8/29/2015

සිනා සිනා (ඇමරිකන් සිනා)

කතෘ:යුතුකම     8/29/2015   2 comments

මහින්ද රාජපක්‍ෂත් පැරදී ඔහුගේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් පරාජයට පත්වූ වහාම ඇමරිකාව අප වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගැනීම තුළින් පෙනී යන්නේ ඇමරිකාවට මහින්ද පෙන්නන්නට බැරිව සිටි බවය. ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රාහකයන් සියලු දෙනා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යනු පිණිස පිටරටවල් පෝලිම් ගැසුණු අවස්‌ථාවේදී ඒ පෝලිමේ ඉස්‌සරහින්ම හිටියේ ඇමරිකාවය. ඊළඟට එංගලන්තය ය. ඉන්දියාව මේ පෝලිමට එනවාද නැද්ද යන්න කල්පනා කරමින් කල් මරමින් සිට අන්තිමේදී එයට සෙට්‌ විය. එංගලන්තය මේ පෝලිමේ හිටගත්තේ ලෝක මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට හෝ ජාත්‍යන්තර යුද නීතිය සුරක්‍ෂිත කිරීමට හෝ ලංකාවේ දෙමළ මනුස්‌සයාට සිදුවූ කිසියම් අසාධාරණයක්‌ වෙනුවෙන් සටන් කිරීමට හෝ නොව ඇමරිකාවට සපෝට්‌ කරනු පිණිසම බව මෙහිලා සඳහන් කරමු. ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැත. (ඇමරිකාවත් එයට අත්සන් කර නැත.) ඒ නිසා නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි යුද්ධාධිකරණයට අපේ මිනිසුන් භාරදීමේ අවශ්‍යතාවක්‌ ලංකා ආණ්‌ඩුවට මතු වන්නේද නැත. එහෙත් යුද අපරාධකරුවන් ලෙස සැක කෙරෙන අය අල්ලාගෙන ඔවුන් හිර ගෙවල්වල ගාල් කිරීමේ වෙනත් ක්‍රමවේද ලෝකයේ තිබේ. මේ නිසා ඇමරිකාව දැනට අප වෙනුවෙන් පෙනී සිටීම තුළ ඇත්තේ තාවකාලික විමුක්‌තියක්‌ පමණි. එහෙත් මෙතෙක්‌ තිබුණ ප්‍රශ්නවල හැටියට තාවකාලික විමුක්‌තිය වුව මදැයි· කෙසේ වුවද අවසන් යුද්ධයේදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ නොව දේශීය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකාව විසින් ගනු ලැබ ඇති තීරණයට උදව් කිරීමට ඇමරිකාව සතුටුය. එහෙත් මිත්‍රවරුනි, යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණයක්‌ කාන්තාවක්‌ ඇඳුම් මාරු කරනවාක්‌ මෙන් රහසිගතව වසන් වී බාත්රූම්වලට වැද හෝ අල්මාරි පිටිපස්‌සේ සැඟවී කළ නොහැක. අනෙක එවැනි පරීක්‍ෂණයක්‌ කොතරම් රහසේ සිදු කලද ජාත්‍යන්තරය විසින් එහි වාර්තාව ඉල්ලන ලද කළ දෙන්නට සිදු වේ. එවිට රෝම සම්මුතිය දෙස බලන්නේ වත් නැතිව අදාළ පුද්ගලයා ජාත්‍යන්තරයට භාර දෙන්නට සිදු වේ. 

රාජපක්‌ෂ ආණ්‌ඩුව තිබෙන තාක්‌කල් ඇමරිකාව අපට හරහට හිටියේය. එයට ප්‍රධාන හේතුව විය හැක්‌කේ මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිතුමා විසින් බටහිර ලෝකය සම්බන්ධයෙන් දරන ලද එදිරිවාදී චින්තනය ය. බටහිර ලෝකය විසින් මහින්ද රාජපක්‍ෂ හඳුනා ගන්නා ලද්දේ ආසියාවේ කස්ත්‍රෝ ලෙසිනි. (කියුබානු නායකයාව සිටි සමයේ දී ෆිදෙල් කස්ත්‍රෝ විසින් ඇමරිකාවට විරුද්ධව විශාල ව්‍යාපාරයක්‌ ගෙන යන ලද අතර ඔහු මැඬපැවැත්වීමට ඇමරිකාවේ කිසිදු ජනාධිපතිවරයකුට හැකි වූයේ නැත.) එහෙමත් නැත්නම් ආසියාවේ හියුගෝ චාවේස්‌ ලෙසිනි. (වැනිසියුලාවේ නායකයාව සිටි චාවේස්‌ මෙයට කලකට පෙර පිළිකාවක්‌ වැළඳී මියගිය අතර
ජීවතුන් අතර සිටි කාලයේදී ඇමරිකාවේ පරම හතුරෙක්‌ විය.) බටහිරට එරෙහි මතවාදයන් අනුගමනය කළා මදිවාට මහින්ද රාජපක්‌ෂ චීනයට හිතවත් ප්‍රතිපත්තියක්‌ද අනුගමනය කරමින් ඉන්දියාවට රිදවීය. ඒ කටයුත්ත සඳහා දිරිදෙනු පිණිස සැදී පැහැදුණු දේශපාලනඥයන් රැසක්‌ ද ඔහු සමඟ සිටියහ. අද ඒ කට්‌ටියම බලයේ නැත. ඒ නිසා ලංකාව සමග ගනුදෙනු කිරීමටත් මෙහි තිබෙන දේශපාලනයට රිසි සේ ඇඟිලි ගැසීමටත් හැකි බව ඇමරිකාව කල්පනා කරනවා විය යුතුය. එරට සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්‌වාල් නමැති තරුණ නෝනා මහත්මිය මෙහි පැමිණ හැසිරෙන ලිහිල් ලීලාවෙන්ම පෙනී යන්නේ ඇමරිකාව තුළ ලංකාව සම්බන්ධයෙන් පහළ වී තිබෙන "නිදහස්‌" සිතුවිල්ලයි. රාජපක්‌ෂ යුගයේ දී මෙවැනි ඇමරිකන් සිනා අපට දැක ගන්නට ලැබුණේම නැත. 

කෙසේ වුවත් අපේ රටට හොඳක්‌ වෙනවා නම් ඇමරිකාව හිනා වීමෙන් නොනැවතී මෙහි පැමිණ විකට නාට්‍ය පෙන්වූවත් වරදක්‌ නැත. එහෙත් අප සමඟ හිනා වෙන්නට මිස අපට හිනා වෙන්නට අවස්‌ථාවක්‌ ඔවුන්ට නොදිය යුතුය.

දිවයින  
2015-08-29

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. මේ සිනා ඔවුන්ගේ ගැට වලට හසුවුණු සමස්ත ජාතියටම නගන සමච්චල් සහගත සිනා බව නොදන්නේ බත් කන හරකුන් පමණි.

    ReplyDelete
  2. මෙහි අන්තර්ගතයට බොහෝ දුරට එකඟ වුණත් මෙය නොකියා ම බැරි හෙයින් කියමි. ඇමරිකාවට සහාය දැක්වීමක් හැටියට බ්‍රිතාන්‍යය මෙයට එක වුණේ යයි ලේඛකයා කියුවත් ඓතිහාසික සත්‍යය වන්නේ මේ දෙමළ ජාතිවාදයත් බෙදුම්වාදයත් ඇති කර පෝෂණය කිරීම බ්‍රිතාන්‍යයේ ව්‍යාපෘතියක් බවත් අද වන විට ඇමරිකාව විසින් ඒ කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍යය වෙනුවෙන් කරගෙන යන බවත් ය. එබැවින් බ්‍රිතාන්‍යයට මේ සඳහා තමන්ගේම වුවමනාවක් තිබේ. බ්‍රිතාන්‍යය මෙයට අත ගසන්නේ කාටවත් උදව්වට නොව එය ඔවුන්ට ඔවුන්ගේ ම ම වැඩක් වන හෙයිනි.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions