11/28/2015

වත්මන් ආණ්ඩුව ගුණමකු ආණ්ඩුවක්ද?

කතෘ:යුතුකම     11/28/2015   No comments

වර්තමානයේ බොහෝ දෙනා පවසන්නේ වත්මන් ආණ්ඩුව ගුණමකු ආණ්ඩුවක් බවයි. එය ගුණමකු ආණ්ඩුවක් වීමට නම් තමන්ට ඡන්දය දුන් ජනතාව හෝ තමාට බලයට ඒමට උපකාර කළ පාර්ශව හෝ මෙම ආණ්ඩුවෙන් සත්‍ය ලෙසම බලාපොරොත්තු වූ දේවල් සිදු නොවී තිබිය යුතුය. නමුත් සත්‍ය ලෙසම එවැනි බලාපොරොත්තු කඩවීමක් සිදුවී තිබේද?

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු මෙම ආණ්ඩුව මගින් කඩකර ඇත්ද? කෙසේවත් නොමැත. එජාප පාක්ෂිකයන් බලාපොරොත්තු වූයේ කෙසේ හෝ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සහ එජාප රජයක් ගෙන ඒම පමණි. එම කර්තව්‍ය සාර්ථක ලෙස ඉටුවී ඇත. මැතිවරණයට පෙර මෙම පාලක පක්ෂය දුන් පොරොන්දු කඩවීම හෝ සහන නොදීම පිළිබඳ එම පාක්ෂිකයන් තුලැ සන්තාපයක් ඇතිද? කිසිසේත්ම නැත. අපේ අත්දැකීම් අනුව එජාප පාක්ෂිකයාට වැදගත් වන්නේ එජාප ආණ්ඩුවක් තිබීම පමණි. එයින් රටෙහි ආරක්ෂාවට හෝ ආර්ථිකයට වන හානිය ඔවුනට එතරම් වැදගත් නැත. උණහපුළු අම්මාට උගේ දරුවා මැණිකක් වන්නා සේ එජාප පාක්ෂිකයනට තම ආණ්ඩුවක් පැවතීම පමණක්ම වටී. (ඔවුනට තම පක්ෂය ගැන ඇති කැක්කුම රට පිළිබඳ ඇති නොවීම රටේ කරුමයකි ).

වත්මන් ආණ්ඩුව බලයට පත් කරගැනීමට දිවා රෑ වෙහෙසුණු බටහිර රටවල්, ඉන්දියාව, කොටි නඩය සහ ඊනියා උගතුන් බුද්ධිමතුන්ගෙන් සපිරි පුරවැසි බලය ආදී පාර්ශවවල බලාපොරොත්තු කඩවී ඇත්ද? අපේ අදහස නම් එම බලාපොරොත්තු ඉහටත් උඩින් ඉෂ්ඨ වී ඇති බවයි. එක් පසකින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී තම රටට විරුද්ධව තමන්ම යෝජනා ගෙන ඒමට මෙම ආණ්ඩුව ක්‍රියා කරයි. එසේම දරුණු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ ඉහළ පෙලේ කොටි සැකකරුවන් තොග වශයෙන් නිදහස් කෙරෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට ඕනෑම මොහොතක ඕනෑම හමුදා කඳවුරකට කඩා පැන පරීක්ෂා කිරීමට දැන් හැකියාව ලැබී ඇති අතර කබිනට් ප්‍රකාශකයාම එය ප්‍රසිද්ධියේ සාධාරණීකරනය කරන මට්ටමකට පත්ව තිබේ. බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගෙන අධිකරණවලට දැක්කවීමද දැන් සුලභ දසුනකි. අය වැයෙන් පසු ඕනෑම විදේශිකයෙකුට කිසිදු බාධාවකින් තොරව මෙරට ඉඩම් මිළදී ගැනීමේ අවස්ථාවද ලැබී ඇත. ඉහත සඳහන් කළ බලවේග මෙම අදියරේදී මේවාටත් වඩා දෑ මෙම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ යැයි අපි නොසිතමු.

ඊනියා පාවෙන ඡන්ද දායකයන් පිළිබඳවද කතා කළ යුතුමය. ඔවුන්ගේ බලාපොරොත්තු බොහෝ දුරට කඩවී ඇතැයි අපි විශ්වාස කරමු. රටේ ආරක්ෂාව අනතුරේ දැමීම සහ විශේෂයෙන්ම අළුත් අයවැය හරහා මෙම ආණ්ඩුව මොවුනට එළිපිටම සරදම් කර ඇති ආකාරය පැහැදිළිය. නමුත් ඒ සම්බන්ධයෙන් අපි ආණ්ඩුවට සෘජුව දෝෂාරෝපණය නොකරමු. 2002-2004 කාලය තුළ එජාප ආණ්ඩුව වත්මන් අගමැතිවරයාගේ නායකත්වය යටතේම සටන් විරාම ගිවිසුම් අත්සන් කරමින්, රාජ්‍ය ආයතන විකුණමින් රටට කළ හානිය දැන දැනම නැවතත් එම ආණ්ඩුවටම තම මනාපය ලකුණු කර පසුව මැසිවිළි නගන පිරිසකක් හරහා ඡන්ද අයිතිය අපතේ යාම ගැන පමණක් අපි දුක් වෙමු.

අවසාන වශයෙන් වත්මන් ආණ්ඩුව පැරදවීමේ අටියෙන් ඡන්දය භාවිතා කළ අප වැනි පිරිස් මෙම ආණ්ඩුව කරාවියැයි කියල බලාපොරොත්තු වූ නමුත් එසේ නොවේවා යැයි ප්‍රාර්ථනා කළ දේද සිතුවාටත් වඩා වේගයෙන් අද සිදුවෙමින් පවතී. එසේ ගත්කලද මෙම ආණ්ඩුව අපේ ප්‍රර්ථනා කඩ කළද අප බලාපොරොත්තුවෙන් සිටි ආකාරයෙන්ම ක්‍රියා කර ඇත.

මේ අනුව සමස්ථයක් විදියට ගතහොත් වත්මන් ආණ්ඩුව ගුණමකු ආණ්ඩුවක්ද? අපේ අදහසනම් එසේ නොවන බවයි. සියළු දෙනා බලාපොරොත්තු වූ පරිදි සියල්ල ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී. ඉදිරි වසර පහ අවසානයේ රටක් ඉතිරි වුවහොත් පමණක් අපි පුදුම වෙමු.

- සධීර බන්ඩාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions