11/13/2015

ලකුණු දා ගැනීම හා ලකුණු කැපීම

කතෘ:යුතුකම     11/13/2015   No comments
'ඇවන්ට්ගාඩ් සමාගම' වැටලීම, 'මිලේනියම් සිටි' වැටලීම මෙන් පොලීසිය ලකුණු දා ගැනීමට කලා දැයි සිතෙන බව පාර්ලිමේන්තුවේදී පැවසීම නිසා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාට සිය ඇමති දුරයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ.

'මිලේනියම් සිටි' වැටලීම යනු අතුරුගිරියේ 'මිලේනිම් සිටි' නිවාස සoකීර්ණය තුල පවත්වා ගෙන ගිය රජයේම හමුදා බුද්ධි අoශ ඒකකය, 2001 දෙසැම්බර් මාසයේදී බලයට පත්වී 2002 ජනවාරි 2 වෙනිදා රනිල් අගමැති දුරය දැරූ එජාප පාලනය මගින් කරනලද මහා පාවා දීමයි.

එදිනට පසු එම බුද්ධි අoශ ඒකකයේ සියලුම නිළධාරීන්, එයට සම්බන්ධව සිටි සියලුම ඔත්තුකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් (දෙමළ හා මුස්ලිම් ජාතිකයින්ද ඇතුලුව) එල්.ටී.ටීය විසින් සමූල ඝාතනය කරන ලදි. රනිල්ගේ එජාප රජය, ඊනියා සටන් විරාමයට බාදාවක් වේයයි යන මතයේ සිටිමින් එල්.ටී.ටීයේ සහ නෝර්වේ ඇතුලු ඊනියා ජාත්‍යන්තර සාම කාක්කන්ගෙන් ලකුණු දා ගැනීමට දෝ එම ඝාතන වැලැක්වීමට කිසිදු පියවරක් නොගත් බැව් පැවසේ.

එවකට පොලීසිය භාරව ඇමතිවරයා වූයේ ජෝන් අමරතුoග වන අතර ආරක්ෂක අoශ භාරව ඇමතිවරයා වූයේ තිලක් මාරපන මහතායි. ලකුණු දා ගැනීමට ජෝන් අමරතුoග ගේ පොලීසිය කටයුතු කල අතර මාරපන ලකුණු කැපේ යයි සිතා කල වැරැද්ද දැන දැනම එවිට නිශ්ශබ්දව ඉන්නට ඇත.

සිතා මතා නොවූවත්, සිතේ පැල පඳියම් වී කාලාන්තරයක් සැගවී සිටි ඇත්ත තමන්ටත් හොරා කටින් ගලිහීම නිසාදෝ මාරපන මහතාගේ ලකුණු අද කැපී ඇත.

තමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්‍යය මගින් ක්‍රියා කළ බැවින්, පොලීසිය විසින් තවදුරටත් කරගෙන යනු ලබන පරීක්ෂණ වලට බාධාවක් නොවන පරිදි ඉල්ලා අස්වීමට තීරණය කළ බව මාරපන මහතා පවසා තබිණ. තවද මාධ්‍යය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් ඒ මහතා කියා තිබේ.

වාසි පැත්තට 'හුරේ' දමන අමන දේශපාලකයින් මෙන්ම මාධ්‍යය වේදීන් යයි කියා ගන්නා පිරිස් සිටින රටක මාරපන මහතාගෙන් ඇත්ත පිටවෙන විටත්, රටට හෙන ගැහුනත්, පාලකයින්ගෙන් ලකුණු දාගෙන තම තමන්ගේ බඩවියත් රැක ගැනීමට උත්සුකවීම පුදුමයක් නොවේ.

මේ අතර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියා සිටින්නේ විශාල ලාබ ලබන ඇවන්ට්ගාඩ් සමාගම පවරාගැනිමට එක්තරා මාධ්‍යය ආයතනක් හිමි ව්‍යාපාරික සමාගමක් රජයට මහත් පීඩනයක් ඇතිකරන බවත් ඒ අතර සරත් ෆොන්සේකාට කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර භාරයට ගැනීමට අවශය්‍යව ඇතිබවත්ය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර භාරයට ගැනීමට නොගත්තේ ඔහු පවසන පරිදි ඊනියා යහපාලනය නිසා නොව, තමා ඉදිරියේ ඇති කුමන්ත්‍ර‍ණය කලින්ම දැන, ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාල වාරණ නියෝගයක් ගෙන තිබුනු බැවිනි.

‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යාමට එක්සත් ජාතීන්ගේ අවසරය ඇතුළු සියලුම නීතිමය විධිවිධාන සපුරා පැවති බවත්, අවැන්ට්ගාඩ් නෞකාවේ සේවා කටයුතු හා රක්නා ලංකා සමාගම හා ඒකාබද්ධ කටයුතු සාධරණය කරමින්, ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍ර‍ව්‍ය පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදියෙන් නඩු පැවරිය නොහැකි බවට තමන් පසුගියදා තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ නීතපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවත්, එය මුළුමනින්ම සත්‍ය බවත්, නීතිපතිවරයාටද මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවත්, හිටපු නීතිපතිවරයෙකුද වන අමාත්‍ය මාරපන සහ ජනාධිපති නිතිඥවරයෙකුද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතුන් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.

රජයේම ඇමතිවරුන් ලක්ව ඇති පීඩනය මෙබඳු නම් රජයේ වග කිවයුතු නිළධාරීන් ඊනියා යහපාලනය යටතේ පත්ව ඇති අසරණ තත්වය අපට සිතාගත හැකිය. මෙවන් තත්වයක් යටතේ තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන නීතපතිවරයාට මුලු මහත් ජනතාවගේ ගෞරවය හිමි යුතුවේ.

වත්මන් පාලකයින් නීතපතිවරයාගේ වාර්තා සහ නිර්දේශ නොතකා තවදුරටත් පොලීසිය මෙහෙයවන්නේ තමන්ට බලයට පැමණවීමට සියලු උපදෙස්, උදවු පදවු හා ගුරු හුරුකම් දුන් පුද්ගලයින්ගේ, මහරාජා වරුන්ගේ හා අනෙකකුත් විවිධ බලවේගවල (දේශීය හා විදේශීය) මනදොල පුරවා ලකුණු දා ගෙන තමන්ගේ පැවැත්ම රැක ගැනීමට මිස රටට වන සෙතක් ගැන සිතා නොවන බැව් දනිනෝ දනිති.

-එස්. අකුරුගොඩ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/11/2015

ද්‍රෝහී හවුල හමුදා බුද්ධි අංශ නැවතත් පාවා දී වනසයි.[Video]

කතෘ:යුතුකම     9/11/2015   No comments
එදා
[මිලේනියම් සිටි මහා පාවාදීම]


2001 දෙසැම්බර් පැවැති පාර්ලිමේන්තු මැතිවරණය මගින් එතෙක් පැවැති පොදු ජන එක්සත් පෙරමුණ රජය පෙරලා එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණීයා පමණි.
2002 ජනවාරි 2 වන දින, මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පල යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්, හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ලද අතුරුගිරයේ මිලේනියම් සිටි හී අංක 844හී ස්ථානගත කොට තිබූ LRRP බලකායට අයත් ස්ථානය වටලන ලදී. එහිදී LRRP අණදෙන නිලදාරී කැප්ටන් ශහුල් හමීඩ් නිලාම් ඇතුළු හමුදා නිළදාරීන් පස් දෙනෙකු සහ පැරා මිලිටරි සමාජිකයෙකුද, LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුද අත්අඩංගුවට ගන්නා ලදී.

වටලන ලද ස්ථානය එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් ඝාතනයට සැළසුම් කල තිප්පොලක් වශයෙන් මහජනයාට හුවා දැක්විණි.

එදා මිලේනියම් සිටි පාවාදීමෙන් කොටින්ට බිලි දුන් විරුවන්
මෙම සිදුවීමෙන් අනතුරුව LRRPට අදාල ඉතා වැදගත් තොරතුරු රැසක් මාධ්‍ය වෙත කාන්දු වී තිබුණි. මෙම සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානය, LRRP බලකායට සහය දුන් හා සහය දෙන බවට සැකකරන ද්‍රවිඩ චරපුරුෂයන් ඝාතනය කිරීමට පියවර ආරම්භ කරන ලදී. එල්ටීටීඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් මීට ප්‍රධාන වශයෙන් මැදිහත් වන ලදී. රජය මගින් මෙම ඝාතන වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගත් අතර රජයේ බුද්ධි අංශ විසින් කල ඉල්ලීම්ද, යුධ විරාමය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයි සැලකූ නිසා නොසලකා හරින ලදී.
අවසානයේ එවකට ආරක්ෂක ඇමතිව සිටි තිලක් මාරපන මහතා විසින් මෙය මහා පාවාදීමක් බව වටහා ගෙන පරීක්ෂණ කටයුතු අත් හිටවූවත් ඒ වන විට සියල්ල සිදුවී හමාරව තිබිණ.
බුද්ධි අංශය නැවත ගොඩ ගත නොහැකි මට්ටමට වට්ටවා වනසා දමා තිබිණ.

අද
[Operation Double Edge බුද්ධි අංශ හෙළිදරව්ව]


2015 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල් ආණ්ඩුවක් පිහිටවූ විගසම සියල්ලටම ප්‍රථම සිදුකල ප්‍රධාන කාර්‍යවූයේ යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමයි. අතුරුදහන් වූ වෙඩ් අඩවි මාධ්‍යවේදියෙකු හා සම්බන්ධ පරීක්ෂණයකටැයි කියමින් සිදුකල ඒ අත් අඩංගුවට ගැනීමත් සමගම මෙතෙක් කලක් ඉතාමත් රහසිගතව පැවති කොටි ත්‍රස්තවාදීන් සමග සිටි කොටි බුද්ධි අංශය වැනසීම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ හමුදා බුද්ධි අංශ ක්‍රියාවලිය නිරාවරණය විය.

සිංහල කොටින් යොදා ගන්මින් කොටි සංවිධානය සිදු කල මෙහෙයුම් රැසක් අනාවරණය කර ගැනීමට සහ තවත් දහස් ගණන් බෝම්බ පිපිරීම් ආදී ව්‍යසන වලකා ගැනීමටත් උපකාරී වූ හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය එදා 2002දී සිදු කලාක් මෙන් දේශපාලන ලේබලයක් ගසා හෙළිදරව් කෙරිණ.

එදා ඒ හෙළිදරව්වෙන් පසු බුද්ධි අංශ විරුවන් සිය ගණනක් තැනින් තැන කොටි ප්‍රහාර වලින් ඝාතනයට ලක් වූ නමුත් අද මේ කරන හෙළිදරව්ව හරහා සමස්ථ බුද්ධි අංශයම බිඳ වැටීමේ අතිශය අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙමින් ඇති බව ජාතික එකමුතුව විසින් පසුගියදා පැවත්වූ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ. ආයුධ වලින් කරන සටන අවසන් කර ඇති මේ වකවානුවේ ආරක්ෂාව සම්බන්ධව සැලකූවිට අතිශය වැදගත් වන්නේ මේ බුද්ධි අංශ ක්‍රියාදාමයයි.
නමුත් රටේ අවාසනාවටදෝ දේශපාලන උවමනාවන් සඳහා ඒ බුද්ධි අංශය සමග සමස්ථ ආරක්ෂක අංශ යාන්ත්‍රණයම පාවා දෙමින් ඇති අතර අනාගතයේ යුධ අපරාධ චොදනා හරහා ඔවුන් දං ගෙඩියට දැක්කවීමට මේ පාවාදීම මහඟු රුකුලක් වනු ඇති.

ජාතික එකමුතුවේ මාධ්‍ය හමුවේදී මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් බුද්ධි අංශ පාවාදීම පිළිබඳ පැවැත්වූ කතාව.


 


එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස්...




-සටහන  : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions