ජාතික ලැයිස්තුව මැතිවරණයට පෙර ප්‍රසිද්ධියට පත් කරන ලියවිල්ලකි. ඒ පුරවැසියාට ඉන් අදාළ පක්‍ෂය පිළිබඳ කිසියම් තක්සේරුවක් ලබා දීමට ය . බොහෝ විට ජාතික වශයෙන් පිළිගැනීමක් තිබෙන පිරිස් ඊට නම් කරන්නේ එහෙයිනි. ඒ අනුව, ලැයිස්තුව පුරවැසියාගේ ඡන්දයට ද සැලකිය යුතු බලපෑමක් කරයි. කෙසේ වෙතත්, අවසානයේ ලැයිස්තුවට කිසිදු සම්බන්ධයක් නැති, විශේෂයෙන් ම ඉහත ජාතික ලැයිස්තු කැරට් අලය කෑ පුරවැසියා විසින් පරාජය කළ පිරිස් ම පාර්ලීමේන්තුවට පත් කරීම වංචාවේ දිග පළල සොයා ගැනීමට අපට කදිම අවස්ථාවක් ලබා දෙයි.
මෙය එක් අතකින් පුරවැසියාගේ ඡන්ද බලයට කරන දැවැන්ත පා පහරකි. අනෙත් අතින් තම බලය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට තමා සූදානම් බවට දෙන පණිවුඩයකි. පුරවැසියාට මින් අඟවාලන්නේ ඔහු තවදුරටත් වලංගු නොවන බව ය. ඔහුගේ තීරණය පිළිනොගන්නා බව ය. ඉරණම්කාරී කරුණ වනුයේ උසස් අධ්‍යාපනය බාර ව සිටියා වූ ද එහි දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ දැඩි දෝෂ දර්ෂනයට ලක් වූවා මතු නොව හිටපු ජනපතිනි චන්ද්‍රිකා මැතිණියගේ ඇඳුම් ගලවා මහමග ඇවිද්දවන බවට ශපථ කළ බවට චෝදනා ලද්දා වූ එස් බී ද ඇගේ ම ලැයිස්තුවෙන් පාර්ලීමෙන්තු යාම ය. මෙම ඇමතිවරයා කේන්ද්‍රකොට ගෙන යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශාල කතිකාවක් රට තුළ ඇති කළ අදාළ විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනය අද මෙම පත් කිරීම හා සෙසු ඒවා පිළිබඳ කටක් අරින්නේ නැත. එමෙන් ම පුරවැසි බලය ලෙස සංවිධානයක් පිහිටුවාගෙන රට පුරා ගිය අය ද මේ පුරවැසියාගේ පරාජය පිළිබඳ හඬ ඇසෙන තරම් නිහඬ ය.
සියල්ල මෙසේ දිග හැරෙද් දී අද මෙම සංවිධාන හා අදාළ පුද්ගලයින් තමන් ජනවාරි 08 හා අගොස්තු 17 වන දින ලැබූ ජයග්‍රහණයක් පිළිබඳ උදම් අනමින් සිටිනු දැකිය හැකි ය. එසේ නම් ඔවුන් මේ සමරන්ගේ පුරවැසියා පරාජය කොට ඒකාධිපතිත්වය ලැබූ ජයග්‍රහණය නොවේ ද? අප නම් මේ පත් කිරීම් කළ පුද්ගලයින් පිළිබඳව ද එම පුද්ගලයින් බලයට ගෙන ඒම සඳහා ජනතාවගේ ඇසට වැලි ගැසූ ඉහත සංවිධානය පිළිබඳව ද බිඳකුදු විශ්මයට පත් වන්නේ නැත. මේ දෙපාර්ශවය නිසගයෙන් ම එතරම් ම තක්කඩි ය. අපගේ සටන් අවසන් නැත්තේ එහෙයිනි.
-මහින්ද පතිරණ [ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .