12/07/2017

නීතිය නමන්නට ගොස් කොලේ ඉරා ගැනීම

කතෘ:යුතුකම     12/07/2017   No comments
- ආචාර්ය නාලක ගොඩහේවා -

පසුගිය සතියේ කාගේත් අවධානයට ලක්වූ ප්‍රවෘතියක් වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණයට නීතිපති අවසරය ලැබී ඇති බවයි. මෙම ප්‍රවෘතියත් සමග බොහෝ දෙනෙකු කැලබීමට පත්වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමේ ප්‍රයත්නය හෙලා දකිමින් විවිධ දේශපාලනඥයින්, වෘතිකයින් හා පූජක තුමන්ලා අදහස් දක්වනවා දකින්නට ලැබුනි.

මේ තත්වය තුල බැඳුම්කර කොමිසම හමුවේ දැඩි ලෙස මහජන අප්‍රසාදයට ලක්වෙමින් සිටි රජයේ ප්‍රධානීන්ට ජනතා අවධානය වෙනතකට යොමුවීමේ වාසිය උපරිම වශයෙන් ලැබුන බව පෙනී ගිය නිසා හදිසියෙම ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමේ ප්‍රවණතාවක් ජනගත කලේ රජයේ මාධ්‍ය හසුරවන්නන් විසින්මද කියා සැකයක්ද මතුවිය.

ඒ කෙසේ වෙතත් සතිය අවසන් වූයේ රජයට හිතකර නොවන ප්‍රවෘතියකිනි. ඒ ගොඨාභය රාජපක්ෂ මහතා පොදු දෙපල පනත යටතේ අත් අඩංගුවට ගැනීම තාවකාලිකව වලකමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව නිසාය. මේ තීන්දුව තුලින් රටට වැදගත් පනිවිඩයක් දීමේ අවස්ථාව දැන් විපක්ෂයට උදා වී ඇත.

නීතිය රටක සියලු පුරවැසියන් විසින් ගරු කල යුතුය. නමුත් ඒ නීතිය සැමට සමාන හා සාධාරණය යන උපකල්පනය යටතේය. නීතියේ සාධාරණත්වය තහවුරු කිරීමෙ වගකීම තිබෙන්නේ අධිකරණයට පමනක් නොවේ. නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවටත් නීති ක්‍රියාත්මක කරණ රජයටත් එහි වගකීම ඇත. රජයකින් ජනතාව බලාපොරොත්තු වන්නේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමයි. එහෙත් රජය නීතිය අවභාවිත කරමින් දඩ බල්ලෙකු ලෙස හැසිරෙන්නට පටන් ගත්හොත් පුරවැසියන් පතන්නේ කාගේ පිලිසරණද ?

ගෝඨාභය රාජපක්ෂමහතාගේ නීතිඥයින් අභියාචනාධිකරණයට යාම හෙලාදකින්නට රජයේ හිත්වතුන් මතුකලේ "වරදක් කර නැත්නම් නීතියට බය ඇයි ? " යන ඔවුන්ගේ සුපුරුදු තර්කයයි. මෙය වත්මන් දේශපාලන වාතාවරණය ගැන ගැඹුරු අවබෝධයක් නැති පුද්ගලයෙකුට පමනක් ඉදිරිපත් කල හැකි තර්කයකි. මන්ද පසුගිය කාලයේ රජය ක්‍රියාකල ආකාරය දෙස බලන විට නීතිය නිවැරදිව හසුරවනු ලබනවාද යන්න පිලිබඳ විශාල සැකයක් මතුන බැවිනි.

තමුන්ගේ නීත්‍යානුකූල භාවය දැනට වසර 3 කට ආසන්න කාලයක් පුරා උසාවියේ අභියෝගයට ලක්ව ඇති පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශය (FCID ) නීතිපති උපදෙස් පතා තිබුනේ ඩී ඒ රාජපක්ෂ අනුස්මාරකය ඉදිකිරීම සඳහා පහත් බිම් සංවර්ධන අධිකාරියට කොන්ත්‍රාත් ලබාදීමේදී පොදු දෙපල අපහරණය කලාය යන චෝදනාව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 7 දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමටය. ඒ සඳහා නීතිපති දෙපාර්තුමේන්තුව අනුමැතිය දී තිබුනි. ගෝඨාභය රාජපක්ෂ මහතා උසාවි ගියේ මෙම කාරණය පොදු දේපල පනතට අදාල නොවන බව කියමින් එම සැලසුම්සහගත අත් අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලමිනි.

උසාවිය මෙම ඉල්ලීමට අනුමැතිය දුන්න පමනක් නොව බැලූ බැල්මට මෙම සිද්ධියේ චූදිතයන්ගේ පැත්තෙන් කිසිදු වංක චේතනාවක් හෝ අපහරණයක් අධිකරණයට නොපෙනෙන බවද පවසා ඇත.

මින් ගම්‍ය වන්නේ කුමක්ද. කුමන්ත්‍රණය ඇත්තෙන්ම සිදු කොට ඇත්තේ ( නීත්‍යානුකූල භාවය උසාවියේ අභියෝගයට ලක්ව ඇති ) පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශය (FCID )බවයි.

පසුගිය කාලය පුරාවටම රජයට දේශපාලන පලිගැනීම් කිරීමට අවශ්‍ය පුද්ගලයින් රැසක් අත් අඩංගුවට ගෙන ඇප නොදී මාස ගනන් රඳවා ගැනීම සඳහා රජය අවභාවිතා කලේ මේ පොදු දේපල පනතයි. ඔවුන් පොදු දේපල පනත යටතේ පුද්ගලයින් අත් අඩංගුවට ගන්නේ මහෙස්ත්‍රාත් උසාවිය පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට පත්වූවෙකුට විශේෂ හේතුවක් මත මිස ඇප දීමට නොහැකි බව හොඳින්ම දන්නා නිසාය. අත්ඩංගුවට පත්වූ තැනැත්තා මහාධිකරණයට ගොස් ඇප ලබා ගැනීමට මාසයකට පමන කල් ගතවෙයි. මේ කාලය තුල තම දේශපාලන ප්‍රතිවාදියා සිරගත කිරීමේ ප්‍රීතිය බුක්ති විඳීමටත් මාධ්‍ය සංදර්ශන පවත්මින් ඔහුගේ චරිතය ඝාතනය කිරීමටත් රජයේ දේශපාලනඥයින්ට අවස්ථාව සකසා දීම පොලීසියේ අදාල මහත්වරුන්ගේ කාර්ය භාරයයි.

දේශපාලන ප්‍රතිවාදීන් දඩයමට පොදු දේපල පනත යොදාගැනීම සම්බන්ධයෙන් අද ලැබුන තීන්දුවෙන් යලිත් හෙලිවන්නේ ආන්ඩුවේ නිරුවතයි. නීතිය නැමීමටත් යම් සීමාවන් ඇති බව ඉන් ඔප්පු විය..

වත්මන් රජය වෙනස් වූ පසු පොදු දේපල පනත යටතේ දැමූ බොරු නඩු පිලිබඳව විශේෂ විමර්ෂණයක් කෙරෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඒවා පිටුපස සිටි සියලු දෙනා ගැනම සොයාබලා ඔවුන්ට විරුද්ධවද නීතිමය කටයුතු ආරම්බ කෙරෙන දවසක් මතු උදා වනු නිසැකය. දේශපාලනඥයින් පිනවීමට අයථා වැඩ කරන නෝනා මහත්වරුන් ගැන නම් වශයෙන් වාර්ථා ඇති අතර අනාගතයේ ඔවුන්ට උත්තර බඳින්නට සිදුවනු ඇති බව පසුගියදා ජී එල් පීරිස් මැතිතුමා ප්‍රවෘතී සාකච්ඡාවකදී ඉඟිකලේය.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නීත්‍යානුකල භාවය අභියෝගයට පත්කරමින් පූජ්‍ය ඇල්ලේ ගුනවංස හිමියන් පැවරූ නඩුව ඇතුලු නඩු කිහිපයක් දැනට වසර 3 කට ආසන්න කාලයක් සාධාරණ හේතුවකින් තොරව දිගින් දිගටම ප්‍රමාද කෙරෙමින් තිබේ. දේශපාලන ප්‍රතිවාදීන්ගේ නඩු ඉක්මන් කරන්නට අලුතින් අධිකරන පිහිටුවන්නට පවා සැරසෙන රජය තමන්ගේ දඩයම් මන්දිරයේ නීත්‍යානුකූලබව අභියෝග කරමින් පුරවසියන් විසින් පවරා ඇති නඩු ඉක්මන් කොට එවා හැකිනම් සධාරණීකරණය නොකරන්නේ මන්ද යන්න ප්‍රශ්ණය ජනතාවට මතක් කොට දීම ස්වාධීන මාධ්‍යවේදීන්ගේද යුතුකමකි.

එක්සත් ජාතික පක්ෂය විසින් 2017 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කල ' මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය" යන ප්‍රතිපත්ථි ප්‍රකාශණයේ( දැන් මාස 30 ක් ඉවරයි ) 12 වන පිටුවේ මෙසේ කියා ඇත

' මුල්‍ය අපරාධ විමර්ෂන අංශය පනතකින් නීතිගත කර එය වඩාත් ශක්තිමත් කරමු '

ඒ අනුව මුල්‍ය අපරාධ විමර්ෂන අංශය (FCID) නීත්‍යානුකූල නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ථි ප්‍රකාශනයම පිලිගෙන ඇත. කට බොරු කීවත් දිව බොරු නොකියයි කියන්නේ මෙයටය.

ගෝටාභය රාජපක්ෂට එරෙහි පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශයෙන් , කෙරෙන පරීක්ෂණයට සම්බන්ධව පොදුවේ දන්නා කරුණු කිහිපයක් විමසා බලමු. පාට කන්නාඩි දමාගෙන මෙය කියවීමෙන් පලක් නැත. විවෘත මනසකින් කරුණු විමසීමෙන් පමනක් සත්‍යය අවබෝධ කරගත හැක.

මහාධිකරණයේ ඉදිරිපත් වූ කරුණු අනුව ඩී ඒ රාජපක්ෂ පදනම පහත්බිම් සංවර්ධන මන්ඩලය සමග 2014 පෙබරවාරි වල ස්මාරකයක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුවකට එළබ ඇත. පහත්බිම් සංවර්ධන මන්ඩලයේ 2014 පෙබරවාරි 26දා පැවති අධ්‍යක්ෂක මන්ඩල වර්ථාව අනුව ඒ සඳහා ඇස්තමේන්තු කල මුදල රුපියල් මිලියන 33 කි.

2015 අගෝස්තු 25දා පහත්බිම් සංවර්ධන මන්ඩලය ඩී ඒ රාජපක්ෂ පදනමට ලිපියක් යවමින් අවසන් ඇස්තමේන්තුව එවන තෙක් රුපියල් මිලියන 25 ක් ගෙවන ලෙස දන්වා ඇත. ආයතන දෙක අතර කොන්ත්‍රාත් එකඟතාවක් තුබුන බව මින් තහවුරුවේ.

ඉන් සතියක් ඇතුලත 2015 අගෝස්තු 31 ඩී ඒ රාජපක්ෂ පදනම මෙම මුදල පහත්බිම් සංවර්ධන මන්ඩලයට ගෙවා ඇත.

මීට අමතරව තවත් රුපියල් 8,944,741.60 ක් ඩී ඒ රාජපක්ෂ පදනම මෙම මුදල පහත්බිම් සංවර්ධන මන්ඩලයට ගෙවූ බවට වාර්ථා ඇති නිසා මෙ වන විට ඇස්තමේන්තු කල රුපියල් මිලියන 33ටත් වඩා රුපියල් මිලියන 3.94 ක් පදනම විසින් පහත්බිම් සංවර්ධන මන්ඩලයට ගෙවා තිබුනි.

අප කවුරුත් දන්නා පරිදි 2015 අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනු අතර ඉන්පසු පහත්බිම් සංවර්ධන මන්ඩලය අලුත් ඇමතිවරයෙකු යටතට පත්වෙයි.

කතාව වෙනතකට යන්නට පටන් ගන්නේ ඉන් පසුවය.

නව පාලනය යටතේ පහත්බිම් සංවර්ධන මන්ඩලය මෙම කොන්ත්‍රාත්තුව සඳහා වැයවූ මුදල රුපියල් 81, 313,374 ක් බව ඩී ඒ රාජපක්ෂ පදනමට දන්වා ඇත.

මෙය ඩී ඒ රාජපක්ෂ පදනම කිසිසේත්ම බලාපරොත්තු නොවූ ඉහල මිලකි. ඉදිකිරීම් කරයුත්තකට කොන්ත්‍රාතුවක් බාරදුන් විට වැඩ අවසන් වන විට අවසන් මිල ඇස්තමේන්තුවට වඩා 10% ක් පමන ඉහලයාම අපෙක්ෂාකල හැකි වුවද ඇස්තමේන්තු කල අගය මෙන් තුන් ගුණයක් වියදම් වූවායයි පිලිගන්නට සූදානම් කවුද ? ඒ අනුව ඩී ඒ රාජපක්ෂ පදනම මෙම බිල්පත අභියෝගයට ලක් කර ඇත. මෙයද සාමාන්‍යයෙන් ඉදිකිරීම් ක්ශෙස්ත්‍රයේ සුලබව සිදුවන්නකි.

පහත්බිම් සංවර්ධන මන්ඩලය කරන්නේ 2016 ජූනි මස රුපියල් 56,313,374.14 නොගෙව්වොත් නඩු පවරන බව කියා ඩී ඒ රාජපක්ෂ පදනමට ලිපියක් යැවීමයි. ඔවුන්ට ඉහත කී රුපියල් 8,944,741.60 ගෙවීම සම්පූරණයෙන්ම අමතක වී ඇති බව පෙනේ. රුපියල් මිලියන 25 ගෙවීම පමනක් සලකා තිබුනි.

මේ අනුව මේ ඇත්තේ පැහැදිවම කොන්ත්‍රාත්කරුවෙකු හා සේවාදායකයා අතර ඇති සිවිල් ආරාවුලකි. සිවිල් නඩුවකි. කවුරු හරිද වැරදිද යන්න තීරණය කිරීම සිවිල් නඩුවක් පැවරුවහොත් අධිකරණය විසින් කරනු ඇත.

සිවිල් නඩුවකදී චූදිතයින් ඇප නැතුව සිරගත කරනු නොලැබේ.

නමුත් ඒ වෙනුවට කාගේ හෝ උවමනාවට ( කවුද කියා ඔබට සැක කල හැක ) මෙයට පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශය පැටලවුනි. ඔවුන් එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්ව සිටි ගෝටාභය රාජපක්ෂ මහතා මෙයට පටලවා ගත්හ. ඒ සුපුරුදු පරිදි මහේස්ත්‍රාත් උසාවියට ඇප දිය නොහැකි පොදු දේපල පනත යටතේය. ඒ අතර රජයේ දේශපාලනඥ්ඥයෝ සහ ඔවුන්ට සහායවන වෙබ් අඩවි , මුහුනුපොත් ක්‍රියාකාරිකයෝ ගෝඨාභය රාජපක්ෂ මහජන මුදලින් තම පියාට ස්මාරකයක් සෑදවීය කියා මතයක් ජනගත කල අතර තවමත් ඉතුරුවී සිටින ලැම්බොගිනිකාර්/රත්තරන් අශ්වයන්/රොකට්/ඩුබයි ගිනුම් රසිකයෝ මෙම පුවත රසකොට වැළඳූහ

පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශය විසින් සුපුරුදු පරිදි මහේස්ත්‍රාත් උසාවියේ ගොනුකල බී වාර්තාවකට අනුව ගෝඨබය රාජපක්ෂ අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂන කරන්නට නීතිපති අවසරද ලැබුනි.

නමුත් රජයේ කරුමයට ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්නට පෙර ඔහුගේ නීතිඥයෝ අභියාචනාධිකරණයට ගොස් කරුණු ඉදිරිපත් කලහ. පොදු දේපල අපහරණයක් මෙහි සිදුවී නැති නිසා පොදු දේපල පනත යටතේගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම වලකන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. මෙය පොදු දේපල ගනයට වැටෙන අපරාධ නඩුවක් නොව සිවිල් නඩුවක් බවට විත්තියේ නීතීඥ්ඥයින් ඉදිරිපත් කල මතයට එකඟ වූ අභියාචනාධිකරණය බැලූ බැල්මට මෙහි වංක චේතනාවක් හෝ අපහරණයක් ඇති බවක් නොපෙනෙනෙන බවද ප්‍රකාශ කලේය.

නමුත් පසුගිය වසර 3 ක කාලය තුල අභියාචනාධිකරණයට නිසි වෙලාවට යාමට නොහැකිවූ නිසා පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට පත්ව ඇප නැතිව සිරගතව සිටි විශාල පිරිස මතක් කර බලන්න. ඔවුන්ට වූ අපහාසයට , මානසික වේදනාවන්ට, නඩු වියදම් වලට වන්දි ගෙවන්නේ කවුද ? ඔවුන්ගෙන් සමහරකුට දේශපාලනිකව ඔබ අකමැති වන්නට පුලුවන. එහෙත් නීතිය සැමට සාධාරණ විය යුතු නොවේද ?

රටට ආදරය කරණ , අවංකවම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරණ, සැබෑ යහපාලනය අපේක්ෂා කරනා , පාට කන්නාඩි නොපලඳින අය කල්පනා කල යුත්තේ රජයක් විසින් මෙසේ නීතිය අවනීතිය කිරීමින් දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීම තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් ලෙස ඔබ අනුමත කරනවාද යන්නයි. එසේ නොකරන්නේ නම් රජයේ මෙම මර්ධනකාරී ක්‍රියාපිලිවෙතට දේශපාලන පක්ෂ බෙදයකින් තොරව විරෝදය පලකිරීමට අවස්ථාවක් නුදුරේ එළබෙන ප්‍රාදෙශීය සබා චන්දයේදි ලැබෙනු ඇත. චන්ද මග හරින ආන්ඩුවක් යටතේ කලාතුරකින් ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම දූරදර්ශී පුරවැසියෙකුගේ වගකීමයි.

( මව්බිම )
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/18/2017

මහා නායක හිමිවරුන්ටත් වංචා කර ගෙනෙන ද්‍රෝහී රණවිරු දඩයම් පනත...

කතෘ:යුතුකම     9/18/2017   No comments
සැප්තැම්බර් 21දා පාර්ලිමේන්තුවට ගෙන එන දේශ ද්‍රෝහී පනතට අත උස්සන දේශ ද්‍රෝහීන් මතක තබා ගනිමු.

-ආචාර්‍ය නාලක ගොඩහේවා-
30 අවුරුදු යුද්ධයක් අවසන්කොට රටේ විශාල මහජන ප්‍රසාදයක් දිනා සිටි මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා එදා විපක්ෂයට උදව් දී 2015 දී වත්මන් රජය බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වූ බාහිර බලවේග 3ක් විය


1. බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාව විසින් මෙහයවනු ලබන ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක්
2. යුද්ධය අවසන් වීම නිසා ආදායම් මාර්ගයක අඩුවූ රාජ්‍ය නොවන සංවිධාන
3. චීනය හා ලංකාව අතර ගොඩනැගෙමින් තිබුන ව්‍යාපාරික සම්බන්ධතා ගැන උරණ වී සිටි ඉන්දියාව

එදා විපක්ෂයට මුලෝපාමය සහාය ලබා දුන්නේත් මුල්‍යමය ආධාර ලබාදුන්නේත් මේ බලවේග තුනයි. එම සහාය වෙනුවෙන් වන්දි ලෙස බලයට ඒමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රධාන කන්ඩායම් සමඟ පහත දැක්වෙන එකඟතාවන් ඇති කරගන්නා ලද බව බොහෝ දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දී ඇත.

1. යුද්ධය අවසන් කොට ලංකාව සංවර්ධන මාර්ගයට අවතීර්ණ කල මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට යලි කිසිදිනක ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වන ලෙස ඔවුන්ව ව්‍යවස්ථාපිතව හා අනෙකුත් ක්‍රමෝපායන් මගින් සීමා කිරීම.

2. දෙමල ඩයස්පෝරාවේ මූලික අවශ්‍යතාව වූ බෙදුම්වාදී අරමුණු ඉටුකරලීම සඳහා පහසුකම් සලසන ආකාරයේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම

3. ලෝකයේ කුරිරුතම ත්‍රස්ථවාදය යුධ ජයග්‍රහණයක් තුලින් අවසන් කිරීම තුලින් මැදපෙරදිග ත්‍රස්ථවාදය පාලනය කිරීමේ ප්‍රයත්නය තුල ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල නොහැකියාව ලොවට ප්‍රදර්ශනය කල ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ යුධ හමුදාව යුධ අපරාධ චෝදනාවලට පටලා අපකීර්තියට පත්කිරීම.

2015 ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයගත් දින සිට නව රජය සිය මූලික අවධානය යොමුකර තිබෙන්නේ මේ පොරොන්දු ඉටුකිරීමටය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පලමු අරමුණ ඉටුකරගත් අතර නුදුරේම ගෙන එන නව ව්‍යවස්ථාව හරහා දෙවන අරමුණ ඉටුවනු ඇත. මේ ලිපිය 3 වන අරමුණ ගැනයි.

2015 ජනවාරි මස රජය වෙනස්වූ වහාම නව විදේශ ඇමතිවරයා ලහි ලහියේ ජීනීවා ගොස් 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තියට අත්සන් කලේය. කාගේ උවමනාවට කලත් මෙය අනාගතයේ ලංකාවට විශාල හානි ගෙන දෙන පියවරක් විය.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තියට අවමවශයෙන් ඇමෙරිකාව හෝ මහා බ්‍රිතාන්‍යය අත්සන් තබා නැත්තේ තම රටෙහි ආරක්ෂක හමුදාවන්ට ඉන් උදාවිය හැකි තර්ජනයන් නිසාය. ප්‍රඥාප්තියට මෙතෙක් අත්සන් කර ඇති රටවල් 93 නුත් 42 ක්ම තම රටවල් තුල එය මෙතෙක් අනුමත කොට නැති නිසා ඒ අත්සන්හි වලංගු තාවක් නැත. අප අසල්වැසි ඉන්දියාවද මෙම රටවල් 42 ට අයත්වේ. නමුත් ලංකාවේ නව ආන්ඩුවේ විදේශ ඇමතිවරයා මෙයට අත්සන් කලා පමනක් නොව මාස කිහිපයක් තුල වත්මන් රජය විසින් එය අනුමත කොට ලංකාව තුල එහි වලංගුතාවය පිලිගන්න ලදී.

මීලඟ පියවර වූයේ ' අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත’ ලංකාව තුල සම්මත කර ගැනීමයි. මේ අනුව ලංකාවේ රණවිරුවන් දඩයමට අවශ්‍ය සාක්ෂි සම්පාදනය කිසිදු බාධාවකින් තොරව ලංකාව තුලම සිදුකිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින්ම අනුමත කොට දී ඇත.

තුන් වන පියවර නම් රජය විසින් ඊලඟට සම්මත කර ගන්නට නියමිත 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය සම්බන්ධයෙන්වූ පනතයි'. එම යෝජිත පනතේ මූලික අරමුණ වන්නේ " බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය" ශ්‍රී ලංකාව තුල බලාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමයි. මේ පනතද සම්මත කල විට සමස්ථ ක්‍රියාවලියම සම්පූර්ණය. ඊලඟට තිබෙන්නේ දෙමල ඩයස්පෝරාවේ සිතැඟි පරිදි රණවිරු දඩයම ආරම්බ කිරීමටය. මේ අතරවාරයේ දේශපාලනික වශයෙන් තමුන්ට තරඟ පිටියෙන් ඉවත්කරගන්නට අවශ්‍ය යම් යම් පුද්ගලයන්ද ඉලක්ක කරවීමට වත්මන් පාලකයින්ට අවස්ථාව සැලසේ.

මෙම යෝජිත පනතට අනුව යම් පුද්ගලයෙකු අතුරුදහන් කලායැයි යන සැකය මත පමනක් පදනම් කරගෙන ඕනෑම අයෙක් අත් අඩංගුවට ගන්නට හැකි අතර විදේශ රටකදී චෝදනාවක් ඉදිරිපත් වී නම් එම විදේශ රට තුල දී නඩු ඇසීම සඳහා අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන ලංකාවෙන් පිටුවහල් කිරීමටත් ඉඩ ප්‍රස්ථා සැලසේ. සැකකරු පමනක් නොව ඔහු යම් හමුදාඛන්ඩයක සේවය කල අයෙකු වී නම් ඔහුගේ අණදෙන නිලධාරීන් සියලුදෙනාද මෙම පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු පැවරිය හැක.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ පනත ලංකා පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතව තිබුනේ පසුගිය අගෝස්තු මස 5 දාය. එය කල් දමන්නට රජයට සිදුවූයේ මහා සංඝයා වහන්සේලා පිරිසකගේ දැඩි උත්සාහය නිසාය.

දැන් බලලා මල්ලෙන් එලියට පැන ඇත. පනත අගෝස්තුවේ සම්මත වේ යැයි බලාපොරොත්තුවෙන් කොටි සංවිධාන ආධාර කරුවන් විසින් සකස් කරමින් තිබුනු යුධ අපරාධ නඩුවක් බ්‍රසීලයේදි එහි ශ්‍රී ලංකා තානාපති ලෙස ක්‍රියා කරමින් සිටි , හිටපු යුධ හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව දැනටමත් පවරා තිබේ. තවම පනත සම්මත වී නැති නිසා අත් ඩංගුවට පත් නොවී බ්‍රසීලයෙන් පැනගන්නට ජගත් ජයසූරියට හැකි විය. . ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව හා ලංකාව තුල සිටින ඔවුන්ගේ සගයින් එක්ව සැලසුම් කල පරිදි පනත සම්මත වී තිබුනානම් ජයසූරියට බ්‍රසීලයේදීම වැඩ වරදින්නට ඉඩ තිබුනි. ජයසූරිය බ්‍රසීලයෙන් පැනගත්තත් ඔහුට මින් පසු කිසිදිනක බටහිර රටක විදේශ සංචාරයකට යා නොහැකි වනු ඇත. ඒ ලංකාව ඉහතකී අන්තර්ජාතික ප්‍රඥප්තියට දැනටමත් අත්සන් කොට ඇති නිසා අපේ රණවිරුවෙකු විදේශයකදී අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට තවදුරටත් බාධාවක් නැති බැවිනි.

ජගත් ජයසූරියට පමනක් නොව කිසිදු රණවිරුවෙකුට අත තබන්නට තමුන් ඉඩ නොතබන බව වත්මන් ජනාධිපතිවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයෙදී කියනු අසා සිටින විට අපට ඇතිවූයේ ඉමහත් කම්පාවකි. ජනතාව රැවටීම අද කලාවක් වී ඇති අයුරක් මින් පෙනී යයි. රණවිරුවන් ගැන මේ තරම් හැඟීමක් ඇත්නම් ඉහත කී අන්තර්ජාතික ප්‍රඥප්තියට අත්සන් කරන්නට විදේශ ඇමතිවරයාට අවසර දුන්නේඇයි. අත්සන් කලා පමනක් නොව එය රජය විසින් පිල්ගත්තා නොවේද ? ඉන් මාස කිහිපයකට පසු තවත් බියකරු පනතක් වන අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කලේ ඇයි. ඉන් පසු මේ ක්‍රියාදාමයේ අවසාන පියවර වන 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය සම්බන්ධයෙන්වූ පනත' 21 දා පාර්ලිමේන්තුවට ගෙන එන්නේ මන්ද ?

මෙම පනත බල පාන්නේ අනාගතයට පමනක් යැයි අගමැතිවරයා පුන පුනා කියනු අපට අසන්නට ලැබේ. අපි ජනතාවගෙන් මෙසේ අසමු. මෙතෙක් මෙතුමන්ලා කි දේ වලින් කීයක් ඇත්තවීද ?

බොරුවෙන් බලය ලබා ගෙන බොරුවෙන් බලය පවත්වාගෙන යන්නන්ගේ බොරුවලට තව දුරටත් රැවටෙන අය තම හිස අතගා බලත්වා ? නොසිතූ දෙයක් හමුවන්නට ඉඩ ඇත.

ඒ කෙසේ වෙතත් අප කල ගුණ දත් ජාතියක්ද නැද්ද යන්න ලොවටම හෙලිවන දිනයක් ලෙස සැප්තැම්බර් 21දා ඉතිහාස ගත වනු ඇත


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :
https://www.facebook.com/yuthukama

5/23/2017

ගහ දන්න මිනිහට කොළ කඩා පෑම

කතෘ:යුතුකම     5/23/2017   No comments
-ගහ දන්න මිනිහට කොළ කඩා පෑම
ආචාර්ය නාලක ගොඩහේවා

පසුගියදා රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වාදයකදි, හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ ආචාර්ය හර්ෂද සිල්වා මහතාගෙන් ඉතා කාලෝචිත ප්‍රශ්නයක් ඇසුවේය. ඒ 2016 මහ බැංකු වාර්තාවේ සඳහන් වන රැකියා ආශ්‍රිත සංඛ්‍යාලේඛන වන නිරවද්‍යතාවය පිළිබඳවය. ප්‍රශ්ණය නිසා අන්දමන්ද වූ නියෝජ්‍ය ඇමති වරයා තම දුරකථනය ඔස්සේ මහබැංකු වාර්ථා පිරික්සා පැවසුවේ 2015 හා 2016 වසරවල මහ බැංකු වාර්ථාවල දක්වා ඇති සංඛ්‍යාලේඛනවල යම් ගැටලුකාරී තත්වයක් තමන්ටද පෙනෙන නමුත් එයට හේතුව මහ බැංකුවෙන්ම නොවිමසා සිදුවී ඇත්තේ මන්දැයි මෙම වැඩ සටහන තුලදී පැහැදිලි කිරීම අසීරු බවය.

බැලූ බැල්මට මහබැංකු සංඛ්‍යාලේඛනවල වරදක් පෙනෙන්නට තිබෙන බව අවංකවම පිළිගැනීම පිලිබඳව නියෝජ්‍ය ඇමතිවරයාට අප ප්‍රශංසා කලයුතු නමුත්, එදා විපක්ෂයේ සිටින කාලයේ එවකට පැවත් රාජපක්ෂ රජයේ සංඛ්‍යාලේඛණ වැරදියැයි මහා ඝෝසාවක් නැගු ආචාර්ය හර්ෂ ද සිල්වාටම සජීවී රූපවාහිනී වැඩ සටහනක අතරතුර තමුන්ගේම රජයේ වැරදි සංඛ්‍යාලේඛණව සැකකටයුතු භාවය පිළිබඳව මෙවැනි පිළිගැනීමක් කිරීමට සිදුවීම දෛවයේ සරදමක් විය යුතුය.

දැන් අපි මෙහි සිදුවී ඇත්තේ කිමක්දැයි විමසා බලමු.

ලංකාවේ සමස්ථ ජනගහනයෙන් යම්කිසි ආදායම් මාර්ගයක් ලැබෙන රැකියාවක හෝ ස්වයං රැකියාවක හෝ ව්‍යාපාරයක නිරතව සිටින්නේ මිලියන 8.3 ක් පමනි. එය වයස 15ට වැඩි ජනගහනයෙන් 53.8% පමන වේ 2016 ශ්‍රී ලංකා මහබැංකු වාර්ථාව අනුව 2016 අවසන් වන විට 7,948,000 ක පමන ජනතාවක් යම් රැකියාවක නිරත වී සිටින අතර 2015 දී එම පිරිස 7,831,000 ක් පමන විය. මතක තබා ගැනීමේ පහසුව සඳහා මේ සංඛ්‍යා ලේඛණ සියල්ල අවසාන 1000ට රවුම් කර ඇති බව සලකන්න.
2016 මහ බැංකු වාර්ථාව - 2015 රැකියා නියුක්තුය ලක්ෂ 78.3 ක් ලෙස සඳහන්ව ඇති ආකාරය


මේ අනුව 2016 මහ බැංකු වාර්ථාව පෙන්වන්නට උත්සාහ කරන්නේ 2015 සිට 2016 දක්වා කාලය තුල රටේ අලුතින් රැකියා අවස්ථා 117,000 ක් පමන ජනිත වී ඇති බවයි. බැලූ බැල්මට මෙය නරක තත්වයක් නොවේ.

නමුත් එකාබද්ධ විපක්ශයේ තරුණ මන්ත්‍රීවරයා වැඩසටහනේදී ප්‍රශ්ණ කල ආකාරයට මෙහි යම් ගැටලුවක් ඇත. ඒ 2016 මහ බැංකු වාර්ථාවේ සඳහන් වන 2015 රැකියා ප්‍රමාණය 2015 දී මහ බැංකුව විසින්ම නිකුත් කරන සංඛ්‍යාලේඛණ සමඟ නොගැලපීමයි.
2015 මහ බැංකු වාර්ථාව - 2015 රැකියා නියුක්තුය ලක්ෂ 85.5 ක් ලෙස සඳහන්ව ඇති ආකාරය
2015 මහ බැංකු වාර්ථාව අනුව 2015 අවසන් වන විට රටේ රැකියා තිබූ ජනගහනය 8,554,000 විය. මේ සත්‍යය නම් අනුව 2016 දී සිදුවී ඇත්තේ රැකියා වැඩිවීමක් නොව අඩුවීමකි. දැන් මතුවන ප්‍රශ්ණයනම් සත්‍යය වසන් කිරීම සඳහා යමෙක් විසින් 2016 වසරේ වාර්ථාවේ සඳහන් විය යුතු 2015 රැකියා ප්‍රමාණය අඩුකොට පෙන්නුවාද යන්නයි. එසේ කලානම් එදා මහබැංකුවට ඇඟිල්ල දිගුකල හර්ෂද සිල්වා මහතා අද තමුන් දෙසටම ඇඟිල්ල දිගුකරගත යුතුය.

මෙහි වඩාත් වැදගත් කරුණ වන්නේ එයත් නොවේ. 2016 මහබැංකු වාර්ථාවේ සංඛ්‍යාලේඛණ සමඟ ගනිත සෙල්ලම් දැමූ අයට ඔවුන් විසින්ම නිකුත් කරන ලද 2014 හා 2015 මහ බැංකු වාර්ථා දැන් වෙනස් කල නොහැකි වීමයි. මේ වාර්තා දෙකටම අනුව 2014 මේ රටේ රැකියා 8,424,000ක් තිබුනි.

මහ බැංකු වාර්ථා දෙකකම එකම අගය සඳහන් වන නිසා එය නිවැරදි දත්තයක් ලෙස අපට පිලිගැනීමට සිදුවේ.

එසේනම් යතාර්ථය රජයට හිතකර දෙයක් නොවේ. ඇත්තටම සිදුවී ඇත්තේ 2014දි 8,424,000 ක්ව තිබූ රැකියා ප්‍රමානය 2016 වන විට 7,948,000 ට අඩු වී තිබීමයි.

එසේනම් වසර 5ක් තුල රැකියා 10 ලක්ෂයක් බිහිකිරීමට පොරොන්දු වී බලය ගත් යහපාලන රජය තමුන්ගේ පලමු වසර දෙක තුල රටට රැකියා 476,000 අහිමි කොට ඇත. දිගින් දිගටම රාජ්‍ය දේපල විකුණමින් ආර්ථිකය අවකලමනාකරණය කරමින් මේ ආකාරයටම රජය පවත්වාගෙන ගිය හොත් ඉතිරි කාලය තුල කුමක් සිදුවේද යන්න ජනතාව කඩිනමින් අවධානය යොමු කල යුතු ප්‍රශ්ණයකි.

වසර 5ක් තුල රැකියා දශලක්ෂයක් බිහිකරනවා යනු එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය. එය ලොකු වැඩක් ලෙස මැතිවරණ වේදිකාවල විරුද්ධ පක්ෂයේ කථිකයින් පෙන්වන විට සෑබෑ සංඛ්‍යාලෙඛන භාවිත කොට මෙය රටට කරන මහා සේවයක් නොව අලුතින් පත්වන ඕනෑම රජයක අවම වගකීම බව පෙන්වාදෙන්නට බලයේ සිටි මහින්ද රජපක්ෂගේ කන්ඩායම අසමත් වූ බව අප මතක් කල යුතුය.

දැන් අපි යලිත් මහ බැංකු වාර්ථා සසඳා බලමු. 2010 ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවන පාලන කාලය පටන් ගන්න විට රටේ සමස්ථ රැකියා ප්‍රමාණය 7,602,000 විය. මෙම සංඛ්‍යාව 2014 දෙසැම්බර් වන විට වසර පහක් තුල 8,424,000 දක්වා වැඩි වී තිබුනි. මේ වසර 5ක් තුල රැකියා 822,000 ක වැඩි වීමකි. මෙම කාලය තුල රටේ ශ්‍රම බලකාය 8074,000 සිට 8,805,000 දක්වා 731,000 කින් වැඩි වී තුබුන අතර රැකියා අවස්ථා 822,000 ම ජනිත කිරීම නිසා විරැකියාව 472,000 සිට 381,000 දක්වා අඩුවී තිබුනි. .

නමුත් මේ කරුණු එදා කිසිවෙක් ජනතාවට පැහැදිලිකලා අපට මතක නැත.

2015-2020 කාලය තුල රටේ ශ්‍රම බලකාය දශලක්ෂයකට වඩා වැඩිවන බව රටේ ජනගහන වර්ධනය ආශ්‍රිත සංඛ්‍යාලේඛන වලින් පැහැදිවම පෙනී යන නිසා මේ කාලය තුල රැකියා දශලක්ෂයක් බිහිකිරීම අලුතින් පත්වන කුමන හෝ රජයක මූලික වගකීමක් මිස මහා උදව්වක් නොවන බව පෙන්වා දෙන්නට එදා කිසිවෙකු ඉදිරිපත් නොවීම ඉතා කනගාටුදායකය.

මෙයට මූලික හේතුව වන්නට අතේ සමහරවිට එදා බලයේ සිටි දේශපාලනඥයින් පොතක් පතක් කියවා සංඛ්‍යාලේඛනයක් සොයාබලන්නට දැක්වූ අලස කමයි. නමුත් අද විපක්ෂයට ගියපසු අඩු වශයෙන් තරුණ මන්ත්‍රීවරුවත් රටේ ඇති තතු හොඳින් අධ්‍යයනය කොට වාද විවාද වලට එනවා දැකීම සතුටට කාරණයකි.

පාර්ලිමේන්තුවේ ජේශ්ඨ මන්ත්‍රීවරයෙක් වරක් මා සමඟ කනගාටුවෙන් පැවසූයේ පාර්ලිමේන්තුවේ සිටින සෑම මන්ත්‍රීවරයෙකුටම පර්යේෂණ සහායකයෙකු තබාගැනීම සඳහා දීමනාවක් ලැබෙන නමුත් ඔවුන් බොහෝදෙනෙකු එම රැකියා අවස්තාව ලබා දී තිබෙන්නේ රියැදුරෙකුට හෝ රැකියාවක් දෙන්නට අවශ්‍ය පවුලේ කෙනෙකුට හෝ යම් හිතවතෙකුට බවය. මේ තත්වය ඉදිරියේදී වත් වෙනස් වී මහජනතාව වෙනුවෙන් සැබෑ යුතුකම් ඉටුකිරීමට තමන්ට ලබා දී ඇති පහසුකම් නිසි ලෙස භාවිතකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි පිරිසක් යොමු වනු ඇතැයි යනු ඔහුගේ බලාපොරොත්තුව විය.

දැන් අපි යලිත් මූලික ගැටලුව දෙස බලමු වත්මන් රජය යටතේ මහබැංකුවේ කුමන සංඛ්‍යා ලේඛණය පිලිගන්නටදැයි අපට විශාල ගැටලුවක් මතු වී තුබුනද 2014,2015,2016 යන වාර්ථා තුනම අධ්‍යයනය කිරීමෙන් ඉතාමත්මපැහැදිලිව පෙනී යන්නේ රටේ රැකියා ප්‍රමාණය 476,000 කින් යහපාලනයේ පලමු වසර දෙක තුල අඩු වී ඇති බවයි. තමුන්ගේම සංඛ්‍යාලෙඛණ වැරදියයි ඉදිරි දිනයක රජයේ බලධාරියෙක් ප්‍රසිද්ධියේ පාපොච්චාර්ණය කරනු තුරු අපට සිදුවන්නේ මෙය යථාර්ථය ලෙස පිලිගැනීමටයි. එසේ නම් එය භයානක තත්වයකි.

එක පැත්තකින් රටේ ජීවන වියදම දිගින් දිගටම වැඩි වන තත්වයක් තුල මෙම රජය බලයට ඒමට පෙර ක්‍රමාණුකූලව අඩුවෙමින් පැවති රැකියා වියුක්තිය යලි වැඩි වන්නේ නම් එය අනාගතයේ තරුණ අසහණය වැඩි කිරීමට හේතුවක් වනු ඇත.

රජය කල යුත්තේ ප්‍රශ්ණයක් තිබෙනවානම් අවංකව එය පිළිගෙන විසඳුම් සොයනවා විනා ප්‍රශ්ණය වසන් කිරීම සඳහා රජය මගින් පලකරණ සංඛ්‍යාලේඛණ විකෘති කිරීම නොවේ. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට කියන පැරණි කියමන බලධාරීනට මතක් කර දෙන්නට සිදුවන්නේ ඒ නිසාය.

( 23-05-17 Mawubima )-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/16/2017

ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයේ නොදුටු පැතිකඩක් - මෙනන්ගේ පොතෙන් හෙළිවන රජ තුන් කට්ටුවේ කෙරුවාව

කතෘ:යුතුකම     5/16/2017   No comments

ශිවශංකර් මෙනන්ගේ පොතෙන් හෙළිවන රජ තුන් කට්ටුවේ කෙරුවාව...

පසුගියදා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිනීමත් ඊට සති කිහිපයකට පෙර ඉන්දියාව විසින් ලංකාවේ තෙල් ටැංකි අත්පත් කර ගැනීමේ උත්සාහයට විරුද්දව නැගුන දැඩි විරෝදයත් සමඟ ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා ගැන යම් සංවාදයයක් රටපුරා ඇරඹී ඇත. පසුගිය මැතිවරණයේ රාජපක්ෂ රජය පරාජය කිරීම සඳහා තිරය පිටුපස සිට ඉන්දියාව විසින් කල කාර්ය භාරය තව දුරටත් රහසක් නොවන නිසා පසුගිය රජය හා ඉන්දියාව අතර සබඳතාවක් තිබුනේ නැද්ද යන ප්‍රශ්ණය බොහෝ අය විසින් අසනු ලැබේ.

ඉන්දියාවේ කොන්ග්‍රස් පාලනය පරදා බී ජේ පී පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි බලයට පැමින මාස කිහිපයක් ගතවන්නටත් පෙර ලංකාවේ ජනාධිපතිවරණය පැවති අතර මෙහිදී මහින්ද රාජපක්ෂ රජය හඳුනාගෙන නොසිටි නව ඉන්දීය රජය තම පැත්තට නතු කරගන්නට ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේග සමත්වූ බවක් පෙනී යයි.නමුත් ඊට පෙර පැවති මන් මෝහන්සිංගේ කොන්ග්‍රස් පාලනය සමයේ ඉන්දියාව හා ලංකාව අතර ඉතා සුහද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් තිබුනි.

මේ බව මීට මාස කිහිපයකට පෙර හිටපු ඉන්දීය විදේශ ලේකම් ශිවශංඛ මෙනන් විසින් පල කරන ලද " ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය’ නම්වූ ග්‍රන්ථය අධ්‍යයනය කිරීමෙන් මනාව පැහැදිලි වේ.

ත්‍රස්ථවාදයට එරෙහිව වසර 26 ක් තිස්සේ රාජ්‍ය නායකයින් 5 දෙනෙකු යටතේ ශ්‍රී ලංකා හමුදාවන් කල සටන 2009දී සාර්ථකව අවසන් කොට එල් ටී ටී ඊ ය මුලින් උපුටා දැමීමේ තීරණාත්මකය සාධකයක් වූයේ විදේශ බලවේගයන් හමුවේ නොසැලුන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අභීත නායකත්වයයි.

ශ්‍රී ලංකිකයින්ගෙන්ම සමහරක් දෙනෙකුට කිසිදින නොවැටහුනු, එමෙන්ම බොහෝ දෙනෙකුට අමතක වුනු මේ සත්‍යය මනාව පැහැදිලි කෙරෙන පරිච්ඡේදයක් මෙම යුද්ධයට රාජ්‍ය තන්ත්‍රික මට්ටමින් ඍජුවම සම්බන්ධ අත්දැකීම් ලබා ඇති ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් වරයෙකු වන (2006-2009) ශිවශංඛ මෙනන් මහතා විසින් පසුගියදා එලි දක්වන ලද " ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය' ( CHOICES- Inside the Making of India’s Foreign Policy ) නැමති පොතෙහි දක්නට ඇත.

මෙම පොත ත්‍රස්ථවාදයට එරෙහි ශ්‍රී ලංකා රජය කල යුද්ධය පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට කැමති සෑම කෙනෙකු විසින්ම කියවිය යුත්තක් වන්නේ එය ලංකාවේ දේශපාලනයෙන් පරිබාහිරව සිතන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් තමන්ගේ අත්දැකීමද උපයෝගී කරගෙන ලියන ලද්දක් නිසාය.
මෙම ග්‍රන්ථයේ 4 වන පරිච්ඡෙදයේ " බලය වැඩකරයි - ශ්‍රී ලංකාව ද්‍රවිඩ ත්‍රස්ථවාදය නිමකරයි" යන මාතෘකාව යටතේ ශිව ශංඛ මෙනන් මහතා විසින් ලියා ඇති සමහරක් වැදගත් කරුනු පහත සඳහන් කෙරේ. මෙතැන් සිට භාවිත වන්නේ ඔහුගේම වචන හා ශෛලයයි.

( උපුටා දැක්වීම ) 2009 යුද්ධය අවසාන අදියරට පැමිනෙමින් තිබෙනා කාලයේ ඉන්දීය රජය මහින්ද රාජපක්ෂගේ රජය සමඟ ඉතා සමීප හා නිරන්තර සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. ඒ ශ්‍රී ලංකාවේ උතුරේ තත්වය ඉන්දියාවේ දේශපාලනයට තමිල්නාඩුව හරහා ඍජු හා දැඩි බලපෑමක් එල්ල කල නිසාය. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය 2009 මැයි මස පැවත්වීමට නියමිතව තිබුන අතර එවකට බලයේ සිටි කොන්ග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තය දේශපාලන වශයෙන් ඉතා වැදගත් විය.

රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් ක්ෂනිකව අදහස් හුවමාරු කර ගැනීම සඳහා මීට පෙර කිසිවිටක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක නොවු ක්‍රමවේදෙයක් මේ වන විට දෙරට විසින් සාර්ථකව භාවිත කෙරෙමින් තිබුනි. එය අප හැදින්වූයේ 'ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ' කියාය. මේ යටතේ වගකිවයුතු කුඩා කන්ඩායමක් ලෙස කටයුතු කිරීමටතීරණ ගැනීමේ හැකියාව හා බලය තිබෙන තිදෙනෙකු බැගින් දෙරට විසින් නම් කර තිබුනි. ඉන්දියාව පැත්තෙන් මෙය නියෝජනය කලේ ඉන්දීය රජයේ ආරක්ෂක උපදේශක එම් කේ නාරායන්,ආරක්ෂක ලේකම් විජය සිං හා විදේශ ලේකම් ශිවශංඛ මෙනන්ය. ශ්‍රී ලංකාව නියෝජනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගය.බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරන් වීම මෙම ක්‍රමවේදය සාර්ථක වීමට මූලික හේතුවක් විය. ඒ ඔවුන් විසින් ගනනා තීරණ පසුව වෙනස් නොවන අවසන් තීරණ වීමය. අවශ්‍යතාවක් පැන නැගුන විට ජනාධිපති වරයාට ඍජුවම කතා කිරීමේ හැකියාවද ඔවුන්ට තිබුනි. ඉන්දියාවේ පැත්තෙන් ඉහත කී තිදෙනාට අමතරව එවකට සිටි විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද මෙම සම්බන්ධීකරණයට බොහෝ විට එක්විය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට මෙම කන්ඩායම වග බලා ගත්හ.
'ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ' නිසා මීට පෙර ශ්‍රී ලංකා හා ඉන්දියා රජයන් අතර යුද්ධය සම්බන්ධයෙන් පැවති අනවබෝදය සහමුලින්ම වාගේ නැති වී ගියේය. අප කන්ඩායම නිරන්තරයෙන් මුන ගැසී සාකච්ඡා කල අතර 2009 මුල කාලයේ බොහෝ දිනවල රාත්‍රිකාලයේ ඉන්දීය ගුවන් හමුදායානයකින් අප ලංකාවට පැමින සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසු නැවත ඉන්දියාවට යාම සිදුවිය.විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද බොහෝ විට අප සමග පැමිනි අතර ජනාධිපති මන්දීරයේ පැවත්වූ සාකච්ඡාවලට ජෙනරාල් සරත් ෆොන්සේකා වැනි ජේශ්ඨ නිලධාරීන්ද පැමින සිටියහ.

මේ සාකච්ඡාවලදී ඉන්දියානු නියෝජිතයින්ගේ මූලික අවධානය යොමුවුයේ යුද්ධයට කොටුවී සිටින සිවිල්වැසියන්ගේ ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න පිළිබඳවය. ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම කරුනේදී ඉතා සංවේදී විය. සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල නොකිරීම, බර අවි යොද පහර නොදීම, යුධ මුක්ත කලාප නම් කිරීම, සිවිල් වැසියන්ට ඉවත්වීම සඳහා විශේෂ කොරිඩෝවන් ලබාදීම වැනි යහපත් තීරණ මේ සාකච්ඡා වලදී ගැනුන නිසා ඉන්දීය රජයට මහත් පහසුවක් දැනුනි. පොරොන්දු වූ දේවල් ඒ අකාරයෙන්ම ඉටු කිරීමට රාජපක්ෂ රජය සැමවිටම වගබලා ගත් බවද සඳහන් කල යුතුය.

රාජපක්ෂවරු කිසිවිටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පණපිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබාදීම ඔවුන් සහමුලින්ම ප්‍රතිශේප කලහ.

යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුධ විරාමයක් ලබාගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප්‍රයෝජනය සඳහා එල් ටී ටීය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි. මතුපිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්වය මෙයට වෙනස් විය. ප්‍රභාකරන් වෙනුවෙන් එලිපිට කතා කල තමිල්නාඩුවේ දේශපාලන නායකයින් පවා දැන සිටි කරුනක් වුයේ ප්‍රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිත වලටද අනතුරක් විය හැකි බවයි. ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දන නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත.

26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන් ආවේය. ආර්ථික වශයෙන්වූ හානිය පමනක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත ( රුපියල් බිලියන 30,000ක්) . ලක්ෂයක් පමන පිරිසක් යුද්ධයෙන් මියගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.

යුද්ධයේදී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටුකලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය. හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්යයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරු වලට අදාල පත්කිරීම් හා යුධ තීරණ වලට නායකත්වය සැපයුවේය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමටද මැලි නොවන බව 'ගෝඨාගේ යුද්ධය' නැමති පොත පරිශීලනය කරන්නෙකුට පෙනෙනුඇත.

මට පෙනී ගිය කරුනක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොටාභය රාජපක්ෂට තිබුන බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි. මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහදිලි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසිවිටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි. මෙහිදී ගොටාභයගේ සහතිකය ඉතා වැදගත් විය. 2014 මා විදේෂ ලේකම් දූරයෙන් ඉවත්වන තුරු කිසිවිටක ශ්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.

මෙහිදී සඳහන් කල යුතු තවත් කරුනක් වන්නේ ශ්‍රී ලංකාව කිසිවිටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සුදානම් නොවුනු බවයි.ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවියැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.

මා දන්නා තරමට යුද්ධයෙන් පමනක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක.මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්‍රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇදගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි.

2009 දී ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා ඉන්දියාවටත් ලෝකයේ ත්වත් බොහෝ රටවලටත් යම් තීරණ ගන්නට සිදුවිය. ලෝකයටත් අපටත් තිබුන ගැටලුව වූයේ දෙශපාලන හේතු මත හෝ මානුෂික හේතු මත ශ්‍රී ලංකා රජය විසින් කරගෙන යන ලබන වැඩපිලිවෙලට ඇඟිලි ගසනවාද නැත්නම් ඔවුන්ට ඔවුන්ගේ කාර්යය කරන්නට ඉඩහැර බලා ඉන්නවාද යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් අප මේ දෙකටම අතරමැද ක්‍රමවේදයක් මගින් සියලු දෙනා සතුටු කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක නිරතවුනෙමු. ප්‍රතිඵලය වුයේ අපට කිසිවෙකු සතුටු කරන්නට නොහැකි වීමයි. දේශපාලනයේදී සියලු දෙනාම සතුටු කල නොහැකි බව මින් යලිත් පෙනී යයි.

ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ. 2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්යතා වෙනුවෙන් පෙනී සිටියේය.

අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය. ( උපුටා දැක්වීම අවසන් )

මේ පොත කියවූ අයෙකුට පැහැදිලිවම පෙනී යන කරුණනම් කලාපයේ බලවතා වන ඉන්දියාව හොඳින් තබාගැනීම වෙනුවෙන් තම රට දේපල හෝ වෙලඳ අයිතිවාසිකම් පාවාදීමක් අවශ්‍ය නොවන බවයි. කොන්ද පණ ඇති රජයකට මේ කිසිවක් අහිමි කර නොගෙන ඉන්දියාව සමඟ සුහද රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගැනීමට හැකි විය යුතුය.

-ආචාර්ය නාලක ගොඩහේවා - ( මවුබිම 16-05-2017)
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions