඳරින්, අවශ්‍ය අවවාද    අනුශාසනා සැපයීමෙන් සංග‍්‍රහ කිරීමට ද උන් වහන්සේ මඳකට වුව ද පසුබට නොවූ සේක. එහි දී උන් වහන්සේ ගේ අවවාද අනුශාසනා හැම විට ම කරුණාබර විය. උන් වහන්සේ ගේ ඇවතුම් පැවතුම් සැම විට ම සරල, විවෘත, නිහතමානී වීය. එහෙත් රටට, ජාතියට, ආගමට අනර්ථයක් කෙරෙන විට උන් වහන්සේ ගේ හ`ඩ අභීත විය, ස්ථීරසාර විය.
අප රටට, ජාතියට, ශාසනයට උන් වහන්සේ ගේ නායකත්වය අත්‍යාවශ්‍ය වූ මොහොතක උන් වහන්සේ අපට අහිමි වීම මහා අභාග්‍යයකි. අප විසින් කළ යුතු ව ඇත්තේ උන් වහන්සේ ගේ ජීවිත ආදර්ශය, උන් වහන්සේ ගේ අභීත ඔවදන් අපට මඟ පෙන්වන, ජාතියට මඟ පෙන්වන පහන් ටැඹක් බවට පත් කරගැනීම ය. එ් සඳහා අධිෂ්ඨාන සහගත ව කැපවීම ය.

"එට්කා ගිවිසුම ඉන්දියානු ව්‍යාප්තවාදයේ එක්තරා ආකාරයක් ”දැන් මේ ගිවිසුම් ගහනවා රටවල එක්ක. ගිවිසුම්  ඕනෑ ගිවිසුම් අවශ්‍ය තැන්වල දී. එ්ත් මෙ ලෙස ඉන්දියාව, චීනය සහ සිංගප්පූරුව එක්ක දැන් ගිවිසුම් ගහන්න යනවා. දැන් මේ අය කියනවා මේ ගිවිසුම් ගහපුවහම අපේ රට දියුණු වෙනවා කියලා. මේගොල්ලෝ හිතන් ඉන්නේ මේ රටේ ඉන්නේ ඔක්කෝ ම හරක් කියලා.
දැන් මේ එට්කා ගිවිසුම ගැන සරල ව පොඩි එකෙකු ගෙන් ඇහුවහම කියයි කාට ද මේකෙන් වාසිය වෙන්නේ කියලා. මේක හරි ම භයානකයි. ඉන්දියාවේ ටැක්සි එලවන අය ඉන්නවා පී.එච්.ඞී. කාරයෝ, මම දන්නවා හොඳට ම. ඒක තමයි ඉන්දියාවේ රැකියා පිළිබඳ තියෙන තත්වය.
අපේ රටේ තරුණයෝ ඉස්සර පන්ති පැවැත්තුවා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන. මේ එට්කා ගිවිසුම කියන්නෙත් ඉන්දියානු ව්‍යාප්තවාදයේ එක්තරා අවස්ථාවක්. දැන් කියනවා කවුරු අකමැති වුනත් මේක අත්සන් කරනවා කියලා. මහජනතාව තමන්ට හිමි බලය පවරා දුන්නු නායකයින්ට එහෙම කියන්න කිසි ම අයිතියක් නෑ.”

-වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා මහජන කොමිසමක් පත් කිරීමේ සමාරම්භක උළෙලේදී


බෙල්ලන්විල අපේ නායක හාමුදුරුවෝ නිවන් දක්නා ජාති තෙක් මේ පින් බිමෙහි ම
උපදිත්වා! යළි යළිත් අප රටට මග පෙන්වන සංඝ පීතෲවරයෙක් ම වේවා!!

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/07/2018

අපේ මවුබිම අනතුරේ : පෙබරවාරි 10 , වගකීමෙන් යුතුකම ඉටු කරමු

කතෘ:යුතුකම     2/07/2018   1 comment
අපේ මවුබිම අනතුරේ
  •  රටේ ස්වාධීනත්වය හා රණවිරුවා ගේ අභිමානය කෙළසූ ජිනීවාමහා පාවාදීම 
  •  කුරිරු ත‍්‍රස්තවාදින් ගෙන් රට මුදාගත් සෙන්පතියන්ට හා රණවිරුවන්ට එරෙහි ව නඩු පැවරීමට ව්‍යාජ සාක්ෂි රැස්කිරීම සඳහා වූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව සම්මත කරගැනීම 
  •  මහ බැංකුවට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ ත‍්‍රස්තවාදීන්ට පවා ඉටු කරගත නොහැකි වූ මහා ආර්ථික ව්‍යසනයකට රට යොමු කළ මහ බැංකු මහා මංකොල්ලය - 
  • මුළු රට ම ආර්ථික වශයෙන් ඔසවා තැබීමේ ශක්‍යතාවයෙන් යුක්ත වූ හම්බන්තොට වරාය වසර 99කට (තව වසර 99කට දීර්ඝ කිරීමේ ප‍්‍රතිපාදන ද සහිත ව) තුට්ටු දෙකකට බදුදීමේ ව්‍යාජයෙන් ජාතියට අහිමි කිරීම 
  •  තිරිකුණාමලේ තෙල් ටැංකි, කන්කසන්තුරේ⁄ වරාය, මත්තල ගුවන් තොටුපොළ, ශී‍්‍ර ලංකා ගුවන් සේවය, අධිවේගී මාර්ග, බීජ ගොවිපොළ, රාජ්‍ය බැංකු - සිය ̈ සම්පත් විජාතිකයන්ට විකුණමින් රට පරාධීනත්වයට පත් කිරීම 
  •  මෙ රට ශ‍්‍රම වෙළෙඳපොළ දශලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු විරැකියා සුනාමියකට විවෘත කෙරෙන එට්කා ගිවිසුම අත්සන් කිරීමට දරන ප‍්‍රයත්නය 
  •  පළාත් පාලන ආයතන විසුරුවා හැර ඡුන්ද නොපැවැත්වීමෙන්, ගංවතුර, නියඟය, කුණු-කඳු හා කඳු නායයෑම්, කුණු කසළ, ඩෙංගු වසංගත මරණ හමුවේ ජනතාව පිළිසරණක් නැති අසරණයන්බවට පත් කිරීම - 
  • පොලිස්, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර කටයුතු, සමාජ සේවා, වෙළෙඳාම ඇතුළු එදිනෙදා ජන ජීවිතයට අදාළ සිය ̈ විෂය හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමේ හා කි‍්‍රයාවට නැඟීමේ බලතල යළි පවරාගත නොහැකි ලෙස පළාත්වලට පැවරීමට යෝජනා කෙරෙන බෙදුම්වාදී ව්‍යවස්ථා යෝජනාවලිය - 
  •  බියර් බදු අඩුකර, නීති අනපනත් වෙනස් කර තරුණයන් හා කාන්තාවන් මත්පැනට යොමු කරලීමට, සමලිංගික, නාරිලිංගික,බහු ලිංගික චර්යා හා විවාහ මූලික අයිතිවාසිකම් ලෙස යෝජිත ව්‍යවස්ථාවට ඇතුළත් කර තුප්පහි අවලම් සංස්කෘතියක් ස්ථාපිත කරලීමට දරන ප‍්‍රයත්නය -

මේ සියල්ල පැරදවීමට
පෙබරවාරි 10 ඡන්දය යොදා ගනිමු
ඉහත විනාශයන්ට මූලික වූ ආණ්ඩු පක්ෂයේ හා සහයෝගය දුන් විපක්ෂයේ පක්ෂ ප‍්‍රතික්ෂේප කරමු!

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ දිනවමු!!
------------------------
දේශප්‍රේමී භික්ෂු පෙරමුණ
රුහුණු රට භික්ෂු පෙරමුණ
පැවිදි හඬ
මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය
ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය
ගාලු විද්වත් එකමුතුව
මහනුවර වෘත්තිකයන් ගේ හා විද්වතුන් ගේ සංවිධානය
ජාතික රණවිරු එකමුතුව
දෙසරැස
යුතුකම සංවාද කවය

යුතුකම සංවාද කවය ඇතුළු සංවිධාන රැසක ඉල්ලීම සහිත පුවත් පත් දැන්වීම


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවන්න ආණ්ඩුවට එරෙහිව චන්දය දෙන්න - මනෝහර ද සිල්වා

කතෘ:යුතුකම     2/07/2018   No comments
රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවන්න ආණ්ඩුවට එරෙහිව චන්දය දෙන්න
-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශිෂ්ඨයාගේ හඬට සවන් දෙමු
ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා


යුතුකම සම්මන්ත්‍රණය
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී
2018-01-18




යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/28/2018

හොරු අල්ලන ව්‍යාජ නාටකය ඉදිරියට දමා අපේ මව්බිම අපට අහිමි කරන ද්‍රෝහී මෙහෙයුම [Video]

කතෘ:යුතුකම     1/28/2018   No comments
ආණ්ඩුව සහ එහි ගැත්තෝ හොරු අල්ලන ව්‍යාජ නාටකය ඉදිරියට දමා , අපේ මව්බිම අපට අහිමි කරන ද්‍රෝහී මෙහෙයුම  යටින් ක්‍රියාත්මක කරමින් තිබෙන අයුරු

- යුතුකම මාධ්‍ය හමුව
2018-01-24 කොළඹදී


ඕමාරේ කාසප නාහිමි




ගෙවිඳු කුමාරතුංග



මොහාන් සමරනායක



නීතීඥ සරත් විජේජිංහ


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/06/2018

'එට්‌කා' සහ ආර්ථික ඝාතකයෝ

කතෘ:යුතුකම     1/06/2018   No comments
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී 'රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:

එට්කා ඇමතිවරු සහ බැදුම්කර

එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන්නේ පුදුම උනන්දුවක්‌. බැදුම්කර වංචාව වෙන්න කලින් දවසේ එතුමා යනවා මහ බැංකුවට. ගිහින් කතා කළේ පාරවල් හදන්න සල්ලි ගන්න විදියලු. එතකොට එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් නෙමෙයි. පුදුම උනන්දුවක් තියෙන්නේ රට හදන්න.

 හැබැයි එතුමා අමාත්‍යාංශයක්‌ ගත්ත දවසෙ ඉඳලා මේ වෙනකල් එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියා කළත් එතුමා තවම අසමත් වෙලා තියෙනවා එට්‌කා ගිවිසුම සම්බධන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක්‌වත් කරන්න. ඒ නිසා අපි ශක්‍යතා අධ්‍යනයක්‌ කරලා ඒක පොතක්‌ විදියට ප්‍රකාශයට පත් කරලා කථානායකවරයාගේ අනුමැතිය අරගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා. කථානායකතුමාත් අපට ලිපියක්‌ යොමු කළා වගකිවයුත්තන්ගේ අවධානයට ලක්‌විය යුතු මෙවැනි කෘතියක්‌ රචනා කිරීම සමබන්ධයෙන් ස්‌තුතිය ප්‍රකාශ කරලා. ඉතින් මේකේ ප්‍රධානම වගකිවයුත්තෙක්‌ තමා මලික්‌ සමරවික්‍රම ඇමැතිතුමා. අපි හිතනවා එතුමා මේ පොත කියවයි කියලා. ඒ වගේම තමා එතුමාගේ රාජ්‍ය ඇමැතිතුමා, සුජීව සේනසිංහ. අපි කවුරුත් දන්නවා එතුමා පොත් ලියන කෙනෙක්‌. ළඟදී පොතක්‌ ලිව්වා බැඳුම්කර වංචාව ගැන. එනිසා එතුමා කොහොමත් මේ පොත බලන්න ඇති. 

එට්කා අතළගට

2017 අවුරුද්දේ ඔක්‌තෝම්බර් මාසයේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ලංකා එට්‌කා කණ්‌ඩායමේ 12 දෙනා ඉන්දියාවේ එට්‌කා කණ්‌ඩායමත් එක්‌ක නවදිල්ලි නුවරදී 6 වැනි සාකච්ඡා වටය පැවැත්වූවා. එහිදී තීරණය වුණා 7 වැනි සාකච්ඡා වටය කොළඹදී දෙසැම්බර් මාසයෙදී පවත්වන්න. නමුත් මේවා කාටවත් දැනගන්න ලැබෙන්නේ නෑ. අපි මේ කතාකරන මොහොත වන විට ජාතියේ ගෙල සිරකරන මේ කුමන්ත්‍රණය ලංකා කණ්‌ඩායමේ 12 දෙනාත් ඉන්දියානු කණ්‌ඩායමේ කිහිප දෙනාත් අතර කොළඹ කොහේ හෝ තැනක සිදුවෙනවා වෙන්න පුළුවන්. එය බොහෝ විට මේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් සිදුවන අවසන් සාකච්ඡා වටය වෙන්න පුළුවන්. එසේ වුවහොත් 2018 වසරේ මුල් කාර්තුව තුළ එට්‌කා ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම්. 


අපි අතරෙම අපිත් එක්ක ඉන්න ඝාතකයා

එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ ඉන්න නිලධාරීන් පිරිස මේ දේශෙද්‍රaහී කටයුත්ත ජනතාවට හොරෙන් කරගෙන යද්දී, තවත් පිරිසක්‌ ඉන්නවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන. ඒ තමයි මේ රටේ ඉන්න ආර්ථික ඝාතකයෝ. මේ ආර්ථික ඝාතකයෝ කියන පිරිස තමන්ව හඳුනාගන්නේ 'ආර්ථික විශේෂඥයෝ' කියලා. මොවුන් ඉංග්‍රීසි කතාකරන ටයි කෝට්‌ පළඳින ජාතියක්‌. හැංගිලා ඉන්න ඝාතකයෝ නෙමේ මේ අය. අපි මේ අයව රූපවාහිනියේ දකිනවා. පත්තරවල ඔවුන්ගේ ලිපි පළ වෙනවා. හැබැයි මේ පිරිස කරන්නේ මේ ජාතිය ඝාතනය කරන එක.

අපි එකක්‌ මතක තියාගත යුතුයි. අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.


මේ ළඟදී, රසීන් සැලී කියන පුද්ගලයා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා පවසනවා, වෙළෙඳ හිඟය කියන එක ප්‍රශ්නයක්‌ නෑ. ඒ ගැන කලබල වෙන්න ඕනැ නෑ කියලා. ඇයි මේ පුද්ගලයන්ට මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ?

මේක ඉතාම වැදගත් කාරණයක්‌. අපි මේක හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ ආර්ථික ඝාතකයන් කවුද කියලා හඳුනාගන්න. මේ ආර්ථික ඝාතකයන් මෙහෙම කියන්නේ සුවිශේෂී හේතුවක්‌ ඇතුව. ඇයි වෙළෙඳ හිඟය, එහෙමත් නැත්නම් ආනයන අපනයන් පරතරය වැඩිවීම ප්‍රශ්නයක්‌ නෙමෙයි කියලා මේ අයට කියන්න සිද්ධවෙලා තියෙන්නේ?

රෝගය සහ පිළියම

ලංකාවේ වාර්ෂික වෙළෙද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක්‌. ඒ කියන්නේ එක අවුරුද්දකට හම්බන්තොට වරායවල් 9 ක්‌ වටින මුදලක්‌ අපේ රටින් පිටවෙනවා භාණ්‌ඩ වෙළෙ¹මෙන්. ඔබට මතක ඇති අපේ අගමැතිතුමා අර චෙක්‌පතක්‌ උස්‌සන් හිටියා හරියට තරගයක 'මෑන් ඔෆ් ද මෑච්' හම්බෙලා වගේ. ඒකේ තිබ්බේ කීයක්‌ ද ඇමෙරිකානු ඩොලර් බිලියන බින්දුවයි දශම දෙකයි නවයයි (0.29). වාර්ෂික වෙළෙද හිඟය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 9 න් හතරක්‌ පමණ එන්නේ ඉන්දියාවත් එක්‌ක වෙළෙඳාමෙන්. ඒ හා සමාන වෙළෙඳ හිඟයක්‌ චීනයත් සමඟ තියෙන වෙළෙඳාමෙනුත් එනවා. ඒ කියන්න ඉන්දියාව සහ චීනය සමඟ එක වසරකට වෙළෙඳ හිඟය හම්බන්තොට වරායවල් 8 ක්‌.

මේක අපේ ආර්ථිකයේ තියෙන එක්‌තරා රෝගයක්‌. ඇයි මේක ප්‍රශ්නයක්‌ වෙන්නේ? අපට ඩොලර් අච්චු ගහන්න බෑ. අපි භාණ්‌ඩ වෙළෙඳාම් කරලා වැඩිපුර රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයන්න ඕනා. කොහෙන්ද අපි ඒ වැඩිපුර පිටවන ඩොලර් ප්‍රමාණය හොයන්නේ? මේ ආර්ථික විශේෂඥයන්ට අපි අවධාරණය කරලා කියනවා, වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ ද නැද්ද කියන එක තේරුම්ගන්න වෙන්නේ ඒ වෙළෙඳ හිඟය කිසියම් රටක්‌ පියවන්නේ කෙසේද කියන කාරණය උඩ. ඇමෙරිකාව වගේ රටක්‌ වෙන රටවල ආයෝජනය කරලා ඉන් ලැබෙන ලාභාංශ වලින් ඒ වෙළෙඳ හිඟය පියවනකොට ඒක ලොකු ප්‍රශ්නයක්‌ නොවෙන්න පුළුවන්. හැබැයි අපි කොහොමද මේ වෙළෙඳ හිඟය පියවන්නේ? අපේ රටට එක අවුරුද්දකට ඇමෙරිකානු බිලියන හතක්‌ එවන්නේ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ. ඒකෙන් හරි අඩක්‌ මේ රටට එවන්නේ මැදපෙරදිග වැඩකරන අම්මලා. වෙළෙඳාම් කරලා එළියට යන ඒ ඩොලර් ටික පියවන්නේ මේ අහිංසක මිනිස්‌සුන්ගේ සල්ලි. ඒ මිනිස්‌සුන්ගේ දහදිය සහ ඒ මිනුස්‌සුන්ගේ ජීවිත.


ආර්ථික ඝාතකයන් වෙළද හිගය පිළිබද කියන බොරුව

මේ ආර්ථික ඝාතකයෝ අපිට කියනවා වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ නෑ කියලා. එතකොට ඇයි මේ අය මෙහෙම කියන්නේ කියලා පැහැදිලියි. එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියා එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියාවෙන් ගෙන්වන භාණ්‌ඩවලින් 90% කටම ආනයනික බද්ධ සම්පූරණයෙන්ම ඉවත් කරන්න. අපි දන්නවා ඉන්දියාවත් එක්‌ක කිසියම් ගිවිසුමකට එළැඹුනොත් අපිට චීනයත් එක්‌කත් එවැනිම ගිවිසුමකට එළැඹෙන්න සිද්ධ වෙනවා. චීනය එක්‌කත් සාකච්ඡා කරන් යනවා එවැනිම ගිවිසුමක්‌ සඳහා. චීනයෙන් ආනයනික භාණ්‌ඩවලින් 90% කුත් සම්පූර්ණ ආනයනික බද්දෙන් නිදහස්‌ කරන්න යනවා.

එතකොට ලංකාවට කෙරන ඉන්දියානු සහ චීන ආනයන ඉහළ යනවා. එතකොට ඔවුන් දන්නවා මේ වෙළෙඳ හිඟය ඉතා වේගයෙන් ඉහළ යන බව. රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය වැඩිවෙනවා. මේ පීඩනය දරාගන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා මේ රෝගයට මේක රෝගයක්‌ නෙමෙයි කියලා තමයි මේ ආර්ථික ඝාතකයෝ කියන්නේ. මොකද ඔවුන් යෝජනා කරන බෙහෙතෙන් මේ රෝගය ඔඩුදුවන බව ඔවුන් දන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට කියනවා මේකේ ප්‍රශ්නයක්‌ නෑ. මේකේ ලෙඩක්‌ නෑ කියලා. වෙළෙඳ හිඟය ගැටලුවක්‌ නෙමෙයි කියන බොරුව සමාජගත කරලා විතරයි මේ අයට එට්‌කා ගිවිසුම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.


පිළියමට වෙන දේ


මෙච්චර කල් මේ ලෙඩේට අපිට තිබුණ පිළියම තමයි අර මම කියපු විදේශ ශ්‍රමිකයෝ මෙහෙට එවන මුදල. දැන් මේ ගිවිසුමෙන් පස්‌සේ මොකද වෙන්නේ ඒ පිළියමට? ඒ පිළියමටත් විශාල තර්ජනයක්‌ ඇති වෙනවා.

එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, මහමාර්ග සහ ප්‍රවාහන සේවා, සංචාරක, තොරතුරු තාක්‌ෂණ, බලශක්‌තිය, බැංකු සහ මූල්‍ය සේවා, රක්‌ෂණ, විනෝදාශ්වාදය ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ම ඉන්දියානුවන්ට විවර කරන්න. විනෝදාශ්වාදය කිව්වහම සියලු දේවල් අයත් වෙනවා සින්දු කියන එක, චිත්‍රපටි කරන එක විතරක්‌ නෙමේ මඟුල් ගෙවල්වල ඡායාරූප ගන්න එකත් ඒකට ඇතුළත් වෙනවා.

මේ සියල්ල සඳහා ඉන්දියානු කර්මාන්ත සහ ඉන්දියානු ශ්‍රමිකයන්ට මෙහෙට එන්න පුළුවන් වෙනවා. එතකොට අර මැදපෙරදිග රටවල ලාංකික මවුවරුන් දහදුක්‌ විඳලා මෙහෙට එවන මුදල්, ඉන්දියානු ශ්‍රමිකයෝ මෙහෙට ඇවිල්ලා රුපියල්වලින් පඩි අරගෙන ඩොලර්වලට මාරු කරලා ඉන්දියාවට පිටකරන කොට අර පිළියමත් දුර්වල වෙනවා මේ එට්‌කා ගිවිසුමෙන්. එතකොට එක පැත්තකින් වෙළෙඳ හිඟය වැඩිවෙන කොට ඒකට මෙච්චර කල් පිළියම විදියට තිබිච්ච විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගය අඩුවෙනවා. අපේ රටේ විදේශ සංචිත අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ඩොලර් අඩු වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. එතකොට අපිට විදේශීය ණය ලබාගන්න වෙනවා. අපිට තව තව තීව්‍ර ලෙස අපේ ජාතික සම්පත් විකුණන්න වෙයි. එහෙම විකුණගෙන විකුණගෙන ගියාට පස්‌සේ අපිට තැනක්‌ එනවා අපි ළඟ තියෙන ජාතික සම්පත් ඔක්‌කොම විකුණලා ඉවර වෙන. සීගිරිය විකුණයි. සිංහරාජය විකුණන්න වෙයි. ඊට පස්‌සේ අපි මොනවද විකුණන්නේ? අන්න එදාට එනවා ගෙවුම් තුලන අර්බුදය. එතකොට මේ ආර්ථික විශේෂඥයෝ කියන අය කිසි කෙනෙක්‌ මේකේ වගකීම ගන්නවද? නැහැ. ඒක තමයි මනුෂ්‍ය ඝාතකයන්ගේ සහ ආර්ථික ඝාතකයන්ගේ තියෙන වෙනස. මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස්‌ ගණන් මිනිස්‌ ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා.

මෙහෙම ආනයනික බදු අඩු කළහම රජයට ලැබෙන බදු ආදායමට මොකක්‌ද වෙන්නේ. රජය ඒ අහිමිවන බදු ආදායම වෙන කොහෙන් හෝ ලබාගත යුතුයි. කොහෙන්ද ගන්නේ? මේ රටේ දුප්පත් මිනිස්‌සුන්ගේ බොටුව මිරිකලා ඒ මිනිස්‌සුන්ගෙන් තමයි ගන්න වෙන්නේ. මේ රටේ ඉන්නවා නම් ආර්ථික විශේෂඥයෝ එට්‌කා හොඳයි කියන අපි ආරාධනා කරනවා විවාදයකට එන්න කියලා.


පාලකයන්ගේ කොන්ද පණ නැති කම


දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙළෙඳ ගිවිසුම් මෙච්චර නරකද කියලා. තව රටවල් තියෙනෙවා වෙළෙඳ ගිවිසුම් ගහලා තියෙන. ඒක සාධාරණ පැනයක්‌. සමහර වෙළෙඳ ගිවිසුම් තියෙනවා ප්‍රවේශමෙන් අධ්‍යනය කරලා, ශක්‍යතා අධ්‍යනයක්‌ නිවැරදිව තේරුම් අරගෙන ගිවිසුම්ගත වෙලා යම්කිසි වාසීන් ලැබිය හැකියි. මම එක උදාහරණයක්‌ කියන්නම්. ඇමෙරිකාව සහ මෙක්‌සිකෝව අතර තියෙන වෙළෙඳ ගිවිසුමක්‌ සැලකුවොත් ඇමෙරිකාවට තියෙනවා අතිරික්‌ත ප්‍රාග්ධනය. මෙක්‌සිකෝවට තියෙනවා අඩු මිල ශ්‍රමය සහ අඩු නිෂ්පාදන පිරිවැය. එතකොට ඒ අඩු මිල ශ්‍රමය යොදා නිපදවන භාණ්‌ඩ ඇමෙරිකාවට අපනයනය කරලා වගේම මෙක්‌සිකානු වෘත්තිකයෝ ඇමෙරිකාව තුළ රැකියා කිරීම මඟිනුත් මෙක්‌සිකෝවට කිසියම් විදේශ විනිමය ප්‍රමාණයක්‌ ගෙන එනවා. ඒ වගේම මෙක්‌සිකෝව තුළ ඇමෙරිකාව සතු ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලාභාංශ විදියට ඇමෙරිකාවට මුදල් ගෙන එනවා. නමුත් මේ රටවල් දෙකටම මේ ගිවිසුමෙන් ගැටලු උදාවෙලා තියෙනවා. හැබැයි රටවල් දෙකකට කිසියම් හෝ වාසිත් තියෙනවා.

හැබැයි ලංකාවයි ඉන්දියාවයි සලකලා බැලුවහම තත්ත්වය කුමක්‌ද? කාටද වැඩිපුර ප්‍රාග්ධනය හිමිවීමේ වාසිය තිබෙන්නේ? ඉන්දියාවට. කාටද අඩු මිල ශ්‍රමය තියෙන්නේ? ඉන්දියාවට. අපිට ඉන්දියාවත් එක්‌ක ගිවිසුමක කිසිදු වාසියක්‌ නෑ.

දැන් මේ ගිවිසුම් ගහන්න කතා කරන අය අපට ඉන්දියාව තුළ තියෙන අවස්‌ථා ගැන කතා කරනවා අහලා තියෙනවා. එහෙම කතා කරන්නේ නෑ. ඒ අයත් කතා කරන්නේ අපි කොහොමද බේරෙන්නේ කියලා. මම කාට හරි ගහගන්න කතා කරලා මම කල්පනා කරනවා මම කොහොමද බේරෙන්නේ කියලා. මොකක්‌ද මේ, ධනවාදය ද මේක. නෑ මේක ධනවාදය නෙවෙයි. මේක බියගුළුකම. පාලකයන්ට කොන්ද පණ නැති කම. මේක ඉන්දියානු ආක්‍රමණිකයාට බයේ කරන කටයුත්තක්‌. මොළේ තියෙනවා කියලා ගෙනාවට අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා මේ පාලකයන්ට උකුණු හිසක තරම්වත් මොළයක්‌ නෑ කියලා. අපේ රණවිරුවෝ දස දහස්‌ ගණන් ජීවිත පූජා කරලා බේරගත්ත මවුබිම මේ වගේ පාලකයන්ට පාවාලා දෙන්න ඉඩදෙන්න බෑ. ඒ සඳහා අපි සියලු දෙනා රොද බැඳගත යුතු වෙනවා. මේ පණිවුඩය ගමින් ගම අරන් යන්න වෙනවා. පාළාත් පාලන මැතිවරණයේ ඡන්දය ඉල්ලන් කුමන පක්‌ෂයකින් ආවත් අපි හැමෝම අහමු මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ මතය කුමක්‌ද කියලා. මේ කාරණා ටික සභාව හමුවේ අවධාරණය කරමින් මම සමුගන්නවා. බොහෝම ස්‌තුතියි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/21/2017

සිංහල බෞද්ධ රාජ්‍යය [Video] - ඒකීය රටක් උදෙසා 'ජනරොද'

කතෘ:යුතුකම     12/21/2017   No comments
 

 
ජනරොද , ඒකීය රටක් උදෙසා ජනතා ව්‍යපාරය ආරම්භ කිරීමට සහ රටට සෙත් පැතීම සඳහා රුවන්වැලි සෑ මළුවේ පැවති පිරිත් දේශනයට පළමුව එම සංවිධානයට අවශ්‍ය න්‍යායාත්මක මග පෙන්වීම ලබා දෙනු පිණිස ආචාර්ය නලින් ද සිල්වා මහතා පැවැත් වූ දේශනයේ සංක්ෂිප්ත සටහනකි.

අද අපි ජීවත් වෙන්නේ රට වශයෙන් වගේම ලෝකය වශයෙන් ගත්තත් ඉතාම තීරණාත්මක අවස්ථාවක. දැන් සමස්ත ලෝකයේ කඩා වැටීම ආරම්භ වෙලා. අපි දශක ගණනාවක් ගෙන ගිය ජාතික ව්‍යාපාරයක් අවසානයට ළං වෙලා. අවුරුදු 35කට පමණ පෙර අපි ආරම්භ කළ ජාතික ව්‍යාපාරයේ එක් අවධියක් එළඹෙන පළාත් පාලන මැතිවරණයක් සමග අවසන් වෙනවා. ඒ අතර එහි වෙනත් අදියරක් ඔබත් සමග ආරම්භ වෙනවා. මේ අවස්ථාව අපෙන් ඔබට ඒ දායාදය ලබා දෙන අවස්ථාව විදිහටත් සලකන්න පුළුවන්.
නූතන ජාතික ව්‍යාපාරය 19 වන සියවසේ අගභාගයේ ආරම්භ කළේ අනගාරික ධර්මපාලතුමා. එය ඉදිරියට ගියා. පසුපසට ගියා. විවිධ හැල හැප්පීම් වුණා. අවුරුදු 30කට පමණ කලින් අපි එහි ඊළඟ අදියර ආරම්භ කළා. එයත් පරාද වුණා. නමුත් එයින් අදහස් වන්නේ නෑ මේ රටේ ජාතික ව්‍යාපාරය පරාදයි කියලා. මේ මැතිවරණයත් සමග එහි අලූත් අදියර ආරම්භ වෙනවා. සිංහල බෞද්ධ රාජ්‍යයට පදනම වැටුණු අනුරාධපුරයේදීම එහි සමාරම්භය සනිටුහන් කරන්න ලැබීම වාසනාවක්. එම ජාතික ව්‍යාපාරය දේශපාලකයන්ට වඩා ඉහළින් පවතින දේශපාලකයන් දණ ගැස්විය හැකි ව්‍යාපාරයක් ලෙස වර්ධනය විය යුතුයි.
සිංහල බෞද්ධ රාජ්‍යය පිළිබඳ කතා කිරීමට පෙර රාජ්‍යය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඕන. බොහෝ දෙනා රාජ්‍යය නෙමේ රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනස පවා දන්නේ නෑ. ඉංගිරිසියේ නම් ඒ සඳහා   State (රජය) සහ Government (ආණ්ඩුව) ලෙස වචන දෙකක් තියෙනවා. නමුත් අපි පවතින රජය කියලා ආණ්ඩුවට කියනවා. රාජ්‍ය කියන එකට ඉංගිරිසියෙන් නිශ්චිත නිර්වචනයක් නෑ. ඒ නිසා බටහිර අනුකරණය කරන අපේ විද්‍යාඥෙයාත් ඒක හරියටම දන්නෙත් නෑ.
රාජ්‍ය නිර්වචනය කර ගැනීම සඳහා අපට යා හැකි හොඳම තැන අග්ගඥ්ඤ සූත‍්‍රය. එක කාලයක මිනිස්සු තමන්ගේ වත්මන් පරිභෝජනයට පමණක් නෙමේ ඉදිරි පරිභෝජනය සඳහාත් අස්වනු කපා ගෙන ගොඩගහන්න ලැහැස්ති වුණා.
ඒ නිසා ගැටුම් ඇති වුණා. ඒවා නිරාකරණය සඳහා කවුරු හෝ අවශ්‍ය වුණා. පාලකයාගෙන් ඉටු වෙන්නේ ඒ අවශ්‍යතාවයි. මේ අනුව බොහෝ දේවල් වගේම රාජ්‍යයත් ඇති වුණේ තණ්හාව නිසා කියලා පැහැදිලියි. මිනිස්සු තණ්හාව නිසා අස්වැන්න බෙදා ගන්න ගැටුම් ඇති කර නොගන්න රාජ්‍යය බිහිවන්නේ නෑ. අදත් රාජ්‍ය පවතින්නේ ඒ නිසායි.
කිසියම් සමාජයක මිනිසුන් අනුගමනය කරන සිරිත් විරිත්, නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ අතර අප රැුකබලා ගන්න කියන අදහසකුත් මිනිසුන් අතර තිබුණා. එම කටයුතු භාරව කටයුතු කරන ආයතනය රාජ්‍ය කියලා හඳුන්වන්න පුළුවන්. එය භාරව කටයුතු කළ රජුට අර පරමාර්ථ ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම භාර වුණා.
මුල දී පාලනය සඳහා අවශ්‍ය ආඥා චක‍්‍රය තනා ගත්තේ සම්මුතියෙන්. ඒක අපේ සම්ප‍්‍රදායේ මහා සම්මතය කියලා හැඳින්වුණේ. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙමේ, සියලූ දෙනාගේ ඒක ඡුන්දය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ අවසාන වශයෙන් බෙදීමක්. අපේ හාමුදුරුවරු අදටත් තීරණ ගන්නේ ඒක ඡුන්දයෙන්. පසුව ඒ මහා සම්මතය නැත්නම් ජනතා සම්මතය නෙමේ රජුගේ වචනය ආඥා චක‍්‍රය බවට පත්වුණා. අපේ රටේ කොහොම වුණත් බටහිරත් ඉන්දියාවෙත් රජුගේ වචනය නීතිය බවට පත්වුණා. ඔවුන් එය මනු නීතිය ලෙස හැඳින්වුවා.
මේ රටේ පුරාණයේ ඉඳලාම රාජ්‍ය තිබුණා. එකල මෙරට රාජ්‍ය කිහිපයක් තියෙන්න ඇති. රටට වංග, කාලිංග, මහාරාෂ්ට‍්‍ර, ලාඨ ඇතුළු භාරතයේ හැම පැත්තකින් විජය ඇතුළු සංක‍්‍රමණිකයන් ආවා. ඒ බුදු හාමුදුරුවන්ගේ කාලේ.

හැබැයි එහෙම ආවේ සිංහලයෝ නෙමේ. ආවේ සිංහලයෝ නම් අද බෙංගාලයේ සිංහලයෝ ඉන්න ඕන. එහෙම එන කොට මේ රටේත් දේව, නාග, යක්ෂ වර්ගවල මිනිස්සු හිටියා. අනතුරුව එවකට පැවති කුඩා රාජ්‍ය එකතු කරලා පණ්ඩුකාභය රජතුමා රාජ්‍යයක් ගොඩනැඟුවා. ඒක ෆෙඩරල් සම්මුතියක් නෙමේ. යුද්ධ කරලා තනි රාජ්‍යයක් ගොඩනැඟුවා. ඒ රාජ්‍යයට දේවානම්පියතිස්ස රජ කාලේ නිල වශයෙන් බුදු දහම ලැබුණා. ඒ වන විට මේ රටේ බුදු දහම සහ තවත් ආගම් තිබුණා. කොහොම වුණත් දේවානම්පියතිස්ස සමයේ අශෝක බුදු දහම රටට ලැබුණා.
පිහිටි රටේ මේ දේවල් වන විට මාගම වෙනම රාජ්‍යයක් තිබුණා. ඒ රාජ්‍යයේ කාවන්තිස්සලා, විහාරමහාදේවිලා සහ ගැමුණුලා හිටියා. ගැමුණු රජතුමා රුහුණු පිහිටි මායා සියලූ රාජ්‍ය එකතු කරලා එක්සේසත් රාජ්‍යයක් හැදුවා.
එක්සේසත් කියන්නේ එක ඡුත‍්‍රයක්. එක කුඩයක් කියන එකයි. මේ එක්සේසත් රාජ්‍යය තමා ලොව පහළ වූ ප‍්‍රථම ඒකීය රාජ්‍යය. දැන් විශ්වවිද්‍යාල උගත්තු කියාවි නෑ නෑ ඒකීය රාජ්‍යය පහළ වුණේ එංගලන්තේ කියලා. නමුත් අපේ ඒකීය රාජ්‍යයට දැන් අවුරුදු 2300කට වැඩියි. ඒ ඒකීය රාජ්‍යය ගොඩනැගු ගැමුණු රජතුමාට කවදාවත් දුටුගැමුණු කියලා කියන්න එපා. ඒ නම ගැමුණු රජතුමාට පටබැන්දේ ඒ කාලේ හිටපු එන්ජී ඕකාරයෝ වගේ අයයි. 

මේ කාලය වන විට යුරෝපයේ නිශ්චිත දේශ සීමාවක්, භූමි ප‍්‍රදේශයක් සහිත රාජ්‍ය තිබුණේ නෑ. නමුත් රජවරු හිටියා. රාජ කුමාරිය විවාහ වෙද්දී ඒ භූමියෙන් කොටසක් දෑවැද්ද විදිහට දුන්නා. ඒ රජුගේ වචනය ප‍්‍රදේශයේ නීතිය බවට පත්වුණා. ක‍්‍රි.ව. 3 වන සියවසින් පස්සේ මේ රජවරුන් යට කරගෙන පාප් වහන්සේ රජවුණා. ඔහුගේ බලය යුරෝපය පුරා පැතිරිලා තිබුණා. ඒ ආධිපත්‍යයෙන් මිදීමේ උවමනාවක් යුරෝපා ජනතාවට තිබුණා. ඒ සඳහා මුල් පියවර තැබුවේ 1517 වසරේ. හරියටම අදට වසර 500කට ඉස්සර. 1517 ඔක්තෝබර් මාසේ 31 වෙනිදා මාර්ටින් ලූතර් කියන පූජකයෙක් පාප් වහන්සේට විරුද්ධව පෝස්ටරයක් ඇලෙව්වා. පාප් වහන්සේගේ ආධිපත්‍ය බිඳ වැටිලා යුරෝපයේ ජාතික රාජ්‍ය පහළ වීම ආරම්භ වන්නේ එතැනින්.
එහි මුල්ම පියවර තැබුවේ එංගලන්තයේ සිටි 8 වෙනි හෙන්රි රජ්ජුරුවෝ. නමුත් ඒ සඳහා හේතු වුණේ රජ්ජුරුවන්ගේ පෞද්ගලික කාරණාවක්. පාප් වහන්සේ රජුගේ දික්කසාදයක් අනුමත නොකළ නිසා ඔහු වෙන්වෙනවා. යුරෝපයේ ජාතික රාජ්‍ය පහළ වුණේ විවාහයක් අනුමත කරගන්න බැරිව බව ඒ අනුව පැහැදිලියි. 

ඒ ජාතික රාජ්‍ය සංකල්පය පසු කලක ඒකීය රාජ්‍ය කියන සංකල්පය කරා ගියා. ඒකීය රාජ්‍යය කියලා කියන්නේ මුළු භූමිය පුරා පැතිරුණු එක් ආඥා චක‍්‍රයක් සහිත එය වෙනස් කිරීමේ බලය එක් ආයතනයක් සඳහා පැවරුණු රාජ්‍ය සඳහායි. ඒ බලය දරන්නේ රජු හෝ වෙනත් අයකු විය හැකියි. බටහිර මිනිස්සු හිතන විදිහට එංගලන්තයේ ඒකීය රාජ්‍ය ඇති වුණේ ධනපති ක‍්‍රමය ඇති වුණාට පස්සේ. ඒ නිසා මෙරට මාක්ස්වාදියෝ ධනපති ක‍්‍රමයක් නොමැතිව ගැමුණු රජ දවස මෙරට ඒකීය රාජ්‍යයක් පහළ වුණේ කොහොමද කියලා අපෙන් අහනවා. මොවුන් නිවහල් චින්තනයක් නැති චින්තන හිඟන්නන් බව මේ ප‍්‍රශ්නයෙන් පෙනෙනවා.
අපේ රටේ ඒකීය රාජ්‍යය ඇති වුණේ බටහිර විදිහට නෙමේ. අපි ඒ රාජ්‍යයට යුනිටරි නැත්නම් ඒකීය කියලා කීවේ නෑ. අපි කීවේ එක්සේසත් රාජ්‍යය කියලා. ඒක බටහිර අර්ථයෙන් යුනිටරි හෝ යුනයිටඞ් නෙමේ. එක්සේසත් කියන එකට ඉංගිරිසියේ නමක් නෑ. ඒ නිසා අපි ඒකීය කියලා පාවිච්චි කරනවා. නමුත් ඒ ඒකීයවලත් විවිධ ප‍්‍රභේද තියෙනවා.
එක්සත් රාජධානි ඒකීය. ශ‍්‍රී ලංකා ඒකීය කියලා. මේ රටේ තියෙන්නේ අපේ ඒකීය රාජ්‍යය ක‍්‍රමය. ඒ රාජ්‍යය ඇති කළේ සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙන. ඒ නිසායි අපි එය සිංහල බෞද්ධ රාජ්‍යය කියලා හඳුන්වන්නේ.
ඒ සිංහල බෞද්ධ රාජ්‍ය යේ වාසය කළ හැක්කේ සිංහලයන්ට පමණයි කියලා කිසිවකු කියන්නේ නෑ. මේ රටේ හැමදාම බහුතර සිංහල ජාතිය සමග ජන වර්ග ගණනාවක් ජීවත් වුණා. දෙමළ ජනතාවටත් නිදහසේ ජීවත් විය හැක්කේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යය තුළ පමණයි. අද පවතින ඉංගිරිසි ඒකීය රාජ්‍යය තුළ ඔවුන්ටත් නිදහසක් නෑ. ඒ රාජ්‍යය ක‍්‍රමය තුළ යාපනේ සිටින මිනිස්සු හැම දේටම කොළඹ එන්න ඕන. ඒ ජනතාවට අද තමන්ගේ ගොවිතැන පවා තමන්ට ඕන විදිහට කරගන්න බෑ. තමන්ට ආරක්ෂාව ලැබෙන්නේ සිංහල බෞද්ධයන් අතර මිස ක‍්‍රිස්තියානින්ගෙන් නොවන බව දෙමළ ජනතාවත් තේරුම්ගන්න ඕන.

මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍යයේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. සිංහල බෞද්ධයා තරම් සහනශීලී ජාතියක් ලෝකයේ කොහේවත් නෑ. ඒ සහනශීලීත්වය නිසාම තමයි අදත් සමහරු අපට අනවශ්‍ය බලපෑම් කරන්නේ. මේ රටට මුස්ලිම් ජනතාව ආවේ 14 වන සියවසේ. ඔවුන්ට හොඳට සැලකුවා විතරක් නෙමේ පෘතුගීසිකාරයා ඇවිත් පහර දෙන කොට අරගෙන ගිහින් නැගෙනහිර පළාතේ හැංගුවා. එයින් පස්සේ පෘතුගීසි නිසා කතෝලික වුණු ජනතාවට ලන්දේසි පහර දෙන කොට ඔවුන් රැුගෙන ගොස් මාතලේ වහකෝට්ටේ පදිංචි කළා. ඒක හැමදාම එහෙමයි. නමුත් සිංහලයාට කිසිවකු පිහිට නොවන බව අපි මතක තබාගත යුතුයි. 

ඒ වගේම රටේ ජනතාවට ඉතා පහසුවෙන් තම තමන්ගේ වැඩ කරගන්න ඇති නිදහසත් සිංහල බෞද්ධ රාජ්‍යයේ මූලික ලක්ෂණයක්. අද පවතින්නේ හරිම මධ්‍යගත ස්වරූපයක්. අද කලා වැවේ වතුර ටික බෙදන්නත් කොළඹින් ආඥා චක‍්‍රයක් අරගෙන නිලධාරියෙක් එන්න ඕන. ගමේ ජනතාවට හාමුදුරුවෝ එක්ක කතාබහ කරලා වැවේ වතුර ටික බෙදාගන්න තීරණය කරන්න අද බෑ. නමුත් මේ රටේ තිබුණේ එහෙම ක‍්‍රමයක් නෙමේ. ප‍්‍රදේශයේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ගමේ පන්සලේ හාමුදුරුවන්ට සහ ජනතාවට තිබුණා. මෙවැනි ක‍්‍රමයක් ලෝකේ කොහේවත් තිබුණේ නෑ.

එහෙත් සිංහල බෞද්ධ රාජ්‍යයේ ජනතාවට විශාල නිදහසක් තිබුණත් ඉන් කියවෙන්නේ නෑ කිසිවකුට රටේ වෙන වෙනම ආඥා චක‍්‍ර හදාගන්න ඉඩ තිබුණා කියලා. ඒ ආඥා චක‍්‍රය ඇති කළේ එදා අනුරාධපුර රාජ සභාවෙන්. ආඥා චක‍්‍රය එක එක ප‍්‍රදේශවල බෙදුවේ නෑ. ආඥා චක‍්‍රය නොදුන්නේ එහෙම කළා නම් රට සී සී කඩ කැඩෙන නිසායි. නමුත් පෙර සඳහන් කළ විදිහටම ඒ ඒ ප‍්‍රදේශවලට අද සාපේක්ෂව විශාල නිදහසක් තිබුණා. අදත් අපි ගොඩනඟා ගත යුත්තේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යයයි. 

අද මේ රටේ ඒකීය රාජ්‍යයක් නෑ. ගැමුණු රජු ඇති කළ එක්සේසත් රාජ්‍යය 1505 පෘතුගීසිකාරයෝ බින්දා. 1815 ඉංගිරිසිකාරයෝ නැවත ඒකීය රාජ්‍යයක් ඇති කළා. එහෙත් ඒ අපේ එක්සේසත් රාජ්‍යය නෙමේ ඉංගිරිසින්ගේ ඒකීය රාජ්‍යය. ඒ ඒකීය රාජ්‍යය 1987 වසරේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සමග නැති වුණා. දැන් අපි ඉන්නේ ළඳරු ෆෙඩරල් රාජ්‍යයක. දැන් අපි නැවත ඒකීය රාජ්‍යය ගොඩනැඟිය යුතුයි. එහෙත් ඒ ඒකීය රාජ්‍යය ඉංගීරිසින්ගේ ඒකීය රාජ්‍යය නෙමේ සිංහල බෞද්ධයන්ගේ ඒකීය රාජ්‍යය විය යුතුයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා ජනරොද ඇතුළු ජාතික සංවිධානවලට ශක්තිය ලැබේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.
[Rivira]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

12/20/2017

අනුධරාධපුර නොතකා ඉදිරියට යා හැකිද?

කතෘ:යුතුකම     12/20/2017   No comments
-නාමල් උඩලමත්ත-
මම පසුගියදා ආචාර්ය නලින් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සමග අනුරාධපුරයට ගියෙමි. ඒ රටට දැයට සෙත් පතා පිරිත් සජ්ඣායනය ඇතුළු අරමුණු කිහිපයක් පිණිසය.

අනුරාධපුරය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ තිඹිරි ගෙයයි. සැබවින්ම එය අපේ ශිෂ්ටාචාරයේ තිඹිරි ගෙය යැයි පැවසීම එක අතකින් අනුරාධපුර වටිනාකම හෑල්ලු කිරීමකි. අපේ ශිෂ්ටාචාරය උපත ලබා එහි සොඳුරු තරුණ අවධිය ගෙවුණේ අනුරාධපුරයේය. ඒ වසර 1500ක පමණ කාලයකි. එය ලංකාවේ දීර්ඝතම කාලයක් පැවති රාජධානියයි.

අපේ රටේ අගනුවර ලෙස රටේ දකුණට නොව උතුරට ළඟ අනුරාධපුරය තෝරා ගැනීම ඉතා දුරදිග බලා ගත් උපායමාර්ගික දේශපාලන තීන්දුවකි. එම තීන්දුව පිටුපස සිටි මහ මොළකරු කවුද යන්න මා නොදනිතත් එය අහම්බයක් විය නොහැකිය. එම යුගය අපේ ඉතිහාසයේ ස්වර්ණමය අවධිය බවට අදත් විද්‍යමාන මහා දාගැබ්, වැව් ඇතුළු නිමැවුම් අපට කොඳුරා කියයි.

අසල්වැසි භාරතයේ දේශපාලන සංස්කෘතික බලපෑමෙන් උතුරු නැගෙනහිර පළාත් ආරක්ෂා කර ගැනීමට අගනුවර ඒ ආසන්නයේ පැවැත්ම ඉතා වැදගත්ය. අදත් එම පළාත්හි ශේෂ වී ඇති බොහෝ බෞද්ධ නටබුන් අනුරාධපුර යුගයට අයත් අතර එම පළාත්හි සිංහල මෙන්ම දෙමළ බෞද්ධයන්ද වාසය කළේ යැයි සිතිය හැකිය. එකල අනුරාධපුර මුල් කොට ගත් අපේ රාජධානියේ බලපෑම අසල්වැසි භාරතයේ බලපෑමට වඩා ප්‍රබල ලෙස උතුරු නැගෙනහිර පැතිර යාම මේ බෞද්ධ ප්‍රබෝධයට හේතුවයි.

අනුරාධපුර සමයේ කිසියම් ගැටුමක් ඇති වූ විට රාජ උරුමය සහිත අය පළාගියේ දකුණට බව දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග රජගෙයි ගැටුමකට පසු රුහුණට පැමිණ මාගම්පුර රාජධානිය් පිහිටුවා ගැනීමෙන් සනාථ වෙයි. උතුරු රාජධානියට ආසන්න නිසා එවැනි ආරක්ෂිත පරිසරයක් එහි නොවීය. එහෙත් අනතුරුව රාජධානිය දකුණට සංක්‍රමණය වන විට උතුරේ බෞද්ධ බලපෑම කෙමෙන් වියැකි ගොස් භාරතීය බලපෑම ඉහළ ගිය බව පෙනේ. දෙමළ බෞද්ධයන් පමණක් නොව උතුරේ සිංහල බෞද්ධයන් ද අතුරුදන් විය.

මේ අනුව ආරක්ෂක හේතු මත රාජධානිය ක්‍රමයෙන් නිරිත දෙසට ගමන් කිරීම නැතහොත් උතුරින් ඈත්වන්ට වීම පසුකාලීන බොහෝ ගැටලුවලට හේතුව බව පෙනේ. කෝට්ටේ මහ රජුට බදු ගෙවමින් උතුර පාලනය කළ ප්‍රාන්ත පාලනයක් ඇති වන්නේ ද රටේ අගනුවර නිරිත දෙසට මාරු වීමේ ප්‍රතිඵලයක් ලෙසය. අනතුරුව 1970 දශකයේ අග කොටි ප්‍රමුඛ විවිධ ත්‍රස්ත කල්ලිවලට උතුර තිඹිර ගෙයක් වන්නේ ද මේ පසුබිමේය.

පසුකාලීන රජවරු මෙන්ම වර්තමාන පාලකයන්ද නැවත රාජධානිය අනුරාධපුරයට ගෙන යාම පිළිබඳ සැලකිලිමත් වූයේ නැත. එය පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල තමන් ජයගත හොත් පොළොන්නරුවේ සිට රට පාලනය කරමියි කියන වචනවලට පමණක් සීමා විය. ඔහු එය එතරම් නොසිතා ප්‍රකාශ කළ ද විය යුත්තේ එයයි.

අද අපේ මධ්‍යම ආණ්ඩුවේ බලයට වඩා රටේ සංස්කෘතික බලපෑමට වඩා තමිල්නාඩු බලපෑම ඉන්දීය බලපෑම උතුරට ලැබීමට මූලික හේතුව රටේ මැද නැතහොත් අනුරාධපුර පිහිටිය යුතු අගනුවර බටහිර වෙරළ දක්වා රැගෙන ඒමය. උතුරේ එම ප්‍රදේශවලට ගිය විට අපට අසන්න දකින්න ඇත්තේ ඉන්දීය රේඩියෝ රූපවාහිනි චැනල්ය. භාරතීය සංස්කෘතික බලපෑමය. අනුරාධපුර යුගයේ ලැබුණු සිංහල බෞද්ධ බලපෑම නටබුන් බවට පත්ව ඇත. එය එම ජනතාව රටේ ප්‍රධාන සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට විශාල බාධාවකි.

දැවැන්ත දෙමළ රාජ්‍යයක ආසන්නයේ පිහිටි අපේ රටේ උතුරට එහි සංස්කෘතික දේශපාලන බලපෑම අවම කිරීමට එම ප්‍රදේශ නැවත අපේ රටට සංස්කෘතික වශයෙන් අවශෝෂණ කර ගැනීමට අප කළ යුත්තේ රටේ කොනක පිහිටුවා ඇති අපේ මධ්‍යම ආණ්ඩුව රටේ මධ්‍යය කරා එනම් අනුරාධපුරය කරා රැගෙන යාම නොවේද? එසේ කළ හැකි නම් නැවත කිසි දිනක උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරයක් බිහි නොවනු ඇත. ඒ සඳහා අප ගෙවන්නේ කිසිසේත් මිලක් නොවේ. ඒ මිල කළ නොහැකි අනාගත ආයෝජනයකි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/28/2017

"පුරවැසියා සිය යුතුකම ඉටු කරන්නේ නම් ආණ්ඩුවේ සල්ලාලකම් නතර කළ හැකිය" [Video]

කතෘ:යුතුකම     7/28/2017   No comments
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා සහ එම සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ විසින් රචිත ” එට්කා- නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය එළිදැක්වීමේ උළෙල පසුගිය 19 වනදා කොළඹ, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛනාගාර සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

එහිදී මෙම කෘතිය පිළිබඳ දේශන පැවැත්වූ ආචාර්ය ගුනදාස අමරසේකර, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය සුමනසිරි ලියනගේ සහ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳූ කුමාරතුංග යන විද්වතුන් අතින් කෘතිය විශේෂ ඇගයීමකට ලක්වීම කැපී පෙනිණි. උත්සවයේ මුලසුන හෙඹවුයේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෙද්‍ය අනුරුද්ද පාදෙනිය මහතායි.

මේ අවස්ථාවට ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ, මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමලජෝති හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම කෘතිය තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ප්‍රකාශනයකි.

එහිදී ප්‍රධාන දේශකයන් පැවැත්වූ දේශන පහත දැක්වේ.

"මම දිගටම බලාපොරොත්තු වුන දෙයක් තමයි මේ රට තුලින්, මේ රට බේරගන්න දැන උගත් තරුණ පරපුරක් බිහි වෙයි කියලා. ඒ පිරිස දැන් පහල වෙලා තියෙනවා" - ගුණදාස අමරසේකර



මමයි Dr.PBයි CEPA එකට විරුද්ධවයි හිටියේ
.
පුරවැසියා සිය යුතුකම ඉටු කරන්නේ නම් සල්ලාලකම් නතර කළ හැකිය."
- අජිත් නිවාඩ් කබ්‍රාල්



මේ වයසෙදී මේ වගේ කෘතියක් රටට දායාද කරලා තියෙන වෙන කෙනෙක් නෑ
- යුතුකම සභාපති, ගෙවිඳු කුමාරතුංග

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දැක්වූ අදහස්
මහාචාර්‍ය සුමනසිරි ලියනගේ මහතා



යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/25/2017

බස රැස දෙස : සභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය

කතෘ:යුතුකම     7/25/2017   No comments
බස රැස දෙස
සභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය

-වෛද්‍ය වසන්ත දේවසිරි-

[ ඇසළ මස 25 වැනි දා ට යෙදෙන කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 130 වැනි උපත් සමරුව වෙනුවෙන් ලියූ සටහනකි ]

අද අප මුහුණ දෙන ප‍්‍රධාන ම අභියෝගය සියවස් විසි ගණනක් තිස්සේ අපගේ මුතුන් මිත්තන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගෙන ආ අපගේ මාතෘ භූමිය (දෙස) අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීීම යි. මෑත කාලයේ දී ඉමහත් කැප කිරීම් කර බෙදුම්වාදී ත‍්‍රස්තයන් ගෙන් මුදා ගත් රට ව්‍යවස්ථා සංශෝධන මඟින් යළි ඔවුන්ට ම බාර දීමට සූදානම් වන යුගයකුයි අප මේ පසු කරමින් සිටින්නේ. ඒ සඳහා සැදී පහැදී සිටින නව යටත් විජිතවාදීන් ගේ උවමනා එපා කම් මත නැටැවෙන රූකඩ රාජ්‍යය ඒ සඳහා අවශ්‍යය පහසු කම් සපයමින් සිටියි. අද ඔවුන් විසින් අප වෙත විවර කර දී ඇති නව ලිබරල්වාදී චින්තනය පිළිගෙන එ් හා සම්පූර්ණයෙන් ම අනුගත වීම ය මේ රට බේරා ගත හැකි එකම මඟ ලෙස ඔවුන් අපට යෝජනා කරන්නේ. ඒ මඟ අනුමත කරතොත් අපි ඒ වෙනුවෙන් අපට ඉතාමත් පි‍්‍රය මනාප වූ ද හෘදයාංගම වූ ද බොහෝ දේ කැප කිරීමට සූදානම් විය යුත්තෙමු. අපගේ දේශයේ අනන්‍යතාව, ඒකීය භාවය, අපගේ භාෂාව, ඒ හා බැඳුනු සංස්කෘතිය සභ්‍යත්වය මෙම ගමනේ දී අපට අහිමි වී යනු ඇත. ඒ සඳහා අපගේ මුතුන් මිත්තන් වෙතින් අප උරුම කරගත් සභ්‍යත්ව විඥානයෙන් ද මිදීමට ද අප සූදානම් විය යුතු ය. බෞද්ධයින්ට අත හැරිය නො හැකි කිසිවක් නැති වුව ද අප සතු සභ්‍යත්ව විඥානය යනු අප සතු බෞද්ධ කම ම බැවින් අපට ඉන් මිදීම අපහසු ය. ඒ නැතත් එවන් වූ මඟක් ගැනීමෙන් අපට අත් විය හැකි අවාසනාවන්ත ඉරණම ගැන හැඟීමක් දැනටමත් අප අත් විඳිමින් සිටින අත්දැකීම් තුළින් ඇති කර ගත හැකි ය. අපට මේ මඟ හැර ගත හැකි විකල්ප මඟක් නැති ද?

විසි වැනි සියවස අවසානයේ සමාජවාදී කඳවුර බිඳ වැටීමත් සමඟ සීතල යුද්ධය නිමා වීමෙන් පසු ව නිර්මාණය වුනු ලෝකය තුළ ඒ සඳහා ඉතුරුව ඇති විකල්පය නම් අප උරුමය වූ සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩ නඟා ගැනීමයි. සභ්‍යත්ව රාජ්‍යය යළි නිර්මාණය කර ගැනීම යනු අනාගතය වෙත යන මඟ පාදා ගැනීම මිස කිසි ලෙසකින් වත් අතීතයට (රජ කාලයට) යෑමක් නොවේ. චීනය හා ශී‍්‍ර ලංකාව සංසන්දනය කරමින් සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳව විවරණයක් ගුණදාස අමරසේකර ශූරීන් විසින් 2016 දී එළි දක්වන ලද ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” නම් වූ කෘතියෙ හි එයි.

සභ්‍යත්ව රාජ්‍යය ගොඩ නඟා ගැනීමට නම් අපි යටත් විජිත මානසිකත්වය මඟින් යටපත් කර දමා ඇති සභ්‍යත්ව විඥානය නිදහස් කර ගත යුතු වෙමු.

”සිත නිදහස් බවට
නො පමුණව පළමු කොට
නිදහස සිය රටට
ලමු යි යෙති දුදහු ඇතියෙන් කට”
(විරිත් වැකිය කුමාරතුංග මුනිදාස)

සිත නිදහස් බවට පමුණුවා ගැනීම පිළිබඳ කුමාරතුංග චින්තනය අද දවසේ දී අපට ඉතිහාසයේ වෙන කවර දා ටත් වඩා වැදගත් වෙතැ යි සිතමි. සිත නිදහස් කර ගැනීමට කුමාරතුංගයන් යොමු වූයේ භාෂාව (බස) වෙතට ය. අප සිතන්නේ භාෂාවෙනි. ඒ නිසා අපගේ පුද්ගල අනන්‍යතාවය මෙන් ම සාමූහික අනන්‍යතවය ගොඩ නැගෙන්නේ ද භාෂාව පාදක කර ගෙනයි. එනම් සමූහයක්, රාශියක්, රැසක්, ජාතියක් ගොඩ නැෙඟන්නේ ද බස පදනම් කර ගෙන යි. රැසක නොහොත් ජාතියක සභ්‍යත්ව විඥානයේ පදනම භාෂාව යි. ජාතියක් (රැසක්) වශයෙන් අපගේ ඇවතුම් පැවතුම්, සිරිත් විරිත්, සිතුම් පැතුම්, හැඬීම් දෙඞීම්, වැඳීම් පිදීම්, රුචි අරුචිකම් යනාදී මෙකී නොකී සියලූ දේ ය අප සභ්‍යත්ව විඥානය ලෙස හඳුන් වන්නේ. එවන් පොදු සභ්‍යත්ව විඥානයක් මඟින් එකතු වුනු ජන සංඝයකට පමණි දේශයක් (දෙස) රැක ගත හැක්කේ. එබැවිනි, කුමාරතුංග සිය ජාතික මෙහෙවර බස මුල් කරගෙන, බස කේන්ද්‍ර කර ගෙන මෙහෙය වූයේ. බස වල් වදින විට ජාතියත් රටත් වල් වදින බව ය එ තුමා පුන පුනා ප‍්‍රකාශ කළේ. ”බසින් තමයි රැස නඟින්නේ, රැසින් තමයි දෙස නඟින්නේ” යන කුමාරතුංග පාඨය නව යටත් විජිත වාදයෙන් රට නිදහස් කර ගැනීමට යන ගමනේ දී මන්තරයක් සේ උදේ හවස මැතිරිය යුතු ය.

අද වන විට විනයක් නොමැත කමෙන් සිංහල භාෂාව වල් වැදී ඇති ප‍්‍රමාණය පිළිබඳ ව බුද්ධිමත් පාඨකයන් අමුතුවෙන් දැනුවත් කිරීම අවශ්‍ය යැ යි මම නොසිතමි.

භාෂාව යනු අපගේ හදවත ය. අප අප ගේ හදවත ප‍්‍රකාශ කරන්නේ අපගේ භාෂාවෙනි.

”සිත නිදහස් කරන හොඳම - ගුරුකම කවි මඟට බැසුම” යනුවෙන් කුමාරතුංගයන් හද බස ලෙස සලකනු ලබන කවියට නඟන්නේ රට ජාතියේ නිදහස සඳහා යන ගමන හදවතේ ඇනවුම අනුව යා යුතු ගමනක් වන බැවිනි.

නව යටත් විජිත වාදයට එරෙහිව අප සතු වූ එකම විකල්පය වන ජාතිකත්වය (සභ්‍යත්ව විඥානය) සොයා යන ගමනේ දී කුමාරතුංග චින්තනය ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා වැදගත් වනු ඇතැ යි යනුවෙන් මා මුලින් කළ ප‍්‍රකාශයේ අරුත ඔබට ද පසක් වනු ඇතැ යි මම විශ්වාස කරමි.

කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 130 වැනි උපත් සමරුව පවත්වන මේ මොහොතේ දී අප අප ගේ බස සොයා යන ගමන අරඹමු. අපි අප ගේ බස ගැන ආඩම්බර වෙමු. නිවැරැදි බස වහරමු. නිවැරැදි බසින් ලියමු. එය අප සැම වෙළා ගෙන ඇති ව්‍යසනයෙන් මිදීමට යෝධ ශක්තියක් වනු ඇත.

සුනිල් සාන්ත ශූරීන් කලකට ඉහත ගායනා කළ කුමරතුඟුන්ගේ අගේ නම් ගීතයේ එන එක් අන්තරා කොටසකින් මම මගේ සටහන හමාර කරමි.

බසේ අවුල් ගැට මුදා
රැසේ ඇලූම් ගෙන බදා
දෙසේ සැබෑ කොට උදා
තෙ රුවනක් මැවූ

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
ළමා රෝග අංශය
වෛද්‍ය පීඨය, රුහුණු විශ්ව විද්‍යාලය, ගාල්ල
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/22/2017

ආක‍්‍රමණිකයාට එරෙහි සුජාතයෝ

කතෘ:යුතුකම     7/22/2017   2 comments
-වෛද්‍ය වසන්ත දේවසිරි-

තොරතුරු තාක්‍ෂණ සංසදයේ ලසන්ත වික‍්‍රමසිංහ සහ කපිල පෙරේරා විසින් රචිත එට්කා නෑයෙක්ද? ආක‍්‍රමණිකයෙක්ද? යන කෘතිය ජනගත කිරීමේ උත්සවයට සහභාගී වුනු මට යුතුකමට මෙම සටහන ලියා එවීමට සිත් විය.

එම උත්සවයේ දී දේශනයක් පැවැත් වූ මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වූ අජිත් නිවාඞ් කබ්රාල් මහතා ගිවිසුමක් තුළින් හැම වෙලේ ම පැමිණෙන්නේ ආක‍්‍රමණිකයෙකු බවත් එය කිසි දා නෑයෙකු විය නොහැකි බවත් ප‍්‍රකාශ කළේ ය. මෙරට ආක‍්‍රමණය කළ පෘතුගීසීන්, ලන්දේසීන් මෙන් ම ඉංගිරීසින් ද රට තුළ සිය බලය සථාපිත කර ගත්තේත් අපට උරුම වූ සභ්‍යත්වය විනාශ කර අප රට සූරා කෑවේත් ඔවුන් විසින් සිංහල රජවරුන් හා ඇතිකර ගත් ගිවිසුම් මඟින් බව එතුමා මතක් කර දුන්නේ ය.

වසර දෙදහස් ගණනක් තිස්සේ අඛණ්ඩව සුරැකුණු සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය හා එයට පාදක වූ සභ්‍යත්ව විඥානය ද ඉරිතලා දෙදරා ගියේ මෙරට නායකයින් විසින් 1815 දී ඉංගිරීසින් සමඟඇති කර ගන්නා ලද උඩරට ගිවිසුමෙන් පසුව ය. අද ද අප වෙලා ගෙන සිටින වහල් මානසිකත්වය මෙන් ම යාචක ආර්ථිකය ද එම ගිවිසුමෙන් අප ලද දායාදයන් ය. ඉන් ශතක දෙකකට පසුව අප හිස මත බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ ගන්නා එට්කා ගිවිසු ම ද හුදු වෙළඳ ගිවිසුමක සීමාවන් ඉක්මවා යමින් ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතිය ආදී පුළුල් පරාසයක පැතිර යන පිළිලයක් බවට පත් විය හැකි අයුරු ය එට්කා නෑයෙක්ද? ආක‍්‍රමණිකයෙක්ද? කෘතියේ කතුවරුන් විසින් පෙන්වා දෙන්නේ.

‘යෝජිත එට්කා ගිවිසුම සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක වන විට ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව එකම කලාපයක් බවට පත් වේ. ඒ නිසා මේ ගිවිසුම ආර්ථික, සමාජයීය හා දේශපාලන වශයෙන් අළුත් ම ශී‍්‍ර ලංකාවක් ගොඩ නඟනු ඇත. කිසි විටෙක ආපසු හැරවිය නොහැකි ඒ වෙනස අත්හදා බැලීමෙන් හිතකරද අහතකරද යන්න අවබෝධ කර ගැනීමෙන් පලක් නොවනු ඇත.‘

ලසන්ත වික‍්‍රමසිංහ සහ කපිල පෙරේරා යන තරුණ ලේඛකයන් දෙදෙනා විසින් ලියන ලද එට්කා නෑයෙක්ද?ථ ආක‍්‍රමණිකයෙක්ද? යන මාහැඟි කෘතියේ සමස්ථාර්ථයම මෙම ඡේදය තුළ ගොනු වී ඇතැ යි මම සිතමි. ඒ අප සියළු දෙනාම මෙම ගිවිසුමට සපුරා විරුද්ධ විය යුත්තේ මන්දැ යි යන්න එම ඡේදය තුළින් ම මනාව පැහැදිළි කෙරෙන බැවිනි. අපටම ආවේනික වූ සභ්‍යත්වයක් ඇති බව තවමත් තේරුම් නොගත් පිරිසකට නම් මෙම ආපසු හැරවිය නොහැකි වන වෙනසේ ඇති භයානක බව තේරුම් ගැනීමට අසීරු විය හැක. ඒ පිළිබඳව මඳ හෝ අවබෝධයක් තිබුනි නම් ඔවුන් 2015 දී වෙනසක් වෙනුවෙන් තම ඡුන්දය පාවිච්චි නොකරනු ඇත. 2003 වසරේ දී දේශපාලන කරලියට ආ සීපා ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කරමින් වසර දහයක් මේ රට රාජ්‍යය කිරීමට විශිෂ්ට රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා සමත් විය. එපමණක් ද නොව මේ රට සිය ග‍්‍රහනයට නතු කර ගැනීමට ඉන්දියාව සහ බටහිර නව යටත් විජිතවාදීන් විසින් පෝෂණය කරණ ලද ත‍්‍රස්තවාදය මේ කාලය තුළ දී මෙරටින් මලිනුපුටා දැමීමට ද රාජපක්‍ෂ මහතාට හැකි විය. 2015 දී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට ඉන්දියානු රෝ ඔත්තු සේවය විසින් කරණ ලද මැදිහත් වීම ද, කොටි ත‍්‍රස්තවාදී නායකයන් රෝ සංවිධානයේ ඉහළ පුටු හෙබ වූ අයුරු ද තව දුරටත් ලොවට රහසක් නොවන බැවින් ලසන්ත හා කපිල පෙන්වා දෙන භයානක යථාර්ථය තේරුම් ගැනීම කිසිවෙකුටත් අපහසු නොවෙනු ඇත.

කලකට පෙර කතුවරයන් දෙදනා ද සහභාගී වූ රැස් වීමකදී එට්කා ගිවිසුම සම්බන්ධයෙන් පුළුල් ජන කතිකාවතක අවශ්‍යතාවය මතුකර විට මලික් සමරවික‍්‍රම මහතා ඊට විරුද්ධ වූ බව සඳහන් වේ. ඊට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ ඒ තුළින් සාමාන්‍ය ජනතාව තුළ ගිවිසුම කෙරෙහි අනවශ්‍ය බයක් ඇති වී ඔවුන් ඒ පිළිබඳව වැරදි තීරණ වලට එළඹීමට ඉඩ කඩ ඇති බවයි. වෙනත් වචන වලින් කියතොත් යූඑන්පී කාරයෙකු වන සමරවික‍්‍රම මහතා පවසා ඇත්තේ අපි තමයි මොළ කාරයෝ, අපට තමයි තීරණ ගන්න පුළුවන්, මේ රටේ සැබෑ උරුම කරුවන් වන සාමාන්‍ය මිනිස්සු මෝඩයන් ය යන අදහසයි. මෙය තවමත් විසි වැනි සියවසේ ජීවත් වන මෙරට වත්මන් උගතුන්ගේ මානසිකත්වයේ කදිම පිළිබුඹුවකි. බටහිර සංස්කෘතියේ දීන අනුකාරකයන් වූ මෙවැන්නන් මෙරට විසූ අදීන චින්තකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා විසින් හඳුන්වා ඇත්තේ අධ්‍යාත්මික අවජාතකයින් ලෙසයි. රජයේ මාධ්‍ය ප‍්‍රකාශකයෙකු ද වන එක්තරා ඇමතිවරයෙකුට අනුව මෙරට සංස්කෘතිය ඉන්දියාවෙන් ආනයනය කළ ඉන්දියානු සංස්කෘතියේ අනුරුවකි. එට්කා ගිවිසුම සාධාරනීය කෙරුම සඳහා කරනු ලබන මෙවන් වූ බොළඳ ප‍්‍රකාශ වලින් පෙන්නුම් කරන්නේ සංස්කෘතිය වැනි විෂයයන් අරබයා ඔවුන්ගේ නොදැනුවත් කම පමණක් නොව ඔවුන් ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කරණ අයුරු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අධ්‍යාත්ම අවජාතකයින් මෙන්ම සබුද්ධික නීචයන් ද වන බවයි.

මෙරට මොළ කාරයින් ලෙස පෙනී සිටින අධ්‍යාත්මික අවජාතකයින් හා සබුද්ධික නීචයින් විසින් ජනතාවට හොර රහසේ කි‍්‍රයාත්මක කිරීමට සැරසෙන එට්කා ගිවිසුම ජනතා වේදිකාවට ගෙන ආ ලසන්තට හා කපිලට ජාතියේ ප‍්‍රනාමය හිමි විය යුතු ය. ඔවුන් විසින් අරඹන ලද සංවාදය රැක ගැනීම මෙන් ම හදා වඩා ගැනීම අප සතු යුතූ කමෙකි. ඒ එට්කා නෑයෙක්ද? ආක‍්‍රමණිකයෙක්ද? කෘතියේ පිට කවරයේ ඡුායා රූපයෙන් ඉඟි කරණ අයුරින් මේ රට ඉන්දියාව විසින් පාලනය කරනු ලබන රූකඩ රාජ්‍යයක් බවට පත් වීමෙන් වළක්වා ගැනීමටයි. අනගාරික ධර්මපාල තුමා විසින් ස්ථිර පදනමක් නැති අවජාතක අධ්‍යාපනයක් ලෙස හඳුන්වා දෙන ලද මේ රටේ අදටත් කි‍්‍රයාත්මත වන අධ්‍යාපන ක‍්‍රමය තුළින් ද අධ්‍යාත්මික සුජාතයින් හා සබුද්ධි්ක වීරයන් ද වන ලසන්තලා හා කපිලලා බිහි වන්නේ ජාතියේ වාසනාවට ය. ගුණදාස අමරසේකර ශූරීන් එට්කා නෑයෙක්ද? ආක‍්‍රමණිකයෙක්ද? කෘතිය ජනගත කරන උත්සවයේදි ප‍්‍රකාශ කලාක් මෙන් ම ඔවුන් සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ ව අප බලාපොරොත්තු දල්වා ලයි.

2017 ඇසළ මස 22 වැනි දා

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

7/12/2017

සාම්ප්‍රදායික ගොවිතැන අතහැර වැව් රකින්න බෑ. - උදුල බණ්ඩාර අවුසදහාමි

කතෘ:යුතුකම     7/12/2017   No comments
මේ වැවේ ඉතිහාසය, වැව ආශ්‍රිත පරිසර පද්ධතිය ආදී කරුණු පිළිබඳ මෙරට වාරි තාක්ෂණ පිළිබඳ ගැඹුරුතම හැදෑරීමක් කළ විද්වතෙකු වන ගොඩනැගිලි ඉදිකිරීම් හා පුහුණු අධිකාරියේ හිටපු සභාපති උදුල බණ්ඩාර අවුසදහාමි මහතා සමග රිවිර කළ සාච්ඡාවකි.

මේ රටේ දියුණු වූ වාරි තාක්ෂණයේ අනර්ඝ ඵලය ලෙස වැව හැඳින්විය හැකියි. එහි ආරම්භය සනිටුහන් වන්නේ කවදාද?
මේ රටේ පිහිටීම අනුව කිසියම් ආකාරයක මානව ශිෂ්ටාචාරයක් බිහි වී ව්‍යාප්ත වීමට නම් හොඳ වැව් පද්ධතියක් අවශ්‍යයයි. අපේ ඉතිහාස කතාවල පැවසෙන පරිදි විජය ලංකාවට පැමිණෙන විට කුවේණි විල් තෙරක කපු කටිමින් සිටි බව සඳහන් වෙනවා. මේ රටේ විල් නෑ. මේ ඉතිහාස මූලාශ්‍රවල විල් කියන්නේ වැව්වලට. ඒ අනුව මේ රටේ වසර දහස් ගණනක් තිස්සේ ජලය රඳවා ගෙන ප්‍රයෝජනයට ගැනීමේ තාක්ෂණය පැවති බව තහවුරු වෙනවා. අපේ ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ වැව සමගයි.

හෙන්රි පාකර් ඉංග්‍රීසි පාලන කාලයේ වාරි මාර්ග ඉංජිනේරුවෙක් විදිහට 1873 සිට 1904 දක්වා සේවය කළා. ඔහු වයඹ සහ උතුරු මැද කොටසක වැව් ප්‍රතිසංස්කරණ කටයුතුවල දීර්ඝ කාලයක් නිරත වුණා. ඔහු වරක් ලංකාවේ වර්ෂාපතනයට සමාන වැසි ලැබෙන සැම්බියාවට යනවා. ඒ රටේත් වී වගා කරනවා. ඔහු ඒ රටේ ජනතාවගෙන් අහනවා ඇයි වැව් හදන්නේ නැත්තේ කියලා. ඒ වෙනකොට අර මිනිස්සු එහෙම සංකල්පයක් ගැනවත් දන්නේ නැහැ. පාකර් වැව ගැන පැහැදිලි කළාම තමයි ඔවුන්ට අවබෝධ වන්නේ වැව් තැනුවා නම් වැසි කාලයට ලැබෙන ජලය පොළොව මතු පිට ගබඩා කරලා පසුව ප්‍රයෝජනයට ගන්න පුළුවන් නේද කියලා. නමුත් ඒ කාලය වන විට ලංකාවේ මිනිස්සු ලොකු කුඩා වැව් සිය ගණනක් හදලා රට සශ්‍රීක කරලා අවුරුදු දහස් ගණනක් ගතවෙලා.

වැව හා බැඳුණු තාක්ෂණික දැනුම පිළබඳ සඳහන් කළොත්?


අපේ වැව අපේ දැනුම මත ගොඩ නැඟුණු ඉතාම දියුණු තාක්ෂණික නිපැයුමක්. 1920 වන තුරු ලොව ලොකුම බැම්ම පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර බැම්ම. 1630 ගණන් වන තුරු ලොව උසම බැම්ම මාදුරු ඔය. ඒ වගේ ම බිසෝ කොටුව, සොරොව්ව වගේ වැවේ අංග ලොව කොතැනකවත් දකින්න ලැබෙන්නේ නෑ. එවැනි තත්ත්වයට මේ රටේ මිනිස්සු වැව් තාක්ෂණය දියුණු කළා. එහෙත් ඉංග්‍රීසි ආණ්ඩුව මේ සොරොව් ගලවලා අලුත් සොරොව් සවි කරනවා.

ඉංගිරිසි ආණ්ඩුව පරණ සොරොව් ගලවලා අලුත් සොරොව් සවි කළේ ඇයි?

එහෙම කළේ ඒ සොරොව්ව පැවතියා නම් අප ඒ පිළිබඳ අභිමාණයට පත් වන නිසායි. මින්නේරි වැව කවදාවත් කැඩුණේ නැති වැවක්. ඉංගිරිසිකාරයා ඒ වැවේ සොරොව්ව ගලවලා අලුත් එකක් සවි කරනවා. මේ කාලයේ හෙන්රි පාකර් යටතේ ලංකාවේ සේවය කළ අයෙක් ප්‍රශ්න කරනවා ඇයි මේ වඩා පරිණත සොරොව්වක් ගලවලා ඊට වඩා අපරිණත සොරොව්වක් සවි කරන්නේ කියලා. ඒකට හේතුව ඒ පරණත සොරොව්ව අපේ වීමයි. වැව් බැම්මට පස් ගෙනාවේ කොතනින් ද පස් තැළුවේ කොහොමද වගේ ඒවා බැලූ බැල්මට පේන්නේ නෑ. හැබැයි සොරොව්ව තිබුණොත් පේනවා. ඒ නිසා අපේ සියලු පැරණි සොරොව් සුද්දා ගලවලා දැම්මා.

වැව නිර්මාණය කළේ කුඹුරට ජලය ගැනීම සඳහා ම ද?
නැහැ, වැව නිර්මාණය කළේ කුඹුරු කරන්න විතරක් නෙමෙයි. කැලෑවල කුළු වැව් තියෙනවා. ඒවායේ ජලය බැස යන්න සොරොව්ව නෑ. වැහි කාලයට වැව් පිරෙනවා. අගෝස්තු වෙද්දි වැව් හිඳෙනවා. ඒ සමග වැව සරු තණ පිටියක් බවට පෙරළෙනවා. වියළ කාලගුණය නිසා ගහ කොළ වියළි යන ඒ කාලයට අලියා, මුවා ඇතුළු සතුන්ට මේ වැව කෑම ගබඩාවක්. ඉතින් සතුන් ගම් වදින්නේ නෑ.

මින්නේරියේ පමණක් සිය ගණනක් කැලෑ වැව් එහෙම නැත්නම් කුළු වැව් තියෙනවා. වැසි සමග පොළොවට වැටෙන සියලු ජලය එකවර මහ වැවට ගලා ඒම නතර කළේ කුළු වැව. එමගින් වැව ඉහත්තාවේ කුඩා කුඩා වතුර ගබඩා රාශියක් නිර්මාණය වුණා. ඒ වගේ ම මේ වැව් නිසා පොළොවේ භූගත ජල මට්ටම ආරක්ෂා වුණා.

කුඩා වැව්වල ඇති වැදගත්කම කුමක්ද?

මේ රටේ උගන්වනවා කුඩා වැව් කියන්නේ මහ වැව් සංස්කෘතියේ හට ගත් නොදියුණු අංගයක් කියලා. සුද්දා අපේ කුඩා වැව් කැලේ ලැගපු හරක් වගේ කියලා අවප්‍රමාණ කළා. ඒ මිනිස්සුන්ට මේ තාක්ෂණය තේරුම් ගන්න බැරි වුණා. කුඩා වැවක් නම් කැඩිලා ගියත් මොකද මහ වැව රැකුණා ම ඇති කියලා මිනිස්සු හිතනවා. ඒක වැරදියි. ලොකු කුඩා වැව් කියන්නේ ලොකු කුඩා මල් වගේ. අපේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ මහ වැව් වගේ ම කුඩා වැව් පද්ධතියකින් පෝෂණය වෙමින්. අපේ ගමක කේන්ද්‍රය වුණේ වැව. ගම වැවේ නමින් හැඳින්වූයේ ඒ නිසායි. ඒ කුඩා වැව් එල්ලංගාව මගින් එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණා. එක ගමක වැවක ජලයෙන් ඒ ගමේ කුඹුරු යාය පෝෂණය කරලා තවත් ගමක වැවකට ඇදී ගියා. ඒ දියෙන් ඒ ගමේ කුඹුරු යාය පෝෂණය කළා. මේ කුඩා වැව්වලින් ගොවිතැනට සහ එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය ජලය ලබා දුන්නා වගේ ම පොළොවේ ජල මට්ටම ආරක්ෂා කළා.

ගැමියා වැව ආරක්ෂා කර ගත්තේ කොහොමද?

වැවට ඉහළ ඉහත්තාවේ සැම විටම කුඹුක් වැනි ගස් සහිත තණ පිටියක් නඩත්තු කළා. එමගින් ජල පෝෂක ඔස්සේ පස් තට්ටු වැවට සෝදා ගෙන ඒම නතර කළා. එල්ලංගාව ඔස්සේ එකිනෙකට සම්බන්ධ වන වැව් රෑනක වැවක් සඳහා විශාල වැව් ඉහත්තාවක් තිබුණේ නෑ. නමුත් හැම වැවක් සඳහාම ඉහත්තාවක් නඩත්තු කළා. ඒ වැවේ ඉම දක්වා කුඹුරු කළේ නෑ. ඒ ජනතාව අවබෝධ කරගෙන සිටියා වැව් ඉහත්තාව රැකුණොත් විතරයි වැව රැකෙන්නේ කියලා. වැව රැකුණොත් විතරයි ගම රැකෙන්නේ කියලා. වැව් ඉහත්තාව වගේ ම වැව් බැම්ම රැක ගැනීමත් ජනතාව තමන්ගේ වගකීමක් කොට සැලකුවා. ගම්මුලාදෑණියා සහ වෙල් විදානේ ඒ කටයුතුවලට නායකත්වය දුන්නා. ගම තමයි වැව රැක්කේ. ඒ විදිහට නොකැඩුණු නොබිඳුණු වැවක් අපි නඩත්තු කළා.

වැව සහ ජනතාව අතර පැවති මේ සබඳතා බිඳ වැටෙන්නේ කවර යුගයක ද?

කිසියම් අවස්ථාවක ගමේ ජනතාවට වැවට තිබුණු අයිතිය අහිමි වෙනවා. වැව් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයිති වෙනවා. වැව නඩත්තු කිරීම ජනතාවගෙන් ඉවත් කරනවා. ඒ සමග වැව සහ ජනතාව අතර පැවති සබඳතාව බිඳෙනවා. මහවැලි ව්‍යාපාරය සඳහා දඹුල්ලේ සිට එප්පාවල දක්වා කුඩා වැව් සිය ගණනක් විනාශ කළා. ඒ ආශ්‍රිත සෙසු වැව් පවා මහ වැලියට පවරා ගත්තා. ඊට පසු පරම්පරාවෙන් පැවත ආ වැව් නඩත්තුව නැති වුණා. වැව් බැමි කැලෑවට ගියා. ඉස්සර පැවති ගමේ සාමුහික විඥානය ගමෙන් ගිලිහිලා. වැවේ පණ නළ රැක දුන් වැව් ඉහත්තාවේ පවා කුඹුරු කරනවා. මේ වන විට වැව් පිළිසකර කිරීමේ මහාර්ඝ දැනුම පවා ගමෙන් ගිලිහිලා. මුදල් සෙවීම එකම කාර්ය වෙලා. මේ තත්ත්වය වැවේ පරිහානියට හේතු වුණා. දැන් අපි අපේ වැව විනාශ කරලා සුද්දා මහ වැලිය හරස් කරලා බැන්ද වේලි රකිනවා. මේ රටේ ජනතාවගේ ජීවනාලිය වන වැව අතෑලා දාලා.

පසුකාලීන ජලාශ හදන අවස්ථාවේ අපේ වැව් තාක්ෂණය යොදා නොගත්තේ ඇයි?


ඒ දැනුම පසුකාලීනව ප්‍රයෝජනයට නො ගත්තා විතරක් නෙමෙයි, මහ වැලි වැනි සංවර්ධන ක්‍රම සමග වැව් විනාශ කළා. ධාතුසේන රජ සමයේ ඉදි කළ සැතපුම් 54.5ක් දිග යෝධ ඇළත් (ජය ගඟ) පවා කපලා කෙළින් ඇළක් කැපුවා. විදේශ තාක්ෂණය දීන ලෙස වහල්භාවයෙන් අන්ධානුකරණය කිරීම තමයි ඒකට හේතුව. මේ වැව් විනාශ කිරීමට ජනතාව එරෙහි වුණා. මහවැලියෙන් බේරුණේ ඇළගමුව වැව විතරයි. ජනතාව ඩෝසරය ඉදිරියේ නිදාගෙනයි ඒක බේර ගත්තේ. සමහර මිනිස්සුන්ට මේ නිසා පිස්සු වැටුණා.

වැව්වල වැවුණු සැල්වීනියා සහ පෙඳ පාසි ඉවත් කිරීමට ආණ්ඩුව දිස්ත්‍රික්කයක් සඳහා මිලියන 5 ගණනේ වෙන් කොට තිබෙනවා. එය ඵලදායි ක්‍රියාවක්ද?

වැව් ඉහත්තාව විනාශ කළාම වැව ගොඩවෙනවා. වැව බිඳ වැටුණේ වැවට ගලා එන අපද්‍රව්‍ය නිසා. පහළ වැවට ගලන්නේ ඉහළ වැවක ජලයෙන් රසායනික ගොවිතැන කරලා නයිට්‍රජන් ඇතුළු සුපෝෂක මුසු ජලය නම් වැවේ සැල්වීනියා ඇතුළු පැලෑටි වැවෙනවා. ඒ නිසා වැව රැකීමට නම් වැව් ඉහත්තාව ඇතුළු වැව් ආශ්‍රිත පරිසරය රැකගත යුතුයි. ඒ වගේ ම පරිසරය විනාශ කරන රසායනික ගොවිතැනින් ඉවත් විය යුතුයි. සැල්වීනියා හට ගන්නා හේතුව ඉවත් නොකර සැල්වීනියා කියන ඵලය ඉවත් කරලා වැඩක් නෑ.

වැව් පද්ධතිය රැක ගැනීම සඳහා ගත යුතු මග කුමක්ද?

අවුරුදු 5කට පත් වන ආණ්ඩුවකට වැව් පද්ධතිය රකින්න බෑ. වැව් පිළිසකර කොට නඩත්තු කිරීම දිගටම ක්‍රියාත්මක විය යුතුයි. එසේම සමස්ත වැව් පද්ධතියම පිළිසකර කළ යුතුයි. වැවක් දෙකක් පිළිසකර කොට පලක් නෑ. නැවත වැව ගමේ ජනතාවට ලබා දිය යුතුයි. ඒ වගේ ම පරිසරය විනාශ කරන ගොවියා ලෙඩ කරන ඉතාම භයානක රසායනික ගොවිතැනින් ඉවත් විය යුතුයි. නො එසේ නම් ඊළඟ පරම්පරාව කුඹුරට බහින්නේ නෑ. මේ රටේ ජනතාවට කන්න දීලා සහල් පිට රටත් ඇරියේ රසායනික ගොවිතැන කරලා නෙමෙයි. ඒ නිසා බහු ජාතික සමාගම් ආධිපත්‍යයෙන් මේ රටේ ගොවිතැන මුදවා ගත යුතුයි. ඔවුන් පතුරුවා හරින මිත්‍යාවෙන් මිදිය යුතුයි. අපේ දේශීය වී වර්ග වගා කළ යුතුයි. සාකච්ඡා කළේ :
 
-නාමල් උඩලමත්ත

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions