ප‍්‍රථම වතාවට සිංහල බෞද්ධයන්ගේ බහුතර කැමැත්තට විරුද්ධව ජනාධිපතිවරයකු පත්විය. දළ වශයෙන් කරන ලද ගණනය කිරීම් අනුව මහින්ද රාජපක්ෂ මහතාට සිංහල ජන්ද වලින් 55% ක් පමණවත් ලැබී ඇත. දෙමළ මුස්ලිම් ජන්ද වලින් ලැබී ඇත්තේ 20% වැනි ප‍්‍රමාණයකි. එනම් දෙමළ මුස්ලිම් ජනයාගේ ජන්දවලින් 80% පමණ මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත ලැබී ඇත. මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අල්ලපු ආසනය වූ මින්නේරිය ආසනය පවා එතුමාටජයගත හැකි වූයේ ජන්ද 997 කිනි. ප‍්‍රතිශත වශයෙන් 50.12%: 48.69% ප‍්‍රමාණයකි. එසේ තිබියදී උතුරුනැගෙනහිර ඒ මහතාට 80% පමණ ලැබීමට හේතුව දෙමළ හා මුස්ලිම්ජනයා ජාතිවාදි ලෙස ජන්දය ප‍්‍රකාශ කිරීමය. දෙමළ ජාතිවාදයේ ප‍්‍රධානම ප‍්‍රතිඵලයක්වූ දෙමළ ත‍්‍රස්තවාදය අවසන් කළේ මහින්ද රාජපක්ෂ නායකත්වයෙනි. යුධ ජයග‍්‍රහණය සඳහා බොහෝ දෙනා දායක වූවත් ඒ සඳහා තීරණාත්මක සාධකය වූයේ හිටපු ජනාධිපතිවරයාය. එය කෙසේ හෝ වේවා දෙමළ ජාතිවාදින් වෙත යුධ ජයග‍්‍රහණයේ නායකත්වය මෙන්ම සිංහල ජාතිකත්වයද නියෝජනය වනුයේ මහින්ද රාජපක්‍ෂ මහතා හරහාය. වයිකෝ වැනි දෙමළ ජාතිවාදීන් රාජපක්‍ෂ මහතාගේ පරාජය සැමරුවේද එතුමාගේ බෙල්ලට තොණ්ඩුව දමන අයුරු නිරූපණය කළේද ඒ නිසාවෙනි. ගෝලීය දෙමළ සංගමයේ නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා පෝරකයට යවන බවද ප‍්‍රකාශ කළේ ඒ නිසාවෙනි. සරත් ෆොන්සේකා හෝ පාඨලී චම්පික ගැන දෙමළ ජාතිවාදින් එලෙස නොහැසිරෙන්නේ ඔවුන් හරහා සිංහල ජාතිකත්වය නියෝජනය නොවන බැවිනි. දෙමළ ජාතිවාදයට එරෙහිව ඔවුන් තීරණාත්මක සාධක ලෙස දෙමළ ජාතිවාදීන් නොසලකන බැවිනි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්ද මෙය වෙනසක් නොවේ. එතුමා සිංහල බෞද්ධ වූ පමණින් හෝ ජාතික ඇඳුම ඇන්ද පමණින් ඔහු හරහා සිංහල බෞද්ධ ජාතිකත්වය නියෝජනය නොවේ. එතුමා හරහාද සිංහල බෞද්ධ ජාතිකත්වය නියෝජනය වූයේ නම් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්‍ෂ මෙන්ම දෙමළ මුස්ලිම් ජනයා ඔහුට මෙතරම් ජන්දය ප‍්‍රකාශ නොකරනු ඇත.
සිරිසේන මහතාගේ පිල ප‍්‍රමුඛ වර්තමාන ආණ්ඩුව සිංහල බෞද්ධ ජාතිකත්වය නියෝජනය නොකරද්දී එය එසේ නොවන බවට බෙරිහන් දෙමින් දැඟලූයේ පාඨලී චම්පික රණවක මහතායි. විටෙක සමාජවාදියෙකු වෙස් ගත් ඔහු විටෙක ලිබරල්වාදියෙකු විය. තවත් විටෙක ජාතිකත්වයට පැමිණෙන ඔහු විටෙක ජාතිය මළකඳක් යැයි කියා ඉන් ඉවත්ව යයි. පාඨලි චම්පික සෑම විටම කර ඇත්තේ මෙවැනි අවස්ථාවාදී දේශපාලනයකි. තමන්ට බලයක් ලබාගත හැකි ඕනෑම තැනකට පැමිණීමට ඔහුට අබමල් රේණුවක තරම්වත් ලැජ්ජාවක් නොමැත. ‘‘බලය සහ බලය’’ ලියූ ඔහුට අවශ්‍ය වන්නේද බලය සහ බලය පමණකි. ඕනෑම කි‍්‍රයාවක් සාධාරණීකරණය කිරීම සඳහා අමුතු වචන මෙන්ම ඉලක්කම් හරඹද පාව්චිචි කිරීම චම්පික මහතාගේ සිරිතය. චම්පිකට සැළකිය යුතු දේශපාලන බලයක් ලැබුණේ හෙළ උරුමය හරහාය. සිංහල බෞද්ධ ජාතිකත්වය සුරැකීම උදෙසා(උදෙසා යැයි) ආරම්භ වූ හෙළ උරුමයේ ආරම්භ නායකයෝ බොහෝ දෙනෙක් හෙළ උරුමය හැර ගොසිනි. හෙළ උරුමය ජාතිකත්වය උදෙසා සාධනීය කාර්යයන් සිදු කළේදැයි පිළිබඳ වෙනම කතා කිරීමට සිදුව ඇත. ඒ කෙසේ හෝ වේවා යම් ජාතිකත්වයක් ඇති අය හෙළ උරුමයට සහයෝගය ලබා දුනි. ඒ අතර බහුතරය මධ්‍යම පාන්තිකයන් විය. පාඨලි සෑම විටම කතා කළේ මේ මධ්‍යම පන්තියට විකිණිය හැකි දේවල්ය. විශේෂයෙන්ම පාඨලි මහතාගේ ඉලක්කම් හරඹය බොහෝ දෙනා විමසීමකින් තොරවම පිළිගනී. ඔහුගේ බොහෝ ඉලක්කම් හරඹ තුළ ඇත්තේ බොරු නොව පට්ටපල් අමුලික බොරුය. රනිල් -චන්ද්‍රිකා - TNA – හකීම් පිල සමඟ ලැඟ ලැඟත් පාඨලීට අවශ්‍යවනුයේ ජාත්කත්වයද විකුණන් කමින් තමන්ගේ බලය තවදුරටත් රැකගැනීමයි. ඒ අතරතුර යහපාලනයේ ප‍්‍රධාන කෙරුමාද තමන් වෙමින් එහි ලකුණු දා ගැනීමටද පාඨලී මහතාට අවශ්‍යය. රනිල් - චන්ද්‍රිකා බෙදුම්වාදී විජාතික පිල සමග ලැගීමෙන් ජාතිකත්වය හරහා පාඨලීට ලැබී තිබුණු බලයද නැත්තටම නැති වී ගියේය. ජාතිකත්වය නිවැරදිව හදුනාගත් කිසිවෙකුත් පාඨලීව අද තුට්ටුවකටවත් මායිම් නොකරයි. පෙරටත් වඩා මහින්ද රාජපක්ෂ,ඝෝඨාභය රාජපක්ෂ, විමල් වීරවංශ, උයද ගම්මන්පිල මහත්වරු වෙත සිංහල බෞද්ධජාතිකත්වයේ නියෝජනය ලැබෙන අතර ජාතික බලවේගවලට අද දේශපාලන ක්ෂේත‍්‍රයේ බලාපොරොත්තුව තැබිය හැක්කේ ඔවුන් මත පමණි. මංගල, රාජිත, පරදවමින් මහින්ද, ඝෝඨාභය, විමල්, ගම්මන්පිල මහත්වරු වෙත පාඨලී මඩ ප‍්‍රහාරඑල්ල කරන්නේ ඔවුන් වටා ජනතාව පෙල ගැසී සිටන තුරු පාඨලීට ජාතික දේශපාලනයට ඇගිල්ලක්වත් ගැසීමට නොහැකි බැවිනි.
2009 යුද ජයග‍්‍රහණයත් සමග ජාතික බලවේග අඩුම තරමින් අවුරුදු 25 ක් වත් තිස්සේ ගෙන ගිය දෙමළ ත්‍රස්ත්‍රවාදයට එරෙහි සටන ජයග‍්‍රහණය කළේය. එහි අවසාන කාලපරිච්ෙඡ්දයේ රට තුළ ජාතිකත්වය සදහා විශාල බලයක් ගොඩනැගී තිබුණි. රනිල්, චන්ද්‍රිකා, බෙදුම්වාදි විජාතික පිලට කිසිදු ඉඩක් ලාංකීය දේශපාලනය තුළ නොතිබුණි. පාඨලී එම කාළය තුළ අද ඔහු සිටින රනිල් - චන්ද්‍රිකා පිලට පහර පිට පහර ගැසුවේය. එයට එකම හේතුව වූයේ ඒ කාලයේ ජාතිකත්වය මාකට් කිරීමට හැකියාව තිබු බැවිණි. යුධ ජයග‍්‍රහණයෙන් වසර කිහිපයකට පසු ජාතිකත්වය හරහා පෙර තරම් බලය ලබා ගැනීමට අපහසු බව තේරුම් ගත්පාඨලී මෙන්ම රතන හිමියන් ද තමන්ට බලය ලබා ගත හැකි අලූත්ම කතාව වූ යහපාලනයට පැනගත්තේය. අන්‍යාගාමීකරණයට එරෙහිව හා සිංහල බෞද්ධ උරුමය රැකීමට යැයි කියාගෙන ආ ඔවුන් අද ඊනියා යහපාලනයක් ඇති කිරීමට ඉදිරිපත් වී සිටී. රන්ජන් රාමනායකලා, මංගලලා, රාජිතලා සමග වංචා දූෂණ ඇල්ලීමේ කඩා පනින හමුදාවට එක්වී සිටින චම්පිකලා යහපාලන බබාලාගේ ලකුණු ගැනීමට තවත් බොරු බේගල් අභීත ප‍්‍රකාශ ඇද බානු ඇත.
ඒ කෙසේ වෙතත් රනිල් - චන්ද්‍රිකා- සම්බන්ධන් -හකීම් බෙදුම්වාදී පිල රටෙහි ඒකීයත්වය හා සිංහල බෞද්ධ ජාතිකත්වය විනාශ කිරීමට කටයුතු කරන බව නොදන්නා තරම් පාඨලී මහතා තොත්ත බබෙකු නොවේ. ඔවුන් මේ මොහොතේදීත් ඒ සදහා කටයුතු කරන බව පාඨලී හොද හැටි දනී. උතුරේ ආණ්ඩුකාරවරයා මෙන්ම දිස්ත‍්‍රීක් ලේකම්වරියද මාරු කළේ බෙදුම්වාදයට විරුද්ධ නිලධාරින් උතුරු නැගෙනහිරින් ඉවත් කිරීම සදහාය. අගමැති රනිල් වික‍්‍රමසිංහ ද උතුරු නැගෙනහිරට පූරිණ ස්වයං පාලන අයිතිය දෙන බවට දමාධ්‍ය වලට ප‍්‍රකාශ කර තිබුණි. බෙදුවාදයේ මූලික පියවර සැකසෙද්දීත් ඒවා පාඨලීසාධාරණීයකරණය සිදු කරන්නේ යහපාලනය තුල ඔහුට තවදුරටත් ලකුණු දාගනිමින් ඉදිරියට යෑමසදහාය. සිංහල බෞද්ධ ජාතිකත්වය මෙන්ම රටෙහි ඒකීයත්වයද පාඨලීට වැදගත් නැත. ඔහුට අවශ්‍යබලය හා බලයම පමණකි. රනිල් - චන්ද්‍රිකා විජාතික බෙදුමිවාදි පිල තව දුරටත් ඉදිරියටගියහොත් ඔවුන්ට විරුද්ධව ජාතික බලවේගවල විශාල පෙලගැස්ම රට තුළ නිර්මාණය වනු ඇත.නැවතත් ජාතිකත්වය සහ රටෙහි ඒකීයත්වය වෙනුවෙන් විශාල ජන බලයක් ගොඩනැගෙකු ඇත. ජාතිකබලවේග පාඨලීගෙන් මෙන්ම රතන හිමියන්ගෙන් ද වඩාත්ම පරිස්සම් විය යුත්තේ එදාටය. එදාට නිර්මාණය වන ජාතික බගවේගයේ බලය තමන් අතට ගෙන තමන්ගේ බලය රැක ගැනීම සදහා ඔවුන් එදාට යහපාලනයට පයින් ගසා ජාතිකත්වය වෙත නැවතත් පනිනු ඇත. යහපාලනය අමතක කර දමාජාතිකත්වයේ උරුමක්කරුවන්ට තමන් බව ඔවුන් එදාට හඩ තලනු ඇත. එදාට ඔවුන් ජාතිකත්වය වෙත පැමිණෙන්නේ ජාතිකත්වය රටේ ඒකීයත්වය රැක ගැනීම උදෙසා නොව තමන්ගේ බලය රැක ගැනීම සදහා පමණක්ම බව අවබෝධ කරගැනීමට සහ ඔවුන්ට එහි බලය අතට ගැනීමට ඉඩ නොදීම සදහා ජාතිකබලවේග අද සිටම ශක්තිමත් විය යුතුය.
-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com


.jpg)
















