ඉසුරු ප්‍රසංග මහතා විසින් ලියන ලද මැතිවරණය හා සිවල් සමාජ මාෆියාවේ වත්මන් භූමිකාව ලිපිය අරඹයා ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා තම ෆේස්බුක් ගිණුමෙන් තැබූ සටහනක්
***************************************************************
මහින්ද රාජපක්ෂ සහ එන්ජීඕ දේශපාලනය
=============================================================
ඉසුරු ප්‍රසංග ( Isuru Prasanga ) එන් ජී ඕ ගැන ලියා තිබූ ලිපියක් දුටුවෙමු. ඔහු එහි දී එන්ජීඕවල කටයුතු සම්බන්ධව අජිත් පැරකුම් ජයසිංහ ලියා තිබූ විවේචනාත්මක ලිපියක්ද උපුටා දක්වා තිබුණි. මෙවැනි විවේචන ඒන්ජීඕ සම්බන්ධය මටත් ඇත. කෙසේ වෙතත් එන්ජීඕ විසින් ඉෂ්ට කරන ලද කාර්යභාරය හුදෙක් විදේශ න්‍යාය පත්‍රයකට ලඝු කළ හැකිද? මෙය තේරුම් ගැනීමට ඉසුරු ප්‍රසංගලාගේ කදවුරේ වීරයා වන මහින්ද රාජලපක්ෂ දෙස බැලීමම ප්‍රමාණවත්ය.
මහින්ද රාජපක්ෂ දේශපාලන චරිතයක් ලෙස නිර්මාණය වුනේ ඔහුගේ මානව හිමිකම් ක්‍රියාකාරිත්වය තුළිනි. මීට මූලික වශයෙන් උපකාර ලැබුණේ එන්ජීඕ ව්‍යාපාරයෙනි. මම මුලින්ම මහින්ද රාජපක්ෂව දුටුවේ ද ඔහු සුනිලා අබේසේකර හමුවීමට පැමිණ සිටි අවස්ථාවකයි. අතුරුදහන් වූවන් පිළිබද මහින්ද ගේ කටයුත ඇත්ත වශයෙන්ම ඔහුගේ කටයුතු නොවේ ඒවා සුනිලා අබේසේකරගේත්, එවකට මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන උපදේශකයා වූ කුසල් පෙරේරාගේත් කටයුතුය.අද මහින්ද සිංහල-බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයේ ජනප්‍රිය දේශපාලන ප්‍රකාශකයි වී සිටින්නා සේ 1990 ගණන් වල මුලදී ඔහු එන්ජීඕ මානව හිමිකම් දේශපාලනයේ ජනප්‍රිය ප්‍රකාශකයා විය. ඒ අනුව ගත් කළ මහින්ද රාජපක්ෂ යනු එන්ජීඕ නිර්මාණයකි. ඇත්ත වශයෙන්ම 1990 ගණන්වල අගදී නලින් ද සිල්වා දැඩි මහින්ද විරෝධියෙක් වූ අතර ඔහුගේ ප්‍රධාන චෝදනාව වූයේ මහින්ද එන්ජීඕ කාරයෙක්ය යන්නයි.
දැන් ප්‍රශ්නය වන්නේ මහින්දගේ ජනප්‍රියභාවය මගින් ගොඩයන පිරිස් මහින්දගේ ජනප්‍රියභාවයේ තිඹිරිගෙයට බෝම්බ ගැසීමයි.
අැත්ත වශයෙන්ම මහින්ද පිළිබද සත්‍යය තත්වය නම් ඔහුට ජාතිකවාදය පිළිබදව මෙන්ම මානව හිමිකම් පිළිබදවද ගැඹුරු අවබෝධයක් නොමැති වීමයි.
-නිර්මාල් රංජිත් දේවසිරි
එතකොට සිංගප්පුරුවට ගිහින් කොටි ඩයස්පෝරාව සමග සාකච්චා කර ලංකාව විදෙස් රටවල කුමන්ත්‍රණ වලට හසු කර දුන් මේ අය තමයි ජාතිකවාදය පිළිබඳව ගැඹුරටම දන්නේ ? රට දෙකඩ කරන්න වලි කන කොටින්ට එයට මඟ සලසා දීම ද නියම ජාතිකවාදය ?
ReplyDeleteමහින්ද NGO සමග ගනුදෙනු කලාම වුවද ඔහු ඔහුගේ සීමාවන් හොඳින් දැන සිටි බව පැහැදිලිය. මේ ආචාර්ය වරුන්ගේ NGO භාවිතාව ඊට බෙහෙවින්ම වෙනස් බව ඔවුන් අපට පෙන්වා ඇත.