10/23/2014

කුරුළු හදවත නොදුටු විරු හදවත

කතෘ:යුතුකම     10/23/2014   6 comments

මේ පසුගිය 8 වැනිදා අප හට කියවන්නට ලැබුනු පුවතකි.

"කිලිනෙච්චිය ප්‍රදේශයේ අඩි 15ක් පමණ ජලයෙන් පිිරී තිබූ වගා ළිඳකට හදීසියේම වැටුනු අවුරුද්දකුත් මාස 6ක් වයසැති කුඩා දරුවෙකු යුද හමුදා සෙබලූන් දෙදෙනෙකු විසින් එම ළිඳට පැන දරුවාගේ ජීවිතය බේරා දීමේ වීර ක‍්‍රියාවක නිරත වී ඇත.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 57වන සේනාංකයේ 574 වන බලසේනාවට අයත් ගම්මානයක පිහිටි වගා ළිඳකට අවුරුද්දකුත් මාස 06 ක් වයසැති සිවකුමාර් සිංදුජන් නැමති කුඩා දරුවා 6 දා සවස හදීසියේ වැටී ඇති අතර මේ පිළිබඳව දැනගත් දරුවාගේ මව විලාප නගන්නට විය. මෙම විලාපය, 574 වන බලසේනාවේ ගජබා රෙජිමේන්තුවේ සේවයේ නිරත කෝප‍්‍රල් විජිත පෙරේරා සහ කෝප‍්‍රල් ඞී.එම්.ලීලාරත්න යන සෙබලූන් දෙදෙනාට ඇසීමෙන් ඔවුන් දෙදෙනාම එම අවස්ථාවේදීම අදාල ස්ථානයට දිව ගොස් ඇත. ළිඳ තුලට වැටී සිටි දරුවා ළිඳට වැටි තිබූ ළනුවෙ පැටලී ඇති අතර මේ හේතුව නිසා සුලූ වේලාවක් දරුවා ජලයේ පාවෙමින් සිට ඇති නමුත් දරුවාගේ දැඟලීම නිසා දරුවාට  දැඩි ලෙසින් වතුර පෙවී ඇති බවත් සුලූ වේලාවකින් දරුවා ගිලීමට යන අයුරුත් ඔවුන් දෙදෙන දැක ඇත. අඩි 25ක් පමණ ගැඹුරින් යුතු වගා ළිඳට බැසීම සඳහා ළිඳෙහි තිබූ කඹය ගෙන උත්සහයක නිරත වුවද ප‍්‍රමාද වීමෙන් දරුවාගේ ජීවිතය අහිමි වන බව දැන ගත් සෙබලූන් දෙදෙනා එම අවස්ථාවේදීම ළිදේ ලණුව කටින් අල්ලා ළිඳට පැන ඇති අතර දරුවා බේරා ඉතා ඉක්මණින් ගොඩට ගෙන දරුවාට පෙවී තිබූ ජලය උදරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත."

මෙම හමුදා සෙබළුන් දෙදෙනාටද දරුවන් සිටිනවා විය හැකිය. ඒ කිරි සප්පයා බේරන්නට යාමේදී තමන්ගේම ලෙයින් උපන් දරුවනට පියා අහිමි වීමේ අවදානමක් තිබුනි. නමුත් ඒ බව සිතා මේ  දරුවා අමතක කර දැමීමට නොහැකි ආකාරයේ උතුම් හෘද සාක්ෂියකින් මේ  මිනිසුන් දෙදෙන  සන්නද්ධය. සිය රාජකාරී සීමාවෙන් ගව් ගණනක් ඔබ්බට ගොස් මිනිසාට සේවය කරන මේ දෙවි මිනිසුන් පිළිබඳ පුවත් අපට අසන්නට ලැබුනු පළමු සහ අවසාන අවස්ථාවද මෙය නොවේ. සැබැවින්ම රණ විරුවන් පසුගිය දශක කිහිපය පුරාම සිය දිවි පරදුවට තබා රට, දැය, සමය බේරා ගැනීමට කටයුතු කළ ආකාරය සහ ඒ මහා කැපකිරීමේ කතන්දරය පිටුපස ඇති අභීත සිංහ හදවත් සංකේතාත්මකව පිළිඹිබු කරන්නකි මේ සිද්ධිය. මේ විරුවන් නිසා අද අපි බිය සැක නැතිව මහමඟ දෙපයින්, බසයෙන්, දුම්රියෙන් හෝ වෙනත් වාහනයකින් හෝ ගමන් කරන්නෙමු. පිළිස්සී ගිය මළ කදන් රූප පෙට්ටියේ නොදකින රටක අපි ජීවත් වන්නෙමු. එහෙත් ඒ සැනසීම පොදුවේ අප සැවොටම ලබාදීම වෙනුවෙන් ඔවුනට සිය ජීවිත කැප කරන්නට සිදු විය.

ඔවුහූ අන් අය වෙනුවෙන් සිය දිවි කැප කළහ. ඔවුන් ආදරය කරන සිය පවුලේ සාමාජිකයින් හා තිබිනු බැදීම මරණයේ අවිනිශ්චිතතාවෙන් නිරන්තරයෙන් වෙලී තිබුනි. එම අවිනිශ්චිතතාව විසින් ඒ සියළු දෙනාගේම හදවත් ඉසිළිය නොහැකි ආකාරයේ බරකින් පුරවා තැබීය. රූපවාහිනියෙන් හෝ රේඩියෝවෙන් හෝ හමුදා සාමාජිකයින් මෙපමණක් මිය ගොස් ඇති බව අසන සැම මොහොතකම, ඒ අතර තම පියා, සැමියා, පුතා සිටීදැයි යන සන්ත්‍රාසයෙන් ඔවුන්ගේ හදවත් ගල් ගැසී නැවතුනි. ඔවුන් නැවත බාගෙට හෝ හුස්මගන්නට පටන් ගත්තේ ඔහුගෙන් යම් පණිවුඩයක් ලද පසුය. ඒ වේදනාව,  ඒ අවිනිශ්චිතතාව වචනයට නැගීමට අප අසමත් වන්නෙමු.

ඔවුන් එසේ කැප කිරීම් කොට යුද්ධය නිම කළ නිසා මිනිස්සු බිය සැක නැතිව අද ඇවිද යති. සෙනඟ රැස් වන තැන්හි බිය සැක නැතිව කාලය ගත කරති. පසුගිය දා බණ්ඩාරනායක අනුස්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයටද ඒ නිදහස භුක්ති විදින මිනිස්සු බුරුතු පිටින් එක් රැස් වී පොත් මිලදී ගත්හ. සම්මානයෙන් පුදනු ලබන පොත්, එසේ ලැබුනු සම්මානය ඒ පොත හොඳ පොතක් බවට නිර්ණායකයකැයි යන ස්වාභාවික තත්වයන් යටතේ සාධාරණ තර්කයට අනුව සිතා ඒවා වැඩිපුර මිලදී ගනිති. ඒ අනුව කුරුළු හදවත පොත් ප්‍රදර්ශනයෙන් මිලට ගත් මිතුරෙකු ඒ මට ගෙනත් දුනි. එය කියවීමට පටන් ගතිමි.

කුරුළු හදවත යනු මෙවර හොඳම නවකතාව ලෙස ස්වර්ණ පුස්ථක සම්මානයෙන් පුදනු ලැබූ පොතයි. ආචාර්ය ලියන්ගේ අමරකීර්ති ඔහුගේ කුරුළු හදවත කතාවේ පළමු පිටේම මෙම කොටස ලියා තිබුනි.

"කල්පනාවෙන් බරව ගෙදර එන අතරෙ ඔහුට මතක් උනේ ඔහුගෙ යාලුවන්ට ගිය අවුරුද්දෙත් මතක් උන දේ. ඒ තමයි හමුදාව. අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව.

විභාග දෙපාර්තුමේන්තුවයි හමුදාවයි අතර රහස් ගිවිසුමක් තියෙනවා වගේ දෙපාර්තුමේන්තුව අසමත් කරන අය හමුදාව බඳවාගෙන ඔවුන්ගෙ සමත්කම් මතුකරලා පෙන්වනවා. දිනසිරිත් හිතුවා ඒකම තමයි විසඳුම කියලා."

කෘතියක් මඟින් පිළිඹිබු කෙරෙන දේශයක හා කාලයක කාරණා බොහොමයක් අතරින් සිය කෘතියකට යමෙකුට වෙසෙසින්ම කැඳවාගෙන ආ හැකි වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. එනිසා කතුවරයෙකු විසින් ඒවා ඉතා ඕනෑකමින් තෝරාබේරා ගත යුතුවේ. ඉහත උපුටා දැක්වූ අසමතුන් පිළිබඳ කොටස මෙම කතාන්දරය හා යාවජීවව බැදී නැතිය. "අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව" යන්න දිනසිරිට සිතෙන සිතුවිල්ලක් නොවන බව මේ කොටස කියවීමෙන් පැහැඳිළි වේ.

මේ කෘතියේ කිසිදු චරිතයකට, පරිසරියකට හෝ අවස්ථාවකට එම කොටස් නෑකම් නොකියයි. නමුත් එය අසම්බන්ධිත නොවන බවද පෙනී යයි. එසේ නම් ඒ සම්බන්ධය කුමක්ද? එම සම්බන්ධය වන්නේ එවැනි අවස්ථාවක්, වඩා පොදු තත්වයකට ගෙන එනම් දිනසිරි වෙනුවෙට "ලංකාවේ ගැමි කොල්ලන්" සමූහය සළකා ඒ පිළිබඳ පොදු තත්වයක් ලෙසින් මේ බව කියා පෑමයි.  ඒ ආචාර්ය අමරකීර්තිට සිතෙන අයුරු එලෙසම ලියා තැබීමකි. එමගින් පැහැඳිළි වන්නේ මෙම අදහස් කියා පෑමේ ප්‍රචාරාත්මක අවශ්‍යතාවයෙන් කතුවරයා පෙළී ඇති බවයි. එය සිය නිර්මාණය තුළට එනම් දිනසිරිගේ චරිතය තුළට කැටුවාගෙන ඒමට ප්‍රමාණවත් තරම් ශික්ෂණයක් ඔහු තුළ නොවූ බවයි. ඊට වඩා ඔහුට වැදගත් වී ඇත්තේ ඔහුගේ සිතේ පහළ වූ මේ උදාන වාක්‍යය කඩිමුඩියේ කාටත් හොඳට පෙනෙන්න ලියා තැබීමයි.

එමගින් මෙහි නිර්මාණාත්මක අගය අඩුවන බව අපේ තක්සේරුව වුවත් මෙහිදී අප මේ ලිපිය තුළ සාකච්ඡාවට ගන්නේ ඒ අගය නිර්ණායකයට අදාළ සාහිත්‍යය විචාරකයාට අයිති කාරණය නොව. අපට වැදගත් වන්නේ මෙම වාක්‍යය කිහිපය හරහා පිළිඹිබු වන ආචාර්ය ලියනගේ අමරකීර්ති මේ රටේ රණ විරුවන් පිළිබඳ කිසියම් ආකල්පයක් සිය පාඨකයන් වෙත රැගෙන එන ආකාරයයි. 

මෙවර රාජ්‍යය සාහිත්‍යය සම්මාන උළෙලේ හොඳම කෙටි කතා සංග්‍රහය වූ ගුණදාස අමරසේකරයන්ගේ
කියනු මැන දිවි අරුත කෘතියෙහි 'මහ ගෙදර සොයා ආ ගමන' නම් කෙටි කතාවේ මේ දෙබස් කාණ්ඩය ඉහත අමරකීර්තිගේ කොටස හා සංසන්දනය කරනු වටී.

"දැන් කවුද ගෙදර ඉන්නේ?"

"මායි බාල කොලුවයි විතරයි... මහත්තයට ආරංචි ඇතිනේ අපට වුණු දේවල්."

"වැඩිමහල් හාදයා යාපනේ දී බෝම්බෙකට අහු වුණු බව ආරංචි වුණා."

"ඒ දවස්වල ජේ. වී. පී. කර කර ඉඳලා රට බේර ගන්න ඕනයා කියලා හමුදාවට ගියා... අවුරුද්දක් වත් යන්න නැතුව ඇති බෝම්බෙට අහු වෙන කොට. අපි දැන ගත්තෙත් සුමාන ගණනකට පස්සේ.. මිනියවත් දකින්න හම්බු වුණේ නැහැ."

එම කෙටි කතාවේ සමුදයාර්ථයට ඉතා අවැසි කාර්යයක් ඉහත දෙබස මඟින් ඉටු වන අතර දෙබස තුල කතුවරයාගේ මිනිස් ගුණය අවිඤාණිකවම රැකී ඇත. අමරසේකරයන්ගේ හමුදා  සොල්දාදුවා හමුදාවට ගොස් ඇත්තේ රට බේරා ගන්න ඕනා කියාය. නමුත් අමරකීර්තිට අනුව කොල්ලන්ට හමුදාව මතක් වන්නේ විභාගය අසමත් වූ විටය.

අමරසේකරයන්ගේ මිය ගිය හමුදා සෙබලා ද ආර්ථික දුෂ්කරතා තිබූ අයෙකි. වෙසෙසින් සඳහන් නොකළද ඔහු විභාගය අසමත් වී තිබිය හැකිය. නමුත් ඔහු හමුදාවට ගොස් ඇත්තේ මේ රට බේරා ගන්නට ඕනෑය කියාය. කතුවරයා තම නිර්මාණයට කැදවාගනේ ඒ කාරණයයි. ඔහුගේ චරිතයෙන් වත්මන් පාඨකයා සංවේදී විය යුතු එක් ප්‍රධාන කාරණයකි එය.

නවකතාකරුවෙකු වේවා නාට්‍යකරුවකු වේවා මේ කවුරුත් මිනිසුන්ය. අද මේ බිමේ මිනිසුන් නිදහසේ වෙසෙන්නේ හමුදාවට බැදුනු මිනිසුන් කළ අමිල කැප කිරීම උඩයි. ඉතින් මිනිසෙකු නවකතාවක් ලියද්දී ඒ කෘතවේදීත්වය අත්හළ හැකි නොවේ. තවත් අතකින් වත්මන් යුගයට සවිඥාණිකත්වයක් ඇති කලාකරුවෙකුගෙන් ඉටුවිය යුතු කාර්යයක්ද වනුයේ ඒ පිළිබඳ අනෙක් මිනිසුන්ද වඩා සවිඤාණික කොට වඩාත් සංවේදී කරවීමයි. අමරකීර්තිට යුධ විරෝධියෙකු වීමට අයිතියක් ඇත. නමුත් ඔහුට හමුදා සෙබළා අවඥාවට ලක් කිරීමට අයිතියක් ඇතිද? සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹුවා නම් ඒ කෘතවේදීත්වය ඉතා සියුම් ලෙස කලා නිර්මාණයකට එක් කරන්නේ කෙලෙසදැයි අදහසක් ආචාර්ය අමරකීර්තිට ලබා ගන්නට තිබුනි.

ලංකාවේ කොල්ලන් වැඩි වැඩියෙන් හමුදාවට බැදුනේ එකා මත්තේ එකා මිය යමින් යුද්ධය සිදුවන අවස්ථාවලදීය. සාම සාකච්ඡා හෝ සටන් විරාම හෝ පවතින වකවානුවල රජයන් මඟින් ප්‍රයත්න දැරූවද හමුදාව හා එක්වූයේ ඉතා අඩු පිරිසක් පමණි. අනෙක් අතට විභාගය අසමත් වන අයගෙනුත් හමුදාව හා එක්වනේ ඉතා සුළු පිරිසක් බව අමරකීර්ති නොසළකා හරියි. හමුදාව හා එක්වන්නන්ට ඇත්තේ හුදු පෞද්ගලික අපේක්ෂා පමණක්ම නොව. මේ රට බේරා ගැනීමට තමා ඉදිරිපත් විය යුතු බවට අභීත හැඟිමක්ද සිත් කොනක හෝ ඔවුනට තිබුනු බවක් අමරකීර්තිලාට සිතෙන්නේ නැත. එය හුදු ආර්ථික හා පෞද්ගලික මමත්වය හා බැදුනු ක්‍රියාවක් ලෙසය ඔවුන් දකිනුයේ. කෙතරම් ආර්ථික හෝ සමාජීය හෝ පීඩනයන් තිබිනද ලංකාව වැනි බිහිසුණූ යුද්ධයක් පැවති රටක හමුදාවට බැදීම සඳහා වීරත්වයක්, නිර්භීත බවක් අවැසි බව අමරකීර්ති මහතාට පසක් වී නැති වීමට අමතරව හමුදාවට බැදෙන්නන් අසමතුන් ලෙස උළුප්පවා දැක්වීමට ද ඔහු අකෘතඥ වී ඇත.

එහෙත් ඔහු ඉඟිල්ලෙන මාළුන් මෙන් නරුම ලෙස සිය මතය එළියට දමා නැති බව පැහැඳිලිය. ඔහු උත්සාහ දරන්නේ පොදුවේ කාටත් සාධාරණ යැයි පෙනෙන ආකාරයකට එය ගෙන ඒමටයි. කොළේ වහලා ගහනවා යයි කියමනක් තිබේ. "අපි වෙනුවෙන් අපි" නොවන බවට අමරකීර්ති ගහන්නේ කොළේ වහලාය. කොළේ වසා ගැහීමෙන් ස්වර්ණ පුස්ථක සම්මානද දිනා ගත හැකිය.

ඉහත කුඩා දරුවෙකු බේරා ගැනීමට ඉදිරිපත් වූ හමුදා සෙබළුන් දෙදෙනා විසින් සංකේතාත්මකව මෙන් නිරූපණය කළ මේ රට බේරා ගැනීමට දිවි පරදුවට තබා ඉදිරිපත් වූ මේ කොල්ලන් සතු වූ අධ්‍යාත්මික ගුණය,  ආචාර්ය අමරකීර්තිගේ කුරුළු හදවතට තවම දැනී නැත.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

6 comments :

  1. සුගත්10/23/2014 11:14 AM

    සාහිත්‍ය අරක් ගන්න යන මේ කට්ටිය නම් මේ රටට ලොකු විනාශයක් කරන්න බලන් ඉන්නෙ..ජාතිකත්වය තමා මේ අයට ලොකුම හතුරා වෙලා තියෙන්නෙ..ස්වර්ණ පුස්ථකය නෙමේ හරි නම තමා "ස්වර්ණ පුස්-ටකය".

    ReplyDelete
    Replies
    1. ස්වර්ණ පුස්-ටකය :)

      Delete
    2. ස්වර්ණ පුස්-ටකය Maxa :D

      Delete
  2. සම්මාන දිනන්න නම් ආමි එකට ගහන්න ඕනි..

    ReplyDelete
  3. කොටි තාම ඉඳලා කිට්ටුවක බෝම්බයක් පත්තු වුනානම් සම්මානක‍ාරයොයි සම්මාන ගන්න ඉන්න වුනුයි දුවන්නෙ රෙදි නැතුව දැන් එහෙම ගැටලුවක් නැති නිසා ඕන දෙයක්!

    ReplyDelete
  4. හැබැයි අමතක නොකළ යුතු කරුණකුත් තියනව. මගේ යාලුවො ගොඩක් හමුදාවේ සහ නාවික හමුදාවේ ඉන්නවා. හමුදාවේ සහ නාවික හමුදාවේ බහුතරයක් ඡන්දේ දුන්නේ යහ පාලනයට. හමුදාවේ කට්ටියගෙන් සිවිල් වැඩ ගන්නව කාණු සුද්ද කරගන්නව කියල එයාලාට කලින් අණ්ඩුව එපා උනාලු. නාවික හමුදාවට යෝෂිත බේබිගේ වැඩ අල්ලන්නේ නැති නිසා එයලටත් කලින් ආණ්ඩුව එපා උනාලු. හැබැයි ඉතින් මහින්ද-ගෝඨාභය කාලේ වගේ අයෙ කිසිම කලක හමුදාවට තැනක් නම් එන්නේ නෑ

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com