11/04/2015

සිරිසේනලා රණ විරුවන් බේරා ගත් හැටි.

කතෘ:යුතුකම     11/04/2015   5 comments
අපි වෙනුවෙන් අපි අපිට එරෙහිව අපි
සිරිසේන මහතා ජිනීවා ගියේ නැත. ඔහු තමාගේ ආදරණීය පුත්‍ර රත්නයද කැටුව ගියේ ගියේ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සැසිය සඳහායි. එහිදී ලංකාවට එරෙහි චෝදනා සාකච්ඡා වුයේ නැත. ලංකාවට එරෙහි ක්‍රියාදාමය සිදු වූයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය තුළය. නමුත් සිරිසේන ලංකාවට එන විට රට පුරා පෝස්ටර කටවුට් ගසා තිබුනේ "රණ විරුවන් බේරාගත් ජනපති" කියාය. මේ පච ආණ්ඩුව අපව ගොනාට අන්දවන්න දරන වෑයම එයින්ම මනාවට පැහැඳිලි වේ.

බොරුව අද මේ රටේ ප්‍රධානතම දේශපාලන උපක්‍රමය බවට පත් වී තිබේ.  'තාජුඩීන් ඝාතනය', 'භූගත මන්දිර', 'ආයුධ නැව්' ආදී තවත් ව්‍යාජ ජවනිකා ඉදිරියට ගෙන එමින් අද අප මුහුණ දී තිබෙන සැබෑ ව්‍යසනය අපගෙන් වසන් කරමින් තිබේ. ලෝකයේ කිසිදු රටක් නොකරන ආකාරයේ ගොන් කමක් වන ලංකාවට එරෙහි යෝජනාවක් ලංකාව විසින්ම ගෙන එමින් නිවට දීන ලෙස ඇමරිකානු සහ බටහිර ඉදිරියේ දණ ගසමින් රණ විරුවන් සහ රට පාවා දෙමින් එම පාවා දීමම "බේරා ගැනීම" ලෙස ප්‍රදර්ශනය කිරීම තරම් ජඩ වැඩක් තවත් ඇත්ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වරයාගේ වාර්තාවේ අපගේ රණ විරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ පහත සඳහන්  බරපතළ චෝදනා ඔබම කියවා බලන්න. අපගේ රජය් විසින්ම (ඇමරිකාව සමඟ එක්ව) මේ චෝදනා එල්ල කරන්නේ දශක තිහක කුරිරු යුද්ධයක් නිමා කරමින් ලංකාවේ දමිළ දරුවන්ගේ බෙල්ලෙන් සයනයිඩ් කරල ගලවා ඔවුන් පාසල් වෙත යන දිනක් උදා කළ වීරෝධාර ජයග්‍රාහී හමුදාවකට එරෙහිවය. මේ රාජපක්ෂගේ හෝ සිරිසේනගේ හමුදාව නොව, අපේ හමුදාවය. අපි වෙනුවෙන් ජීවිත පූජා කළ අපේ හමුදාවයි.

රජය විසින් අපගේ හමුදාවන්ට එල්ල කර ඇත්තේ ආරක්ෂක හමුදාවකට එල්ල කළ හැකි භයානකම චෝදනා බව ඔබට වැටහී යනු ඇත. වසර විස්සක් යන තුරු සාක්ෂි කරුවන් අනාවරණය නොකෙරෙන මේ සියළු අභූත චෝදනා කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව ඉතා සාදරයෙන් අපගේ රජය විසින් පිළිගෙන, එම යෝජනාවන්හි පාර්ශව කරුවෙකු බවට පත්වීම ඇමරිකානු යටත්විජිතය පාමුල බිම වාඩි වී උන්ගෙන් තොණ්ඩුව ඉල්ලා ගෙන ගෙල ලා ගැනිමකි.

ලංකා රජය සාදරයෙන් පිළිගෙන ඇති හමුදාවට සහ රටට එරෙහි බරපතළ චෝදනා

  • නීති විරෝධී මිනීමැරුම්
  • ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්‍රචණ්ඩත්වය
  •  බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම්
  • වධ හිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්
  • සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම
  • මානුෂීය ආධාර වැළැක්වීම
  • විවෘත නොවු කඳවුරුවල අභ්‍යන්තරව අවතැන් වු පුද්ගලයන් රැඳවීම
මේ සියළු චෝදනා නඟා ඇත්තේ හමුදාව අතින් සිදු වූ විනය කඩවීමේ සිද්ධීන් ලෙස නොව, ශ්‍රී ලංකා හමුදාව යුධෝපක්‍රම ලෙස මෙම අපරාධ කළ බව පෙනී යන පරිදිය. ඒ බව පැහැදිලිවීම සඳහා ඉහත ඇතැම් චෝදනා ජිනීවා වාර්තාවන්හි නඟා ඇති ආකාරය එලෙසම පරිවර්තනය කළහොත් ඒ මෙසේය.

සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම:

"යුද්ධයේ අවසාන අවදියේ දි සිදු කරන ලද බොහෝ ප්‍රහාර සටන් කිරීම පිළිබඳ අන්තර්ජාතික මානුෂීය නීතියේ මූලධර්ම වලට, විශේෂයෙන්ම වෙනස් කොට හැදින ගැනීමේ මූලධර්මවලට අනුකූල නොවු බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. රජය විසින්ම ‘සටන් මුක්ත කලාප” (No Fire Zones ) ලෙස ප්‍රකාශයට පත් කළ එල්ටිටීඊයේ පාලනය යටතේ පැවති අධික ජන ගහණයෙන් යුත් ප්‍රදේශවල මානුෂීය පහසුකම්වලට සහ රෝහල් වලට රජයේ හමුදා දිගින් දිගටම ෂෙල් ප්‍රහාර එල්ල කළ බව වාර්තාවේ සදහන් වේ. පොදු ස්ථානවලට සහ/හෝ ගැටුම්වලට සෘජු සම්බන්ධයක් නැති සාමාන්‍ය ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික මානුෂිය නිතිය බරපතල උල්ලංඝණය කිරීමක් වන අතර යුද අපරාධ සේ සැලකිය හැකිය. ගැටුම්වලට කෙළින්ම සම්බන්ධ එල්ටීටීඊ සාමාජිකයන් වැඩි වශයෙන්ම සිවිල් ජනතාව සිටින ප්‍රදේශවල සිටීම සහ ගැටුම් පවතින ප්‍රදේශවල රැඳී සිටීමට සිවිල් ජනතාවට බල කිරීමේ එල්ටීටීඊ ප්‍රතිපත්තිය ද අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමක් විය හැකිය. අන්තර්ජාතික මානුෂීය නිතියට රජයන් ගරු කිරීම විරුද්ධ පාර්ශ්වයේ හැසිරීම මත රඳා නොපවතින අතර එය විරුද්ධ පාර්ශ්වයේ හැසිරිම මත තීරණය ‍වන්නක් නොවේ."

(300, 000 කට අධික දෙමළ සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් හා ඔවුන්ව බලහත්කාරයෙන් අඟල් එදිකිරීම වැනි යුද කටයුතු සඳහා යොදවමින් එල්ටීටීය සිදු කළ මනුෂ්‍යත්වයට එරෙහි දරුණු අපරාධවලින් ඔවුන්ව නිදහස් කරමින් තම අතපය හා ජීවිතද පුදා ඉන් 290,000කට අධික සිවිල් වැසියන් මුදාගත් වීරෝධාර හමුදාව යුද අපරාධකරුවන් කර ඇති අයුරු!)

විවෘත නොවු කඳවුරුවල අභ්‍යන්තරව අවතැන් වු පුද්ගලයන් රැඳවීම:

"එල්ටීටීඊයේ හිටපු සටන්කරුවන් සාමාන්‍ය ජනතාව‍ගෙන් වෙන් කිරීම සදහා කරන ලද පරික්ෂා කිරිමේ ක්‍රියාවලිය අන්තර්ජාතික ප්‍රමිතීන් සැපිරීමට අපොහොසත් වූ අතර නරක ලෙස සැලකීම සහ අපහරණය පහසු කරවීය. විවෘත නොවු අභ්‍යන්තරව අවතැන් වුවන්ගේ කඳවුරුවල පැවති තත්වය සෞඛ්‍ය, හා ජලය හා සනීපාරක්ෂාවට ඇති අයිතිය ඇතුළත් මානව අයිතිවාසිකම් ගණනාවක් උල්ලංගනය කිරීමකි. 300,000 පමණ වන අභ්‍යන්තර අවතැන් වූවන් අන්තර්ජාතික නීතිය අනුව පිළිගත් කාලසීමාවට වඩා කඳවුරුවල රඳවා ගැනීම ඔවුන්ගේ නිදහස අහිමි කිරීමකි. අභ්‍යන්තරව අවතැන් වුවන් ඔවුන්ගේ දෙමළ වාර්ගිකත්වය නිසා සැක කරුවන් ලෙස සලකන ලද බවටත් රඳවා ගත් බවටත් විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. මෙය වෙනස් කොට සැලකිමේ සහ පීඩාවට පත් කිරීමේ මානුෂිකත්වයට එරෙහි අපරාධයක් ලෙස සැලකිය හැකිය."

(එල්.ටී.ටී.ඊ. ය විසින් බිම් බෝම්බ උතුරු පළාත පුරා වළලා සිදු කොට තිබූ යුද අපරාධ වසන් කරමින් නැවත පදිංචි කරන ජනයාගේ ආරක්ෂාවට ඒවා ඉවත් කරීමට රජයට ගතවූ කාලය අපරාධයක් බවට පත් කර ඇත.)

ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්‍රචණ්ඩත්වය:

 "විමර්ශනයේ දී ඔවුන් කම්පාවට පත් කළ සොයා ගැනීමක් වූයේ රැඳවුම්කරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද අතිශයෙන් කුරිරු ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වයයි. එම වින්දිතයන් අතර ගැහැණුන් මෙන්ම මිනිසුන්ද වේ. සම්මුඛ සාකච්ඡා කරන ලද ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් වූ වින්දිතයන් 30 කගේ කම්පාවට පත් කෙරෙන සාක්ෂිවලින් පෙනි යන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් හුදකලා ක්‍රියා නොව සිතාමතාම වද හිංසා පැමිණවීමේ දී අනුගමනය කරන සමාන රටාවක සහ සමාන ක්‍රම යොදා ගැනීමේ ප්‍රතිපත්තියේ කොටසකි යන්නයි. එම වාර්තාවේ, ප්‍රශ්න කිරීමේ අවස්ථාවේ දි සිදු කරනලද ලිංගික වද හිංසා සහ බොහෝ විට ප්‍රශ්න කිරීම් සිදු නොවන අවස්ථාවලදි සිදු වූ බව පෙනෙන දූෂණය කිරීම් රටාවන්ද සඳහන් වේ. ගැටුම් පැවති සමයේ හා ඉන් පසුව විවිධ ආරක්ෂක හමුදා විසින් රැඳවුම් මධ්‍යස්ථාන ගණනාවක දී ලිංගික වධ හිංසා සිදු කර ඇත. සන්නද්ධ ගැටුමට අදාල කාලයේ දි සිදු කරන ලදැයි සැලකෙන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් එකක් හෝ සම්බන්ධයෙන් නීතියෙන් වැරදිකරුවන් කර නැත."

(ලිංගික ප්‍රචණ්ඩත්වය පවා හුදකලා සිද්ධීන් ලෙස නොව යුධ උපායන් ලෙස යොදා ගත් බවට පෙන්වීමට උත්සාහ ගෙන ඇති අයුරු)

මෙම විමර්ශන වාර්තාවේ සඳහන් සියළුම චෝදනා සුපරික්ෂාකාරීව කියවා බලන විට පෙනී යන ඉතාම වැදගත් කරුණක් වන්නේ මේ සියළු වැරදි කිසියම් රටාවක් හඳුනාගත හැකි පරිදි ක්‍රමානුකූලව සැලසුම්සහගතව  සිදු කරන ලද අපරාධ බවට පෙන්වීමට ගන්නා උත්සාහයයි. එහි යටි අරුත වන්නේ මේ අපරාධවලට වගකිවයුත්තේ ඒවාට අණදුන් ඉහළ නිළධාරීන් සහ දේශපාලන අධිකාරිය බවයි.

මෙම සමුළුවෙන් පසුව ගුවන් විදුලියේ 'සුභාරතී'  වැඩ සටහනට සහභාගී වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ "අපේ අරමුණ හමුදා සොල්දාදුවන් දඩයම් කිරීම නෙමෙයි. ඔවුන්ට අණ දුන් අය හොයලා ඒගොල්ලන්ව අල්ල ගන්න ඕනා. මුලින්ම ඒගොල්ලන්ව අල්ල ගෙන, ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒගොල්ලන්ට මොකක්ද කරන්නේ කියලා." යනුවෙනි. ඉහත චෝදනා එල්ල කර ඇති ආකාරයත් මංගල සමරවීර මහතාගේ පැහැඳිලි කිරීමත් මනාව නොපෑහේද්? මොවුන්ගේ ඉලක්කයේ ප්‍රමුඛතාවය ඇත්තේ සේනාධිනායකයා ඇතුළු ආරක්ෂක අංශයන්හි ඉහළ නිලධාරීන් බව පැහැඳිලිය.

මෙලෙස අසමජ්ජාති ලෙස තමන්ගේ රටේ රණ විරුවන් ලෝකය ඉදිරියේ ගර්හාවට සහ බරපතළ චෝදනාවට ලක් කරමින් "අපිට එරෙහිව අපි" සංකල්පය මත වැඩ කරන අතර ලංකාවේ ලයිට් කණු වල අපට සතුරු අපේ නායකයෝ එල්ලී සිටියේ රණ විරුවන් බේරා ගත්තා යැයි කියමිනි. අපි බොරුව ප්‍රෝඩාව දැක ඇත්තෙමු. නමුත් මෙවැනි හිවල් ගණයේ නීච ප්‍රෝඩාවන් අප මීට පෙර කතාන්දරයකවත් අසා තිබේද?


[යුතුකම සංවාද කවය විසින් බෙදාහරින  "දේශය අනතුරේ..: ඔබ මේ ගැන දැනුවත් ද? " පත්‍රිකාවේ මුල් කොටස ඇසුරෙන් ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/23/2014

කුරුළු හදවත නොදුටු විරු හදවත

කතෘ:යුතුකම     10/23/2014   6 comments
මේ පසුගිය 8 වැනිදා අප හට කියවන්නට ලැබුනු පුවතකි.

"කිලිනෙච්චිය ප්‍රදේශයේ අඩි 15ක් පමණ ජලයෙන් පිිරී තිබූ වගා ළිඳකට හදීසියේම වැටුනු අවුරුද්දකුත් මාස 6ක් වයසැති කුඩා දරුවෙකු යුද හමුදා සෙබලූන් දෙදෙනෙකු විසින් එම ළිඳට පැන දරුවාගේ ජීවිතය බේරා දීමේ වීර ක‍්‍රියාවක නිරත වී ඇත.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 57වන සේනාංකයේ 574 වන බලසේනාවට අයත් ගම්මානයක පිහිටි වගා ළිඳකට අවුරුද්දකුත් මාස 06 ක් වයසැති සිවකුමාර් සිංදුජන් නැමති කුඩා දරුවා 6 දා සවස හදීසියේ වැටී ඇති අතර මේ පිළිබඳව දැනගත් දරුවාගේ මව විලාප නගන්නට විය. මෙම විලාපය, 574 වන බලසේනාවේ ගජබා රෙජිමේන්තුවේ සේවයේ නිරත කෝප‍්‍රල් විජිත පෙරේරා සහ කෝප‍්‍රල් ඞී.එම්.ලීලාරත්න යන සෙබලූන් දෙදෙනාට ඇසීමෙන් ඔවුන් දෙදෙනාම එම අවස්ථාවේදීම අදාල ස්ථානයට දිව ගොස් ඇත. ළිඳ තුලට වැටී සිටි දරුවා ළිඳට වැටි තිබූ ළනුවෙ පැටලී ඇති අතර මේ හේතුව නිසා සුලූ වේලාවක් දරුවා ජලයේ පාවෙමින් සිට ඇති නමුත් දරුවාගේ දැඟලීම නිසා දරුවාට  දැඩි ලෙසින් වතුර පෙවී ඇති බවත් සුලූ වේලාවකින් දරුවා ගිලීමට යන අයුරුත් ඔවුන් දෙදෙන දැක ඇත. අඩි 25ක් පමණ ගැඹුරින් යුතු වගා ළිඳට බැසීම සඳහා ළිඳෙහි තිබූ කඹය ගෙන උත්සහයක නිරත වුවද ප‍්‍රමාද වීමෙන් දරුවාගේ ජීවිතය අහිමි වන බව දැන ගත් සෙබලූන් දෙදෙනා එම අවස්ථාවේදීම ළිදේ ලණුව කටින් අල්ලා ළිඳට පැන ඇති අතර දරුවා බේරා ඉතා ඉක්මණින් ගොඩට ගෙන දරුවාට පෙවී තිබූ ජලය උදරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත."

මෙම හමුදා සෙබළුන් දෙදෙනාටද දරුවන් සිටිනවා විය හැකිය. ඒ කිරි සප්පයා බේරන්නට යාමේදී තමන්ගේම ලෙයින් උපන් දරුවනට පියා අහිමි වීමේ අවදානමක් තිබුනි. නමුත් ඒ බව සිතා මේ  දරුවා අමතක කර දැමීමට නොහැකි ආකාරයේ උතුම් හෘද සාක්ෂියකින් මේ  මිනිසුන් දෙදෙන  සන්නද්ධය. සිය රාජකාරී සීමාවෙන් ගව් ගණනක් ඔබ්බට ගොස් මිනිසාට සේවය කරන මේ දෙවි මිනිසුන් පිළිබඳ පුවත් අපට අසන්නට ලැබුනු පළමු සහ අවසාන අවස්ථාවද මෙය නොවේ. සැබැවින්ම රණ විරුවන් පසුගිය දශක කිහිපය පුරාම සිය දිවි පරදුවට තබා රට, දැය, සමය බේරා ගැනීමට කටයුතු කළ ආකාරය සහ ඒ මහා කැපකිරීමේ කතන්දරය පිටුපස ඇති අභීත සිංහ හදවත් සංකේතාත්මකව පිළිඹිබු කරන්නකි මේ සිද්ධිය. මේ විරුවන් නිසා අද අපි බිය සැක නැතිව මහමඟ දෙපයින්, බසයෙන්, දුම්රියෙන් හෝ වෙනත් වාහනයකින් හෝ ගමන් කරන්නෙමු. පිළිස්සී ගිය මළ කදන් රූප පෙට්ටියේ නොදකින රටක අපි ජීවත් වන්නෙමු. එහෙත් ඒ සැනසීම පොදුවේ අප සැවොටම ලබාදීම වෙනුවෙන් ඔවුනට සිය ජීවිත කැප කරන්නට සිදු විය.

ඔවුහූ අන් අය වෙනුවෙන් සිය දිවි කැප කළහ. ඔවුන් ආදරය කරන සිය පවුලේ සාමාජිකයින් හා තිබිනු බැදීම මරණයේ අවිනිශ්චිතතාවෙන් නිරන්තරයෙන් වෙලී තිබුනි. එම අවිනිශ්චිතතාව විසින් ඒ සියළු දෙනාගේම හදවත් ඉසිළිය නොහැකි ආකාරයේ බරකින් පුරවා තැබීය. රූපවාහිනියෙන් හෝ රේඩියෝවෙන් හෝ හමුදා සාමාජිකයින් මෙපමණක් මිය ගොස් ඇති බව අසන සැම මොහොතකම, ඒ අතර තම පියා, සැමියා, පුතා සිටීදැයි යන සන්ත්‍රාසයෙන් ඔවුන්ගේ හදවත් ගල් ගැසී නැවතුනි. ඔවුන් නැවත බාගෙට හෝ හුස්මගන්නට පටන් ගත්තේ ඔහුගෙන් යම් පණිවුඩයක් ලද පසුය. ඒ වේදනාව,  ඒ අවිනිශ්චිතතාව වචනයට නැගීමට අප අසමත් වන්නෙමු.

ඔවුන් එසේ කැප කිරීම් කොට යුද්ධය නිම කළ නිසා මිනිස්සු බිය සැක නැතිව අද ඇවිද යති. සෙනඟ රැස් වන තැන්හි බිය සැක නැතිව කාලය ගත කරති. පසුගිය දා බණ්ඩාරනායක අනුස්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයටද ඒ නිදහස භුක්ති විදින මිනිස්සු බුරුතු පිටින් එක් රැස් වී පොත් මිලදී ගත්හ. සම්මානයෙන් පුදනු ලබන පොත්, එසේ ලැබුනු සම්මානය ඒ පොත හොඳ පොතක් බවට නිර්ණායකයකැයි යන ස්වාභාවික තත්වයන් යටතේ සාධාරණ තර්කයට අනුව සිතා ඒවා වැඩිපුර මිලදී ගනිති. ඒ අනුව කුරුළු හදවත පොත් ප්‍රදර්ශනයෙන් මිලට ගත් මිතුරෙකු ඒ මට ගෙනත් දුනි. එය කියවීමට පටන් ගතිමි.

කුරුළු හදවත යනු මෙවර හොඳම නවකතාව ලෙස ස්වර්ණ පුස්ථක සම්මානයෙන් පුදනු ලැබූ පොතයි. ආචාර්ය ලියන්ගේ අමරකීර්ති ඔහුගේ කුරුළු හදවත කතාවේ පළමු පිටේම මෙම කොටස ලියා තිබුනි.

"කල්පනාවෙන් බරව ගෙදර එන අතරෙ ඔහුට මතක් උනේ ඔහුගෙ යාලුවන්ට ගිය අවුරුද්දෙත් මතක් උන දේ. ඒ තමයි හමුදාව. අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව.

විභාග දෙපාර්තුමේන්තුවයි හමුදාවයි අතර රහස් ගිවිසුමක් තියෙනවා වගේ දෙපාර්තුමේන්තුව අසමත් කරන අය හමුදාව බඳවාගෙන ඔවුන්ගෙ සමත්කම් මතුකරලා පෙන්වනවා. දිනසිරිත් හිතුවා ඒකම තමයි විසඳුම කියලා."

කෘතියක් මඟින් පිළිඹිබු කෙරෙන දේශයක හා කාලයක කාරණා බොහොමයක් අතරින් සිය කෘතියකට යමෙකුට වෙසෙසින්ම කැඳවාගෙන ආ හැකි වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. එනිසා කතුවරයෙකු විසින් ඒවා ඉතා ඕනෑකමින් තෝරාබේරා ගත යුතුවේ. ඉහත උපුටා දැක්වූ අසමතුන් පිළිබඳ කොටස මෙම කතාන්දරය හා යාවජීවව බැදී නැතිය. "අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව" යන්න දිනසිරිට සිතෙන සිතුවිල්ලක් නොවන බව මේ කොටස කියවීමෙන් පැහැඳිළි වේ.

මේ කෘතියේ කිසිදු චරිතයකට, පරිසරියකට හෝ අවස්ථාවකට එම කොටස් නෑකම් නොකියයි. නමුත් එය අසම්බන්ධිත නොවන බවද පෙනී යයි. එසේ නම් ඒ සම්බන්ධය කුමක්ද? එම සම්බන්ධය වන්නේ එවැනි අවස්ථාවක්, වඩා පොදු තත්වයකට ගෙන එනම් දිනසිරි වෙනුවෙට "ලංකාවේ ගැමි කොල්ලන්" සමූහය සළකා ඒ පිළිබඳ පොදු තත්වයක් ලෙසින් මේ බව කියා පෑමයි.  ඒ ආචාර්ය අමරකීර්තිට සිතෙන අයුරු එලෙසම ලියා තැබීමකි. එමගින් පැහැඳිළි වන්නේ මෙම අදහස් කියා පෑමේ ප්‍රචාරාත්මක අවශ්‍යතාවයෙන් කතුවරයා පෙළී ඇති බවයි. එය සිය නිර්මාණය තුළට එනම් දිනසිරිගේ චරිතය තුළට කැටුවාගෙන ඒමට ප්‍රමාණවත් තරම් ශික්ෂණයක් ඔහු තුළ නොවූ බවයි. ඊට වඩා ඔහුට වැදගත් වී ඇත්තේ ඔහුගේ සිතේ පහළ වූ මේ උදාන වාක්‍යය කඩිමුඩියේ කාටත් හොඳට පෙනෙන්න ලියා තැබීමයි.

එමගින් මෙහි නිර්මාණාත්මක අගය අඩුවන බව අපේ තක්සේරුව වුවත් මෙහිදී අප මේ ලිපිය තුළ සාකච්ඡාවට ගන්නේ ඒ අගය නිර්ණායකයට අදාළ සාහිත්‍යය විචාරකයාට අයිති කාරණය නොව. අපට වැදගත් වන්නේ මෙම වාක්‍යය කිහිපය හරහා පිළිඹිබු වන ආචාර්ය ලියනගේ අමරකීර්ති මේ රටේ රණ විරුවන් පිළිබඳ කිසියම් ආකල්පයක් සිය පාඨකයන් වෙත රැගෙන එන ආකාරයයි. 

මෙවර රාජ්‍යය සාහිත්‍යය සම්මාන උළෙලේ හොඳම කෙටි කතා සංග්‍රහය වූ ගුණදාස අමරසේකරයන්ගේ
කියනු මැන දිවි අරුත කෘතියෙහි 'මහ ගෙදර සොයා ආ ගමන' නම් කෙටි කතාවේ මේ දෙබස් කාණ්ඩය ඉහත අමරකීර්තිගේ කොටස හා සංසන්දනය කරනු වටී.

"දැන් කවුද ගෙදර ඉන්නේ?"

"මායි බාල කොලුවයි විතරයි... මහත්තයට ආරංචි ඇතිනේ අපට වුණු දේවල්."

"වැඩිමහල් හාදයා යාපනේ දී බෝම්බෙකට අහු වුණු බව ආරංචි වුණා."

"ඒ දවස්වල ජේ. වී. පී. කර කර ඉඳලා රට බේර ගන්න ඕනයා කියලා හමුදාවට ගියා... අවුරුද්දක් වත් යන්න නැතුව ඇති බෝම්බෙට අහු වෙන කොට. අපි දැන ගත්තෙත් සුමාන ගණනකට පස්සේ.. මිනියවත් දකින්න හම්බු වුණේ නැහැ."

එම කෙටි කතාවේ සමුදයාර්ථයට ඉතා අවැසි කාර්යයක් ඉහත දෙබස මඟින් ඉටු වන අතර දෙබස තුල කතුවරයාගේ මිනිස් ගුණය අවිඤාණිකවම රැකී ඇත. අමරසේකරයන්ගේ හමුදා  සොල්දාදුවා හමුදාවට ගොස් ඇත්තේ රට බේරා ගන්න ඕනා කියාය. නමුත් අමරකීර්තිට අනුව කොල්ලන්ට හමුදාව මතක් වන්නේ විභාගය අසමත් වූ විටය.

අමරසේකරයන්ගේ මිය ගිය හමුදා සෙබලා ද ආර්ථික දුෂ්කරතා තිබූ අයෙකි. වෙසෙසින් සඳහන් නොකළද ඔහු විභාගය අසමත් වී තිබිය හැකිය. නමුත් ඔහු හමුදාවට ගොස් ඇත්තේ මේ රට බේරා ගන්නට ඕනෑය කියාය. කතුවරයා තම නිර්මාණයට කැදවාගනේ ඒ කාරණයයි. ඔහුගේ චරිතයෙන් වත්මන් පාඨකයා සංවේදී විය යුතු එක් ප්‍රධාන කාරණයකි එය.

නවකතාකරුවෙකු වේවා නාට්‍යකරුවකු වේවා මේ කවුරුත් මිනිසුන්ය. අද මේ බිමේ මිනිසුන් නිදහසේ වෙසෙන්නේ හමුදාවට බැදුනු මිනිසුන් කළ අමිල කැප කිරීම උඩයි. ඉතින් මිනිසෙකු නවකතාවක් ලියද්දී ඒ කෘතවේදීත්වය අත්හළ හැකි නොවේ. තවත් අතකින් වත්මන් යුගයට සවිඥාණිකත්වයක් ඇති කලාකරුවෙකුගෙන් ඉටුවිය යුතු කාර්යයක්ද වනුයේ ඒ පිළිබඳ අනෙක් මිනිසුන්ද වඩා සවිඤාණික කොට වඩාත් සංවේදී කරවීමයි. අමරකීර්තිට යුධ විරෝධියෙකු වීමට අයිතියක් ඇත. නමුත් ඔහුට හමුදා සෙබළා අවඥාවට ලක් කිරීමට අයිතියක් ඇතිද? සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹුවා නම් ඒ කෘතවේදීත්වය ඉතා සියුම් ලෙස කලා නිර්මාණයකට එක් කරන්නේ කෙලෙසදැයි අදහසක් ආචාර්ය අමරකීර්තිට ලබා ගන්නට තිබුනි.

ලංකාවේ කොල්ලන් වැඩි වැඩියෙන් හමුදාවට බැදුනේ එකා මත්තේ එකා මිය යමින් යුද්ධය සිදුවන අවස්ථාවලදීය. සාම සාකච්ඡා හෝ සටන් විරාම හෝ පවතින වකවානුවල රජයන් මඟින් ප්‍රයත්න දැරූවද හමුදාව හා එක්වූයේ ඉතා අඩු පිරිසක් පමණි. අනෙක් අතට විභාගය අසමත් වන අයගෙනුත් හමුදාව හා එක්වනේ ඉතා සුළු පිරිසක් බව අමරකීර්ති නොසළකා හරියි. හමුදාව හා එක්වන්නන්ට ඇත්තේ හුදු පෞද්ගලික අපේක්ෂා පමණක්ම නොව. මේ රට බේරා ගැනීමට තමා ඉදිරිපත් විය යුතු බවට අභීත හැඟිමක්ද සිත් කොනක හෝ ඔවුනට තිබුනු බවක් අමරකීර්තිලාට සිතෙන්නේ නැත. එය හුදු ආර්ථික හා පෞද්ගලික මමත්වය හා බැදුනු ක්‍රියාවක් ලෙසය ඔවුන් දකිනුයේ. කෙතරම් ආර්ථික හෝ සමාජීය හෝ පීඩනයන් තිබිනද ලංකාව වැනි බිහිසුණූ යුද්ධයක් පැවති රටක හමුදාවට බැදීම සඳහා වීරත්වයක්, නිර්භීත බවක් අවැසි බව අමරකීර්ති මහතාට පසක් වී නැති වීමට අමතරව හමුදාවට බැදෙන්නන් අසමතුන් ලෙස උළුප්පවා දැක්වීමට ද ඔහු අකෘතඥ වී ඇත.

එහෙත් ඔහු ඉඟිල්ලෙන මාළුන් මෙන් නරුම ලෙස සිය මතය එළියට දමා නැති බව පැහැඳිලිය. ඔහු උත්සාහ දරන්නේ පොදුවේ කාටත් සාධාරණ යැයි පෙනෙන ආකාරයකට එය ගෙන ඒමටයි. කොළේ වහලා ගහනවා යයි කියමනක් තිබේ. "අපි වෙනුවෙන් අපි" නොවන බවට අමරකීර්ති ගහන්නේ කොළේ වහලාය. කොළේ වසා ගැහීමෙන් ස්වර්ණ පුස්ථක සම්මානද දිනා ගත හැකිය.

ඉහත කුඩා දරුවෙකු බේරා ගැනීමට ඉදිරිපත් වූ හමුදා සෙබළුන් දෙදෙනා විසින් සංකේතාත්මකව මෙන් නිරූපණය කළ මේ රට බේරා ගැනීමට දිවි පරදුවට තබා ඉදිරිපත් වූ මේ කොල්ලන් සතු වූ අධ්‍යාත්මික ගුණය,  ආචාර්ය අමරකීර්තිගේ කුරුළු හදවතට තවම දැනී නැත.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions