11/15/2015

සිරිසේන මහතාගේ වීරත්වය

කතෘ:යුතුකම     11/15/2015   No comments

පසුගියදා කඩුවෙල ශ්‍රීලනිප මෙහෙයුම් කාර්‍යාලයක් විවෘත්ත කිරීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුපුරුදු පරිදි අපූරු ප්‍රකාශයක් කළේය .

"කවුරු මොනව කිව්වත් අප පිළිගත යුතුයි පසුගිය ආණ්ඩු වෙනස් කරන මැතිවරණ දෙකම ශ්‍රීලනිපය පරාජයට පත් වුණා කියන එක. සමහරු කියනව ඒ මැතිවරණ දෙකම පරාජය කෙරෙව්වේ මෛත්‍රීපාල සිරිසේනයි කියල. හැබැයි එහෙම කියන අයම අනෙක් අතට කියනව සිරිසේනට මොකුත් කරගන්න බැරි , දුර්වල කෙනෙක් කියල. මේ ප්‍රකාශ දෙක එකට ගත්තම පරස්පරයි. මම පැහැදිලිව කියනව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිප ය ජයග්‍රහණය කරවන්න මම කටයුතු කරනව කියල"
- මෛත්‍රීපාල සිරිසේන :2015-10-29 කඩුවෙලදී

සිරිසේන මහතාගේ මේ කතාවේ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ.

පළමුවැන්න නම් පසුගිය මැතිවරණ දෙකේදීම ශ්‍රිලනිප ය පක්ෂයක් ලෙස පරාජය වී ඇතැයි යන්නයි. එය සිරිසේන මහතා අමුතුවෙන් මතක් කර දෙන්නට අවශ්‍ය නැතැයි යමෙකුට එක වර සිතුනත් ඔහු එලෙස මතක් කරන එකේ වැදගත් කමක් තිබේ.
මක් නිසාද යත් හවුල් ආණ්ඩුවට එක් වූ ශ්‍රීලනිපය ඒ හවුලේ කෑම සාධාරණීකරණය කරන්නට ගෙතූ ප්‍රධාන ප්‍රලාපය නම්
ශ්‍රීලනිපය තමන් පරාජිතයන් ලෙස සිතිය යුතු නැති බවත් ශ්‍රීලනිපයවත් එක්සත් ජාතික පක්ෂයටවත් කිසිවෙකු බහුතරයක් දී නැති බැවින් හවුලේ කණ්ඩායම් දෙකම සමසේ බලය බෙදා ගත යුතු බවත්ය. විශේෂයෙන් ශ්‍රීලනිප යේ ජ්‍යේෂ්ඨයන් ආඩම්බර ලීලාවෙන් පැවසුවේ ශ්‍රීලනිප ය පරාජය නොවූ බවත් අද ආණ්ඩුවේ නායකයා පක්ෂයේ සභාපතිවරයා බැවින් මේක ශ්‍රීලනිප ආණ්ඩුව ලෙස සැලකීමට පවා හැකිය යන්නයි. විශේෂයෙන් මහින්ද සුළඟින් පාර්ලිමේන්තු බඩගා පසුව ඇමතිකම් ගත් 'ගන්ධබ්බයන්' හා සිරිසේන මහතාගේ ජාතික ලැයිස්තු මංකොල්ලය හරා පාර්ලිමේන්තුවට රිංගා ගත් ජනතා විරෝධී පරාජිතයන් මේ කතාව වැඩිපුර කියනු ඇසිණ. ඒ හිතළුව සිරිසේන මහතාගේ ඉහත ප්‍රකාශයත් සමග දිය වී යයි. මෙය ශ්‍රීලනිප ආණ්ඩුවක් නොවන බවත් පරාජිත ශ්‍රීලනිප ය (දෙමළ බෙදුම්වාදය පිනවීමට අවශ්‍ය ) පාර්ලිමන්තු බහුතරය ලබා දීමට හවුල ආණ්ඩුවකට පූට්ටු කළ බවත් දැන්වත් පිළිගත යුතු සත්‍යයි.

දෙවනුව සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිධූරයයි. සිරිසේන මහතා ශ්‍රීලනිප පක්ෂ සභාපතිත්වයට පත් වන්නේ ඔහු ජනාධිපතිධූරයට පත් වූ ශ්‍රීලනිප යේ මහලේකම්වරයා යන පදනමිනි. ශ්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව රටේ ජනාධිපතිධූරය දරන්නා ශ්‍රීලනිපයේ අයෙක් නම් ඔහු/ඇය පක්ෂයේ නායකත්වයට පත් වේ යැයි කියවේ. සදාචාරය බලු බල්ලට දමා සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රීලනිප මහ ලේකම් යන බෝඩ් ලෑල්ලද ඉදිරියෙන් තබා ගනිමිනි. නමුත් නීතිමය ලෙස ඔහු ඒ වෙත්දී පක්ෂ සාමාජිකවය අත් හිටවූ හිටපු මහලේකම් මිස මහලේකම්වරයා නොවේ. නමුත් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රීලනිප ය ආක්‍රමණය කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමග ගෙනගිය යටිකූට්ටු ක්‍රියාවලිය හරහා ඔහු පක්ෂ සභාපතීත්වයට පත් විය. ඉන් පසු අර ඉහත කියූ ජ්‍යේෂ්ඨයෝ අපට කීවේ ශ්‍රීලනිපයේ මහලේකම් ජයග්‍රහණය කර ඇති බැවින් ඔහු දැන් පක්ෂ සභාපතීධූරයට පත් කරගන්නා බවයි. ඔවුන් එදා කී දේ ඇත්ත නම් ශ්‍රීලනිප
මහලේකම්වරයා ජයග්‍රහණය කරන මැතිවරණයක් ශ්‍රීලනිපය පරාජය වන්නේ කෙසේදැයි අර පරස්පරය ගැන විමසන සිරිසේන මහතාගෙන් ඇසිය යුතු පැනයයි.

සිරිසේන වීරයෙක්ද? පරස්පරය ලිහමු

ශ්‍රීලනිපය පරාජය වූ බව පිළිගන්නා ලෙස සිරිසේන මහතා අපට යෝජනා කරන්නේ
අනෙක් පසින් තමන් වීරයෙකු බව  පිළිගන්නා ලෙසද හඟවමිනි. සිරිසේන මහතා අපෙන් නොඅසා අසන්නේ මන්ත්‍රීධූර 125 ක් සහිත තනි පක්ෂයක් ලෙස තිබූ ප්‍රබල ආණ්ඩුවක් , ලෙහෙසියෙන් පරාජය කළ නොහැකි යැයි කියූ ජනාධිපතිවරයෙක් වැට්ටවූ තමා වීරයෙක් නොවේදැයි කියාය. අපට නම් සිහිවන්නේ අර කාගේද හිසේ වැසූ ගුරුළාය. ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා ජනවාරි 8 ආණ්ඩු පෙරලිය ඇමරිකාවේ ව්‍යාපෘතියකට අනුකූල සිදු වූ බව බව ප්‍රසිද්ධියේ පිළිගනින්ද්දී ඇමරිකානු ජනාධිපති වරයා ජනවාරි 8 ආණ්ඩු පෙරළියට දැක්වූ සහයට ඉන්දියාවට ස්තූති කරද්දී සිරිසේන මහතා 'රාජපක්ෂ ආණ්ඩුව පෙරළපු මම වීරයෙක් නොවේදැයි" නොකියා අසද්දී , හිනා යන්නේ හතර කොනිනි.

වීරයෙක් වීම කෙසේ වෙතත් සිරිසේන මහතා කියන පරිදිම පසුගිය මැතිවරණ දෙකම ශ්‍රීලනිප ය පරාජය වූ බව පිළිගත යුතු සේම ඒ පරාජය කිරීමේ ප්‍රමුඛ වැඩ කොටසක් සිරිසේන මහතාද සිදු කළ බව පිළිගත යුතුය. නමුත් ඒ වැඩ කොටසට සිරිසේන මහතා තෝරාගත්තේ ඔහුගේ අමුතු වීරකමක් නිසා නොවන බවත් එසේම පිළිගත යුතුය.
තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරමින් , අපේක්ෂකත්වය ප්‍රකාශ කරන දිනට පෙර දින රෑ ආප්ප කනවිට පවා උග්‍ර ආණ්ඩු පාක්ෂිකයෙකු ලෙස රඟපාමින් ධාතු කරඬුවට පවා අත තබමින් පක්ෂය හැර නොයන බව සපථ කර පැය 24ක් යන්නට මත්තෙන් උග්‍ර ආණ්ඩු විරෝධියකුත් වූයේ වීරත්වයට නොවේ බලලෝභයටත් ඒ වෙනුවෙන් ඕනෑම පාවාදීමක් සිදු කිරීමට ඇති විලි ලැජ්ජා නැති කමටත් හැර වෙන කුමකටද?

මෑත කාලීන ඉතිහාසයේ දේශපාලකයකු පත් වූ ඉතාම ප්‍රාථමික අඩියට පසුගිය මහ මැතිවරණයේදී සිරිසේන මහතා වැටිණ. ලෝක ඉතිහාසයේ පළමු වරට තමා පක්ෂ නායකත්වය දරන පක්ෂයේ පරාජයට සෘජුවම සහ ප්‍රසිද්ධියේ වැඩ කළ අරුම පුදුම නායකයා සිරිසේන මහතාය. පක්ෂ මූලස්ථානයේ ඉබි යතුරු දමමින් , පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීම වාරණ නියොග හරහා වලකාලමින්, පක්ෂ ලේකම්වරුන් බලහත්කාරීව දොට්ට දමමින් , ඒවා ව්‍යර්ථ වන තැන සියළු සදාචාර සළු මහ දවල් උනා දමා නිරුවත්ව සිදුකල කුප්‍රකට කතාව සහ ලියුම හරහා සිරිසේන මහතා පෙන්වූයේ ශිෂ්ඨත්වය සහ සාධාරණත්වය යාන්තමින් යෝ ගෑවී ඇති කිසිවෙකුට අනුමත කළ නොහැකි අවමන් සහගත හැසිරීමකි. 



සිරිසේන මහතා කිසිවක් කරගත නොහැකි දුර්වලයෙකු යැයි අපි නම් මොහොතකටවත් නොසිතමු. 
අප කලකට පෙර යුතුකම වෙබ් අඩවියේ "රූකඩ ඒකාධිපති ජනපති සිරිසේන" යන මැයෙන් තැබූ මේ සටන බලන්න. අප එහිදී පෙන්වා දී ඇත්තේ සිරිසේන මහතා දුර්වලයකු ලෙස හඳුනාගැනීම නිවරදි නොවන බවයි. ඔහු පත් වූ දින සිටම කටයුතු කරමින් සිටිනුයේ වියරු ඒකාධිපති ස්වරූපයකිනි. අධිකරණය තනි පෑන් පහරින් කෙලෙසූ ඔහු පක්ෂ සභාපති බලය යොදාගෙන විපක්ෂය ආණ්ඩුව සමග පූට්ටු කර සැබෑ විපක්ෂයේ හඬ නිහඬ කරමින් යන්නේ දරුණු ඒකාධිපති ගමනක් බව කොහුවල හන්දියේ සපත්තු කඩෙන් සපත්තු ගෙනවත් , බූගත  බංකර් පෙන්වා වත් වසං කළ හැකි නොවේ.
සිරිසේන මහතාට "පෙඳි මාස්ටර්" කියා පරිභව කළ වුන් පසුගිය මැතිවරණයෙන් පරාජය වූ පසු සිරිසේන මහතාම තමාගේ දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීම සඳහා නැවත ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවටත් එතනින් නොනැවතී කැබිනට්ටුවටත් ගෙන්නා ගත්තේ "පෙඳි මාස්ටර්" යන නාමය තමන්ට නොගැලපෙන බව සනාථ කරමින් වැනිය. එසේ බලන කල සිරිසේන මහතා කියන ආකාරයේ පරස්පරයක් නැත. කොන්ද පණ තිබුණත්  අවාසනාවට කරුණක් වන්නේ ඒ කොන්ද පාවිච්චි කරන විදියේය.
කොන්ද පණ තිබිය යුත්තේ වීරකම් කිරීමට මිස නෝන්ජල් පාවාදීම් කිරීමටවත්, තමාට ලබාදුන් ජනාපතිධූරයට ප්‍රතිඋපකාරයට රට බෙදුම්වාදයට දන් දීමටවත්, අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරු බිමක් බවට පත් කර අනාගත කඳුළු දේශයක් බවට මේ බිම පත් කිරීමට ඉඩ හසර සැලසීමටවත් නොවේ . 
 
- කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com
නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions