8/09/2015

මාදුළුවාවේ සෝභිත හිමිගේ 'සාධාරණ සාමාජයේ' නිරුවත සිරසෙන් පෙන්නයි...

කතෘ:යුතුකම     8/09/2015   2 comments


පසුගිය බදාදා සිරස රූපාවාහිනියෙන් විකාශනය වූ සටන සජීවී දේශපාලන සංවාදය සඳහා සහභාගී වූයේ මදුළුවාවේ සෝභිත හිමියන් , ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා , සහ කෝනල් පෙරේරා යන මහත්වරුන්ය. එහිදී මාදුළුවාවේ සෝභිත හිමියන් පාර්ලිමේන්තුවට කුඩු වෙළෙන්දන්, ස්ත්‍රී දූෂකයින් , මංකොල්ලකරුවන් පත් නොකර වැදගතුන් , බුද්ධිමතුන් යැවීමේ වැදගත් කම පෙන්වා දුන් අතර සාධාරණ සමාජයක් , ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහි කරගත හැක්කේ එලෙස පමණක් යයිද අවධාරණය කළහ. උන් වහන්සේ ආයාසයෙන් මවාගත් මුහුණින් යුතුව ඉතා අලංකාරව ප්‍රසිද්ධියේ එසේ පැවසුවද තිරය යට තිබුනේ ඊට වඩා අවලස්සන කතාවකි.

එදින සංවාදය සඳහා එක්සත් ජනතා නිදහස් සංධානය පාර්ශවයෙන් සහභාගිවන්නට සිටියේ යුතුකම සංවාද කවයේ සභාපති මෙන්ම ජාතික එකමුතුවේ කැඳවුම්කරු ගෙවිඳු කුමාරතුංග මහතාය.
නමුත් සෝභිත හිමියන් සිරස බලධාරීන්ට දන්වා ඇත්තේ ගෙවිඳු කුමාරතුංග මහතා සහභාගී වන්නේ නම් උන් වහන්සේ සංවාදය සඳහා සහභාගී නොවන බවයි. අවසානයේ දීර්ඝ සාකච්චාවකින් පසුවත් සෝභිත හිමියන්ගේ විරෝධය හමුවේ ගෙවිඳු කුමාරතුංග මහතාට වැඩසටහනට සහභාගි විය නොහැකි විය.


අපට මෙහිදී පැන නගින ප්‍රශ්නය නම් කුමාරතුංග මහතා සහභාගී වීම සොභිත හිමියන්ට නයාට අඳුකොළ බඳු වූයේ ඇයිද යන්නයි.
ස්ත්‍රී දූෂකයන් , මං පහරන්නන් , කුඩු වෙළෙන්දන් ගැන කතා කරන තැනකට ඔහුගේ සහභාගි වීම නොගැලපේයැයි සෝභිත හිමි සිතුවේ කෙසේද? ඒ එකඳු කුලකයකටවත් අයත් නොවන්නකු හා සංවාද කිරීම තේරුමක් නැතැයි උන් වහන්සේ සිතුවෙහිද?


එදා අසූව දශකයේ චින්තන පර්ෂයද පිහිටුවද්දී සෝභිත හිමියන් එහි සභාපතිධූරය දරද්දී එහි සිටි ලාබාලම සාමාජිකයා වූයේ කුමාරතුංග මහතාය. එතැන් පටන් ත්‍රස්තවාදයට එරෙහිව සෝභිත හිමියන්ලා සමග සෑම පෙ
මුණකම ක්‍රියාකාරීව සහභාගිවූ ඔහු එයට වන්දි වශයෙන් ජේ ආර් ආණ්ඩුවෙන් සිර දඬුවම් පවා ලැබීය.එලෙස ත්‍රස්ත විරෝධී බෙදුම්වාදී විරෝධී ස්ථාවරයක සිටි සෝභිත හිමියන් එදා බෙදුම්වාදීන්ගේ ප්‍රමුඛ ඉලක්කය බවටද පත්ව තිබිණ. [එදා තම්බයියා මහතා ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාන්විත වලට එරෙහිව බෞද්ධ මනස සකසන්නට ලියූ 'බුදු දහම පාවාදීම' නම් පොතේ පිට කවරයට පවා යොදා ගත්තේ සෝභිත හිමියන් උද්ඝොෂණයක සිටින ජායාරූපයකි.  ඒ එදා බෙදුම්වාදයට එරෙහි සංඛේතයක් ලෙස උන්වහන්සේ සැලකූ අවධියේය.]


නමුත් පසුව තත්වය සම්පූර්ණ කණපිට ගැසිණ.
එදා බෙදුම්වාදයට එරෙහි ස්ථාවරය සිටි සෝභිත ස්වාමීන්වහන්සේ කෙමෙන් ඒ ස්ථාවරයෙන් පසු බැස බෙදුම්වාදීන් එකට එක පෙළට සිට ගති.


එදා උන්වහන්සේගේ ප්‍රතිවිරුද්ධ පිලේ සිටි රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන්ගේ, සාම වෙළෙන්දන්ගේ , බෙදුම්වාදී ආචාර්‍යවරුන්ගේ දේශපාලන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට අද උන් වහන්සේගේ කෝට්ටේ නාග විහාරය පත් වන්නේ එලෙසිනි. ඒ 'ප්‍රභාකරන්ගේ මස්සිනාලා' උන් වහන්සේගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය නම් ව්‍යාපාරයේ මුල් පුටු හොබවන්නේ එබැවිනි.
 

කෙසේ හෝ එදා ජාතිකවාදී පිලේ සිටි සෝභිත හිමියන් අවසානයේ බෙදුම්වාදීන්ගේ හුරතලකු වී ජාතිකවාදින්ගේ සතුරෙකු බවට පත් විය. අවසානයේදී සිංහලයා පැරදවීමට සොභිත හිමියන්ගේ මූලිකත්වයෙන් ඇති සාධාරණ සමාජයක් සඳහා වු ව්‍යාපාරයට විභවයක් ඇතැයි කීමට තරම් සිංහල බෞද්ධකමේ සතුරන්  ධෛර්‍යමත් වූයේ සෝභිත හිමියන්ගේ ඒ ලැජ්ජා සහගත පාවා දීම නිසාය.
(‘අපි මාදුළුවාගේ හිමි ජනාධිපතිවරණෙට ගේන්නේ සිංහලයා පරද්දන්නයි’ – නිර්මාල් රංජිත් )


පසුගිය සිරස රූපවාහිනී වැඩසටහනට ගෙවිඳු කුමාරතුංග මහතා සහභාගිවීම වැලැක්වීම අප තේරුම්ගත යුතේ ඒ සන්ධර්භය සමග එකට සලකාය. එදා බෙදුම්වාදයට , ත්‍රස්තවාදයට එරෙහිව එකට ක්‍රියාකල ඔවුන්ගෙන් අද වන විට කණපිට ගැසී ඇත්තේ කවුද යන්න ඒ සංවාදය පැවතියේනම් තවත් හොඳින් පැහැදිලි වන්නට තිබිණ. එවැනිම අවස්ථාවක් ජනාධිපතිවරණය අවසන් වීමත් සමගම පැවති දෙරණ රූපවාහිනී සංවාදයකදීද අප අත් දැක්කෙමු. 



කොටි ත්‍රත්ස්වාදී නායකයාගේ ශුක්‍රාණුවකින් අලුත් ලෝකයක් තන්නනට බලා සිටින කුප්‍රකට ටියුෂන් ගුරු සන්නස්ගල මහතා සමග එදා උන් වහන්සේ සහබාගී වූ අතර එදා ගෙවිඳු කුමාරතුන්ග මහතා නැගූ තර්ක හමුවේ නිරුත්තර විය. මෙදා පැමිණියත් සිදුවන්නේ ඒ ටිකම බව උන් වහන්සේට වැටහෙන්නට ඇති. තමන් වහන්සේ නිතර දෙසන අන් මත දැරීමේ අදහස, විවේචන ඉවසීමේ පුරුද්ද , ප්‍රජාතන්ත්‍රවාදය , සාධාරණ සමාජය ආදී සංකල්ප බල්ලට දාමා තමන් වහන්සේ සතු අධිකාරී බලය යොදා කුමාරතුංග මහතාගේ සහභාගීත්වය වැලැක්වූයේ එබැවිනි.

බලය අයුතු ලෙස පාවිච්චියට එරෙහිව මාරාන්තික අරගලයක සිටින්නේ යැයි කියන උන් වහන්සේ භික්ෂුවක් ලෙස ඇත් කරගෙන සිටින සිවිල් බලය පාවිච්චි කර මෙලෙස තම අදහසට විරුද්ධ මතය පොඩි පට්ටම් කර දමන්නේ නම් මුන් වහන්සේම වරක කියූ පරිදි විධායක ජනාධිපතිධූරය වැනි පදවියක සිටියේ නම් ඇතිවන තත්වය සිතා ගැනීම අපහසු නැත.

'කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා' යනුවෙන් අපේ ගැමි වහරක් ඇත්තේ මෙන්න මෙවැනි අවස්ථාවන් පැහැදිලි කර ගැනීමට විය යුතුය.


-සටහන : යටියන ප්‍රදීප් කුමාර 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. Api nodanne sobhitha himi

    ReplyDelete
  2. Sobhitha himigen ahanna eyagei Katholika Jayalath Jayawadanagei thibuna sambandaya kumakda kiya?Meya blackmail wela wagai!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions