8/11/2015

මහින්ද රාජපක්‍ෂ අපට මෙතරම්ම ඕනෑ ඇයි? >

කතෘ:යුතුකම     8/11/2015   No comments




මේ දිනවල මහින්ද රාජපක්‍ෂ වලදැමිය යුතු යයි කියන පිරිස් රටේ මහජනයාට කියන්නේ කාට ඉඩ දුන්නත් මහින්ද රාජපක්‍ෂට නම් දශමයකින්වත් ඉඩක් නොදිය යුතු බවයි. මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව ඔවුන් විසින් එල්ල කරන කර්කශ සහ ද්වේශ සහගත වාග් ප‍්‍රහාර කිසිදිනෙක ප‍්‍රභාකරන්ට විරුද්ධව එල්ලකොට නැත. මහ පොළොව නුහුලන තරම් බොරු, පට්ටපල් බොරු, ද්වේශ සහගත අවලාද සහ චෝදනා එල්ලකොට සුළු ජාතික ජනතාවගෙන් අති බහුතරයක් සහ සිංහල බෞද්ධ ජනතාවගෙන් සුළුතරයක් රවටා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට ඔවුන් සමත් විය.
එහෙත් ඉන්පසුව ඔවුන් දිගින් දිගටම ඔහුට විරුද්ධව ද්වේශය වැපිරුවා මිස රටේ යහපාලනයක් වැපිරුවේ නැත. යහපාලන දින 100 ඇතුලත ඔවුන් පළමුව කළේ මහින්ද රාජපක්‍ෂ මහතාට එල්ල කළ චෝදනා වමාරා කෑමය. මහින්ද රාජපක්‍ෂ පාලනය තුළ කිසිදිනෙක සිදුනොවූ ආකාරයට අමු අමුවේ මහබැංකුවේ මුදල් ගසාකමින් කෝට් 6000 ඉක්මවා යන පාඩුවක් රජයට සිදු කිරීම යනු ඔවුනට සුළු දෙයකි. දැන් සාමාන්‍ය මහජනයා ප‍්‍රශ්න කරන්නේ දින 100 ට එහෙම නම් අවුරුදු 05 ක් දුන්නොත් කොහොම හිටීද යනුවෙනි.

මහින්ද විරෝධීන් වපුරන වෛරය කාගේ වෛරයක්ද?



මහින්ද රාජපක්‍ෂ යනු ලෝකයේ කිසිදු රටක නොකල ආකාරයට අධිරාජ්‍යවාදීන්ගේ මිනීමරු කුලී හමුදාවක් පරාජය කොට සුනු-විසුනු කළ නායකයෙකි. යුද්ධයේ අවසාන මොහොතේදී තම කුලී හමුදාවේ නායකයා බේරාදෙන ලෙස අධිරාජ්‍යවාදී නායකයින් දෙදෙනෙකු විසින් කළ ඉල්ලිම ඔහු ප‍්‍රතික්ක්‍ෂ්ප කළේය. ඒ නිසා මහින්ද රාජපක්‍ෂගෙන් පළිගැනීමේ බරපතල චේතනාවක් බටහිර සහ ඉන්දියානු රාජ්‍යයන්ට ඇත. එපමණක් නොව ලෝකයේ අප වැනි රටවල පාලකයින්ට මහින්ද රාජපක්‍ෂ කළ දේ නොකිරීම සඳහා පාඩමක් ඉගැන්වීමේ උවමනාවද ඔවුනට ඇත. ඒ සඳහාද මහින්ද රාජපක්‍ෂගෙන් පලිගැනීම අවශ්‍ය වේ. ඒ සියල්ලට අමතරව අධිරාජ්‍යවාදී බෙදුම්වාදී බලවේග පුන පුනා කියා ඇති පරිදි මහින්ද රාජපක්‍ෂ බලයේ සිටින තුරු ශ‍්‍රී ලංකාව බෙදා වෙන්කර ඔවුන්ගේ යුද තිප්පොලක් බවට පත්කරගත නොහැක. ඔහු බලයෙන් පහකිරීම ඔවුන්ගේ ජයග‍්‍රහණයේ පූර්ව කොන්දේසියකි. අද මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශීය සතුරන් විසින් ඔහුට විරුද්ධව එල්ලකරන්නේ ඔවුන්ගේ විදේශීය මිතුරන්ගේ වෛරය බව ඉතා පැහැදිලිය. මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කිරීමේ කොන්ත‍්‍රාත්තුව සඳහා තුටු පඬුරු ලෙස ඔවුන් අතට රාජ්‍ය බලය ලැබේ. එසේ රාජ්‍ය බලය ලබාගැනීමෙන් පසුව රට බෙදා වෙන්කරන තෙක් ඔවුනට ඉටු කිරීමට සිදුවන්නේ පළමු කොන්ත‍්‍රාත්තුවේම ඉදිරි පියවරකි.

සුළුතරයේ බහුතරය බහුතරයට කොකා පෙන්වූ හැටි.


මහින්ද රාජපක්‍ෂ මහතාගේ සතුරන්ගේ අංක ගණිතයට අනුව දෙමළ බෙදුම්වාදී පෙරමුණට දිනාගත හැකි උතුරු-නැගෙනහිර දෙමළ ඡුන්ද ප‍්‍රතිශතයක් ඇත. එය දළ වශයෙන් 80% කි. මුස්ලිම් ඡුන්ද සහ වතුකරයේ දෙමළ ඡුන්ද බහුතරය ඊට එකතුකරගතහොත් සිංහල බෞද්ධ ඡුන්ද සුළු ප‍්‍රමාණයකින් මහින්ද රාජපක්‍ෂ පරාජය කළ හැකි බව ඔවුන්ගේ තක්සේරුව විය. එම කොන්දේසිය ඉටුකර ගැනීම සඳහා ඔවුහු ක‍්‍රමවේද දෙකක් අනුගමනය කළහ. පළමුවැන්න බෞද්ධයා ගැන ‘ලොකුවට’ කථාකරන පිරිසක් යොදාගනිමින් මුස්ලිම් අන්තවාදීන්ට වාසිසහගත වන ලෙස සාමාන්‍ය මුස්ලිම් ජනයා අන්තවාදීන්ගේ ගොඩට තල්ලූ කිරීමය. අද ඒ අන්තවාදීන් වර්ග දෙකම අලියා පිට නැගී සිංහල බෞද්ධ බහුතරයට උපහාසයෙන් සිනහසෙන ආකාරය සිහි බුද්ධිය ඇති සිංහල බෞද්ධයාට නම් දැකගත හැක. ඔවුන්ගේ දෙවන උපක‍්‍රමය වතුකරයේ දෙමළ නායකයින් විවිධ වරදාන හරහා දිනාගැනීමය. ඒ හරහා මුස්ලිම් ඡුන්ද ගොඩට වතුකරයේ ඡුන්ද ගොඩ එකතු කරගැනීමට ඔවුන් සමත් විය. මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්නේ ඒ මෙහෙයුම විසින් මිස සිංහල බෞද්ධ බහුතරය ඔහුට දෝහී වීම නිසා නොවේ.

සිංහල බෞද්ධ සුළුතරය ගොනාට ඇන්දවීම.


ජනාධිපතිවරණයේදී උතුරු-නැගෙනහිර මැතිවරණ දිස්ත‍්‍රික් 05 ක හැර සිංහල බෞද්ධ බහුතරයක් වාසය කරන ඉතිරි දිස්ත‍්‍රික් 17 ක මහින්ද රාජපක්‍ෂ මහතා 50% වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් ලබාගෙන ජයග‍්‍රහණය කළේය. ඒ අනුව ඔහු පරාජය වූයේ උතුරු- නැගෙනහිර වැඩි ඡුන්ද ප‍්‍රමාණය නිසාය. වෙනත් වචන වලින් කියනවා නම් සිංහල-බෞද්ධ ඡුන්ද තව ලක්‍ෂ 02 ක් මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබුනා නම් සතුරාගේ කුමන්ත‍්‍රණය සාර්ථක වන්නේ නැත. එසේ සිංහල බෞද්ධ බහුතරයේ සුළුතරයක් රැුවටීම සඳහා සතුරා භාවිතා කළේ ගොබෙල්ස් න්‍යායයි. එනම් බොරුව සිය දහස් වාරයක් කීමෙන් එය සත්‍යයක් ලෙස මානසිකව ඒත්තු ගැන්වීමය. ඒ අනුව ඔවුහු මහින්ද රාජපක්‍ෂ පවුල පාරවල් වලින් කොමිස් ගැසූ බවට, ලැම්බෝගිනි සහ රත්තරන් වැසිකිළි පාව්ච්චි කරන බවට සහ විදේශ බැංකු වල ඩොලර් කෝටි ගණනක තැන්පතු තිබෙන බවට දිගින් දිගටම චෝදනා එල්ල කළහ.

එක් ඇමැතිවරයකු අල්පමාත‍්‍ර හෝ සාක්‍ෂියක් නොමැතිව කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ විදේශ ගිණුම් වල ඩොලර් බිලියන 18 ක කොමිස් මුදල් තිබෙන බවය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ මුළු කාලය තුළම කොමිස් කෙසේ වෙතත් බිලියන 18 ක විදේශ ණය ආයෝජන සිදුනොවූ බව අංක ගණිතය නොදන්නා ඒ මෝඩ ඇමති දන්නේ නැත. එහෙත් මහජනයාගෙන් යම් ප‍්‍රතිශතයක් ඒ පට්ටපල් බොරු විශ්වාස කරන බවට සැකයක් නැත. අද වෙනතුරු මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්දව එතුමාගේ හතුරන් විසින් එල්ල කල කිසිදු චෝදනාවකට අදාලව කිසිදු සාක්‍ෂියක් ඉදිරිපත් කොට නැත. ඔවුනට එම චෝදනා උසාවියක ඔප්පු කිරීම අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය වන්නේ දඬුවම් දෙන බවට පාරම්බාමින් මඩ ගැසීම පමණී. අවුරුදු 30 ක යුද්ධය තුල මහින්ද රාජපක්‍ෂ භූමිකාව සහ ඔහුගේ හතුරන්ගේ භූමිකාව අතර පවතින අහසට පොළොව තරම්වූ වෙනස ගැන තරුණ ඡුන්ද දායකයා දන්නේ නැත. එපමණක් නොව අද සුදනන් සේ පෙනී සිටින පිරිස් 2001-2004 වකවානුවේදී සිදුකල හොරකම් සහ පාවාදීම් ගැනද අද තරුණයා දන්නේ නැත.

සුපිරිසිදු මුහුණක් පෙන්වන බොරුකාරයාගේ තරම

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මුහුණ පෙන්වා ආණ්ඩුව පිහිටවූයේ සහ අනාගත ආණ්ඩුව පිහිටවීමට උත්සාහ කරන්නේ මැතිවරණ 20 ක් පරාජය වූ නායකයෙකි. ඔහු දැන් රටේ මහජනයාට පෙන්වීමට උත්සාහ කරන්නේ තමා අඟහරු ලෝකයෙන් පාත්වූ සුපිරිසිදු සුදෝ සුදු චරිතයක් බවය. නමුත් 2001-2004 කාලයේදී ඔහු අද කියන කිසිඳු ආයෝජනයක් රටට ගෙනඒමට සමත් වූයේ නැත. ඒ වෙනුවට ඔහු කලේ යලි පුබුදමු වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන විකිණීම සඳහා වෙන්දේසියක් දැමීමයි. එදා රට ගෙනගියේ ඒ ආකාරයට රාජ්‍ය ආයතන තුට්ටු දෙකට විකිණීමෙන් ලැබෙන මුදලිනි. අද කිසිදු සාක්‍ෂියක් නොමැතිව පාරවල් වලින් කොමිස් ගැසුවා යයි මහින්ද රාජපක්‍ෂ මහතාට චෝදනා එල්ල කරන ඔහුගේ පාලන කාලයේදී දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරම්භක පියවරේදී සිදුවූ මහා පරිමාන ¥ෂණ පිළිබඳව ඇමෙරිකානු සෙනට් සභාවටද නිල වාර්තා ඉදිරිපත් විය.

ඔහුගේ පාලන කාලයේදී රක්‍ෂණ සංස්ථාව විකුණා දැමුවේ වෙළඳපොල වටිනාකමෙන් 1% ක මුදලකටය. එම කාලයේදී ඔහු තම හිත මිතුරන්ට බදු සහන පනතක් මඟින් රු. කෝටි 2000 ක රාජ්‍ය අරමුදල් බෙදාදුන්නේය. අද ‘‘යහපාලනය’’ යටතේ විදේශ ආයෝජන මඟින් රක්‍ෂා ලක්‍ෂ ගණනක් දෙන බවට මහින්ද රාජපක්‍ෂ මහතාගේ සතුරන් කියන බොරු එදා ජේ.ආර්. ජවයර්ධන මහතාගේ කාලයේදී ‘‘ධර්මිෂ්ඨ සමාජය’’ යටතේ කියන ලද බොරුවලට සමාන වේ. 2001-2004 එක්සත් ජාතික පක්‍ෂ පාලන සමයේදී විදේශ ආයෝජන 100 කට වැඩි ප‍්‍රමාණයක් සාකච්ඡුා කලද අත්සන් කළේ 06 ක් පමණී. අවසානයේ විධිමත්ව ක‍්‍රියාත්මක වූයේ 02 ක් පමණී. දැන් විදේශ ආයෝජන මඟින් තරුණයන්ට රැුකියා ලක්‍ෂා ගණනක් ඇතිකරනවා යැයි කියන්නේ එවැනි දුප්පත් නායකයෙකි. ස.තො.ස. හොරාකා ඒ සිල්ලර කඩයවත් කරගත නොහැව විකුණාදැමූ වර්තමාන මුදල් ඇමැතිවරයාට කළ හැකි ආර්ථික සංවර්ධනය කුමක්ද?

දැන් බොරුව එළිදරව් වී ඇත. සිංහල බෞද්ධයාගේ යුතුකම කුමක්ද?

එදා යුද්ධය අවසන් කිරීමට විරුද්ධ වූ , රටට හතුරු, සිංහල ජාතියට හතුරු, බෞද්ධයාට හතුරු සියළු පිරිස් අද එක මිටකට එකතු වී කියා සිටින්නේ මහින්ද රාජපක්‍ෂ වල දැමිය යුතු බවය. ඔවුන් සියළු දෙනා මාරාන්තික ලෙස එතුමාට පහර දෙන්නේ එතුමා අගමැති ලෙස බලයට පත්වුවහොත් ඔවුන්ගේ රට බෙදීමේ සැලසුම සම්පූර්ණයෙන්ම අකුලා ගැනීමට සිදුවන බැවිනි. අද යුද්ධය නැති රට ජාත්‍යන්තර මැදිහත් වීමෙන් දෙකඩ කිරීම වැලැක්විය හැකි එකම නායකයා එදා යුද්ධය ජයග‍්‍රහණය කළ මහින්ද රාජපක්‍ෂ මිස අන් අයෙකු නොවේ.

අධිරාජ්‍යවාදී බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය වන්නේ 2002 නැවැත්වූ තැනින් නැවත පටන්ගත හැකි බෙදුම්වාදී හිතවාදී නායකයකු බලයට ගෙන ඒමටය. ඒ සඳහා අද ඔවුනට සිටින එකම සුදුස්සා රනිල් වික‍්‍රමසිංහ මහතාය. ඔහු එදා 2002 දී සටන් විරාම ගිවිසුම හරහා අප රට බෙදුම්වාදී උගුලට තල්ලූකල ආකාරයට මෙදා ජාත්‍යන්තර මැදිහත්වීමේ උගුලකට තල්ලූ කරනු ඇත. බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය යම් දුරක් ඉදිරියට ගිය පසු ඔහු කැමැතිවූවත් අකමැතිවූවත් ඔහුට එය ආපසු හැරවීමට ඉඩක් ලැබෙන්නේ නැත. ඉන්පසුව උදාවන්නේ සූඩානයේ මෙන් එකිනෙකා මරාගන්නා දෙකඩ වූ අවාසනාවන්තයින්ගේ දේශයකි. යුද්ධයක් නැති එහෙත් මළමිනී ගොඩ ගැසෙන රටවල් දෙකකි. එය වැලැක්විය හැක්කේ සිංහල බෞද්ධ සුළුතරයක් විසින් ජනාධිපතිවරණයේදී සිදුකල වැරැුද්ද නිවැරිදි කිරීම මඟින් පමණී. දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ ලේ වැකි කුමන්ත‍්‍රණයෙන් ෙබිරාගත හැක්කේ සිංහල බෞද්ධ ඔබටමය.

මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට ගෙන ඒම යනු බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය පරාජය කිරීම සඳහා පූර්ව කොන්දේසියකි. එය අපේ රටේ ඉරණම තීන්දු කරන තීන්දුවකි. අප දෙවරක් වරදවාගත හොත් අපේ දරුවන්ටවත් ඉතිහාසයෙන් සමාවක් ලැබෙන්නේ නැත. එසේවන්නේ ඒ වරද මඟින් අප රටේ වසර 2500 ක ඉතිහාසය අවසන් වන බැවිනි. මහින්ද රාජපක්‍ෂ මහතාට දහස් වාරයක් අගමැතිකම එපා නම් අපට ඔහු ලක්‍ෂවාරයක් අවශ්‍ය වේ.

වරද නිවැරිදි කරමු - මහින්ද අගමැති කරමු.
[යුතුකම සංවාද කවයද ඇතුළත් ජාතික එකමුතුව දිවයින පුරා බෙදා හැරි පත්‍රිකාවකි..]

-ජාතික එකමුතුව 

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions