1/27/2016

සිරිසේනලා රනිල්ලා අපට අහිමි කරවන අපේ රට

කතෘ:යුතුකම     1/27/2016   No comments
අපට අහිමි කරවන අපේ රට

අද අප රටේ බොහෝ දෙනෙකු රටේ ඈත ඉතිහාසය තබා මෑත ඉතිහාසයවත් හරිහැටි නොදන්නෝ වෙති. දුටුගැමුණු රජු මහා දුෂ්ඨයෙක් බවත් රුවන්මැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියන අලූත් පරපුරේ ඊනියා විචාරකයින් මෙන් පෙනී සිටින මන්දබුද්ධිකයින් මෙන්ම අප රටට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුන වර්ෂය හෝ ජනරජයක් කල වර්ෂය වත් නොදන්නා වත්මන් පරපුරේ සුපිරි ගායකයින් රූපවාහිනී නාලිකා තුලින් දැකිය හැක්කේ එබැවිනි.

එකදහස් නමසිය හැත්තෑ දෙකට පෙර ද්විතීය පාසැල් අධ්‍යාපනය නිමකළ නිසා අපට අපේ ඉතිහාසය ඉගෙනීමේ අවස්ථාව ලැබුනි. 1970 දී පතකළ මන්ත්‍රි කෙනෙකු වූ එවකට ගම්පොල සහිරා විද්‍යාලයේ විදුහල්පතිව සිටි බද්යුද්දීන් මොහොමඩ් අධ්‍යාපන ඇමතිව සිටියදී ඉතිහාසය, සිoහල සාහිත්‍යය, ප්‍රජාචාරය වැනි විෂයන් පාසැල් විෂය මාලාවෙන් ඉවත්විය. එවැනි විෂයන් හැදෑරු උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය, 1971 ජ.වි.පෙ. කැරැල්ලෙන් ඉඟිකල තරුණ විරැකියාව ආදිය මෙම විෂයන් ඉවත් කිරීමට හේතූන් වශයෙන් එදා සැලකුවද, එහි දිගු කාලීන ආදීනව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

2015 ජනවාරි 8 දා අප රටේ සිදුවූයේ අන්කිසිවක් නොව, ඉතා පැහැදිලිවම විදේශීය බලවේගවල ඔත්තු සේවාවන් මගින් ඔවුනට මෙහෙයවිය හැකි පාලක පිරිසක් ගෙන ආ පාලන පෙරළියකි. ඒ සඳහා උතුරු නැගෙනහිර සිදුකළ මහා පරිමාණ ඡන්ද මoකොල්ලයට අමතරව මෑත ඉතිහාසයවත් නොදත් ඊනියා අලුත් පරපුරත් කල දායකත්වය අපමණය.

ජාතික, අන්තර් ජාතික සහ ආර්ථික පිළිවෙත් සැසඳීමේදී වත්මන් ශ්‍රීලනිප ය හා එජාපය අතර කිසිදු වෙනසක් දක්නට නොලැබුනද, ශ්‍රීලනිපය ආරම්භයේ සිට 1994 තෙක් සහ 2005 සිට 2014 තෙක් එම පිළිවෙත් අතර සැලකියයුතු වෙනසක් විය.

සිරිමා බණ්ඩාරණායක මැතිණිගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය රජීව්-ජේ.ආර්. ගිවිසුමට හා 13 වෙනි සංශෝධනය ට විරෝධය පලකලා පමනක් නොව, පළමු පලාත් සභා ඡන්දයද වර්ජනය කළේය. චන්ද්‍රිකාගේ යුගයේ (1994-2005) හැර 2015 තෙක් එම පක්ෂය පෙඩරල් ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් ඒකීය රටක් වෙනුවෙන් ඇප කැප විය.

චන්ද්‍රිකා, එකලොස් වසරක පාලන කාලය තුලදී, ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති 'උඩු යටිකුරු' කරමින් ඇගේ සුප්‍රකට ' බලය බෙදීමේ පැකේජය'', ' පශ්චාත් සුනාමි මෙහෙයුම් පාලන සැලැස්ම '(P-TOMS), 'හවුල් යාන්ත්‍රණය' (JM), 'අන්තර්කාලීන ස්වයoපාලන අධිකාරිය' (ISGA), යනාදී විවිධ උපක්‍රම මගින් පෙඩරල් පාලනයක් ඇතිකරීමට අසාර්ථක උත්සහයක් දැරීය. තමන් එදා මැවූ පෙඩරල් සිහිනය කෙසේ හෝ ලබාදීමට ඇය දැන් යලිත් වරක් සියලු විදේශීය බලවේග, බලලෝභීන්, බෙදුම්වාදීන්, පරගැත්තන් ආදීන් හා එක්ව කරලියට පැමිණ සිටී. ඇයව මෙහෙයවන විදේශීය බලවේගයන්ගේ හා බෙදුම්වාදීන්ගේ සිoහල බෞධ විරෝධී නාදයේ දෝoකාරය ඇයගේ මුවෙන් අන් කවරදාටත් වඩා දැන් විටෙන් විට පිටවේ.

මෛත්‍රීපාල සිරිසේන මගින් ශ්‍රීලනිපයේ ඉතිරිවී ඇති කිසියම් ජාතිකත්වයක් ඇතොත් ඒ සියල්ලද බිඳදා ඇයට බාරදී ඇති සියලු දූත මෙහෙයන් අවසන් කරනතෙක් ඇය පිටුපස සිටින බලවේග වලට කලහැකි සෑමදෙයක්ම කරනු ඇත. ඉතිරි හරිය රනිල් ලවා කරවා ගනු ඇත.
පාර්ලිමේන්තුවක ප්‍රධාන කර්යභාරය වනුයේ නීති සෑදීම හා සංශෝධනය කිරීම, රටක පැවැත්මට බලපෑ හැකි කාලීන විෂය න් විවාදයට ලක්කිරීම , රජයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සහ අභියෝගයට ලක්කිරීම, රජයේ වියහියදම් පිරීක්සීම සහ අනුමතකිරීම වේ. ආණ්ඩුක්‍රම විය්‍යවස්ථා ව යනු රට මෙහෙයවන නීති පද්ධතිය හෙවත් ‍න්‍යාය පත්‍රයයි. එහි මූලික අරමුණ විය යුත්තේ රටේ අනන්‍යතාව රැක ගනිමින් ස්වෛරීභාවය හා ස්වාධීනත්වය තහවුරු කිරීමයි. එම අරමුණු මොනවාදැයි වටහා ගැනීමට රටේ ඉතිහාසය පිළිබඳවත් කිසියම් ප්‍රමාණයක මූලික අවබෝධයක් තිබිය යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කළ ප්‍රකාශයකට අනුව වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 93 කට (42%) අපොස සහතිකයවත් නැත. මෙයින් අදහස් කරනුයේ ඉතිරි 58% රටේ අනන්‍යතාවය, ස්වෛරීභාවය හා ස්වාධීනත්වය ගැන අවබෝධයක් ඇත්තේය යන්න නොවේ. රටේ ඉතිහාසය තබා නිසි අධ්‍යාපන මට්ටකමවත් නොමැති පාර්ලිමේන්තු නියෝජනයක් තුලින් සම්මතවිය හැකි විය්‍යවස්ථා, නිති රීති වලින් රටේ අනාගතය කෙබඳු වේවිද යන්නය.

තමන් බලයට පත්කළ බටහිරයන් හා ඉන්දියානුවන්ට වී ඇති පොරුන්දු හා ඔවුන්ගේ මනදොල සපුරාලීමට වත්මන් පාලකයින් බැඳී සිටින බැවින් ඉදිරි මාස කිහිපය තුල ඒ සඳහා අවශ්‍යය සියලුම විය්‍යවස්ථා හා නීති රීති සම්පාදනයට ප්‍රමුඛස්ථානයක් ලැබෙනු ඇත.

ශ්‍රීලනිප ය හා එජාපය, පක්ෂ දෙකම, අද තම තමන්ගේ පෞද්ගලික ඉලක්කයන් සපුරා ලනුවස් ඕනෑම පාවාදීමක් කිරීමට පෙළඹෙන දුෂිත දේශපාලඥයින් රැලකගේ රජදහන් බවට පත්වි ඇත. එසේ නොවන ශ්‍රීලනිපයේ සුලු පිරිසක් හෝ මේ තීරණාත්මක අවස්ථාවේදී විපක්ෂයේ සිටිමින් රට දැය වෙනු වෙන් පෙනී සිටීම අගයකළ යුතුය.

ජාතියේත් රටේත් අවාසනාවට දුර නොදක්නා පරගැති චරිතයන් වන එම පක්ෂ වල වත්මන් නායක කරකාදීන් තමන් මෙහෙයවනු ලබන, අපේ රට අපට අහිමි කරවන බලවේග වල පදයට නටමින්, බලය අයුතු ලෙස යොදමින්, තමන් නායකත්වය දෙන රටට වන හානිය තඹ ශතේකට නොතකා, කෙසේ හෝ බලයේ රැඳීසිටීමට කලහැකි සෑම දෙයක්ම කරමින් සිටී.

-එස්. අකුරුගොඩ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/26/2015

බුදුසසුන රැකගැනීම

කතෘ:යුතුකම     10/26/2015   No comments
1815න් පසුව, යලිත් වරක් විවිධ උපායන් මගින් රට සුදු අධිරාජ්‍යවාදින්ගේ යටත් විජිතයක් බවට පත්කර රටත් ජාතියත් ආගමත් විනාශ මුඛයට ලක්ව ඇති මොහොතක මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් කටයුතු කරන ආකාරය දෙස රටේ බෞද්ධයින් බලා සිටින්නේ මහත් සoවේගයෙනි.

එහෙත් 1815 දී සුද්දන්ගේ බසට රැවටී තාන්න මාන්න බලාපොරොත්තුවෙන් රට ජාතිය හා ආගම ගිවුසුමකින් ව්දේශිකයිනට පවරාදුන් එදා සිoහලේ පාලකයින් සිදුකළ මහාපාවාදීම ඇගයීමට එදා වැඩමකළ කොබ්බෑකඩුව මල්වතු මහනාහිමි අනුගමනය කරමින්, වත්මන් මල්වතු හා අස්ගිරිනාහිමි වරුන් යලිත් රට විදේශීය බලවතුනට යටත්කොට ඇති වත්මන් පාලකයින්ගේ ගුණ ගායනා කරනු දැකීම එතරම් පුදුමයක් නොවේ. හරියටම මීට වසර දසීයකට පෙර සිදුකල ඒ අනුවන කමේ විපාක දැක බලා ගැනීමට ඔවුනට වැඩි කලක් ගියේ නැත. 1818 ඌවේ කැරැල්ල එයට නිදසුනකි.

දෙවන ලෝක යුද්ධයක් නොවන්නට අපට 1948 දී නිදහස නොලැබෙන්නට ඉඩ තිබින. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිරයන්ගේ හුදු දේශපාලන අරමුනු උදෙසා දෙකඩකළ බෞද්ධ වියටිනාමය හා කොරියාවත් ගැන සිතන්න. එවකට 85% බෞද්ධ වූ දකුණු කොරියාව අද බෞද්ධ රටක් නොවේ. මෙයින් වියටිනාමය බටහිරයන් පරදවා තම රට එක් සේසත් නොකළේ නම් වියටිනාමටද දකුණු කොරියාවටවූ දෙයම සිදුවනු නිසැකය.. බටහිරයන් ගේ යටත් වජිතයක්ව පැවති, අදත් ඇමරිකානු බලපෑමට ලක්ව ඇති, පිලිපීනයේ බුදුදහමට සිදුවූ විනාශය තවත් උදාහරණයකි.

එදා 1948දී අපට කිසියම් නිදහසක් සුද්දන්ගෙන් ලැබී, පසුව පනස්හයේ පෙරලිය නොවන්නට අද අප රටේ බුදු දහමටද කොරියාවට හෝ පිලිපීනයට සිදුවු දෙයම වන්නට ඉඩතිබින. 1948 -1956 කාලය තුල රට පාලනය කල එ.ජා.පය සුද්දන් අනුගමනය කරමින් පූර්ණ බටහිර ගැති පාලනයක් ගෙන ගියේය.

හැටේ දසකයේ මුල් අවදිය තෙක් රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය ආගමික පාසැල් රජයට නොගත්තේනම් හා එතෙක් රජයේ මුදල් මත යැපුන අනාත මඩම් නතර නොවූයේනම් ඇතැම්විට කොරියාවට වූදේට සමවන්නට අපටද ඉඩතිබුනි. පාසැල් රජයට පවරා ගැනීමත් සමගම 1962දී සිදුවන්නට ගිය හමුදාමය කුමන්ත්‍රණය සාර්ථක වී නම් අද මෙරට බුදු දහමක් තිබේවිද?

මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් දළදා වහන්සේගේ භරකාරත්වය දරණ තිදෙනාගෙන් දෙදෙනකු බැව් පැවසේ. එම මහනාහිමි තනතුරු ථේරවාද බුදු දහමේ වත්මන් උරුමයද අත්පත් කොට ගෙන සිටියි. එසේ වුවද, බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් බඳූ දළදා මාළිගාවට හා සිරිමහා බෝධියට එල්.ටී.ටීය බෝම්බ ගසා වනාශකිරීමට දැරූ උත්සහය, අද අපේ බොහෝ ගිහියන්ට මෙන්ම, ථේරවාද බුදු දහමේ වත්මන් භාරකාරයින්ට පවා අමතකවී තිබීම අවාසනාවකි.

බෞද්ධ සිද්ධස්ථාන වලට එරෙහිව එදා එල්.ටී.ටීය ආරම්භකල විනාශයන් 'ඹ්නෑ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවනි'යයි කියමින් දිගටම සිදුකිරීමට ඉඩ හැරියේ නම් අද මෙරට බෞද්ධ සිද්ධස්ථාන තිබේවිද?

එසේම, එම භාරකරුවන්, එදා දළදා මාළිගාවට හා සිරිමහා බෝධියට බෝම්බ ගැසූ එල්.ටී.ටී නායක ප්‍රභාකරන් සමග ඊනියා බියඟුලු සාම ගිවිසුම් ගැසූ හා දැන් එම වියසනයෙන් රට මුදවාගත් විරුවන්ගෙන් පලිගැනීමට බටහිරයනට රිසි පරිදි පහසුකම් සලසාලන අදූර දර්ශී වෛරී පාලනයේ ගුණවයමින් ඔවුන් තව තවත් දිරිගැන්වීම අද මෙරට බුදුදහම මුහුණදී ඇති කනගාටුදායක ඉරනම කියාපායි.

බුදුසසුන රැකගත යුතුය. ඵහෙත් ඵය රැකගත යුත්තේ සසුනෙන් පිටත සිටින සතුරන්ගෙන් පමනක්ම නොවන බැව් පෙනෙන්නට තිබේ.

-එස්. අකුරුගොඩ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/10/2015

ගුප්ත බලවේග පරාජය කරමු

කතෘ:යුතුකම     8/10/2015   No comments


එකදහස් නමසිය පනස්හයේ සිදුකල සමාජ පෙරලියේ පුරෝගාමියා වුයේ හොරගොල්ලේ වලව්වේ එස්.ඩබිලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාය. ඉන් වසර තුන හමාරකට පසුව, එවන් අඟනා සේවයක් කළ එතුමා ඝාතනය කරවන ලද්දේ තල්දූවේ සෝමාරාම නම් භික්ෂුවක් යොදවා ගෙනය. එම ඝාතනය කුමන්ත්‍රණය කිරීමේ වරදට එවකට කැළණි වහාරාධිපතිවූ මාපිටිගම බුද්ධරක්කිත හිමිද හසුවිය. අද ද රට බෙදුම්වාදීන් ගෙන් මුදවා රට එක්සේසත් කළ නායකයා දේශපාලනමය ඝාතනයකට ලක්කිරීමට නූතන බුද්ධරක්කිතලා සහ සෝමාරාමලා යොදවා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

බණ්ඩාරනායක මහතා ගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් ජනතාවගේ ආරාධනයෙන් දේශපලනයට පිවිසි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනතාවගේ අභිලාශයන් නොයෙකුත් බාදක මැද ඉටුකරමින් හොරගොල්ලේ වලව්ව තව තවත් ජාතික හදවතට ලoකළේය. එහෙත් අද හොරගොල්ලේ වලව්වෙන් ඇසෙනේ මොනවාද? ඒ 'මිස්ටර්' ප්‍රභාකරන්ගේ අවතාරයේ හඞය. එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ ගුණවරුනය. 'සිoහල බෞද්ධ ආධිපත්‍යය' විනාශ කළ යුතුය යන්නය. මේ වෙනස සිදුකිරීමට හොරගොල්ලට ඇතුලුවූ හෝ ඇතුලුකළ අබෞද්ධ විජය කුමාරතුoගලා සහ අසිoහල සම්භවයක් ඇති කුමාර් රූපසිoහලා කිසියම් අයුරින් දායක වුනිද?

එදා ඉන්දු-ලoකා ගිවිසුමට එරෙහිව හඞ නැගීම නිසා එ.ජා.පය රජය මගින් නිවාස අඩස්සියට ගත් මාදුවේ සෝභිත හිමි, එවක් පටන් අප සැලකූවේ අපේ ජාතකත්වයේ මුර දේවතාවෙක් හැටියටය. එහෙත් අද කෝට්ටේ නාග විහාරයෙන් ඇසෙනේ මොනවාද? ඒ බලය බෙදීමය. අද සෝභිත හිමි එදා තමා නිවාස අඩස්සියට පත්කළ එ.ජා.පය සමග ගිවුසුම් ගහයි! මේ වෙනස සිදුකිරීමට නාගවිහාරයට ඇතුලවූ හෝ ඇතුලුකළ අබෞද්ධ හා අසිoහල රවි කරුණායකම්ලා සහ පරගැති හා බෙදුම්වාදී රජයේ නොවන ආයතන මගින් සැපයිය හැකියයි හැඟෙන මුදල්, විදෙස් චාරිකා සහ වෙනත් සම්පත් කිසියම් අයුරින් දායක වුනිද?

ආරම්භයේ සිටම ජාතිකත්වය වෙනුවෙන් කටයුතුකළ ශ්‍රී ලoකා නිදහස්පක්ෂය, 1994 දී චන්ද්‍රිකා කුමාරතුoග විසින් 'හයි-ජැක්' කිරීමෙන් පසු, යාපනයට ඊනියා සාම ගමන් ගොස් කොටින්ගේ තුවක්කු වැළඳගෙන පෙන්වූ විජය කුමාරතුoගගේ බoකොළොත් මහජන පක්ෂයේ මඟ ගත්තේය. චන්ද්‍රිකා විසින් ගෙන ආ ඊනියා බලය බෙදීමේ පිලල අද ද පක්ෂය තුල හොල්මන් කරයි.

මේ අතර උතුරු-නැගෙනහිර බෙදුම්වාදයට අමතරව නැගී එන තවත් අන්තවාද ගැන ජනතාව අවදි කළ ගoගොඩවිල සෝම හිමි සඳහටම නහඞ කළේ කෙසේද? සෝම හිමි ගේ අපවත් වීමෙන් හෝ අපවත් කිරීමෙන් පසු ඒ තැනට ආ සිහළ උරුමය, පසුව හෙල උරුමය වි දැන් 'හෙල කරුමය' වූයේ කෙසේද?

ඉන්දු-ලoකා ගිවිසුම ට හා 13 වෙනි ව්‍යවස්තා සoශෝධනය ට එරෙහිව තරුණ ජීවිත දහස් ගනනක් බිලිදී, රනිල්-ප්‍රභාකරන් ගිවුසුමට, චන්ද්‍රිකාගේ ඊනියා සුනාමි මණ්ඩලේට සහ පැකේජයට එරෙහිව 2008 තෙක් ජාතිකත්වය සමග පෙනිසිටි ජනතා විමුක්‌ති පෙරමුණ අද සිටින්නේ කොයිබද? අද ජා.වි.පෙ, එදා තම නායක රෝහණ විජේවීර අත්අඩ
oගුවේදිම පුලුස්සා මරාදැමූ එක්‌සත් ජාතික පක්‍ෂයේ ශාඛා සමිතියක්‌ බවට පත්ව ඇතැයි පවසනේ අන් කවරෙකු නොව සෝමවoශ අමරසිoහමය .

හෙල උරුමයේ සහ ජා.වි.පෙයේ වත්මන් නායකයින් අන්ත අවස්ථා වාදීන්වීම, ඔවුන් දැන් සිටිනා තැනට තල්ලු කිරීමට ගුප්ත හස්තයන්ට පහසුවී ඇත. හොරගොල්ල, කෝට්ටේ නාග විහාරය, ජා.වි.පය හා හෙල උරුමය පැහැදිලිවම දේශපාලන වශයෙන් අතරම
oවී ඇත. ඔවුන්ගේ දේශපාලන 'ගමනක අවසානය' වැඩි ඈතක නොවේ.

ගුප්ත බලවේග වල සැලසුම ජාතිකත්වය අඞපන කොට රට බෙදා අස්ථාවර කොට තමුන්ගේ දීර්ඝ කාලීන අරමුණු කරා යෑමය. පසුගිය ජනවාරි 8 වෙනිදා මෙරට සිදුකළ ඊනියා වෙනස පිටුපස මේ ගුප්ත බලවේගයන් සිටින බව නම් ඉතාම පැහැදිලිය. එම බලවේග හඳුනාගෙන ඔවුන්ගේ අරමුණු පරාජය කළයුතුමය.

-එස්. අකුරුගොඩ

යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/02/2015

පර ගැතියන් පන්නමු

කතෘ:යුතුකම     7/02/2015   No comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්කිරීම සඳහා ඇමරිකාව බොහෝ උපකාරවූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දඹුල්ලේ පැවති ජනහමුවක් අමතමින් පවසා ඇතැයි වාර්තාවේ. ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර තමන් ඇමෙරිකාවට ගොස් එය ජයග්‍රහණය කිරීම ගැන එහි ආයතනයක මාසයක පමණ කාලයක් එරටදී ඡන්ද පිළිබඳ අධ්‍යයනයකුත්, උපදෙසුත් ලබාගත් බවයි. එසේම මැතිවරණ දිනවීම ගැන විශේෂ දැනුමැති ඔස්ට්‍රේලියානු මිතුරෙකුත් පැමිණ මහින්ද රාජපක්‍ෂ පරාජය කර දැමීමට උරදුන් බවත් පවසා ඇත.

ජේ ආර් ජයවර්දන හා වික්‍රමසිoහ පරපුරේ ඇමෙරිකානු ගැතිභාවය අමුතුවෙන් සඳහන් කලයුතුයයි නොසිතමි. ජේ ආර් ජයවර්දන හැඳින්වූයේ 'යැoකි ඩිකී' කියාය. රනිල් , ජේ.ආර් ගේද ලඟම නෑදෑයෙකි. වික්‍රමසිoහලාගේ ලේක්හවුසිය ජනසතුකිරීමට සාදකවූයේත් එහි ආරම්භයේ සිටම දැක්වූ පරගැති බවය. මට මතක ඇති අන්දමට පනස්හයට පෙර පලවූ එහි එක් පුවත්පතක කාටුනයක සිoහල උගතා වඳුරෙකුට සමානකර තිබිණ.

මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම බටහිරයන්ගේ හා අසල්වැසි ඉන්දියාවේ උපදෙස් මත සිදුවීමක් බව අද රහසක් නොවුවද රනිල්ගේ ඉහත ප්‍රකාශය එම කුමන්ත්‍රණය ප්‍රසිද්ධියේම පිලිගැණීමකි. වෙනත් විදියකින් කියනවා නම් මුහුනක් නැති මුහුනු පොත් මගින් රටේ තරුණ පරපුර බොරුවෙන් මුලාකිරිම, මඞ මාධ්‍යය පුලුල් කිරිම, බල සේනාවන් මගින් සුලුජන කොටස් බිඳවා ඔවුන්ගේ ඡන්ඳ ඩැහැගැනීම, බෙඳුම්වාදීන්ට රහසිගතව පොරොන්දු දී ඡන්ඳ පොදිය වැඩිකරගැනීම, උපක්‍රමශීලීව අවස්ථාවදීන්ගේ සහය හැකිතරම් ලබාගැනීම තුලින් මහින්ද පරාජය කලබවට කිසිදු චකිතයක්, ලැජ්ජාවක් නැතිව මේ බටහිර ගැත්තා උදම් අනයි.

ඔහු නොකී දෑද වෙයි. විසිනම වතාවක් පැරදීත් පක්ෂ නායකත්වයේ එල්ලී සිටීමට උපදෙස් ලැබුනේත්, පස්සා දොරෙන් අගමැතිවන ආකාරය උගැන්නුවෙත් එසේ ලබාගත් අගමැතිකම, තමන් පක්ෂ නායකත්වයේ සිටියාමෙන්, ඉදිරියටත් කෙසේ හෝ රැකගනීමට උපදෙස් දී ඇත්තේත් අන්කවරෙකු නොව ඇමෙරිකාම බවය.

තව දුරටත් ඔහුට බලයේ රැදී සිටීමට සහයවීමට මෙවර තවත් ගැත්තෙක් හා ගැත්තියක් ලබාදී තිබේ. ඒ සිරිසේන හා චන්දිරිකාය. මෙයින් පෙලපතින්ම බටහිර ගැත්තන් වන රනිල්ට හා චන්දිරිකාට කුලය, ධනය, හා බලය අගයන ඇතැම් මහනායකවරුන්ගේ පමනක් නොව මැල්කම් රoජිත් කාදිනල්වරයාගේද ආශීර්වාද නොඅඩුව ලබන්නෝ වෙත්. පෙලපතින් නොවූවත් සිරිසේන අද බටහිර ගැත්තතෙක් වී ඇතේතේ තමාට නොසිතූ විරූ තනතුරක් ලබා දී ඇත්තන් කියන ආකාරයට වැඩ කිරීම හැර අන්මගක් නැති බැවිනි.

වත්මන් ලෝකයේ බලවතා මෙන්ම ආක්‍රමණිකයා වන ඇමෙරිකාවේ පුහුණුව ලත් රනිල් ප්‍රධාන ගැත්තන්ද, රට ගැන නොව තම බඩ ගැන හිතා ඕනෑම ජඩවැඩක් කරන එම ගැත්තන්ගේත් ගැත්තන්ද, අසල්වැසි ඉන්දියාවේ 'රෝ' ඔත්තුසේවාවද යොදවා ලoකාව තම ග්‍රහනයේ තවදුරටත් තබාගැනීමට කළ හැකි සෑම දෙයකම බටහිරයන් විසින් කරනු ඇත.

එබැවින් ලබන මහ මැතිවරණයේදී හා ඉන් අනතුරුවත් සියලු පර ගැතියන් හා ඔවුන්ගේ ගැත්තන්ද හඳුනාගෙන දේශපාලනයෙන් අතුගා දැමීම ස්වාධීනත්වය, ස්වෛරිභාවය හා ඒකීයත්වය අගයන සැමොගේ යුතුකම විය යුතුය.

- එස්.අකුරුගොඩ
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සිට...


www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions