8/12/2015

ජවිපෙ ලවා කොස් ඇට බෑවීම

කතෘ:යුතුකම     8/12/2015   1 comment


ඔබේ කතාව

ඔබ මුදල් අපහසුතාවයකින් පෙලෙයි. ඔබට ණයක් ලබාගැනීමට අවැසිය. ඒ සඳහා ඔබ සතුව විකල්ප තුනක් පවතී.
1) පසු ගිය දශකය පුරාම ණය ලබාදුන් පුද්ගලයා
2) මීටකලින් ඔබට ගිනිපොලියට ණය ලබාදී වංචා කර අසුවී ගමෙන් පන්නන ලද පුද්ගලයා
3) ණය ලබා දී පුරුද්දක් නොමැති නමුත් ඉහත (2)ගිනි පොලී කාරයාගේ ගජ මිත්‍රයෙකු ලෙසට සැලකෙන ඔහුව රැක ගැනීමට වක්‍රව සහය දෙන ගිනිපොලි කරුවාගේ මුදලින් දිවි ගෙවන පුද්ගලයා

ඔබට විකල්ප තිබීමට පුලුවන. නමුත් ඔබ තෝරා ගත යුත්තේ "හොඳම" විකල්පය මිස ඔබව රවටන විකල්පයක් නොවේ. ඔබව රැවටූ ගිනි පොලීකරුවා වෙනුවට ඒ ගිනිපොලී කරුවා රැකගැනීමට කටයුතු කරන, ඒ ගිනිපොලී කරුවාගෙ මුදල් මත යැපෙන හොර රහසේ ගිනිපොලී කරුවා සමග බාල් නටන පුද්ගලයාගෙන් ඔබ ණය ගන්නේනම් ඔබ තරම් මුග්ධයෙක් තවත් සිටීද?

ඔබේ කතාව නිමි

වත්මන් දේශපාලන තත්වය දෙස බැලීමේදී උක්තාකාරයේ සංසිද්ධියක් අපට පැහැදිලිව දැකගන්නට ලැබී ඇත. එනම් එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ දැකීමෙනි.

බැලූ බැල්මට ඔබට එකිනෙකට වෙනස් මාවත් ඔස්සේ යන පක්ෂ දෙකක් ලෙස එජාපය හා ජවිපෙ පෙනීමට ඉඩ ඇත. නමුත් මේ දේශපාලන පක්ෂ දෙකෙහි ඇති සබඳතාව අද වනවිට දේශපාලන විඥ්ඥානයක් සහිත ඕනෑම පුද්ගලයෙකුට රහසක් නොවේ. එජාපය යනු පසුගිය 30 වසර ඇතුලත රටට ද්‍රොහී කම් කල රට වැනසීමට කටයුතු කල රට බෙදීමට කටයුතු කල පක්ෂයකි. හැට දහසක් තරුණයන් මරා දමමින් රාජ්‍ය ආයතන විකුනා කමින්, රට පුරා පාතාලය මගින් ස්ව ආධිපත්‍යය පතුරවමින් කටයුතු කල පක්ෂයකි. ඒ නිසා ඒ පක්ෂයේ කුප්‍රකට කම ගැන කතාකිරීම කාලය අපතේ යැවීමකි.

ජනතා විමුක්ති පෙරමුනේ ගමන්මග පිලිබඳ කතිකා ඇති බැවින් ඒ පිලිබඳ ඉතිහාසයේ සිට සරලව විමසා බලමු
ජනතා විමුක්ති පෙරමුණ යනු "අධිරාජ්‍යවිරෝධී අරගලය ඔස්සේ සමාජවාදය" යන සංකල්පය පෙරදැඩිව ගමන්ගත් පක්ෂයකි. කුමන විවේචන ඇතත් රෝහණ විජේවීර සහෝදරයා ශ්‍රී ලංකාවට ඇති අධිරාජ්‍යවිරෝධී බලපෑම හොඳින් දුටු, ඒ මත තම පක්ෂය ගොඩ නැගූ අයෙකි. අනෙක් වමේ ව්‍යාපාර වලින් ජවිපේ වෙන් වන ප්‍රධාන කාරනය වන්නේ දේශප්‍රේමයයි. රටේ ඒකීයභාවය වෙනුවෙන් ජවිපේ කොන්දේසි විරහිතව පෙනීසිටි යුගයක් ද විය. ඒ වෙනුවෙන් ජවිපේ එදා තම දිවි පරදුවට තබා කටයුතු කරන ලදී. 60,000ක් තරුණ තරුණියන් ව එජාප අන්ඩුව විසින් සෙත්සිරිපාය, මත්තෙගොඩ,බටලන්ද ආදි වධකාගාරයන්ට ගෙන ගොස් දස වධ දී අමු අමුවේ මරා දමනු ලැබුඒ මේ 88/89 භීෂණ සමයේදීයි. අත් අඩංගුවට ගත් රෝහණ විජේවීර සහෝදරයාගෙන් අවි බිම තබා යටත් වෙන ලෙස ප්‍රකාශයක් සටහන් කොටගෙන ඔහුව බොරැල්ල කනත්තට ගෙන ගොස් දසවධ දී වෙඩි තබා පණ අදින සිරුර ටයර් සෑයකින් වසාලූයේද එසමයෙහි එජාප ආන්ඩුව මගිනි.

මෙසේ මර්ධනයට ලක්වූ ජවිපේ නිදහස් පක්ෂය මූලික කරගත් පොදුජන එක්සත් පෙරමුණ කාලකාල වකවාණුවේ නැවත තම දේශපාලන ගමන ඇරඹූහ. ස්ථානෝචිතව ද තම ප්‍රධාන සතුරා වන අධිරාජ්‍යවාදය හඳුනාගනිමින් ද ඔවුන් ගෙනගිය සටන රටේ ජනතාව සිත්ගත්තේය. දේශ්ප්‍රේමියෝ ජවිපේ වටා එක්වූහ.
2004 මහ මැතිවරණය ජවිපේ ප්‍රජාත්‍රන්ත්‍රවාදීව ගත් ඉහලම ජයග්‍රහණය විය. එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මැතිවරණ සටනට බට ජවිපෙ ආසන 39ක් ලබා ගැනීමට සමත් විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීමෙහි ලා ප්‍රධාන ජනබලමුලු රොදගැන්වීම සිදුකරන ලද්දේත් ජවිපෙ විසිනි.

2005න් පසු ජවිපේ හැසිරීම කෙමෙන් කෙමෙන් වෙනස් වන්නට විය.
මෙතෙක් කල් සිට ලැබුනු බලයත් සමග තමන්ගේ නායකයා වන රෝහණ විජේවීර පෙන්වන ලද දේශප්‍රේමය පිලිබඳ කාරනා ජවිපේ ශබ්දකෝශයෙන් ගිලිහෙන්නට විය. තමා වටා සිටි දේශප්‍රේමී කඳවුරු වලට කොකම්පාන්නට විය. ජාතිකවාදි ව පෙලගැසුනු ජවිපේම නායකයින්ව හා සමාජ බුද්ධිමතුන්ව කොන්කරන්නට විය.
මිනීමරු අමන කොටි ත්‍රස්තවාදීන්ගේ පරාජය ඇස් ඉදිරිපිට පෙනෙන මොහොතක හුදෙක්ම තමාගේ බල අරමුණු වස් වැඩවර්ජන සංවිධානය කරන්නට විය.

අවසානයේ සියල්ල පුපුරා යන්නේ ජවිපෙ පර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වන විමල් වීරවංශ ඇතුලු 11 දෙනෙකු පක්ෂය හැරයාමත් සමගයි. ඉන්පසුව ජවිපෙ අධිරාජ්‍යවිරෝධී තම මූලෝපායන් හා අභිමත ඉවත දමා අධිරාජ්‍යවාදි ගැත්තන් සමග කෙලිදෙලින් යහන් ගතවන්නට විය. තම සාමජිකයින් සිය දහස් ගණනක් මරා වධ බන්ධනයන්ට ලක්කිරීමට අණ දෙන ලද රනිල් වික්‍රමසිංහ හා එක්ව ඒකීය රාජ්‍යය රැකගැනීමට වෙර දරන ලද මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට කුප්‍රකට උත්සාහයක් දරන ලද අතර ජනතාව විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ මහ මැතිවරණයේදී කලින් 39ක්ව තිබූ ආසන 3 කට අඩු කරවමිනි.

එතැන් පටන් ජවිපේ මූලෝපායන් අධිරාජ්‍යගැති වූ අතර මේ තත්වය නායකයාට පවා පාලනය කරගත නොහැකි වූ බව එකල නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතාට අවසානයේදී හෙලි කිරීමට සිදුවිය. අධිරාජ්‍යවාදයේ ග්‍රහනයට රටේ ප්‍රභලතම සමාජවාදි පක්ෂ‍ය පවා හසුවීම ඉතා දුක්ඛිත තත්වයක් වූ අතර අවසානය වනවිට ඇමරිකාවේ ශ්‍රී ලාංකික කුක්කා වන එජාපයේ කුක්කා බවට පත්වීමට ජනතා විමුක්ති පෙරමුණට සිදුවිය.
වත්මන වනවිට පක්ෂය හසුරවන 4 දෙනාගේ කල්ලිය පිලිබඳව සෝමවංශ මහතා හෙලි කොට අවසානය. තමා ජවිපෙට මුදල් ආධාර කල බව එජාපය විසින් ද ප්‍රසිද්ධියේ පවසා ඇත.දැන් එම පක්ෂයේ පාවා දෙන්නට වස්ත්‍රයක් හැඳ සිටීමට හැකියාවක් නැති වුවද, එජාපයේ පිහිටෙන් ඔවුන් ජනයා මුලා කරමින් රංගනයේ යෙදෙනු දක්නට ලැබේ. කෙසේ හෝ අවසානයේ එජාපයෙන් ගිලිහෙන ඡන්ද සංධානයෙන් උදුරාගෙන එජාප+ජවිපෙ+ දෙමළ සංධාන ජාතික ආන්ඩුවක පිහිට පැතීමට මේ වෙනවිටත් කුමන්ත්‍රන දියත් වී අවසන්ය. රට හමුවේ ඇති මේ අභියෝගය ඔබ හඳුනා ගතයුතුව ඇත. නැතහොත් සිදුවන ඓතිහාසික වරදට ඔබේ දරුවන්ගේ ලෙයින් පවා වන්දිගෙවීමට සිදු වනු ඇත.

ජවිපේ එදා සහ අද වෙනස ඔබේ අවධානයට යොමු කල යුතුය

ජවිපෙ එදා අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපායන්,උපක්‍රම ගැන කතා කලහ. අද අධිරාජ්‍යවාදය පිලිබඳ ඔවුන්ට මතකයක් නැත
එදා ජවිපෙ ඒකීය රාජ්‍ය සංකල්පය නොමැතිව සංධාන මැතිවරණ ප්‍රකාශයකට පවා අත්සන් නොකලහ. අද ඔවුන්ගේම මැතිවරණ ප්‍රකාශයෙන් ඒකීය භාවය හැලී ගොසිනි.
වෙනදා ජවිපෙ වටා එක්වූයේ රණවිරුවන් හට ගෞරව කල, සංස්කෘතියට සභ්‍යත්වයට ගරුකල දේශහිතෛශී ජාතික ව්‍යාපාරය වැනි ජාතික බලවේගයි. අද ජවිපෙ වටා සිටින්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට කැසකවන, සංස්කෘතිය සභ්‍යත්වය පසෙක තබා සමලිංගිකත්වය කරපින්නා ගත් යුධවිරුවන් "අටපාස් නැති මෝඩයින්" යැයි හඳුන්වන "අලුත් පරපුර" ලෙස මුහුනු දමාගත් සංස්කෘතික ඝාතක පැරණි "X" කණ්ඩායම් ය
එදා ජවිපෙ වෙනුවෙන් නඩු වලට පෙනී සිටියේ රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ එස් එල් ගුණසේකර වැනි දේශමාමක නීතීඥවරුන් ය. අද ජවිපෙ වෙනුවෙන් පෙනී සිටින්නේ ඩොලර් ෆ්‍රැන්ක් ක්‍රෝන උදෙසා තම මෑනියත් වුවද ගණිකා වෘත්තියේ යොදවන ජේ සී වැලිඅමුණ වැනි පාදඩ එන්ජීඕ බත් බැලයින් ය
එදා ජවිපෙ මුලසුන හොබවන ලද්දේ ගුණදාස අමරසේකර වැනි ජාතිකවාදි ප්‍රාඥයන්ය. අද ජවිපෙ මුලසුන හොබවන්නේ සංගීත සංදර්ශන වල කාන්තාවන් නිරුවතින් නැටවූ සුනිල් පෙරේරා වැනි ඇමරිකන්වාදියෝය.

මෙලෙස ජවිපෙ එදා සහ අද තත්වය සන්සන්දනය කලහොත් ඔබට ජවිපෙ වත්මන් දේශපාලන මන්දබුද්ධිකභාවයත් මුලෝපායන්ගේ පාවාදීමත් ජනතාව රැවටීමත් සක්සුදක් සේ හඳුනාගත හැකිය.
මේ කරුණු දැක දැක යම් කෙනෙක් ජවිපෙට ඡන්දය ප්‍රකාශ කරයි ද එක්කෝ ඒ එකසත් ජාතික පක්ෂයට ඡන්දය දීමට ලැජ්ජාවෙන් සිටින එජාප සාමාජිකයෙකි. නැත්නම් කැපුවත් රතු මානසිකත්වයෙන් සිටින කාඩර්වරයෙකි

ඔබ සැබෑ ජවිපෙ සාමාජිකයෙක්නම් ඔබ කලයුත්තේ රෝහණ විජේවීර සහෝදරයා ඔබට පෙන්වන ලද මාර්ගය අවබෝධකොටගෙන සැබෑ අධිරාජ්‍යවිරෝධී කන්ඩායම වෙත ඔබේ ඡන්දය ලබාදීමයි. හුදෙක් වෙනසක් වශයෙන් ජවිපෙ කරා ඔබේ විශ්වාසයක් ඇතිනම් මේ ඔබට ඒ විශ්වාසය අලුයම ලූ කෙලපිඩක් මෙන් ඉවත් කිරීමට කාලයයි..!
ගිනිගන්නා ඡන්ද භූමියෙහි ඔබේ ඡන්දය ජවිපෙ බළල් අතින් එජාපයට බා ගැනීමට කැසකවන මේ අවස්ථාව ඔබ හඳුනාගත යුතුව ඇත. නැතහොත් ඔබ පසුපස එන හැටදහසක් වූ ඒ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් දිවිපිදූ තරුණ තරුණියන්ගේ ආත්ම වලින් ඔබට නිදහසක් නැතිවනු ඇත. ඔබ මියගිය පසු ඔවුන් ඔබේ සොහොන් වලට පවා සාප කරනු ඇත !!

සතුරා හඳුනාගනිමු ! රටේ ඒකීයබව, නොපෙනෙනා සින්තටික් වචන වෙනුවෙන් පාවා නොදෙමු !
මාතෘ භූමියට ජයවේවා! ලක් මාතාව යෙහෙන් දිගුකල් රැකේවා !!

~ඉසුරු රන්දෙනිකුමාර~
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. තිස්ස8/13/2015 8:31 AM

    "එදා ජවිපෙ වෙනුවෙන් නඩු වලට පෙනී සිටියේ රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ එස් එල් ගුණසේකර වැනි දේශමාමක නීතීඥවරුන් ය. අද ජවිපෙ වෙනුවෙන් පෙනී සිටින්නේ ඩොලර් ෆ්‍රැන්ක් ක්‍රෝන උදෙසා තම මෑනියත් වුවද ගණිකා වෘත්තියේ යොදවන ජේ සී වැලිඅමුණ වැනි පාදඩ එන්ජීඕ බත් බැලයින් ය " රනිල් සහ අනුර කුමාර අතර කිසිම වෙනසක් දැන් නැ මුන් දෙන්නම රටෙ කරුමෙට ජාතක වෙච්චි උන්.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions