එක් පසකින් දෙමළ ජාතික සංධානය උතුරු නැගෙනහිර එක් කිරීම , ස්වයං නිර්ණය අයිතිය , ඉඩම් හා පොලිස් බලතල සහිත ෆෙඩරල් යෝජනාවක් තමාගේ මැතිවරණ ප්‍රකාශනය ලෙස එක් පසකින් ඉදිරිපත් කරද්දී එක්සත් ජාතික පක්ෂයද ඉඩම් පොලිස් බලතලද ඇතුලත්ව 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා සහතික වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයෙන් පසු දෙමළ ජාතික සංධානය සමග සභාග ආණ්ඩුවක් බිහි කිරීමට සූදානම් යැයිද කනින් කොනින් ඇසේ.
අනාගතයේ බිහිවන රජයක් හරහා රට බෙදුම්වාදී උගුලේ හිරවන අයුරු පසුගියදා විද්වත් වෘත්තිකයන් හමුවේ යුතුකම සංවාද කවය මගින් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් ඉතා ව්‍යක්තවත් ඉතා නිරවුල්වත් පැහැදිළි කළේය.
මනෝහරද සිල්වා මහතා අප රටේ දැනට සිටින නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන විශිෂ්ඨයෙකි. විශේෂයෙන් උතුරු නැගෙනහිර වෙන් කිරීම වැනි අදී රටේ අනාගතයට තීරණාත්මක ලෙස බලපාන නීති කටයුතුවලදී ඔහු මව්බිමට ජයග්‍රහණ අත්කරදීමට වෙහෙසුනු දේශප්‍රේමී බුද්ධිමතෙකි.
රනිල් වික්‍රමසිංහ විසින් පූර්ණ වශයෙන් බලාත්මක කරන බව පවසන 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පොලිස් නිලධාරියකු හොරෙකු ලුහුබඳින විට, හොරා පළාත් මායිම පැන්නොත් පොලිස් නිලධාරියාට එතැනින් එහාට යා නොහැකි බව ඉතා පැහැදිළි ලෙස ව්‍යවස්ථාවේ වගන්ති උපුටමින් එතුමා පැහැදිළි කළේය. 13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වුවහොත්, රටේ ඒකීයභාවය යන්න හුදු බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වන බවත් මධ්‍යගත ආණ්ඩුවෙන් මිදුනු ආණ්ඩුවක් උතුරු-නැගෙනහිර ස්ථාපිත වන අයුරුත් මනෝහර ද සිල්වා මහතා පැහැඳිළි කළේය.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් ගැන වුවද අද පවතින 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ පමණින්ම ලංකාව ඒකීය රටක් නොවන අයුරුද එතුමා පැහැදිළි කළේය.
රනිල් අගමැති වුවහොත් රට බෙදීමේ භයානක අනතුර අප සිතන තරම්වත් දුර නොවන අයුරු ව්‍යවස්ථාව ඇසුරෙන්ම කියා දෙන ඔහුගේ පැහැදිළි කිරීමට සවන් දෙමු...
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

රනිල් කියන්නෙ මෙ රටෙ කරුමෙට උපන් එකෙක් 88/89 රටෙ තරුන ජිවිත 60000ක් විනාශ කරා, 2001 රට කොටියට ලියල දුන්නා..2015 රටෙ ලොකුම හොරකම කරා.මෙ කාලකන්නියගෙ කරුමෙන් අපිට බෙරෙන්න පුලුවන් අගොස්තු 17 වෙනිදාට....රනිල් ඉල්ලන අවසාන චන්දය තමයිමෙ
ReplyDeleteමේ කාලකන්නි මොනවා කිව්වත් රනිල් තමයි අනාගතේ ලියවෙන වටිනාම නායකයා වෙන්නේ. මහින්දට කඩේ ගිය කඩේ යන උන් රනිල්ට එදාත් බැන්නේ, විවේචනය කලේ තියෙන බයට. බොරුනම් බලන්න, රනිල් ජීවිතය තිබෙන තුරුම අගමැති නෙවෙයිද කියලා. එතුමට අපේ ආශිර්වාදය හිමි වෙනවා.
ReplyDelete