11/24/2015

වත්මන් බුදු දහම තුලින් ලාංකේය සමාජ පරිහානියට පිළිතුරු දිය හැකිද?

කතෘ:යුතුකම     11/24/2015   No comments

රටේ බහුතරය බෞද්ධයෝ වුවද සිදුවන මිනීමැරුම්,සොරකම්,මංකොල්ල කෑම්,ස්ත්‍රී දූෂණ වලට වගකිවයුතු බහුතරයද බෞද්ධයෝය. බොරුව දරුණු ලෙස සමාජගත වී ඇත.එය කෙතරම්ද කිවතොත් මිනිසුන් ඇත්ත කියා කියන්නෙද බොරුය. මේ සියල්ල දෙස ඉවසීමෙන් බලා සිටින විට යමක් හැඟේ. එනම් මේ බුදුන් දේශනා කල දහමේ යම් අඩුවක් නිසා සිදුවන දෙයක්ද? එසේත් නැතිනම් අප අසන දහමේ අඩුවක් නිසා සිදුවන දෙයක්ද? යන සැකයයි. එහෙත් බුද්ධිමත්ව කල්පනා කිරීමෙන් හා වත්මන් බුදු සසුන දෙස බලන කල වැටහෙන සත්‍යය නම් මෙහි ඇත්තේ බුදුන් දේශනා කල දහම නිවැරදි ලෙස සමාජගත නොවීමේ අඩුව හා ඒ වෙනුවෙන් වූ බහුතරයක් භික්ෂූන් වහන්සේලා තම යුතුකම එක හෙලා පැහැර හැරීමයි. මෙය අප බෞද්ධයින් වශයෙන් කොතරම් සැඟවීමට උත්සහ කලද, සාධාරණීයකණය කිරීමට උත්සහ කලද යථාර්තය මෙයයි. නමුත් මතක තබාගත යුතුය,
ගිහියන් හෝ වේවා භික්ෂූන් හෝ වේවා වැරැද්ද, වැරැද්දමය. එය බුද්ධ නීතියයි. සංයුක්ත නිකායේ දෙවන පටිපදා සූත්‍රයේදි බුදුන් වහන්සේ මේ බව ඉතා පැහැදිලිව දක්වා ඇත.

අද බොහෝ පන්සල්වල සිදුවන්නේ හුදෙක් ආමිසය පමණි. ආමිසය සිදුකල යුතුය. එහෙත් ගැටළුව නම් ආමිසය සිදුවන තරමට ප්‍රතිපත්ති පූජාවන් සිදුනොවීමය. මිනිසුන්ගේ හිත නිවන දහමක් අද පන්සලෙන් සමාජගත වන්නේ නැත. මිනිසුන්ගේ චින්තන ප්‍රවාහය වෙනස් කරන දහමක්,මිනිසුන් තුල චිත්ත පුනරුදයක් ඇති කරවන දහමක් සමාජගත වන්නේ නැත .මව මරණ චින්තනය,පියා මරණ චින්තනය අද ඒ වෙනුවට සමාජගත වී ඇත. මේ චින්තනය වෙනස් කිරීමට නම් රට තුල දාර්ශනික ප්‍රබෝධයක් ඇති විය යුතුය. 6වන පරාක්‍රමබාහු රජතුමා රට එක්සේසත් කල පසු රටේ විශාල දාර්ශනික ප්‍රබෝධයක් ඇතිවිය. සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති විය. සංදේශ කාව්‍ය බිහිවිය. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැනි මහා උගතුන් බිහිවී විශාල සමාජ විපර්යාසයන් සිදු විය. දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කල පසු රටේ දාර්ශනික ප්‍රබෝධයක් ඇති විය. එහි සිහිවටන අදටත් අනුරාධපුරයේ රුවන්වැලි සෑය තුලින් දැකගත හැක.මතක තබාගත යුතුය,රුවන්වැලි සෑය යනු හුදු ගඩොල් ස්මාරකයක් නොවේ. එය එදා දස දහස් ගණන් ජනයා අතර ආධ්‍යාත්මික සංහිදියාව එක් රොක් කිරිමට හේතු වු තැනකි. එහෙත් අද අවාසනාවක මහත නම් රට එක්සේසත් වුවද රටේ දාර්ශනික පුනරුදයක්, ප්‍රබෝධයක් වෙනුවට රට පුරා අපරාධ රැල්ලේ සීඝ්‍ර වැඩි වීමක් දැක ගැනීමට තිබීමයි. මේ සියල්ලටම හේතුව රට තුල දහම නිවැරදි ලෙස ස්ථාපනය නොවීමයි. ධර්මය යනු හුදෙක් පොත්පත්වල ඇති කතාන්තර නොවේ. මිනිසුන්ගේ හිත සුවපත් කරන ක්‍රමයක් කියා දිය යුතුය,කාම ආශාව නැති කරන ක්‍රමයක් කියා දිය යුතුය. එහෙත් අද බොහෝමයක් භික්ෂූන් වහන්සේලා දන්නේ කවි බණ,ජාතක කතා කියමින්,බෝධි පූජා පවත්වමින්,පළතුරු පූජා,මල් ලක්ෂයේ පූජා පවත්වමින් කාලය ගතකිරීමටයි. තවත් පිරිසක් ජාති ආලය ඉහෙන් කනෙන් වැක්කෙරෙන ගානට දේශපාලනය කරමින්,ජාතීන් අතර ආරවුල් මතභේද අවුලුවමින් කාලය ගත කිරීමයි. භික්ෂුව දේශපාලනය නොකල යුතුය. බුදුන් වහන්සේ කිසිම තැනක භික්ෂුවට දේශපාලන කල යුතු යැයි අනුදැන වදාරා නැත.එය බුද්ධ නීතියට පටහැනිය. භික්ෂූන් දේශපාලනය කිරීමේ ආදීනව මෙවර පැවති මහමැතිවරණයේදි ඔබට පසක් වන්නට ඇත. බුද්ධ නීතියට අවනත නොවන නීචයන්ට සොබාදහම විසින් නියම පිළිතුරක් මෙවර මැතිවරණයේදී ලබාදුනි. එසේම තවත් පිරිසක් පන්සල්වල නායක අනුනායක පදවි දරමින්,රැකීරක්ෂා කරමින්,දේපළ භූදල් බලා ගනිමින්,අඹුදරුවන් නඩත්තු කරමින්, සාම්ප්‍රදායික වරප්‍රසාද භුක්ති විඳින පූජක පැලැන්තියක් ලෙස නඩත්තු වෙමින් සිටී. ඔවුන් විසින් තම සුඛ විහරණය උදෙසා රටේ දේශපාලුවන් සමග එක්වී දේශපාලන රැකවල් ලබමින් පස්කම් සැප හරි හරියට භුක්ති විඳි. අද රටේ සිදුවන බොහෝමයක් අපරාධවලට තරුණ,තරුණියන් ගොදුරු වී ඇත්තේ ඇයි?අද පන්සලට තරුණ පිරිස එකතු වන්නේ නැත. අද ධර්ම ශාලාවේ ධර්ම සාකච්ඡා නැත.එදා අපේ වියත් යතිවරු සිවුරට පවා වාද කලහ. ඉස්පිල්ල ඇලපිල්ලට පවා වාද කලහ. එ තුලින් රට තුල විශාල දාර්ශනික ප්‍රබෝධයක් ඇති විය. එහෙත් අද පන්සලේ ඇත්තේ ග්‍රාම සේවක කාර්යාල,මරණාධාර සමිති,ටියුෂන් පන්ති,ප්‍රජා ශාලා පමණි. බණ කියන වේලාවට නමට පමණක් සීමාවූ බණ මඩු පමණි.

නමුත් රට තුල සත්‍යවාදී මුණිවරු පහළ වනවිට,සත්‍ය කියන වියත් යතිවරයන් වහන්සේලා පහල වනවිට උන්වහන්සේලා ධර්මයේ සූක්ෂම තැන් පෙන්වා දෙන විට,මිනිසුන්ට දුක නිවෙන දහමක් දේශනා කරනවිට "ඔන්න බුද්ධ ශාසනේ විනාස වෙන්න යනවලා,ඉක්මට අවදි වෙයව්" කියා කෑ ගසන්නට නම් ඕනෑ තරම් චීවරධාරීන් පඳුරකට ගල් ගැසුවත් මේ ලංකාවේ සිටි. මේ සිදුවන්නේ කුමක්ද? රට තුල චින්තන ප්‍රවාහය උඩු යටිකුරු කරන,සත්‍යවාදීන් පහල වන විට ඔවුනට එලව එලවා පහර දීමය. කඩු පොලු, මුගුරු රැගෙන ඔවුන් මර්ධනය කරති. මතක තබා ගත යුතුය. ලෝකයේ මෙතෙක් පහල වු සත්‍යවාදී දාර්ශනිකයින් බොහෝ දෙනෙක් මෙලොව හැර ගියේ සත්‍යය වෙනුවෙන් සටන් කල නිසාය. සොක්‍රටීස්ට වස පෙව්වේය,බෲනෝ ගිනි තබා මැරුවේය. මේ මා පෙර කී සාම්ප්‍රදායික වරප්‍රසාද භුක්ති විඳින පූජක පැලැන්තියේ පූජකයින්ට තම වරප්‍රසාද අහිමි වේ යැයි බිය නිසා සිදුවු දේවල්ය. එහෙත් මේ ඒවාට රැවටිය යුතු කාලයක් නම් නොවේ. මේ ජාතිය,මේ උතුම් බුදු දහම තව දුරටත් රැක ගෙන ඉදිරියටම ගෙන යායුතු නම් සත්‍යය රජකරන බොරුවට ඉඩ නොදෙන මිනිසුන්ගේ හිත නිවන් දහමක් දෙශනා කරන මුණිවරයන් වහන්සේලා වට ආධ්‍යාත්මික ශක්තිය එක්කාසු කිරීම අවශ්‍යයෙන්ම කල යුතුවේ.

බෝසතාණන් වහන්සේ ඒදා නේරංජනා නදිය වෙත ගොස් උඩුගං බලා යන පාත්‍රය දෙස බලා තම චින්තන ප්‍රවාහය උඩුගං බලා වෙනස් කල නිසා උන්වහන්සේට එදා බුද්ධත්වය පසක් විය. ජාති,ජරා,ව්‍යාධි,මරණ අවබෝධ විය. එය එසේ නම් සාම්ප්‍රදායික චින්තන ප්‍රවාහයෙන් මිදී පටිසෝතගමී ආර්ය මාර්ගයට අප අනුගත නොවන තාක් අපට මේ මර උගුලෙන් ගැලවිය නොහැක.

-තිවංක පුස්සේවෙල.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com