සෝභිත හිමි අපවත් වෙල සිංගප්පූරුවෙදි උදේ
කිරිබත් උයමුද මානෙල් ලමයිත් අද ගෙදර නිසා
ප‍්‍රභාකරන් මැරුණු වේලෙ සිතට දැනුනු සන්තෝසය
සෝභිත හිමි මියුනු විටත් සිතට දැනෙන අරුමය කිම
කුරා කූඹියෙක් මැරුණත් අනේ අපොයි කියන රටක
සිවුරට හැමදාම වැන්ද මගේ සිතේ ඇයි වෙනසක්
ප‍්‍රභාකරන් රට වැනසුව දරුවන් අමිමලා මැරුව
ඒකයි අප සතුටු වුනේ ඒ යස්සය මිය ගිය දා
සසුන රකින්නට කැප වුනු ප‍්‍රාතිමොක්ස සීලය රැකි
සෝභිත හිමි නැති වුනු දා තුටු වන්නේ ඇයිද ම සිත
සසුනයි රට එකක් මිසක දෙකක් නොවේ මට කිසි දින
හොඳට තිබුනු රට වනසල සුද්දන් යළි රජ කරවලකිරිබත් උයමුද මානෙල් ලමයිත් අද ගෙදර නිසා
ප‍්‍රභාකරන් මැරුණු වේලෙ සිතට දැනුනු සන්තෝසය
සෝභිත හිමි මියුනු විටත් සිතට දැනෙන අරුමය කිම
කුරා කූඹියෙක් මැරුණත් අනේ අපොයි කියන රටක
සිවුරට හැමදාම වැන්ද මගේ සිතේ ඇයි වෙනසක්
ප‍්‍රභාකරන් රට වැනසුව දරුවන් අමිමලා මැරුව
ඒකයි අප සතුටු වුනේ ඒ යස්සය මිය ගිය දා
සසුන රකින්නට කැප වුනු ප‍්‍රාතිමොක්ස සීලය රැකි
සෝභිත හිමි නැති වුනු දා තුටු වන්නේ ඇයිද ම සිත
සසුනයි රට එකක් මිසක දෙකක් නොවේ මට කිසි දින
මැරුණු කොටින් පණ ගන්වල දෙකඩ කරන්නට මගෙ රට
පාර කපපු නිසයි එ හිමි සතුටක් දුන්නේ එ පුවත
හික්කඩුවේ නායක හිමි ගුණානන්ද හිමි වැනි වූ
උදාර පරපුරක නැතත් බුදු පුතෙකිය සෝභිත හිමි
දෝසය සිත තුරන් කරමු නිවන් පතමු එ උතුමන්ට
අසූ හතේ රට වෙනුවෙන් බැට කෑ හැටි සිහි ගන්වමු
හිටියානම් හෙට දවසෙදි සිද්ද වෙචිච විනාසෙ දැක
නැගී සිටිනවා නිසැකයි අපිත් එක්ක රට රකින්න
හෙනහුරු ලැබුවම අකලේ බුදු පුතුනුත් වල්මත් වෙි
කිරිබත් ඔිනෑ නෑ අද තියෙන දෙයක් කාලා ඉමු
සසුන සුරැකි හිමි නමකිය පින් පමුනමු සැදැහැ සිතින්
පවු පුරවා නොගෙන සොඳුර විස්නු දෙයියො සසුන රකියි
-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015 ඉල් මස 8 වැනි දා
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
සෝභිත හිමි පිළිබඳ යථාර්ථය සහ එතුමන්ට පෞද්ගලික අපේක්ෂා වලින් තොරව ආදරය කළ ( මීට කලකට පෙර ) අප වැනි මිනිසුන්ගේ හෘද සාක්ෂියේ සටහනක් තමයි මට මේ කවිය කියවද්දි දැනුනේ.
ReplyDeleteඑදා 80 දශකයේ සහ 90 දශකයේ මුල් අවධියේ උන් වහන්සේ කොටි ත්‍රස්තවාදය පැරදවීම පිළිබඳව සහ රට බෙදීමට එරෙහිව කට යුතු ආකාරට අදද සිහිපත් වේ..
එදා අපේ වීරයෙක් වූ උන් වහන්සේ දෙමල බෙදුම්වාදීන්ගේ සතුරෙක් විය.
තම්බයියා මහතා තමාගේ කුප්‍රකට බුදුදහම පාවාදීම නම් කෘතියේ ප්‍රචණ්ඩ භික්ෂුවගේ චරිතයට ගෙන තිබ්බ්බේ සෝභිත හිමියන්ය.
නමුත් කාලය සියල්ල වෙනස් කෙරිණ.
ReplyDeleteඑදා දෙමළ බෙදුම්වාදීන්ගේ සතුරකු වූ උන් වහන්සේ අවසනයේ උන්ගේ සිරකරුවෙකු බවට පත් විය.
බෙදුම්වාදයට එරෙහිව සටන් පෙරමුණ සැදූ උන් වහන්සේගේ පන්සල අවසානයේ බෙදුම්වාදීන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානය විය.
එය පිටට වසන් කිරීමට "සාධාරණ සමාජයක්" යන බෝඩ් ලෑල්ල එල්ලිණ.
අවසානය උන් වහන්සේගේ හදවතට දරාගත නොහැකි පාවාදීමකට උන් වහන්සේ දායක විය.
සොඳුරු හදවතක් තිබූ උන් වහන්සේගේ හදවත විසකුරු කළ සියළු දෙනා මේ මරණයේ සම කොටස්කරුවෝය...
උන් වහන්සේට නිවන් සුව පතමු.
වී ඉස කුරක්කන් බලා පොරෙත්තු නොවිය හැකි සේම කුරක්කන් ඉස වී බලාපොරොත්තු වියද නොහැක
ReplyDeleteසෝභිත හිමි කාලයක් ජාතික ව්‍යාපාරයේ ඉස්සරහම හිටියා. උන් වහන්සේ ඒකාලේ ජාතික ව්‍යාපාරයට ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. පස්සේ චන්ද්‍රිකාගෙ පැකේජය කාලෙ ඉදන් එයින් කැඩුනා. ඒකට පැහැදිලි හේතුවක් උන් වහන්සේ කියලා නෑ. වෙන කෙනෙක් කියලාත් නෑ. සෝභිත හිමි අද වීරයෙක් ලෙස දකින අය ඒක කරන්නේත් පැහැදිලි දේශපාලන හේතුවක් උඩ. එනම් මහින්ද පරද්දලා රනිල් ආණ්ඩුවක් හදන්ඩ උන්වහන්සේ කරපු තීරණාත්මක වැඩපිළලිවල නිසා (මේක හදුන්වන්ඩ යොදා ගන්න පොලිටිකලි කරෙකට් වචනය ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය තහවුරු කරන්ඩ වගේ කතා). කෙසේ වෙතත් සෝභිත හිමි අපවත් වූ විට එය සෙලිබ්‍රේට් කරන තත්වයකට ජාතික ව්‍යාපාරය පත්විය යුතු නෑ. එය බොදු බල සේනා පන්නයේ වැඩක්. ඒකෙන් කාටවත් වෙන සෙතකුත් නෑ. එය ජාතික ව්‍යාපාරය හදන්ඩ හදන සමාජයට පටහැනි ප්‍රවණතාවයක්. උන්වහන්සේගේ දේශපාලනය විවේචනය කරන එක වෙනම වැඩක්.
ReplyDelete-දර්ශන කස්තුරිරත්නගේ කමෙන්ටුවකින් උපුටා ගන්නා ලදී
එක අතකින් සෝභිත හිමි ගේ මරණය මේ මොහොතේ රටේ අවාසනාවට සිද්ධ වෙච්ච දෙයක් වගේ.
ReplyDeleteසෝභිත හාමුදුරුවො බලාපොරොත්තු වුනා කියල ප්‍රකාශිත අරමුණු ( සාධාරණ සාමාජකාරයන්ගේ ප්‍රකාශිත අරමුණු ) කිසිවක් ඉටු නොවන බව ඉතාමත් හොඳින් දැන් දැන් පැහැදිලි වෙනවා. ඉදිරියෙදිත් ඉෂ්ඨ ව්න්නේ උන් වහන්සේ පාවිච්චි කරපු අයගේ අරමුණු විතරයි. විසේෂයෙන් එන්ජිඕ මතවාදී බෙදුම්වාදී කණ්ඩායම්වල අරමුණු.ඉතින් උන් වහන්සේ ජීවත්ව සිටියනම් ඒ ප්‍රතිවිරෝධතාවය ඉතා හොඳින් එළියට එන්න ඉඩක් තිබුනා කියලයි මට හිතෙන්නේ.
මේ ආණ්ඩුව මොන ජරාවැඩේ කළත් 'මහින්ද නැති නිසා මෙහෙම හොඳයි' කියල අනිත් කපටි යක්කු තරම් දීනව හිතන්න මුන් වහන්සේට බෑ...
( බොරුවට හරි විරුද්ධ වෙන්න වෙනවා )
සුප්‍රසිද්ධ 'කරවුනු රොටී' කතාව ඒකට එක හොඳ උදාහරණයක්...
මේ වෙලාවේ මුන් වහන්සේගේ අපවත්වීමත් රටට අවාසනාවක්...
අද බොහොමයක් නිර්මාණ තුළින් ගිලිහිලා ගිහින් තියෙන්නේ නිර්මාණයක තිබිය යුතු වැදගත්ම ලක්ෂණය. ඒ තමා 'අව්‍යාජ බව". මේ කවියේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි ඒ ගිලිහෙමින් යන අව්‍යාජ බව රැක ගැනීම. කවියා කාව්‍යට නගලා තියෙන්නේ තමන්ගේ අත්දැකීම. ඒක ව්‍යාජ සර්වපිත්තල ආභරණවලින් ඇරසීමේ වංචාවේ කවියා යෙදිලා නෑ. රට නව 'වෙනස" හරහා ඇද වැටී ඇති තත්වය වැටහෙන කෙනෙකුට කිසියම් සාධාරණ ලෝකධර්මතාවක් ක්‍රියාත්මක වෙන බවට ඇතිවුනු හැගීමයි මුල් දෙපදයෙන් පෙනෙන්නේ. අධිරාජ්‍යවාදය විසින් මේ රට දැන් නතු කර ගෙන ඇති බව නොපෙනෙනා අයකු එම දෙපදය හුදෙක් පක්ෂ දේශපාලනයට ලඝු කර සිතන්නට ඉඩ ඇත. නමුත් ඒ දෙපදයෙන් පළ කළ හැගීම පහළ වන්නේ ඊට වඩා පුළුල් දේශප්‍රේමී මනසක් තුළ බව වටහා ගත යුතුය..
ReplyDeleteසෝභිත හිමියන් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව මව්බිම සුරැකීමේ සංවිධානය පිහිටුවාගෙන උද්ගෝශණය කලේ ජාතික යුතුකම ඉටුකිරීමටය, ප්‍රේමදාස රජයේ සමහර ඒකාධිපති තීරණ වලට එරෙහිව උද්ගෝශණය කලේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. චන්ද්‍රිකා රජයට විරුද්ධව හඬ නැගුවේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. සාටක මාරයාට විරුද්ධව සංවිධානය කළේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. පන්සල සදාගෙන තීරුබදු රහිත කාර් පර්මිට් ලබාගෙන සුර සැප විඳීමේ අවස්ථා ඉවත ලූයේ ජාතික යුතුකම ඉටුකිරීමට ශක්තිය තබා ගැනීමටය, යහපාලන ආණ්ඩුවේත් හැම වැරැද්දක්ම පෙන්වා දුන්නේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. ගසා කෑ මුදල් වලින් පඩි ලබමින් රජයේ රස්සා සඳහා ගැහැණුන් දූශණය කරමින් බඩ වඩා ගත් හිල් බලකායේ කැනහිළුන්ට මේවා නොතේරීම අරුමයක්ද?
ReplyDelete