8/10/2015

ගුප්ත බලවේග පරාජය කරමු

කතෘ:යුතුකම     8/10/2015   No comments



එකදහස් නමසිය පනස්හයේ සිදුකල සමාජ පෙරලියේ පුරෝගාමියා වුයේ හොරගොල්ලේ වලව්වේ එස්.ඩබිලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාය. ඉන් වසර තුන හමාරකට පසුව, එවන් අඟනා සේවයක් කළ එතුමා ඝාතනය කරවන ලද්දේ තල්දූවේ සෝමාරාම නම් භික්ෂුවක් යොදවා ගෙනය. එම ඝාතනය කුමන්ත්‍රණය කිරීමේ වරදට එවකට කැළණි වහාරාධිපතිවූ මාපිටිගම බුද්ධරක්කිත හිමිද හසුවිය. අද ද රට බෙදුම්වාදීන් ගෙන් මුදවා රට එක්සේසත් කළ නායකයා දේශපාලනමය ඝාතනයකට ලක්කිරීමට නූතන බුද්ධරක්කිතලා සහ සෝමාරාමලා යොදවා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

බණ්ඩාරනායක මහතා ගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් ජනතාවගේ ආරාධනයෙන් දේශපලනයට පිවිසි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනතාවගේ අභිලාශයන් නොයෙකුත් බාදක මැද ඉටුකරමින් හොරගොල්ලේ වලව්ව තව තවත් ජාතික හදවතට ලoකළේය. එහෙත් අද හොරගොල්ලේ වලව්වෙන් ඇසෙනේ මොනවාද? ඒ 'මිස්ටර්' ප්‍රභාකරන්ගේ අවතාරයේ හඞය. එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ ගුණවරුනය. 'සිoහල බෞද්ධ ආධිපත්‍යය' විනාශ කළ යුතුය යන්නය. මේ වෙනස සිදුකිරීමට හොරගොල්ලට ඇතුලුවූ හෝ ඇතුලුකළ අබෞද්ධ විජය කුමාරතුoගලා සහ අසිoහල සම්භවයක් ඇති කුමාර් රූපසිoහලා කිසියම් අයුරින් දායක වුනිද?

එදා ඉන්දු-ලoකා ගිවිසුමට එරෙහිව හඞ නැගීම නිසා එ.ජා.පය රජය මගින් නිවාස අඩස්සියට ගත් මාදුවේ සෝභිත හිමි, එවක් පටන් අප සැලකූවේ අපේ ජාතකත්වයේ මුර දේවතාවෙක් හැටියටය. එහෙත් අද කෝට්ටේ නාග විහාරයෙන් ඇසෙනේ මොනවාද? ඒ බලය බෙදීමය. අද සෝභිත හිමි එදා තමා නිවාස අඩස්සියට පත්කළ එ.ජා.පය සමග ගිවුසුම් ගහයි! මේ වෙනස සිදුකිරීමට නාගවිහාරයට ඇතුලවූ හෝ ඇතුලුකළ අබෞද්ධ හා අසිoහල රවි කරුණායකම්ලා සහ පරගැති හා බෙදුම්වාදී රජයේ නොවන ආයතන මගින් සැපයිය හැකියයි හැඟෙන මුදල්, විදෙස් චාරිකා සහ වෙනත් සම්පත් කිසියම් අයුරින් දායක වුනිද?

ආරම්භයේ සිටම ජාතිකත්වය වෙනුවෙන් කටයුතුකළ ශ්‍රී ලoකා නිදහස්පක්ෂය, 1994 දී චන්ද්‍රිකා කුමාරතුoග විසින් 'හයි-ජැක්' කිරීමෙන් පසු, යාපනයට ඊනියා සාම ගමන් ගොස් කොටින්ගේ තුවක්කු වැළඳගෙන පෙන්වූ විජය කුමාරතුoගගේ බoකොළොත් මහජන පක්ෂයේ මඟ ගත්තේය. චන්ද්‍රිකා විසින් ගෙන ආ ඊනියා බලය බෙදීමේ පිලල අද ද පක්ෂය තුල හොල්මන් කරයි.

මේ අතර උතුරු-නැගෙනහිර බෙදුම්වාදයට අමතරව නැගී එන තවත් අන්තවාද ගැන ජනතාව අවදි කළ ගoගොඩවිල සෝම හිමි සඳහටම නහඞ කළේ කෙසේද? සෝම හිමි ගේ අපවත් වීමෙන් හෝ අපවත් කිරීමෙන් පසු ඒ තැනට ආ සිහළ උරුමය, පසුව හෙල උරුමය වි දැන් 'හෙල කරුමය' වූයේ කෙසේද?

ඉන්දු-ලoකා ගිවිසුම ට හා 13 වෙනි ව්‍යවස්තා සoශෝධනය ට එරෙහිව තරුණ ජීවිත දහස් ගනනක් බිලිදී, රනිල්-ප්‍රභාකරන් ගිවුසුමට, චන්ද්‍රිකාගේ ඊනියා සුනාමි මණ්ඩලේට සහ පැකේජයට එරෙහිව 2008 තෙක් ජාතිකත්වය සමග පෙනිසිටි ජනතා විමුක්‌ති පෙරමුණ අද සිටින්නේ කොයිබද? අද ජා.වි.පෙ, එදා තම නායක රෝහණ විජේවීර අත්අඩ
oගුවේදිම පුලුස්සා මරාදැමූ එක්‌සත් ජාතික පක්‍ෂයේ ශාඛා සමිතියක්‌ බවට පත්ව ඇතැයි පවසනේ අන් කවරෙකු නොව සෝමවoශ අමරසිoහමය .

හෙල උරුමයේ සහ ජා.වි.පෙයේ වත්මන් නායකයින් අන්ත අවස්ථා වාදීන්වීම, ඔවුන් දැන් සිටිනා තැනට තල්ලු කිරීමට ගුප්ත හස්තයන්ට පහසුවී ඇත. හොරගොල්ල, කෝට්ටේ නාග විහාරය, ජා.වි.පය හා හෙල උරුමය පැහැදිලිවම දේශපාලන වශයෙන් අතරම
oවී ඇත. ඔවුන්ගේ දේශපාලන 'ගමනක අවසානය' වැඩි ඈතක නොවේ.

ගුප්ත බලවේග වල සැලසුම ජාතිකත්වය අඞපන කොට රට බෙදා අස්ථාවර කොට තමුන්ගේ දීර්ඝ කාලීන අරමුණු කරා යෑමය. පසුගිය ජනවාරි 8 වෙනිදා මෙරට සිදුකළ ඊනියා වෙනස පිටුපස මේ ගුප්ත බලවේගයන් සිටින බව නම් ඉතාම පැහැදිලිය. එම බලවේග හඳුනාගෙන ඔවුන්ගේ අරමුණු පරාජය කළයුතුමය.

-එස්. අකුරුගොඩ

යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions