11/22/2015

හදුන්නෙත්ති මහතාගේ අයවැය කතාව

කතෘ:යුතුකම     11/22/2015   No comments

හදුන්නෙත්ති මහතාගේ අයවැය කතාව පහතින් නැරඹිය හැකිය. >>https://web.facebook.com/SriAvTvNet...


පහුගිය කාලයේ හදුන්නෙත්තිි මහතාව වර්ණනා කරපු එජාප සහ ජවිපෙ පාක්ෂිකයනුත් හදුන්නෙත්ති මහතාගේ අයවැයේ කතාවට ඇහුන්කන් දෙයි කියා හිතනවා. හදුන්නෙත්ති මහතා කියන ආකාරයට මෙරට මූල්‍ය ක්ෂේත්‍රය මේ ආණ්ඩුව විසින් තනිකරම විවෘත කිරීම නිසා (deregulate කිරීම නිසා) රටේ ආර්ථිකය අස්ථාවර වෙලා ග්‍රීසියේ, ආජන්ටිනාවේ හෝ යුක්රේනයේ උනා වගේ එකවර දැවැන්ත කඩාවැටීමකට ආර්ථිකය ලක් වෙන්ඩ ඉඩ තියෙනවා. ඊට පෙර යම් වර්ධනයක් (බබල් එකක්) එයි. ඒත් ඒක තාවකාලිකයි සහ නොමග යවන සුළුයි. රුපියල විශාල ලෙස කඩා වැටිලා උද්ධමනය ඉහළ ගිහින් විරැකියාව වැඩි වෙලා රජය බංකොලොත් වෙලා බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටෙන තත්වයක් ඇති වෙන්ඩ ඉඩ තියෙනවා. මෙය කොරහේ කිඹුල්ලු දැකීමක් ලෙස කියන අයට කීමට ඇත්තේ ගෝල්ඩක් කී ආයතනයේ වැරදි මූල්‍ය ප්‍රතිපත්ති නිසා බංකොලොත් වූ වෙලාවේ සෙලින්කෝ ව්‍යාපාරයට සම්බන්ධ ද ෆිනෑන්ස්, සෙලාන් බැංකුව වගේ ආයතන වැටිලා මුළු බැංකු පද්ධතියම කඩා වැටෙන්ඩ ගිය වෙලාවේ මහ බැංකුව මැදිහත් වෙලා මූල්‍ය වෙළදපොල පාලනය නොකරන්නට මුළු බැංකු පද්ධතියම සහ ආර්ථිකයම අර්බුදයකට යන්ඩ ඉඩ තිබූ බවයි. සම්පූර්ණයෙන්ම විනිමය සහ මූල්‍ය වෙළදපොල විවෘත කරපු තත්වයක් තුල මහ බැංකුවට එවැනි මැදිහත්වීමක් කරන්ඩ ඇති ඉඩකඩ අවම වෙනවා.

මා නම් හිතන්නේ මේ තත්වය මහ බැංකුවේ ඉන්න ඉකොනොමික් හිට්මෑන් විසින් රනිල්, රවී වගේ සෘජු බටහිර ඒජන්තයන්ගේ අනුග්‍රහය පිට හිතාමතාම ඇති කරන බවයි. ප්‍රතිඵලය IMF වගේ ආයතන හරහා එන තමන්ගේ ස්වාමිවරුන්ට මෙරට ආර්ථිකය සහ සම්පත් අයිති කරගන්ඩ අවස්ථාව පෑදෙන එක සහ ලංකාවෙ ජනතාව සදාකාලික ආර්ථික වහල්භාවයට පත් වීම. ආණ්ඩුවක් බංකොලොත් වෙන්ඩ යනකොට IMF එක කරන්නේ ණය දීලා බේරගන්ඩ නං (bail-out plan) රටේ සම්පත් පවරාදෙන්ඩ සහ අඩු මිලට විකුණන්ඩ (fire sale) බල කරන එක සහ අනෙක් පැත්තෙන් ටැක්ස් වැඩි කරන්ඩ සහ ආණ්ඩුවේ වියදම් කපා හරින්ඩ (austerity measures) බල කරන එක. මේකෙන් මිනිස්සුන්ගේ පාරිභෝජන හැකියාව අඩුවෙලා ආර්ථිකය තවත් සංකෝචනය වෙලා තවත් ආණ්ඩුවේ ආදායම් අඩු වෙනවා. ප්‍රතිඵලය කලින් ගත් ණය ගෙවා ගන්ඩ තව තවත් ණය ගන්ඩ සිදුවිම. මේක විෂම චක්‍රයක්. මෙයින් ගොඩ ඒමක් නෑ. IMF එක හරහා ආර්ථික යටත්විජිතවාදය ක්‍රියාත්මක වෙන එක ප්‍රධානම ක්‍රමයක් තමයි මේක. යුක්රේනය, ග්‍රීසිය වැනි රටවල අද වෙන්නේ ඒක. එක පැත්තකින් නම වෙනස් කරපු සීපා ගිවිසුම සහ හනුමා පාලම හරහා ඉන්දීය ආර්ථික යටත්විජිතවාදයට ලංකාව ගොදුරු කරන රනිල් ආණ්ඩුව අනෙක් පැත්තෙන් නව ලිබරල් ප්‍රතිපත්ති හරහා බටහිර ආර්ථික යටත්විජිතවාදයට ලංකාව සෘජුවම ගොදුරු කරනවා.

මේ වගේ වෙලාවක පුද්ගලික මට්ටමින් කරන්ඩ පුළුවන් එක දෙයක් තමයි තමන්ගේ ඉතුරුම්වලින් යම් ප්‍රමාණයක් හෝ රත්‍රං වලට කන්වර්ට් කර ගැනීම. ඉඩම්, වාහන වැනි ආයෝජනවලත් වටිනාකම රටේ මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව මත ගොඩක් රදාපවතිනවා. නමුත් රත්‍රං වලට ඇති පිළිගැනීම නැති වන්නේ නෑ. ආර්ථික කඩාවැටීමකින් පස්සේ ආපහු අළු ගසා දාලා නැගිටිනකොට තමන්ට යම් වත්කමත් ඉතුරු වෙලා තියෙයි ආරම්භයක් ගන්ඩ (මේ ආණ්ඩුව බලපත්‍ර හරහා තෝරාගත් ධනවතුන් 50 දෙනෙකුට රත්තරං ආනයනය කිරීමේ ඒකාධිකාරය පැවරීමත් ප්‍රශ්නයක්. ආර්ථික අර්බුදයකදී සහ ඉන් ගොඩ ඒමේදී මේ පිරිසට ලොකු වාසියක් ලැබෙනවා). නැත්තං වෙන්නේ තමන්ගේ ඉතුරුම් සියල්ල වාෂ්ප වෙලා පාරට වැටෙන එක. අනෙක් කරන්ඩ පුළුවන් දේ තමයි හැකිතාක් ස්වයංපෝෂිත ජීවන රටාවකට පුරුදු වෙන එක. මේක නගරවල මිනිස්සුන්ට කරන්ඩ අමාරු උනත් ගම්වල මිනිස්සුන්ට කරන්ඩ පුළුවන්. එයින් තමන්ට මේකෙන් වෙන ඉම්පැක්ට් එක අඩු කරගත හැකියි.

කඩා වැටීමකින් පස්සේ නැවත ආර්ථිකයක් ගොඩනගන්ඩ රටක් ඉතුරු වෙලා තියෙයිද කියන එකත් ප්‍රශ්නයක්. මොකද අනෙක් පැත්තෙන් දෙමළ බෙදුම්වාදය ඉස්සරහට දාගෙන එන බටහිර/ඉන්දීය දේශපාලනික යටත්විජිතවාදයත් අපි බලාපොරොත්තු වූ පරිදිම රනිල් ආණ්ඩුව යටතේ උපරිමව ක්‍රියාත්මක වෙන නිසා. දෙමළ ඊළම දකුණු ආසියාවේ ඊශ්‍රායලය සහ ලංකාව දකුණු ආසියාවේ පලස්තීනය වෙන අනතුර ඉතාම සැබෑ අනතුරක් ලෙස අපි ඉදිරියේ තියෙනවා. 2001 වගේම මේ රනිල් ආණ්ඩුවෙත් බටහිර/ඉන්දීය දේශපාලන සහ ආර්ථික යටත්විජිතවාදි සංරචක දෙකම ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් එල්ටිටීඊ වගේ සන්නද්ධ හමුදාවක් රටේ නැති නිසා ගොඩක් දෙනෙක්ට ඒක එච්චර දැනෙන්නේ නෑ අවසාන ප්‍රතිඵල එනකං. බොහෝ විට ඉදිරියේදී මේ සංරචක දෙක එකතු වෙලා එකට ක්‍රියා කරන්ඩත් පුළුවන්. සංස්කෘතික යටත්විජිතවාදය කොහොමත් තියෙනවානේ.


දේශපාලන අස්ථාවරත්වය මතු වෙන්ඩ පුළුවන් තවත් පැත්තක් තමා නැවත සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති වෙන එක. මේ ගැන සැක ඇති වෙන කාරණාවත් තමයි ලංකාව ස්විස් බැංකුවල ඇති කලු සල්ලි බාධාවකින් තොරව මෙරට ආයෝජනය කරන්ඩ අවසර දුන් පසු මෙරටට සල්ලි පොම්ප කරපු අය අතර ලෝකෙම වහාබ්වාදයට සහ ජිහාඩ්කාරයන්ට ෆන්ඩ් කරන (ඇමරිකානු එක්සත් ජනපදයේ මැදපෙරදිග චක්ගෝලයෝ දෙන්නා වන) සවුදි අරාබියේ සහ කටාරයේ පුරවැසියන් සිටීම (http://www.news.lk/news/business/it...). මේ අයට අවශ්‍යනම් මේ එවන සල්ලිවලින් අයිසිස් වගේ කල්ලියක් හදලා යම් බෞද්ධ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ටිකක් කරන්ඩ පුළුවන්. මේ අතරතුර පිරිසක් ආපහු සමාජ ජාල හරහා බොදුබල සේනා පන්නයේ මුස්ලිම් විරෝධී ෆැසිස්ට්වාදයක් මතු කරන ගතියකුත් පේනවා. මේ නිසා සමහර විට නැවතත් සිංහල මුස්ලිම් ගැටුමක් හදලා දකුණේ අර්බුදයක් ඇති කරන්ඩත් ඉඩ තියෙනවා උතුරු සහ නැගෙනහිර දෙමළ බෙදුම්වාදයට සමගාමීව. මේ ගැනත් අවධානයෙන් ඉන්න එක වැදගත්.


-දර්ශන කස්තුරිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions