8/14/2015

අපේ රජුන් රජ කරන්න

කතෘ:යුතුකම     8/14/2015   3 comments

කදිරපුරේ නාගදීපෙ
බියක් හැකක් නැතිව හිතේ
පෙරළි පෙරළි බදුන් වැන්දෙ
සිත සුපහන් බෝසත් කැළ

උණවටුණට ගිය විලසම
පාසිකුඩා වලටත් ගිය
හොඳ පදමට විනෝදවුනු
අපේ ම සෝයුරන්ය උන්

සුරපුර වන් කොළොමිපුරේ
මන් තීරුවෙ ඇවිදන් යන
ටොයියන් බයියන් ඔක්කොම
අපේ සුහද මිතුරු කැළ ය

මරණ බියෙන් මුසුපත් වී
ඇවිදින මළ කඳන් වගේ
මුළු ගැන්වී සිටිය උන්ට
හුස්ම ගන්න ඉඩ සැළසුව

යුගය සැණින් කෙළවර කර
ඉගිලූනි කණකොකා යළිත්
හිවුඩු පිපෙන දුරුතු මහේ
අබාගයක් සළකුණු කර

විලාප දෙන දන රළ පෙළ
මැදමුලනට ගලා ගියේ
සිදු වු විපත යළි නිවැරදි
කරනා මඟ දැනං නොවෙි

දුක සැප කෙලෙසද විමසන
තමන් දන්න එකම රජුන්
මුහුණ බලා දෙපා වැළඳ
සිපගෙන හිත සනහ ගන්න

බුදුන් තුන් වරක් වැඩි රට
පින් බලයෙන් සපිරුණු බිම
අහසෙ පොළොවෙ ගස් වල වැසි
දෙවියෝ නිතියෙන සුරකින

නුගේගොඩින් අනුරපුරට
රුවන්පුරෙන් මහනුවරට
රැස්වුනු මහ සෙනඟ කැළට
යෝද බලය දුනි නිතියෙන

දාහත් වැනි දා උදයේ
මේ ජන ගඟ ගලනු නිසැක
ඔටුනු නොමැති අපේ රජුන්
යළි රජ කරවන්න බලං

ලස්ස පනස් අටේ සෙනඟ
දෙගුණ තෙගුණ වී ජන ගඟ
යුගයේ අසිරිය නිමවන
මාවත සාදා දෙනු ඇත

සුරකිනු වස් මුනිඳු සසුන
අපට උරුම යුතුකම ලෙද
බියෙන් සැකෙන් තොරවුනු රට
සාදා දෙනු ඇත එ නිරිඳු

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
2015-08-14

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. හූ............................හූ..........................හූ............................අන්තිම මොහොතේ මරාට කෙලවෙන්නම දුන්නා නේද මෛත්‍රී. දැන් තොපිට හුප්පේ තමයි. මරා ඉවරයි.

    ReplyDelete
  2. Kamak ne yaaluwa....
    Api balaaa sitimu..
    Oba sinasenna.... A viyaru bawa apawa biligena awasana,
    One doratada thattu karanaa thek....

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com