
නිරන්තරයෙන් එවන් බටහිර බලපෑමක් නොමැති බව කරන ප්‍රකාශ නිසාත් බටහිර කුමන්ත්‍රණ පිලිබඳ අවධානය සහ වැදගත්කම අපේ රටේ මිනිසුන්ගේ හිසින් ගිලිහී යමින් පවතියි. නමුත් බටහිර කුමන්ත්‍රණ වල ක්‍රියාකාරීත්වය ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වන වත්මන් සමයේ එහි වැදගත්කම නැවත මතුකළ යුතුමය. මෙම රූපයේ දැක්වෙන්නේ ලෝකයේ ඇමරිකානු හමුදා කඳවුරු තිබෙන ස්ථාන සහ ඒවායේ බල ව්‍යාප්තිය පිලිබඳව දක්වන සිතියමක්. ඒ වගේම ඇමරිකානු කඳවුරු ඇතැයි සැක කෙරෙන සහ පිහිටුවීමට උත්සාහ කරන ස්ථානයනුත් මේකෙ 'කොළ' පාටෙන් දක්වල තියෙනව(අපේ රටත් එහෙම ස්ථානයක් ලෙස දක්වලා තියෙන බව දකින්න පුලුවන්). ලෝකය පුරා රටවල් විශාල ප්‍රමානයක ඇමරිකානු කඳවුරු සිය ගණනක් මේ ආකාරයෙන් ස්ථාපනය කරල තිබෙන්නේ ඔවුන්ගේ ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීමටයි. මෙහි දැක්වෙන ආකාරයට ඇමරිකානු බල ව්‍යාප්තිය අඩුවෙන්ම තියෙන්නේ ආසියානු කලාපයේ ප්‍රදේශ කිහිපයකය. ඇමරිකානුවො අනිත් ප්‍රදේශ වල බලය ව්‍යාප්ත කරල මේ ටික විතරක් අත් ඇරල තියෙන්නේ ස්ව කැමැත්තෙන් නොවෙයි. ඇමරිකාවට මේ ප්‍රදේශ අත් හරින්න වෙලා තියෙන්නේ රුසියාව, චීනය සහ ඉන්දියාව විසින් ආසියානු කලාපයේ ප්‍රබලව නැගී සිටීම නිසා. එහෙත් ඇමරිකාව මේ කලාපයේ බලය ව්‍යාප්ත කිරීමේ නිරන්තර උත්සාහය අත් හැර නොමැත. මෙහිදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග ප්‍රධාන වශයෙන් පාර්ශව තුනකින් ආසියානු කලාපයට ඇතුල් වීමට උත්සාහ කරන බව පෙනෙයි. රුසියාවට බටහිරින් ඇති යුක්‍රේනය, ජෝජියාව, ආර්මේනියාව ආදී වූ සෝවියට් දේශය බිඳී ආ රටවල් පලවෙනි පාර්ශවයයි. යුක්‍රේනයේ ගිය අවුරුදු දෙකක පමණ සිට බටහිර බලවේගයන්ගේ උදව්වෙන් ඇති කරන ලද අරගල, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු පෙරලීම සහ කැරලි හේතුවෙන් බොහෝ ගණනක් මිය ගොස් රට බෙහෙවින් අස්ථාවර තත්වයකට පත්වී තිබෙයි. ජෝජියාවේද පාලනය බටහිර ගැති රූකඩ පාලනයකින් ප්‍රත්ස්ථාපනය කර ඇති අතර පසු ගිය මාස කිහිපයේ ආර්මේනියාවේද අවුළුවන්නට උත්සාහ කර අරගලය ව්‍යර්ථ වී ගියේය. මෙසේ කුමන්ත්‍රණ සහ ලේ වැගිරීම් මඟින් පිහිටුවා ගත් ආණ්ඩු හරහා එම රටවල් වල තවත් ඇමරිකානු යුධ කඳවුරු පිහිටුවීම, එම රටවල් වලට NATO සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටියි. දෙවනි පාර්ශවය ජපානය, පිලිපීනය, වියට්නාමය ආදී වූ දකුණු චීන මුහුද අවට ඇති රටවල්ය. ඇමරිකාව විසින් එම රටවල් අතර පෙර නොතිබූ දකුණු චීන මුහුදට අයිතිවාසිකම් කීමේ බල අරගලයක් නිර්මාණය කර ඇත. චීනයට විරුද්ධව එම රටවල් වලට උදව් කරන ආකාරයෙන් ඔවුන්ගේ යුධ ආධිපත්‍යය සහ හමුදා කඳවුරු එම කලාපය තුළ පතුරවමින් සිටියි. තෙවන පාර්ශවය අපේ රටයි. අපේ රටේ භූගෝලීය පිහිටුම නිසා ඇති උපායමාර්ගික බව වැදගත් වෙන්නේ මෙහිදීය. ඇමරිකානු බල ව්‍යාප්තිය දුර්වල ආසියානු කලාපයේ මධ්‍යගතව සහ නෞක වෙලඳ මාර්ගයේ මධ්‍යගතව අපේ රට පිහිටා තිබෙයි. අපේ රටේ පිහිටුවන ප්‍රබල යුධ බලකොටුවකට ඉන්දියාවේ ඇතුළු ආසන්න රටවල් සහ කලාපයට යුධමය ලෙස ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය. පෙරදිග සහ අපරදිග අතර මුහුදෙන් සිදුවෙන වෙළඳාම සහ චීනය කොරියාව ආදී කාර්මික රටවල් වලට අත්‍යවශ්‍ය ඛණිජ තෙල් ප්‍රවාහනය වෙන්නේ අපේ රට ආසන්න මුහුදු මාර්ගයෙන්ය. පහත සිතියමෙන් එය පැහැදිලි වෙයි. එම නිසා අපේ රටේ පිහිටුවන යුධ කඳවුරකට මුහුදු මාර්ගය ඇසුරෙන් සිදුවෙන වෙළඳාම පාලනය කිරීම සහ ඛණිජ තෙල් ප්‍රවාහනයට බාධා කිරීමෙන් චීනය ආදී රටවල කටයුතු අඩාළ කල හැකිය. මේ ආදී වශයෙන් වන තවත් හේතූන් නිසා ඇමරිකානු දේශපාලකයන්ට අපේ රට වැදගත් ස්ථානයක් වෙයි. අපේ රට බටහිර කුමන්ත්‍රණ වලට ඉලක්ක වන්නේ මේ නිසාවෙනි.

බටහිර කුමන්ත්‍රණ අපිට විතරක් ඇයි? මෙය ඇතමෙක් අසන ප්‍රශ්නයකි. බටහිර කුමන්ත්‍රණ ඇත්තේ අපිට පමණක් නොවෙයි. බටහිර කුමන්ත්‍රණ මඟින් අපිට වඩා බොහෝ විනාශයන් අත් වූ රටවල් බොහොමයක් ලෝකයේ ඇත.ලිබියාව, යුක්‍රේනය, සිරියාව, ඉරාකය ආදී රටවල් මෑත කාලීනව බටහිරයන් හමුවේ විනාශයට සහ අස්ථාවර බවට පත් වූ රටවල් වෙති. අප්‍රිකා මහද්වීපයේ දියුණුම රටවූ ලිබියාවට ඇමරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් වලින් ප්‍රහාර එල්ල වූයේ ඒකාධිපති පාලනය සහ ප්‍රජාතාන්ත්‍රවාදය නොමැති බව චෝදනා කරමින්. සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය හොඳින් පැවතුන ලිබියාව අද ආගමික අන්තවාදීන්ගේ සහ ගෝත්‍රිකයන්ගේ යුද පිටියකි. විනාශ වූ රටකි. යුක්‍රේනයද පෙර තිබුනාට වඩ ආර්ථිකව සහ දේශපාලනිකව බොහෝ සේ අස්ථාවර රටකි. සිරියාවේ සහ ඉරාකයේ බටහිරයන් කරන ලද ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵල වශයෙන් දිනපතා මිනිසුන් සිය ගණන් ඝාතනය වෙයි. මිනිසුන් පෙළට තබා වෙඩි තබන, පිහි කෑලි වලින් බෙලි කපනා ISIS ත්‍රස්තවාදී සංවිධානය බිහිවීමට මඟ පෑදුවේද ඇමරිකානු ආක්‍රමණ මඟින් ඉරාකය සහ සිරියාව අස්ථාවර වීමයි. කලින් එක් රටක් වෙලා තිබ්බ සුඩානය දැන් බටහිර රටවල් වල ආශිර්වාදයෙන් රටවල් දෙකක්. දෙකට කැඩුන රටවල් දෙකේ දේශසීමාවේ දිනපතා ගැටුම් සහ ඝාතන. මේ රටවල් බෙදීමේ ප්‍රධාන හවුල් කරුවා තමයි 2002 සමයේ රනිල් වික්‍රමසිංහ සටන් විරාම ගිවිසුම් ගහන්න හවුල් කරගත්තෙත් අපේ රටේ ෆෙඩරල් විසඳුම් ගේන්න ප්‍රධාන ලෙස උත්සාහ කරපු බාහිර බලවේගය. මේ ආදී වූ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ බටහිර රටවල් අපේ රටට විතරක් නෙමෙයි තව බොහෝ රටවල් වලට බලපෑම් සහ කුමන්ත්‍රණ කරමින් එම රටවල් වලට විනාශකාරි ප්‍රතිඵල අත්කර දී ඇති බවයි.


-සේනක කුමාරසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .