6/30/2025

ලොව සභ්‍යත්වය හා ම්ලේච්ඡත්වය පිළිබඳ කතන්දරයක්

කතෘ:යුතුකම     6/30/2025   No comments

මීට අවුරුදු 2333 කට පෙර අපේ මහින්ද හාමුදුරුවෝ තවත් පස් දෙනෙකු සමඟ මිහින්තලයට වැඩම කළෝ ය. උන් වහන්සේලා ළඟ භික්ෂුවකට කැප වූ අත්‍යවශ්‍ය කලමනා මිස අවි ආයුධ හෝ තෑගි බෝග හෝ අන් කිසිවක් හෝ නොවූ හ.

මහින්ද හාමුදුරුවෝ තිස්ස රජුන් සමග සුහද බුද්ධිමය සංවාදයක යෙදුනෝ ය. තමන් මේ රටේ භාරකාරයා මිසක අයිතිකරු නොවන බවත් රාජ්‍යයේ මිනිසුන් පමණක් නොව සියලු සත්වයන් හා ගහකොළ මෙන් ම භූමිය ද රැක ගැනීම රජකුගේ වගකීම බව ද රජුට මතක් කර දුන්නේ ය. බුදු සමයේ හරය හකුලා දක්වන ධර්ම දේශනාවක් ද කළෝ ය.

පසු දින රජතුමාගේ ආරාධනයෙන් අනුරාධපුරයට වැඩම කොට රජුගේ සහ පිරිවරට, රාජ්‍ය නිළධාරීන්ට හා පොදු ජනතාවට ද ධර්ම දේශනා කළ අතර රජතුමාගේ ඉල්ලීම පිට මේ රටේ බුදු සසුන පිහිටුවීමට අවශ්‍ය අවවාද අනුසාසනා ද කළෝ ය.

මේ සියලු කටයුතු සාර්ථකව නිමා කළ උන් වහන්සේ යළි මිහින්තලයට වැඩ ම කොට පරිනිර්වානය දක්වා ම එහි වැඩ වාසය කළෝ ය.

එදා මෙදා තුර ගෙවීගිය කාලය තුල බුදු සමය මෙරට මහ පෙළොවේ ආගම විය. රජුන්ගේ ආගම විය, පොදු ජනතාවගේ ආගම විය. එය මේ බිමේ උරුමය, අධ්‍යාත්මය, සංස්කෘතිය, සභ්‍යත්වය හා පොදු ජන විඥානය බවට ද පත් විය.

වරින් වර සතුරු කරදර එල්ල වුව ද සිංහල බුදු සමයට ම්ලේච්ඡතම වූ ද සාහසික වූ ද තර්ජනය එල්ල වූයේ ඉතිහාඥයින් විසින් පුනරුද යුගය ලෙසින් හඳුන්වනු ලබන යුගය තුළ දී ය. දහසය වන සියවස ආරම්භයේ දී පෘතුගීසීන් මෙහි පැමිණයේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නියොජිතයා වූ වතිකානුවේ පාප් වහන්සේ විසින් මුලු ලෝකයටම බලපවත්වන ලෙසින් නිකුත් කරන ලද ආඥාවක් ද (papal bull) සමඟ ය.

ඊට අනුව ඔවුන් අල්ලා ගන්නා සියලුම භූමි වල මනුෂ්‍යයන් කිතු සමයට හරවා ගැනීමටත්, ඊට එකඟ නොවන්නන් මරා දැමීමටත්, ඒ රටවල සම්ප්‍රදායික ඇදහීම් හා සම්බන්ධ සිද්ධස්ථාන විනාස කර දැමීමටත් ඒ ඒ රටවල වස්තුව හිතු මතයේ කොල්ල කෑමටත් ඔවුනට අවසරය දී තිබුනි.

පෘතුගීසීහු එම ආඥාව හොඳින් ක්‍රියාත්මක කළ හ. කෝට්ටේ රජ මාළිගාව තුලට ඔවුන් ඇතුලු වන්නේ සීතාවක මායාදුන්නේ රජු වෙතින් එල්ල වන සතුරු උවදුරු වලින් රජුන්ට ආරක්ෂාව සලසන මුවාවෙනි. හමුදා නිළධාරීන් සමඟ රජ මාලිගයට වදින කතෝලික පූජකවරුන් රජුට කිතු සමය වැළඳ ගන්නා ලෙස ඉල්ලා සිටින්නේ එසේ නොකළ හොත් රජ දෙවියන් වහන්සේගේ උදහසට ලක් විය හැකි බව ද කරුණාවෙන් මතක් කර දෙමිනි.

එය කෙළවර වන්නේ රාජ්‍යයේ උරුමක්කාරයා වූ රජුගේ මුණුබුරු ධර්මපාල කුමාරයා කිතු සමය වැළඳ ගැනීම සඳහා පෘතුගීසීන්ට බාර දීමෙනි.

කිතු සමය වැළඳ ප්‍රතික්ෂේප කරන බුවනෙකබාහු රජතුමා දෙවියන් වහන්සේගේ උදහසට ලක්ව මාළිගාවේ සිටි පෘතුගීසි හේවායෙකුගේ තුවක්කුවක් වැරදීමකින් පත්තු වී මිය යයි.

පෘතුගීසින්ගේ රූකඩයක් ලෙසින් රජකම් කළ ධර්මපාල රජුගේ (දොන් ජුවන්) රාජ්‍ය කාලය තුළ දී බුදුන් වහන්සේ පවා වැඩි කැළණි විහාරය ද ඇතුලු මුහුදු බඩ වෙහෙර විහාර 400 කට වැඩි ප්‍රමාණයක් ගිනිබත් කිරීමද සිංහල බෞද්ධයින්ට විරුද්ධව නීතිය අවභාවිතා කිරීම් ද සිදු විය. අවසන ධර්මපාල රජු විසින් ලියවිල්ලකින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසි රජුට පවරා දෙනු ලැබීය.

පෘතුගීසීහු කන්ද උඩරට රාජ්‍ය සම්බන්ධයෙන් ද කෝට්ටේ රාජ්‍යයටම සමාන වූ පිළිවෙතක් අනුගමනය කළ හ. ඒ මන්නාරමේ පෘතුගීසීන්ගේ ආරක්ෂාව යටතේ සිටි කන්ද උඩරට කරලියැද්දේ රජුගේ දියණියක වූ කුසුමාසන දේවිය දෝන කතිරිනා නමින් බෞතීස්ම කරන ලදුව කන්ද උඩරට රාජ්‍යත්වයට පත්කිරීමට උත්සාහ ගැනීමෙනි. එම ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම වැළකෙන්නේ පෘතුගීසීන් අතර දොන් ජෝන් නමින් ප්‍රසිද්ධ වූ කන්ද උඩරට ප්‍රභූවරයෙකුගේ පුත් කොනප්පු බණ්ඩාර උපායෙන් හා වික්‍රමයෙන් විමලධර්මසූරිය නමින් කන්ද උඩරට රජ බවට පත් වීමෙනි. විමලධර්මසූරිය විසින් කුසුමාසන ඔහුගේ අගමෙහෙසිය බවටත් පත් කර ගන්නා ලදි.

විමලධර්මසූරියගේ රාජ්‍ය කාලය තුල දී දෙවරක්ම මහනුවර රාජධානිය ආක්‍රමණයෙන් අත්පත් කර ගැනීමට අසමත් වුනු පරංගීහු ඉන් පසු වරින් වර කන්ද උඩරට සිංහල ගම්බිම් වලට කඩාවැදී කෙත්වතු බවභෝග විනාශ කරමින් හා මනුෂ්‍ය ඝාතන කරමින් නිවට වූ ද ම්ලේච්ඡ වූ ද ත්‍රස්ත පිළිවෙතක් අනුගමනය කරන ලදි. මෙරට සිංහල බෞද්ධයන්ට දේපළ වස්තු හා ජීවිත අහිමි විය. තවද තම දරුවන් උඩදමා බයිනෙත්තුවේ අමුණනවා බලා සිටීමට පවා සිදු වී ම දක්වා වූ නොයෙක් ප්‍රමණයේ ගැහැට විඳීමට ඔවුනට සිදු විය.

එහෙත් කිසිම ආක්‍රමණිකයෙකුට මහින්ද හිමියන් තවත් පස් දෙනෙකු සමඟින් නිරායුධව මෙරට ස්ථාපිත කළ බුදු සමයේ පදනම බිඳහෙළිය නොහැකි විය. ඉනුත් වසර දෙසිය ගණනකට පසු ලොව හිරු නොබසින අධිරාජ්‍යය පිහිට වී යැයි කියන ඉංගිරිසිකාරයන් පවා මේ රටේ බලය ස්ථාපිත කරගත්තේ බුදු සමය හා දේවාගම් ආරක්ෂා කරන බවට ලියවිල්ලක ලියා දී පොරොන්දු වෙමිනි. අද පවා ඇතමෙකුට මේ රට ඊනියා නිරාගමික රාජ්‍යක් බවට පත් කිරීමට උවමනා වී ඇත්තේ මන්දැයි සිතා බැලීම ලිපිය කියවන ඔබට බාරයි.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි-
2025 ජූනි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

5/30/2025

විජයග්‍රහණය

කතෘ:යුතුකම     5/30/2025   No comments

යුධ ජයග්‍රහණයන් සැමරීම ලොව ශිෂ්ඨ යැ යි සම්මත සියලු ම ජාතීන් විසින් සිදු කරණු ලබන්නෙකි. යුද්ධමය ක්‍රියා මාර්ගයක් වෙත අප යොමු කර වූ, විදේශීය මෙන් ම ඇතැම් දේශීය බලවේගයන් ද තවමත් සක්‍රීය ව පවතින වටපිටාවක එම සිහිවටන සැමරීම වැදගත් වන්නේ අනාගතයේ දී යළිත් එවැනි අවදානමක් ඇති වීම වළකා ගැනීමට ය.

‘යුද වදින්නේ සාමයෙන් ජීවත්වීම සඳහා ය” යන ඇරිස්ටෝටල් පඬිවරයාගේ ප්‍රකාශය පඬි වදනක් නම් නොවේ. එය එසේ නො වන්නේ ඇරිස්ටෝටල් චින්තනයට ආවේණික දාර්ශනික දුර්වලතාවය නිස යි.
එබැවින් ම එම ප්‍රකාශය අද අප අත්විඳින බොහෝමයක් යුද්ධ සඳහා සාධාරණ ද නොවේ.
‘අප යද වදින්නේ සාමයෙන් ජීවත්වීම සඳහා ය” යන්න ලෝක ඉතිහාසයේ සාධාරනීය ලෙස අර්ථ සම්පන්න කරගත් එක් සාධනීය අවස්ථාවක් ලෙස ය, 2009 මැයි 19 වැනි වැනි දා කොටි ත්‍රස්තවාදය පරාදවා ලද යුධ ජයග්‍රහණය මා දකින්නේ.

ඒ දිනයෙදී අප හදට දැනුනු සැනසුම සැහැල්ලුව මට මෙන් ම ඔබට ද අද පවා හදවතින් ම විඳ ගත හැකි බව මම දනිමි. එය අපට (මේ රටේ ජනතාවට) සාමයෙන් ජීවත් වීමට තිබුන සියලු අවස්ථාවන් අහුරුවමින් ඒ සඳහා වූ සියලුම සිහින පවා විනාශ කරමින් තිබුනු අවධියක සැබෑ කර ගත්තකි. එය අප අධ්‍යාත්මයට අතිශය සමීප ‘සුඛිනෝවා ඛේමිනෝ හොන්තු’ (සැපවත් වේවා, බියෙන් තොර වේවා) යන පාඨය ජාතියක් වශයෙන් අප විසින් මුලු හදවතින් ම විඳගත් අවස්ථාවකි. එම හැඟීම අප අතරින් කිසිවෙකුට හෝ විඳගත නොහැකි වී නම් එය හැඳින්විය හැක්කේ කුහකකම ලෙසින් ය. යුද්ධය නිසා මෙන් ම යුද්ධයට මඟ පාදා දුන් ත්‍රස්තවාදය විසින් ද අප බොහෝ දෙනෙකුට බොහෝ දේ අහිමි කරන්නට ඇත. යුද්ධය කාට එරෙහි ව කවුරුන් විසින් කරන ලද්දක් වුව ද අවසානයේ යුධ ජයග්‍රහණය තුලින් සාමය උදා වුනේ මෙරටේ ජීවත් වුනු කෝටි දෙකක සමස්ත ජනතාවට ය.
ඇතමුන් මෙය ජාතීන් දෙකක් අතර ඇති වූ ජාතිවාදී යුද්ධයක් ලෙස සලකනු මා දැක ඇත. එය ඔවුන්ගේ දේශපාලන විඥානයේ දරිද්‍රතාවය පෙන්නුම් කරන්නක් ලෙසිනි මා දකින්නේ.


ජාතීන් අතර මෙන් ම විවිධ සංස්කෘතික කොටස් අතර ගැටුම් ඇති වීම ඉතිහාසය පුරා ම සාමාන්‍ය දෙයක් බවත් ඒවා ඔවුන් තම තමන් විසින් ම සමනය කරගන්නා බවත්, විසි එක් වැනි සියවසේ මානව විද්‍යාඥයින් විසින් වරින් වර පෙන්වා දෙනු ලැබ ඇත.
ම්ලේච්ඡත්වය ගෝත්‍රික ජනතාව අතර බහුලව දක්නට ලැබුනු දෙයක් නොවේ ය යන්න අද වන විට මානවවිද්‍යඥයින් විසින් ද පිළිගනු ලබන මතයයි. ‘ම්ලේච්ඡත්වය’ බටහිර පුනරුදයට අයත් දෙයකි. බටහිර ජාතීන්ගේ අසීමිත තණ්හාව, සම්පත් කොල්ල කෑම හා විනාශය, මානව නිදහස, ආගමික නිදහස හා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, ම්ලේච්ඡත්වය හා වහල් වෙළඳාම ද පුනරුදයේ ම කොටස් ය. ඒ පුනරුදය සමඟ නොකියවෙන කතාවයි.


යටත් විජිතවාදීහු ඔවුනට සුපුරුදු කුහක කමින් ම පුනරුදය හා ම්ලේච්ඡ යටත් විජිතවාදය එකිනෙකින් වියුක්ත කතන්දර දෙකක් ලෙසින් ඉදිරිපත් කරයි. ‘පුනරුදය’ ප්‍රගතිශීලී සමාජ පරිවර්තනයක් ලෙසින් පාසැල් පෙළපොත් වලට ද අතුලත් වී ඇති බව මම දැක ඇත්තෙමි. මෙරට ඇතැම් දේශපාලන පක්ෂ 21 වැනි සියවසේ දී පවා තම දේශපාලන දැක්ම ‘පුනරුදය’ ලෙසින් හැඳින්වීම හාස්‍යජනකය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සිදුවූයේ පුනරුද (යටත් විජිත) යුගය තුල දී එළිපිට කොල්ල කමින් පෙන්නුම් කළ ම්ලේච්ඡත්වය නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමය. නව යටත් විජිතවාදය ලෙසින් හැඳින්වෙන්නේ එයයි.
ඊනියා නූතන යුගය ලෙසින් හැඳින්වෙන වර්තමාන නව යටත් විජිත යුගයේ දී ම්ලේච්ඡත්වය ක්‍රියාත්මක වන එක් ස්වරූපයක් නම් ජාත්‍යන්තර ත්‍රස්තවාදය යි. ගෝලීය බටහිර අනුග්‍රහය නොමැතිව ලොව ත්‍රස්තවාදී සංවිධාන බිහි නොවෙති.


ගෝලීය බලවත්තු කිසි විටකත් ඔවුන් විසින් ම නිර්මාණය කරනු ලැබූ ත්‍රස්ත සංවිධායක් නව යටත් විජිත රාජ්‍යක් තුල දී පරාජය කරනු ලැබීම නො ඉවසති. ඒ නිසා ය ඔවුන් තම අරමුණු සපුරා ගැනීම සඳහා විවධ රටවල ත්‍රස්තවාදී සංවිධාන නිර්මාණය කිරීමට අනුග්‍රහය දක්වන අතර ම, ත්‍රස්තවාදය පරාජය කළ නොහැක්කක් ය යන ප්‍රවාදය ද නිර්මණය කර දෙන්නේ.
එවැන්නක් ලොව මුල් වරට සිදු වන්නේ මේ රටේ ය.
එබැවිනි, මැයි 19 විජයග්‍රහණය ආශ්චර්යක් වන්නේ. එය නව යටත් විජිතවාද යුගයේ ම්ලේච්ඡත්වයට එරෙහිව එල්ල වුනු ප්‍රබල ම ප්‍රහාරයයි. එවන් වූ ප්‍රතිචාරයක් නව යටත් විජිතවාදීහු කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ හ.


නව යටත් විජිතවාදීහු තමන් විසින් නිර්මාණය කරනු ලබන ත්‍රස්තවාදය, නව යටත් විජිත රාජ්‍යයන් විසින් පරාජයට පත්කිරීම කිසිවිටකත් නොඉවසති. රණ විරුවන්ට රණ විරුවන් කියන්නටත් ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා කියන්නටත් දිව නො නැමෙන්නේ තවමත් නව යටත් විජිතවාදී මානසිකත්වයෙන් නොමිදුනු අයට පමණෙකි.
යුද්ධයට විරුද්ධව එල්ල වූ සියලු බාධාවන් ඉතාමත් දක්ෂ ලෙස කලමණාකරණය කර ගනිමින් යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මෙන් ම මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ, දිවිපිදූ, නන් අයුරින් සහය දුන් සියල්ලන් මෙන් ම, මැසිවිලි නො නඟා දුෂ්කර කාලය ඉවසා සිටි මෙරට ජනතාවට ද, ත්‍රස්තවාදය විනාශ කිරීමට අපට නන් අයුරින් සහය දුන් ශිෂ්ට ලෝකයේ රටවල් ද අපගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර විය යතු යි.

මේ රටේ ජීවත් වන කුහක කමින් තොර වූ ද, ශිෂ්ට සම්පන්න වූ ද සියලු ජනකොටස් කොහේ සිටියත්, විජයග්‍රහණය තම තමන්ට ඉඩ ලැබෙන අයුරෙන්, මුලු හදවතින් ම සමරණ බව මට විශ්වාසය. මේ රටේ අනාගත සුරක්ෂිතභාවය ස්ථාවර කළ හැක්කේ ඔවුන් සියල්ල ම එක ම අරමුණක් යටතේ එකට එකතු වීම තුල ම පමණෙකි.

-වෛද්‍ය වසන්ත දේවසිරි
[යුතුකම සඟරාවේ මැයි කලාපයේ පළවූ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

10/22/2017

සිංහලයෙනි අවදිවව් ! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව් !

කතෘ:යුතුකම     10/22/2017   1 comment
-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි-

මාගේ මේ ආමන්ත්‍රණය සියළු ලංකා වාසීන් වෙත යොමු කළ යුතු වූවක් වුව ද මේ අවස්ථාවේදී මෙය වඩාත් ම තදින් බලපාන්නේ ද, ව්‍යවස්ථා සංශෝධනයකට විරුද්ධව ප්‍රබල මැදිහත් වීමක් සඳහා එකතු විය හැක්කේ ද සිංහලයන්ට ම වන බැවින් ද, සිංහලයන් මෙසේ අමතනු ලැබීම සඳහා සුදුසු තෝරා ගැනීමක් වනු ඇති බව මගේ විශ්වාසයයි.

සිංහලයෙනි, හොඳින් සිතා බලන්න. පැවති රජය පරාජය කිරීමට අවශ්‍ය වූයේ කාටද? ඒ සඳහා මැදිහත් වූයේ කවුරුන්ද? ඒ සඳහා යොදා ගනු ලැබූවේ කවුරුන්ද? එයට නන් අයුරින් ආධාර දුන්නේ කවුරුන් ද? බුද්ධිමත් වූ ඔබට මෙය තව දුරටත් රහසක් විය නොහැක. දූෂණයෙන් තොර යහපාලනයක් අප සියළු දෙනාගේම ප්‍රාර්ථනය බව ඇත්ත ය. එහෙත් එය නව ලිබරල්වාදී ආර්ථිකයක් හා බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන රටක කිසි දින යථාර්ථයක් නොවන බව සමහර විට ඔබ එදා තේරුම් ගෙන නොසිටින්නට ඇත. නමුත් අද වන විට ඔබ එම සත්‍යය අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඇතුවා නිසැක ය. නව ලිබරල්වාදයේ යූටෝපියාව කාල් මාර්ක්ස්ගේ යූටෝපියාවට ද වඩා හිස් සිහිනයක් ය යන්න අද අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිළිගන්නට සිදු වී තිබේ.

ඒ නිසා පවතින රජයෙන් යහපාලනයක්, සමාජ සාධාරණයක්, ඉටු වෙතැයි යන සිහිනයෙන් අප අවදි විය යුතු ය. ඔබ ඒ සිහිනයෙන් අවදි වී නම් එවිට ඔබ දකින යථාර්ථය කොතරම් බිහිසුණු දැ යි මඳකට සිතා බලන්න.

එවිට මා මුලින් මතු කළ ප්‍රශ්නය වෙතම ඔබගේ අවධානය යොමු කරන්න.
'සිංහලයෙනි, හොඳින් සිතා බලන්න. පැවති රජය පරාජය කිරීමට අවශ්‍ය වූයේ කාටද? ඒ සඳහා මැදිහත් වූයේ කවුරුන්ද? ඒ සඳහා යොදා ගනු ලැබූවේ කවුරුන්ද? එයට නන් අයුරින් ආධාර දුන්නේ කවුරුන් ද?'
එසේ අවශ්‍ය වූයේ රට ජාති වශයෙන්, ආගම් වශයෙන්, වර්ග වශයෙන් බෙදා වෙන් කිරීමට නිරන්තරයෙන් ම පෙනී සිටින උදවියට ම නොවේ ද? ඊනිය සහජීවනය, සංහිඳියාව ගැන කතා කරන උදවියටම නොවේද?

මොවුන් පෙනී සිටින්නේ යහපාලය වෙනුවෙන් නම් ඒ සඳහා අවශ්‍ය වෙතැයි සිතන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන (මම එසේ නොසිතමි ) 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් නීතිගත කරගෙන ඇත.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්ථාව සැලකිල්ලෙන් කියවා බලන්න. මෙය හුදු ලියවිල්ලක් පමණක් ය, එහි ඇති දෙයක් නැතැයි රාජ්‍ය නායකයෝ පුන පුනා ප්‍රකාශ කරති. ඔවුන් මෙසේ පුන පුනා පැවසීම පමණක් ම වුව ද මෙම සංශෝධන ගැන සැක පහළ කර ගැනීමට ප්‍රමාණාත්මක සාධකයක් නොවෙත් ද?

මෙම අතුරු වාර්ථා ලියවිල්ල මුල සිට අගට කියවා බැලුවත්, අග සිට මුලට කියවා බැලුවත් මෙහි ඇත්තේ එකම දෙයකි. මහ මුහුදේ කොතනින් ජලය ගෙන බැලුවත් එහි ඇත්තේ ලුනු රසම සේ මෙහිද ඇත්තේ මධ්‍ය රාජ්‍ය දුර්වල කරණ රට බෙදා වෙන් කර ගැනීමට අනාගතයේදී යොදා ගත හැකි යෝජනා ය.
මේ තීරණාත්මක මොහොතේදී අප විසි නොකළ යුතු දෙයක් ඇත්නම් ඒ එයම ය. මන්ද මේ ත්‍රස්තවාදීන ට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ දෙය රිදී බන්දේසියක තබා පිළිගැන්වීමක් ම විය හැකි බැවිනි.

'සිංහලයෙනි, හොඳින් සිතා බලන්න. පැවති රජය පරාජය කිරීමට අවශ්‍ය වූයේ කාටද? ඒ සඳහා මැදිහත් වූයේ කවුරුන්ද? ඒ සඳහා යොදා ගනු ලැබූවේ කවුරුන්ද? එයට නන් අයුරින් ආධාර දුන්නේ කවුරුන් ද?'
මා මේ ආමන්ත්‍රණය සඳහා සිංහලයන් ම තෝරා ගත්තේ ඔවුනට මේ අවදානම් අවස්ථාවේ දී යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධව තනිවහෝ නැගී සිටීමට තරම් ශක්තියක් ඇති බැවිනි. මේ සඳහා ඔවුනට සංඝයා වහන්සේගේ පූර්ණ ආශීර්වාදය ද මේ වන විට ලැබී ඇත.

අපගේ දෙමළ හා මුස්ලිම් සහෝදරයින් මෙහි ඇති භයානක කම තේරුම් ගැනීමට සුදුසු මානසික තත්වයක සිටින බවක් නොපෙනේ. ඔවුන් මෙය තේරුම් ගන්නා විට සියල්ල නැති වී ගොස් තිබෙනු ඇත. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ද අප සතු යුතුකමක් ඇත. මෙරට සිටින ඊනියා නිර්ජාතික, නිර්-ආගමික සිංහලයන්ට ද මා කියන කරුණු අවිෂය විය හැක. ඒ නිසා ය සිංහලයන්ව, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් හා කිතුනුවන් මේ ආමන්ත්‍රණය සඳහා තෝරා ගත්තේ.

සිංහලයෙනි අවදිවව්! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව්!

වසන්ත දේවසිරි
2017. 10. 21


යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook :https://www.facebook.com/yuthukama

9/18/2017

දොස්තර තාත්තා

කතෘ:යුතුකම     9/18/2017   No comments
ලියන්නට ඇහැකි නේ
පොතක් දුවටත් යසට
මගේ ගැන දැන ගන්න
මෙලොව වැසි දනට සැම 

දිනෙක විහිළුවට වගෙ
කීවෙමිය මම දුවට 

දෙදිනකට පසු දුටිමි
සටහනක් ඇය ලියූ
පරණ කොල කෑල්ලක
මේසෙ උඩ අමතක වු


         "අයි වී දේවසිරි
          ඔහුගේ පුදුම නම විය
          .......................
          ......................
          අයි වී දේවසිරි
          කෙසේ නම් 
          විස්තර කරන්නද ඔහු
          ඔහු සැපෙන් සිටියා"

සඟවගෙන සිනහ වත
පුද කළෙමි තුති ඇයට
නොලීවට ඉතුරු ටික
ලෝකෙටම දැන ගන්න

වසන්ත දේවසිරි
2017 බිනර මස 17 දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/11/2017

එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය නොහොත් සිංහලේ තල මල

කතෘ:යුතුකම     5/11/2017   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි-
මෙම ලිපිය පළ වන මොහොත වන විට දී මුලූ රටම එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සඳහා අති උත්කර්ෂවත් ලෙස සරසවා තිබෙනු ඇත. ලක් දෙරණේ ගුවන් තලයම වෙසක් සැරසිළි වලින්, විදුලි ආලෝකයෙන් ඇළලී ගොස් තිබෙනු ඇත. මා එය එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ලෙස විශේෂයෙන් සඳහන් කළේ මීට පෙර මේ රටේ තිබුනේ සිංහල බෞද්ධයාගේ වෙසක් උත්සව මිස ජාත්‍යන්තර වෙසක් උත්සව නො වන බැවිනි.

සිංහලයාගේ ඉතිහාස කතන්දරයේ ඉතාමත් ම අවාසනාවන්ත වූ ද ඛෙදජනක වූ ද යුගයක් පසුකරමින් සිටින මෙවන් වූ යුගයක රට මුහුණ පාන අභියෝග වලට ඉතිහාසයෙවන් පිළිතුරු සෙවීමට ගන්නා උත්සාහයේ දී මා සුරත නිතැතින් ම ඇදී යන්නේ ඉතිහාස පෙල පොත් වෙත නොව දයානන්ද ගුණවර්ධන ශූරීන් ගේ මධුර ජවනිකා නාට්‍ය පිටපත වෙතට යි. එතෙක් මෙතෙක් සිංහලයාගේ ඉතිහාසය දෙස හෙලූ වඩාත් ම සානුකම්පික සුහදශීලී මෙන් ම උපහාසාත්මක වූ ද දෘෂ්ටිය ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකා නාට්‍යය යැ යි මම සිතමි. ගුණදාස අමරසේකර මහතා මධුර ජවනිකා නාට්‍ය සිංහල වංශය ලෙසින් නොව හිංගල වංශය යන සුහද නමින් හැඳින් වූයේ ද මෙම ගුණය නිසා යැ යි සිතමි. මෙරට ඉතිහාසයේ විවිධ අවස්ථාවන් නිරූපණය කරණ ජවනිකා දහ හතරක් එහි කථකයා සහ විවිධ චරිත අතර ඇතිවන සංවාදයන් ලෙස ය මධුර ජවනිකා වේදිකාව මත රඟ දැක්වෙන්නේ.

සිංහලයේ අවසන් රජුට පෙර රජකම් කළ රාජාධි රාජසිංහ රජ පේ‍්‍රක්‍ෂයාට හඳුන්වා දෙන එහි එන එකොළොස් වැනි ජවනිකාව නම් කර ඇත්තේ සිංහලේ තලමල යන නමිනි. රබානක් වයමින් කවි ගායනා කරමින් වේදිකාවට පිවිසෙන රාජාධි රාජසිංහ රජතුමා පේ‍්‍රක්‍ෂකයනට මෙන් ම කථකයාට ද එකවර හඳුනා ගැනීම අපහසු වන්නේ ඔහු බහු ජාතික, බහු ආගමික, බහු සංස්කෘතික, බහු භූතයෙකු ලෙස සැරසී සිටින බැවිනි. රජතුමා ව හඳුනා ගැනීමෙන් පසු ව ”ඔබ වහන්සේ මේ විධියට වෙස් වළාගෙන තැන තැන අවිදින්නේ මන්දැ” යි කථක රජුගෙන් විමසයි. එයින් පසු රජතුමා හා කථක අතර ඇතිවෙන සංවාදය මෙබන්දකි.

රාජසිංහ රජු: ”එහෙම නොකර වෙන මොනවා කරන්නද මිත‍්‍රයා. රාජ මාලිගාවෙ ඉන්න බෑ නිලමෙලා එහේ කා කොටා ගන්නවා. කුමන්ත‍්‍රණ කරනවා. ඉතිං මං කරන්නේ මොකක්ද?”

කථක: ”අනේ දේවයන් වහන්ස, අපේ රටට මේ මොකක්ද වෙන්න යන්නේ ඇත්තට?”

රාජාධි රාජසිංහ: ”දුක් වෙන්න එපා, අපේ රට මුදුනේ ලස්සන මලක් පිපීගෙන එනවා. ඒ මල ගැන ලස්සනට අපි කවි කියන්න ඕනෑ”

කථක: ”මොකක්ද දේවයන් වහන්ස ඒ මල?”

රාජාධි රාජසිංහ: ”සිංහලේ තලමල”

කථක: ”තල මල පිපෙන්නෙ තල ගහේ විනාසෙට. ඒ කියන්නෙ අපේ රටත් විනාශ වෙලා යනව කියල ද දේවයන් වහන්ස”?

ඒ කියන්නෙ අපේ රටත් විනාශ වෙලා යනව කියල ද? දේවයන් වහන්සේට ඒ බව නොතේරුනත්, ඊනියා ජත්‍යන්තර වෙසක් උත්සවයෙන් දෑස නිලංකාර නොවූ මෙරට සිටින සියලූම බුද්ධිමතුන්ගේ හා දේශපේ‍්‍රමීන් ගේ හද පෙළන පැනය මෙය යි. මෙම වෙසක් උත්සවය පැවැත්වෙන්නේ තිරිකුණමලය තෙල් ටැංකි, එට්කා ගිවිසුම, හනුමා පාළම තුලින් මේ රට ගිල ගැනීමට සැදී පැහැදී සිටින ඉන්දියාවේ රාජ්‍ය නායකයාගේ ප‍්‍රධානත්වයෙනි. ඇතැම් දේශපාලන අඳ බාලයින් මෝදි ගේ මෙම මැදිහත් වීම සාධාරනීය කිරීමට උතසාහ ගන්නේ බුදු රජාණන් වහන්සේ ද ඉන්දියන් කාරයෙකු බව අපට මතක් කර දෙමිනි. ඔවුහු ඉන්දියාව නම් රටක් ලොව ඇති වූයේ බුදුන් වහන්සේ පිරිණිවන් පා අවුරුදු 2491 ක ට පසුව බව නොදනිති. ඊට බොහෝ කලකට පෙර ජම්බුද්වීපයේ ප‍්‍රචලිත වූ හින්දු සභ්‍යත්වය විසින් මධ්‍ය ප‍්‍රදේශයේ ජීවත් වූ බුදු රජාණන් වහන්සේ මෙන් ම අශෝක අධිරාජයා ද එරට ඉතිහාසයෙන් අකා මකා දමනු ලැබී ය. බුදු රජාණන් වහන්සේ මෙන් ම අශෝක අධිරාජයත් ජීවමානව ම සුරැුකුණේ අශෝක අධිරාජයා පැතූ බෞද්ධ රාජ්‍යය ස්ථාපිත කරගත් සිහළද්වීපය තුළ මිස ඊනියා ඉන්දීය රාජ්‍යය තුළ නොවේ. අසෝක චක‍්‍රය ඉන්දියාවේ රාජ්‍ය ලාංඡුනය ලෙස පිළිගැනීමට පවා ඉන්දියානු නායකයන්ට සිදු වූ යේ විසි වැනි සිය වසේ මුල් භාගයේ දී අනගාරික ධර්මපාල තුමා විසින් කරණ ලද මැදිහත් වීම් නිසා බව ප‍්‍රකට විද්වතෙකු වූ ඞී බී ධනපාල මහතා පෙන්වා දෙයි. ඉන්දියාවට එපා වූ බුදුන් වහන්සේ ඉතිහාසයෙන් මකා දැමීමට ඉඩ නොදී ආරක්‍ෂා කර ගැනීම ගැන ඉන්දියාව අපට කිසි දින සමාව නොදෙනු ඇතැයි යන ආචාර්ය නලින් ද සිල්වා ගේ ප‍්‍රකාශය හුදු අතිශෝක්තියක් නොවන බව අප තේරුම් ගත යුතු ය.
මෙම පුන්‍ය භූමිය තුළ බුදු සසුන ස්ථාපිත කරණ ලද්දේ කි‍්‍රපූ 308 වසරේ දී ය. එදා සිට කි‍්‍රව 2015 ජනවාරි මස දක්වා මෙරට සියළුම රාජ්‍ය නායකයෝ සම්බුද්ධ සාශනය මුල් තන්හි ලා රටේ ඒකීය භාවය රැුක ගැනීම සඳහා තම ශක්ති ප‍්‍රමාණයන් අනුව අඩු වැඩි වශයෙන් දායක වීමට උත්සුක වූ හ. මේ තත්වය වෙනස් වූයේ කාලිංග, චෝල හා ඉංගිරිසි ආක‍්‍රමණිකයන් මේ රට පාලනය කරණු ලැබූ වකවානු වල දී පමණෙකි. අවාසනාවකට මෙන් 2015 ජනවාරියේ දී ආක‍්‍රමණියකන් ගේ සිතැඟි අනුව රට පාලනය කරණ දුර්වල පාලකයින් පිරිසකට මෙරට රාජ්‍ය බලය හිමි විය. ඔවුහු ඉංගිරිසින් ඇතුලූ බටහිර ජාතීන්ගේ උවමනාව මත එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එකතු වී ජනතාවගේ ඇස් වලට වැලි ගසා බුදු සසුනට උරුම උත්තරීතර බව අහිමි කිරීමට හා මෙරට කැබලි කර දැමීම සඳහා උප්පරවැට්ටි යොදති.

මෙවර අප වෙසක් උත්සවය උත්කර්ශවත් ලෙස සමරන්නට යන්නේ මෙරට බෞද්ධ අනන්‍යතාවයට විරුද්ධ ප‍්‍රධාන බලවේගයන් වන එක්සත් ජාතින්ගේ සංවිධානයේ හා ඉන්දියානු රාජ්‍ය නායකයාගේ ප‍්‍රධානත්වයෙනි. බුදු රජාණන් වහන්සේ කෙරෙහි අප‍්‍රමාණ භක්තියෙන් යුක්ත වූ ඉතිපිසෝ ගාථාව දන්නා අපි අපගේ උරුමය වූ වෙසක් උත්සවය අති උත්කර්ශවත් ලෙස සමරමු. එමෙන්ම වෙසක් සතිය ගෙවී ගොස් අපගේ දෑස නිලංකාර කරණ පහන් එකින් එක නිවී යද්දී අප ගේ හිසට උඩින් අන්ධකාරයේ පිපී ඇති සිංහලේ තලමල පැහැදිලි ව ම දැක ගනිමු. ඒ තලමලේ අසිරියෙන් දෑස අඳ කර ගැනීමට නොව අපගේ යුතුකම ඉටු කිරීමට ය.

”තල මල පිපෙන්නෙ තල ගහේ විනාසෙට. ඒ කියන්නෙ අපේ රටත් විනාශ වෙලා යනව කියල ද?”

2017 වෙසක් මස 9 දින


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook -https://www.facebook.com/yuthukama

7/24/2016

රජුන් මැද වැජඹෙන පුතෙක්

කතෘ:යුතුකම     7/24/2016   No comments
(වෛද්‍ය වසන්ත දේවසිරි 2015 ඇසළ මස 25 වැනි දින කුමාරතුංග සමරු උත්සවයේ දී පවත්වන ලද දේශනය)

කුමාරතුංග මුනිදාස ශූරීන් මෙ රට බිහි වූ අද්විතීය ගණයේ පඬි රුවනක් බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍යය යැ යි නො සිතමි. එ තුමා ගේ නිර්මාණාත්මක සාහිත්‍ය කෘති, ලිපි ලේඛන, ශාස්ත්‍ර ගවෙිශණ කටයුතු එතුමාගේ පාණ්ඩිත්වය මෙන් ම ප්‍රඥාව පිළිබඳ ව ද ඇති තරමි නිදසුන් සපය යි. 2012 වසරේ දී කුමාරතුංග සමරු දේශනය කළ ගුණදාස අමරසේකර මහතා එතුමන් ව හඳුන්වා දුන්නේ Public Intellectual  යන වදනෙනි. Public Intellectual  යන වදනින් එ තුමා අදහස් කළේ ජනතාව සමඟ නිරන්තරයෙන් සංවාදයේ යෙදී සිටින ජන මතය සකස් කිරීමට විශාල වශයෙන් බලපෑමි ඇති කළ හැකි බුද්ධිමතෙකු ය යන්නයි. මෙවන් වූ බුද්ධිමතකු සතු විය යුතු /කුමාරතුංගයන් සතු වූ සුවිශේෂී ලක්‍ෂණයන් තුනක් ලෙස අමරසේකර මහතා හඳුන්වන්නේ අදීනත්වය, දැඩි ආත්ම විශ්වාසය හා නිර්භීත භාවය යන ලක්‍ෂණ තුනයි.

ශාස්ත්‍ර ගවෙිශණය සමිබන්ධයෙන් කුමාරතුංග මුනිදාස දැක්වු පහත සඳහන් අදහස් අමරසේකර මහතා සඳහන් කරන මෙම ලක්‍ෂණයන් පිළිබිඹු කරන අයුරු විමසා බලන්න.

කවර ශාස්ත්‍රයක් වුවත් විමසිය යුතු යැ. විමසා දත් දැය ප්‍රකාශ කළ යුතු යැ. ප්‍රකාශ කළ දැය ද විමැසියැ යුතු යැ. ශාස්ත්‍රයා ගේ නිර්මලත්වය ඇති වනුයේ මෙයිනි

කුමරතුඟුවන් ගේ ශාස්ත්‍ර ගවෙිශණය සමිබන්ධයෙන් පැවති කුහුල නිසා ඇති වුනු විවාදාත්මක සංවාද සිංහල භාෂාවට හා ව්‍යාකරණ විෂයන්ට ම පමණක් සීමා නොවී ය. සිංහලයා ගේ වීර කාව්‍යය වූ මහාවංශයේ එන උප්පත්ති කතාව, මහා විහාරික භික්‍ෂූන් වහන්සේලා ගේ ශාස්ත්‍ර ගවෙිශනය, මහාචාර්ය ජී සී මෙන්ඩිස් මහතාගේ ඉතිහාස දැනුම මෙන්ම තොටගමුවෙි ශ්‍රී රාහුල හිමියන් ගේ කවීත්වය ද එතුමාගේ විවෙිචනයට ලක් වී ය.

කුමාරතුංගයන් ට පොදු ජනතාව අතර මෙන් ම වියත් සභා වල පමණක් නොව රජුන් හා රාජ්‍ය නිළධාරීන් අතර ද මනාව පිහිටීමට, නොබා සිටීමට මෙන් ම වැජඹෙන්නට ද හැකි වූයේ එතුමා තුළ පැවති අදීනත්වය දැඩි ආත්ම විශ්වාසය හා නිර්භීත භාවය යන ගුණයන් නිසා ය. රජුන් මැද වොරැඳුනු පුතෙකු වීම සඳහා අවශ්‍ය පරමාදර්ශය, පසුබිම, පරිසරය මෙන් ම දැනුම ද සකසා දීමට කුමාරතුංගයන්ගේ පියාණන් සපයා ඇති දායකත්වය පිළිබඳ හැඟීමක් පියසමර පද්‍යයන් තුළින් මතු වෙයි.

කුමාරතුංගයන් ගේ පියා දහ නම වැනි සියවසේ දකුණෙ දික්වැල්ලේ විසූ කීර්තිමත් වෙදැදුරෙක් වී ය. 1898 දී සිය පියා මිය යන විට කුමාරතුංගයන් දස වස සපුරා සිටියා පමණි. 1936 දී පියසමර කාව්‍ය සංග්‍රහය මුල් වරට එළි දකින්නේ කුමාරතුඟුවන් ගේ පියාණන්ගේ වියොවින් වසර 38 කට පසුව ය. ඔහු සිය සිත තුළට නිරන්තරයෙන් ම ගලා එන අතීත මතකයන් ඇසුරිනි පියසමර කාව්‍ය තුළින් පියා පිළිබඳ ව මතකයන් යළි ප්‍රතිනිර්මාණය කරනුයේ.

සිතැ මගෙ‘ඇති සේ කොතැනින් පටන්
ගෙනැ කියමි ද බොහෝ දිගු කල් ගියත්
එක වරේ නැඟැ එයි අදහස් දහස්
හැම කරත් නිරවුල් පොහොසත් නොවෙමි

පියසමර කුමාරතුංගයන්ගේ පියා පිළිබඳව චරිත කතාවක් නොව පියා ගේ කියුමි කෙරුමි හැසිරීමි කුමරතුංගයන්ගේ චරිතය ගොඩ නැඟීමට බල පෑ ආකාරය පිළිබඳව විවරණය කරණ ආඛ්‍යානයකි. වර්තමාන පරපුරේ පියවරුන්ට මෙන් ම දරුවන්ට ද පියසමර කාව්‍ය අසුරු කිරීම විශේෂයෙන් ම වැදගත්වන්නේ එබැවිනි. මෙ රට දරු දැරියන් වසර දහස් ගණනක් තිස්සේ දිනපතා පියාණන් දෙපා මුල වැඳ වැටුනේ ඔවුන් දරුවන්ව ආදරයෙන් රැක බලාගෙන පෝෂණය කළ නිසා ම පමණක් නොව /රජුන් මධ්‍යයේ වැජඹෙන්නට ද දරුවන් මනාව පිහිට වන බැවිනි. රාජමජ්ක්‍ජං සුපටිත්තං පීතු පාදං නමාමහං යන්නෙහි සැබෑ අරුත එය යි. අපගේ පරපුරේ සියළු ම දරුවන්ගේ ද පියවරුන්තේ ද මවුවරුන්ගේ ද සිහිනය එය යි. එම සිහිනය අර්ථ සමිපන්න කර ගැනීමට එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට ඔවුන් ගන්නා උත්සාහයට කුමරතුඟුවන්ගේ පිය සමර කාව්‍ය සංග්‍රහය තුළින් ම සැබෑ අරුතක් එකතු කිරීමටය රජුන් මැද වැජඹෙන් පුතෙක් යන මෙම දේශනය/ලිපිය තුළින් මා උත්සාහ ගන්නේ.

දික්වැල්ලේ ඉඳිගස්ආර නමි ගමෙි වෙද ගෙදර එතුමා උපත ලැබූවෙි 1887 ඇසළ මාසයේ දි ය. ඒ වන විට මාතලේ දී බි්‍රතාන්‍යයන් විසින් මිලේචිඡ ලෙස මර්ධනය කරණ ලද මෙරට ජාතික ව්‍යාපාරය දේශප්‍රේමී බුද්ධිමත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා විසින් යළි පන ගැන්වුනු ලැබ තිබින. එහි කූටප්‍රාප්තිය වූ ද බෞද්ධයන් ගේ විජයග්‍රහණය වූ ද පානදුරා වාදය ජයග්‍රහනය කර වසර පහළොවක් පමණ ගෙවී ගොස් තිබුනි. බෞද්ධ අධ්‍යපනය යළි ස්ථාපිත කිරීම විද්‍යයෝදය, විද්‍යාලංකාර පිරිවෙන් හරහා ආරමිභ වී තිබිිනි. අනගාරික ධර්මපාල තුමා ඒ වන විටත් සිය ජාතික මෙහෙවර අරඹා තිබුනි. වෙනත් වචන වලින් කියතොත් රට තුළ ජාතික පුනර්ජීවයක් යළි ලිය ලා දළු ලා වැඩෙමින් තිබුනු වකවානුවක ය එතුමා මෙලොව එළිය දුටුවෙි.

වෙද මහතාගේ උගත් මිතුරන් හරහා වෙද ගෙදරට ද ගලා ආ මෙම පරිසරය ඉතාමත් ළපටි වියේ සිටි කුමාරතුඟුවන් තුළ ජාතිකත්වය, ජාතික නිදහස, භාෂා සාහිත්‍ය වැනි ගැඹුරු විෂයයන් අරභයා ප්‍රබල හැඟීමි දැනවූවා නිසැක ය. කුමාරතුංගයන් සිය මුල් ළමා විය මතකයන් පිසසමර කාව්‍ය සංග්‍රහය තුළින් හෙළි කරන්නේ මෙ ලෙසිනි.

තතු අසා අවුදින් දැකැ සාදයත්
විඳැ ඔබෙි වරුවක් දෙඩුමෙන් ගෙවා
යන නොයෙක් පැනවත් උගතුන් නිසා
ඔබ නිවෙස් අගයෙන් වැඩි වී බොහෝ (පියසමර 4)

මෙසේ පියා ගේ වියත් මිතුරන් අතර නිතර ඇති වූ සංවාදයන් තේරුමක් නැතිව හූ කියමින් දුව පැන ඇවිිමින් සිටි කුඩා මුනිදාසයන් ට සෙල්ලමි පිට්ටනිය අමතක වන තරමෙි ප්‍රබල හැඟීමි දැනවීමට සමත් අත්දැකීමක් විය.

කෙළි බිමත් කජු ගස් සෙවණත් පියා
බොළඳ මා රැඳෙතොත් ළඟ කවුළුයේ
සකුරු කා හුණු කෝපි ද බී දෙඩූ
ඔබ වියත් මිතුරන් කනැ ගැන්මෙනුයි (පියසමර 5)

සමිප්‍රදාය, සංස්කෘතිය මෙන් ම සිය පරපුර පිළිබඳ අභිමානය ද දරුවකු උකහා ගන්නේ සිය පියාණන්ගෙනි. එවන් වූ අභිමානයක් දරුවන් තුළ ඇති කිරීමට අවශ්‍යය වටපිටාව සකස් කර දීම රජුන් අතර වැජඹෙන දරුවන් තැනීමට තනන පියවරුන්ගේ යුතු කමයි. තම උරුමයන් පිළිබඳව එවන් වූ අභිමානයක් නොමැති දරුවෙකු රජුන් අතර වැජඹෙතැයි සිතීම අපහසු ය.

අභිමනින් යුතු වන්නට මා සිතත්
මගෙ මුතුන් ගැන කී ඔබ නෙක් කතා
ගුණකඳාණෙනි වත් සිහි පත් දැනුත්

එන නැඟී හදවත් වළකමි කෙසේ (පිය සමර 10)
එ නිසා ය තම පරමිපරාව ගැන ඉතිහාසය පිළිබඳ ව කතන්දර අභිමානයක් ඇතිවන අයුරෙන් තම දරුවන්ට කියා දිය යුත්තේ. එම යුගයේ අභිමානවත් යුග පුරුෂයා වූ අනගාරික ධර්මපාල තුමා සඳහන් කළ පරිදි රටට ආලයක් උපදින්නට නමි ඉතිහාස කතා කියවීම යුතයි. මහා වංශය කියවීමෙන් එතමා තුළ අපේ ජාතියට මහත් ආසාවක් උපන් බව එතුමාගේ දිනපොත්වල සඳහන් වෙයි. මෙි රටෙි අළුත් පරපුර සමන්විත විය යුත්තේ රටට දැයට භාෂාවට ආදරය ඇති එවන් වූ දරුවන්ගෙනි.

රෑ බෝ වී ගෙන එන විට දරුවන්ට නිදිමත වීම අරුමයක් නොවෙි. රෑ බත ඉදීමට පෙර නින්දට යෑම වළක්වා ගැනීමට පියා ඔහුගේ අතින් ගෙන ඇවිදවමින් කතන්දර කී ගෙමිදුල කුඩා මුනිදාසයන්ට දිවි අරුත් කියා දුන් තක්‍ෂිලාවක් විය.

හිරු බසුත් මැ නින්දට යා නොදී
ගෙන’ත මා මිදුලේ දිග බෝ වරක්
ඇවිදුවා බලවමිනි කියු කතා
මට දැනුත් මතක යි අයවයි නුවන් (පිය සමර 8)

පොළොව ආස වළා සඳ තාරකා
සෙවණ ගස් ලිය ආදිය දක්වමින්
නුවණ දෙන්නට කී එ කතා සෙමෙන්
හැඩ ගැසී යැ මගේ දිවි මෙි විලස් (පිය සමර 9)

මෙවන් අත්දැකීමි ය පරිසරයේ අපූරු සුන්දරත්වය විඳගත හැකි සියුමි වූ කවි හදක් හා කවි බසක් මෙන් ම සැම දෙයක්ම විමසන නැවැත නැවතත් විමසන මනසක් එ තුමා තුළ වැඩෙන්නට ඉඩ සළසන්නට ඇත්තේ.

එ තුමා තුළ වැඩුනු පරිසරයේ සුන්දරත්වය සියුමිව විඳ ගැනීමෙි කුසලතාව පෙන්නුම කර දීම සඳහා නැළැවිල්ල කවි පන්තියේ එන කවි දෙකක් පමණක් තෝරා ගත්තෙමි.

සඳු ද සිනිඳු රැස් කඳූ
නො හෙළා බිම එක බඳූ
වලා කුළින් පිරිසිදූ
පෙරා එවයි බිඳු බිඳූ

කැර ගස් අඳුරත් වටා
තද ගොස් නොඇසෙන්නටා
සඳ රැස් ගඟ දිය පිටා
පය උස් නො කැරම නටා

සඳ රැස් ගඟ දිය පිටා පය උස් නො කැරම නටා

ආදරණීය දෙමාපියනි, ඔබත් ඔබ දරුවනට සඳ රැස් ගඟ දිය පිටා පය උස් නො කැරම නටන අයරු විඳ ගැනීමට් අවස්ථාව ලබා දෙනවාද? එවන් වූ කුසලතාවයක් රජුන් අතර වැජඹිය හැකි දරුවන් තුළ වැඩීමට ඉඩ සළසා දීම ඔබගේ යුතුකම බව අමතක නොකරන්න. එවන් වූ දරුවන් බිහිකර ගත හැක්කේ ඔවුන්ගේ නෙතු සිතු සවන් සොඳුරු පරිසරය වෙතට යොමු කරවීමෙන් ම මිසක මුළු පරිසරයම වයි ෆයි අවකාශයක් බවට පෙරළීමෙන් නමි නොවෙි.

බුදු රදුන් ගෙ පුවත් පසු පොත් බලා
දෙසුම’සා දැන ගන්නට මාවතක්
කපන සේ ඔබ කී නෙක දමි කතා
කවුරු අන් එතරමි රසවත් කෙරෙත් (පිය සමර 14)

බුදු දහම හා සමිබන්ධ ආචාර ධර්ම හා හර පද්ධතිය කෙරෙහි ළමා මනස යොමු කරවිය හැකි හොඳම මඟ ඔවුන් ළමා වියේ දී ම බෞද්ධ කතන්දර කරා යොමු කරවීම මිස ඔවුනට චතුරාර්ය සත්‍යය හෝ අභිධර්මය ඉගැන්වීම නොවෙි. රජුන් මැද වැජැඹෙන්නට දරුවන් හැඩගැස්වීමෙිදී ජාතක පොත සුවිශේෂී වන්නේ බෝධි සත්වයන් වහන්සේ බොහෝ අවස්ථාවල දී නායකයකු ලෙස ම උපත ලද බැවිනි. ජාතක පොත තුළ ඇති කතන්දර වල දැක්වෙන්නේ බෝධි සත්වයන් වහන්සේ නායකයකු වශයෙන් තම රැස හා වර්ගයා රැක ගැනීමට උදෙසා කැප වීමෙන් යුතුව ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන ලද උදාර ආකාරය යි. අතීතයේදී ජාතක පොත සිංහල බෞද්ධයින්ගේ අත්පොත බවට පත් වීම ම සිංහල බෞද්ධයා දෙස බස හා සමය සුරකින උදාර පරපුරක් බවට පත් වීමට විශාල බලපෑමක් කළේ ය. ජාතියක් වශයෙන් සිංහලයා පිරිහෙන්නට පටන් ගත්තේ ජාතක පොත අතැර අභිධර්මය උගන්නට පටන් ගත් දා සිට ය යන මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මතය ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි ය. ගැඹුරු දහමි කරුණු පසු කලෙක දී පොත් පත් කියවා ඉගෙනීමට ආශාවක් උනන්දුක් දරුවා තුළ ඇති කළ හැක්කේ ඔවුනට බාල වියේදි ම කතන්දර කියා දීම තුළින් ම පමණෙකි. ඔබෙි දරුවන්ට කතන්දර කියා දෙන්නේ කවුරුන්දැ යි කියා මෙහොතකට සිතා බලන්න.

ජාතියක් සතු සමිප්‍රදාය සභ්‍යත්වය පරපුරෙන් පරපුරට ගෙන යන්නේ ඒ ජාතිය සතු භාෂාව මඟිනි. කුමාරතුංගයන්ගේ මතය අනුව භෂාවක් වල් වැදීම යනු මුළු සමිප්‍රදයාම සභ්‍යත්වයම වල් වැදීම යි. භාෂාව හික්මවීමට විනයක් ව්‍යාකරණයක් අවශ්‍යය වන්නේ ඒ නිසා ය. මෙි අනුව බස රැක ගැනීමට කුමාරතුංගයන් එපමණ වෙහෙසක් ගත්තේ මන්දැයි තේරුමි ගැනීම අපහසු නැත. මෙි සඳහා අවශ්‍යය පරිචය කුමාරතුංගයන් හට පියා විසින් ලබා දෙන ලද්දේ වැඩිමහල් සහෝදරයින් වෙනුවෙන් සංවිධානය කරන ලද සිංහල පන්තියට සහභාගී වීමට ලා බාල වියේ සිටි මුනිදාසයන්ට ද ඉඩ සළසා දෙමිනි.

බාල වියේ සිටම කුමරතුඟුවන් ලබාගත් භාෂා නිපුණත්වය පිළිබඳව කදිම පිළිබිඹුවකි පියසමරෙහි එන මෙම කවිය.

වියරණේ පැනයක් විසඳූ විලස්
නොපිළිගත් විදුහල් ඇදුරන් අවුත්
ඔබ ගුරුන් විමසා උන’තින් ම බස්
පිහිට ලත් කලැ ඇයි එය නොදැන්නුයේ (පිය සමර 20)

මෙම සිද්ධිය පියා විසින් කිසි දා මුනිදසුන්හට නොකියන ලද්දේ මෙමඟින් කුඩා දරුවා තුළ අනිසි උඩඟුකමක් වර්ධනය වීම වැළක්වීමට විය හැකි ය. නිහතමානි බවම උදාරත්වය කරගත් සිංහල බෞද්ධ සභ්‍යවත්වය තුළ හැදුනු වැඩුනු කුමරතුංගයන් ද මෙි පිළිබඳව පියාණන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තේ ය

මහ සබා මැද ගොස් උස’සුන් අරා
සිය උසස් කම දක්වන සේ තැතක්
නො කොටැ පස්සට වී හිඳැ මන් තමන්
පැවැති සේ හැඟැවීම තැනී යැ මා (පිය සමර 26)

ශික්‍ෂනය යනු විනය යි. විනයකින් තොර අධ්‍යාපනයක් ගැන කතා කිරීම ද විහිළුවකි. මෙි සමිබන්ධයෙන් කුමරතුඟුවන් ට සිය පියාණන් වෙතින් ලැබුනු පණිවුඩයන් මෙවැනි ය.

මඟෙහි වූ ගසෙකෙින් දොඩමක් කඩා
ගෙනැ අව යි බලවත් දඬුවමි කොටින්
ඔබ පුතා මැ යැවූ එය ගොස් දෙව’යි
සැටි අදත් මතකයි අබිමන් වඩයි (පිය සමර 30)

දෙටු පුතා ඇදුරන් දඬුවමි ලබා
විදුහලින් අවුදින් හැඬුවා අසා
වරදිනැ යි ලැබුයේ දඬුවමි යළිත්
ඔහු තැලූ සැටි කී හ ම මෑණියෝ (පිය සමර 31)

උද බටහිර අධ්‍යාපනය පිළිබඳව විශේෂඥයින් පවා මෙම කරුණ තේරුමි ගෙන හෝ නො ගෙන Informative Learning, Formative Learning  යන සංකල්පයන් අතැර දමා Transformative Learning යන සංකල්පය ගැන කතා කරනු අසන්නට ලැබෙි.

සංවාද වාද විවාද වලදී පැවතිය යුතු පිළිවෙල එතුමා උගත්තේ සිය පියා අනුගමනය කරමිනි.

නිසි වැඩක් සලසා ලන තේරුමක්
ඇති බසක් වුව එය පවසන්නටත්
නැත නිකමි මුව හස් නොබිඳින්නටත්
උවදෙසින් ඔබ පෑ මම දැන් රැකෙමි (පිය සමර 21)

අව හොතින් නැඟැ යමි වාදයක්
ඉවසමින් අසමින් ගැරැහුමි වුවත්
ගෙනැ බුරුල් කියුමක් පිළිමල් දනන්
මඩින සේ උගතිමි ඔබගෙන් මමත් (පිය සමර 22)

අදීනත්වය දැඩි ආත්ම විශ්වාසය හා නිර්භීත භාවය තම ගති ලක්‍ෂණය කරගත් බුද්ධිමතුකු තුළ තිබිය යුතු ම වූ භාෂණ කුසලතාවයකි. මෙම ගුණය කුමාරතුංග පරපුර තුළ අදටත් නොනැසී පවතිනු දැකීම සතුටට කරුණකි.

පියාණන් සිංහල වෙද මහතෙකු විය. සිංහල වෙද මහතා ගැමියන් අතරින් බිහි වී ගැමියන් සමඟම දුක සැප බෙදා ගෙන ජීවත් වන අතර ම ගැමියන්ගේ දුකට සැපට පිහිට වන්නේ. ඔහු ගැමියන් අතර බුහුමන් ලබන නායකයෙකු බවට පත්වන්නේ නිරායසයෙනි. වෙද මහතා තම වෘත්තිය තුළ දී පෙන්නුමි කළ උදාරත්වය කුමාරතුංගයන් විසින් උකහා ගත් අයුරු ය මෙම කවි කීපයෙන් පිළිබිඹු වන්නේ.

දිළිඳු කමි නුදුරින් එබෙමින් සිටුත්
ඇති දැයක් වියදමි කොටැ බෝ තැතින්
නෙක වගේ ඔසුතෙල් සපයා දනන්
මරු මුවින් ගැලවූ පින දැන් පෙනෙයි (පිය සමර 48)

දන බෙලෙන් අඩුවක් නොම පෑ එ කල්
සැම උවාරණ යුත් කරවා සදා
රස පෙරා නෙ වගේ ඔසුයෙන් එ දී
පැරද වූ සැටි නෙක් ලෙඩ දුප්පතුන් (පිය සමර 54)

වෙද්‍ය ශිෂ්‍යන්ට වෛද්‍ය ආචාර ධර්ම උගන්වන විට පියසමරේ එන කවි මම බොහෝ විට යොදා ගන්නෙමි.
මා මුලින් ද කී පරිදි වෙද මහතා පොදු ජනතාව සමඟින් පොදුජන කටයුතු වලට සහභාගී වෙමින් ජීවත් වූ සැබෑ ජන නායකයකි. ජන නායකයා න රජුන් අතර වැජඹීමට සුදුස්සෙකි.

නව වසේ දවසේ පෙරැ කල් තබා
පිනි බොජුන් සදවා සැණ වෙස් දරා
හැම අවුත් වැද හුන් කලැ එක් වරේ
වළඳනා සැටි තොස් දනවයි මහත් (පිය සමර 27)

නොමඟුලක් මඟුලක් කුසලක් දනක්
විහිළුවක් නළුවක් කෙළියක් වුවත්
ඉඳිගසා’රෙහි මෙන් කරවයි දනන්
කියන සේ නෙ දෙසේ යෙදුවෝ ඔබයි (පිය සමර 61)

නෙක ලෙසින් බෙදෙමින් සිටියත් ගමෙි
දන සබාවට පත් තැනැ මුල් අසුන්
ඔබට දීමෙහි දී වෙනසක් නොවෙයි
කවර පින් කමෙකින් වනුයෙක් ද ඒ (පිය සමර 67) ප

ඒ පින්කම අන් කිසිවක් නොව. සිංහල බෞද්ධ සමාජ සාරධර්ම, වටිනාකමි මත ගොඩ නැගුනු උදාර පෞර්ෂත්වය ය. රජුන් අතර නොව දෙවියන් අතර වුව වැජඹෙන්නට තරමි උදාර පෞර්ෂත්වයක් හිමි කර දුන් දුර්ලභ වූ ද උදාර ගුණයන් කුමරතුංගයන් සිය පියා ගේ චරිතය තුළින් දුටු අයුරු ය මෙි.

නො කියති යි බොරුවක් දැමුවත් මරා
එකකු ගත් නඩුයෙන් සබවස් බෙලෙන්
ඉඩමකුත් ඔබගේ නැති වූ නියා
පැරණියො පවසා පසසත් අදත් (පිය සමර 56)

එකකු රැක්මට යැ යි පැවරූ විසල්
ඉඩම ඌ ලෙඩ හ යි දැන ගොස් වහා
යළිදු ඔප්පුවකින් හරවා දෙමින්
රැකි ගුණේ අනුසස් කවරෙක් වනා (පිය සමර 5

කවිය තුළින් විස්තර වන්නේ හැඟීමි ය. පියසමර අතිශෝක්තියෙන් තොර ඉතාමත් ම අව්‍යාජ වූ කාව්‍ය නිර්මාණයක් බව පියසමරේ දොස් දකින විචාරකයින් පවා එකහෙළා පිළිගන්නා කරුණෙකි. ඒ අනුව පියසමර තුළ එන්නේ පුතෙකු ගේ අවංක හැඟීමි බව අප පිළිගත යුතු ය. මෙි එසේ මෙසේ දරුවකු නොව රටක ජාතියක සභ්‍යත්වයක වටිනා ම ලක්‍ෂණය වූ භාෂාව තීරණාත්මක ලෙස ද සාධනීය ලෙස ද නව මඟකට යොමු කළ රැක දුන් උදාර යුග පුරෂයෙකි. අද පසු කරන්නේ එවන් වූ උදාර පරුෂයන් දස දහස් ගණනින් රටට අවශ්‍යව ඇති යුගයක්ය.

දරුවන් පණ්ඩිත ආශ්‍රය ලැබ ගන්නේ පියවරුන් හා මවුවරුන්ගෙනි. ප්‍රකට ගීතයක එන සංවාදයකට අනුව දුව බොරුවට හඬන විට දුව ව පරක් කිරීමට ඊටත් වඩා හයියෙන් අඬන පියවරුන් ගෙන් දරුවන්ට ලැබෙන පරමාදර්ශය කුමක්ද?

ඔබෙි දරුවන් රෑ නින්දට පෙර රාජ මජ්ඣං සුපටිත්තං කියා ඔබෙි දෙපා මුල වැඳ වැටෙන විට ඔබගේම හෘද සාක්‍ෂිය විමසන්න. ඔවුන් ඔබෙන් ඉල්ලන්නේ මොනවාද? ඔබ ඔවුනට දෙන්නේ මොනවාද? ඔබ ඔවුන්ගේ හිස සිප ගන්නා විට ඔබට සිතෙන්නේ මොනවාද?

මට ආරාධනා කිරිම ගැන කුමාරතුංග පදනමටත්, පවුලේ සාමාජිකයන්ටත,් ගෙවිඳුටත් බොහෝම පින්.

අසා සිටි ඔබ සැමටත් පින්.
ඔබ සැමට තෙරුවන් සරණයි.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

4/25/2016

ආක‍්‍රමණයට විරුද්ධ වූ සිනමාකරුවා ඞී බී නිහාල්සිංහ

කතෘ:යුතුකම     4/25/2016   4 comments
ශී‍්‍ර ලංකාව සුවිශේෂී ඉතිහාසයක් ඇති රටකි. වසර 2500 කට වැඩි දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවාම විදේශ ආක‍්‍රමණයන්ට මුහුණ දෙමින් ඊට එරෙහිව සටන් වදිමින් සිය අනන්‍යතාව රැක ගත් රටවල් ලොව සුලභ නැත. මෙම විදේශ ආක‍්‍රමණයන් එක් එක් කාල වකවානු තුළදී යුධමය, සංස්කෘතිකමය, ආගමික හා ආර්ථිකමය යනාදී විවිධ ස්වරූපයන් ගනිමින් අප වෙත එල්ල වී ඇත. මෙි අතරින් සංස්කෘතික ආක‍්‍රමණයන් නිවැරැදිව හඳුනා ගැනීම අසීරු වන අතර ජාතික අනන්‍යතාව රැක ගනිමින් එම ආක‍්‍රමණයන්ට මුහුණ දීම අතිශය දුෂ්කර වූ කාර්යයකි. වසර 2500 කට වැඩි කාලයක් ඔස්සේ දිග හැරෙන සිංහලයාගේ ඉතිහාසය යනු එම දුෂ්කර කි‍්‍රයාවේ කතාන්දරයයි. මේ කතන්දරය ගොඩ නැගුවෝ මෙරට නරපතියන් ම පමණක් නොව, ගරුතර සංඝයා වහන්සේලා මෙන්ම, ගොවියන්, ශිල්පීන්, උගතුන්, බුද්ධිමතුන්, පොදු ජනතාව මෙන් ම කලාකරුවෝ ද එහි කොටස් කරුවෝ වූ හ. අපේ යුගයේ දී ඒ සඳහා දායකත්වය දුන් සුවිශේෂී සිනමාකරුවෙකු වූ දැයෙන් සමුගත් ඞී බී නිහාල්සිංහ ශූරීන් පිළිබඳවය මෙම කෙටි සටහන තබනුයේ.

1947 දී ආරම්භ වූ වා යැ යි කියනු ලබන සිංහල සිනමාව සැබැවින්ම ඇරඹුනේ 1925 දී මුලූමුනින් ම ලංකාවේ දී රූපගත කරණ ලදුව, ඉන්දියාවේ දී අභිරහස් ගින්නකින් දැවී හළු වී ගිය රාජකීය වික‍්‍රමය නොහොත් ශාන්තා චිත‍්‍රපටයත් සමඟිනි. එම පසුබෑමෙන් පසුව යළිත් සිංහල චිත‍්‍රපටයක් බිහි වීමට වසර 22 ක් ගතවුනු අතර දකුණු ඉන්දියාවේ දී මුළුමනින්ම රූ ගත කරණ ලද එම චිත‍්‍රපටය ද සිංහල වූයේ එහි රඟ පෑ සිංහල නළු නිළියන් සිංහලෙන් කතා කළ නිසාම පමණි. නව කලා මාධ්‍යයක් වූ සිංහල සිනමාව මේ බලපෑමෙන් මුදවා ගැනීමේ මුල් පියවර තබන ලද්දේ 1956 දී රේඛාව චිත‍්‍රපටය නිර්මාණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසිනි. රේඛාව නිර්මාණය කිරීමෙන් ටික කලකට පසුව පුවත් පතකට අදහස් දක්වමින් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ප‍්‍රකාශ කර සිටියේ මෙරට සිනමා කර්මාණ්තයේ අනාගතය රඳා පවතිනුයේ අපගේ පොළොව මත මුල් ඇදුනු එහි ජීවත්වන අපේම මිනුසුන්ගේ සිතුම් පැතුම් සැකසංකා බලාපොරොත්තු හා අභිලාශයන් අපගේම පොළොවේ සුන්දර වූ භූමි දර්ශන මත රූප ගත කරණ සිනමාවක් නිර්මාණය කර ගැනීම තුළම පමණක් බවය. මේ සඳහා අපවෙත එල්ල වී ඇති අපව පාලනය කරනු ලබන සියළුම අහිතකර බලවේගයන් අනුකම්පා විරහිත ලෙස විනාශ කළ යුතුයැයි පවසන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අපගේම වූ සිංහල සිනමාවක් බිහිකර ගත හැක්කේ එමඟින් පමණක් බව අවධාරනය කර ඇත.

ඉන්දියානු බලපෑම් මත පාලනය වූ සිංහල සිනමා කර්මාණ්තය තුළ ඉහත අදහස් ප‍්‍රකාශ කළ ලෙස්ටර්ට සිය දෙවැනි නිර්මාණය එළි දැක්වීම සඳහා වසර හතරක කාලයක් බලා සිටීමට සිදු විය. අපේ ම සිංහල සිනමාවක් පිළිබඳව ලෙස්ටර් ගේ සිහිනය සැබෑවක් කර ගැනීම සඳහා දායකත්වය දුන් සිනමා ශිල්පීහු රැුසක් හැටේ දශකයේදී සිනමාවට පිවිසියෝය. අප වෙතින් නික්මගිය ඞී බී නිහාල්සිංහ ශූරීහු මේ සිනමාකරුවන් අතර සුවිශේෂී වෙති. මෙරට ජාතික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ඞී බී ධනපාල මහතාගේ පුතු වූ නිහාල්සිංහට ලෙස්ටර්ට මෙන් තමන්ට නුහුරු වූ ජාතිකත්වයක් සොයා යෑමේ ගැටළුවක් මතු නොවී ය. හැටේ දශකයේදී නිහාල්සිංහයන් සිනමාවට පිවිසෙන්නේ අපගේම පොළොවේ සුන්දර වූ භූමි දර්ශන මත අපගේ ම මිනිසුන් රූපගත කරමින් කැමරා ශිල්පියෙකු ලෙසිනි. සත්සමුදුර බිනරමලී වැනි චිත‍්‍රපට වල සියුම් වූ ද සුන්දර වූ ද රූප පෙළ සිංහල සිනමාවට ආදරය කළ සියල්ලන්ගේ හදවත් තුළ තවමත් නොමැකී අතිවා නිසැකය. නිහාල්සිංහයන් ගේ ප‍්‍රථම වෘතාන්ත සිනමා නිර්මාණය වූ සිනමාවේ රජ දැක්ම ලෙස හඳුන්වා දුන් වැලිකතර ඉතාමත් සියුම් මානුෂික සම්බන්ධතා පිළිබඳ ඛෙදවාචකයක් අපේම රටේ අසාමාන්‍ය වූ දර්ශනතල හරහා පුළුල් තිරය මත සිත් සසල වෙන අයුරින් සිත්තම් කරණ ලද නිර්මාණයකි. ලෙස්ටර් පැවසුවා සේම අපගේ පොළොව මත මුල් ඇදුනු එහි ජීවත්වන අපේම මිනුසුන්ගේ සිතුම් පැතුම් සැක සංකා බලාපොරොත්තු හා අභිලාෂයන් සිත්තම් කරන චිත‍්‍රපට නිර්මාණය නිහාල්සිංහයන් සඳහා කැපවුනු බව පසු කලකදී සිය නිර්මාණ සඳහා රිදී නිම්නය, මල්දෙණියේ සිමියොන්, කෙළිමඩල වැනි කෘතීන් තෝරා ගැනීම තුළින්ම පැහැදිලි වෙයි.

නිර්මාණ කාර්යයට දායක වීම මඟින්ම පමණක් අප වෙත එල්ල වී ඇති අපව පාලනය කරනු ලබන සියළුම අහිතකර බලවේගයන් අනුකම්පා විරහිත ලෙස විනාශ කළ නොහැකි බව තේරුම් ගත් නිහාල්සිංහයන් ඊට විරුද්ධව සටන් කළේ හුරු පුරුදු සිනමා කැමරාවෙන් නොව මෙරට රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවේ නිළධාරියකු වශයෙනි. 1971 වන විට මෙරට සිනමා ශාලා වල සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා වෙන් වී තිබුනේ මුළු ප‍්‍රදර්ශන කාලයෙන් 20%ක් පමණි. එතුමා 1978 දී රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවේ මුල් පුටුව හැර යන විට එය 58% ක් විය. රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාව හරහා සිංහල සිනමාවේ අභිවෘද්ධිය උදෙසා නිහාල්සිංහයන් ගේ සුවිසල් කාර්ය භාරයෙන් එක් කරුණක් පමණක් මෙසේ ගෙනහැර දැක්වූයේ අපේම වූ සිංහලසිනමාවක් සඳහා ඔහුගේ දායකත්වය පිළිබඳව ඉඟියක් පමණක් හෝ ඔබට ලබා දීමට ය. මේ සඳහා ඔහුගේ දායකත්වය පිළිබඳව මනා අවබෝධයක් නිහාල්සිංහගේ ම ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගය බිඳ වැටීම හා නුවන් නයනජිත් කුමාරගේ පුරෝගාමී තෙවැනි ඇස වැනි කෘති වලින් ලබා ගත හැක.

නිහාල්සිංහයන් අප හැර දා නික්ම යන්නේ අති දැවන්ත සංස්කෘතික මෙන්ම ආර්ථික ආක‍්‍රමණයක් සඳහා අක‍්‍රමණිකයන්ට පහසුකම් සළසා දීමට සැදී පැහැදී සිටින විජාතික රජයක් රාජ්‍ය කරන කලක දී ය. ප‍්‍රබල ජාතික රජයක් බලයේ සිටින කාලයක දී රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවේ මුල් පුටුව හෙබවූ නිහාල්සිංහයන් ගත් මඟ නිසා ය හැත්ත හතෙන් පසු උදා වූ මහා සංස්කෘතික සෝදාපාළුව තුළ පවා සිංහල සිනමාව යම් පමණෙකින් හෝ සුරැුකුණේ. ලෙස්ටර්ලාගේ නිහාල්සිංහලාගේ සිහින සැබෑ කිරීමට හෙට දවසේ දී සිංහල සිනමාව යළිත් කඩවුනු පොරොන්දුව වෙත යෑමට ඉඩ නොදී රිදී නිම්නයක් කරා ගෙන යා යුතු ය. ආක‍්‍රමණිකයාට අත වනන විජාතික රජයක් හමුවේ මේ ගමන අති දුෂ්කර වන බව නම් පැහැදිලිය. නමුත් අක‍්‍රමණිකයාගේ ආගමනය වළක්වා ගැනීම මේ යුගයේ ජීවත්වන අපගේ යුතුකමයි.

අප වෙතින් නික්ම යන නිහාල්සිංහ ශූරීනි, මෙරට ජාතික අනන්‍යතාවය හා සංස්කෘතික උරුමය රැක ගැනීමට දුෂ්කර කි‍්‍රයා කිරීම ගැන ඔබ තුමාට බොහෝම පින්.
යුතුකමක් වශයෙන් මෙම කෙටි සටහන යුතුකම සංවාද කවයේ සටහන් කිරීමට සිත් විය.

වෛද්‍ය වසන්ත දේවසිරි
2016 බක් මස 24 වැනි දා

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)

https://www.facebook.com/yuthukama

3/14/2016

විදුලිය බිඳ වැටීම නිසා විපරීත වූ හදක්

කතෘ:යුතුකම     3/14/2016   No comments
(ලංකාව පුරාම විදුලිය බිඳ වැටීමක් 2016 මාර්තු 13 දා)

මතකයිද මා සොඳුර ගෙවා ගත් අයුරු රැය
අඳුරෙ මුලූ ගැන්විලා බියෙන් තැති ගත් හදිනි

අඳුර විනිවිදින සියුම් හක්‍ෂකින් පමණ
සැලූනයුරු හද අපගෙ එම අඳුරු යුගය තුළ

තුරුලූ කරගෙන පුතුන් වැතිර සිටි අයුරු අප
නෙතින් නොව දෙසවනින විනිවිදින ගන අඳුර
මැරි මැරී ඉපදෙමින මරණයේ පණිවිඩය
දොරට ගසනා තුරා - අඳුරෙ නොපෙනීම

නිතර තිතරම යළිත් රට අඳුරෙ ගිලෙන්නේ
පෙර නිමිති පළ කරන්නද එවන් යුගයකට
දූ පුතුන් නොමැත අද තුරුල් කර රැක ගන්න
විසිර ගොස් ඇතිය උන් දිවියෙ බර කරට ගෙන

දිනෙන් දින අගාදයකට ඇදෙන කලෙක රට
එවන් බිහිසුණු කලක් වැඩි ඈත නැත සොඳුර
යොවුන් විය ගෙවන උන් සුරැකෙයිද හෙට දවසෙ
නගර ගම් දනවු වල සරන කල මරු රිසි සෙ

තුරුලූ කර රැක ගන්න දරුවො අද නැත ගෙදර
හද මගේ රිදුම් දෙයි ඔවුන් සිහි වී නිබඳ
නිමා වූ අයුරු එම ධර්මිෂ්ට යුගය පෙර
තැනින් තැන දැවෙන මළ සිරුරු මඟ ගොඩ ගැහුන

’විපරීත වීද හද අඳුර නුපුරුදු බැවින
බුදුන් ගුණ සිහි කරන් නිදනු මා පි‍්‍රය සබඳ
යුගයෙ යහපාලනයෙ බිය නොගන් පුතුන් ගැන
අල්ල ගත් කල සොරුන් සුර පුරක් වෙයි මෙරට.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2016 මැදින් මස 13
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/18/2016

පුතු සෙනේ දුක් දෙයි නිබඳ

කතෘ:යුතුකම     2/18/2016   1 comment
පුතු සෙනේ මස් නහර සම විඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලූ මත රඳා සිට දුක්
දෙයි නිබඳ   - (සිංහබාහු)

පුතු පෙමින හද ඇලූන සරන නිම නැති සසර
විඳින සරතැස නිබඳ පුතු වියොව හද පෙළන
මියෙන කල තැන නොතැන පුතුන් ගම්වැසි දනගෙ
දරා ගනු නොහෙනු තැන නිමා කළෙ යුද අඳුර

දින දිනම නැගුනු සුදු කොඩි පසල් දනවු වල
යුද බිමට ගිය පුතුන් උර මතින් වැඩි එකල
නොබා සිය පුතුන් යැවු යුද බිමට ගිනි ගැනුනු
රජුන් දුලබ වු කලෙක ධීර ගුණයෙන් ගිහිණි

නිවා යුද ගිනි වියරු දුරැර බිය සැක පෙළු
මවු පියන් හද නිබඳ පුතු පෙම්න ඇවිළවුනු
සිනා මල් පිපෙන කල පසල් ගම් දනවු වල
තුටු කරණු තැත දැරී වියරු වුනු සතුරු කැළ

දරණ තැත බලනු මැන මඩින්නට විරු පතුන්
පෙළා උන් සිත් සතන් තලා මා පියන් හද
විවර කර දී දොරටු සිර මැදුරු ඔවුන් හට
දෙවා නිදහස රුදුරු මිනීමරු කොටියනට

නෑසී ද බුදු බණක් ඔවුන් කිසි දිනෙක නිසි
දරු පෙමින මැඩුනයුරු බෝසතුන් පවා නිති
තුටු කරණු වස් සතුරු මුළු දසත විසිර ගිය
රිදවන්නෙ ඇට මිදුලූ තුළ ගිලූනු පුතුන් පෙම

මඩින්නට නොහැකි බව දනිති උන් ඇත් රජිඳු
පවුරු බිඳිනට වඩින විඣි සම හී සැරෙන
රිදවන්න නම් ඇතුට විදිය යතු වේ නිතින
රිදුම් දෙන පුතු පෙමට ඇට මිදුලූ තුළ ගිලූනු

හය හතර දත් දනන් මෙරට ගම් දනවු වැසි
විඳීති ඔබ හද තැවුල් පිරිසිඳිත සිය හදින
අත නෑර ඔබව උන් ඔබ සමඟ සිටිනු ඇත
රැක ගන්න පුතුන් ඔබ දැයක දරුවන් සුරැකි

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2016 නවම් 18 වැනි දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)

https://www.facebook.com/yuthukama

1/07/2016

සිතුමිණ අහිමි වුන දින

කතෘ:යුතුකම     1/07/2016   2 comments
අදින් වසරකට පෙර
දුරුතු මාසේ දිනක
නැති වුනේ ඔබට මට
මොනවාද හැබෑවට

අහිමිවුණු සියළුදේ
කියන්නට නොවෙහෙසෙමි
නොහැකියෙන කියානිම
වෙහෙස වනු මිසක මා

නිතින මා සිත පෙළන
දොමිනසින පුරවමින
එක දෙයක් ගැන පමණි
මෙ කව මා පබැඳුවේ

සාමයෙන් රට දිනූ
කලදි සිත් පහන් වී
සංකාව බිය දුරැර
නිදහසේ සැරි සැරී

සියළු සවිසිරි දෙවන
සිතුමිණක් නොතිබුනද
යෙහෙන් කල් ගෙවී අප
යුද බියෙන් තොරරටක

නැවත රට වනසන්න
අරඅඳින සතුරු කැළ
සිත් තැවුල් ඇති කළ ද
පහන් හද නො බිඳුනි ය

සිතුමිණක් වියඅපගෙ
සිතට නිති සැප දෙවන
රැකිය හැකියෙන් රට ද
වැසි දන ද මහින්දට

අප අපේ හදේ බර
මහින්දගෙ උර තබා
නිදහසේ ගෙවී දිවි
අපට ඇති හැකි විළස

ජනවාරි අට වැනිද
අහිමි විය එ සිතුමිණ
රටට නොව බටහිරට
ගැති උන්ට ගියෙන් රට

එදාසිට ගෙවුවසර
පෙළී සිත් පිත්නිතර
කොටි එයිද රට දෙයිද
බුදු දහම සුරැකෙයිද

සනාතව තිබුන රට
අනාතව ගියෙ මෙ ලෙස
බිඳ දමා සිතුමිණ ද
සුරැකි හද පුදසුනෙහි

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි

2016 දුරුතු මස

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/03/2016

සිංහයා අතුරුදහන් විම නොහොත් වීරසිංහ දුටු හීනය

කතෘ:යුතුකම     1/03/2016   2 comments
රාජ්‍ය __ ආයතනයේ ආරක්‍ෂක නිළදරුවකු ලෙස සේවය කරණ වීරසිංහ මහතා රාතී‍්‍ර මුර සේවයේ යෙදී සිටිය දී මුහුණ දුන් අපූරු අත්දැකීමකි මෙම කවියට පාදක වන්නේ. යහපාලන සතිය සමරනු වස් ආයතනයේ නංවන ලද ජාතික ධජයේ සිංහයා අතුරුදහන් වී ඇති බව වීරසිංහ හදිසියේ ම දකී. කවියා මෙය වීරසිංහ දුටු හීනය ලෙසින් නම් කළද වීරසිංහ මහතා මෙය හුදු හීනයක් ලෙස ම නොසළකයි.

පුදුමෙනුත් පුදුමය
වීරසිංහට දුටු දෙය
අදහනු නොහැකි විය
ධජයෙ සිටි සිහ රදුන් නොමැතිය

දිය ඉසී මුහුණට
කොනහා බැලී වැලමිට
සැකහැර ගැනීමට
සිංහයා නැති බව සැබෑවට

නංවන විට එ දද
සිටි සිංහයා පා තෙද
සුරතින ගෙන කගද
අනේ සිහරජ කොහේ වැඩියෙද

යහපාලන සතිය
සමරා දද ද එසවිය
ඉවසනු එ බැරි අය
සේ ය සිහරද හොරෙන් ගෙන ගිය

බියෙන් හැකුළුනි හද
අසරණ වීරසිංහ ද
සිකුරිටි ජොබි එකද
අහිමි වී යන පොටක් මෙය වෙද

රැක ගන්න බැරි සඳ
කොඩියේ ඉන්න සිහරද
සිකියුරිටි කුමටද
නිසැක මගෙ රැකියා අහිමි වෙද

අනේ සිහ රජිඳුනි
යළි එනු මැනවි විගසිනි
රට රැක දෙන නිතිනි
නයුන් හද නොබිඳිනුව නිරිඳුනි

වැතිර තණ නිල්ලේ
සිහරජ සිටි නිදැල්ලේ
දකිනා ඇසිල්ලේ
වීරෙගේ සිත අස් වැසිල්ලේ

උතුමි සිහ රජුනී
මෙි තැන ඔබට නො තැනී
ඔබට හිමි නිතිනී
ධජය අපටම වු පරවෙිණී

වීරසිංහ ය නම
ඔබට ද ඤාති වෙමි මම
සිටියට දැන් මෙහෙම
පෙරදි ධීරය මිගිඳු විලසම

දරුව මට වෙහෙස ය
සිත මගේ කළකිරුණි ය
දැයේ අභිමාන ය
බිඳුනු කාලෙක කෙසේ රැඳෙනු ය

දැයේ දූ දරුවන්
පෑයුරු නේක වික්මන්
දැක පෙර කල් පටන්
අභිමනින් සිත පිරුණි නිතියෙන්

රණ විරුවෝ එදා
දිවි පුද දිදී නිබඳා
රැකගත් රට මෙදා
දෙනුව සතුරට අරඅඳින දා

කඩුව ගෙන සුරතට
සිටිනුයෙ කුමක් රකිනට
වරම ලැබු අය රට
දෙන්න තතනන විටදි සතුරට

ජනවාරි අට දා
රට ම පාවා දුන් දා
කෙළෙස වැජඹෙමි දා
දද අරා විරු මෙ කෙසරින් දා

රක්නට ලැබ වරම්
බුදු දහම දිය මනරම්
රැකුමට නොහැකි නම්
කුමට රැඳෙනුයෙ නික්ම යමි මම්

අනේ සිහ රජිඳුනි
ගනුව මා බස් සවණෙනි
ගියොත් ඔබ මෙලෙසෙනි
අහිමි වෙි රැකියාව නිසැකිනි

නොලැබි කල සොචිචම
ලබන නොනිඳා මැදියම
අසරණ වෙ දරු සැම
කෙසේ රකිනුව මම ඔවුන් හැම

එබස් කණ වැකි සඳ
උණු විය මිගිඳුගේ හද
කුළුණු ගුණයෙන් තෙද
පිවිසුණිය යළි තුළට සිහ දද

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/25/2015

ජාතික හිස කඳින් මිදුනි

කතෘ:යුතුකම     11/25/2015   No comments
වසර දෙසීයකට විතර ඉස්සර ඉල් මහ දිනකදි
බෝගම්බර වැව අයිනෙදි විරුවෙකු හිස කඳින් මිදුනි

කැප්පෙටිපොළ මහ නිලමේ උදාර හෙළ සිරිත සුරැකි
සසල වුනේ නෑ බිඳකුදු දංගෙඩියට යන ගමනෙදි

දළදා හිමි වැඳ සිත් සේ ඉණ බැඳි තුප්පොටිය හිමිට
පූජ කළා සිත් සතොසින් කිළිටි වුවත් ඇඳි රෙදි කඩ

‘සබ්බෙ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මචිචුනො’

සියළු සතුන් බයයිලූ ලොව දණ්ඩණයට රුදු මරු හට
ධම්මපදය සුරත රැුඳුනු දන් දුනි මිතුරෙකුට කළණ

දංගෙඩියට හිස තැබුවෙි චකිතයකින් තොරවයි කිසි
බියෙන් සලිත වදකයාට එකවර බැරි විය සිඳින්න

මන්ද බියෙන් නොසැලූනෙ විරු බුදු බණ බොරු වී ද නොමැත
තුරුණුවන්ගෙ ගුණ දන්නා හෙළ බොදුවෙකි කැප්පෙටිපොළ

කඳින් වෙන්වෙලා ගිය හිස ඒරොප්පෙට අරං ගියේ
බයවුණු හින්දද සුද්දන් යළි පණ ඒ යැයි නිලමෙට

ජාතික හිස කඳින් මිදුනි කවන්දයක් විය ජාතිය
පණ ගන්වන්නට බැරිවුනු සියවස් දෙකකුත් යනතුරු

කෙත් වතු සුණු විසුණු කළා ගම් බිම් සැම පාළු වුනා
පොළොවේ උරුමය අහිමිව අනාත විය සුජාතයන්

හිස ගලවා දෝතින් ගෙන දන් දෙන සඟබෝධිල නොව
කවන්දයට පණ දිය හැකි කැප්පෙටිපොළ ලා ය ඇවැසි

හිඟයක් නැත සඟබෝලගෙ හිස දෙන්නට බලං ඉන්න
අනුන්ගෙ හිස හෝ දන් දී සුද්දගෙ හිත තුටු කරන්න

ජාතික රණ විරුවන් හිස් දන් දෙන්නට සුද්දන් හට
සූදානම් අයගෙන් නම් අඩුවක් නැහැ අදත් රටට

විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015 ඉල් මාසයේ දී
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/17/2015

සුඛී දීඝායු

කතෘ:යුතුකම     11/17/2015   2 comments
නොවැම්බර් මස 19 වැනි දාට යෙදෙන මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් තබන ලද සටහනකි.

ලතින් ඇමෙරිකානු දේශපාලනය ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි දැ යි පුවත්පත් කලා වෙිදියක් වරක් ග්‍රෙහැම් ගී‍්‍රන් ගෙන් විමසීය. ඔහුගේ ක්‍ෂණික පිළිතුර වූයේ එංගලන්තයේ හෝ ඇමෙරිකාවෙි දේශපාලනය යනු ජය පරාජය පිළිබඳව ප‍්‍රශ්නයක් පමණක් වුනත් ලතින් ඇමෙරිකාවේ දී එය ජීවිතය හා මරණය පිළිබඳව ප‍්‍රශ්නයක් බවට පත් වන බැවින්ය යන්නය. විශේෂයෙන්ම එම රටවල ඇමෙරිකානු සමාගම් වල සුභ සිද්ධිය වෙනුවෙන් නොව සිය ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටි ජනතාවාදී නායකයින් නිරන්තරයෙන්ම කුමන්ත‍්‍රණ මඟින් බලයෙන් පහකරණු ලැබීමට හෝ ඝාතනය කරණු ලැබීමට හෝ ලක් වෙයි. 1981 දී සිය ගුවන් යානයේ අටවා තිබුනු බෝම්බයක් පිපිරීමෙන් මිය ගිය පැනමා රාජ්‍යයේ ජනාධිපතිවරයා වූ ඔිමාර් ටොරිජාස් ගේ ජීවන තතු අළලා ලියවුනු සිත් ගන්නා සුළු විස්තරයක් ග්‍රෙහැම් ගී‍්‍රන් ගේ ‘Getting to know the General’ නැමති ග‍්‍රන්ථයේ එයි. පැනමා දේශයේ පොදු ජනතාව ගේ ඉමහත් ගෞරවයට පාත‍්‍ර වී සිටි ඔිමාර් ටොරිජාස් ඇමෙරිකාව මායිම් නොකළ අදින නායකයෙකු වූ අතර ඔහු පැනමා රාජ්‍යයේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වූ පැනමා ඇළේ අයිතිය ජනතාව සතු කළේ ය. ඔහුගේ ඝාතනය පිළිබඳව අනුමාන වශයෙන් කෙරෙන එහෙත් නිසැක විස්තරයක් කලක් ආර්ථික ඝාතකයෙකු වශයෙන් සේවය කළ ජෝන් පර්කින්ස්ගේ ‘
The confessions of an economic hit man’ නැමැති කෘතියේ සඳහන් වෙි. මෙවන් වූ අවසනාවන්ත ඉරණමට ලක් වූ එකම රාජ්‍ය නායකයා ඔමාර් ටොරිජාස් පමණක් නොවේ. චිලී රාජ්‍යයේ සැල්වඩෝර් අයන්ඩේ, ඉක්වදෝරයේ ජියේම් රෝල්ඩෝස් මෙන්ම බොලීවියාවේ දී ඝාතනය කරණ ලද චෙිගුවේරා ද මේ සඳහා ගත හැකි ප‍්‍රකට උදාහරණ කිහිපයකි. සී අයි ඒ සංවිධානය හයසිය වතාවකට වැඩි වාර ගණනක් ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බවට වන සඳහන අතිශෝකතියක් යැ යි මම නොසිතමි.

ඒ ඇමෙරිකාව ලෝකය පුරා සිය බල පරාක‍්‍රමය පවත්වා ගන්නා ලබන නින්දිත ආකාරයයි. ලෝක ජනගහනයෙන් සියයට පහකටත් වඩා අඩු වූ ඇමෙරිකානු ජනතාව අද වන විට ලෝක බල ශක්ති නිෂ්පාදනයෙන් හතරෙන් පංගුවක් පරහෝජනය කරති. ග‍්‍රහැම් ගී‍්‍රන් සඳහන් කරණ අයුරින්ම ලතින් අමෙරිකාවේ දේශපාලනය හුදු දිනුම පැරදුම පිළිබඳව ප‍්‍රශ්නයක් නොවී ජීවිතය හා මරණය අතර ගැටළුවක් බවට පත් වන්නේ ලතින් ඇමෙරිකානු දේශපාලනඥයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සියයට විසිපහක් පරිභෝජනය කරණ ජනතාව අමතක කර තම රටේ ජනතාවට සේවය කිරීමට සැරසෙන විට යි. මෙම තත්වය ලතින් ඇමෙරිකාවට මෙන් ම අපි‍්‍රකාවට හා ආසියාවට ද පොදු බව මා අමුතුවෙන් සඳහන් කළ යතු නොවෙි. (නමුත් ලිපිය අනවශ්‍ය පමණට දික් ගැස්සීම වැළැක්වීම සඳහා අවශ්‍ය තැන්වල දී ලතින් ඇමෙරිකාව හා සම්බන්ධ උදාහරණ පමණක් අවධානයට ගතිමි)

සී.අයි.එ් කුමන්ත‍්‍රණයක් මඟින් රාජ්‍ය බලය අහිමි කරවන ලද ප‍්‍රථම ලතින් ඇමෙරිකානු රාජ්‍ය නායකයා ගුවතමාලාවේ ජැකොබෝ ආර්බෙින්ස් 1953දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයකින් බලයට පත්වුනු ආර්බෙන්ස් යුනයිටඩ් ෆෘටිස් (
United Fruits) සමාගමේ අභිලාශයන්ට විරුද්ධව සිය ජනතාව වෙනුවෙන් පෙනී සිටියේය. සී.අයි.ඒ සංවිධානය දායක වූ හමුදා කුමන්ත‍්‍රණයක් මඟින් 1954 දී ආර්බෙින්ස් බලයෙන් පහ කර එ් වෙනුවට රූකඩ හමුදා නායකයකු පත්කර ගන්නා ලදී.

ඉන් අවුරුදු දෙකකට පසු (1956 දී) ආසියාවේ කුඩා රාජ්‍යයක ප‍්‍රථම වරට ජනතා අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටි නායකයකු සුවිශාල ජනවරමක් ලබා බලයට පත් විය. නව යටත් විජිතවාදීන්ගේ අභිලාශයන්ට විරුද්ධව පෙනී සිටි එතුමා ඉන් වසර තුනකට පසුව සාහසිකයකුගේ වෙඩි පහරට ලක් විය. බණ්ඩාරනායක ඝාතන නඩුවෙ දී එළි දරවු වූ පුද්ගලික කාරණා ඔහුව ඝාතනය කරීමට තරම් ප‍්‍රබල සාධකයන් වී යැ යි මම නොසිතමි. මීට සමාන මතයක් ඒ.සී. අලස් මහතා ද ‘
The assassination of SWRD BandaranayakeZ නැමැති කෘතියෙන් මතු කරයි.

බණ්ඩාරනායක මහතාගෙන් පසුව නව යටත් විජිතාවාදී න්‍යාය පත‍්‍රයට විරුද්ධව කි‍්‍රයා කළ බණ්ඩාරනායක මැතිනියට මහළු වියට එළඹෙන තුරු යළි දේශපාලනයට පිවිසිය නොහැකි වන ලෙස ප‍්‍රජා අයිතීන් අහෝසි කෙරිණි. කෙසේ වෙතත් ඒ අවධියේදීම සිය ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අයන්ඩේලාට වඩා එතුමිය වාසනාවන්ත විය.


නව යටත් විජිත යුගයේ දී ශ්‍රී ලංකාවට එල්ල වූ ප‍්‍රබලම අභියෝගයට සාර්ථක ව මුහුණ දුන් විශිෂ්ටතම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා යැ යි මම සිතමි. සීතල යුද්ධය සමයේ දී කොමියුනිස්ට් වාදයට මුවා වී ඊට එරෙහිව ම්ලේච්ඡ මර්දනයක යෙදුනු යටත් විජිතවාදින් පශ්චාත් සීතල යුද්ධය සමයේ දී සිය ම්ලේච්ඡ ලේ තැවරුනු හස්තය මෙහෙයවන්නේ රට රට වල ජාතිකත්වයට හා සභ්‍යත්වයන්ට එරෙහිව ය. ඒ සඳහා ඔවුහු ජාතිවාදී ආරවුල් යොදා ගත්හ. ‘
The clash of civilizations and new world order' කෘතිය රචනා කළ සැමුවෙල් හංටින්ටන් මහතා ද සේවය කළේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව වෙනුවෙන් බව අප විසින් අමතක නොකළ යුතුය. සිය අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා නව යටත් විජිතවාදීන් මේ යුගයේදී යොදා ගත් ප‍්‍රබලම අවිය වූ ත‍්‍රස්තවාදයෙන් සිය ජනතාව මුදා ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා ඉන් පෙර ලොව කිසිම නායකයකු නොකළ අයුරේ මානුශික මෙහෙයුමක් දියත් කළේ ය. වියරු වැටුනු නව යටත් විජිතවාදීහු ත‍්‍රස්තවාදීන් රැක ගැනීමට සිය උපරිම උත්සාහය දැරීය. අද ත‍්‍රස්තවාදීන්ගෙන් බැටකන ප‍්‍රංශ රජයේ හිටපු විදේශ ඇමතිවරයා අවසන් මොහොතේ පවා ත‍්‍රස්තවාදී නායකයන් රැක ගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසීමට ඇඹිලිපිටියටම ගියේය. ත‍්‍රස්තවාදීන් පරාජයයෙන් පසු ඔවුනට අවශ්‍ය පරිදි බෙදුම්වාදී න්‍යාය යළි කරළියට ගෙන ඒම සඳහා නව යටත්වාදීහු සිය අභිලාෂයන් කි‍්‍රයාත්මක කරවා ගත හැකි රූකඩ රාජ්‍යයක් මේ රට තුළ පත් කර ගන්නා තුරු සිය වැඩ පිළිවෙල අත් නොහැරීය. ඉදිරියටත් ඔවුන් ඒ සඳහා පෙනී සිටුනු ඇත. ඒ සඳහා ඇති ප‍්‍රධාන බාධකය ලෙස ඔවුන් දකින මහින්ද රාජපක්‍ෂ මහතාව දේශපාලනයෙන් ඉවත් කිරීමට හැකි සියළු ක‍්‍රියා මාර්ග වලට එළඹෙනු ඇත.

අද අප රටේ පාලකයින් විසින් ම අපට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර ඇති භයානක යෝජනාවලියෙන් ගැලවීමට ඇති එක් මඟක් නම් අපි‍්‍රකාව, ආසියාව හා ලතින් ඇමෙරිකානු ප‍්‍රගතිශීලී ජාතික ආණ්ඩු එක පෙරමුණකට ගොනු කිරීමයි. ‘
The UN’s relentless pursuit of Sri Lanka’ නැමැති මාහැඟි කෘතියේ රචකයා වන දර්ශන් වීරසේකර මහතා මෙය එතරම් ප‍්‍රායෝගික නොවන විසඳුමක් ලෙස දකිතත් එය යථාර්ථයෙන් එතරම් ඈත් වූ විසඳුමක් යැ යි මට නොසිතේ. විශේෂයෙන් ම ලතින් ඇමෙරිකාවේ නව දේශපාලන ප‍්‍රවණතාතාවයන් සැළකිල්ලට ගෙන බලන විට මේ සඳහා බලාපොරොත්තු තබා ගත හැකි බව පෙනේ. ජෝන් පර්කින්ස් ඔහුගේ ‘The secret history of the American Empire' නැමැති කෘතියේ සඳහන් කරණ අයුරු ‘1998 වර්ෂයේ පටන් දකුණු ඇමෙරිකාවෙි රටවල් හතක, මහාද්වීපයේ මිලියන 370 ක ජනගහණයෙන් මිලියන 300 ක ජනතාවක් විදේශීය කොල්ලකාරිත්වයට එරෙහිව මැතිවරණ සටන ගෙන ගියා වූ ජනාධිපතිවරුන් වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කර තිබුනි. අපගේ ජනමාධ්‍යයන්ගේ හා දේශපාලකයන්ගේ සියළු ප‍්‍රකාශයන් තිබියදීත් එම ඡන්ද ප‍්‍රකාශ වී තිබුනේ කොමියුනිස්ට්වාදය, අරාජිකත්වය හෝ ත‍්‍රස්තවාදය වෙනුවෙන් නොවෙි. ස්වයං තීරණ ගැනීම වෙනුවෙනි’ (ප‍්‍රසන්න පෙරේරා ගේ සිංහල පරිවර්තනය ඇසුරෙනි) වර්තමාන පාලනය යටතේ රට දිනෙන් අරාජික භාවයට යන අයුරු දකින මෙරට බුද්ධිමත් ජනතාව ද නුදුරු අනාගතයේම දිනක දකුණ ඇමෙරිකානු ජනතාව ගත් මඟ ම ගනු ඇත. ඒ දිනය උදාවන තුරු මහින්ද රාජපක්‍ෂ මහතා රැක ගැනීම මෙරට දේශපේ‍්‍රමී බුද්ධිමත් ජනතාවගේ වගකීමයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය සමරන මේ මොහොතේදී එතුමා ආරක්‍ෂා කර ගැනීම අපි අපගේ වගකීම ලෙස සළකමු. අපි එතුමාට සෙත් පතමු. එතුමා රැක ගැනීමට එතුමා වටා ජන පවුරක් ගොඩනංවමු. ඒ අප වෙනුවෙන් ම නොවෙි. ආසියාව, අපි‍්‍රකාව හා ලතින් ඇමෙරිකාව ද නියෝජනය කරණ සැබෑ ජාත්‍යන්තර ප‍්‍රජාව කුරිරු නව යටත් විජිතවාදයෙන් රැුක ගැනීමටයි. මෙවන් වූ ජන ප‍්‍රවාහයක් මෙහෙයවිය හැකි අද ට ලොව සිටින අත්දැකීම් බහුල පරිණතම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතාය. එතුමා වර්තමාන ලෝකය තුළ නව යටත් විජිතවාදයට එරෙහිව ලොව කුඩාම රාජ්‍යකට වුවද නැඟී සිටිය හැකි බව ලොවට පෙන්වා දුන් මෑත කාලයේ ලොව සිටි ශ්‍රේෂ්ටතම දේශපාලනඥයා වන බැවිනි.

අපේ ආයුසත් අරගෙන් අප වෙනුවෙන් දිගු කලක් ජීවත් වන්නට එතුමාට දිගාසිරි පතමු.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
 (Like us on facebook)
https://www.facebook.com/yuthukama

ජාතික වීරයෙක් දුටිමි

කතෘ:යුතුකම     11/17/2015   1 comment
ඉස්කෝලේ ගිය කාලේ
ජාතික වීරයන් දුටුවෙ
පොත්වල පිටු අතර මිසක
හැබැහින් අප අතර නොවේ

සිතින් මවා ගතිමි එකල
කැප්පෙටිපොළ නිලමෙගෙ රුව
සුද්දගෙ ආවුද යැවු හැටි
හිස දුන් රඟ දංගෙඩියට

නගරෙට ගිය හැම වේලෙම
මවිත කළා මා හද නිති
තෙදවත් බලවත් පෙනුමැති
සිත් පිත් නැති දමිපල් රුව

දින දින දැන ගන්නා කල
කළ මෙහෙවර දමිපල් හිමි
කතා කළා මාත් එක්ක
නිසසල දමිපල් පිළිරුව

හිතුවෙම නෑ මේ කාලෙත්
ජාතික වීරයො සිටිතැයි
දින දින තැන තැන මිය යන
සුරවිරු රණවිරු කැළ මිස

මියෙන දැයට යළි පණ දී
හිඟන රටක් විමනක් කළ
සොල්දාදුවො රණවිරුවන්
කළ විරුවෙක් යළි බිහි විය

සෙනේ පිරුණු සිනා මුවින්
අප ව වැළඳ පිළිගන්නා
අපගේ දුක සැප විමසන
ජාතික වීරයෙක් දුටිමි

පොත්වල පිටු අතරෙ නොවේ
සිවු මංසල අයිනෙ නොවේ
අප අතර ම අපත් එක්ක
අපගේ හද තුළ ම ඉන්න

රැකගමු මාහැඟි පිළිරුව
රනින් නොකළ රන් පිළිරුව
අදට වඩා හෙටට වටින
ලෙයින් මසින් කළ රන් රුව

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015 ඉල් මස 18 දා
මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය නිමිත්තෙනි
 

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/11/2015

86 විය සපූරන ඔබ තරුණයි අපට වැඩිය

කතෘ:යුතුකම     11/11/2015   No comments
(2015 නොවෙමිබර් 12 වැනි දා ට යෙදෙන ගුණදාස අමරසේකර ශූරීන්ගේ 86 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

ඔබගෙන් පසු පරපුරකදි
ඔබ විඳි සරතැසම විඳින
මගෙ දිවියට නිරතුරුවම
පහන් ටැඹක් වූවා ඔබ

නිතියෙන් මා හද වෙලනා
දහසක් පීඩා අතරේ
රටට දැයට ඇති බැති පෙම
ඔබෙන් උගත් සිරිතකි මා

අප විසු නිවසේ පෙර කල
සාලෙ මැද්දෙ තිබුනේ නෑ
තේජස්වී රූපය එම
ධර්මපාල උතුමන්ගේ

මගෙ දිවි මඟ වෙනස් කලේ
යටලමත්තෙ ගුරු නිවෙසක
බිත්තියෙ එල්ලලා තිබුනු
ධර්මපාල තුමා ගෙ රුව

සියැසින්  දුටු දමිපල් විරු
වෙද මහතා එනිවස වැසි
දමිපල් සිරිතෙන් ගෙන පැන්
පෙවීය මියැදෙන ගමකට

පෝස්වත්තෙ කංකානම
සමරසිංහ වෙද මහතා
බාල මහත්තයට මෙන් ම
ඔබට උරුම විය එම නැණ

ජාතියකට උරුම වෙචිච
ඇති බව චින්තනයක් හුරු
දැයට කියා දී දින දින
වෙනස් කලා දැයේ ගමන

නොපැතූ නොසිතූ මොහොතක
බිඳුනිය දමිපල් පිළිරුව
එකසිය පනහේ සැමරුම
නිමාවෙන්නටත් ඉස්සර

කළු සුද්දන් යළි රජවිය
රට සුද්දන් මනදොළ ලෙස
රණ විරුවන් දංගෙඩියට
දී කොටියන් හට නිදහස


අබුද්දස්ස කල එනකොට
ලබුත් තිත්ත වෙනවලූ නෙව
මොනවා කරමුද අපි දැන්
කාට කියමි මෙි අවනඩු

අසූ හය වසක් සපුරණ
වයස නොයන පැන නැණ කඳ
ඔබගෙන් අසනවා මිසක
වෙන කාගෙන් අහමුද අපි

සමරසිංහ වෙද මහතා
වැනි උදාර මනුස්සයින්
බාල මහත්තයා වගේ
මවුහත් ගුණයෙන් සපිරුණු

මිනිසුන් අදටත් ඉන්නව
පසල් දනවු වල මෙි රට
උදාර කුල සිරිත් රකින
බඩට නෙවෙි රටට කරණ

එකතු කරමු එ් හැමෝම
කුළු ගන්වමු දෑ නිදහස
ධර්මපාල චින්තනයට
යළි පන දෙමු හෙට දවසෙදි

කළු සුද්දන් රට සුද්දන්
උන්ගෙ ඉඳුල් බුදින එවුන්
එක රැුහැනට ගෙන පන්නා
යළි පන ගන්වමු මෙි රට

අසූ හය වසක් වුනාට
ඔබ තරුණයි අපට වැඩිය
බුදුන් වඳින දෝතින් වැඳ
ඔබට සුභාසිරි පතනෙමි

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015 ඉල් මස 12 දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබත් යුතුකම ෆේස්බුක්  පිටුව සමග එකතුවන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama


https://www.facebook.com/yuthukama

11/08/2015

සෝභිත හිමි අපවත් වෙල

කතෘ:යුතුකම     11/08/2015   7 comments
සෝභිත හිමි අපවත් වෙල සිංගප්පූරුවෙදි උදේ
කිරිබත් උයමුද මානෙල් ලමයිත් අද ගෙදර නිසා

ප‍්‍රභාකරන් මැරුණු වේලෙ සිතට දැනුනු සන්තෝසය
සෝභිත හිමි මියුනු විටත් සිතට දැනෙන අරුමය කිම

කුරා කූඹියෙක් මැරුණත් අනේ අපොයි කියන රටක
සිවුරට හැමදාම වැන්ද මගේ සිතේ ඇයි වෙනසක්

ප‍්‍රභාකරන් රට වැනසුව දරුවන් අමිමලා මැරුව
ඒකයි අප සතුටු වුනේ ඒ යස්සය මිය ගිය දා

සසුන රකින්නට කැප වුනු ප‍්‍රාතිමොක්ස සීලය රැකි
සෝභිත හිමි නැති වුනු දා තුටු වන්නේ ඇයිද ම සිත

සසුනයි රට එකක් මිසක දෙකක් නොවේ මට කිසි දින
හොඳට තිබුනු රට වනසල සුද්දන් යළි රජ කරවල
මැරුණු කොටින් පණ ගන්වල දෙකඩ කරන්නට මගෙ රට
පාර කපපු නිසයි එ හිමි සතුටක් දුන්නේ එ පුවත

හික්කඩුවේ නායක හිමි ගුණානන්ද හිමි වැනි වූ
උදාර පරපුරක නැතත් බුදු පුතෙකිය සෝභිත හිමි

දෝසය සිත තුරන් කරමු නිවන් පතමු එ උතුමන්ට
අසූ හතේ රට වෙනුවෙන් බැට කෑ හැටි සිහි ගන්වමු

හිටියානම් හෙට දවසෙදි සිද්ද වෙචිච විනාසෙ දැක
නැගී සිටිනවා නිසැකයි අපිත් එක්ක රට රකින්න

හෙනහුරු ලැබුවම අකලේ බුදු පුතුනුත් වල්මත් වෙි
කිරිබත් ඔිනෑ නෑ අද තියෙන දෙයක් කාලා ඉමු

සසුන සුරැකි හිමි නමකිය පින් පමුනමු සැදැහැ සිතින්
පවු පුරවා නොගෙන සොඳුර විස්නු දෙයියො සසුන රකියි


-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015 ඉල් මස 8 වැනි දා 



යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/01/2015

ළමා පරපුරේ ජීවත් වීමේ අයිතිය රැකදුන් විරුවන් රැක ගනිමු - ලෝක ලමා දිනයට නව අරුතක්

කතෘ:යුතුකම     10/01/2015   No comments
2009 වසරේ මැයි මාසයේ මුල් සතිය මා ගත කළේ සෙටිටිකුලම් ඩොලර් ෆාම් අනාථ කඳවුරු වල ය. ඒ වන විට ද ම්ලේචීඡ කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි ලක්‍ෂ තුනක පමණ අහිංසක ජනතාව මුදවා ගැනීම පිණිස මිනිස් ඉතිහාසයේ ඉන් පෙර පැවති කිසිම යුද්ධයක දී නො ඇසූ විරූ ආකරයේ මානුෂික මෙහෙයුමක් ක්‍රිරයාත්මක වෙම්න් පැවතිනි. වීරෝදාර රණ විරුවන් විසින් මුදවාගනු ලැබූ අහිංසක ජනතාව සිය දරු දැරියන් ද සමඟ දස දහස් ගණනින් දිනපතා ම අවතැන් කඳවුරු වෙතට පැම්ණෙම්න් සිටිය හ. කඳවුරුවල අහිතකර තත්වය පිළිබඳ ව මහා ප්‍රචාරයක් ඒ වන විට ද ඊනියා නිදහස් ජාත්‍යන්තර මාධ්‍යය විසින් ලොව පුරා දියත් කර තිබුනි. සරණාගතයින් දස දහස් ගණනින් පැමිණෙම්න් සිටියේ සංචාරක නිවාස හෝ ලැගුමි හල් හෝ සොයා ගෙන නොව, ජීවිතය සොයා ගෙන ය. ඔවුනට එය නොමසුරුව ලැබුනි. ඔවුනට ජීවිතය ලබා දුන්නේ ඔවුන් ව ප්‍රාණ ඇපකරුවන් ලෙසින් තබා ගෙන සිටි ත්‍රස්තවාදීන් නොව, ත්‍රස්තවාදීන්ගෙන් රට ඛෙිරා ගැනීමට දිවි හිම්යෙන් සටන් කළ වීරෝදාර රණ විරුවන් විසින් ම ය. අක්කර සිය ගණනක හිස් භූම් භාගය පුරා පැතිර තිබුනු තාවකාලික කුඩාරම් පෙළ ලොවට හඬ නඟා ප්‍රකාශ කළේ මෙම ජීවිත් වීමේ අයිතිය සරැකීම පිළිබඳ ව උදාර පණිවුඩය යි. මෙ රට සැබෑ ආශ්්චර්යයේ සත්‍ය කතාව මා ඇසුවෙිි දුටුවෙි අධිවෙිගී මාර්ග, ගුවන් තොටුපළ හා වරාය නගර ව්‍යාපෘති තුළ නොව, මෙසේ අසරණව පෑම්ණි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත් වීමේ අයිතිය තහවරු කරදුන් තාවකාලික කුඩාරම් පෙළ තුළ දී ය.

මේ මා ඇසූ කතන්දරයයි.

එම මව කඳවුරේ වෛද්‍ය සායනය වෙත පැම්ණ සිටියේ සිය පුතුගේ බිළිඳු දියණිය ද සමඟ ය. ඇය සමඟ සංවාදය පහසු වූයේ කලක් කොළඹ ජීවත් වූ ඇයට ඉතා හොඳින් සිංහල කතා කිරීමට හැකි වීම නිසා ය. මානුෂීය මෙහයුම් කි්‍රයාත්මක වෙම්න් පැවැති එම වකවානුවෙි දී ඇය සිය කුළුඳුල් ම්නිබ්රිය පිළිගැනීමට සූදානම් වෙම්න් සිටියා ය. ඇති විය හැකි අවදානම් සහගත තත්වය හොඳින් තේරුම් ගෙන සිටි ඔි ඔිනෑම හදිසි අවස්ථාවක ට මුහුණ දීම සඳහා දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය වූ සියළුම කළමනා රැස් කර ගත්තා ය. රණ විරුවන් පුදුමාතලන් රෝහල ත්‍රස්තයින්ගෙන් මුදවා ගන්නා විට තරුණ මව සිය කුළුඳුල් දියණිය බිහි කිරීමට ප්‍රසව වෙිදනාවෙන් පෙළෙම්න් සිටියා ය. පළා යම්න් සිටි ත්‍රස්තවාදීන්ගේ දැඩි ප්‍රහාරයන්ට මුහුණ දෙම්න් රණ විරුවෝ රෝහල තුළ සිටි පිරිස හැකි ඉක්මණින් මුදවා ගැනීමේ ඒකායන අරමුණෙන් දැඩි උත්සාහයක යෙදී සිටියෝ ය. රෝහල් ආලින්දයක තනියෙන් ම සිය ලේලිය ගේ ප්‍රසූතිය ට වින්නඹුකම් කරම්න් සිටි ඇය ඔවුන් ඛෙිරා ගැනීමට පැම්ණි රණ විරුවන් වළකා ලී ය. තම ලේලිය කුළුඳුල් දරුවා නිරුපද්‍රිතව බ්හි කරන තුරු ඔවුන් හා එකතු විය නොහැකි බව ඇය හඬා වැටෙම්න් ඔවුනට පැහැදිලි කළා ය. සොල්දාදුවෝ :රණ විරුවෝ- ඔවුන් හැරදමා නො ගියෝ ය. ඔවුහු මෙලොව අසිරිය දැක ගැනීමට වැරදරමින් සිටි එA අසිරිමත් නූපන් දරුවා ගේ මව වටා ආරක්‍ෂක වළල්ලක් සේ සිට සතර අතට වෙඩි තබම්න් වියරු ත්‍රස්තයන්ගෙන් ඇය ව මුදා ගත්තෝ ය. ඔවුහු ජීවිතයේ කිසි ම දිනක දැක නොතිබුනු එA අසරණ මව සහ දරුවා රැක ගැනීම වෙනුවෙන් ඔවුනට පි්‍රය වූ සෑම දෙයක් ම කැප කිරීමට සැදී පැහැදී සිටිය හ. සියල්ල නිම වූ පසු මව ද දරුවා ද නිරුපද්‍රිතව කලපුව හරහා ආරක්‍ෂිත ස්ථානයකට ගෙන ඒමට ද උදවු කළ එම වීරෝදාර රණවිරු දරුවන් සිහි වී ඇය මා ඉදිරයේදී ම දොහොත් බැඳ ඔවුනට ආශීර්වාද කළා ය. එA එම දැරියගේ ජීවත් වීමේ අයිතිය රැක දුන් ආශ්චර්යයේ කතාවයි. එම ළදැරියගේ පමණක් නොව මර බ්යෙන් එම කඳවුරු වලට පැම්ණෙම්න් සිටි ත්‍රස්තවාදය නිසා උපන් බ්මේ සරණාගතයන්ව බවට පත් ව සිටි ලක්‍ෂ සංඛ්‍යත ජනතාවකගේ ජීවත් වීමේ අයිතිය ද ඔවුහු සුරැකිය හ. ශ්‍රේෂ්ඨ රාජ්‍ය තන්ත්‍රිකයෙකු හා ඔහුගේ සන්නද්ධ හමුදාවන් විසින් කෝටි දෙකක ජනතාවකගේ බ්යෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කළ ආශ්චර්යයේ කතාන්දරය මෙය යි.

මේ ආශ්චර්යයේ කතන්දරය ඇසූ දුටු බටහිරයෝ වියරු වැටුන හ. ඔවුන් විසින් කාලයක් තිස්සේ කි්‍රයාත්මක කරගෙන ආ ලොව බටහිර නොවන සියළු සභ්‍යත්වයන් විනාශ කර දැමීම සඳහා යොදා ගන්නා ලද ත්‍රස්ත ව්‍යාපාරයන් අතර වූ ශක්තිමත් ම සංචිධානයක් වූ කොටි ව්‍යාපාරය මෙසේ සුණු විසුණු කර දැමීම ඔවුන් මෑත ඉතිහාසයේ ලද විශාලතම පසුබෑම විය. වියටිනාමය, ඇෆ්ගනිස්ථානය, ඉරාකය වැනි රටවල් වල දී අහිංසකයන් ම්ලේචිඡ ලෙස ඝාතනය කරම්න් යුද වැදුනු ඔවුනට මානුෂීය මෙහෙයුමක සැබෑ අර්ථය තේරුම් ගැනීමට තරමි ප්‍ර«වක් උරුම කරගත හැකි සභ්‍යත්වයක් තුළ වැඩුනු චින්තනයක් නොතිබුනි. ලෝකයේ යුද ඉතිහාසය තුළ මිලේචිඡත්වය පමණක් ප්‍රගුණ කර සිටි බටහිරයන්ට කොටි ත්‍රස්තවාදය හොඳින් තේරුමි ගැනීමේ අපහසුවක් නො වී ය. ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වීමට ද ඔවුනට උවමණාවක් නොතිබ්නි. ඔවුන්ට මානුෂීය මෙහෙයුමි ගැන පමණක් පරීක්‍ෂණ පැවැත්වීමට අවශ්‍ය වූ යේ එබැවිනි. ඒ ඉදිරි අනාගතයේ දී වෙනත් කිසිම ඊනියා කුඩා රාජ්‍යයක රාජ්‍ය නායකයෙකුට ඔවුන් විසින් නිර්මාණය කරන ලද ත්‍රස්තවාදී ව්‍යාපාරයකට විරුද්ධ නො වීම සඳහා පාඩමක් ඉගැන්වීමටයි. ඒ ඔවුනට අවනත නොවන කුඩා රටක ජනතවට ජීවත් වීමේ අයිතිය නොතකන බටහිර රටවල මානව හිමිකමි පිළිබඳ පණිවුඩයේ සැබෑ ස්වරූපය යි. වසර දෙදහස් නමය සිට අද දක්වා ද නොනැවතී කි්‍රයාත්මක වන මේ වීරෝධාර රාජ්‍ය නායකයා සහ රණවිරුවන් කොටු කර ගැනීමේ ව්‍යාපෘතියේ යටි මෙන් ම උඩු අරමුණ ද මෙය යි. ඔවුහු මේ සඳහා ඔවුනට හැකි අයුරෙන් චිදේශීය මෙන් ම දේශීය බලවෙිග ද යොදා ගනිති.

මේ මෙහෙයුම සඳහා අවශ්‍ය දේශීය බලවෙිගයන් අප රට තුළින් ම සොයා ගැනීම එතරම් අපහසු නොවූයේ් යටත් විජිතවාදීන් චිසින් ම අප පිට පටවන ලද අධ්‍යාපන මොඩලය අප විසින් තවමත් කර පින්නා ගෙන සිටින බැවිනි. අනගාරික ධර්මපාල තුමා චිසින් මීට සියවසකට පෙර මෙම අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීමට පාවිචිචි කරන ලද ස්ථිර පදනමක් නොමැති අවජාතක අධ්‍යාපනය : ( A bastard education without solid foundation)- යන යෙදුම ම මෙම අධ්‍යාපනයේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමට ප්‍රමාණවත් වෙතැයි මම සිතම්. මෙවන් වූ අධ්‍යාපනයක් මඟින් තමන්ගේ උරුමයට, සභ්‍යත්වයට, සංස්කෘතියට වඩා පරගැති බවට පි්‍රය කරන කළු සුද්දන් පිරිසක් ද බිහි වීම වළක්වා ගැනීම අපහසු ය. අද ප්‍රශ්නය වී ඇත්තේ ධර්මපාල තුමා අනාවැකි පළකළ අයරු කළු සුද්දන් දෙතුන් දහසක් නොව ලක්‍ෂ ගණනක් බ්හි වී සිටීම ය. උගතුන් මෙන් පෙනී සිටීන මොවුන් මේ වන විට රටෙි සෑම ක්‍ෂෙත්‍රයක් තුළට ම ව්‍යාප්ත වී ඇති අතර ජාතිකත්වයෙන් තොර වීම නිසා ම ඔවුනට මා මුලින් කී ආශ්චර්යයේ කතාව නොතේරේ. ඒ පර සිරිත් උසස් කර දක්වන ලද අධ්‍යාපනයක් මඟින් ඔවුන් උරුම කර ගන්නා ලද දීන මානසිකත්වය නිසා ය. මෙ රට ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා බ්යෙන් සැකෙන් තොර ව ජීවත් වන මොවුන් ගේ අනුකාරක මනස් යහපාලනය, මාධ්‍ය නිදහස, මානව අයිතීන් වැනි විසි වන සියවසේ ප්‍රචලිත වූ බටහිර සංකල්පයන් අවිවාදයෙන් පිළි ගැනීමට සැදී පැහැදී තිඛෙි. ඔවුන් නොදන්නා දෙය නම් මෙම සටන් පාඨ හැටෙි දශකයේ සිට ම ලොව සමාජවාදී කඳවුර අස්ථාවර කිරීම සඳහා බටහිර රටවල් රාජ්‍ය නොවන සංචිධාන හරහා යොදා ගන්නා ළද සංකල්පයන් ම බව ය. විසිඑක් වන සියවසේ දී අප පසු කරම්න් සිටින්නේ බටහිර ජාතීන් විසින් තමන්ට අවනත නොවන රාජ්‍යයන් විනාශ කිරීම සඳහා කෙළින් ම ත්‍රස්තවාදය යොදා ගන්නා අවධියකි. චිසි එක් වැනි සිය වසේ දී ත්‍රස්තවාදය විනාශ කර කුඩා රාජ්‍යයක් තුළ සියළු ජාතීන්ගේ ජීවත් වීමේ අයිතිය රැක දුන් රාජ්‍ය නායකයකුට එරෙහිව ඔවුනට මෙම පැරණි සටන් පාඨ ම යොදා ගත හැකි වීම නම් අදවන විට මෙ රට ම වෙලාගෙන ඇති දීන මානසිකත්වයේ කදිම පිළිබිඹුවකි.

අප තවමත් මනසින් බටහිර යටත් විජිත චින්තනයෙන් ම්දී නොමැත. එA බව තේරුම් ගන්නා තුරු ම අපට මෙම දීන මානසිකත්වයෙන් ගැලවීමට ද අපහසු වනු ඇත. චිනුවා ඇචිඛෙි නම් වූ පුරෝගාම් අපි්‍රකානු සාහිත්‍යකරුවා ගේ මෙම අදහස් අප අද ද මුහුණ දෙන මෙම මානසික අතෝරය පීළිබඳ ව යම් අවබෝධයක් ලබා ගැනීමට උපකාර වෙතැ යි සිතම්. චිනුවා ඇචිඛෙි නයිජීරියාවෙි ජීවත් වූයේ යටත් විජිත සමයේදී ය. වැඩෙන වියේ දී ත්‍රාසජනක කතා කියවීමට පටන් ගත් ඇචිඛෙි ට තමා ගත යුත්තේ ම්ලේචිඡයන්ගේ පැත්ත ද නොඑසේනම් ඔවුනට එරෙහි වන ‘ශිෂ්ට සම්පන්න‘ සුදු ම්නිසුන්ගේ පැත්ත දැයි තීරණය කළ නොහැකි විය. ඔහු ම සඳහන් කරන අයුරු ර්‍ණමම අවි«නිකව ම සුදු ම්නිසුන්ගේ පැත්ත ගත්තෙම්. ඔවුන් ඉතා හොඳ විය. දක්‍ෂ වී ය. බුද්ධිමත් චිය. සෙස්සන් එසේ නො වී ය. ඔවුන් මුග්ධ මෙන් ම අවලස්සණ ද විය. තමන්ගේ ම කතන්දර නොමැති වීමේ ඇති අවදානම මම තේරුම් ගත්තෙම්. සිංහයාට ඔවුන්ගේ ම කතන්දරය කිව හැකි කතන්දර කරුවන් නිර්මාණය කර ගන්නා තුරු දඩයක්කරුවාගේ කතාව දඩයක්කාරයන්ගේ කතා කරුවන් විසින් වර්ණනා කරනු ඇත.” මෙම වටිනා පිරුළ තේරුම් ගැනීමත් සමඟ ම ය චිනුවා ඇචිඛෙිට සිංහයාගේ කතන්දරය කීමට දැඩි උවමනාවක් ඇති වූයේ. ‘‘Things fall apart’’ නම් වු විශිෂ්ට නිර්මාණය ඇචිඛෙ විසින් සිංහයාගේ කතාව කීමට ගත් උත්සාහය යි. (මෙම කෘතිය මුහුද ගොඩ ගලා යනුවෙන් සිංහලට පරිවර්තනය කරණු ලැබ ඇත) සිංහයන්ගේ සැබෑ කතාව අප අප කීීව ද නොකීව ද (අ)ශිෂ්ට සම්පන්න සුදු මිනිස්සු පුදුමාතලන් රණවිරුවන් ම්ලේචීඡයන්, ස්තී්‍ර දූෂකයින් සමූල ඝාතකින් ලෙස හංවඩු ගසනු ඇත. කවදත් සුදු මහත්තුරුන් ගේ හැටි එහෙම ය. අවාසනාව මේ චෝදනා පිළිගන්නා එA ගැන පරීක්‍ෂණ පැවැත්වීමට සැදී පැහැදී සිටිනා කළු සුද්දන් ලක්‍ෂ ගණනින් මෙර ට බෝ වී හා බෝ වෙමින් තිබීම යි.

මා මේ කියූ කතන්දරයේ යුද ගිනි දැල් මැද පුදුමාතලන් රෝහලේ උපන් එම දැරිය දැන් බ්යෙන් සැකයෙන් තොරව නිදහසේ සරන සමනලියක සේ සිය යහළු යෙහෙළියන් ද සමඟින් පාසැලට පිය නඟනවා යනු ඇත. ඇය පමණක් නොව මෙරට සියළු දරු දැරියන් අද දින නිදහසේ පාසැල වෙත පිය නගන්නේත් ඔවුන් ගේ මවුපියන් බියෙන් සැකෙන් තොරව හුස්මක් කටක් ගන්නේත් මෙරට හිටපු රාජ්‍ය නායකයා සහ වීරෝදාර රණ විරුවන් විසින් ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය රැක දුන් බැවිනි. අප වෙත උදා කර දෙන ලද ජීවත් වීමේ අරුමයේ සැබෑ උරුම කරුවන් වන ඇයගේ පරම්පරාවෙී දරු දැරියන් අද දිනයේ දී මේ විඳින සැබෑ නිිදහස ඔවුන් වෙනුවෙන් සුරැකිය යුතු ම ය. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම, මාධ්‍ය නිදහස, යහපාලනය, මානව අයිතීන් වැනි යල් පැන ගිය විසිවැනි සියවසේ බොල් සටන් පාඨ යොදා ගනිම්න් එය ඔවුනට අහිම් කිරීමට කිසිවෙකුට හෝ ඉඩ දිය නොහැක. එපමණක් ද නොව මෙම ආශ්චාර්යේ සැබෑ නිර්මාණ කරුවන් වූ හිටපු ජනාධිපති තුමා ආරක්‍ෂක ලේකම් ඇතුළු රණවිරුවන්ගේ ගෞරවය, අභිමානය විනාශ කිරීමට හෝ ලඝු කිරීමට හෝ කිසිවෙකුටත් ඉඩ දිය යුතු නොවෙි. මෙම ආශ්චර්යයේ උරුමය හා එහි නිර්මාණකරුවන් දිවි හිම්යෙන් මෙරට ළමා පරපුර වෙනුවෙන් රැක ගැනීම මෙන් ම ආශ්චර්යයේ විශ්ම්ත කතන්දරය ලොවට හඬ නඟා කීම ද මෙම යුගයේ ජීවත්වන අප විසින් ඉටු කළ යුතු මහා සමාජ මෙහෙවර යි. වාර්ෂික ලෝක ලමා දිනය සමරණ මේ මෙහොතේ දී මෙරට වර්තමාන හා අනාගත ලමා පරපුර වෙනුවෙන් අප උරදිය යුතු මාහැඟි කාර්ය හාරය එය යි.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015/10/01 :ලෝක ලමා දිනයේ දී ය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/07/2015

"රට බල්ලට ගියා මල්ලි" - සරත් අයියගේ ම වචන

කතෘ:යුතුකම     9/07/2015   4 comments
සරත් අයිය මිය ගිහින්ලූ දැනුයි පණිවිඩේ ලැබුනේ
අපේ ගෙදර නතර වෙලයි ඉගෙන ගත්තෙ මහින්දයේ
ඉගෙන ගත්ත බොහොම හොඳට සරසවි ගිය ඒ කාලෙම
ලොකු ලොකු තනතුරු දැරුවා සිවිල් විබාගයත් කරල

මට මතකයි හැත්ත හතේ දවසක ඔහු මුණ ගැසුනා
රටම සතුටුවන මෙහොතක පවුල් ගහම උදුරල දා
මට එතකොට චන්දෙත් නෑ ඒත් ගොඩක් කතා කළා
දූෂණ භීෂණ ඔක්කොම ඉවර වුනැ යි මං කීවා

බලං ඉඳල මගේ දිහා එකම දෙයයි ඔහු කීවේ
රට බල්ලට ගියා මල්ලි තේරුණෙ නැහැ මට එවෙලේ
කළගෙඩි කුළු පොලූ සෙල්ලං මැරයන් තර්ජන මර්දන
ටයර් සෑය බිම් බෝම්බ දකින කලදි තේරුණෙ මට

අන්කල් කොහොමද සැප දුක සිහින ලොවින් මා මිදුනා
උඩහ ගෙදර සිතුම් පුතා පාරේ යන ගමන් ඇහුවා
ඉගෙන ගන්න හරි දස්සය දෙකට කඩල ඒ එල් කළෙ
ප‍්‍රතිඵල එන්නත් කලියෙන් සිමා වලට පන්ති යන්නෙ

මොකද වුනේ අංකල් මේ චන්දෙන් පැරදුනා නේද
දූෂණ භීෂණ ඉවරයි විරිත්තමින් කීවා ඔහු
සරත් අයිය මතක්වුනා එකම දෙයයි මං කීවේ
රට බල්ලට ගියා පුතේ දවසක උඹටත් තේරේ

නො කීව දේ මං සිතුම්ට හිත ඇතුළේ හොල්මං කළ
බල්ලට ගිය රට කොටියට දේවි කියල හෙට අනිද්ද
 

විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි [2015/09/05]
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

9/04/2015

ධර්මපාල තුමාගේ මතක පොතින්

කතෘ:යුතුකම     9/04/2015   No comments
(අනගාරික ධර්මපාලතුමා ගේ දිනපොත් වල එන මුල් යුගයේ මතක සටහන් ඇසුරින් කවියට නඟන ලදී )

විසිතුරු වු ගෙඋයනේ
තුරුලතා මල් වියන්
අතල සිසිලේ සරන
කුදු මහත් සිහින් වූ

අපා සිවුපා දෙපා
බහු පාද ඇති සතුන්
දැක පිරිනි ළපටි හද
මෙත් සිතින් ඔවුන් වෙත

බිය නොගෙන උයන් ගැබ
නිතින් සැරිසරන සත
දැනං හිටියා වැන්න
අතුරු අන්තාරායක්

නොවන බව කිසි දිනෙක
බුදුන් බැතියෙන් පුදන
දහමෙ හැසිරෙන නිතින
නිවැසියන්ගෙන් උන්ට

උරුම බව අපට මෙන්
සියළු සත හට සරණ
මෙ බිම වෙනසක් නැතිව
කියා දුන් බුදු දහම

වසර දෙදහසකටත්
වැඩි කලක් නොම බිඳුනු
උරුමය සෙ රැකි නිතින්
පරපුරක උපන්නෙන්

ශිල්ප දුන් ගුරු පියකු
ගිනි අවිය එල්ල කර
වෙල් එළියෙ නිදහසේ
සරන සියොතුන් නසනු

දුටු ඔහුගෙ සිත බිඳුනි
දෙවි පියස නොරිසි විය
තැත් කලෙන් ගුරුන් නිති
සුරැකි උරුමය නසනු

බුදු පියාණන්හට ද
අවමාන කළ නිගරු
ගුරු ඇසුර නොරිසි විය
ගුරු ගෙදර නොරිසි විය

ඉටා ගති සුරකිනුව
බුදු සමය මෙන්ම එය
සුරැකි පරපුර සිහල
තබා දිවි දෙවැනි තැන

සිය මවට කී කතා
රැගෙන ජාතක පොතෙන්
රස කැවිලි ලබන්නට
සිත සතුටු කරනු වස්

හැඩ ගැසී බෝසතුන්
සිරත නිති රකින්නට
පාරමී පුරන්නට
සියළු සත සුව පිණිස

රකිනු වස් බුදු සමය
සමඟ සිංහල රට ද
ආත්මය මුදන්නට
නොවෙි රට රකින්නට

කුඩා කළ රැඳි සුරත
මහාවංශය ඔහුට
කියා නොමදුන් දෙයයි
බිය කියන්නේ කිමැයි

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
සැප්තැමිබර 2015
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/30/2015

ශී‍්‍රලනිපයේ ආපසු ගමන

කතෘ:යුතුකම     8/30/2015   2 comments

වසර දෙදහස් ගණනක් තිස්සේ අඛණ්ඩව රැකගත් සිංහල දේශය සිංහලයන්ට අහිමි වුනේ 1815 දී ය. අදීන ජාතියක් වූ සිංහලයෝ එදා පටන්ම අහිමි වූ දේශය යළි මුදා ගැනීම සඳහා ඉංගිරිසින්ට විරුද්ධව අරගල කළහ. මෙම අරගලය 1915 දී අඩපණ ව වියැකී ගියේ එවකට එම ව්‍යාපාරයට නායකත්වය දෙමින් සිටි අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවේ දී නිවාස අඩස්සියට පත් කිරීමත් සමඟ ය. ධර්මපාල තුමා සැක පහළ කළ අයුරින් ම ඉන් පසු මෙරට ජාතික නිදහස් ව්‍යාපාරය ඉංගිරිසි අධ්‍යාපනය ඔස්සේ බිහි වූ කළු සුද්දන් අතට පත් විය. ඔවුන් අත තව දුරටත් අරගලයක් නොවූ මෙරට ජාතික නිදහස් ව්‍යාපාරය හුදු පෙත්සම් ලිවීමේ හා ව්‍යවස්ථා සංශෝධන යෝජනා සාකචිඡ කරනු ලබන ව්‍යාපාරයක් බවට පත් වී ය. පොදු ජනතවගෙන් වියුක්ත වූ මෙම පෙත්සම් කරුවෝ ඒ වන විටත් බංකොලොත් බවට පත් වී සිටි ඉංගිරිසි අධිරාජ්‍යයෙන් නිදහසක් ලබා ගැනීමට සමත් වී ය. ඔවුන් මේ සමත් කම කළේ තමන්ට නිදහස ලැබුනද රාජ්‍ය ආරක්‍ෂාව සහ විදේශ සම්බන්ධතා පාලනය කිරීමට තරම්  හැකියාවක් නැති ය යන ඉංගිරිසින්ගේ උපකල්පනයට අවනත වෙමිනි. වෙනත් වචන වලින් කිවතොත් එය රටෙි අභිමානය පාවා දී ලබා ගත් නිදහසකි. මෙය මේ වන විට ද මෙරට ව්‍යාප්තවෙමින් පැවැති කළු සුද්දන්ගේ අභිලාෂයන් සාක්‍ෂාත් කර ගැනිමක් මිස පොදුජන අපේක්‍ෂාවන් ඉටු වීමක් නොවුනි.

මෙසේ යටපත් කරන ලද ජනතා අපේක්‍ෂාවන් ය 1956 ජනතා ජයග‍්‍රහණය තුළින් මල් ඵල ගැන්වෙනුයේ. මෙම මහා දේශපාලන ව්‍යාපාරයේ පදනම තේරුම් ගත හැක්කේ බණ්ඩාරනායක මහතා විසින් 1951 දී පිහිටවා ගන්නා ලද ශී‍්‍රලනිපයේ ලිබරල් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැදෑරීමෙන් නොව, බෞද්ධ කොමිෂන් සභා වාර්තාව සැළකිල්ලට ගැනීමෙනි. මෙරට පොදු ජනතාව බණ්ඩාරනායක මහතා අගමැති තනතුරට පත්කර ගත්තේ එතුමා ලවා බෞද්ධ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ බලගන්වා ගැනීමට මිස බටහිර ගැති ලිබරල් ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරවා ගැනීමට නොවේ. බෞද්ධ කොමිෂන් සභා වාර්තා යෝජනා 56 දී බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය බවට පත් වී ය. එදා මෙදා තුළ ශී‍්‍රලනිපයෙන් බිහි වූ ප‍්‍රගතිශීලී නායකයින් දෙපළ වූ බණ්ඩාරනායක මැතිනිය ගේ මෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද ප‍්‍රතිපත්තීන් ද ඊට අනුකූල වී ය.

1948 දී ලබාගත් ඊනියා නිදහස අර්ථ සම්පන්න කරගැනීමට අවශ්‍යම සාධකයන් වූ ජාතික ආරක්‍ෂාව හා විදේශ සම්බන්ධතා අපගේ අභිමතය පරිදි නිදහස් කර ගැනීමට අවශ්‍ය පූර්වාදර්ශය සැපයූ නායකයා බණ්ඩාරනායක මහතා ය. 1956 දක්වා බි‍්‍රතාන්‍ය හමුදාවන්ගේ පාලනයට නතුව තිබුනු  මෙරට වරායවල් හා ගුවන් තොටුපලවල් ජනතාව සතු කරන ලද්දේ බණ්ඩාරනායක මහතා විසිනි. බණ්ඩාරනායක මහතාට අනුව නොබැඳි පිළිවෙත යනු අධිරාජ්‍යවාදී කඳවුරට ගැති නොවීම මිස අද ඇතමුන් පවසන අයුරින් කඳවුරු දෙක අතරමැද සිටීම නොවේ. පසු කලක දී නිදහස වඩාත් අර්ථ සම්පන්න කරමින් මෙරට ජනරජයක් බවට පත් කළේ ද විදේශ සමාගමි සතුව තිබුනු වතු ද පවරා ගන්නා ලද්දේ බණ්ඩාරනායක මැතිණියගේ රාජ්‍ය පාලන කාලය තුළ දී ය. මෙසේ මේ රට ලැබූ නිදහසට යම් අරුතක් එක් කිරීමට උත්සාහ කිරීම වෙනුවෙන් බණ්ඩාරනායක මහතාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර මැතිණියට ප‍්‍රජා අයිතීන් අහිමි වී ය.

මෙ රට පහළ වුනු සැබෑ විප්ලවීය නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතා නව යටත් විජිතවාදයේ නිර්ලජ්ජිතම මැදිහත් වීම ලෙස සැළකිය හැකි ජාත්‍යන්තර ත‍්‍රස්ත ව්‍යාපාරයක් පරාජය කරමින් මෙරට නිදහස ස්වෛරීභාවය හා ඒකීයභාවය ද රැකගත් නායකයා වී ය. යටත් විජිත හාම්පුතුන් මතු නොව සැබෑ මිතුරන් හමුවේ මේ රට යළි අභිමානවත් රාජ්‍යක් බවට පත් කරමින් තීරණාත්මක ලෙස  සංවර්ධන මාවතකට යොමුකර වී ය. ඒ වෙනුවෙන් රාජපක්‍ෂ මහතාට ගෙවන්නට සිදුවිය හැකි මිළ බණ්ඩාරනයක මහතාට හා මැතිණියට ඒ වෙනුවෙන් ගෙවන්නට වූ මිළට වඩා විශාල වශයෙන් වැඩි විය හැකි ය. මේ පිළිබඳව සැළකිල්ලෙන් පසු වීම මේරටට ආදරය කරණ සියළු දෙනාගේම යුතුකම මෙන් ම වගකීමද වෙයි.

මෙම ලේඛකයා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සද්භාවය මෙන් ම ඖචිත්‍යය ද නිරන්තරයෙන් ම සැකයට භාජනය කරන්නෙකි. ජනගහණයෙන් සියයට හැත්තෑවක් ම පුරවැසි අයිතීන් නොතිබුනු වහලූන් වූ ගී‍්‍රසියේ ඇතන්ස් නුවරින් ඇරඹුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෑත කාලයේ දී (19 වැනි හා තරමක් දුරට  20 වැනි සිය වසේ දී ද) වහලූන් සහ දාසයන් විශාල වශයෙන් සිටි ඇමෙරිකා එක්සත් ජනපදය  හා යුරෝපීය රටවල හොඳින් ස්ථාපිත වුව ද ලොව අන් බොහෝ රටවල ඒ ආකාරයෙන් ම ස්ථාපිත නොවින.  මේ රට තුළ පසුගිය වසර දශක හත තුළ දී ම  මෙසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආවේනික වූ දුර්වලතා යම් යම් අවස්ථවලදී පිළිබිඹු වනු දක්නනට ලැබිනි. පසුගිය මාස කිහිපය තුළ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුවාවෙන් ජනතා මතයට විරුද්ධව කරගෙන යන මහා ජනමත කොල්ලකෑම නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විකෘතියකට ද වඩා එය කි‍්‍රයා කරවන්නන් ගේ විකෘතියක් ලෙසටය මෙම ලේඛකයා දකින්නේ. ජනවාරි මාසයේ අගමැතිවරයා පත් කිරීමේ සිට අගෝසතු මාසයේ දී ජාතික ලයිස්තු මන්තී‍්‍රන් පත් කිරීම දක්වා පසුගිය මාස කිහිපය තිස්සේ කි‍්‍රයාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විකෘති පිළිබිඹුව පිළිබඳව බොහෝ ලේඛකයන් මීට පෙරද අදහස් දක්වා ඇති බැවින් ඒ එකින් එක ගෙන විස්තර කිරීම අනවශ්‍ය යැ යි සිතමි.

මේ සියළු විකෘති කෙරීම් තුළින් පෙන්නුම් කරන්නේ යළිත් වරක් 1948 ට, එනම් රටේ ආරාක්‍ෂාව සහ විදේශ සම්බන්ධතා යටත් විජිතවාදීන්ගේ අභිමතය අනුව කි‍්‍රයා කරන තත්වයකට රට ආපසු ගෙන යෑමට ඇති උවමනාවයි. මේ වෙනුවෙන් ඔිනෑම පිළිගත් ශිෂ්ඨ සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන් හා මූල ධර්මයන් පවා ඉවත ලෑමට ඔවුන් පසුබට නොවන බවට දැනටත් පෙන්නුම් කර තිබෙි. ප‍්‍රතිවිප්ලවයේ සහ ප‍්‍රතිවිප්ලවයේ වෙනස මෙන් ම ජාතිවාදයේ සහ ජාතිකත්වයේ වෙනස නොදන්නා උගතුන් සිටින රටක ඔවුනට මෙම ආපසු ගමන එතරම් අපහසු ඉලක්කයක් නොවේ ය යන්න ලේඛකයාගේ අදහසයි.

මා මුලින්ද සඳහන් කළ අයුරු මීට වසර 64 කට පෙර බණ්ඩාරනායක මහතා ශී‍්‍රලනිපය පිහිට වූවේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට වුව ද එම පක්‍ෂයට ජනතා සහයෝගය ලැබුනේ ජාතික නිදහස හා අභිමානය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි බැවිනි. අද වන විට ශී‍්‍රලනිපයේ වත්මන් නායකත්වය විසින් මෙම ප‍්‍රතිපත්ති ධාරාවන් දෙකෙන්ම ඈත් වී කි‍්‍රයා කිරීමට සෑදී පැහැදී සිටිනු දක්නට ලැබෙී.

මෙම ආපසු ගමන නතර කිරීමට මෙරට සැබෑ බුද්ධිමතුන් පෙළගැසෙනු දැකීම ලේඛකයාගේ පරමාර්ථයයි. එසේ නො වුවහොත්  මෙරට පොදු ජනතාවගේ පක්‍ෂය වූ ශී‍්‍රලනිපය පොදු ජනතාව අතරමං කරමින් අකල් මරණයකට පත් වීම නො වැළැක්විය හැකි ය.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015 අගෝස්තු 29
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions