7/08/2020

පානදුරේදි මියැදුනු ඔහු වෙනුවෙන්

කතෘ:යුතුකම     7/08/2020   No comments


පොලිසියේ නිළමෙවරු
පෙලගැසි මග දෙපස...
වසා මන්තිරුවක් දික් අතට
අනේ උඹ ඉන්නවා පෙරලිලා උඩු අතට
මෙහමෙ සැලකිල්ලක්
කවද තිබුනද උඹට....

කහට උගුරත් නැතිව
පාන්දර කනිසමට පිටවුනේ
කනමතින් කඩාවැදි තරුවක්ලු
දෙපාලග නැවතුනේ...
ගරාදිය නවාගෙන සයිකලේ මරබියෙන්
හැකිලුනේ
උඹේ ඇටකටු බිදෙන සද්දෙටලු
රියදුරුට ඇහැරුනේ......

උසාවිය කිරුවාම මුලුබරට
මිළ ලක්ෂ දහයයි..
මළ ගෙදර වැඩ වලට වෙන්කලොත්
ඉතිරි ටික නවයියි.
මොරටුවේ ඉපදුනත් බාල ලි වලට මිළ
එහෙමයි..
තාත්තෙක් කියන්නෙත්
පන්දාහෙ මිටි පහක් විතරයි....



-කපිල මහේෂ් රාජපක්ෂ

2020-07-08

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/03/2017

කෙළෙහි ගුණ නොමදත් මිනිස් කැළ

කතෘ:යුතුකම     12/03/2017   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි

"පිතු සෙනේ පිය හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ" (සිංහබාහු )

වෙත දුලබ ගුණ පිරි පුතුන් ලොව
හද රැඳුනු පියවරුන් කළ ගුණ
මැත දොඩති පින් මද පුතුන් නිති
දැක ගුණැති පුතු පුදන පිය ගුණ

හැම පියෙකු බඹ සම ය ලෙව් තුළ
දරු හැදූ යහ ගුණෙන් සපිරුණු
රට දැයට බැඳි පෙම නොහැර නිති
කෙම් බිමක් කර දුන් සැමට වැසි

ඉදි කෙරුණු සැමරුම් මහල් දැක
පියවරුන් සමරා එවන් වූ
තුටු පහටු වෙයි හුදී ජන හද
පියවරුන් ගුණ පුදන පුතු දැක

අප පුතුන් අද බිය නැතිව හද
සැරි සරති මේ බිම සිතැඟි ලෙද
පින් පිදිය යුතු වේ සියල් කල්
පියවරුන් වෙත හැදු එවන් දරු

හැර කුහක වත අප වෙලන අද
බල විවර කර හද ඇතුලු ගැබ
ඉඩ දෙතොත් දඟ ගෙයි දමන්නට
පිය සෙනේ අඳුනන පුතුන් සොඳ
නිති රකින සම්බුදු සසුන රට
දෙව් රදුන් සම්දිටු අතැර අප
යනු නිසැක කුමකට රකිනුදැයි
කෙළෙහි ගුණ නොමදත් මිනිස් කැළ

2017 උඳුවප් මස 2 වැනි දා


යුතුකම සංවාද කවය
www.yuthukama.com 

Like us on facebook : https://www.facebook.com/yuthukama

9/18/2017

දොස්තර තාත්තා

කතෘ:යුතුකම     9/18/2017   No comments
ලියන්නට ඇහැකි නේ
පොතක් දුවටත් යසට
මගේ ගැන දැන ගන්න
මෙලොව වැසි දනට සැම 

දිනෙක විහිළුවට වගෙ
කීවෙමිය මම දුවට 

දෙදිනකට පසු දුටිමි
සටහනක් ඇය ලියූ
පරණ කොල කෑල්ලක
මේසෙ උඩ අමතක වු


         "අයි වී දේවසිරි
          ඔහුගේ පුදුම නම විය
          .......................
          ......................
          අයි වී දේවසිරි
          කෙසේ නම් 
          විස්තර කරන්නද ඔහු
          ඔහු සැපෙන් සිටියා"

සඟවගෙන සිනහ වත
පුද කළෙමි තුති ඇයට
නොලීවට ඉතුරු ටික
ලෝකෙටම දැන ගන්න

වසන්ත දේවසිරි
2017 බිනර මස 17 දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/14/2017

අසපුව පාළුයි

කතෘ:යුතුකම     8/14/2017   1 comment
-වෛද්‍ය වසන්ත දේවසිරි-
අප රට සිටි විශිෂ්ටතම දේශපාලනඥයෙකු වූ ආචාර්ය එන් එම් පෙරේරා මහතා අප අතරින් වියෝ වූයේ 1979 අගෝස්තු මස 14 වැනි දා ය. අදට හරියටම වසර 38 කට ඉහත දී ය. අධිරාජ්‍ය විරෝධියෙකු, සමාජවාදියෙකු, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙකු හා විද්වතෙකු වශයෙන් එතුමා ගේ දේශපාලන ගමන් මඟ පිළිබඳව විවරණයක් කිරීමට තරම් දැනුමක් තේරුමක් මා හට නැති වීම ගැන කණගාටු වෙමි. කෙසේ වුවත් එතුමා අප හැර ගියේ එතුමාගේ ප්‍රඥාව මෙරටට පමණක් නොව මුලු ලෝකයටම අවශ්‍ය වෙමින් පැවති යුගයක ය. එනම් ධනවාදය මුළු තුන් වැනි ලෝකයම කෲර ලෙස ගිල ගනිමින් තිබුනු යුගයක ය. 1977 දී බලයට පත් වූ රජය මඟින් ඒ වන විට අප රට ද එම අවාසනාවන්ත ඉරණම වෙත ශීඝ්‍රයෙන් තල්ලු කරගෙන යමින් තිබුනි. අධිරාජ්‍යවාදයට හා නව යටත් විජිත වාදයට එරෙහි සටන වෙනුවෙන් මුළු ජීවිත කාලය ම කැප කළ එතුමාගේ වියෝව මෙරට දේශ ප්‍රේමී ජන කොටස් තුළ ප්‍රබල කම්පනයක් ඇති කිරීමට සමත් විය.එම කම්පනය මැනවින් පිළිබිඹු කරන්නෙකි ගුණදාස අමරසේකර ශූරීන්ගේ 'අසපුව පාළුයි' නැමති කවි පංතිය.
අසපුව පාළුයි

දිවා කල හෙම්බත් වී ගෙදර එන මා එන් එම් පෙරේරා විසූ ඒ නිවස දෙස දිනපතා බැලුවේ අපමණ අස්වැසුම් සුවයක් විඳිමිනි.

ලොවැ බලු පොරෙන් හෙම්බත් වී ගෙදර එත
විය නිවහනක් නිති සොයනා මගේ නෙත
සනහා නිවාලන සුවයෙන් මගත සිත
ඒ අසපුවේ කෝ අද මා සොයන වත

සොයනුව මඟක් සත දුක්බර මුදා ලන
හළ හැම සැපක් යස ඉසුරක් ළඟා වුන
විය මුනි තුමෙක් ඒ අසපුව හොබා ලන
අද නැත බසක් අස්වසුමක් එයින් එන

පවිටුනි තමා උදරය පිරුමෙන් වසන
කොපමණ නිගා දෙත සත මිනිසත් සසුන
කළ පව් සමා කරනුව දැන්වත් ඉතින
දණ බිම ඔබා ගොස් වඳු ඒ මුනි සරණ

ගුණදාස අමරසේකර 1979
(මෙම වකවානුවේදී අමරසේකර මහතා පදිංචි වී සිටියේ කෝට්ටේ පාරේ රොඩ්නි පෙදෙසේ නිවසෙහි බව මෙහි ලා සඳහන් කරනු කැමැත්තෙමි. )

මෙම කුඩා කවි පංතිය තුළින් බොහෝ දේ කියවෙයි. එය කියවන මා තුළ ඇතිවෙන හැඟීම් විස්තර කිරීමට තැත් කළහොත් එය ඔබේ රස වින්දනයට බාධාවක් වනු ඇතැයි මම සිතමි. අද අප ජීවත්වන උදරය පුරවා ගත් පිවිටුන් සිටින දේශපාලන සංස්කෘතිය තුල මට පසු පරම්පරාවකට අයත් වන ඔබටද අසපුවේ මුනිවරයා නැති පාළුව දැනෙනවා නිසැකය.
නව යටත්විජිතවාදය අබියස දෙපා නැමඳ වැඳ වැටෙමින්, නව ලිබරල් ආර්ථිකය දොහොත් මුදුනින් පිළිගනිමින් වර්තමානයේ අප යන මේ විනාශකාරී කාලකණ්ණි ගමනේ අවසානය කුමක් වේ දයි මම නොදනිමි. එහි අවසානය කුමක් වුවත් සිය ජීවිත කාලය තුල දී අඩ සියවසකට ආසන්න කාලයක් අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහි ප්‍රබලව නැඟී සිටි ඒ යුග පුරෂයා පිළිබඳ මතකයත්, නූතන සිංහල සාහිත්‍යයෙහි එන විශිෂ්ටතම කවියක් ලෙස සැලකෙන ‘අසපුව පාළුයි’ කවිය පිළිබඳවත් යුතුකම පාඨකයන්ට සිහි ගැන්වූයේ මා සතු යුතුකමක් වශයෙනි.

වසන්ත දේවසිරි
13.08.2017

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/31/2017

කා්ප වුනු හිමි සඳුනි

කතෘ:යුතුකම     7/31/2017   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි

ගැහෙන හඬ හද ඇසෙයි අපටද
රූප පෙට්ටියෙ පුවත් නරඹන
කොවින් වෙව්ලනු කිමද හිමිසඳ
මන්ද අතහැර පුරුදු මෙත්සිත

ආවෙ අතහැර උරුම මහගෙය
පවා කහටක් නැතිව සතුටින
අයස යස එක ලෙසින් විඳගත්
ඇයිද හිමිසඳ දැවෙනු වියරුව

අපට ඇති මෙම කුඩා නිවහන
විමන අපගේ මෙයයි සුවදෙන
අපට අහිමිවු වරායක් ගැන
කුමට තැවෙනුද රකුස් වෙස්ගෙන

දැවෙයි මහද ද ලෙසම ඔබෙ හද
නැණැති හිමියනි දයා ගුණ පිරි
නහර පුපුරා විපත් වුවහොත්
අපම විඳගත යුතුය එම දුක

ඔබට හිමි සිත සනහ ගත හැක
ගොතා කවි පද හොරුන් ගැන වුව
නොලද සරසවි වරම් ඔබ මෙන්
කෙලෙස සැනහෙම් විපත වන් දැක

වසන්ත දේවසිරි
2017 ඇසල මස 31 දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/28/2017

නුවණැති පුතුන් වැදුවා මම වැරදී ද?

කතෘ:යුතුකම     6/28/2017   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි

 ”නුවණැති පුතුන් වැදුවා මම වැරදී              ද
 ගරුසරු නැතිකමක් මාතින් යෙදුණා         ද”

සමාවනු පිය සොඳුර
නො රිසි නොම වී ය නුඹ
දිනෙන් දින මා වෙළන
ගන අඳුර පෙළයි හද

වදා දරුවන් රුවැති
වඩා උන් නැණ නුවණ
මුදා අන්තරායෙන්
රැකි සුරබි දෙන ඔබ ය

කෝප වූ රජ මැතිඳු
සොර මුලට අත පොවනු
නොහැකි සොඳ සිප් සතර
සරන කර දුන් උන්ට

පෙරා ලේ කඳුළු බිඳු
පොවා සිප් සතර මී
හැදු දරු විඳින දුක
කෙසේ ඉවසමු ද අපි?

නිල් පාට කොළ වලට
ලොබ බඳින මැත දොඩන
වෙළෙන්දෝ බෙදා සිප්
කාසි මලූ පොදි ගසති

ගොඩ කරන්නට සයුර
දමා උගතුන් එයට
සැරසෙනා කල ඔවුන්
කෙසේ ඉවසමු ද අපි?

රට කරන නුවණ මඳ
පවිටු මැති ඇමති කැළ
සපුරන්න උන් සිතැඟි
උන්ට ඉණිමං තබති

දරා කුස වදා දරු
උන්ට සිප් මී පෙවු
පව අපව අත නෑර
ලූහු බඳිනු ඇත නිබඳ

වසන්ත දේවසිරි
2017 පොසොන් මස 28 වැනි දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

රට දැය සමය වනසන - එන විට සතුරු සේනා - සැඟවෙමුද නිවටුන් සේ ....

කතෘ:යුතුකම     6/28/2017   No comments
-පුනර්ජි දඹොරගම-

රට දැය සමය වනසන
එන විට සතුරු සේනා
"සැඟවෙමුද අපි කොහේ හෝ
බලාගමු අපේ වැඩක් "

කැළෑ කපලා දිගට හරහට
මොකක් වේවිද මෙහෙම ගියොතින්?
"කලබල වෙන්නෙ මොකටද
බලාගමු අපේ වැඩක් "

ගිවිසුම් ගහයි එක්ටා
යමුද පොඩ්ඩක් එළියට
"එරෙහිවෙමු තත්ත්වෙ බලලා
වුනොතින් අපට මුකුත් "

බෙදුනොත් වෙනම රටක්
මොනව වේවිද හෙට දින?
"ව්‍යවස්ථා සන්ශෝදන
ඕව මොකටද අපට "

නටා පිටරට පදයට
අහෝ පිටකොඳු ඇනගෙන
රකිමුද ගේ හතර මායිම
නොදැක කළු වලා අහසේ
සැඟවෙමුද නිවටුන් සේ
තෙමි තෙමී තුඹස් අස්සේ....

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/15/2017

නිදහස් අධ්‍යාපනය මිස අධ්‍යාපනයේ නිදහස පිණිස නොවේ

කතෘ:යුතුකම     5/15/2017   No comments

-වෛද්‍ය වසන්ත දේවසිරි

එකමත් එක කාලෙක සුදු මහතුන් වැඩියලූ මෙරටට කොළොම් තොටින්
ලියන මහත්තුරු හදා ගන්න උන්ගේ වැඩපළ කර දෙන බැතියෙන්
පල්ලියෙ පාසැල් ඉදි කෙරුවා හොඳ සිරිත් විරිත් උගනට යහමින්
මුදල් හදල් යහමින් නොතිබුනු මවු පියන් හදේ පුරවා සුසුමන්

කන්නංගර කියලා සොඳ මහතෙක් කවුන්සලේ සිටියලූ එ කලා
දුප්පත් දරුවන් ඇස් පාදන මඟ විවර කළා සටනක් කරලා
පැරදුව ඊළඟ චන්දෙදි එතුම ව කළෙහි ගුණේ දත් දන සොඳිනා
පිං අධ්‍යාපන කාරය ඉවරයි සතුටු වුනා ජය පැන් බොමිනා

එතුමා නැතුවත් පිරිසක් හිටියා එතුමා ගත් මඟ නිති රකිනා
පාසැල් රජයට ගත්තා මැතිණිය දිවි බේරුනෙ ඇගෙ පෙර පිනෙනා
ලොකු ලොකු මිනිසුන් නිසා නොවේ පොඩි මිනිසුන් නිසා ම එය රැකුණා
ලස්ස ගණන් දරුවන් හට ඉහළට නඟින්න ඉණිමඟ විය සරණා

අමතක විය වැඩි දෙනෙකුට ඉණිමඟ ඉහළට නැඟගත් පසු එමඟින්
තවත් පරපුරක් සිටිනා බව රට ඉණිමඟ පමණක් ලද උරුමෙන්
නන් දෙඩවති උන් තැන තැන අද දින උන්ගෙම හදට ද පිටුපාමින්
නිදහස් අධ්‍යාපනය නෙවේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් 

2017 වෙසක් මස 13 වැන දින


යුතුකම සංවාද කවය
www.yuthukama.com 

Like us on facebook :https://www.facebook.com/yuthukama

2/02/2017

දොස්තර කං මොටද අපට ?

කතෘ:යුතුකම     2/02/2017   No comments
කොතක් වගේ හතර අත ම
බැබලෙන්නට හදපු පුතා
ඇතෙක් වගේ ගෙදර ආව
දිස්තිරික්කෙ පළවෙනිය ව

ආඩම්බර වුනා පුතේ
උඹගේ දස්කම් දැක දැක
හොඳ දොස්තර කෙනෙකු වෙලා
බබලන තුරු මුලූ රටේ ම

මහ පාරේ ගිනි මැදියම
කඳුළු ගෑස් පාර කන්න
නොව අත පය හැඩි දැඩි කර
උඹගේ ඇස් දෙක පෑදුවෙ

ගිය වර උන් හැට දාහක්
මැරුවලූ හිරිකිතක් නැතිව
නො මළ අයත් පිච්චුවාලූ
මළා ද කියලා නොබලම

දිිරා ගියත් ගත ම හිමිගෙ
හිත හයියයි මිගිඳෙකු ලෙස
පුතුට ඇත්තෙ ඒ හිතමයි
ඒකයි මගෙ හද සැලෙන්නෙ

ගෙදර වරෙං මයේ පුතේ
දොස්තර කං මොටද අපට ?
එදා වගෙම තාත්ත උඹෙ
කන්න දේවි තුන් වේලම

2017 නවම් මස 2 දින

වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/10/2016

සිටියා නං කැප්පෙටිපොළ - සියතින් ගෙල සිඳ ගනු ඇත

කතෘ:යුතුකම     12/10/2016   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි

අබුද්දස්ස කල ලැබුවම - ලබුත් තිත්ත වෙනවලූ ලොව
දේශ ද්‍රෝහියෙක් නොවෙලූ - කැප්පෙටිපොළ මහ නිළමේ

නිදහස ලැබුවලූ එතුමා - ගෙල සිඳ දා සතක දෙකක්
කල් ගිය දා කළ වරදට - සටන් කරපු රට රකින්න

දේශ ද්‍රෝහියෙක් කියල - අස්සන් කරලා තිබුනේ
හොර දෙටුවෙකි බ‍්‍රවුන්රිග් ය - කියල මෙරට කොල්ල කෑව

මායිම් නොකෙරුවෙ සතේට - බ‍්‍රවුන්රිග්ගෙ හොර අස්සන
ඔහුගෙ නුගුණ දන්නා හෙළ - හද අබිමන් පිරි කිසිවෙකු

වෙනස් කරල ඒ අස්සන - නිදහස් කෙරුවේ නිළමෙ ව
බ‍්‍රවුන්රිග්ගෙ හොර නඬේට - වඳින පුදන අයම ය අද

තුටු කරන්න හාම්පුතුන් - රට රැකි සුරු රණ විරු කැළ
දංගෙඩියට දක්කන අය - නිදහස් කෙරුවලූ නිළමෙ ව

සුර විරු ගුණ පිරි උතුමන් - පිනටයි දෙවු ලෝ වැඩියේ
සිටියා නං එතුමා අද - සියතින් ගෙල සිඳ ගනු ඇත

2016 උඳුවප් මස 10 වැනි දින්
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/30/2016

වස නොබොමු ! - වෛද්‍ය පාදෙනියගෙන් මව්පියන්ට පණිවිඩයක්

කතෘ:යුතුකම     11/30/2016   1 comment
-විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

ලක් වැසි දරුවන් කෙරෙහී
මව්පිය වගකිම් පැවරී
ඇති කාටත් ඔලුව ඇතී
කියනෙමි කරුණා තැවරී

අද දවසේ දරුවන් බොන
වතුර නොවන බෝතල් ගැන
අවධානය යොමු නොකරන
දෙමව්පියනි ඔබටයි අණ

බොහෝ සෙයින් ලෙඩ පැතිරෙන
නොදුටුව යුතු යුගයක් ගැන
කියන්ට සිදුවීමම ගැන
දෑස් විවර බලනුව මැන

මව්කිරි බීවොත් දරුවෝ
යහපත් වෙයි කිරි දරුවෝ
වතුර බිව්ව ලොකු දරුවෝ
නිරෝගි හෙට හෙළ විරුවෝ


කාසිය ගැන පමණක් සිතු
බටහිර ගැති විමසිලි නැති
මුදලට වැටි රට පරගැති
පිරිසෙන් බේරනු පින් ඇති

යුතුකම් යුතුකම් කියවන
මොලයෙන් කටයුතු නොකරන
රට වැසියන් බිය උපදන
යුගය නිමා කරනුව මැන

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/27/2016

කිසි දිනෙක මිය නොයන මහා විරුවාණෙනි

කතෘ:යුතුකම     11/27/2016   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි-

කිසි දිනෙක මිය නොයන
මහා විරුවාණෙනී
පුරා අඩ සිය වසක්
සුරැකි සිය රට බැතින්

හය සියක් වර නිබඳ
නසන්නට තැත් කළද
නො මළ මිනිසා ඔහු ය
දිවි ගමන නිමා කළ

මුහුදු තීරෙන් එපිට
කුරිරු අදිරදුන් රට
අමන ඔළමොළ එවුන්
තුටු ව ඔහු මරණයෙන්

රෑ මැද්දෙ මඟට වැද
නටත් මොනරුන් විලස
විදා නිරුවත ලොවට
විළි බියෙන් තොර ලෙසින

මෙවන් වූ නිවට දන
විරුවන්ට නිගා දෙන
සිටිති ලොව සියළු දෙස
මවු බිමෙහි මෙන් එතෙර

මෙවන් වූ අමන දන
වසන බව අප රට ද
පසක් කෙරුවෙමි මම ද
දුරුතු මස ඉකුත් වස

-2016 ඉල් මස 27 වැනි දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/20/2016

මං වගේ ම තවත් එකෙක් - දිනුසර ගැන-

කතෘ:යුතුකම     11/20/2016   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි-

පුංචි කාලෙ මට වගේ ම - හතිය හැදෙනවා නිතරම
එනව නිතර බෙහෙත් ගන්න - කදේ වැටෙනවා ආවම

පුංචිම කාලෙ ආවම - කතා කළේ බෙන් ටෙන් ගැන
තවම ඉන්නෙ තුන වසරේ - ඉගෙන ගන්න හරි දස්සලූ

පැරදුන දා මහින්ද ඔහු - ඇඬුවලූ බිම පෙරළි පෙරළි
මාත් ඇඬුව පුතේ එ දා - බිම පෙරළුනෙ නැති වුනාට

ඊට පස්සේ බෙහෙත් ගන්න - ආවම ඔහු කතා කළේ
මහින්ද ගැනම යි නිතරම - බෙන් ටෙන් ලා අමතක විය

ගමේ පන්සලට ආ දා - වැටවල් බිඳගෙන ගිහිල්ල
මහින්ද හා දොඩල ආවෙ - ඇඳපු චිත්‍රෙකුත් දීල ලූ

ඔය කාලෙ ම මාත් පුතේ - කවි පද කීපයක් ලියල
ඔහුගේ අතටම දීලා - වැඳල ආව තංගල්ලෙදි

ඇමෙරිකාවෙ චන්දෙ දවසෙ - ඉස්කොළේ ඉඳං ආවෙ
ට‍්‍රම්ප් දිනුං දැ යි අහගෙන - උඩ පැන පැන ඔහු නැටුවලූ

මහින්ද කැමතියිලූ ට‍්‍රම්ප්ට - ඒකලූ සංතෝස ඔහුට
සතුටු වුනා මාත් බෝම - ලෙඩින් වැටිල හිටියෙ එ දා

ගාලූ පුරට මහ වැහි වට - ඉරිද දවල් ඔහු ආවේ
කැස්ස ටිකක් තිබුන හන්ද - විභාගෙ එහෙමත් ළඟ නේ

දැනං හිටිය එන බව මං - මහින්ද සමනල පිටියට
අවමංගල උත්සවේට - පුරපති කෙනෙකුගෙ පෙර සිටි

කීවා මං මෙය නිකමට - යන්න ඕන විය එතනට
කැස්ස වැඩි වෙතැ යි තෙමිලා - දොස් කීවා මටත් අම්ම

යන්න ම ඕනලූ ඔහු හට - කැස්ස වැඩි වුනොත් සඳුදට
ඉන්හේලර් දෙකම උරල - විභාගයට ඌ යනවලූ

අපි දෙන්නට විතරක් නොව - රටට දැයට හිතැති හැමට
මේ පිස්සුව තියේ පුතුනි - ලොකු පොඩි බේදයක් නැතිව

වෛද්‍ය වසන්ත දේවසිරි
2016 ඉල් මස 20 වැනි ඉරිදා

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/26/2016

සෙබළා දෙවියෙකි - "රණමඟ ඔස්සේ නන්දිකඩාල්"

කතෘ:යුතුකම     9/26/2016   No comments
-පුනර්ජි දඹොරගම-
සතුරන් වියරු වී රට දැය වනසාය
සෙනෙහෙන් රටට අප රැක දුන් සොයුරාය
මිනිසුන් රකින්නට ඉපදුනු මිනිසාය
මිහිපිට උපන් සෙබළා මුර දෙවියාය

ජාතික සෙනෙහෙ හැම ලේ බිඳකම මුහුවී
දෑතක නැගුනු සවි බල එඩියෙන් සුරුවී
දාරක සෙනෙහෙ හැම මවකම ලෙය කිරිවී
සෙබළා නමින් ඇත ලය පතුලේ සැඟවී

මහ වන මැදින් නොබියව පෙර ඇදුනාදෝ
සතුරන් මුවට පියවර අඩි තැබුවාදෝ
රට දැය රකින බෝසත් ගුණ දැනුනාදෝ
ඇස් ඉස් වුවද දන් දෙන්නට සිතුවාදෝ

රෑ තුන් යමේ රට දැය රැකුවේ නොනිද
පෑ එඩිතර බවයි හද නැගුවේ නිබද
වෑහෙන විටදි ජාතික සෙනෙහස ලමැද
කෑ බත් පතට ණය නැති මිනිසෙකි සබඳ

පෙර මෙහි උපන් විරුවන් හද සිහි වේවී
උන් තෙද බසින් නිදහස් ගී මුමුණාවී
රණ මඟ දිගේ රුපු සෙන් පොදි පැන යාවී
විරුවන් නිසා හෙටටත් ඉර පායාවී....

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/03/2016

බැන්කි හඳ (මූන්)

කතෘ:යුතුකම     9/03/2016   No comments
දැන් එකහමාරයි
ඉස්කෝලෙ ඉවරයි
වෙලාවත් ගත වෙලා
පුතු තවම එන තුරා
මඟ බල බලා සිටී
දහක් අම්මාවරුන් ..

"ඊයෙත් බස් එකක
බෝම්බයක් පිපුරුවා"

හවස් වෙයි තාත්තා
ගෙදර එනකම් කියා
ඊලඟට ඈ සිටී
කම්මුලට අත තියා ..

ගෙදර දොරඟුලු තියා
පුතු රැගෙන යයි කියා
ඒ ලපටි අත් වලට
ගිණි අවිය දෙයි කියා
උතුරුකරයේ දෙසින්
අඳෝනාවක් ඇසේ
ඒ මවුවරුන්ගේ
පපු කැවුතු උණු වෙලා..

නිවූ ඒ ගිණි දැලින්
තෙද අපේ විරු පුතුන්
දැන් නිවා ඒ දුකින්
සත් වසරකුත් ගියා..

හිරු නැතිව ගිය අහස
ඝන අඳුර ඉගිල්ලා
තරු වලට හිරු සේම
හිස කඳක් නැති නිසා
බිඳ වැටුනු සිහසුනක
දොර අගුලු හැරපියා

කලුවරේ හොර හොරෙන්
"බැන්කි හඳ" පායලා....


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/17/2016

ද්‍රෝහියෝ කවුද?

කතෘ:යුතුකම     8/17/2016   No comments
-පුනර්ජි දඹොරගම-

විරු පුතුන් රකින ලෙස
බුදු පුදට මල් රැගෙන
කැවී දෑ බැති පෙමින්
යදින විටදී දැයක්

අසා පරදෙසේ බස
යවා උන් දඟ ගෙයට
නිගා දෙන්නට උන්ට
මග කපන්නේ කවුද ?

ලොවේ බලවතුන් මැද
නොබිය සිහ වෙසින් සිට
නිවී යුධ ගිණි දැලින්
සැනසෙනා විට දැයක්

නැවී අදිරදුන් වෙත
බිඳී දෑ අභිමාන
මවු බිමට පහරනා
නිවට නිවලුන් කවුද ?

එකම රට දැයක් ලෙස
එකම සොහොයුරන් ලෙස
එකම ජන ගඟක් වී
එකට වෙසෙනා දැයක්

අවුලුවා ගිණි දැලින්
රිඳුම් දෙන්නට හෙටක
බෙදුම්වාදෙට යලිත්
පණ පොවන්නේ කවුද?

මහ මඟේ හඬ නගන
කන් නොදී ජන හඬට
මගේ රට දැය නසන
සැබෑ සතුරන් කවුද?

අටවලා මර උගුල්
වැටි වැටි පැටලිලා
සිහසුනද කෙලෙසනා
දොන් ජුවන්ලා කවුද?

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/13/2016

නඩු කියමු ගැමුණු ට...

කතෘ:යුතුකම     8/13/2016   No comments
-පුනර්ජි දඹොරගම-

මැරූ මිස්ට එළාරව
කොහෙද දුෂ්ඨ ගැමුණු
බිඳී යැයි සහජීවනය
යවමු විදෙස් අධිකරණෙට?

දස මහ යෝධයෝ කෝ?
නඩු කියමු වෙන වෙනම
ථෙරපුත්ථාභය,
මේකද නියම බුදු දහම?

අතුරුදන් වූ අය
විජිතපුර සටනේ
සොයා කැඳවමු සාක්ෂි
ගෙන්වමු විදෙස් විනිසුරුවන්?

කෝ අර තිස්ස
කුඹුරු කරවූ දහසක්
කන්ඩ දීමත් සෙබලුන්ට
පාපයක් නොවද මහ?

විහාර මහ දේවි කෝ ?
වකුටු වී නිදනකොට ගැමුණු
කියන්නට තිබුනා නොවේද
අපට ඇතැයි මාගම්පුර

කෝ අද ඡත්ත?
සමරන්නට කියමු උන්ව
ඉටු කරන්න නම් යුක්තිය
කල් නොයවා අද හෙටවත්
සම්මත කරමු ද පනතක්?

(2016- 08 -11 වන දින පාරිලිමේන්තුවේදී සම්මත වූ දේශද්‍රෝහී "අතුරුදන් වූවන් පිළිබඳ පනත" නිමිති කොට )

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/31/2016

බිය නොගන් මා සොඳුර

කතෘ:යුතුකම     7/31/2016   1 comment
-වෛද්‍ය වසන්ත දේවසිරි

ජන ගඟට එක් වෙන්න
හැකි වෙිද හෙට දිනයෙ
වියපත් ය මා සිරුර
නැඟෙයි අනියත හැඟුමි

කෙසේ හෝ යා යුතු ය
නොහැකියෙන ඉවසන්න
රට කරනවයි කියන
උන් නටන නාඩගම

සොඳුර මම හෙට උදෙන්
යමි ය කිරිබත්ගොඩට
සහෘදයො පිරිවරින
යළි කොළඹ පැමිණෙන්න

ගමන අවදානමි ය
දනිති ඒ බව ඔබ ද
වෙනදා ලෙසින් මන්ද
නොතනන්නෙ වලකන්න

දනිමි මා මෙන් ඔබ ද
සිතෙන් වැළපෙන අයුරු
දරා ගන්නට බැරි ව
විනය උන් රටට කළ

අසනු ඇත මතු දිනක
දරුවන්ගෙ දරුවන් ද
වනසන්න අපේ රට
ඉඩ දුන්නෙ ඇයි කියල

කුමක් හෝ කළ යුතු ය
මෙි මහා ජන ගඟට
එකතු වනු මිස අපට
අන් කුමක් කළ හැකිද

දනිමි ඔබ සැලෙනයුරු
බිය නොගන් මා සොඳුර
රකිති සමිදිටු දෙවියො
නිතින අප දයාවෙන

පපුව රිදුනොත් එහෙම
ගොඩවෙලා ගෙ පැලකට
බෙහෙත් පෙති දිව යටින්
තියං ගිමි හරින්නමි

උදවි වෙිවී ඔවුන්
මට ගෙදර ඒ ගන්න
මහින්දගෙ මිනිස්සු නෙ
කෙළෙහි ගුණ දන්න සොඳ

2016 ඇසළ මස 31 වැනි දා

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/28/2016

සංහිඳියාවෙ රඟ...

කතෘ:යුතුකම     7/28/2016   No comments
-පුනර්ජි දඹොරගම-
ලොවට පෙනෙන්නට සංහිඳියාවෙ රඟ
එපිට තියෙන්නේ රට දැය බෙදන මඟ
හෙටට ගියොත් ගිණි දළු මතු නඟින වග
නැගිට බලව් දෑ බැති පෙම් පව්වෙ නැග

විකුන විකුන අද සංහිඳියාවෙ නම
රඟන විටදි එළිපිටදිම සතුරුකම
වරද දුටු තැනදි ඉන්නා නිහඬකම
සිතනු එයම වෙයි අපගේ නිවටකම

රකින ලෙසින් රට දැය නෙත් යුගල සම
මකනු කෙලෙස උරුමය රැකි මුතුන් තම
සිතනු හැකි උනොත් බැඳ මව් ලෙසින් පෙම
රඟනු නොහැක බිඳලන්නට මෙ රන් බිම....

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/22/2016

නිදහස ලබමු - එළවා පරගැති පෙන්දා

කතෘ:යුතුකම     7/22/2016   No comments
-පුනර්ජි දඹොරගම -ඉන්නා විටදි වැසියෝ මර තැවුල්ලේ
උන්නේ කොහෙද රට ගිණිලන ඇසිල්ලේ
පන්නා ජය ද රජවරු ලඟ කැකිල්ලේ
දුන්නා නොවෙද රට පරයන් තුරුල්ලේ

පර රුපු සෙන් පරදා රට රකිනු මිස
නර සැප උදෙසා රැකගනු පිණිස කුස
වර දෙන්නට නම් හිස් මිනිසුන්ගෙ බස
කුමටද තව උන් පාමුල නැවෙන හිස

මිසදුටු වසුරු වපුරන මොළගෙඩි සින්දා
ජාතික ආලයේ සිතුවිලි යලි කැන්දා
මවුබිම යස ඉසුරු පිරි කල යලි කැන්දා
නිදහස ලබමු එළවා පරගැති පෙන්දා

යුතුකම සංවාද කව
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions