8/21/2015

මෛත්‍රී පාලනයේ කැත!

කතෘ:යුතුකම     8/21/2015   No comments

දැන් ක්‍රියාත්මක වන මෛත්‍රී පාලනය සමාන වන්නේ එළවඵ රොටියකට ය. එළවඵ රොටියේ ඇත්තේ ඉතුරු වූ දහජරාව ය. එහෙත් ඊට හොද පිටි ආවරණයක් ඇත‍. පිටි ආවරණය නිසා ඇතුළේ ජරාවට අමුතු රහක් එකතු වේ. එය රස බලන පුද්ගලයා රොටිය අලුත් එකක් යයි සිතයි.

සැමන් ටින් එක හපන බල්ලාට සැමන් රස මෙන් දැනෙන්නේ ටින් එකට කැපුණු තමන් ගේම කටේ ලේ බව නොදැනෙයි.
එළවඵ රොටිය කන්නාට ද, රොටිය මෙන් දැනෙන්නේ ඊට පෙර දවසක තමන්ම හෝටලයෙන් කෑ බත්, හොදි බව දැනෙන්නේ නැත.
මෛත්‍රී පාලනය, යහපාලනය සමාන වන්නේ මේ උදාහරණවලට ය.
පසුගිය මහමැතිවරණයේදී 'හොද මිනිසුන් පාර්ලිමේන්තු යවන්න' කියමින් රටේ බුඩ්ඩිමත් ඔස්තාර්ලා ඡන්දදායකයන් ගෙන් ඉල්ලීමක් කළ හ.
එ් අනුව දැනුම් තේරුම් පමණට මිනිස්සු නරක එවුන් ගෙදර යැවූහ.
'අප්පොච්චි මළා' ද එසේ ගෙදර යැවූ අයෙකි.

ඡන්ද ප්‍රතිඵල කී දිනයේ හවස සිරස News 1st අපූරු ප්‍රවෘත්තියක් ඉදිරිපත් කර තිබිණි. ප්‍රවෘත්තිය මොණරාගල නිල්ගල වන රක්ෂිතය ගැන ය. නිල්ගල රක්ෂිතයේ කලක සිට දැව හොරු රජ කරති. ඔවුන් කවුදැයි නොදැන සිටියේ ජනාධිපති, අගමැති, රජය සහ පොලීසිය පමණි. මිනිස්සු දැන සිටියහ.
ප්‍රවෘත්තියට අනුව, නිල්ගල වන රක්ෂිතය කාබාසිනියා කරන 'මහ හොරා' පිළිබඳ ව ‍තොරතුරු පොලීසියට ආරංචි වී තිබිණි. ප්‍රවෘත්තිය ප්‍රචාරය වන අතරේ, මොණරාගල සහකාර පොලිස් අධිකාරී, ඌව පළාත් භාර නියෝජ්‍ය ප‍ොලිස්පතිතුමන්ට දුරකථන ඇමතුමක් දෙන දර්ශනයකි.

'මේකෙ ඔක්කොම කරන 'මිනිහා' දන්නවා සර්. එයා ගේ ගෝලයොත් දන්නවා. මිනිස්සු කියන කතා ඇහුවම කියලා වැඩක් නෑ සර්. හරියට වැඩේ අල්ලන්න පුඵවන් සර්'
මේ 'මිනිහා' අනෙකකු නොව 'අප්පාෙච්චි මළා' ය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ සජීව චාමිකරලා සමග, පරිසරය සුරක්ෂිත කරන බවට ගිවිසුම් අත්සන් කළ මෛත්‍රී පාලන සමයේදී, 'අප්පොච්චි මළා' නිල්ගල රක්ෂිතය වනසා ඇත. රජය, ආණ්ඩුව, පොලීසිය ඒ ගැන දැන සිට නැත. පොලීසියට ඒ බව දැන ගන්නට ලැබී තිබෙන්නේ, 'අප්පොච්චි මළා' ඡන්දයෙන් පැරදුණු දා ය. (සබාවේ සිනා)

දැන් මේ, මිනිසුන් විසින් ගෙදර යවන ලද 'අප්පොච්චි මළා' නැවත පාර්ලිමේන්තුවට පැමිණ සිටී. ඒ ජනාධිපතිවරයා ගේ උදව්වෙනි. ජාතික ලැයිස්තුවේ පිහිටෙනි.
ජනාධිපතිවරයා පවසන්නේ යහපාලනය සඳහා 'අප්පොච්චි මළා' අත්‍යාවශ්‍ය බවයි. නිල්ගල රක්ෂිතය වැනසූ 'අප්පොච්චි මළා' යහපාලනයේ ප්‍රතිමූර්තියක් බවයි.
විධායක ජනාධිපති යනු ජනතාව ගේ නායකයා ය. ජනතාව බලය දුන්‍ නිසා, ජනාධිපතිට බලය තිබේ. ජනතාව 'අප්පොච්චි මළා' ගෙදර යවා ඇත. මොණරාගල පොලීසිය, 'අප්පොච්චි මළා' සොයමින් නිල්ගල රක්ෂිතය පීරමින් සිටිති‍.
'අප්පොච්චි මළා' පාර්ලිමේන්තුවට ගන්නට ජනාධිපතිට බලය දුන්නේ කවුද?
 
- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions