7/18/2019

ඉඩම් ඔප්පු තෑගි දීමේ දේශද්‍රෝහී අරමුණ...

කතෘ:යුතුකම     7/18/2019   No comments
-රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

මැතිවරණ 3 ක් අත ළඟ පැමිණ තිබිය දී (ජනාධිපතිවරණය, පළාත් සභා සහ මහ මැතිවරණය) වර්තමාන රජය ලක්වැසි ජනතාව කෙරේ පෙර නොතිබූ ඉමහත් පහන් සංවේගයක් ඇති කරගෙන වහ වහා රාජ්‍ය සේවකයන්ගේ පඩි 2,500 කින් වැඩිකිරීමට සහ ලක්ෂ 11 ක පමණ ජනතාවට තමන් සතු ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු කරමින් සිටී.

මේ ආණ්ඩුව 2015 දී බලයට පැමිණියේද රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 වැටුප් වර්ධකයක් දෙන පොරොන්දුව මතිනි. රුපියල් 10,000 කට තම ඡුන්දය ලබා දුන් ජනතාව එම ක‍්‍රියාවේ විපාක දැන් අත්විඳිමින් සිටී. ඒ නිසා ඔවුන් නැවතත් රුපියල් 2,500 කට තම ආත්මය අලෙවි නොකරනු ඇතැයි විශ්වාස කෙරේ. රජයකට පඩි වැඩි කළ හැක්කේ නිෂ්පාදනය වැඩි කොට ආදායම වර්ධනය කළ හොත් පමණි. ලෝකයට ඩොලර් කෝටි ගණනින් ණය වී, ආර්ථික වර්ධන වේගය 3 % ටත් වඩා පහළ අගයකට වැටී තිබියදී, ලංකාවේ විදේශ ආයෝජනයට ඉතා අනතුරුදායක රටක් බවට වර්ගීකරණය කොට ලෝකයේ දූෂිතම රටවල් 4 න් එකක් ලෙස නම් කර තිබියදී මෙසේ ලහි ලහියේ පඩි වැඩි කොට ඉඩම් ඔප්පු ලබා දෙන්නේ කුමන හේතුවකට දැයි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට වැටහිය යුතු කරුණකි. තමා සතු සර්වජන ඡුන්ද බලය බුද්ධිමත්ව පාවිච්චි නොකර රට අගාධයට පත් වුවහොත් එම තත්ත්වයට තමාද වගකිව යුතු බව අප සැම දැනගත යුතුය.

ලක්ෂ 11 ක පමණ ජනතාවට කඩිමුඩියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙන්නේ ඇයිද යන්න අප බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. සෑම අතටම ණය වී සිටින දුප්පත් ගොවියෙකුට හෝ ඕනෑම කෙනෙකුට මෙතෙක් බලපත‍්‍රයක් පමණ තිබූ තම ඉඩමට ඔප්පුවක් ලැබුණහොත් එය සංවර්ධනය කිරීම සඳහා බැංකුවකින් ණයක් ලබාගත හැකිවේ. තවද එය කොටස් වලට බෙදා දූ දරුවන්ට ලබාදිය හැකිවේ. ඒ වගේම ඉතා ලෙහෙසියෙන් එම ඉඩම ඕනෑම කෙනෙකුට, විදේශිකයෙකුට පවා විකිණීමට හැක. ප‍්‍රශ්නය තිබෙන්නේ එතැනය.

නමුත් මෙම ඉඩම් ඔප්පු ලබා දීම තුළ සැඟවී තිබෙන දේශද්‍රෝහී, දුෂ්ට අරමුණ කුමක්දැයි යන්න පිළිබඳව තවම ජනතාව නිසි ලෙස දැනුවත් වී නොමැත. එමගින් ඉදිරියේ ඉතාමත් අවාසි සහගත තත්ත්වයක් මතුවිය හැක. ගියවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ සියල්ලන්ම යොදා ගත්තේ ”දූෂිත රජය ගන්නා හරිමු” යන පාඨය ය. ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ අධිවේගී මාර්ග කන්නද කියාය. එසේම එයට වියදම් කරන මුදල යොදා එම පාරවල් රත්තරනින් ආලේප කළ හැකි බවය. නමුත් එසේ පැවසූ ජනතා විමුක්ති පෙරමුණට අද එම අධිවේගී මාර්ග රත්තරන් නොව ප‍්‍රීමික්ස් දමාවත් ඒ ගණනකට කළ නොහැකි බව වැටහී හමාරය. අද මේ රජය අධිවේගී මාර්ග සෑදීමට යොදා ගන්නා මුදල, එදා මෙන් සිව් ගුණයකටත් වඩා වැඩිය. රුපියල් මිලියන 200 කින් පමණ නිම කළ හැකි, මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගයේ ඉදිකරන සංඥා කණු 4 ට, රුපියල් මිලියන 2,200 ක මුදලක් වැය කරන බව සියල්ලෝම දනිති. ජනතා විමුක්ති පෙරමුණ එයට විරුද්ධව වචනයක් හෝ නොදෙඞීම ඔවුන් රතු අලි පැටියෙක්ය යන්න තවදුරටත් සනාථ වීමක් නොවේද? ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ පසුගිය රජයට විරුද්ධව ගෙන ගිය එම ”දූෂිත පාලන” චෝදනා කිසිවකට නිසි පිළිතුරු නොදීම එම රජය බලයෙන් පහ වීමට ප‍්‍රධාන හේතුවක් විය. මේ රජය බලයට පත්වී වසර 4 ක් ගතවී තවමත් ඒ කිසිදු චෝදනාවක් සනාථ කිරීමට නොහැකි වී ඇත. ඒ අයුරින් බලන කල මෙම ඉඩම් ඔප්පු ප‍්‍රශ්නයටද ඒකාබද්ධ විපක්ෂය මීට වඩා උනන්දුවෙන් ජනතාව දැනුවත් කිරීම සිදු කළ යුතුවේ. මන්ද, ලක්ෂ 11 ක ජනතාවට ඉඩම් ඔප්පු ලබා දී රැවටීමෙන් විශාල ඡුන්ද සංඛ්‍යාවක් වර්තමාන රජයට වංචනිකව ලබා ගැනීමට ඉඩ තිබෙන නිසාය.

ඉතා කෙටියෙන් පවසතොත් රජය මෙම බලපත‍්‍ර ඉඩම් හිමියන්ට වහ වහා ලබා දීමට සැරසෙන්නේ ඇමරිකානු ඵ.ක්‍.ක්‍. සමාගම සමග ඇති කර ගත් ගිවිසුමට අනුව යෝජිත ආර්ථික කොරිඩෝවට අයත් වන ඉඩම් සියල්ල විදේශීය සමාගම් වලට මිලදී ගැනීමට මාර්ගය විවෘත කර දීමටය. අප මීට පෙරද දැනුවත් කර ඇති පරිදි ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම සමග ඇතිකර ගන්නා ගිවිසුමට අනුව අදාළ ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර හෙක්ටයාර් ලක්ෂ 12 ක් අයත් වේ. එම ඇමරිකානු සමාගම රජයට නිර්දේශ කර ඇත්තේ එම ඉඩම් තීරය දැනට ඹබ චරදවැජඑසඩැ හෙවත් ඵල රහිත ඉඩම් බවයි. එම ඔවුන්ට අනුව නම් කර ඇති ඵල රහිත තීරුවේ පාසල්, රෝහල්, අලිමංකඩවල්, රක්ෂිත වනාන්තර, ඛනිජ සම්පත් යනාදිය ඇති බව ජනතාව දැනගත යුතු වේ.

මෙම ඇමෙරිකානු සමාගම අප රටේ දරිද්‍රතාව තුරන් කිරීමට කරන ලද ඊනියා අධ්‍යයනයට අනුව රටේ සංවර්ධනය සඳහා තිබූ ප‍්‍රධානම බාධකය ලෙස හඳුනාගෙන ඇත්තේ ආයෝජන, කර්මාන්ත සඳහා ඉඩම් ලබා ගැනීමට තිබෙන බාධකයයි. එම බාධක ඉවත් කර අදාළ ඉඩම් විදේශීය සමාගම් සඳහා නිදහස් කළහොත් එහි කර්මාන්ත සහ වෙනත් පහසුකම් ස්ථාපිත කොට රට ශීඝ‍්‍රයෙන් ”සංවර්ධනය” කළ හැකි බව එම වාර්තාවේ සඳහන් වේ. එසේනම් ඇමෙරිකානු ගැති මේ රජය දැන් සිදු කරන්නේ එම ඉඩම් විදේශීය සමාගම් වලට මිලදී ගැනීම සඳහා නිදහස් කර ගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා ඔවුන් දැනට ඉඩම් පනත් 3 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, පළමු වැන්නෙන් එහි අඩංගු රජයේ ඉඩම් සියල්ල ඉඩම් බැංකුවට පවරාගනී. පසුව අදාළ ඇමැතිතුමාගේ අවසර පිට එම ඉඩම් ඕනෑම කෙනෙකුට මිලදී ගත හැක. දෙවැන්න වනුයේ ඉඩම් සීමා පනතින් කෙනෙකුට උපරිම තබාගත හැකි අක්කර 50 සීමාව ඉවත් කිරීමයි. එවිට විදේශීය සමාගම් වලට අක්කර දහස් ගණනක් වුවද මිලදී ගැනීමට පුළුවන. තෙවැන්න නම් බලපත‍්‍ර වලට ඔප්පු ලබා දීමයි. එහි වෙසෙන දුප්පත් මිනිසුන්ගේ බලපත‍්‍ර වලට එලෙස ඔප්පු දුනහොත් දහඅතේ ණය වී ඇති ඔවුන් පළමුවෙන්ම කරන්නේ තමන් සතු ඉඩම් විකුණා ගැනීමයි. ඒ සඳහා ඉඩමේ වටිනාකම මෙන් දෙගුණයක් මුදල් ගෙවීමට වුවද අදාළ සමාගම් සැදී පැහැදී සිටී. විකුණන්නෙ නැති ඉඩම් සඳහා විකල්ප ඉඩම් ලබාදී රජයට පවරාගෙන ඉඩම් බැංකුවට බැර කරයි. එවිට අදාළ ආර්ථික තීරුවේ සියලූම ඉඩම් විදෙස් සමාගම් වලට නතුවේ. එසේ නම් මේ රජය ලහි ලහියේ මෙසේ ඉඩම් ඔප්පු ලබා දීමේ රහස එයයි.

දැන් මේ ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම සමග අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා හෝ තමන්ට හිතුමතේ අත්සන් කිරීමට යන ගිවිසුම නීත්‍යනුකූලද? ජනාධිපති මෙය අත්සන් නොකරන බව කියයි. එසේනම් අගමැතිතුමාට තනි කැමැත්තෙන් මෙය අත්සන් කළ හැකිද? ඒ පිළිබඳව ජනතාව දැනුවත් වී සිටීම වැදගත් වේ.

අපේ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය, ඇමරිකාවේ මෙන් එකිනෙකට වෙන්ව පවතින ආයතන 3 කි. අපේ රටේ ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති අනුව එය එසේ බැව් සනාථ වේ. ඇමරිකාවේ මෙවන් ගිවිසුමක් අත්සන් කිරීමට ජනපති තුමාට සෙනෙට් මණ්ඩලයේ 2/3 ක අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය වේ. සෙනෙට් මණ්ඩලය සෑදී ඇත්තේ ඇමරිකාවේ සෑම ප‍්‍රාන්තයකින්ම නියෝජිතයන් දෙදෙනෙක් බැගින් පත් කරමිනි. එවිට මුළු ඇමරිකාවේම ජනතාවගේ 2/3 ක අනුමැතිය ලැබුනා සේ එය සැලකිය හැක. එසේනම් ලංකාවේ ද ගිවිසුම් සම්බන්ධයෙන් එය එසේ විය යුතුය. එනම් ජනාධිපතිතුමා (විධායකය මිස අගමැති නොවේ.) පාර්ලිමේන්තුවේ 2/3 කින් එය අනුමත කර ගත යුතුය. එසේ නොමැතිව අත්සන් කරන ගිවිසුම් කිසිවක් නීත්‍යනුකූල නොවේ.

ඉඩම් යනු ජනතාවට අයිති දේපළ මිස අගමැතිගේ පුද්ගලික බූදලය නොවේ. වසර 5 කට බලයට එන රජයක අගමැතිවරයෙක්ට වසර 200 කට බලපාන මෙවන් ගිවිසුමක් අත්සන් කිරීමට බලයක් නැති බැව් සියලූම දෙනා දන්නා කරුණකි.

එසේ කිරීමට නම් ජනතාවගේ වැඩි ඡන්දයෙන් පත්වුණු ජනාධිපති සහ ජනතාව විසින් පත් කළ නියෝජිතයන්ගේ 2/3 කගේ අනුමැතිය ලැබීම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට අනුව ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කිරීමකි. එසේ නොමැතිව අත්සන් කරන ඕනෑම ගිවිසුමක් ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් වන්නේ එලෙසය.

දැන් මේ සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර සම්මුතීන් කුමක්දැයි විමසා බැලීම වටී. රටවල් දෙකක් අතර අත්සන් කරන ගිවිසුම් පාලනය වන්නේ 1969 දී ඇතිකරගත් වියානා සම්මුතියෙනි.

මේ අනුව වියානා සම්මුතියේ 46(1) න් පැවසෙන්නේ යම් රටක දේශීය නීතියක් උල්ලංඝනය කරමින් රටවල් දෙකක් අතර එළැඹෙන්නා වූ ගිවිසුමක් ක‍්‍රියාත්මක කිරීමට අදාළ රට බැඳී නොමැති බවයි. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විධායක සම්මතයකින් තොරව එළඹෙන ගිවිසුම් මගින් රටේ දේශීය නීතිය උල්ලංඝනය වන බැව් අප පෙන්වා දුන්නෙමු. ඒ අපේ රටේ ඒ අවස්ථාවේ 3,4 අනුවයි. මෙවන් ගිවිසුම් රාජ්‍ය නායකයන්ට හෝ ප‍්‍රාදේශීය අමාත්‍යවරුන්ට හෝ අත්සන් කිරීමට වියානා සම්මුතිය අවසර දී ඇතත් ඒ අවසරය ඔවුනට ලැබෙන්නේ නියම ක‍්‍රමවේදය අනුගමනය කරමින් (එනම් ජනාධිපති හා පාර්ලිමේන්තුව 2/3 ක අනුමැතියෙන්) ලබන බලය තුළිනි. එසේ නොමැතිව මොන නායකයෙක් හෝ මොන විදේශීය ඇමැතිවරයෙක් හෝ අත්සන් කළ නීති විරෝධී ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීමට අනාගත රජය බැඳී නොමැත.

මේ සම්බන්ධයෙන් දේශපේ‍්‍රමී ජනතාව හඬක් නැගීමට උත්සාහ කරන විට ඇමරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය පැවසුවේ අනාගත රජයවල් සියල්ල ඇමරිකාව යහපාලන රජය සමග අත්සන් කරන ගිවිසුම් ක‍්‍රියාත්මක කරනු දැකීම ඇමරිකාවට අවශ්‍ය බවය.

එය තමන්ගේ අතවැසි රටකට මෙන් කරනු ලබන උඩඟු ප‍්‍රකාශයකි. එවන් ප‍්‍රකාශයකට ඒ ආකල්පයෙන්ම ප‍්‍රතිචාර දැක්විය හැක්කේ කශේරුකාව ඇති සෘජු නායකයෙකුට පමණි. එවන් නායකයෙක් සිටින රටකට ඕනෑම බලගතු රටක් වුවද ගරු කරයි. අපේ නායකයෝ රටට අහිතකර SOFA ගිවිසුම ජනතාවගේ විරෝධය මැද්දේ වුවද ඇමෙරිකාව සමග අත්සන් කිරීමට සැරසේ. මාලදිවයින එය එක හෙළාම ප‍්‍රතික්ෂේප කර තිබේ. ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයක් වන ඉන්දියාවේ අගමැති වන නරේන්ද්‍රසිංහ මෝදි තමන් දෙවන වරට අගමැති ධුරයට පත්වූ පසු ප‍්‍රථමයෙන්ම නිල චාරිකාවක යෙදුණේ මාලදිවයිනටය. ඒ මාලදිවයිනට ඉන්දියාවේ ගරුත්වය පෙන්වීමටය. ඕනෑම බලගතු රටක් ඉතා කුඩා රටක වුවද වුවද ඍජු නායකත්වය ගරු කරන්නේ මෙලෙසිනි.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/12/2018

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

කතෘ:යුතුකම     9/12/2018   No comments
-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය බදාදා, ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් වර්තමාන පාලනයට විරුද්ධව කොළඹට ඇදී එද්දී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර මාස 6 ක් තුළ විෂය භාර ඇමැති ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතුය. ජවිපෙ ආණ්ඩුවේම කොටසක් බැවින් මාස 6 ක් තුළ නොව සති 2 ක් තුළ අදාළ ඇමැතිවරයා/වරිය ඒ පිළිබඳව කටයුතු කිරීමට ඉඩ තිබේ. ඉන්පසු එය කැබිනට් මණ්ඩලය අනුමැතියෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක. ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කළ යුතුයි, යන මුවාවෙන් හෙතෙම මෙම යෝජනාවට කාරක සභා අවස්ථාවේදී අනෙකුත් අනේකවිධ, එනම් ආණ්ඩුකාරවරයා මහඇමැතිගේ කැමැත්ත අනුව පත් කිරීම, සමගාමී ලැයිස්තුව අහෝසි කිරීම යනාදී සියලූම අගයන් එක්කොට තුනෙන් දෙකෙන් සම්මත කර ගැනීමට උත්සාහ කරනු ඇත. එසේ තුනෙන් දෙකෙන් සම්මත වුවහොත් ජනමත විචාරණයකින් තොරව රට ස්වාධීන පළාත් රාජ්‍යයන් 9 ට බෙදෙන අන්දම අප මීට පෙර මෙම පුවත්පත මගින්ම පෙන්වාදී ඇත. ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් මන්තී‍්‍රවරයා ළඟදීත් කියා සිටියේ ඔවුනට ‘‘ඒකීය’’ නම හෝ ‘‘ෆෙඩරල්’’ නම හෝ අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ පූර්ණ බලතල පමණක් බවත් ය. දැන් මේ සිදුවන්න යන්නේද එයයි. මෙම ලිපියෙන් ජනතාවට දන්වා සිටීමට අදහස් කරන්නේ වර්තමාන ජවිපෙ නායකයන් රට බෙදන නින්දිත කුමන්ත‍්‍රණයට දේශද්‍රෝහීන් ලෙස හවුල් වී ඇති අන්දමය. ඒ බව ජනතා විමුක්ති පාක්‍ෂිකයන් ද නොදන්නා බවට කිසිදු සැකයක් නැත.

එදා ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණියන් දහස් ගණනක් දිවි පි¥ ඉන්දියාව විසින් අප වෙත බලෙන් පැටවූ 13 වැනි සංශෝධනයට විරුද්ධවය. එම 13 වැනි සංශෝධනයෙන් අපේ රට යම්කිසි ආකාරයකින් පෙඩරල් වුවද, එය මුළුමනින්ම පෙඩරල් වීම වළක්වාලීමට යම් යම් බාධක ඇතුළත් කිරීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට හැකි වූයේද එම ජනතා විමුක්ති පෙරමුණේ බලවත් විරෝධය පෙන්වාලමින්ය. අද වර්තමාන ජ.වි.පෙ. පාලකයන් මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා කිරීමට යන්නේ ජේ. ආර්. ජයවර්ධන විසින් දමා ඇති එම ‘‘බාධක’’ ඉවත් කිරීමය. එවිට රට මුළුමනින්ම පෙඩරල් වීම වැළැක්විය නොහේ. එසේ නම් මෙම ජ.වි.පෙ. පාලකයන් අද කිරීමට යන්නේ එදා 13 ට විරුද්ධව තම වටිනා ජීවිත බිලිඳුන් දහස් ගණන් තරුණ / තරුණියන්ව නින්දිත අයුරින් පාවාදීම නොවේ ද? සැප්තැම්බර් 5 වැනිදා ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් රජයට විරුද්ධව කොළඹට ඇදෙන බවත්, එදින බොහෝවිට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ නොසිටින බව සමස්ත

ජනතාවගේම අවධානය එදින එම උද්ඝෝෂණ කි‍්‍රයාවලියට බවත් සියල්ලන්ම දැනසිටි කරුණකි. ජවිපෙ මෙම අතිශය සංවේදී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ද සැප්. 5 වැනිදාය.

වර්තමාන ජනපති බලයට පත් වූ විගස එනම් 2015 වර්ෂයේ පෙබරවාරි 10 වැනි දින, උතුරු පළාත් සභාවේ විග්නේශ්වරන් ප‍්‍රධාන ඇමැති විසින්, ඉතා කුප‍්‍රකට යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලදී. එහි අඩංගු කරුණු කිහිපයක් ඉතා සැකෙවින් මෙසේය.
  •   මෙතෙක් පැවැති සියලූම ලංකා රජයන් ඉතා සැලසුම් සහගත ලෙස දෙමළ ජනතාව සමූල ඝාතනයට ලක් කරමින් සිටී. 
  • සියලූම රජයන් දෙමළ ජනතාවගේ මානව හිමිකම් සැලසුම් සහගත ලෙස උල්ලංඝනය කරමින් සිටි අතර එහි කූටප‍්‍රාප්තිය වූයේ 2009 වර්ෂයේදීය. 
  • රජයේ අනුග‍්‍රහයෙන් දෙමළ ජනතාවට ලිංගික හිංසා සිදුවූ අතර සංස්කෘතිමය, භාෂාමය වශයෙන් ද ඔවුන්ට එරෙහිව විනාශකාරී ප‍්‍රතිපත්තීන් ගෙන යමින් තිබේ. 
  • දේශීය අධිකරණය කෙරේ කිසිදු විශ්වාසයක් නොමැති හෙයින් හමුදාව විසින් කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික යුද අධිකරණයට යොමු කළ යුතුය. 
  • එජා සංගමයේ මහලේකම්ගේ දරුස්මාන් වාර්තාවේ ද ගෝඨාභය රාජපක්‍ෂ සුදු වෑන්වලින් පැහැරගෙන යෑම සඳහන් කොට තිබේ. එවන් පැහැර ගෙන යෑම් සහ සරණාගත කඳවුරුවලදී ලංකා හමුදාව මගින් එහි සිටි කාන්තාවන්ට ලිංගික අපරාධ කර ඇති හෙයින් එයින් දෙමළ ජනතාව දැඩි මානසික පීඩනයට ලක්ව ඇත.  
  • මධ්‍යම පළාතේ දෙමළ කාන්තාවන්ව බලහත්කාරයෙන් වඳ භාවයට පත්කොට තිබේ. 2007 වර්ෂයේදී ද ඇමරිකානු තානාපති කාර්යාලය විසින් දෙමළ කාන්තාවන්ව බලහත්කාරයෙන් ගබ්සා කර ඇති බවට සඳහන් කොට තිබේ. උතුරේ හමුදා සාමාජිකයන් නිසා දෙමළ කාන්තාවන් නිරතුරුවම ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානමට ලක්ව තිබේ.
උතුරු පළාත් සභාව මෙම යෝජනාව අනුමත කරගත් පසු,

අද වනතුරු, වරින්වර දෙමළ ජනතාවට වන අසාධාරණය සහ හමුදා ආක‍්‍රමණයන්්/ යුද අපරාධ සම්බන්ධ යෝජනා සම්මත කර ගනිමින් සිටී. මෙම යෝජනා කිසිවක් රජය විසින් ප‍්‍රතික්‍ෂේප කොට නොමැත. පළාත් සභාවක් මගින් සම්මත කර ගන්නා යෝජනාවන්ට රජය නිල වශයෙන් ප‍්‍රතිචාර දක්වන්නේ නැත්නම්, එසේ නැත්නම් පාර්ලිමේන්තුවේ හෝ එයට විරුද්ධව මතයක් ප‍්‍රකාශ නොකරන්නේ නම් එය පිළිගත්තා සේ සැලකේ. එසේ නම් ඉහත සඳහන් සියලූම දෑ වර්තමාන රජය විසින් වක‍්‍රව නොව සෘජුව පිළිගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්‍ෂක මණ්ඩලය විසින් රටක කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය කරන කොන්දේසිවලින් එකක් වනුයේ එම පළාතේ ජීවත් වන ජනතාව, වසර ගණනක් තිස්සේ, නොකඩවා ලිංගික හා අනෙකුත් වධහිංසා, හිරිහැරවලට භාජනය වීමය. උතුරු පළාතේ විග්නේශ්වරන් එම කොන්දේසිය දැනටමත් සපුරා ඇත්තේ එසේය. එයට අපේ යහපාලන අඥාන පාලකයන් දායක වී ඇත්තේ මෙසේය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, පෙර සඳහන් කළ පරිදි, 13 වැනි සංශෝධනයට අන්තර්ගතකොට ඇති ‘බාධක’ වලින් සමහරක් වනුයේ ජනපතිගේ විධායක බලය පාවිච්චි කරන ආණ්ඩුකාරවරයාගේ තනතුර සහ සමගාමී ලැයිස්තුවයි. උදාහරණයක් ලෙස උතුරේ මහඇමැති රටට ‘‘අහිතකර’ නීතියක් ගෙන ආවොත් ආණ්ඩුකාරවරයාට ‘‘ජනපති විධායක බලය’’ පාවිච්චි කරමි. එය හරවා හැරිය හැක. එසේ ම සමගාමී ලැයිස්තුවේ තිබෙන, පරිසරය, ඓතිහාසික නටබුන්, උසස් අධ්‍යාපනය, විවාහ/ උප්පැන්න යනාදී විෂයයන් 36 ක් සම්බන්ධයෙන් නීති සෑදීමට පළාත් සභාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුය. ජනපතිගේ විධායක බලය අහෝසි වුවහොත් ආණ්ඩුකාරවරයාට ප‍්‍රධාන ඇමැති අභිබවා යෑමට බලයක් නොලැබේ. තවද ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ තිබෙන්නේ ආණ්ඩුකාරවරයා ප‍්‍රධාන ඇමැතිගේ කැමැත්ත අනුව පත් කළ යුතු බවය. මේ කරුණු දෙක එසේ වුවහොත් උතුරේ ප‍්‍රධාන ඇමැතිවරයාට ලැබෙන ‘බලය’ කොපමණ දැයි ඔබට සිතා ගත හැකිය. උතුරේ විග්නේශ්වරන් ප‍්‍රධාන ඇමැති දැනටමත් උතුරේ බුදුපිළිම ඉවත් කළ යුතු යැයි කිලිනොච්චියේ පෙළපාලි යයි. නාගදීපයේ බුදුපිළිමය ඉදිකිරීමට තවමත් තහංචි පනවමින් සිටී. උතුරේ සිංහලයාට ජීවත් වීමේ අයිතියක් නැතැයි ප‍්‍රසිද්ධියේ කියයි. උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කළ යුතු යැයි දිනපතා මොරදෙයි. ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් මේ කිරීමට හදන්නේ එවන් වූ විග්නේශ්වරන්ට උතුරේ නීති සෑදීම සම්බන්ධයෙන් පූර්ණ බලතල ලබාදීමය. ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ අඩංගු අනෙක් වැදගත්ම නිර්දේශය නම් සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමය. එම කරුණු දෙක සම්බන්ධ බලය විග්නේශ්වරන්ට ලබා දුනහොත් උතුරේ සිදුවන්නේ කුමක්දැයි ජනතාවට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නොවේ.

ජවිපෙ ගෙන එන මෙම ව්‍යවස්ථා සංශෝධන පනතට කාරක සභා අවස්ථාවේදී පෙර කී, නොකී සංශෝධන ගණනාවක් එකතු වනු ඇත. ප‍්‍රාදේශීය සභා පනතේ කාන්තා නියෝජනය කියමින් ගෙන ආ යෝජනාව අවසානයේ පාර්ලිමේන්තුවේ සම්මත වනවිට මුලින් නොතිබූ යෝජනා 323 අඩංගුව තිබූ බැව් සියල්ලන්ම දනී. මෙම පනතට ද සිදුවන්නේ එයමය. එවිට රට බෙදන, බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් තෘප්තිමත් කරන,

‘‘ඒකීය’’ නාමය යටතේ රට මුළුමනින්ම පෙඩරල් කරන සංශෝධන ගණනාවක් සමග මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත තුනෙන් දෙකින් සම්මත කර ගැනීමට මොවුන් උත්සාහ කර ඇත. ජවිපෙ නායකයන් ජනතාවට කොලේ වසා එසේ කිරීමට තැත් කරන්නේ විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන ‘‘ආකර්ෂණීය’ සටන් පාඨය ගෙන එසේ 2/3 න් එය සම්මත වූවා යැයි සිතමු. එවිට වන්නේ කුමක්ද?

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ විගස උතුරු පළාත් සභාව (උදාහරණයක් ලෙස) තමන්ට අවශ්‍ය ජාතිවාදී නීති සියල්ලක්ම සම්මත කරගනු ඇත. එසේ ම පොලිස් බලතල සහ ඉඩම් බලතල වැනි සංවේදී බලතල කි‍්‍රයාත්මක කරනට සැරසෙන විට අනිවාර්යයෙන් එයට දකුණේ විරෝධය හට ගෙන ඇත. ‘‘ඊළම ලබා ගැනීම සඳහා තමන්ගේම ජනතාව සහ නායකයන් මරා දැමූ ප‍්‍රභාකරන් ‘‘වීරයෙක්’ යැයි උදම් අනන විග්නේශ්වරන්ට හමුදා සාමාජිකයන් පිටතින් ජාතිවාදී කෝලාහලයක් වුවද ආරම්භ කිරීමට හැකියාවක් තිබේ. එවිට ලෝකයාට පෙන්වන්නේ තමන්ට පාර්ලිමේන්තුවෙන් ලබා දුන් ‘‘බලය’’ පාවිච්චි කිරීමට ‘‘සිංහල’’ ජනතාව එරෙහි වන බව සහ එයට එරෙහිව ‘‘දෙමළ’ ජනතාව ඝාතනය කරන බවය. එ.ජා.සංගමයේ ආරක්‍ෂක මණ්ඩලය මගින් රටක කොටසක් වෙනම රාජ්‍යයක් යනුවෙන් නම් කිරීමට අවශ්‍ය වන තවත් වැදගත් කොන්දේසියක් වනුයේ එම ජන කොට්ඨාසයට දී ඇති බලය පාවිච්චි කිරීමට ඉඩ නොදීමය. විග්නේශ්වරන් ඉතා සූක්‍ෂම ලෙස එම කොන්දේසිය සපුරා ගැනීමට යන්නේ එලෙසිනි. අපේ ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් එයට උඩගෙඩි දෙන්නේ මේ අයුරිනි.

වෙනම රාජ්‍යයක් හෙවත් ‘‘ඊළමක්’’ සඳහා වන අනෙකුත් කොන්දේසි නම් එම පළාතේ වෙනම ජන කොට්ඨාසයක් විසීමය. උතුරේ ජීවත් වූ සිංහල/ මුස්ලිම් ජනයා අමු අමුවේ ඝාතනය කොට පලවා හැර ජනවාර්ගික ශුද්ධයක් කළේ ප‍්‍රභාකරන්ය. ඉන්පසු එහි ජීවත් වූ සිංහල/මුස්ලිම් වැසියන්ට නැවත එහි පදිංචියට ඉඩ නොදෙන්නේ විග්නේශ්වරන් ය. උතුරේ 99.9% ක් දෙමළ ජනතාව පමණක් ජීවත් වන්නේය යන අවශ්‍යතාව ද බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් සපුරා ඇත්තේ එසේය.

එසේ නම් ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් එක්ව දියත් කරන්නා වූ මෙම දේශද්‍රෝහී කුමන්ත‍්‍රණය හමුවේ රටේ ජනතාව කළ යුත්තේ කුමක්ද? අප විසින් කළ යුත්තේ කෙසේ හෝ මෙම ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවේ 2/3 සම්මත වීම වැළැක්වීමය. දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ 69 ක් පමණ සිටී. එසේනම් තව මන්තී‍්‍රවරුන් 7 දෙනෙක් නොවරදවාම මෙයට විරුද්ධ නොවන බව අප තහවුරු කර ගත යුතුය. තමාගේ පළාතේ මන්තී‍්‍රවරයාට කරුණු පහදා ඔහුට මෙයට පක්‍ෂව ඡුන්්දය දීමෙන් වළක්වාලිය යුතුය. අද වන විට මූල්‍යමය අතින් ඉතාම ශක්තිසම්පන්න බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡුන්දය දෙන සෑම මන්තී‍්‍රවරයකුටම රුපියල් මිලියන 300 බැගින් (එනම් ඩොලර් මිලියන 2 බැගින්) දීමට සූදානම්ව සිටින බව ආරංචි මාර්ග පවසයි. වසරකට ඩොලර් මිලියන 400 ක ආදායමක් ඇති ඔවුනට එය ඉතා සුළු දෙයකි. එසේ නම් මෙම ව්‍යවස්ථාව සංශෝධනයට පක්‍ෂව ඡුන්දය දෙන සෑම මන්තී‍්‍රවරයෙක් ම මුදලට තම මාතෘභූමිය පාවා දෙන්නෙකි. ඔහුගේ බිරිඳ, දූ පුතුන් මවුපිය ඥාතීන් සියල්ලන්ම මාතෘභූමිය පාවා දුන් කෙනකුගේ ඥාතීන් බවට පත් වේ. කරුණු එසේ බැවින් එම ඥාතීන්ගේ ද යුතුකම සහ වගකීම වනුයේ තම මන්තී‍්‍ර ඥාතිවරයා එම නින්දිත කි‍්‍රයාවෙන් වළකාලීමය.

කවුරු කෙසේ රට බෙදීමට වෑයම් කළත් දේශපේ‍්‍රමී ජනතාව සහ රණවිරුවන් එය දිවි පුදා හෝ වළකාලනු ඇත. එම ව්‍යායාමයේ දේශද්‍රෝහීන් කවුරුන්දැයි ජනතාවට තේරුම් යනු ඇත. එවන් වූ දේශද්‍රෝහීන්ට සහ එම පරම්පරාවට ස්වභාවධර්මය විසින්ම දඬුවම් දෙනු ඇත. මන්ද රට ආරක්‍ෂා කිරීමට වසර දහස් ගණනක් තිස්සේ දිවි පිදූ වීරයන්ගේ අනුහසට ස්වභාවධර්මයා ද සවන් දෙන බැවිනි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

7/01/2018

මානව හිමිකම් කවුන්සලයෙන් ඇමෙරිකාව ඉවත් වීම ලංකාවට ගැලවීමක්‌ද ?

කතෘ:යුතුකම     7/01/2018   No comments
-රියර් අද්මිරාල් සරත් වීරසේකර
ඇමෙරිකා එක්‌සත් ජනපදය මානව හිමිකම් කවුන්සලයෙන් මීට දින කිහිපයකට මත්තෙන් ඉවත් විය. ඔවුන් ඉවත් වූයේද නිකම්ම නොවේ. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික්‌ පොම්පියෝ මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙම කවුන්සලයෙන් කරනුයේ මානව හිමිකම් කතා කිරීම නොව මානව හිමිකම් උල්ලංඝනය කරන්නවුන් ආරක්‌ෂා කිරීම බවයි. ජිනීවාහි ඇමෙරිකන් තානාපතිනිය නිකී හේලි පවසන්නේ මානව හිමිකම් කවුන්සලය යනු දේශපාලන අශූචි වළක්‌ බවයි. තවද එය තමන්ටම සංග්‍රහ කරන කුහක ආයතනයක්‌ බව කියා සිටින ඇය මානව හිමිකම් කවුන්සලය යනු මානව හිමිකම් හාස්‍යයට ලක්‌කරන තැනක්‌ බවද පවසන්නීය. තවද ඇමෙරිකාවේ එම ක්‍රියාවට සහාය දක්‌වන රටවල්ද කියා සිටින්නේ මානව හිමිකම් කවුන්සලෙහි රටවල් 47 අතර මානව හිsමිකම් දැඩි ලෙස උල්ලංඝනය කරන සෞදි අරාබිය, ඊජිප්තුව වෙනිසියුලාව, පිලිපීනය වැනි රටවල් සිටීම නරියන්ට කුකුල්ලු බාරදීමක්‌ වැනි නිසා ඔවුන්ටද කවුන්සලය ගැන කිසිම විශ්වාසයක්‌ නැති බවත් එය කිසිම වැඩක්‌ නොකරන කයිවාරු පොළක්‌ පමණක්‌ බවයි.

අද අපට එරෙහිව තිබෙන 30/1 ජිනීවා යෝජනාව එදා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළේ අද එම කවුන්සලය අශූචි වළක්‌ යෑයි පවසමින් ඉන් ඉවතට ගිය ඇමෙරිකාවයි. වර්ෂ 2014 දී අපේ රටේ යුද අපරාධ සිදුවූවා දැයි පරීක්‌ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්‌ ජනරාල්වරයාට බලය දෙමින් අනුමත කරන ලද යෝජනාවක්‌ ද ඉදිරිපත් කළේ ඇමෙරිකාවයි. එයට රටවල් 28 ක්‌ පක්‌ෂව ඡන්දය දුන් අතර රටවල් 12 ක්‌ එයට විපක්‌ෂවද රටවල් 12 ක්‌ ඡන්දය දීමෙන් වැළකී ද සිටියහ. රටවල් 24 ක්‌ එම යෝජනාවට පක්‌ෂව නොදුන් තත්ත්වයක්‌ තුළ වුවද එය අනුමත වූයේ ඇමෙරිකාවේ ඕනෑකම මතයි. අපේ රටේ හමුදාවත් යුද අපරාධ කළා යෑයි අඩංගු ඉතාම සාවද්‍ය පරස්‌පර විරෝධී වාර්තාව කවුන්සලයට ඉදිරිපත් වූයේ ඉහතකී යෝජනාවට අනුවය. අපේ හමුදාවන් විසින් කිසිසේත්ම නොකරන ලද එම යුද අපරාධ කිසිම විමර්ශනයකින් තොරව අගය කරමින් පිළිගත්තේ වර්තමාන රජයේ එවකට සිටි විදේශ ඇමැතිවරයාය. ඉන්පසු ඇමෙරිකාව විසින් එම යුද අපරාධ වාර්තාව මත සකස්‌ කරන ලද 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදුන්නේද එකී විදේශ ඇමැතිවරයාමය. අපේ රට සහ යුද්ධය ජයග්‍රහණය කරන ලද යුද සහ දේශපාලන නායකත්වය අන්තර් ජාතික යුද අපරාධ අධිකරණයට ගෙන යා හැකි ප්‍රතිපාදන තිබෙන එම යෝජනාව මානව හිමිකම් කවුන්සලයෙහි කිසිම විවාදයකට භාජනය නොකොට කිසිම ඡන්දයක්‌ නොතබා ඉන් අනුමත කරනු ලැබුවේ වර්තමාන රජය විසින් කරන ලද එම දුෂ්ට පාවාදීම නිසාය. මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ඉහත සඳහන් ලෙස අපට එරෙහිවූ එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වූයේ ජනාධිපතිවරයාගේ හෝ කැබිනට්‌ මණ්‌ඩලයේ හෝ ලිත අනුමැතියකින් තොරවය. (එම කරුණ මත කිසිදු බලයක්‌ නොමැති පුද්ගලයකුගේ තීරණයක්‌ නිසා මුළු රටේම ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ලෝක ප්‍රකට යුද විශේෂඥයෙකු වූ ශ්‍රීමත් ජෆේරි නයිස්‌ විසින් අනුමත කරන ලද පෙත්සමක්‌ අප විසින් පසුගිය මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ලදී).

වර්තමාන රජයට රණවිරුවන් ඉහත ආකාරයට පාවාදීමේ මහා පාප කර්මයෙන් මඳක්‌ හෝ මිදීමට නම් එක්‌ මාර්ගයක්‌ දැන් විවෘතව තිබේ. එනම් ඇමෙරිකාව ජිනීවා කවුන්සලයෙන් ඉවත් වීමට ගත් තීරණයේ වාසිය ලබාගෙන ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ 30/1 යෝජනාවේ අනුග්‍රහකත්වයෙන් ඉවත්වීමයි. එසේ ඉවත් වුවහොත් එහි සඳහන් කිසිම නිර්දේශයක්‌ ක්‍රියාත්මත කිරීමට අප බැඳී නොසිටී. අද අපට එහි සියලුම නිර්දේශ කිරීමට සිදුවී ඇත්තේ එයට සම අනුග්‍රාහකත්වය දැක්‌වූ හේතුවෙනි. එසේ නම් රටට අංශු මාත්‍රයක්‌ හෝ ආදරයක්‌ ඇතිව වර්තමාන පාලකයෝ එසේ ක්‍රියා කරත්දැයි ජනතාව බලා සිටී.

දැන් අපරාධ සම්බන්ධ අෙන්‍යාන්‍ය සහාය සම්බන්ධ 2002 අංක 25 දරණ පනතට සංශෝධන ආදේශ කරමින් වර්තමාන රජය කර ඇත්තේ රණවිරුවා පාවාදෙන ව්‍යාපෘතිය නමැති මිනී පෙට්‌ටියේ අන්තිම ඇණය ගැසීමයි. මෙම රජය බලයට පත්වූ පසු උක්‌ත 30/1 යෝජනාවට අනුව අතුරුදන්වීමේ කාර්යාල පනත සම්මත කොට එම කාර්යාලය විවෘත කරන ලදී. අප මීට පෙර විස්‌තරාත්මකව පෙන්වා දී ඇති පරිදි එම කාර්යාලය මගින් තමන්ට අවශ්‍ය හඳුනාගත් හමුදා පුද්ගලයකුට විරුද්ධව බොරු සාක්‌ෂි ඇතුළත් යුද අපරාධ ලිපි ගොනුව සැකසිය හැක. ඒ අනුව එම චූදිතයා විදේශ රටකට ගියහොත් ඒ රට සර්ව ලෝක අධිකරණ බලයට යටත් රටක්‌ නම් තම රටේ යුද අපරාධ කළායෑයි සැක කරන පුද්ගලයෙක්‌ සිටී නම් ඔහුව අත්අඩංගුවට ගැනීමේ බලයක්‌ තිබෙන බැවින් එසේ කළ හැකිවේ.

එසේම ඊට පසු 30/1 යෝජනාවේම තිබෙන පරිදි බලාත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කොට (මෙම ප්‍රඥප්තිය බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කැනඩාව, සහ ආසියාවේ කිසිම රටක්‌ බලාත්මක කර නොමැත) පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කරමින් බලාත්මක කරන ලදී. එම ප්‍රඥප්තියට අනුව එම ප්‍රඥප්තිය අත්සන් කර ඇති ඕනෑම රටක්‌ අදාළ චූදිතයාට නඩු පැවරීම සඳහා ඉල්ලා සිටියහොත් එම රණවිරුවාව එම රටට පිටුවහල් කිරීමට ප්‍රතිපාදන ඇතුළත් කර තිබේ. මෙම පනත් දෙකම පාර්ලිමේන්තුව අනුමත කළේ ජනතාවගේ ඇසට වැලිගසාය. අතුරුදන් කාර්යාල පනත අනුමත කළේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තුවේ කිසිදු ඡන්දයක්‌ නොතබාය. බලාත්කාරයෙන් අතුරුදන් පනත අනුමත කළේ දිගන මුස්‌ලිම් කෝලහල මුල් කරගෙන පැනවූ රටේ හදිසි නීතිය තුළ ඇතිවූ කලබලකාරී තත්ත්වය තුළය. ඒ දෙකම කළේ 30/1 යෝජනාවට අනුව රණවිරුවා පාවාදීමටය.

දැනට ගැසට්‌ කර ඇති උක්‌ත අපරාධ සඳහා අෙන්‍යාන්‍ය සහාය පනතින් මොවුන් කිරීමට යන්නේ කුමක්‌දැයි ජනතාව දැනුවත් කිරීම අපේ වගකීමයි. මෙහි මුල් පනතට අනුව (2002) අපරාධ සම්බන්ධ සාක්‌ෂි සහ අනෙකුත් සහාය දිය හැක්‌කේ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රටවල් වලට සහ ලංකාව අපරාධ පිළිබඳව ගිවිසුම් අත්සන් කර ඇති රටවල් සමග පමණි. එසේම එම පනතට අනුව යම් කිසි විදේශ රටක්‌ අපරාධ සම්බන්ධ සැකකරුවන් පිළිබඳ විස්‌තර සාක්‌ෂි ඉල්ලා සිටියොත් මධ්‍යම අධිකාරිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එය ප්‍රතික්‍ෂේප කළ හැකි කරුණු කිහිපයක්‌ම වේ. එනම් එම (කිරීම) වරද ලංකාවේ නීතියට අනුව වරදක්‌ නොවේ නම් එය දේශපාලන ස්‌වරූපය ගන්නා වරදක්‌ නම් ලංකාවේ නීතියට අනුව එම පුද්ගලයා දැනටමත් එම වරද සඳහා නිදහස්‌ වී හෝ වරදකරු වී ඇත්නම් එම ඉල්ලීම ඉටුකිරීමට රටේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය වන්නේ නම් හෝ රටේ ජාතික ආරක්‌ෂාවට අවදානමක්‌ වන්නේ නම් යනාදී වශයෙනි. තවද එම පනතට අනුව යම් රටක්‌ යම් පුද්ගලයෙක්‌ව ඉල්ලා සිටියොත් (සාක්‌ෂි දීම සඳහා) එය කළ හැක්‌කේ එම පුද්ගලයා කැමැති නම් පමණි.

දැන් ඉදිරිපත් කර ඇති සංශෝධන වලින් මුල් පනතේ අන්තර්ගතව ඇති රටේ ස්‌වාධීනත්වය රැකෙන සියලුම කරුණු පාහේ අහෝසි කොට තිබේ. මුල් පනත මෙන් නොව මේ පනත මගින් සහාය දීම සඳහා ලංකාව අත්සන් කළ ජාත්‍යන්තර ප්‍රඥප්තිවල කොටස්‌ කාර සියලුම රටවල්ද ඇමැතිවරයාට කැමැති නම් ලංකාව සමග අපරාධ පිළිබඳ කිසිදු ගිවිසුමක්‌ අත්සන් කොට නොමැති රටවල්ද ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඕනෑම සංවිධානයක්‌ද (රටක්‌ නොවේ.) ඇතුළත් කර තිබේ. මෙහි බලධාරියා මධ්‍යම අධිකාරිය වන අතර ඔහුට කිසි බලධාරියෙක්‌ට බලය පැවරිය හැක. කිසියම් රටක්‌ යම් කිසි තොරතුරක්‌ ඉල්ලා සිටියොත් මධ්‍යම අධිකාරියට පිටපතක්‌ යවා එය ඉටු කිරීමට නිසි බලධාරියා බැඳී සිටී. කිසිම උසාවියකට එය ප්‍රතික්‍ෂේප කළ නොහැකිවේ. ඒ අනුව අප්‍රිකාවේ අප නොදන්නා රටක යස්‌මින් සුකාගේ සංවිධානයකට වුවද අතුරුදන් වීමේ කාර්යාලය මගින් අපේ රණවිරුවෙක්‌ට එරෙහිව ගොනු කරන බොරු සාක්‌ෂි සත්‍ය සාක්‍ෂිසේ ලබාදීමට අප බැඳී සිටිනවා. එසේම ඒ රට කුමන ආකාරයෙන් හෝ ලබාගෙන අප වෙත එවන සාක්‌ෂි අපේ අධිකරණයේ පිළිගත හැකි සාක්‌ෂි බවට පත්කොට තිබේ. මේ පනතට අනුව ලෝකයේ තිබෙන සියලුම රටවල්වලට සහ යුද අපරාධ සම්බන්ධයෙන් යෑයි අටවා ගත් සියලුම සංවිධානවලට ලංකාවේ සිටින අදාළ පුද්ගලයන් සම්බන්ධ පූර්ණ අධිකරණ බලය ලැබේ. ඒ අනුව ඒ ඕනෑම රටකට අපේ රටේ පුද්ගලයන් ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන හමුදා දඬුවම් කිරීමටද හැකි වනු ඇත. ඒරට අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයේ සාමාජිකයෙක්‌ නම් ඔහුව එම ඒ රට මගින් එම අධිකරණයටද යෑවීමට පුළුවන.

වර්තමාන පාලකයෝ මේ කරන්නේ කුමක්‌ද ලෝකයේ භයානකම ත්‍රස්‌තවාදී සංවිධානය ලෙස නම් දැරූ ලක්‌ෂ සංඛ්‍යාත අසරණ ජනතාවගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කළ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය පරාජය කොට විනාශ කළ එසේ කරමින් සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවගේ මානව හිමිකම් ආරක්‌ෂා කළ හමුදා රණවිරුවන්ව ජාත්‍යන්තර යුද අධිකරණයට සහ වෙනත් සංවිධානවලට නින්දිත අයුරින් පාවා දීමයි. අද වර්තමාන රජයේ බලගතු අමාත්‍යවරයෙක්‌ මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගේ පවුල්වලට රජයේ මුදල් වලින් වන්දි ගෙවීමට අනුමැතිය ඉල්ලා කැබිනට්‌ පත්‍රයක්‌ ඉදිරිපත් කොට තිබේ. ඔහු එවන් ඉල්ලීමක්‌ -සම කරන්නේ එය එවන් නිවට පාලකයන් රජයේ සිටින නිසා නොවේද එවන් නිවට පාලකයින් රජයේ සිටින නිසා නොවේද? එවන් ඉල්ලීමක්‌ කරන්නේ එම ඔහුව කැබිනට්‌ ධුරයෙන් ඉවත් කොට මන්ත්‍රී ධුරයද අහෝසි වන වරදක්‌ බවට පත්කළ නොහැක්‌කේ මන්ද? මේ පාලකයන් අපේ මාතෘභූමියේ අභිමානය, ස්‌වාධිපත්‍යය ත්‍රස්‌තවාදීන්ට සහ බෙදුම්වාදීන්ට පාවා දී ඇත්තේ ඒ අයුරිනි. එවන්වූ පනත් ඉදිරිපත් කිරීමට සහාය වන සියලු දෙනා සහ එයට ඡන්දය දෙන සියලුම දෙනා දැනගත යුතු කරුණක්‌ තිබේ. එනම් ඔවුනට කවදා හෝ දිනක ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බවය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/17/2018

ජාතියේ හිස සිඳින ජවිපෙ උමතු විස්‌ස

කතෘ:යුතුකම     6/17/2018   No comments
ජාතියේ හිස සිඳින උමතු විස්‌ස

-රියර් අද්මිරාල් සරත් වීරසේකර  -

මේ දිනවල ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ගෙනා තවත් එක්‌ පුස්‌ තර්කයක්‌ නිසා ජීවන බරින් මිරිකී ගිය, ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට පවා යම්කිසි විනෝදයක්‌ ගෙන දෙන ප්‍රකාශ මුහුණු පොතේ අපට දැකගැනීමට හැකිව තිබේ. අනුර කුමාර කියා සිටින්නේ කොටි ත්‍රස්‌තයන්ට එරෙහි යුද්ධය නිකම්ම නිකම් සිවිල් යුද්ධයක්‌ බවත් එයින් කවරෙක්‌ හෝ කවදා හෝ ජය ලබන බවත් ඒ නිසා මහින්ද රාජපක්‍ෂ ජයග්‍රහණය කළා නොව යුද්ධය ජයගන්නා විට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වී සිටියා පමණක්‌ බවය. ඒ සම්බන්ධයෙන් 8 වසරේ ශිෂ්‍යයෙක්‌ ලියා තිබුණේ ඒ අනුව බලන විට එළාර පරදා ජය ගත්තේ දුටුගැමුණු නොව ඒ යුද්ධය ජය ගන්නා විට දුටුගැමුණු රජ වෙලා සිටියා පමණකි සහ රුවන්වැලි සෑය හැදුවේද දුටුගැමුණු නොව සෑය සාදා නිම වනවිට දුටුගැමුණු කුමන හෝ හේතුවකට රජ වී සිටියා පමණකි යනුවෙනි.

මුකරිකම සහ වාචාලකම යනු එකක්‌ නොව දෙකකි. මුකරිකමට හිස්‌ වචන කීවත් එහි උපහාසය තිබුණත් කිසිවිටෙක අපහාසයක්‌ අන්තර්ගතව නැති නිසා සිනාසෙමින් වුවද අසා සිටිය හැක. එහෙත් වාචාලකම එසේ නොවේ. වාචාල අයුරින් කතා කරන්නාගේ ඇතුළත ඇත්තේ පිළිකුල් සහගත කුහකකමකි. තවත් අයෙක්‌ හෙළාදැකීමේ දුෂ්ට ෙච්තනාවකි. වාචාල ප්‍රකාශ තුළ බොහෝ විට ඊර්ෂ්‍යාව, වෛරය, ගුණමකුකම ගැබ්ව තිබේ. වසර 39 ක්‌ සක්‍රීය යුද සේවයේ සිටි කෙනෙක්‌ ලෙස මා වගකීමෙන් යුතුව කියනුයේ මහින්ද රාජපක්‍ෂ ජනපති නොසිටින්න අද අප යුද්ධය පරාජය වී රට දෙකඩ වී හමාර බවය. යුද්ධයක්‌ යනු සන්නද්ධ අරගලයකි. එය ජාත්‍යන්තර හා ජාත්‍යන්තර නොවන වශයෙන් කොටස්‌ දෙකකට බෙදේ. අපේ රටේ තිබුණේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයකි. ඒ කොටි ත්‍රස්‌තවාදීන් වෙනම පළාතක්‌ පාලනය කළ, සාම්ප්‍රදායික යුද හමුදාවකින් සහ නාවික ගුවන් අංශවලින් සමන්විත, නිල ඇඳුම් අඳින, වෙනම පරිපාලන ව්‍යqහයක්‌ තිබූ සංවිධානයක්‌ වූ බැවිනි.

ඒ ආකාරයේ යුද්ධයක්‌ දිනන්නේ හෝ පරාජය වන්නේ දේශපාලන නායකයා මිස යුද, ගුවන්, නාවික හමුදාපතිවරු නොවේ. යුද්ධය යනු දේශපාලනයේම දිගුවක්‌ය යන්න ප්‍රසිද්ධ කියමනකි. යුද්ධයක්‌ නැතිව දේශපාලනයක්‌ තිබිය හැකි වුවත් දේශපාලනය නැතිව යුද්ධයක්‌ තිබිය නොහේ. දෙවැනි ලෝක මහා යුද්ධය ජයගත්තේ ජෙනරාල් හියුස්‌ හෝ අද්මිරාල් පප්ට්‌ වත් නොව වින්ස්‌ටන් චර්චිල් ය. පරාජය වුණේ හිට්‌ලර්ය. ඒ, යුද්ධයක ජයග්‍රහණයේ තීරණාත්මක, සංවේදී තීරණය ගන්නේ දේශපාලන නායකයා බැවිනි.

1987 වඩමාරච්චි මෙහෙයුමේ ප්‍රභාකරන් කොටුවී යුද්ධය ජයගන්න ඔන්න මෙන්න තිබියදී එදා සිටි දේශපාලන නායකයන් ඉන්දියාවේ බලපෑමට යටත්වී නිවටව යුද්ධය නවතාලූයේ නැතිනම් යුද්ධය අවසන් වන්නේ මීට වසර 33 කට කලිනි. එදා අපට යුද ජයග්‍රහණය වැළකී ගියේ එදා සිටි ජනාධිපතිගේ ඒ තීරණය නිසාය.

2009 මැයි 19 දින කොටි ත්‍රස්‌තවාදීන් පරදා යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති යටතේය. නමුත් ත්‍රස්‌තයන් 1987 දී මෙන් කොටු වී පරාජය වන්නට දින කිහිපයකට පෙර එදා බලපෑම් කළාක්‌ මෙන් මෙදාද ඉන්දියාවේ විදේශ සහ ආරක්‍ෂක ලේකම්වරයා මෙහි පැමිණ මහින්ද රාජපක්‍ෂ ජනපතිට කීවේ වහාම යුද්ධය නවතන ලෙසය. ජනපති තුමා ඔවුනට දුන් පිළිතුර වූයේ "ඔබට පුළුවන් මේ රට ආක්‍රමණය කරන්න. එදා 1987 දී වගේ අපේ ගුවන් තීරය උල්ලංඝනය කරන්න. නමුත් අපේ රට වසර 30 ක්‌ තිස්‌සේ පෙලූ මේ ත්‍රස්‌තවාදය නිම කර මිස මා මෙය නවතන්නේ නැහැ" යනුවෙනි. ඉන්පසු අප්‍රේල් 29 වැනි දින එංගලන්තයේ සහ ප්‍රංශයේ විදේශ ඇමැතිවරුන් වන ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ බර්නාඩ් කුෂ්නර් බලවත් ලෝකයම නියෝජනය කරමින් ලංකාවට පැමිණ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට යුද්ධය නවතන ලෙස කී විට මහින්ද රාජපක්‍ෂ කීවේÊ" මතක තියාගන්න අප ඔබගේ යටත්විජිතයක්‌ නොවේ. අප ඔබට යටත්ව සිටියේ මීට වසර 60 කට කලින්. මමයි රටේ ජනාධිපති. මගේ තීරණය වෙනස්‌ කරන්නේ නැහැ" යනුවෙනි. බලවත් ලෝකයේ බලපෑම් / තර්ජන හමුවේ අනුර කුමාර වැනි නායකයන්ට මුත්‍රා යන තත්ත්වයක්‌ මත මහින්ද රාජපක්‍ෂ එසේ හැසිරීම සමස්‌ත ජාතියටම අභිමානයක්‌ නොවේද? එවන් තත්ත්වයක්‌ හෑල්ලුවට ලක්‌ කරන අනුර කුමාර කෙබඳු පුද්ගලයෙක්‌a විය හැකිද?

එදා මහින්ද රාජපක්‍ෂ 1987 දී මෙන් බියවී යුද්ධය නැවැත්වූයේ නම් අද රටේ අනුර කුමාරට අවශ්‍ය දේ සිදුවී හමාරයි. අද යුද්ධය දිනුවේ මමයි යනුවෙන් පුරසාරම් දොඩන "යුද වීරයන්ට" එසේ කීමට හෝ හැකිවන්නේ මහින්ද රාජපක්‍ෂ ගත් ඒ අභීත තීරණය නිසාය. යුද්ධයක ජයග්‍රහණයන් හෝ පරාජයේ වගකීම දේශපාලන නායකත්වය මත පැවරෙන්නේ ඒ අයුරිනි.

කරුණු එසේ වුවත් අනුර කුමාර 20 සංශෝධනය ගෙන ඒමට මොහොතකට පෙර එම ප්‍රකාශය කළේ ද නිකම්ම නොවන බව අපේ හැඟීමයි. තමාගේ දේශපාලන අනාගතය පරදුවට තබමින් එවන් තීරණයක්‌ ගත් මහින්ද රාජපක්‍ෂව සහ ත්‍රස්‌තවාදී යුද්ධය හෑල්ලුවට පත් කරමින් එවන් ප්‍රකාශයක්‌ කළේ 20 වැනි සංශෝධනය ඌණ පූරණයක්‌ වශයෙන් බව අප තේරුම් ගත යුතුය.

වර්තමාන රජය බලයට ආවේම බෙදුම්වාදී න්‍යායපත්‍රය අතෙහි තබාගෙන බැව් අප දනිමු. ඒ සෘජුව නොව වක්‍රව රට පෙඩරල් කරන 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට තිබෙන ව්‍යවස්‌ථාමය බාධක ඉවත් කිරීමටය. අප හමුදාව යුද අපරාධ කළා යෑයි අඩංගු අතිශය සාවද්‍ය චෝදනා සහිත වාර්තාව අගය කරමින් පිළිගෙන ලෝකයේ වෙනත් කිසිම රටක්‌ නොකරන පරිදි තම රටට එරෙහිව 30/1 ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වූයේ එබැවිනි. එහි අඩංගු නිර්දේශවලින් ප්‍රධානම නිර්දේශය වනුයේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමය. රනිල් වික්‍රමසිංහ, ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් සමග එක්‌වී වසර 3 ක්‌ තිස්‌සේ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩල පිහිටුවමින්, "ජනතා අදහස්‌" ලබා ගනිමින් අනු කමිටු 6 ක්‌ පත් කරමින්, මෙහෙයුම් කමිටු වාර්තා සකස්‌ කරමින් කිරීමට බැරි වූ දේ ජනතාවගේ ඇසට වැලි ගසමින් රනිල්ගේ කොන්ත්‍රාත්තුවක්‌ ලෙස කිරීමට භාරගෙන තිබෙන්නේ අනුර කුමාරය. ඒ ඊනියා 20 වැනි සංශෝධනය මුවාවෙනි.

අනුර කුමාරගේ මෙම වෑයම රටේ අනෙකුත් දැවෙන ප්‍රශ්න අමතක කරලීමට දියත් කළ ව්‍යාපෘතියක්‌ ලෙසද සමහරු දකිති. අද රටේ ආර්ථික වේගය 3.1% දක්‌වා බරපතළ ලෙස පහත වැටී තිබේ. දරුණුම යුද සමයේ පවා රටේ මෙවන් ආර්ථික වේගයක්‌ තිබුණේ නැත. රැකියා දස ලක්‍ෂයක්‌ පොරොන්දු වුවද අද වනවිට 2014 ට වඩා තිබූ රැකියා ලක්‍ෂ 2 ක්‌ අඩුවී ඇත. කොටස්‌ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. කෝටි 21,500 කින් පහත වැටී තිබේ. ආයෝජකයන් රට හැරයති. රටේ වටිනා සම්පත් විදේශිකයන්ට කුණුq කොල්ලයට මිලදී ගැනීමට මංපෙත් විවර කර ඇත. රුපියල 20% කින් බාල්දු වී ඇති නිසා විදේශ ණය රු. බිලියන 890 කින් වැඩිවී තිබේ. රාජ්‍ය ණය බර කෝටි 1,040,000 ක්‌ වන අතර එය 2014 ට වඩා 40% කින් වැඩිවීමකි. ඉන් මැති ඇමැතිවරුන්ගේ සුඛ විහරණය මිස රටේ ජනතාවට කළ දෙයක්‌ නොමැත. 2014 ට වඩා ජනතාවගෙන් රු. බිලියන 620 ක බදු අය කරමින් සිටී. ගංවතුරෙන් ලක්‍ෂ ගණන් අහිංසක ජනයා පීඩාවට පත්ව තිබෙන විට ජනාධිපති ප්‍රකාශ කරන්නේ ගංවතුර නඟින විට ආර්ථික වේගය ද නඟින බවයි. මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයක්‌ කරමින් බැසිල් රාජපක්‍ෂ මහතා පවසන්නේ මෛත්‍රීපාල ජනාධිපතිට අනුව තවදුරටත් ගංවතුර ගැලුවොත් අපේ රට ළඟදීම චීනයේ ආර්ථික වේගයද ඉක්‌මවා යනු ඇති බවයි. ස්‌වාභාවික විපත්වලින් මෙන්ම ඩෙංගු/ වෛරස්‌ වලින් ද දසදහස්‌ ගණන් වැසියෝ මිය යමින් සිටී. ජනාධිපතිවරණයක සේයාවක්‌ පෙනෙන තෙක්‌ මානයේ ඇති විටෙක අනුර කුමාර මේ කරන්නේ ඉහත කී සියලු දේ ජනතාවගෙන් අමතක කරවීමය.

අනුර කුමාර සිතුවේ අගමැතිට පූර්ණ බලතල දෙමින් ගෙන එන 20 සංශෝධනයට මීළඟ අගමැති වීමට සිටින මහින්ද රාජපක්‍ෂගේ සම්පූර්ණ සහයෝගය ලැබේය කියාය. නමුත් මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂය 20 ට පූර්ණ විරෝධය දැක්‌වීම තුළින් ගම්‍ය වනුයේ ඔවුන් පුද්ගලික වාසියට වඩා රට ගැන සිතන බවය. අප විසින් මීට ඉහතදීත් පුන පුනා ප්‍රකාශ කළේ 20 ගෙන එනවිට කාරක සභා අවස්‌ථාවේදී 19 ට කළාක්‌ මෙන් මන්ත්‍රීවරුන්/ ජනතාව රවටා 13 ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධක ඉවත් කරන සංශෝධන ගෙන එන බවය. අනුර කුමාර කියනුයේ කාරක සභා අවස්‌ථාවේදී එසේ වෙනත් සංශෝධන ගෙන ඒමට ඉඩ නොදෙන බවය. එසේ කිරීමට ඔහුට ඇති බලය කුමක්‌ද? කාරක සභා අවස්‌ථාවේදී සංශෝධන ගෙන ඒම මන්ත්‍රීවරුන්ගේ අයිතියකි. එම අයිතිය අහිමි කරන්නට අනුර කුමාරට තිබෙන අයිතිය කුමක්‌ද? ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට ව්‍යවස්‌ථාවෙන් දී ඇති කොන්දේසි වෙනස්‌ කිරීමට නොහැකි බව දැන දැනත් අනුර කුමාර මේ කරන්නේ අවසාන මොහොත දක්‌වා ජනතාව රැවටීමට උත්සාහ කිරීමකි. අනුර කුමාර, මහින්ද රාජපක්‍ෂ ජනපති සහ යුද්ධය ගැන කළ ඉහත ප්‍රකාශයේ සැඟවුණු අරුතක්‌ ඇත්දොaයි අපට සිතේ. මන්ද 13 හි බාධක ඉවත් කරන සංශෝධන කාරක සභා අවස්‌ථාවේ යෝජනා කොට අනුමත වූ පසු "එය මා විසින් කරන ලද්දක්‌ නොව එසේ වනවිට මා විපක්‍ෂයේ සංවිධායක වී සිටියා පමණකි" යනුවෙන් පැවසීමට මගක්‌ විවෘත කර ගැනීමට හැකි වන නිසාය.

ශිෂ්ට සම්පන්න සමාජයක්‌ සඳහා 20 අනුමත කරමු යන ජවිපෙ දැන්වීම් රට හැමතැනම අලවා තිබේ. අනුර කුමාරගේ 20 හි තිබෙන එක්‌ දෙයක්‌ වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ හෘද සාක්‍ෂියට එකඟව තීරණ ගැනීමට ඇති අයිතිය උදුරා ගැනීමයි. වර්තමාන ව්‍යවස්‌ථාවට අනුව මන්ත්‍රීවරුන් පක්‍ෂයේ තීරණයට එරෙහිවී පක්‍ෂයෙන් නෙරපා හැරිය විට ඔහුට අධිකරණයේ පිහිට පැතිය හැකි නමුත් අනුර කුමාරගේ සංශෝධනයේ එම අයිතිය අහෝසි කර ඇත. එසේ වුවහොත් මන්ත්‍රීවරයා යටත් වන්නේ ජනතාවට නොව පක්‍ෂයටයි. අනුර කුමාර ශිෂ්ටසම්පන්න සමාජයක්‌ බිහි කිරීමට යන්නේ ඒ ලෙසිනි.

තවද ජනාධිපති පත්කිරීමට යන්නේ පාර්ලිමේන්තුවේ 113 ක ඡන්දයෙනි. අද බැඳුම්කර වංචාවේ මහමොළකරුගෙන් මන්ත්‍රීවරු 118 ක්‌ අල්ලස්‌ ලබා ඇති බව ආණ්‌ඩුවේම මන්ත්‍රීවරයෙක්‌ පවසයි. ඒ අනුව බලන කල මුදල් විසි කළ හැකි ඕනෑම ජාතිකයකුට, ඕනෑම දූෂිතයකුට 113 ක්‌ ඡන්ද ලබා ජනාධිපති විය හැක. එවිට ඔහු රටේ සේනාවිධායකයාය. එසේම මින්මතු එසේ මුදල් අල්ලස්‌ දිය යුත්තේ මන්ත්‍රීවරයාට නොව පක්‍ෂ නායකයාටය. පක්‍ෂ නායකයා කියන විදියට ඡන්දය නොදුන්නොත් මන්ත්‍රීවරයා පක්‍ෂයෙන් නෙරපා හරියි. අනුර කුමාරගේ ශිෂ්ට සම්පන්න රට ඔහු විසින්ම මුදලට/ අල්ලසට පාවාදී ඇත්තේ එලෙසිනි.

මේ අතර වර්තමාන නිවට පාලකයන්ගේ ක්‍රියාකලාපය හමුවේ උතුරේ විග්නේශ්වරන් පිනුම් ගසමින් සිටින අන්දම ද අප විමසිල්ලෙන් යුතුව බලා සිsටිමු. පසුගිය මැයි මස 26 වැනි දින යාපනය පුස්‌තකාලයේ තරුණයන් අමතා ඔහු ප්‍රකාශ කළේ උතුරට ස්‌වයං පාලනයක්‌ අනිවාර්යයෙන් ලබාගත යුතු බවයි. ඒ සඳහා සන්නද්ධ යුද්ධය නිහඬ කළත් පසුබට නොවිය යුතු බවත් විශ්වාසය ගොඩනඟා ගත යුතු බවත්, ලෝක ප්‍රසිද්ධ බොක්‌සිං ක්‍රීඩක මොහොමඩ් අලි මෙන් ප්‍රතිවාදියා දුර්වල කොට පහරදිය යුතු බවත් දැන් ඔවුන් රටේ සිංහල පාලකයන් ඉතා දැඩි ලෙස දුර්වල කර ඇති නිසා තමන්ට අවශ්‍ය දේ ලබාගත යුතු බවත් ය.

අද දෙමළ ජනතාව අතරට ගොස්‌ වීරයෙක්‌ වීමට හදන විග්නේශ්වරන් ජීවිතයේ එකම වතාවක්‌ හෝ තමන්ගේ" දෙමළ ජනතාවට ලේ බිංදුවක්‌ පරිත්‍යාග කොට තිබේද? අපේ රණවිරුවෝ 4,95,000 ක්‌ බිම්බෝම්බ ඉවත් කරමින් දෙමළ පවුල්වලට ජීවත්වීමට බිම් නිදහස්‌ කරද්දී ඔවුන්ට එක තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට විග්නේශ්වරන් පැමිණියාද? 2,95,000 ක්‌ අවතැන් ජනතාව නැවත පදිංචි කරද්දී ඔහු එක යෝගට්‌ කෝප්පයක්‌ දෙමළ දරුවෙක්‌ට දීමට පැමිණියාද? 2002 සාම ගිවිසුම් කාලයේ කොටි ත්‍රස්‌තයන් යාපනයේ පාසල්වලට පැන විරෝධය දක්‌වන විදුහල්පතිවරුන් ප්‍රසිද්ධියේ මරා දමමින් ළමුන් බලෙන් පැහැර ගෙන යනවිට කොළඹට වී උගුඩුවකුසේ මොකුත් නොකර බලා සිටියේ අද දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටින්නට තැත් කරන විග්නේශ්වරන්ය.

මේ වාගේ "මුග්ධ වීරයන්" ට උඩ ගෙඩි දෙනුයේ ඒ ආකාරයෙන් ම ජනතාවගේ ගැලවුම්කාරයන් යෑයි කියාගන්නා අනුර කුමාර වැන්නන්ය. එවන් වූ දීනයන් කනෙන් ඇද එළියට දමා, ජාති භේදයකින් තොරව සියලුම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට පරිසරය සැකසිය හැක්‌කේ සෘජුව කටයුතු කරන රටේ සමස්‌ත ජනතාවගේම ඡන්දයෙන් පත්වන විධායක ජනපති කෙනෙක්‌ට පමණි. අනුර කුමාර විධායක ජනපති තනතුර ජනතාවගෙන් උදුරා ගැනීමට යන්නේ ඒ බව දන්නා නිසාය. ඔහුගේ විස්‌ස පුස්‌සක්‌ බවට ඉබේම පත්වන්නේ ඒ කුහක චින්තනය ජනතාව හොඳ හැටි තේරුම් ගෙන ඇති නිසාය.


රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර  
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook - https://www.facebook.com/yuthukama

12/18/2017

(ප) රාජිතගේ දේශප්‍රේමය සහ අයින්ස්‌ටයින්ගේ දේශප්‍රේමය

කතෘ:යුතුකම     12/18/2017   No comments
-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

"ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍යයි" යන තේමාව යටතේ පවත්වනු ලැබූ සම්මන්ත්‍රණයකට එක්‌වෙමින් රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන රාජිත සේනාරත්න නව යෝජිත ව්‍යවස්‌ථාව සාධාරණීය කිරීමට කරනු ලබන්නාවූ ප්‍රකාශ කෙටියෙන් විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ එවිට රාජිත යනු කෙබඳු විදියේ සත්වයෙක්‌දැයි (අප සැවොමද මනුෂ්‍ය සත්වයෝ බැවින් ) ලිපිය කියවන්නාට හොඳ අදහසක්‌ ලබා ගත හැකි බැවිනි. තවද එම අදහස නව ව්‍යවස්‌ථාව සාධාරණීය කිරීමට ඔහු ගන්න ප්‍රයත්නයට සෘජුව සම්බන්ධ වන බැවිනි.

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව හා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒකාබද්ධව නොවැම්බර් 13 වැනිදා කොළඹ නව නගර ශාලාවේදී පැවති උක්‌ත සම්මන්ත්‍රණයේදී පළමුවෙන්ම රාජිත කළේ එදා මෙදාතුර "ජාතියත් ආගමත් බේරා ගැනීමේ සටන්" නින්දාවට පත්කිරීමයි. "නිදහසින් පසු වසර 71 ක්‌ ගතවීත් තවම අපි ජාතියත් ආගමත් බේරා ගන්නවා" යෑයි අපහාසාත්මකව පැවසූ ඔහු "ඇල්බට්‌ අයින්ස්‌ටයින් නමැති මහා දාර්ශනිකයා දේශප්‍රේමය හඳුන්වා ඇත්තේ සරම්ප රෝගය මෙන් සුව කළ නොහැකි අන්තවාදී ලෙඩක්‌ ලෙසයි." යනුවෙන්ද කියා සිටියේය. එයින් රාජිත අදහස්‌ කළේ නිදහසින් පසුව අප විසින් දියත් කරන ලද සියලුම "ජාතිය ආගම බේරගන්නා සටන්" අන්තවාදී රෝගයෙන් පෙළෙන මිනිසුන් විසින් කරන ලද බවය.

ඇල්බට්‌ අයින්ස්‌ටයින් යනු ලොව මෙතෙක්‌ පහළවූ විශිෂ්ටතම විද්‍යාඥයාය. ඔහු නවීන භෞතික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන අතර එහි එක්‌ කුලුනක්‌ වන "සාපේක්‌ෂතාවාදය" සොයා ගත්තේය." කොන්ටොම් ප්‍රමේය "පිළිබඳව ඔහුට නොබෙල් ත්‍යාගය හිමි වුවද ඔහු ලොව සුප්‍රසිද්ධ වූයේ සාපේක්‌ෂතාවාදය තුළිනි. එනම් ඉතා සරලව කිවහොත් යමක්‌ බැලිය යුත්තේ අනෙකාට සාපේක්‌ෂව බවයි. උදා( ලෙස වේගයෙන් ගමන් කරන දුම්රියක වේගය දැනෙන්නේ වේදිකාවේ තිබෙන කුලුනකට සාපේක්‌ෂවය. ඒ අනුව බලන කල අයින්ස්‌ටයින් "දේශප්‍රේමීන්" සම්බන්ධව උක්‌ත ප්‍රකාශය කර ඇත්තේ "දේශෙද්‍රෝහීන්ට" සාපේක්‌ෂවය. එනම් දේශෙද්‍රෝහීන්ට සාපේක්‌ෂව දේශප්‍රේමීන් යනු සරම්ප රෝගයෙන් පෙළෙන අන්තවාදීන් යන්නයි. අයින්ස්‌ටයින් ඇත්තෙන්ම නිවැරදිය.

ඉන්පසු රාජිත පැවසුවේ වර්තමාන ජනාධිපතිතුමා මන්ත්‍රීවරු 45 ක්‌ තියාගෙන දවල්ට නොකා ප්ලේන්ටි බිබී මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත වෙන වෙනම ලබාගෙන ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ බලතල 19 වැනි සංශෝධනයෙන් තමන්ම දන් දුන් බව සහ එදා සරත් වීරසේකර කියන අන්තවාදියා හැර ඉතිරි 224 දෙනාම එයට අනුමැතිය දුන් බවයි.

විවිධ බලපෑම් මත සහ ආරම්භක සංශෝධනය හැකිතාක්‌ දුරට දියාරු කළ පසු 19 සංශෝධනයට ඡන්දය දුන් අය අතර තවමත් දැඩිව 19 සාධාරණීයකරන අය සමාජයේ සිටී. රාජිත එහි පෙරමුණ ගනී. ඔහු අදටත් සාධාරණීයකරන 19 න් අද රටට සිදුව ඇත්තේ කුමක්‌ද? අද රටේ ප්‍රධාන /සංවේදී තනතුරු, විවිධ කොමිසම් යනාදියට පත් කරන්නේ කවුද? ව්‍යවස්‌ථා සභාවේ බහුතරය පාලනය කරන ආර්. සම්පන්දන් සහ රනිල් වික්‍රමසිංහයි. ව්‍යවස්‌ථාදායක සභාවේ ඡන්දය තිබෙන 9 දෙනාගෙන් 7 දෙනෙක්‌ම ඔවුන් දෙදෙනා සහ ඔවුන් විසින් පත් කරන අය වෙති. එසේ නම් අද රටේ මහජන ආරක්‌ෂාව ඇතුළු වෙනත් වැදගත් විෂයයන් සම්බන්ධ ප්‍රධාන තනතුරුවලට පත් කරන්නේ ත්‍රිකුණාමල ජනතාවගෙන් පත්වුණු සම්පන්දන් සහ කොළඹ ජනතාවගෙන් පත් වුණු රනිල්ය. එසේ නැතිව සමස්‌ත ජනතාවගෙන් සියයට පනහකට වැඩි පිරිසකගේ ඡන්දයෙන් පත්වුණු රටේ ජනාධිපතිතුමා නොවේ. එසේ නම් අද 19න් කර ඇත්තේ මෙතෙක්‌ තිබූ ජනාධිපතිතුමාගේ එම විධායක බලය දෙමළ ජාතික සන්ධානයේ සම්පන්දන්ට සහ යූ. එන්. පි. යෙ රනිල්ට පැවරීම නොවේද? ඒ අනුව බලන විට එදා වත්මන් ජනපති තුමා දවල්ට නොකා ප්ලේන්ටී බිබී කර ඇත්තේ ජනතාව විසින් තමන්ට පැවරූ ජනතා පරමාධිපත්‍ය, ජනතා පරමාධිපත්‍ය නියෝජන නොකරන දෙදෙනකුට පැවරීම නොවේද? ජනාධිපතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ලද ඒ දේ සාධාරණීයකරණය කරණ රාජිත කෙබඳු පුද්ගලයෙක්‌ විය හැකිද?

අද රටේ පරිපාලනය පිළිබඳව වැදගත් තීරණ ගන්නා උක්‌ත ඒකකය වන ව්‍යවස්‌ථා සභාවේ සංයුතිය කුමක්‌ද? කතා නායක (ඡන්දයක්‌ නොමැති) අගමැති, විපක්‌ෂ නායක, අගමැති සහ විපක්‌ෂ නායක පත්කරන 5 දෙනා, ජනපති පත්කරන අය සහ අගමැති /විපක්‌ෂනායකගේ පක්‌ෂ හැර අනෙක්‌ සුළු පක්‌ෂවල මන්ත්‍රීවරුන්ගෙන් විමසා පත් කරන අය වේ. එසේ නම් මෙම ව්‍යqහය ගැඹුරින් විමසීමේදී ව්‍යවස්‌ථාදායක සභාවේ 9 දෙනාගෙන් (කථානායක හැර) ජනතාවගෙන් පත්වූ ජනාධිපතිට පත් කළ හැක්‌කේ එක්‌ අයෙක්‌ පමණක්‌ වන අතර සුළු පක්‌ෂ වල මන්ත්‍රීන්ට පවා එක්‌ අයෙක්‌ පත් කළ හැකි මුත් රටේ ප්‍රධාන පක්‌ෂ දෙක වන එක්‌සත් ජාතික පක්‌ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ බහුතරයක්‌ වන සිංහල /සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ට එක්‌ අයෙක්‌ හෝ මෙම සභාවට පත් කළ නොහැක. රටේ තීරණ ගැනීමට සිංහල මන්ත්‍රීවරුන්ට තිබෙන අයිතිය උදුරා ගැනීමේ ආරම්භය මෙයයි. චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය "අපට අවශ්‍ය රටේ සිංහල බෞද්ධ ඒකාධිකාරිය නැති කිරීමයි" යනුවෙන් පැවසුවේ ඒ නිසයි. අද රාජිත සතුටු වන්නේ එම කුප්‍රකට ව්‍යායාමය සාර්ථක වූ නිසයි. ඔහුට අනුව සරත් වීරසේකර යන ඒ "අන්තගාමියා" 19 ට විරුද්ධ වූයේ මෙය සක්‌සුදක්‌සේ දුටු බැවින් බව ඔහු දනී. රාජිතගේ සිංහල / සිංහල බෞද්ධ විරෝධී ස්‌ථාවරය සනාථ වන එක්‌ කරුණක්‌ වන්නේ එයයි.

එදා බණ්‌ඩාරනයක -චෙල්වනායගම් ගිවිසුම නිසි පරිදි ක්‍රියාත්මක වූවා නම් අද රට සිංගප්පූරුවක්‌ වී හමාර බවද අන්තවාදී භික්‌ෂූන්ගේ විරෝධය නිසා ගිවිසුම ඉරා දැමු බවද, පසුව ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම ගෙන ආ වෙලාවේ ජාතිවාදීන් රට කඩන්න යනවා යයි විරෝධය පෑ නිසා එය ද හකුලා ගැන්මට සිදුවූ බවද රාජිත දැඩි ආවේගශීලීව කියයි. ඔහුට අනුව ජාතිවාදී අන්තවාදීන් මෙම ගිවිසුම අවලංගු කිරීමට ක්‍රියා නොකළා නම් අද රට සුත මුදිත වී හමාරය. රාජිත විසින් ක්‍රියාත්මක වූවා නම් කෙතරම් අගනේ දැයි පවසන උක්‌ත ගිවිසුම් දෙක අත්සන් කළේ චෙල්වනායගම්ය. යාපනයේ පැවැත්වූ චෙල්වනායගම් ගුණසමරු උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වූ රාජිත ඔහු දෙමළ ජනතාවගේ එකම ගැළවුම්කාරයා යනුවෙන් මහත් ප්‍රශංසාවෙන් කතා කළ අයුරු අප දුටුවෙමු.

රාජිතගේ ඉමහත් ප්‍රශංසාවට ලක්‌වන චෙල්වනායගම් යනු මලයාසියාවේ උපත ලබා සිංහල - දෙමළ ජනතාව බෙදා වෙන කරන කුමන්ත්‍රණය ඇටවූ පුද්ගලයාය යයි කිවහොත් නිවැරදිය. අප නිදහස ලැබීමට මාස දෙකකට පෙර (සිංහල රාජ්‍ය භාෂා පනත ගෙන ඒමට වසර 8 කට පෙර සහ ප්‍රමිතිකරණයට වසර 15 කට පෙර) 1947 නොවැම්බර් 26 වැනි දින චෙල්වනායගම් පැවසුවේ මෙසේය. "ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් වීමට සටන් කරනවා නම් ඇයි දෙමළ ජනතාවට ලංකාවෙන් වෙන් වෙන්න බැරි?"

ඉන්පසු ඔහු 1951 දී දෙමළ ජාතිවාදී පක්‌ෂයක්‌ වන ඉලංගෙයි තමිල් අරසුකච්චි යන පක්‌ෂය ආරම්භ කළේය. එහි සඳහන් වනුයේ ලංකාවේ දෙමළ කතා කරන පුද්ගලයන් සිංහලයන්ගෙන් පැහැදිලිව වෙන්වූ ජාතියක්‌ බවත්, රටේ 1/3 වඩා ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාවට ස්‌වයං තීරණ අයිතිය තිබිය යුතු බවත්, දේශපාලන ස්‌වාධිපත්‍ය සඳහා ඔවුනට අහිමි කළ නොහැකි අයිතියක්‌ ඇති බවත් යනාදියයි. ඉන්පසු ඔහු විසින් 1973 සැප්. 9 වැනි දින වෙනම රාජ්‍යයක්‌ සඳහා මල්ලකම් හි සම්මුතියක්‌ ඇතිකර ගන්නා ලදී. අවසානයේ චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ දෙමළ එක්‌සත් නිදහස්‌ සන්ධානයේ ජී. ජී. පොන්නම්බලම් සහ වෙල්ලාල නොවෙන දෙමළ ජනතාවට කෝවිලකට යැමට ඉඩ නොදුන් මහාචාර්ය සුන්දරලිංගම් වැනි අන්ත නින්දිත පුද්ගලයන් සමඟ එක්‌වී උතුරු නැගෙනහිර දෙමළ නිජබිම් බැවින් දෙමළ ඊළාම් රජයක්‌ සඳහා වන ඊනියා කුප්‍රකට වඩුක්‌කොඩෙයි සම්මුතිය ප්‍රකාශයට පත් කරන ලදී. 12.6% වන දෙමළ ජාතිය එදා එසේ බලකර සිටියේ රටෙන් 1/3 ක්‌ සහ වෙරළ තීරයෙන් 60% ක්‌ ය. එසේ නම් නිදහස ලැබීමටත් පෙර සිට බෙදා වෙන් වීමට තැත් කළ, ජාතිවාදය වැපිරූ, චෙල්වනායගම්ට අතිශය ලෙස ප්‍රශංසා කරමින්, එය වලක්‌වා ජාතිය ආගම බේරා ගැනීමට තැත්කළ පුද්ගලයන් ජාතිවාදී අන්තගාමීන් යයි හඳුන්වන රාජිතගේ සිංහල විරෝධී බෙදුම්වාදී ආකල්පයන් ඉන් මොනවට පැහැදිලි නොවන්නේද?

රාජිත විසින් ක්‍රියාත්මක කළේ නම් ඉතා අගනේයයි කියන බණ්‌ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමේ අන්තර්ගතය කුමක්‌ දැයි දැන් බලමු. එම ගිවිසුම අත්සන් කළේ 1957/7/26 වන දිනය. එහි කොන්දේසි පහත සඳහන් වේ.

1. උතුරට එක පළාතකුත්, නැගෙනහිරට පළාත් 2 ක්‌ හෝ වැඩි ගණනක්‌ සහ උතුර නැගෙනහිර එකතු කිරීමේ අයිතිය

2. එසේ එකතු කරගත් පළාත්වලට පහත සඳහන් විෂයයන් සඳහා පූර්ණ බලය දා කෘෂිකර්ම, ඉඩම්, ඉඩම් සංවර්ධන, ජනාවාස පිහිටුවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, කර්මාන්ත, ධීවර, නිවාස, සමාජ සේවා, විදුලිය, ජලය සහ මාර්ග, ඉඩම් ලබාදෙන ව්‍යාපෘති සඳහා මිනිසුන් තෝරන බලය.

මෙම ගිවිසුම අත්සන් කොට දින දෙකකට පසුව චෙල්වනායගම්ගේ ෙෆඩරල් පක්‌ෂයේ ජාතික සමුළුවේදී "ලංකා ෙෆඩරල් සමූහය තුළ ස්‌වාධීන දෙමළ රාජ්‍යයක්‌ සඳහා සම්මුතියක්‌ද" ඇතිකර ගන්නා ලදී. එසේ නම් මෙම ගිවිසුම පෙඩරල් පක්‌ෂයේ බෙදුම්වාදී ප්‍රතිපත්ති හෝ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය මතුවීම වැළැක්‌වීමට හේතු වූ සාධකයක්‌ද? නැත .

අනෙක්‌ අතට එම ගිවිසුම ක්‍රියාත්මක වීම ඔහුගේ ඊනියා අරමුණ කරා යැමට කදිම ප්‍රවිෂ්ඨයක්‌ වීමට තිබුණා නොවේ ද ? රාජිත සේනාරත්න එවන් ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීම ගැන පසුතැවිලි වන්නේ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙස රට බෙදන්නට බැරි වූ නිසා නොවේද? නීති සම්පාදනයක්‌ අවශ්‍ය වන එම බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම සඳහා බණ්‌ඩාරනායකට කිසිදු ජන වරමක්‌ තිබුණේ නැති අතර තමන්ගේ පාර්ලිමේන්තුවේ අනුමැතියක්‌ ද නොතිබිණ.

එය ෙෆඩරල් පක්‌ෂය විසින් කරන්නේ යෑයි කියූ සත්‍යග්‍රහ භීතිය නිසා ඇතිකරන ලද්දකි. බණ්‌ඩාරනායකට අවසානයේදී එය අත්හැරීමට සිදු වූයේ එබැවිනි.

ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම 1965-03-24 දින අත්සන් කළේ ඩඩ්ලි අගමැති වීමට දින තුනකට පෙර හොර රහසේය. එම ගිවිසුමේ අඩංගු ප්‍රධානම කරුණ වූයේ උතුරු නැගෙනහිර ජනාවාස පිහිටු වීමේදී ඉඩම් ලබා දෙන ආකාරයයි. එනම් ප්‍රථමයෙන් දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් නොමැති අයට, දෙවනුව උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන අයට සහ තෙවනුව රටේ දෙමළ ජනතාවට ප්‍රමුඛතාවය දී ඉතිරි අයට. මේ අනුව, සිංහල ජනතාවට ලැබෙනුයේ ඉඩම් තිබෙන හෝ නැති දෙමළ ජනයාට සියල්ල ලබා දී ඉතිරි වන ටික පමණි. එස්‌. එල්. ගුණසේකර මහතා මෙය කදිමට පැහැදිලි කර ඇත.

රාජිත සේනාරත්න කඳුළු සලන්නේ මෙම ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක නොවීම නිසාය. එසේ නම් ඔහු කම්පා වෙන්නේ කා වෙනුවෙන්ද?

මෙය අත්සන් කරන විට ඩඩ්ලි අගමැතිව නොසිටි නිසා ඔහුට ගිවිසුමට ක්‍රියාත්මක කිරීමට කිසිදු බලයක්‌ නොතිබිණ එය එ. ජා. පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශනයේද සඳහන්ව නොතිබිණ. තිබ්බා නම් 1956 ජයගත් ආසන 8 වත් එ. ජා. පක්‍ෂයට ලැබෙන්නේ නැත. එම ඊනියා ගිවිසුම අවලංගු වුණේ ඒ නිසයි. එයට විරුද්ධ වුණු සංඝයා වහන්සේ ඇතුළු සියල්ලම ජාතිවාදී අන්තවාදීන් ලෙස සලකන රාජිතගේ සිංහල හා සිංහල බෞද්ධ විරෝධී ආකල්පය එයින්ම ගම්‍ය නොවන්නේද?

19 වන සංශෝධනයට පමණක්‌ නොව ව්‍යවස්‌ථාව පවා උල්ලංඝනය කොට දෙමළෙන් ජාතික ගීය ගැයීමට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණේ මා පමණි. රාජිතලා වැනි ෙද්‍රෝහීන්ගේ බලපෑමට කරන ලද එම පාවා දීම තුළින් අද " සංහිඳියාව" මඳක්‌ හෝ ඇති වී තිබේද? අද වව්නියාවේ සිංහල පාසල් උත්සවයේදී උතුරු පළාත් අධ්‍යාපන ඇමැති රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කරයි. රාජිත ඒ ගැන මෙතෙක්‌ වචනයකුදු හෝ නොදොඩයි. සුමන්දිරන් සහ විග්නේශ්වරන් ජාතික කොඩිය වෙනස්‌ විය යුතු යෑයි මොර දෙති. රාජිත පවා හෙට දින එසේ කිවහොත් අප පුදුම විය යුතු නැත.

ඇල්බට්‌ අයින්ස්‌ටයින් දේශනුරාගය සහ දේශප්‍රේමීන් ගැන ප්‍රකාශයක්‌ කළා නම් එසේ කළේ එදා ජර්මනියේ හිට්‌ලර් මිලියන ගණනක්‌ අහිංසක යුදෙව් වැසියන් ඝාතනය කළේ "දේශප්‍රේමය" පෙරටුකොට ගෙන නිසා බැවින් මිස වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ලක්‍ෂ ගණනක්‌ දිවි කැප කොට රැකගත් ඒකීයභාවය, බෙදුම්වාදී සුළුතරයක්‌ විසින් ත්‍රස්‌තවාදයෙන් හෝ ව්‍යවස්‌ථාවක්‌ මගින් හෝ බෙදීම වලක්‌වන " දේශප්‍රේමීන්" සම්බන්ධව නොවේ. එය යථාවබෝධයෙන් තේරුම් ගත හැක්‌කේ ලක්‌මාතාවගේ සුජාත දරුවන්ට පමණි.

එසේ නම් රාජිත සේනාරත්න යනු සිංහල විරෝධි, රට බෙදීමට දරුණු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයින් සමඟ කටයුතු කරන පුද්ගලයෙක්‌ බව ඔහුගේම ප්‍රකාශවලින් ඉහත දැක්‌ වූ ආකාරයට සනාථ වේ. කරුණු එසේ බැවින් ඔහු විසින් වර්තමාන යෝජිත ව්‍යවස්‌ථාව අගය කරන්නේ නම් එසේ කරන්නේ අනිවාර්යයෙන්ම එයින් සිංහලයන්ගේ අයිතීන් නැති කරමින් රට බෙදෙන නිසාය. රට, ජාතිය, ආගම රැක ගැනීමට නායකයින් බිහි කළ ආනන්ද විදුහලට එහි ඉගෙනුම ලැබූ රාජිත වැන්නන් අතිශය නින්දාවක්‌ බැව් මා පවසන්නේ එබැවිනි. එය එසේ දැයි ද නැත්ද යන්න තීරණය කිරීම ඔබට බාර කරමි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com : Like us on facebook
https://www.facebook.com/yuthukama

4/18/2017

ජිනීවාහිදී රට කෙලෙසූ කල්ලියට ප්‍රශංසා; විරුවන් වෙනුවෙන් පෙනී සිටි අයට නින්දා..

කතෘ:යුතුකම     4/18/2017   No comments

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ජීනීවා ගමන පිළිබඳව කළ සාකච්ඡාව
ප්‍ර‍ -
ඔබ ජිනීවා මානව හිමිකම් කවුන්සලේට ගොස්‌ නැවත පැමිණියා. බොහෝ අය ඔබ කළ කාර්යයට ප්‍රශංසා කළා. නමුත් සමහරෙක්‌ ඔබ විවේචනය කරනවා. පළමුවෙන් කියන්න ඇයි ඔබ ජිනීවා ගියේ?


පි - මම ජිනීවා ගිය හේතුව මීට පෙර මාධ්‍ය සාකච්ඡාවලදී කියා තිබෙනවා. ඔබ දන්නවා මෙවර මානව හිමිකම් සැසිවාරයේදී අපට විරුද්ධව තිබෙන 30/1 යෝජනාව සහ එහි ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ බව. එම යෝජනාව ගෙන ඒමට පාදක වූයේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව. එම වාර්තාවේ තිබෙන්නේ අපේ හමුදාවන් භයානක යුද අපරාධ කළ බවට සාක්‌ෂි තිබෙන බව. ඒ වාර්තාව කිසිම සෙවිල්ලක්‌ බැලිල්ලක්‌ නැතිව අපේ රටේ විදේශ ඇමැති මංගල සමරවීර අගය කරමින් පිළිගෙන අපට විරුද්ධව ඇමරිකාව විසින් ගෙන ආ මෙම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වූවා. මොන රටේ විදේශ ඇමැතිවරයෙක්‌ද තමන්ගේ රටේ හමුදාවන් යුද අපරාධ කළා කියා පිළිගෙන තමන්ගේ රටට විරුද්ධව ගෙනෙන යෝජනාවකට සහයෝගය දෙන්නේ? අපේ විදේශ ඇමැතිවරයා එම දේශද්‍රෝහී ක්‍රියාව කළා.

ඉතින් එහෙම නම් මෙවර මානව හිමිකම් සැසිවාරයේදී මොන රටද මොන සංවිධානයද අපේ රටේ රණවිරුවා වෙනුවෙන් පෙනී සිටින්නේ? ඒ නිසා දිවි කැප කරමින් යුද්ධ කොට රටට සාමය ගෙනා රණවිරුවන් වෙනුවෙන් පෙනී සිsටීමට සහ අපේ රට පිළිබඳව ඉදිරිපත් කරන දුර්මත දුරු කිරීමට ප්‍රවිශ්ටයක්‌ ගැනීමටයි මා ජිනීවා ගියේ.

ප්‍ර‍ - ඔබට එය සාර්ථකව කර ගැනීමට හැකි වූවාද?
පි - ඇත්තෙන්ම ඔව්. ඔබ පෙර කිව් පරිදි මාව විවේචනය කරන සමහරු කියන දෙයක්‌ තමයි මා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතික්‍ෂේප කරමින් මානව හිමිකම් කවුන්සලයේදී බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක්‌ නියෝජනය කළ බව. ඒ විදියට චෝදනා කරන්නේ කුහකයින්. එක්‌සත් ජාතීන්ගේ සංගමයට ඕනෑම කෙනෙකුට ගිහින් කතා කරන්න බැහැ. එතැන කතා කරන්න පුළුවන් රජයේ නියෝජිතයන්ට සහ එක්‌සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක්‌ නියෝජනය කරන පුද්ගලයන්ට පමණයි. ඒ නිසා මම එංගලන්තයේ බර්මිංහැම් නුවර කස්‌සප හිමිගේ බෞද්ධ පන්සල එ. ජා. සංගමයේ ඉන්ටනැෂනල් බුඩිස්‌ට්‌ රිලීෆ් ඕගනයිෂේසන් යන රාජ්‍ය නොවන සංවිධානයක්‌ ලෙස ලියාපදිංචි වී ඇති නිසා ඒ හරහා තමයි මානව හිමිකම් කවුන්සලේ කතා කළේ.

කොටි හිතවාදී, බෙදුම්වාදී දෙමළ පුද්ගලයන් විශාල වශයෙන් එසේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන හරහා ඇවිත් අපේ රට පිළිබඳව ඉතා වැරදි ප්‍රතිරූප ගොඩනඟනවා. අපේ රටේ පාක්‍යසෝති සරවනමුත්තු, සිවාජිලිංගම්, ආනන්දි සෂිධරන්, නිමල්කා ප්‍රනාන්දු, සුනන්ද දේශප්‍රිය වැනි අයත් ඒ දේශද්‍රෝහී ක්‍රියාවට එකතු වෙනවා.

එසේ නම් මම කර ඇත්තේ වරදක්‌ද? අපේ රට වෙනුවෙන් රටේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න මා රාජ්‍ය නොවන සංවිධාන නොවෙයි ඕනෑම කෙනෙක්‌, සංවිධානයක්‌ හරහා යන්න සූදානම්. රාජ්‍ය නොවන සංවිධානයක්‌ නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සලේ අපේ මවුබිමේ ගෞරවය ආරක්‌ෂා කරන්න තැත්කළ බව චෝදනා කරන මේ කුහකයින් රාජ්‍ය නොවන සංවිධාන හරහා ගොස්‌ රටේ ප්‍රතිරූපය කෙළෙසන පාක්‍යසෝති, නිමල්කා, සුනන්ද දේශප්‍රිය යනාදීන්ට විරුද්ධව වචනයක්‌වත් කියන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ජන්මය පිළිබඳ ප්‍රශ්නයක්‌.

මා මාර්තු 20 වැනි දින සහ 23 වැනි දින මානව හිමිකම් කවුන්සලය අමතා විනාඩි 1 1/2 කතා දෙකක්‌ පැවැත්වූවා. මගේ ජිනීවා ගමනේ ප්‍රධාන අරමුණ වූයේ මා ලංකාවෙන් ගෙන ගිය වාර්තාව නිල වශයෙන් මානව හිමිකම් කවුන්සලේට ඉදිරිපත් කිරීම. මගේ කතාවේදී එය මට කිරීමට හැකිවූවා. මා පෙර කීවාක්‌ මෙන් මෙම 30/1 ජිනීවා යෝජනාවට පාදක වූයේ අප යුද අපරාධ කළාය කියන චෝදනා අඩංගු මහ කොමසාරිස්‌වරයාගේ වාර්තාව. එම වාර්තාවේ තිබෙන එම සියලුම චෝදනාවල කිසිම පදනමක්‌ නැති බවත් ඒවා ඉතා සාවද්‍ය කරුණු මත පදනම් වූ බවත් සනාථ කළ වාර්තාවයි මා ගෙන ගියේ. එම වාර්තාව සකස්‌ කළේ රටේ පිළිගත් විද්වතුන් කණ්‌ඩායමක්‌. එය අවසානවරට බලා අනුමත කළේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමා. මා නිල වශයෙන් සෙයිද් හුසේන්ගේ ආසියාව පිළිබඳ ලේකම්වරයාගේ අතටම එය භාරදුන් නිසා ඊළඟ සැසිවාරයේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන් බැඳී සිටිනවාෙ

ප්‍ර‍ - නමුත් ජිනීවා නුවර පන්සල ප්‍රථමයෙන් ඔබව ප්‍රතික්‌ෂේප කළා?

පි - ඔව්. මා ප්‍රථමයෙන් උත්සාහ කළේ ජිනීවා නුවර තිබෙන එම පන්සල හරහා යන්න. ඒ පන්සල අවසාන මොහොතේදී මට විද්යුත් තැපෑලක්‌ මගින් දැන්වූවා ඔවුනට එයට ඉඩදිය නොහැකි බව. මා පසුව දැනගත්තා එය පන්සලේ දායක සභාවේ යම්කිසි කණ්‌ඩායමක්‌ විරුද්ධ වූ නිසා එසේ සිදුවූ බව. ඒ අය කවුද කියාත් මා දැන් දන්නවා. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්‌. රට වෙනුවෙන් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමට මට අවස්‌ථාව අහිමි කිරීම. නමුත් ජිනීවා නුවර අනෙක්‌ පන්සලේ ධම්මික ස්‌වාමීන්වහන්සේ ඉදිරිපත්වී බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් නුවර කස්‌සප හාමුදුරුවන් සම්බන්ධ කරගෙන මට ඒ දේ කිරීමට හැකි වූවා. මා උන්වහන්සේලාට මගේ ප්‍රණාමය පුද කරනවා.

ප්‍ර‍ - එසේම ඔබට නඟන අනෙක්‌ චෝදනාව තමයි, ඔබ සැසිවාරය අමතා කතා කළේ නැත, සමාන්තර රැස්‌වීම්වලටත් සහභාගි වූයේ නැත සහ ඔබ විසින් සංවිධානය කළ සමාන්තර රැස්‌වීමටත් සහභාගි වූයේ නැත කියා. එය සත්‍යයක්‌ද?

පි - මට පුදුමයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාත් එවැනි ප්‍රකාශයක්‌ කිරීම ගැන. එක්‌තරා රූපවාහිනී මාධ්‍යයකදී එතුමා කීවා මා සැසිවාරයේ කතා කළේ නැහැ, කතා කළේ පැති රැස්‌වීමක පමණයි කියා. එය අසත්‍යයි. මා මාර්තු මස 20 වන දින සහ මාර්තු 23 වන දින මානව හිමිකම් සැසිවාරයේ මහ සභාවේ කරන ලද විනාඩි 1 1/2 කතා දෙක ඕනෑම කෙනෙකුට එ.ජා.ස. නිල වෙබ් අඩවියට අවතීර්ණ වී අදටත් බලන්න පුළුවන්. මේ වගේ අසත්‍ය චෝදනා නඟමින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?

මා ලංකාවෙන් පිටත්වීමට පෙර ජිනීවා නුවර ධම්මික හිමි මාර්ගයෙන් මානව හිමිකම් කවුන්සලේ ප්‍රතිරැස්‌වීමක්‌ (Sie Event) එකක්‌ සූදානම් කළා. එය මා විසින් ඉල්ලාගත් දෙයක්‌. නමුත් එහි දේශන පැවැත්වීමට නියමිතව සිටි නීතිඥ දර්ශන වීරසේකර සහ නීතිඥ රාජා ගුණරත්න යන දෙදෙනාට යම් හේතුවක්‌ නිසා නියමිත දිනට ජිනීවා නුවරට ඒමට ලැබුණේ නැහැ. ප්‍රතිරැස්‌වීමකට අවම වශයෙන් දේශන 3 ක්‌ වත් පැවැත්වීමට අවශ්‍යයි. මා හැර දේශන පැවැත්වීමට කවුරුවත් සිටියේ නැති නිසා මා එය අවලංගු කළා.

මාර්තු 20 වන දින දෙමළ පර්ල් සංවිධානය සහ බ්‍රිතාන්‍ය දෙමළ සංසදය විසින් සංවිධානය කරන ලද ප්‍රතිරැස්‌වීම තිබ්බේ පෙ.ව. 11.30 සිට ප.ව. 1.00 දක්‌වා. එහි මාතෘකාව වූයේ ශ්‍රී ලංකාවේ මිලිටරිකරණය සහ විදේශීය විනිසුරුකරුවන් ගෙන ඒම සාධාරණීය කිරීම. එයට මා සහභාගි වූවා. ඔවුන්ගේ දේශනවලින් පසුව මා ප්‍රකාශයක්‌ කරමින් පෙන්වා දුන්නා එහි අඩංගු කරුණුවල සාවද්‍යතාවය. ඉන්පසුව තමයි මානිවන්නන් නමැති කොටි ත්‍රස්‌තවාදීන්ට මුදලින් උපකාර කළ පුද්ගලයා මා යුද අපරාධකරුවෙක්‌ය, මාව වහාම අත්අඩංගුවට ගත යුතු යෑයි යනාදී වශයෙන් ප්‍රකාශ කළේ. ඒ ශාලාව පුරා සිටියේ කොටි හිතවාදීන් නිසා ඔවුන් අතර වීරයෙක්‌ වීමට එසේ ප්‍රකාශ කළ ඔහු සිතුවේ මා නිශ්ශබ්දව ශාලාවෙන් පිටවී යයි කියා. මා ඔහුට එහිදී ප්‍රතිචාර දැක්‌වූ ආකාරය ඔබ දැන් දන්නවා. මා ඊට වඩා යමක්‌ ඔහුට නොකීවේ සැසිවාරය අමතා මට කිරීමට තිබූ කතාව සම්බන්ධයෙන් අවදානමක්‌ ගැනීමට මා අකැමැති වූ නිසා. සුනන්ද දේශප්‍රිය කියන පුද්ගලයා එම සිදුවීම පළමුවෙන්ම වාර්තා කොට තිබුණේ මට යුධ අපරාධකාරයා යෑයි චෝදනා කරන විට මා හිමින් එතැනින් ලිස්‌සා ගියාය කියාය. මා ප්‍රතිචාර දක්‌වන වීඩියෝ පටය නිදහස්‌ වුණේ ඊට පසුවයි. එයින් ඔහු කිවූ දේ බොරු බව සනාථ වුණා. සුනන්ද දේශප්‍රිය කියන්නේ කොටි හිතවාදී සිංහල කුහකයෙක්‌ බව එයින්ම පෙනී යනවා.

පාක්‍යසෝති, නිමල්කා, සිවචන්ද්‍රන් සරෝජි, ජෙන්සිලා මජීඩ් යන අය විසින් සංවිධානය කළ ප්‍රති රැස්‌වීම ආරම්භ වුණේ ප.ව. 3.00 ට එයට මා සහභාගි නොවුණේ මහ සැසිවාරයේ අපගේ කතා අඩංගු විෂය ආරම්භ වූයේත් ඒ වෙලාවටම නිසා. ප්‍රමුඛත්වය දිය යුත්තේ සැසිවාරයට මිසක්‌ ප්‍රති රැස්‌වීමට නොවන බව ඕනෑම කෙනෙකුට තේරෙන දෙයක්‌.

පාක්‍යසෝති, නිමල්කා එතැනදී කියා ඇත්තේ 30/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳ උපදේශක මණ්‌ඩලයේ මනෝරි මුත්තෙට්‌ටුවගම විසින් රණවිරුවා පාවාදෙමින් නිකුත් කළ වාර්තාවෙන් අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත්ය. විදේශීය මාධ්‍යකරුවනුත් සහභාගි වූ එම දේශෙද්‍රdaහී රැස්‌වීමට මුලසිටම මට සහභාගි වීමට ලැබුණා නම් ඔවුන්වත් නිසිතැන තැබීමට මට තිබුණා.

ප්‍ර‍ - ඔබට චෝදනා ගොඩයි. අනෙක්‌ චෝදනාව තමයි ඔබ මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා සත්‍ය දැයි විමර්ශනය කිරීමට එ.ජා. සංගමයේ විශේෂ නියෝජිතයෙක්‌ පත්කරන ලෙස ඉල්ලා ඇති බවයි. එවැන්නෙක්‌ නිකුත්කරන වාර්තාව ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්නා බවත් එය අභියෝගයට ලක්‌කිරීමට රජයට නොහැකි බවත් ඒ නිසා එම ඉල්ලීම අතිභයානක බවත් චෝදනා කරනවා. ඔබ එහෙම දෙයක්‌ කළාද?

සරත් වීරසේකර ඇතුළු කණ්‌ඩායම රටේ ආත්ම ගෞරවයට හෝ අභිමානයට හානි වන ඕනෑම දෙයකට දැඩිව විරුද්ධ වන පිරිසක්‌. විදේශීය විනිසුරුකරුවන් ගෙන ඒම, විදේශ රටවල් අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩදීම යනාදිය තරයේ හෙළාදකින වීරසේකර ඔය චෝදනා කරන ආකාරයේ නිවට යෝජනාවක්‌ කරයිද? ඉංගී්‍රසි නොතේරීම වරදක්‌ නොවේ. නමුත් ඉංගී්‍රසියෙන් ලියා ඇතිදේ කාගෙන්වත් අසා හෝ වටහා නොගෙන මේ වගේ චෝදනා කිරීම විශාල වරදක්‌ සේම මුග්ධ ක්‍රියාවක්‌.

අප විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයේ අඩංගු වන්නේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ විසින් අපේ රණවිරුවන්ට එරෙහිව කරන ලද යුද අපරාධ සම්බන්ධ චෝදනා සියල්ල පදනම් විරහිත සාවද්‍ය ඒවා බව සනාථ කරන කරුණු. ඒ නිසා අප එ.ජා. මහ ලේකම්වරයාට මානව හිමිකම් කවුන්සලේ ශ්‍රී ලංකාව පිළිබඳව සිදුවන දේ ගැන දැනුවත් කරමින් ඉල්ලා සිටියේ මානව හිමිකම් මහ කොමසාරිස්‌වරයාගේ එම සාවද්‍ය ලේඛනය පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසටත් එතෙක්‌ මෙම ජිනිවා යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසත්ය. ලංකාවේ රජය ලක්‌ ජනතාව වෙනුවෙන් කළයුතු දේ තමයි මා විසින් කළේ. එයට දේශප්‍රෙAමී ජනතාව ගෙන් අපට දැනටමත් ප්‍රශංසාව හිමි වී අවසන්.

මෙම චෝදනාවේ හාස්‍ය ජනක පැත්ත වන්නේ සෙයිද් හුසේගේ කොටි හිතවාදීන්ගේ සාක්‌ෂි පදනම් කරගෙන නිකුත් කරන ලද එම යුද අපරාධ වාර්තාව අගය කරමින් පිළිගත් රජය මා විසින් විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසට කරන ලද යෝජනාවට මහත් සේ බිය වන බව ජනතාවට පෙන්වීමට බාල ප්‍රයත්නයක්‌ දැරීමයි. නීෂා බිස්‌වාල්, සමන්තා පවර්, අතුල් කෙෂාප්, ජෝන්කෙරී, දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාව යනාදීන් කියන කියන පදයට නැටූ මේ රජය එසේ විශේෂ නියෝජිතයෙක්‌ බැරි වෙලාවත් ආවොත් රතු පලස්‌දා පිළිගන්නා බව අප දන්නවා. ඒ නිසා මේ චෝදනාව ජනතාව රැවටීමට දැරූ කුහක වෑයමක්‌.

[2017 අප්‍රේල් - 09  දිවයින]යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

3/12/2017

රණවිරුවන් දඩයම් කරනවා යෑයි කියන්නේ අන්තවාදීන්ද?

කතෘ:යුතුකම     3/12/2017   No comments
-නිමල් ලෙව්කේට පිළිතුරක්‌
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

පසුගිය සතියේ ඉරිදා දිවයිනේ පළවූ, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌පති නිමල් ලෙව්කේ මහතා විසින් ලියන ලද " රණවිරුවන් දඩයම් කරන්නේ කවුද" යන ලිපිය කියවා මෙය ලිවීමට සිතුවෙමි. ලෙව්කේ මහතා වසර ගණනාවක්‌ විශේෂ කාර්ය බළකාය භාරව සිටි මව්බිම වෙනුවෙන් මෙහෙයක්‌ කළ, මාගේද කුළුපග මිතුරෙකි. අද ඔහු වර්තමාන ජනපතිට යම් උපදෙසක්‌ දිය හැකි තනතුරක තත්ත්වයක සිටී යෑයි සිතන බැවින් ඔහුගේ ලිපියේ අඩංගු යම් කරුණු සම්බන්ධයෙන් පවතින යථා තත්ත්වය ඔහුට අවබෝධ කරවීම කාලීන උචිත ක්‍රියාවක්‌ බැව් සිතුවෙමි.

ලෙව්කේ මහතා විසින් කියා ඇත්තේ "චූදිතයන්" වන බුද්ධි අංශ හමුදා නිලධාරීන් රිමාන්ඩ් ගත කර ඇති හේතුව මත "රණවිරුවන් දඩයම් කරනවා" යෑයි මතයක්‌ "රණවිරුවන් යෑයි කියාගන්නා කොටසක්‌" විසින් ගොඩනගන බවත්, එය තවමත් ඉතිරිව සිටින "අන්තවාදීන්ට" ශක්‌තියක්‌ වන බවත්ය.

පොලිසියේ වසර ගණනාවක්‌ සේවය කළ ලෙව්කේ මහතාට මා පළමුවෙන්ම කිව යුත්තේ රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බුද්ධි නිලධාරීන් "චූදිතයන්" නොව "සැකකරුවන්" පමණක්‌ බවය. චූදිතයන් වන්නේ නඩුවක්‌ පැවරූ පසුවය. එම නිලධාරීන්ට විරුද්ධව තවමත් නඩුවක්‌ පවරා නැත. කර ඇත්තේ උසාවියට කරුණු ඉදිරිපත් කිරීමක්‌ පමණි. තවද මොවුන්ව පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ "ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත" යටතේය. එම පනත යටතේ අත්අඩංගුවට ගන්නේ එක්‌කෝ ත්‍රස්‌තවාදී සංවිධානයක සාමාජිකයන් හෝ නීතිය යටතේ වර්ගීකරණය කර ඇති ඇමැතිවරයෙක්‌, මන්ත්‍රීවරයෙක්‌ යනාදී පුද්ගලයන් ඝාතනය කළ/ ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයෙක්‌ පමණි. එයට එක්‌නැලිගොඩ වැනි පුද්ගලයන් අයත් වන්නේ නැත. මෙම නිලධාරීන්ව ත්‍ර. වැ. ප. යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත, දින 90 ක්‌, කිසිම පවුලේ සාමාජිකයෙක්‌ට බැලීමටවත් එන්න නොදී, ත්‍රස්‌තවාදීන්ට සේ සලකා සිරකර ප්‍රශ්න කිරීම ඔවුන්ට කරන ලද දැඩි අසාධාරණයක්‌ නොවේද? දින 90 රැඳවීමෙන් පසු උසාවියට ඉදිරිපත් කරන ලදුව එම බුද්ධි නිලධාරීන්ගේ නීතිඥයන් කරුණු දැක්‌වීමෙන් පසුව මහෙස්‌ත්‍රාත්වරයා විසින් පොලිසිය කර ඇත්තේ විශාල වැරැද්දක්‌ බවත් එබැවින් එය වහාම ඉවත් කර ගන්නා ලෙසත් පොලිසියට නියෝග කළ බව කවුරුත් දනී. ඉන් පසු මෙම බුද්ධි නිලධාරීන් විසින් එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරද ලබාදී තිබේ. එසේ නම් ලෙව්කේ මහතා කියා ඇති පරිදි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සිටින්නේ කිසිදු විටෙක හමුදාවේ සගයින්ට අසාධාරණයක්‌ වන ලෙසට ක්‍රියා නොකරන, කැපවීම සහ අධිෂ්ඨාන පූර්වකව තම වගකීම් ඉෂ්ඨ කිරීම ඉතා ඉහළ මට්‌ටමක තබා ගන්නා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් නම් මෙවැන්නක්‌ සිදුවේද? ලෙව්කේ මහතා එයට කෙසේ පිළිතුරු දේ දැයි අපි බලා සිටිමු. එසේම නැගෙනහිර පළාතේ වසර ගණනක්‌ සේවය කළද තමාට අල්ලාගත නොහැකි වූ, එම පළාතේ ත්‍රස්‌ත නායකයන්ව සිටි, රාම් සහ නගුලන් නමැති දරුණු ත්‍රස්‌තවාදීන් අල්ලාගනු ලැබුවේ කර්නල් ශම්මි කරුණාරත්න ඇතුළු මෙම බුද්ධි අංශයේ නිලධාරීන් බවද ලෙව්කේ දනී. එසේ නම් ලෙව්කේ මහතා කියන, පෙර විශේෂ කාර්ය බළකායේ සේවය කළ මෙම විශිෂ්ට ගනයේ පොලිස්‌ නිලධාරීන් කර ඇත්තේ තම "හමුදා සගයන්" දඩයම් කිරීම බව කීම මුසාවක්‌ද?

ඉටුකළ හමුදා බුද්ධි නිලධාරීන් අභූත චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා සිටින අයුරු අද සියල්ලෝම දනිති. සමහර එවන් රණවිරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ වන අතර මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමට පැමිණි කොටි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍ර.වැ.ප. යටතේ නොව සාමාන්‍ය නීතිය යටතේය. අද රටේ රණවිරුවාට අත්ව ඇති ඉරණම එයයි.

රට තුළ මෙවන් ඛේදනීය තත්ත්වයක්‌ රණවිරුවනට අත්කර දෙන වර්තමාන රජය අන්තර්ජාතික ප්‍රජාව හමුවේද රණවිරුවා ඉතා නින්දිත අයුරින් පාවා දෙමින් සිටී. අද ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේදී සිදුවෙමින් පවතින්නේ එයයි. ඒ අපේ රණවිරුවන් "යුද අපරාධ" කළ බවට චෝදනා කරමින් 2015 වසරේ ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවේ අඩංගු කරුණුවල ප්‍රගතිය සොයා බැලීමය.

අප ත්‍රස්‌තවාදය පරාජය කොට ජයග්‍රහණය ලබා ගත්තේ 2009 මැයි 19 වන දිනය. ඊට දින කිහිපයකට පසු ජර්මනිය රටවල් 17 ක්‌ සමඟ එක්‌වී එක්‌සත් ජාතීන්ගේ සංගමයේ විශේෂ සැසිවාරයක්‌ ඉල්ලා සිටිමින් අප රටට විරුද්ධව ගෙන ආ යෝජනාව නොබැඳි රටවල් සහ දකුණු ආසියා රටවල් එක්‌වී පරාජය කිරීමට සමත් විය. එසේ සමත් වූවා පමණක්‌ නොව අපට පක්‍ෂව අපට ප්‍රශංසා කරමින් ධනාත්මක යෝජනාවක්‌ සම්මත කර ගැනීමට ද හැකි විය. එසේ නම් යුද්ධයෙන් පසුව එ.ජා.ස ගේ මානව හිsමිකම් කවුන්සලේ සම්මත වූ ප්‍රථම යෝජනාව අපට ඉතාම හිතකර එකක්‌ බැව් අප මතක්‌ කර ගත යුතුය.

ඉන් පසු දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාවේ සහ විශේෂයෙන් හිලරි ක්‌ලින්ටන්, ජෝන් කෙරී ප්‍රධාන ඇමරිකාවේ ඔබාමා රජයෙහි බලපෑම මත එ.ජා. සංගමයේ මහ ලේකම් විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් පත් කරන ලද දරුස්‌මාන් වාර්තාවෙන් ආරම්භ වී ක්‍රම ක්‍රමයෙන් නැවත අපට අහිතකර යෝජනා ඉදිරිපත් විය. එහි කූඨප්‍රාප්තිය වූයේ මානව හිsමිකම් කොමසාරිස්‌ ජනරාල් සෙයිද් අල් හුසේන් විසින් අපේ රටේ රණවිරුවන් යුද්ධය අවසාන අදියරෙහි යුද අපරාධ කලා යෑයි සැකසූ අසත්‍ය අභූත වාර්තාව අපේ රටේ මංගල සමරවීර නමැති විදේශ අමාත්‍යවරයා විසින් "අගය" කරමින් පිළිගැනීමය. එසේ "අගය කරමින් පිළිගෙන" ඇමරිකාව විසින් අපේ රටට විරුද්ධව ඒ සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට සම අනුග්‍රාහකත්වයක්‌ දැක්‌වීමය. තමාගේම හමුදාව යුද අපරාධ කළ බවට පිළිගෙන තමාගේ රටට විරුද්ධව ගෙන එන යෝජනාවකට සම අනුග්‍රාහකත්වයක්‌ දැක්‌වූ රටක්‌ ලෝක ඉතිහාසයේ මෙතෙක්‌ වාර්තා වී නොමැත.

තවද රවිරාඡ් ඝාතනය පිළිබඳව නඩු පවරා අත්අඩංගුවේ සිටි නාවික හමුදාවේ බුද්ධි නිලධාරීහු උසාවියෙන් නිදොස්‌ කොට නිදහස්‌ කළ බවද මුළු රටම දනී. නමුත් ඊට පසුවදාම නීතිපති විසින් එම නිලධාරීන්ට විරුද්ධව අභියාචනයක්‌ ඉදිරිපත් කරන ලද බව ලෙව්කේ මහතා දනී. එය "රණවිරු දඩයමක්‌ නොවේද? ත්‍රස්‌තවාදය නිම කළ රණවිරුවන්ව ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරා පසුව ඔවුන් එම නඩුවෙන් නිදොස්‌ කොට නිදහස්‌ වූ පසුව ඊට පසුවදාම ඔවුන්ට විරුද්ධව රජයේ නීතිපතිවරයා එසේ ක්‍රියා කරන්නේ නම් ඒ පසුපස සිටිය යුත්තේ ත්‍රස්‌ත හිතැති/ ත්‍රස්‌තවාදය තුරන් කිරීමට විරුද්ධ අයම නොවේද? එසේ නම් එය රණවිරු දඩයමක්‌ නොවේය කියන්නත් මෙබඳු පුද්ගලයන් විය හැකිද?

නීතිය ගැන හොඳින් දන්නා, එසේම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සිටින්නේ විශේෂ කාර්ය බළකායේ සිටි ඉතා විනයගරුක ශේ්‍රෂ්ඨ පොලිස්‌ නිලධාරීන් යෑයි පවසන ලෙව්කේ මහතාගෙන් මෙයත් විමසිය යුතුව ඇත. එනම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ව කොටි සාමාජිකයන් 5 දෙනෙක්‌ ක්‌ලේමෝ බෝම්බයක්‌ අටවා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධවයි. මෙහිදී එම ත්‍රස්‌තයන් 5 දෙනා අත්අඩංගුවට ගත යුත්තේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ බව පැවසීමට නීති විශාරදයන් අවශ්‍ය නැත. මන්ද පළමුව ඔවුන් ත්‍රස්‌ත සංවිධානයක සාමාජිකයන් වන අතර දෙවැනුව ඔවුන් ඝාතනය කිරීමට තැත් කළේ මන්ත්‍රීවරයකු නිසාය. නමුත් මේ කොටි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ නොව සාමාන්‍ය නීතිය යටතේය. ත්‍රස්‌තයන්ව සාමාන්‍ය නීතිය යටතේත් තම "හමුදා සගයන්ව" ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ නීතිය යටතේත් කටයුතු කරන පොලිස්‌ නිලධාරීන්ගේ එම ක්‍රියාව හෙළා දකිනු වෙනුවට "සාධාරණීය" කිරීමට තැත් කිරීම හිටපු නියෝජ්‍ය පොලිස්‌පති කෙනෙක්‌ ලෙස ඔහුට තරම් නොවේ. එයින් ජනතාවට ඉතාමත් වැරදි පණිවිඩයක්‌ ලබාදෙන බැවිනි. එසේ කොටි ත්‍රස්‌තවාදීන්ට සහ ලෙව්කේ මහතාම කියන පරිදි තමාගේ සගයන්ට "දෙයාකාරව සැලකූවද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට දැඩි අවාසියක්‌/ අසාධාරණයක්‌ සිදුවන ආකාරයට ක්‍රියාකළ අදාළ පොලිස්‌ නිලධාරීන්ව "ශුද්ධ කිරීමට" තැත් කළ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ලෙව්කේගේ එම ප්‍රකාශය අප පිළිකුලෙන් යුතුව හෙලා දකින්නේ ඒ නිසාය.

ලෙව්කේ මහතා තවදුරටත් තම ලිපියෙන් කියා සිටින්නේ "රණවිරුවන් දඩයම් කරනවා" යෑයි කියමින් රණවිරුවන් ලෙස "හඳුනාගත් කොටසක්‌" විසින් නිර්මාණය කරන එම ව්‍යාකූල තත්ත්වය" තවමත් ඉතිරිව සිටින "අන්තවාදීන්ට" අමතර ශක්‌තියක්‌ ලබා දෙන බවය. කවුද මේ තවමත් ඉතිරිව සිටින අන්තවාදීන්? අනිවාර්යයෙන්ම උතුරේ ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් හෝ උතුරේ සිවාජිලිංගම් හෝ ද්‍රවිඩ සංධානයේ සම්බන්ධන් විය නොහැක. මන්ද රණවිරුවන් දඩයම් කරන විට ඔවුන් සතුටු වන බැවිනි. රණවිරුවන් දඩයම් කරන්නේ යෑයි ඇසෙන විට දුක්‌වන්නේ, කලබල වන්නේ දේශය රැකගත් රණවිරුවන්ට ආදරය කරන, ගෞරව කරන දේශ හිතෛයිෂීන්ය. ඉහත දක්‌වා ඇති ලෙව්කේ මහතා මෙහිදී අන්තවාදීන් ලෙස හඳුන්වන්නේ රණවිරුවන්ට හිතැති ඔවුනට ආදරය කරන ජනතාව නොවේද?

එසේ චෝදනා ගොනු කොට අදාළ රණවිරුවා "වැරදිකරු" කොට එම ලිපිගොනු අපේ අධිකරණයට නොව එක්‌සත් ජාතීන්ගේ සංගමයේ ආරක්‍ෂක මණ්‌ඩලයට යවන්නේ නම් එසේ යෑවෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ නිසි ලෙස ස්‌ථාපිත වූ සිවිල් කාර්යාලයකින් කරන ලද පරීක්‍ෂණවලින් සනාථ වූ වාර්තාවක්‌ ලෙසය. එවිට වනුයේ රෝම ප්‍රඥප්තියට අප අත්සන් නොකළද, ආරක්‍ෂක මණ්‌ඩලය වෙතින් එවන් වාර්තාවක්‌ ලදහොත් අදාළ පුද්ගලයාව ඕනෑම රටකදී අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කිරීමය. අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතින් රණවිරුවා දඩයම් කරන එකී ආකාරය එසේ නම් ලෙව්කේ මහතා දැන්වත් දැනගත යුතුවේ.

නව රජය බලයට පත්වීමට පෙර දෙන ලද විශේෂ පොරොන්දුවක්‌" අනුව අපරාධවලට වගකිව යුත්තන් අනිවාර්යයෙන් නීතිය හමුවට පමුණුවන බව ලෙව්කේ කියයි. නව රජය එවන් පොරොන්දුවක්‌ දී ඇත්තේ කාටද? අප දන්නා පරිදි වර්තමාන රජය එවන් පොරොන්දුවක්‌ දී ඇත්තේ තමන්ට බලයට ඒමට උදව් කළ බෙදුම්වාදී දෙමළ ඩයස්‌පෝරාවට, බටහිර රටවලට සහ ද්‍රවිඩ සංධානයටය. ඔවුන් බලයට පැමිණිදා පටන්ම සිරගත කර සිටි ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කරමින් රණවිරුවා සිරගෙට යවමින් සිටින බැවින් ඒ පොරොන්දුව කුමක්‌ දැයි අපට වටහා ගත හැක. අරන්තලාවේ සාමනේර භික්‍ෂූන් කපා කොටා ඝාතනය කළ ශ්‍රී මහා බෝධිය ළඟ පෙහෙවස්‌ සමාදන් වූ උපාසිකාවන් සිය ගණනක්‌ වෙඩි තබා මරා දැමූ ගෝනගල බඩදරු අම්මලාගේ බඩපලා දරුවා එළියට ගෙන මාළු කපන්නා සේ කපා දැමූ ත්‍රස්‌තයන් කිසිම කොන්දේසියකින් තොරව නිදහස්‌ කළ මේ රජය එක්‌නැලිගොඩ යෑයි හඳුන්වන මාධ්‍යවේදියෙක්‌ මැරුවාය යන චෝදනාව මත බුද්ධි අංශ නිලධාරීන් රැසක්‌ දණ්‌ඩනීති සංග්‍රහයේ 236 වන වගන්තිය මත සැකපිට අත්අඩංගුවට ගෙන මාස 14 ක්‌ කිසිදු වේතනයක්‌ පාවා නොදී රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ලදී. මළ සිරුරක්‌ නැති විටක, ඇසින් දුටු හෝ වෙනත් අදාළ සාක්‍ෂි නැති විටක එම වගන්තිය යටතේ රිමාන්ඩ් ගත කර ඇත්තේ ලෙව්කේ මහතාම කියන පරිදි "පොරොන්දු" ඉටුකිරීමට මිස වෙන දෙයකට නොවේ. දේශපාලනඥයන් එසේ කරන විට අපට එය තේරුම්ගත හැක. මන්ද නරුම දේශපාලනඥයා යනු බලයේ රැඳී සිටීම සඳහා මාතෘභූමිය පමණක්‌ නොව තමාගේ මෑණියන් හෝ තමාගේ බිරිඳ වුව පාවාදීමට සූදානම් කෙනෙකු බැවිනි. නමුත් අපට තේරුම් ගත නොහැක්‌කේ දරුණු ත්‍රස්‌තයන් සමග දිවි පරදුවට තබා සටන් කළ තමන්ගේම සහෝදර හමුදා සගයින්ට මෙවන් වූ පිලිකුල් සහගත අසාධාරණයන් සිදුවන විට දේශපාලනඥයන්ගේ පැත්ත ගෙන එම ක්‍රියාවන් සාධාරණීය කිරීමට සමත් වන්නා වූ විශ්‍රාම ගිය පොලිස්‌ නිලධාරීන් අප අතර සිටීමය. විශ්‍රාම දිවිය සැපවත් කර ගැනීම සඳහා රණවිරුවා පාවාදීම පාප කර්මයකි. ජාතියට සාමය උදා කරදුන් රණවිරුවාව නිකරුණේ දඩයම් කරන අන්දම ජනාධිපතිතුමාට පහදාදී එය වැළැක්‌වීමට උත්සාහ කිරීම පුන්‍යකර්මයකි. අත්දැකීම් බහුල පරිණත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ලෙව්කේ මහතා මතු දිනක හෝ එවන් පුන්‍ය කර්මයකට දායක වනු ඇතැයි අප උදක්‌ බලාපොරොත්තු වෙමු.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

2/20/2017

දේශද්‍රෝහීන් හඳුනා ගැනීම

කතෘ:යුතුකම     2/20/2017   No comments
-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර -

මාතෘභූමිය යනු තමත් උපන් භූමියයි. උපන් භූමිය මාතෘභූමිය නැතහොත් "මවුබිම" යෑයි හඳුන්වන්නේ තම මවට මෙන්ම උපන් බිමටත් ආදරය කළ යුතු නිසාය. තම මව මෙන්ම උපන් බිමත් ආරක්‍ෂා කළ යුතු නිසාය. මවුබිමට ආදරය නොකරන, මවුබිම ආරක්‍ෂා නොකරන්නා තම මෑණියන්ටද කිසිම සැළකිල්ලක්‌ නොදක්‌වන නරුමයෙක්‌ය යන්න ලොවම පිළිගන්නා න්‍යායකි. ආහාර, නින්ද, භය, මෛථුනය යන කරුණු 4 ම තිරිසනාටත් මනුෂ්‍යයාටත් පොදු වන අතර මනුෂ්‍යයා තිරිසනාගෙන් වෙනස්‌ වන්නේ තම මාතෘභූමියට ආදරය කළ හැක්‌කේ මනුෂ්‍යයාට පමණක්‌ වන නිසාය. හිවලෙක්‌ට, බල්ලෙක්‌ට, ඌරෙක්‌ට මවුබිමට ආදරය කළ නොහැක. ඒ අනුව සම්පූර්ණයෙන් තම මව්බිමට ආදරය නොකරන්නේ නම් ඉහත කී පොදු ලක්‍ෂණ හතර අනුව ඒකී පුද්ගලයා සහ තිරිසනා අතර කිසිදු වෙනසක්‌ නැති බව භාරතීය ශ්ලෝකයක සඳහන් වේ. එසේ නම් අද අප වර්තමාන සමාජයේ මනුෂ්‍ය වේශයෙන් සිටින තිරිසනුන් කවුරුන් දැයි හඳුනාගත යුතු කාලය එළඹ තිබේ.

"දේශෙද්‍රෝහියා" යනු උපන් දේශයට
ද්‍රෝහී වන්නාය. දේශයට ප්‍රේම කරන්නා, ගරු කරන්නා, ආරක්‍ෂා කරන්නා "දේශප්‍රේමියෙකි. දේශයේ වටිනා සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකිණීම දේශයටද්‍රෝහී වීමකි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ලක්‍ෂ ගණනක්‌ දිවිපුදා රැකගත් "ඒකීය" රට පළාත් නවයකට බෙදා ස්‌වාධීන රාජ්‍ය නවයකින් යුත් පෙඩරල් රටක්‌ බවට පත් කිරීමට තැත් කිරීම දේශයට ද්‍රෝහී වීමකි. දශක තුනක්‌ තිස්‌සේ රට පෙළුE ත්‍රස්‌තවාදය තුරන්කොට දිවිහිමියෙන් රට ආරක්‍ෂා කළ රණවිරුවා ත්‍රස්‌තයාටම පාවා දීම දේශයට ද්‍රෝහී වීමකි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ විවිධ විදේශීය ආක්‍රමණ හමුවේ දිවි පුදමින් ථෙරවාදී බුදු දහම ආරක්‍ෂා කරමින් නිර්මල බුදු දහම පවතින බෞද්ධ රටක්‌ වශයෙන් ප්‍රචලිත අප මවුබිම අනාගමික (secular) රටක්‌ යෑයි හැඳින්වීමට වෑයම් කිරීම දේශයට අතිශයින් ද්‍රෝ හී වීමකි. ඉතාමත් අවාසනාවන්ත ලෙස අද අපේ රටේ ඉහත කී දේශෙද්‍රෝහී ක්‍රියා සියල්ලක්‌ම සිදුවෙමින් පවතී. එය නිසිකල්හි හඳුනාගෙන එවැනි දේශෙද්‍රෝහීන්ගෙන් මාතෘභූමිය ආරක්‍ෂා කර ගැනීම දේශප්‍රේමීන්ගේ යුතුකම වේ.

අද නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන එමින් පවතී. ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා අනු කමිටු 6 ක්‌ පත් කොට ඇති අතර එම අනුකමිටු 6 ට නිර්දේශ අඩංගු වාර්තා දැන් ප්‍රසිද්ධියට පත් කොට තිබේ. එහි ප්‍රධානම අනුකමිටුව වනුයේ මධ්‍ය පර්යන්ත සබඳතා අනුකමිටුව වන අතර එහි කමිටු සභාපති ලෙස ක්‍රියා කළේ එවකට ප්ලොට්‌ සාමාජිකයෙක්‌ව සිටි ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාය. ඔහුගේ නිර්දේශයන් ආරම්භ කොට ඇත්තේ රටේ "ඒකීය භාවය" පළාත් සභාවල සුමට ක්‍රියාකාරීත්වයට තිබෙන විශාල බාධාවක්‌ යන්නෙනි. ඉන්පසු එම කමිටුව ඉදිරිපත් කර ඇත්තේ මධ්‍යම රජයේ කිසිදු බලපෑමකින් තොරව, පළාත්වලට ස්‌වාධීනව කටයුතු කළ හැකි ආකාරයේ නිර්දේශයන්ය. නොඑසේ නම් රට පෙඩරල්කරණය කිරීමේ නිර්දේශයන්ය.

අපේ රටට මෙසේ කඩිමුඩියේ නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒමට ඇති අවශ්‍යතාවය කුමක්‌ද? සෝල්බරි කොමිසමෙන් නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ආවේ 1948 අප නිදහස ලබන විට ඇති වූ අවශ්‍යතාවයටය 1972 දී අප ජන රජයක්‌ බවට පත් වන විට නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය විය. 1978 දී විධායක ජනපති ක්‍රමය හඳුන්වාදෙන විටද නව ව්‍යවස්‌ථාවක්‌ ඕනෑ විය. ඉන්පසු විවිධ අවස්‌ථාවල අවශ්‍යතාවයන් අනුව සංශෝධන ඉදිරිපත් විය. නමුත් රටේ පවතින වර්තමාන තත්ත්වය තුළ නව ව්‍යවස්‌ථාවකට හෝ ව්‍යවස්‌ථා සංශෝධනයකට කිසිදු අවශ්‍යතාවයක්‌ නොපෙනේ. ඒ සම්බන්ධයෙන් පත් කළ අනුකමිටු 6 ක්‌ම යෝජනා කර නිර්දේශ කර ඇත්තේ අපේ මව්බිමේ අනන්‍යතාවය විනාශ කරමින් රට පෙඩරල් රාජ්‍යයක්‌ බවට පත් කිරීමටය. ඒ අනුව උතුර වෙනම රාජ්‍යයක්‌ වන අතර උතුර නැගෙනහිර එක්‌වීමටද 13 වන සංශෝධනය අනුව ඉඩ ලැබේ. එසේ වුවහොත් රට බෙදී අවසන්ය.

රටේ සරුසාර සහ සංවර්ධනය කළ හැකි ඉඩම් විශාල සංඛ්‍යාවක්‌ තිබෙන්නේ උතුරු නැගෙනහිරය. එහි පුරා විද්‍යාත්මක ස්‌ථාන 276 තිබේ. ලෝකයේ වටිනාම ගැඹුරු වරායක්‌ වූ ත්‍රිකුණාමල වරාය පිහිටා ඇත්තේ නැගෙනහිරය. කන්කසන්තුරේ වරාය ඇත්තේ උතුරේය. රටේ වෙරළින් 2/3 ක්‌ පිහිටා ඇත්තේ උතුරු නැගෙනහිරය. එයට ඉදිරිපස නාවික සැතැපුම් 200 ක්‌ ඈතට විහිදෙන අපට අයත් ආර්ථික කලාපයේ ඛණිජ/ගෑස්‌ සම්පත් විශාල ප්‍රමාණයක්‌ නිධන්ගතව තිබේ. ඉතා වටිනා දැවැන්ත ඉල්මනයිට්‌ නිධිය පිහිටා තිබෙන්නේ නැඟෙනහිර පුල්මුඩේය. ව්‍යවස්‌ථා සංශෝධන නිර්දේශ ක්‍රියාත්මක වුවහොත් මේ සියලුම සම්පත් බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් අතට යනු ඇත. රටේ සමස්‌ත ජනතාවටම අයිති මෙම සම්පත් මෙසේ අහිමිකර ගැනීම දේශෙද්‍රෝහී ක්‍රියාවක්‌ නොවන්නේ කෙසේද? එසේ නම් ව්‍යවස්‌ථා සංශෝධන නව ව්‍යවස්‌ථාවක්‌ යෝජනා කරන්නන් සහ රට පෙඩරල් සහ අනාගමික බවට පත්වන නිර්දේශ කරන සියල්ලන් දේශෙද්‍රෝහීන් ලෙස සැලකීම වැරදිද?

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් "සංහිඳියාව" උදෙසා නිර්දේශයන් ඉදිරිපත් කිරීමට කාර්ය සාධක මණ්‌ඩලයක්‌ පත් කොට තිබේ. එම කමිටුවේ සාමාජික සාමාජිකාවන්ගේ නම් ජනතාවගේ දැන ගැනීම සඳහා මෙසේ සඳහන් කරමි. මනෝරි මුත්තෙට්‌ටුවගම, පාක්‍යසෝති සරවනමුත්තු, ශාන්ත අභිමානසිංහම්, විශාඛා ධර්මදාස, ෂර්සානා හනීµd ,කේ. ඩබ්. ජනරංජන, චිත්‍රලේකා මෞනගුරු, පිරාක්‌ රහීම්, ගමිල සමරසිංහ, දයා සෝමසුන්දරම්, ගාමිණී වියන්ගොඩ.

මෙම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද සංහිඳියාව උදෙසා යෑයි කියනු ලබන " අරුම පුදුම" නිර්දේශ පහත සඳහන් පරිදි වේ.

1. ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතුය.
2. හමුදාව සිවිල් සුබසාධන කටයුතුවලට නොයෙදවිය යුතුය.
3. හමුදාව විසින් අත් කර ගෙන ඇති සියලුම ඉඩම් වහාම නැවත දිය යුතුය.
4. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කළ යුතුය.
5. සංහිඳියාවට පූර්ව අවශ්‍යතාවයක්‌ වශයෙන් දේශපාලන/ව්‍යවස්‌ථාමය විසඳුමක්‌ දිය යුතුය.
6. අනෙකුත් ජාතීන් විසින් ධීවර සම්පත් ලබා ගැනීම තහනම් කළ යුතුය. (එමගින් සිංහල ධීවරයන්ට මෝසම් සුළං කාලවලදී උතුරු නැගෙනහිර මුහුදට යා නොහැක)
7. වන්දි ලබා දිය යුතු අතර රජය විසින් නිල වශයෙන් සමාව ඉල්ලිය යුතුය.
8. මිය ගිය/ අතුරුදන් අය වෙනුවෙන් ස්‌මාරක ඉදිකළ යුතුය.
9. මහාවීර දිනය දිගටම පවත්වා ගෙන යා යුතුය.
10. මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඥාතීන්ගේ නිවෙස්‌වල එම ත්‍රස්‌තවාදියාගේ නිල ඇඳුම සහිත ඡායාරූපය එල්ලා තැබීමට අවසර දිය යුතුය.
11. කොටි සාමාජිකයන්ගේ සොහොන් කොත් නැවත ඉදි කළ යුතුය.
එහි ගොඩනැඟිලි පසුව ඉදිකොට ඇත්නම් ඒවා කඩා දැමිය යුතුය.
12. යුධ අපරාධ පිළිබඳව සොයා බැලීමට සහ නඩු පැවරීමට විශේෂ කමිටුවක්‌ පත් කළ යුතුය.
13. එම කමිටුවේ සොයා ගැනීම් පාසල් පොත්වල අන්තර්ගත කළ යුතුය.
14. විදේශ විනිසුරුවන් සහිත විශේෂ අධිකරණයක්‌ පිහිටුවිය යුතුය.

15. පුනරුත්ථාපනය වූ සහ නඩු පැවරූ කිසිම එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙක්‌ට විරුද්ධව ක්‍රියා නොකළ යුතුය. රජයට බැඳුණු සහ විදේශීය රටවල්වල සිටින කොටි සාමාජිකයන්ට පමණක්‌ එරෙහිව කටයුතු කළ යුතුය.

16. ආකර්ෂණීය දීමනා ඉදිරිපත් කොට ක්‍රමයෙන් හමුදාව "නිර්මිලිටරිකරණයට" ලක්‌ කළ යුතුය.

රට ගැන අල්ප මාත්‍රයකුදු හැඟêමක්‌ තිබෙන කුමන පුද්ගලයෙකුට හෝ ඉහත සඳහන් නිර්දේශ කියවන විට ඇතිවන හැඟêම කුමක්‌ විය හැකිද? ප්‍රභාකරන්ගේ දේශපාලන නායක තමිල් චෙල්වම් අද ජීවතුන් අතර සිටියා නම් ඔහු විසින් දෙනු ලබන නිර්දේශද මෙයම නොවේද? මෙම කමිටුවේ සියලුම සාමාජිකයන් කොටි බෙදුම්වාදී දෙමළ ඩයස්‌පෝරාවේ මුදල්වලට රට පාවා දෙන දේශෙද්‍රෝහීන් බව පෙන්වීමට මීටත් වඩා හොඳ සාක්‍ෂි තිබේද?

වසර 2550 ක ඉතිහාසය තුළ මේ රට විදේශීය ආක්‍රමණයන්ගෙන් බේරාගෙන ඒකීය රටක්‌ ලෙස තබා ගැනීමට දිවිකැප කළේ සිංහලයන්ය. අපේ රජවරු යුද්ධ කළේ රජ සැප පිණිස නොව බුද්ධ ශාසනය සුරක්‍ෂිත කිරීමටය. ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ පාහේ බෞද්ධ වෙහෙර විහාර, නටබුන් තිබෙන්නේ ඒ නිසාය. 1815 උඩරට ගිවිසුම අත්සන් කරන විටත් බ්‍රිතාන්‍ය නීතිඥ බුද්ධ ශාසනය රැකීමට (බොරුවට හෝ) පොරොන්දු වූයේ ඒ ඓතිහාසික පසුබිම හේතුවෙනි. එවැනි පූජනීය ඉතිහාසයක්‌ තිබෙන අපේ රට අනාගමික රටක්‌ විය යුතු යෑයි නිර්දේශ කරන අමනයන් සහිත මෙම කමිටුව සමස්‌ත ජනතාවගේම පිළිකුලට භාජන විය යුතුය.

ලෝකයේ ඕනෑම රටක හමුදාව සාමය පවතින කාලයේ පමණක්‌ නොව යුද සමයේදී පවා ජනතාවගේ සුබසාධනය සඳහා තම ශ්‍රමය යොදවයි. හමුදාව සුබ සාධක වැඩට යෙදවිය යුතු නැතැයි යෝජනා කරන මුත්තෙට්‌ටුවගමට, පාක්‍යසෝතිට සහ වියන්ගොඩට අප කියා සිටින්නේ එසේ නම් ගංවතුර, නායයැම්, භූමිකම්පා, නියඟයන් යන ආපදාවලදී පවා හමුදාව පැත්ත පළාතේ නොගෙන්වන ලෙසය. එවැනි තත්ත්වයකදී ජනතාවගේ සුබ සාධන කටයුතුවල පූර්ණ වගකීම මෙම ඊනියා කමිටුව විසින් භාර ගත යුතුවේ.

මහාවීර දිනය යනු මරාගෙන මැරෙන කොටි කල්ලියේ මරාගෙන මැරුණු කොටින් සමරන දිනයයි. කොටි මරාගෙන මැරුණේ නිකම්ම නොව අහිංසක, නිරායුධ කිරිකැටියන්ද ඇතුළුව ජනතාව නිකරුණේ මරා දමමිනි. වියන්ගොඩලා කියන්නේ ඒ සැමරුම දිගටම ගෙන යා යුතු බවයි. තම මාතෘභූමියේ අහිංසක සහෝදර සහෝදරියන් දහස්‌ ගණනක්‌ ම්ලේච්ජ ලෙස ඝාතනය කළ කොටි ත්‍රස්‌තයන් සැමරිය යුතු යෑයි නිර්දේශ කරන මෙම කමිටුව මුදලට තම තමන්ගේ මෑණියන් වුවද පාවා දිය හැකි නිර්ලඡ්ජිත අපතයන් නොවේද?

ජාතික ආරක්‍ෂාව පිළිබඳව මෙලෝහසරක්‌ නොදන්නා මෙම කමිටුව උතුරේ හමුදාව ඉවත් විය යුතු යෑයිද, හමුදාව නිර්මිලිටරිකරණය කළ යුතු යෑයිද කියනුයේ කුමන පදනමකින්ද? ත්‍රස්‌තවාදය නැවත හිස ඔසවමින් සිටින මෙවන් කාලයක මේ ආකාරයේ නිර්දේශ කළ හැක්‌කේද කොටි හිතවාදීන්ටම නොවේද? රට බෙදීම සඳහා රටේම ඉඳගෙන මෙවන් දීන නිර්දේශ ඉදිරිපත් කරන දේශෙද්‍රෝහීන් ඉන්නේ ලෝකෙන්ම අපේ රටේ පමණක්‌ විය යුතුය. එසේම එවන් නිර්දේශ කරමින්, දෙකට නැමී ඒවා ඉදිරිපත් කරමින්, ඊට පසුවද නිවෙස්‌වල නිරුපද්‍රිතව සිටින මිනිසුන් සිටින්නේද අපේ රටේ පමණක්‌ විය යුතුය.

2015 ඇමරිකාව සමඟ මංගල සමරවීර සම අනුග්‍රහය දැක්‌ වූ අපට විරුද්ධ ජිනීවා යෝජනාව මේ වසරේ මාර්තු මස නැවත සාකච්ඡා කිරීමට නියමිතය. ඇමරිකාවේ ඔබාමා සහ එංගලන්තයේ ඩේවිඩ් කැමරන් දැන් බලයේ නැති නිසා පසු දිනෙක, විදේශීය මාධ්‍යකරුවෙක්‌, මංගල සමරවීරගෙන් අසා ඇත්තේ මෙම යෝජනාව සම්බන්ධව දැන් එංගලන්තය සහ ඇමෙරිකාව එතරම් බලපෑම් නොකරනු ඇතැයි නේද යනුවෙනි. එවිට මංගල සමරවීර පිළිතුරු දී ඇත්තේ ඔවුන් බලපෑම් නොකළත් අපි ඒක ක්‍රියාත්මක කරනවා." යනුවෙනි. රණවිරුවා යුද අපරාධ කළා යෑයි ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමට මංපෙත් විවර කරන උක්‌ත ජීනීවා යෝජනාව කිසිම බලපෑමකින් තොරව හෝ ක්‍රියාත්මක කරන බව කියන මංගල සමරවීර කොටි සාමාජිකයෙක්‌ම බව සනාථ කිරීමට මීටත් වඩා තවත් ප්‍රබල සාක්‍ෂියක්‌ තිබේද? රට වැසියෙක්‌ට තම දේශයට මීට වඩා ද්‍රෝහී විය හැකිද?

එසේ නම් අප විසින් දේශෙද්‍රdaහීන් කවුරුන්දැයි ඉතා හොඳින් හඳුනා ගත යුතු කාලය දැන් එළඹ තිබේ. ඒ නිසි කල ආවිට ඔවුන්ට නිසි දඬුවම් දිය යුතු බැවිනි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook ; https://www.facebook.com/yuthukama

2/10/2017

උතුරේ බුදු පිළිම මට්‌ටු කරමින් ව්‍යවස්‌ථාවෙන් බුද්ධ ශාසනය හෙට්‌ටු කිරීම

කතෘ:යුතුකම     2/10/2017   No comments
-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
සභාපති ජාතික රණවිරු එකමුතුව


අපේ රට සිංහල බෞද්ධ රටක්‌ යෑයි කීමට අද බොහෝ දෙනා මැලි වෙති. බිය වෙති. එසේ පැවසීමම ජාතිවාදය ඇවිස්‌සීමකැයි සමහරු සිතති. අද "ජාතිවාදය" නමැති වචනයද විලාසිතාවක්‌ සේ භාවිත කරනු පෙනේ. "සිංහලයා" ගැන හෝ "සිංහල බෞද්ධකම" ගැන හෝ කතා කළ විගසම ඔහු හෝ ඇය ජාතිවාදියකු ලෙස හංවඩු ගසයි. බොහෝ විට එසේ කියන්නේ දෙමළ හෝ මුස්‌ලිම් ජාතිකයන් නොව සිංහල බෞද්ධයන් යෑයි කියා ගන්නා පිරිස්‌ය. එවන් අයගෙන් බොහෝ දෙනා ඩොලර්වලට හෝ සුළු ජාතීන්ගේ ඡන්දවලට රටේ ඉතිහාසය, සංස්‌කෘතිය සහ උරුමයන් පාවා දෙන්නන්ය.

"ජාතිවාදය" යනු තමාගේ ජාතිය, ආගම උතුම් යෑයි සිතමින් අන් ජාතීන්ට හිරිහැර කිරීම හෝ උන්ව පාගා දැමීමය. "ජාතිවාත්සල්‍ය" යනු තමාගේ ජාතිය/ආගම අනතුරට පත් වන්නේ නම්, එයට යම් කිසි තර්ජනයක්‌ මතුවේ නම් දිවි හිමියෙන් එය වළකාදීමට ඉදිරිපත් වන හැඟීමය. රටක සිsටිය යුත්තේ "ජාතීවාදීන්" නොව "ජාතිවාත්සල්‍යයෙන්" හෙබි පිsරිස්‌ය. දෙවන ලෝක මහා යුද්ධයෙන් නැත්තටම නැති වී විනාශ වූ ජපානය අද අතිශයින් දියුණු වී ඇත්තේ ජාතිවාත්සල්‍යයෙන් යුත් ජපනුන්a එහි සිටින නිසාය.

අද උතුරේ සිටින ජාතිවාදී ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් නාගදීපයේ බුදු පිළිමයක්‌ සෑදීම තහනම් කොට ඇත. ඉන්පසු පිරිසක්‌ ත්‍රිකුණාමලයේ බුදු පිළිම කිහිපයක්‌ කඩා බිඳ දමා කළුතෙල් වත්කොට ඇත. ඒ 9 මාර්ගයේ කනගරායන්කුලම්හි බුදු පිළිමය කඩා බිඳ දැමුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ විග්නේශ්වරන්ගේද අනුග්‍රහයෙනි. පසුගිය වසරේ කිලිනොච්චියේ පෙළපාලියක්‌ පැවැත්වූයේ උතුරේ තිබෙන බුදු පිළිමවලට එරෙහිවය. වර්තමාන රජය බලයට පත් වූදා පටන් උතුරු පළාත් සභාවේ "සිංහල බෞද්ධ විරෝධී" යෝජනා රැසක්‌ සම්මත කර ගත් අතර, ඉන් එකක්‌ වනුයේ ඉරණමඩු බුදු පිළිමය ඉදිකිරීම වහාම නතර කළ යුතු බවය. සිංහලයා ගැන, බෞද්ධකම ගැන අදහස්‌ ප්‍රකාශ කරන විට ඒ පුද්ගලයාට "ජාතිවාදියා" යෑයි පරිභව කරන එකෙක්‌වත් මේ දක්‌වා විග්නේශ්වරන්ට "ජාතිවාදියා" යෑයි කියනු අප අසා නැත.

අපේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දෙවන පරිච්ජෙදයේ නව වන වගන්තිය මෙසේය. "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය. සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‌ෂා කර දෙන අතර, බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමයි" යනුවෙනි. මෙවන් වූ ඉතා පැහැදිලි වගන්ති අපේ රටේ ව්‍යවස්‌ථාවේ "බුද්ධාගම" සහ "බුදු සසුන" ගැන තිබියදී උතුරු නැගෙනහිර අපගේ බෞද්ධ උරුමයන් සහ බුදු පිළිම විනාශ කරන විට "ශාසනය පෝෂණය කිරීම" යෝජනා සම්මතයෙන් තහනම් කරන විට. රජය නිවටම බියගුල්ලන් සේ බලා සිටී. දේශප්‍රේමී ජනතා හදවත් තුළ ජාතිවාත්සල්‍ය හැඟීම් ඉස්‌මතු වන්නේ මෙවන් වාතාවරණයකදීය.

පසුගිය රජය කාලය තුළ උගුඩුවන් සේ නිශ්ශබ්දව සිටි විග්නේශ්aවරන්, සිවාජිලිංගම් ඇතුළු පිරිස වර්තමාන රජය පත් වූ විගස මෙලෙස ප්‍රසිද්ධියේම සිංහල බෞද්ධ විරෝධී පිළිවෙතක්‌ අනුගමනය කරන්නේ ඇයි? ඊට හේතුව වන්නේ වත්මන් පාලකයෝ බලයට පැමිණ ඇත්තේ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ගේ සහ එම දෙමළ ඩයස්‌පෝරාවේ සහායෙන් බැවිනි. උතුර වෙන් කිරීමට නම් ප්‍රථමයෙන් එහි වෙසෙන සිංහල/මුස්‌ලිම් ජනයා ඉවත් කළ යුතුය. "ජනවාර්ගික ශුද්ධය" මඟින් කොටි ත්‍රස්‌තයෝ දැනටමත් එය කර ඇත්තාහ. දැන් ඔවුන්ට අවශ්‍ය වනුයේ "බෞද්ධකම" වැනසීමටය. අපට වර්තමානයේ පෙනෙන්නේ ඒ සඳහා සැරසෙන අයුරුය. එළිපිටම බුදු පිළිම විනාශ කිරීමේත්, එවන් යෝජනා සම්මත කර ගැනීමේත් පූර්ණ වගකීම වර්තමාන රජය භාරගත යුතුවේ. ඊට එක්‌ හේතුවක්‌ වන රජය විසින් පත් කළ ආණ්‌aඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණය පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටුව මඟින් නිර්දේශ කරන ලද බුද්ධාගමට අපහාස වන අන්දමේ යෝජනා පළ කිරීමට රජය ඉඩදීමය.

ලාල් විඡේනායක නමැති පුද්ගලයාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ 19 දෙනකු සිටි අතර ඉන් දෙදෙනකු හැර අන් අය අපේ මවුබිමේ බුදු දහමට දී තිබූ ඒ ඓතිහාසික පිළිගැනීම හෑල්ලුවට ලක්‌ කරමින් ඉදිරිපත් කළ යෝජනා මෙසේය. (අ) ව්‍යවස්‌ථාවේ දෙවන පරිච්ජෙදයේ ශීර්ෂය "බුද්ධාගම" නොව "ආගම්" යනුවෙන් වෙනස්‌ විය යුතුය. (ආ) ශ්‍රී ලංකා ජනරජය සියලුම ආගම්වලට සමානත්වයක්‌ දිය යුතුය. (ඇ) ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතුය. (ඈ) ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයට ආගමේ කාර්යභාරය පිළිගන්නා අතර ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතුය. (ඉ) ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම්වලට සමාන තත්ත්වයක්‌ දිය යුතුයි. යනාදියයි. මෙම යෝජනාවල සමස්‌තයක්‌ වශයෙන් ගත් කල කියවෙන්නේ අප ව්‍යවස්‌ථාවේ . 9 වන වගන්තියේ බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛ ස්‌ථානය නැති කිරීමය. ඕනෑම මුග්ධයෙකුට ඕනෑම නිර්ලඡ්ජිත යෝජනාවක්‌ කිරීමට පුළුවන. නමුත් ඒවා මහජන මුදලින් මුද්‍රණය කොට බෙදා හැරීමට පිළිවන් වන්නේ මාතෘ භූමියේ ඓතිහාසික පසුබිම ගැන කිසිම තැකීමක්‌ නැති පුද්ගලික වාසියකට මාතෘ භූමිය පාවා දෙන කුහකයෙක්‌ට පමණි. බුදු දහමට නිග්‍රහ කරන්නා වූ මෙම යෝජනා ක්‍රියාත්මක වුවද නොවුවද එය ප්‍රසිද්ධ කිරීම දඬුවම් දිය යුතු බරපතළ වරදක්‌ බැව් කවුරුත් සිහි තබා ගත යුතුය. මුස්‌ලිම් රටක ව්‍යවස්‌ථා සංශෝධනයකදී සියලුම ආගම්වලට සමතැන දිය යුතු යෑයි කවුරුන් හෝ යෝජනා කළහොත් ඔහුගේ හිස කඳින් වෙන් වෙන්නේද ආගමේ නාමයෙනි. වසර 2550 ක්‌ තිස්‌සේ පෝෂණය වූ 1815 දී බ්‍රිතාන්‍යයන් පවා අකමැත්තෙන් වුවද මුල්තැන ලබාදුන් බුදු දහමට හිමි එම උතුම් ස්‌ථානය අහිමි කිරීමට තැත් කරන්aනන්ගේ හිස්‌ අනාගතයේදී හෝ කඳින් වෙන් වීමට පටන් ගතහොත් ඊට වගකිවයුත්තේද දුෂ්aඨ ලෙස රටේ ඓතිහාසික සත්‍යය වසන් කිරීමට තැත් කරමින් ජාතිවාදය ඇවිස්‌සූ ලාල් විඡේනායක සහ ඔහුගේ නඩය බව අවධාරණය කළ යුතුවේ. උතුරු, නැගෙනහිර බුදු පිළිම කඩන්නේද, ඒවාට කළුතෙල් වත් කරන්නේද, බුදු පිළිම තැනීම තහනම් කරන යෝජනා සම්මත වන්නේද ලාල් විඡේනායකලා සහ ව්‍යවස්‌ථා සංශෝධන කුප්‍රකට ව්‍යාපෘතියේ නිර්මාතෘ ජයම්පති වික්‍රමනායකලාලබා දෙන්නා වූ "පන්නරය" නිසා බැව් අපි සියල්ලෝම දනිමු.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාවේ "ආගම" පිළිබඳ ඔවුන්ගේ නිර්දේශය මෙසේය. සෑම පුද්ගලයෙක්‌ටම තනිව අන් අය සමඟ සාමූහිකව හෝ පොදුවේ හෝ පෞද්ගලිකව හෝ එම පුද්ගලයාගේ ආගම හෝ විශ්වාසය වන්දනාමාන කිරීමේ, ඇදහීමේ, ව්‍යවහාරයේ, ප්‍රචාරණයේ සහ ඉගැන්වීමේ නිදහස සෑම පුද්ගලයකුටම/පුරවැසියකුටම හිමි වන්නේය. සංස්‌කෘතිය සම්බන්ධයෙන් ඔවුන්ගේ නිර්දේශය මෙසේය. "සෑම පුද්ගලයකුටම/පුරවැසියකුටම තනිව හෝ අන් අය සමඟ එක්‌ව එම පුද්ගලයාගේ/පුරවැසියාගේ සංස්‌කෘතිය භුක්‌ති විඳීමට හා ප්‍රවර්ධනය කිරීමට හිමිකම් ඇත්තේය" යනුවෙනි.

ඉතා සරල භාෂාවෙන් කිවහොත් මෙම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් නිර්දේශ කරන්නේ ඕනෑම විදේශිකයකුට හෝ රටේ පුරවැසියකුට තම ආගම සහ සංස්‌කෘතිය ප්‍රචාරණය/ප්‍රවර්ධනය කළ හැකි බවයි. අද රටේ පවතින නීතිය අනුව ආගම ප්‍රකාශ කළ හැක්‌කේ පුරවැසියෙක්‌ට පමණක්‌ වන අතර, කිසිම පුරවැසියෙක්‌ට පවා ආගම/සංස්‌කෘතිය ප්‍රචාරණය කළ නොහැක. නමුත් මෙම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් විදේශිකයකුට පවා එම අයිතිය ලැබෙනු ඇත. එවිට සිදු වන්නේ කුමක්‌ද?

එදා අපේ ආක්‍රමණිකයන්, පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසින් අපේ රටේ සමහරුන් කතෝලික, ක්‍රිස්‌තියානි ආගමට හැරවූයේ උන්ගේ ආගම ප්‍රචාරණය කළේ කඩුවේ බලයෙනි. මවුවරුන්ගේ ඇකයේ කිරි බොන කිරිකැටියන් උඩ දමා අසිපතෙහි තුඩ අල්ලා පවුල් පිටින් භීතියට පත් කොට සිංහල බෞද්ධයන් තම ආගමට හරවා ගත් අයුරු අපි කියවා ඇත්තෙමු. අද අපේ රටේ කතෝලික, ක්‍රිස්‌තියානි බැතිමතුන් සිsටියද 1505 ට පෙර එනම් පෘතුගීසින් මෙහි පැමිණිමට පෙර සිටි ඔවුන්ගේ මී මුත්තෝ සියලු දෙනා සිංහල බෞද්ධයෝ වූහ. ඔවුන් බුද්ධාගම අත්හලේ බොහෝ විට මරණයට බියෙනි. අන්ආගමික ආක්‍රමණිකයෝ උන්ගේ ආගම මෙහි ප්‍රචාරණය කළේ බලයෙනි. නමුත් අද රටේ නීතියට අනුව කිසිවකුට බලයෙන් තම ආගම ප්‍රචාරණය කළ නොහැක. එසේම සදාචාරත්මක නොවන අයුරින්, එනම් ද්‍රව්‍යමය තෑගි ලබා දෙමින් වංචාවෙන් ලෙඩ සුව කරන මුවාවෙන් යනාදී වශයෙන් අනියම් ක්‍රමයකින් හෝ ආගම පතුරුවා හැරිය නොහැක. අද මූල ධර්මවාදීන්ට තමන්ට රිසිසේ තම ආගම ප්‍රචාරය කළ නොහැක්‌කේ එබැවිනි. නමුත් මෙම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් එම මූලධර්මවාදීන්ට සහ මෙහි පැමිණෙන විදේශිකයන්ට ඩොලර් කෝටි ගණන් විසි කොට, තෑගි බෝග, ශිෂ්‍යත්ව යනාදිය පිරිනමා අපේ රටේ දුගී දුප්පත් බෞද්ධ ජනතාව උන්ගේ ආගමට හරවා ගැනීමට බොහෝ සේ ඉඩ තිබේ. එදා පෘතුගීසින් සහ ඉංගී්‍රසින් තම කඩුවෙන් කළ දේම උන්ගේ ධනයෙන් කිරීමට පූර්ණ නිදහස මෙම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ලැබේ.

හම්බන්තොට අක්‌කර 15,000 ක්‌ විදේශිකයන්ට විකිණීමට තීරණය කර හමාරය. දිවයිනේ අන්පෙදෙස්‌ද වර්තමාන රජයේ දුර්දාන්ත ආර්ථික ප්‍රතිපත්තිය අනුව විදේශිකයන් අරක්‌ ගනු ඇත. එවිට ඔවුන්ට තමන්ගේ බලය, මුදල් වැය කොට තම ආගම සහ සංස්‌කෘතිය අපේ රටේ ජනතාව මත පැටවිය නොහැකිද? එසේ නම් මේ සම්පූර්ණ වෑයමම අපේ මාතෘ භූමියේ සිංහල බෞද්ධ අනන්‍යතාවය විනාශ කිරීම නොවේද?

මෙවන් තත්ත්වයකට එනම් බුදු පිළිම කඩන, ඊට අදාළ යෝජනා සම්මත කරන, බලයෙන් අනියම් මාර්ගයෙන් බෞද්ධයන් අන්‍යගාම්වලට හැරවීමට ව්‍යවස්‌ථා සංශෝධන කරන තත්ත්වයකට අප කිසිසේත් ඉඩදිය යුතු නොවේ. මන්ද අප රට සිංහල බෞද්ධ රටක්‌ බැවින් වෙනත් ආගම් අදහන අයට ඒ ඒ ආගම් ඇදහීමට පූර්ණ නිදහස ඇතිමුත් අනියම් මඟින් වංචාවෙන් තම ආගමට පුද්ගලයන් බඳවා ගැනීම බෞද්ධයන් වශයෙන් අපි අනුමත නොකරමු. ඉඩ නොදෙමු.

වසර 2550 ක්‌ මුළුල්ලේ සතුරු ආක්‍රමණයන්ගෙන් මේ රට ආරක්‌ෂා කළේ සිංහලයන්ය. අපේ රජවරු යුද්ධ කළේ රටේ ඒකීය භාවය රැකීමටත් බුද්ධ ශාසනය රැකීමටත්ය. දුටුගැමුණු කුමරු එළාර සමඟ යුද්ධයට යන විට කීවේ "මාගේ මේ ව්‍යායාමය රජසැප විඳීමට නොව බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා බවය." දුටුගැමුණුගේ සේනාව සමඟ රහතන් වහන්aසේලා 500 නමක්‌ද ටික දුරක්‌ වැඩිය බව පොතෙහි සඳහන් වේ. දුටුගැමුණු රජු යුද්ධය දිනා පළමුවෙන්ම කළේ තමන්ට මාලිගාවක්‌ සෑදීම නොව තම ජයකොන්තය නිදන් කොට මිරිසවැටිය සෑදීමය. ඉන්පසු ලෝවාමහාපායද, පසුව ස්‌වර්ඥ ධාතු 1/8 ක්‌ නිදන් කොට රුවන්වැලිසෑයද තැනවීමය.

වලගම්බා රජුද දාඨිය, පීඨිය, දරියමාර, පලියමාර යනාදී පස්‌ ද්‍රවිඩයන් සමඟ සටන් කොට යුද්ධය දිනා පළමුවෙන්ම කළේ විනෝද උයන් සෑදීම නොව ලොව විශාලතම ගඩොල් ස්‌ථුපය වූ අභයගිරිය සෑදීමය. බැමිනිටියා සාය දුර්භික්‌ෂයෙන් ආහාර නැතිව 24,000 ක්‌ රහතන් වහන්සේලා සිතුල්පව්වේදී අපවත් වන විට අපේ හාමුදුරුවරු කරකොළ වළඳමින් කළේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමයි. දේවානම්පියතිස්‌ස රජු මිහිඳු හිමිට අතපැන් වත්කොට මේ රට බුදු සසුනට පූජා කළේය. දුටුගැමුණු රජු මේ රට තුන් වතාවක්‌ ශාසනයට පූජා කළේය. කිත්සිරිමෙවන් රජ මේ රට ශ්‍රී දළ¹ වහන්සේට පූජා කළේය. මේ මාතෘ භූමියේ හැම බිම් අඟලක්‌ම, පස්‌ පිඬැල්ලක්‌ම වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ බුද්ධ ශාසනයට පූජා කර හමාරය. සිංහලයන් විසින් ආරක්‌ෂා කළ බුද්ධාගම පවතින මේ රට සිංහල බෞද්ධ රටක්‌ නොවේ යෑයි පැවසිය හැක්‌කේ ඉතිහාසය නොදන්නා නිකමෙකුට පමණි. එය එසේ යෑයි කීමට බිය වන්නේ නිවටයෙක්‌ පමණි.

එදා බෞද්ධ රටවල්ව පැවැති මැලේසියාව, මාලදිවයින, ඇෆ්ගනිස්‌ථානය, ඉන්දුනිසියාව අද මුස්‌ලිම්වී හමාරය. එදා ඉන්දියාවේ නාලන්දාවේ භික්‌ෂුන් වහන්සේලා දසදහසක්‌ හීල් දානය වළඳමින් සිටින විට මෝගල්වරු 600 ක්‌ කඩු අමොරා එන කල උන්වහන්සේලා සටන්a නොකොට මරණානුස්‌මෘති භාවනාව වැඩු නිසා මෝගල්වරුනට භික්‌ෂුන් වහන්aසේලා සියල්ල ඝාතනය කොට නාලන්දාව ගිනිබත් කිරීමට හැකි විය. ඉන්දියාවේ බුද්ධාගම නැති වී යැමේ ආරම්භය එයයි.

නමුත් අපේ මවුබිමේ බුද්ධ පුත්‍රයන් එසේ හැසිරුණේ නැත. උන්වහන්සේලා දිවි හිමියෙන්, දිවි කැප කොට රටත් ශාසනයත් ආරක්‌ෂා කළ අයුරු සියල්ලන් දැනගත යුතුය. ථෙරපුත්තාභය සිවුරු හැර සේනාවට බැඳී යුද්ධ කොට, ජය ලබා නැවත පැවිදි වී රහත් වූ බැව් අප අසා ඇත්තෙමු. වලගම්බා රජුට පිහිට වූයේ කුපික්‌කල මහා තිsස්‌ස හිමියන්ය. මහා පැරකුම්බා රජුට ගුරු වූයේ දිඹුලාගල කාශ්‍යප හිමියන්ය. ඉහගම හිමි මොනරවිල කැප්පෙටිපොලට කඩුව දී කීවේ රාජෙද්‍රdaහී වුවාට කමක්‌ නැහැ නමුත් දේශෙද්‍රdaහී නොවන ලෙසයි. කුඩාපොල හිමියන්ට ඉංගී්‍රසින් වෙඩි තබා මරණ ලදී. වාරියපොල සුමංගල හිමි ඉංගී්‍රසි කොඩිය බිම දමා සිංහල කොඩිය යළි නැංවූ අයුරු අප මතක්‌ කර ගත යුතුය. 1815 රට බ්‍රිතාන්‍යයන්ට යටත් වන විට එම උඩරට ගිවිසුමෙහි පවා බ්‍රිතාන්‍යයෝ බුද්ධාගමට මුල්තැන දෙන බව සපථ කරන ලදී. ඒ මේ රට සිංහල බෞද්ධ බැවිනි. මේ රට රැක්‌කේ සිංහලයන් බැවිනි. එවන් වූ ඓතිහාසික පසුබිමක්‌ තිබෙන අපේ රටේ බුදු දහමට/බුදු සසුනට යමෙක්‌ අනර්ථයක්‌ කිරීමට සැරසේ නම් අපේ ආදීයයන් මෙන් අපද දිවිහිමියෙන් එය වළකාලන බව අදාළ සියලුම ෙද්‍රdaහීන් විසින් දැන ගත යුතුයි.



යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

2/07/2017

කොටි හිතවාදී චුලානන්දට සරත් වීරසේකරගෙන් පිළිතුරක්

කතෘ:යුතුකම     2/07/2017   1 comment
-රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර-
සිළුමිණ පුවත්පතට “සාහිත්‍ය දෙසුම්ද අදහස් දැක්වීම්ද” යන මැයෙන් චූලානන්ද සමරනායක විසින් ලියන ලද ලිපියට පිළිතුරකි

මා විසින් “දේශපාලඥයින්ට සාහිත්‍ය දෙසුම් අකැපද” යන මැයෙන් කමල් පෙරේරාගේ ලිපියට දුන් පිළිතුරට චූලානන්ද ඉහත සඳහන් ලිපියෙන් ප්‍රතිචාර දක්වා තිබුණි. ඔහුට අනුව, මා විසින් එදා කළුතර සාහිත්‍ය උළෙලේදී කරන ලද දේශනය අතරතුර ඔහු ශාලාවෙන් පිටව ගියේ, මා ලියා ඇති පරිදි රණවිරුවා අගය කිරීමට කවියකින් හෝ දායකවීමට නොහැකිවීම නිසා ඇතිවූ ලජ්ජාව නිසා නොව, මගේ කතාවෙන් උකහා ගැනීමට කිසිවක් නොමැතිව කාලය අපතේ යාම පිළිබඳව ඇතිවූ ලප්ජාව නිසාය. කතාවේ උකහා ගැනීමට කිසිවක් ඇත්ද නැත්දැයි යන්නසෙවීමට කතාව අවසන්වන තුරු සිටිය යුතුය. එසේ නොකොට කතාවේ උකහාගැනීමට කිසිවක් නැතැයි කීම බාල ප්‍රකාශයකි.

ආරාධනා පත්‍රයක් මඟින් සංවිධායක මණ්ඩලයෙන් නිල වශයෙන් දේශනයකට ආරාධනා ලද අමුත්තෙක් සිය කතාව ආරම්භ කළ පසු සභාවේ සිටින කෙනෙක් අසුනින් නැගිට පිටව යන්නේ වෙන කිසිවක් නිසා නොව දේශකයාට ඇති අකමැත්ත නිසා ඔහුට විරෝධය පෑමටය. දේශනය ආරම්භ වීමට ප්‍රථම ශාලාවෙන් පිටව යාමට ඕනෑතරම් කල් තිබුණද එසේ නොකොට, දේශනය අතරතුරේ කාටත් පෙනෙන්නට නික්ම යන්නේ දේශකයාට මෙන්ම ඔහුට ආරාධනා කළ සංවිධායක මණ්ඩලයටද “අපහාස” කිරීමටය. සාහිත්‍යධරයකු වත් සාමාන්‍ය ශිෂ්ට මිනිසකුවත් එසේ හැසිරෙන්නේ නැත. එවන් දෙයක් හිතාමතාව කළ හැකි කලාකරුවෙකුත් නොවන, මහත්මයෙකුත් නොවන, රසවතෙකුත් නොවන, නිකම්ම නිකම් ‘හිස්’ මිනිසකුට පමණි.

චූලානන්ද මා ජාතිවාදියකු ලෙසද හඳුන්වයි. නමුත් ඔහු ‘ජාතිවාදය’ සහ ‘ජාතිවාත්සල්‍ය’ යන වදන් දෙකෙහි වෙනස නොදනී. ‘ජාතිවාදය’ යනු තමන්ගේ ජාතිය උතුම්යැයි සිතමින් අන්‍ය ජාතීන් පාගා දැමීමය. ‘ජාතිවාත්සල්‍ය’ යනු තමන්ගේ ජාතියට යම් උවදුරක්වන්නේ නම් දිවි හිමියෙන් එය වැළැක්වීමට ඉදිරිපත් වන හැඟීමය. යුද සමයේ චූලානන්ද උතුරට ගොස් ඇත්දැයි මා නොදනිමි. නමුත් වසර ගණනාවක් උතුරේ සිට ඇති අප දෙමළ ජනතාවට විවිධ අවස්ථාවල අපගේ රුධිරය පරිත්‍යාග කොට ඇත. අපේ බත්පත් ඔවුන් සමඟ බෙදාගෙන අනුභව කොට ඇත. අපේ ජීවිත පරදුවට තබා අහිංසක දෙමළ ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුද‍ා ඇත. අපේ පුද්ගලික මුදල්වලින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ඇත. ‘ජාතිවාදී’ සිංහයෝ කවදාවත් එසේ නොකරති. මා හට ජාතිවාදියා යැයි වක්‍රව පවසන චූලානන්ද තම ජීවිත කාලය තුළදී පීඩිත දෙමළ ජනතාවට තම රුධිරය කෙසේ වෙතත් එක යෝගට් කෝප්පයක්වත් අරන්දී ඇත්ද? දෙමළ නොදරුවන් බලෙන් තම සංවිධානයට බඳවා ගන්නා කොටි ත්‍රස්තයින්ට එරෙහිව එක වචනයක් හෝ දොඩා ඇත්ද? චූලානන්ද වැන්නන් අද ‘ජාතිවාදය’ යන්න පාවිච්චි කරන්නේ විලාසිතාවක් මෙන් මිස එහි නියම අර්ථය පිළිබඳව ඇති කිසිම අවබෝධයකින් නොවේ. ‘සිංහල’ යන වචනය ඇසූ පමණින් මීහරක් මෙන් කුලප්පු වෙන බො‍හෝ අය ‘දෙමළ’ සහෝදරයන්ට ශත පහකින් හෝ උදව්වක් කළ අය නොවෙති.

මට ඇත්තෙන්ම චූලානන්ද පිළිබඳව අනුකම්පාවක් සිතේ. එසේ වන්නේ “සම්ප්‍රදායික” යුද්ධය සහ “ත්‍රස්තවාදයට එරෙහිව කරන සටන” අතර ඇති වෙනස පිළිබඳව කිසිදු අවබෝධයක් ඔහුට නොමැති බැවිනි. අපේ රටේ දශක 3ක් තිස්සේ තිබූ යුද්ධයේ රණවිරුවා දිරිමත් කරන සිනමාපට බිහිවුණේ නැතැයි මා විසින් කරන ලද ප්‍රකාශයේම “කලාකරුවා” පිළිබඳව වටහා ගැනීමට මා තුළ තිබෙන අසමත්කම විදහාපාන බව ඔහු කියයි. කලාකරුවා / සාහිත්‍යකරුවා “යුද්ධය” වෙනුවෙන් නොව ‘මනුෂ්‍යත්වය’ වෙනුවෙන් පෙනී සිටින බව කියන චූලානන්ද වියට්නාම් යුද්ධයට එරෙහිව කරන ලද සිනමාපට ඇගැයෙන බවත් මොහොමඩ් අලී වීරයෙක් වුණේ බොක්සිං වළල්ලේ පෑ දස්කම්වලට වඩා වියට්නාම් යුද්ධයට විරුද්ධවීම නිසා බවද පවසයි. චූලානන්ද වරද්දා ගෙන ඇත්තේ එතැනය.

ශිෂ්ට සම්පන්න කොයි මිනිසාත් යුද්ධයට විරුද්ධය. නමුත් ඔවුන් එසේ විරුද්ධ වන්නේ “ආක්‍රමණික” යුද්ධයකට මිස “ආරක්ෂක” යුද්ධයකට නොවේ. අමෙරිකාව වියට්නාමයේ ගෙනගිය යුද්ධයට මොහොමඩ් අලී පමණක් නොව අපද විරුද්ධය. නමුත් අපේ රටේ තිබුණේ එවන් යුද්ධයක් නොවේ. තිබුණේ රණවිරුවන් විසින් දියත් කළ අහිංසක ජනතාව, උපාසිකාවන්,සාමණේර හිමිවරු කපා කොටා මරා දමන මිනීමරු ත්‍රස්තයින්ට එරෙහි යුද්ධයකි. රණවිරුවා යුද්ධ කළේ තම සහෝදර ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කිරීමටය. එවන් ‘යුද්ධයක්’ අමෙරිකාව වියට්නාමය ආක්‍රමණය කළ ‘යුද්ධයට’ සමාන කළ හැක්කේ රටේ සිදුවන දේ ගැන අල්ප මාත්‍රයකුදු දැනීමක් / හැඟීමක් නොමැති පුද්ගලයෙක්ට පමණි.

මා චූලානන්දට ඉතා සරල උදාහරණයක් පෙන්වමි. එයට ඔහුගේ පිළිතුර ඊළඟ සතියේ බලාපොරොත්තු වෙමි. චූලානන්දගේ නිවසට රාත්‍රියේ අපරාධකරුවෙක් ඇතුළු වී ඔහුගේ බිරිය දියණිය දූෂණය කොට මරා දැමීමට තැත් කරන්නේ යැයි සිතමු. මනුෂ්‍යත්වය අගයන සාහිත්‍යධරයකු වන චූලානන්ද එවිට කරන්නේ කුමක්ද? නිවටව, බියගුළුව තමන්ගේ පණ බේරාගෙන පෑල දොරින් පැන යාමද? හිංසාකිරීම, මිනීමැරීම ‘මනුෂ්‍යත්වයට’ එරෙහි බැවින් අපරාධකරුවාට ඕනෑම දෙයක් කරන්න ඉඩදී බලාසිටීමද, එසේත් නැත්නම් අතේ තිබෙන කුමන ආයුධයකින් හෝ පහරදී අපරාධකරුවා මෙල්ලකොට හෝ මරාදමා ‍හෝ තමාගේ බිරිය , දියණිය බේරාගැනීමද? දරුවන්ට බිරියට ඇත්තටම ආදරය කරන සුජාත මිනිසෙක්නම් චූලානන්ද කරනුයේ තුන්වෙනි ක්‍රියාවයි.

අපේ රණවිරුවන්ද කළේ චූලානන්ද කරන දේමය. මායිම් ගම්මානවල අහිංසකයින් කපා කොටා මරා දමන, ශ්‍රීමහා බෝධිය අභියස සිල්ගත් උපාසිකාවන් වෙඩිතබා මරා දමන ත්‍රස්තයින් සමඟ යුද්ධකොට උන් විනාශ කොට තම සහෝදර ජනතාව මරුමුවින් බේරාගැනීමය. තමාගේම බිරිඳ / දියණිය මරාදැමීමට පැමිණෙන අපරාධකරුවා සමඟ සටන්වැද ඔවුන් බේරාගැනීමට ඉදිරිපත් වන චූලානන්ද තම මවුබිමේ බිරියන් / දියණියන් / පුතුන් මරා දැමීමට පැමිණෙන ත්‍රස්තයා හා සටන් කිරීම මහා අපරාධයක් යැයි ද එය මනුෂ්‍යත්වයට එරෙහි යැයිද පවසයි නම් ඔහු කුමන අන්දමේ කුහකයෙක් විය යුතුද?

නමුත් යථාර්ථය එය නොවේ. රටේ අහිංසකයින් නිකරුනේ මරාදමන මිනීමරුවන්ට එරෙහිව රණවිරුවන් කරන “යුද්ධය” රටවල් දෙකක් අතර කෙරෙන සාම්ප්‍රදායික යුද්ධය සමඟ පටලවා ගැනීමට තරම් චූලානන්ද හෝ ඔහු සාහිත්‍ය සහචරයෝ හෝ අත දරුවෝ නොවෙති. ඒ ‘වෙනස’ හොඳින් දැන දැනම මනුෂ්‍යත්වයේ නාමයෙන් යැයි පවසමින් අපේ රටේ පැවති යුද්ධය හෙළා දකිමින්, රණවිරුවා හෑල්ලුවට / අධෛර්යට පත් කරමින්, රණවිරුවා බාල්දුකරන සිනමාපට අගයමින් කටයුතු කළ හැක්කේ ඩොලර්වලට ජාතිය පාවාදෙන දේශද්‍රෝහීන්ට පමණි.

මා හඳගමගේ චිත්‍රපටවලට විරුද්ධ වූයේ ද ඒ පදනම මතය. ඔහුගේ චිත්‍රපට‍වලින් කළේ යුද කරන සෙබළාව අධෛර්ය කිරීම සහ සෙබළ බිරියගේ ආත්ම ගෞරවය කෙලෙසා දැමීමය. චූලානන්ද කියන පරිදි ඔහු සමීප වන්නේ එවන් වූ නිර්මාණකරන සිනමා කරුවාටය. ත්‍රස්තවාදය යන්න ඇතිවීමට පාදකවන හේතූන් සාධාරණ අසාධාරණ වුවත් ත්‍රස්තවාදය කෙසේවත් සාධාරණීය කළ නොහැක්කේ එයින් මිය යන්නේ එකී හේතූන්වලට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයින් නිසාය. එසේම ත්‍රස්තවාදයේ අතරමැදියෙක් නොමැති බව ලොව පිළිගත් න්‍යායකි. එක්කෝ නුඹ ත්‍රස්තවාදියෙක්, නැත්නම් නුඹ ත්‍රස්තවාදියෙක් නොවේ. ත්‍රස්තයාට සෘජුව / වක්‍රව සහාය දෙන්නාද ත්‍රස්තයාට ‘එරෙහි’ යුද්ධය හෙළා දකිමින්, රණවිරුවා හෑල්ලුකරමින් තස්ත්‍රයාට තම අරමුණ කරා යාමට වක්‍රව උපකාර කරන්නන්ද ත්‍රස්තවාදී ගනයට වැටෙන්නේ එපරිද්දෙනි.

චූලානන්ද කියන පරිදි ඔහු සහ ඔහුගේ සගයන් පක්ෂ වන්නේ මරණය කරා යුද්ධයට තරුණයන් දක්වන ප්‍රචාරකවාදී සිනමාපටවලට නොව යුද්ධය පිළිකෙව් කරන මනුෂ්‍යත්වය අවදිකරන සිනමාපටවලටය. සරල භාෂාවෙන් කිවහොත් යුද්ධයට තරුණයින් දිරිගන්වන දේශාභිමානී චිත්‍රපට නොව ත්‍රස්ත මිනීමරුවන්ට එරෙහිව කරන යුද්ධය පිළිකෙව් කරන චිත්‍රපටය. එසේ නම් චූලානන්දට අනුව ත්‍රස්තයන් තමන්ට රිසිසේ අහිංසකයින් ඝාතනය කරන විට අපි ඊට විරුද්ධව සටන් නොකොට මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔහේ බලාසිටිය යුතුය. යුද්ධ නොකොට ත්‍රස්තයා ඉල්ලන “ඊළම” ලබාදිය යුතුය. චූලානන්දලා වැනි සාහිත්‍යධරයෝ සිටින්නේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් විය යුතුය. ඒ අය තවමත් නිරුපද්‍රිතව රටේ ජීවත්ව සිටීම ගැන අපේ රටේ සිංහල බෞද්ධයින්ට අප ස්තූතිවන්ත විය යුතුය.

චූලානන්ද අවසානයේදී එදින මා විසින් කියන ලද සෙබළුන් බංකරවල ලියා තිබූ කවි දෙකද කදිම ලෙස විග්‍රහ කර සිටී. එම කවිවල අර්ථයන් වචනයේ පරිසමාප්තයෙන්ම රැගෙන චූලානන්ද ඒ තුළින් හමුදාව තුළ ඇති පන්තිබේදය නිලතල ගැටුම් යනාදිය ගැන සාක්ෂි දරන බව මහා විශ්ලේශකයෙකු සේ ප්‍රකාශ කර සිටී.

නෑසිය මිතුරන්ගෙන් ඈත්වී, විශේෂයෙන්ම යුද සමයේ, ඉතා කර්කශ , කටුක, ජීවිතයක් ගෙවන සෙබළෝ/ නිලධාරියා මඳකට හෝ අස්වැසිල්ලක් ලබනුයේ රණබිමේ මතුවන හාස්‍ය (Humour) තුළිනි. එකිනෙකාට පද බඳින “උපහාස” තුළිනි. ඒවා හුදෙක් හාස්‍ය / උපහාසය මත පදනම් වූවක් මිස ද්වේශයකින් / වෛරයකින් උපදින්නක් නොවේ. නිලධාරියාට පමණක් තෝරා බේරා කොටි ගසන්නේ නැති බව රණබිමක්, යුදපිටියක් දැකනැති චූලානන්දට නොතේරේ. එසේ කියන සෙබළාම ඊට පසුවදා ස්වෙච්ඡාවෙන්ම “උඩවතුර” බාල්දිය නිලධාරියාට දෙන්නේ බයට නොව ඔහුට ඇති ගෞරවය නිසාය. මන්ද ඔවුන්ට යුද පිටියේ යුද නායකත්වය දෙන්නේ නිලධාරියා බැවිනි. ඩෝරා යාත්‍රාවල නැවියන් / නිලධාරීන් කන්නේ බොන්නේද, සටන් කරන්නේද මිය යන්නේ ද එකටය. හමුදාව තුළ නිලතල ඇත්තේ “අණ සහ පාලනය” පිණිස මිස පන්තිබේදය ඇති කිරීමට නොවේ. එවන් වූ රසවත් කවි සභාවේ කියන විට මිනිසුන් එය සිනහවෙමින් රසවිඳින්නේ සෙබළාගේ හාස්‍ය, උපහාසය, රසඥතාවය පිළිබඳව ඇතිවන ආනන්දජනක හැඟීම තුළිණි. එවන් වූ කවියක් තුළින්ද හමුදාවේ වැරදි සෙවීමට මාන බලන්නේ හමුදාව පිළිබඳව හෝ කවිත්වය පිළිබඳව වත් හසරක් නොදන්නා නිකමුන් පමණි.

චූලානන්ද මා කියූ කවියේ උපහාසය / හාස්‍යය පසෙකලා වචනයේ පරිසමාප්තියෙන්ම එහි අර්ථය ගෙන විග්‍රහ කරයි. එවන් වූ චූලානන්ද නම් සාහිත්‍යධරයා “අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉනිමං බඳිනු බැරී” යන ගීත පද මාලාව විග්‍රහකරන අන්දම මට සිතාගත හැක. අහසෙහි ඉනිමං බැඳීම කෙසේවත් කළ නොහැක. එය බැරි බව සියල්ලන්ම දනී. එය අද රටේ පවතින පුරුෂාධිපත්‍යයද, පීඩිත, අතරමංකළ කාන්තාවන්ගේ ශෝකාලාපය පිළිබඳවද සාක්ෂි දරයි” යනුවෙනි. මෙන්න අපේ සාහිත්‍යයට ගිය කල. සාහිත්‍ය සභාවකදී, ලියෝ ටෝල්ස්ටෝයි සහ ගුස්ටාජ් ෆ්ලෝබයා ගේ ග්‍රන්ථ ගැනද, ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ රාහුල හිමිගේ කෘති ගැනද, අමරදේවයන් ගායනා කළ දේශාභිමානී ගීත ගැනද “අදහස්” ප්‍රකාශ වන විට මෙවැන්නන් සභාවෙන් නික්ම යෑම පුදුමයට කරුණක් නොවේ.

-රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions