11/20/2015

ජිනීවා පාවාදීම හරහා ඊළමට පාර කපන හැටි.. - ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා [video]

කතෘ:යුතුකම     11/20/2015   2 comments


ජිනීවා යෝජනාවලිය හරහා රණ විරුවන් යුධ අපරාධ දං ගෙඩියට දක්කා ගෙන යන ත්‍රාඩ ක්‍රියාදාමයට අමතරව මෙරට දෙමළ ඊළමක් බිහි කරගත හැකි මාවතට අවශ්‍ය සියළු අවශ්‍යතා ඉටු කර දෙන යාන්ත්‍රණයක්ද අඩංගු යැයි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අවධාරණය කර සිටී.
ආණ්ඩුව තමන් නිසා ජිනීවා යෝජනාවලියේ සැර බාල වූයේ යැයි පැවසුවත් සැබෑව ඊට හාත්පසින්ම වෙනස් බවත් ජිනීවා අවසන් වාර්ථාව සමගම සම්බන්ධ කර ඇති මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමාරයාගේ වාර්ථාව සහ ඔහු ජිනීවා හිදී පැවැත්වූ දේශනයේ අඩංගු කරුණු, එමෙන්ම ගිය වසරේ ඇමරිකාව ඉදිරිපත් කළ වාර්ථාවත් එලෙසම පිළිගැනීම හරහා රට දරුණු ව්‍යසනයකට ලක් කර ඇතැයි  මනෝහර ද සිල්වා මහතා පෙන්වා දෙයි.
යෝජනා සම්මතයේ හයිබ්‍රිඩ් යන වචනය අඩංගු නැතැයි ආණ්ඩුවේ පණ්ඩිතයන් ජනතාව නොමග යැවීමට ඉතා වංචනික උත්සාහයක් ගත්තත් මෙය තනිකර හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් බව මනෝහරද සිල්වා මහතා සාධක සහිතව පෙන්වා දෙයි.ශ්‍රී ලංකාවේ පිහිටුවීමට එකඟ වී ඇති මානව හිමිකම් කාරයාලය හරහා ජාත්‍යන්තර නීතිඥයන් , අභිචෝදයකයන් ඇතුළු බටහිරයන්ට අවශ්‍ය ආකාරයේ යාන්ත්‍රණයක් හරහා ලංකාව යුධ අපරාධ වලට හසු කිරීම ස්ථිර යැයිද ඔහු පවසයි.

ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති නීතීඥයන්ගේ නිරීක්ෂණයන්ද සහිතව ඉදිරිපත් කර ඇති 'පරණගම වාර්ථාව' තුලින් අපේ හමුදා යුධ අපරාධ සිදු කර නොමැති බවට සාධක සහිතව පෙන්නුම් කර තිබියදී ජිනීවා සමුළුවට එය ඉදිරිපත් නොකර රටට හතුරු ඇමරිකන් යෝජනාවට සම යෝජකත්වය ගැනීම හරහා හවුල් ආණ්ඩුව ලෝක ඉතිහාසයේ මෙතෙක් වෙන කිසිඳු රටක් සිදු නොකළ පාවාදීමක් සිදු කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පසුගියදා ගම්පහ සණස ශාලාවේදී යුතුකම සංවාද කවයේ සංවිධායකත්වයෙන් පැවැත්වූ "බිල්ලො ඇවිත්" සම්මන්ත්‍රණයේදී මනෝහරද සිල්වා මහතා මේ බව අවධාරණය කළේය.

මනෝහර ද සිල්වා මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය..>>
 

-සටහන - යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com


ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)

https://www.facebook.com/yuthukama

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. Sri Lanka is facing a serious situation as very correctly explained by Mr Manohara de Silva. All parliamentarians should now, if they truly love the country, join hands in a majority and save the country - it is their bounden duty.

    ReplyDelete
  2. මේ රටේ මෑතක ඉඳන් සිද්ධවෙන දේවල් හිතාගන්නවත් බෑ ඇයි එහෙම වෙන්නේ කියලා. හරියට ක්‍රිකට් මැච් එකක එක පිට එක ෆුල්ටොස් ලැබෙද්දිත් පිතිකරුවා ලෑල්ල අල්ලනවා (වැරෙන් පහරනොදීම) වගේ දේවල් වෙන කොට හිතෙනවා අපිත් ඇන්දිලාද කියලා. එක උදාහරනයක් දෙන්නම්.
    ජනාධිපති මැතිවරන කාලේ තිස්ස අත්තනායක මහත්තයා ලියවිල්ලක් ප්‍රසිද්ධ කලා. ඒක ව්‍යාජයි කියලා උන්නැහෙට කරන්න ඕන කරදර ඔක්කොම කරන්න යහපාලන කට්ටිය අමතක කලේ නෑ.
    ඒත් ඒ ලියවිල්ලේ තිියෙන බොහොමයක් දැං ඇත්ත වේගන එනවා. කොටි සැකකරුවන් නිදහස් කිරීම, තහනම් සංවිධානවල තහනම ඉවත්කිරීම ඊට උදාහරන. ඡන්ද කාලේ මේ දේවල් කිව්වාම යහපාලනලා කිව්වෙ බිල්ලො මවනවා කියලා. ඕන නම් ඒ කාලේ රෑපවාහිනි සංවාද බැලුවොත් පෙනෙයි මහපොලොවෙ අත ගහල දිව්රන විදිහ මේවා මෙහෙම වෙන්නේ නෑ කියලා. දැං ඒවා වෙනවා.
    පුදුම දේ ඒක නෙවෙයි. කව්රුවත් මේ කට්ටිය එදා කියපු දේවල් සහ අපි එදා කියපු දේවල් කියලා මේ දේවල් මතක් වෙන්න සෙංසන්දනයක් කරන්නෙ නෑනෙ.ඒ කාලේ රූපවාහිනී සංවාද ටිකක් යූ ටියුබ් එකෙන් අරං මේක ලේසියෙන් කරන්න පුලුවංනෙ. අපේ රටේ අයට ඉක්මනින් දේවල් අමතකයි.
    ජනාධිපතිවරනකාලේ සුමන්තිරම් මන්ත්‍රීවරයා මගේ මතකය හැටියට මින්නල් වැඩසටහනට ඇවිිත් පැහැදිලිවම මේ අද සිද්ධවන ටික සිද්ද වෙන බව කිව්වා. නිදහස් පෙරමුනේ ප්‍රවෘති සාකච්ඡාවකදි ඒක හෙලිදරව් කරා. ඒත් කිසිම මාධ්‍යයකින්ඒ හෙලිදරව්ව ඒ හැටි ප්‍රචාරය කලේ නෑ. ඒවයෙ ප්‍රතිඵල තමා අද අපි විඳින්නේ. දැන්වත් මේ දේවල් මතු කරලා ගන්න වෙනවා මේ රටේ මධ්‍යම පාංතිකයාට තේරුම් ගන්න ඒ අය රැවටුන බව.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions