ජනාධිපතිවරණ කතාබහෙන් මෙරට දේශපාලන සමාජය උණුසුම්ව තිබේ. ඒ වටපිටාව තුළ ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇරඹි 'පිවිතුරු හෙටක්' සංවිධානය මගින් 19 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය නමින් ලියවිල්ලක් සමාජගත කර තිබේ. මේ ඒ පිළිබඳවත් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවත් උන් වහන්සේ සමග යුතුකම සංවාද කවය පැවැත්වූ විශේෂ සාකච්චාවයි.
යුතුකම : ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් පිවිතුරු හෙටක් සංවිධානය විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ බොහෝ දෙනා මේ වන විට කතා කරමින් තිබෙනවා. මුලින්ම සඳහන් කරන්න පුළුවන්ද පිවිතුරු හෙටක් සංවිධානයේ බිහිවීම සහ ඒ සමග සිටින පිරිස් කවුද කියල?
අපි පසුගිය කාලය පුරාම නොයෙක් කරුණු කාරණාවලදී සක්‍රීයව දැඩිව මැදිහත් වුනා. විශේෂයෙන් ඔය කෘමිනාශක නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහත් ව්‍යසනයක් බවට පත් වෙලා තිබෙන කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳ අපි සක්‍රීයව මැදිහත් වෙලා වැඩකලා. මුලින්ම නාථ දෙවියන් පිළිබඳ කතාවකුත් සමග මේක එළියට ආවේ. නමුත් අපි පසුව කෘමිනාශක සාම්පල් පිටරටට අරගෙන ගිහින් අපේ අතේ වියදමින් විශාල වියදමක් දරල පෙන්වල දුන්නා කෘමිනාශකවල ඉතා විෂ සහිත ආසනික් ඇතුළු වස අන්තර්ගත බව. ඒ හරහා අපිට පුළුවන් වුනා සමාජය තුල මේ පිළිබඳ මතයක් ඇති කරන්න. විශේෂයෙන් කෘමි නාශක කිහිපයක් තහනම් වන්නේ ඒ තත්වය යටතේ.
කෙසේ හෝ ඒ හරහා ඇරැඹි සංවාදය පසුව නොයෙක් ක්ෂේත්‍ර කරා විහිදුනා. පසුගිය ජුනි මාසේ වගේ පිවිතුරු හෙටක් සංවිධානය පැවැත්වූ සමුළුවෙන් පසුව බොහෝ දෙනාගේ අවධානය මෙය කෙරෙහි යොමු වුනා. ඉන් පසුව තමයි අපි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කරන්නේ. එහිදී විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතිකත්වය පිළිබඳවත් දූෂණය නාස්තියෙන් තොර යහපාලනයෙන් යුතු රටක් බිහි කරගන්නේ කොහොමද කියන කතාබව ඇතිවුනේ. ඒ සාකච්ඡා මාලාව අවසාන ප්‍රතිඵලය විදියට තමයි මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් එළියට එන්නේ.
ඒ පිළිබඳ ප්‍රධාන දේශපාලන පක්ෂ බොහොමයක් සමග අප සාකච්ඡා කළා. අවසානයේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහත්තයා භාරගත්තා ව්‍යවස්ථා සංශෝෂධන යෝජනාව කෙටුම්පත් කරන්න. අවසානයේ වකුගඩු රෝගය හා කෘමිනාශක පිළිබඳ කතබහ යට ගිහින් බොහෝ දෙනා සමග කතා කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පෙරට ආවා.
යුතුකම :මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවේ අන්තර්ගතය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළොත්?
විධායක , ව්‍යවථාදායක , අධිකරණ හා මැතිවරණ කියන ක්ෂේත්‍රයන් හතර අතරේ සමබරතාවයක් ඇතිකරන එකයි අපේ මූලික අරමුණ වුනේ. මේ හරහා අත්තනෝමතික ලෙස ජනාධිපතිවටයාගේ අභිමතය පරිදි ක්‍රියා කිරීම වළක්වා තිබෙනවා. ජනාධිපතිවයා අගමැතිවරයා විමසා තමයි කැබිනට් මණ්ඩලය පත් කරගත යුත්තේ.
ඒ සමඟම ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරය හැරුණු විට කීසිම ඇමතිකමක් දරන්නැ බැ.
ආයෝජන බොහොමයක් සිදුවන වරාය , මහාමාර්ග, ගුවන් සේවා අදී මුදල් විශාල වශයෙන් ගැවසෙන අමාත්‍යාංශ ජනාධිපතිවරයා නොදැරිය යුතුයි. විපක්ෂයේ පක්ෂ සමග අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා මේ පිළිබඳ. ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න බැරි වුනා.
වත්මන් ව්‍යවස්ථාවේ තිබුණු හොඳ ලක්ෂණ ඉතිරි කරල නරක ටික තමයි අප ඉවත් කරන්න යෝජනා කරල තිබෙන්නේ. මුදල් පෙට්ටිය ජනාධිපතිවරයාට දෙන්න ඕන නෑනේ. ඒක උවමනා රට රකින්න නෙවෙයි, පවුල රකින්න. අප ජනාධිපතිවරයාගේ තනි බලයට වැඩ කරන්න තිබෙන ඉඩයි වළක්වලා තියෙන්න.
දැන් බලන්න ඉන්දියාවේ, ජයලලිතා හිරේ ගියේ එවැනි ස්වාධීන ආයතන පද්ධතියක් තිබුණ නිසයි. ජයලලිතා මෙහේ හිටියනම් හිරේ යන්නේ නෑ කොයි තරම් හොරකම් කළත්. එහෙම නම් හෙජින් ගිවිසුම ගහපු අය හිරේ යන්න එපයි. කෝප් වාර්ථාවේ තියෙන දූෂණ වලට දඬුවම් කෝ?
රනිල් වික්‍රමසිංහ මහත්මය රක්ෂණ සංථාව කුණු කොල්ලයට වික්කා. කෝ ඒවට දඬුවම්?
අප තව දුරටත් ඒකට ඉඩ දිය යුතුද?
මේ සංශෝධන යෝජනාවලිය හරහා එහෙම ක්‍රියාත්මක වෙන්න තිබෙන ඉඩ බොහෝ දුරට වළක්වලා තිබෙනවා.
ජවිපෙ ලාල් කාන්ත මහත්මයා මේ ව්‍යායාමය අගය කරල තිබෙනවා මා දැක්ක. ජනාධිපති ධූරයේ විශ දළ ගැලවීම පිලිබඳ.
යුතුකම : ඔබ වහන්සේ මේ යෝජනාවලිය පිළිබඳ ජාතික හෙළ උරුමයත් සමග නිල වශයෙන් සාකච්චාවක් පැවැත්වුවාද?
ඔව් හෙළ උරුමය සමග තමයි මේ පිලිබඳ වැඩිපුරම කතා කරන්න ගත්තේ. ඔවුන් මේ සංශෝධනයේ 90% කට පමණ එකඟයි. පොදුවේ ගත්තම මේ පනත් යෝජනාව සම්මත කරගන්නවට එහි කිසිවෙක් අකැමති වුනේ නෑ.
යුතුකම : හාමුදුරුවනේ අපිට පැහැදිලිව පෙනෙනව හෙළ උරුමය පක්ෂයක් ලෙස ඉදිරිපත් කළ යෝජනාවලිය සහ පිවිතුරු හෙටක් සංවිධානයේ යෝජනාවලිය ගත්තම 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාල කරුණු කිසිවක් පිවිතුරු හෙටක් සංවිධානයේ යෝජනාවලියේ නෑ. එය එසේ වන්නේ පිවිතුරු හෙටක් සංවිධානයට බලපා ඇති ෆෙඩරල් මතවාද දරන්නන්ගේ බලපෑම නිසාද කියල ප්‍රශ්න කළොත්?
කවුද අපිත් සමහ සිටින ෆෙඩරල්වාදීන් ? කිසිවෙකු නෑ. අප දහ තුන පිළිබඳ කාරණය ඉවත් කරමින් කතා කළේ හිතා මතාමයි, එසේ වූවා නම් කිසිවෙකුත් සමඟ විවෘත්ත සංවාදයකට යන්න බැරි වෙනවා. 13 ට පක්ෂ විපක්ෂ සියළු දෙනාට එක්ව වැඩකටයුතු කළ හැකි පදනමක් හදා ගන්නයි උත්සාහ කළේ. ජාතික හෙළ උරුමය ගත්තම තනි පක්ෂයක්. වෙනම ගත්තම ඔවුන්ට ඕනම මතයක් දරන්න පුළුවන්. ඔවුන් කියනව මේ උතුරු හා නැගෙනහිර අපේ ඉඩම් අයිතිය කියලා. එලෙසම කොමියුනිට්ස් පක්ෂය කියන්න පුළුවන් මේක සියළු දෙනාම බුක්ති විඳිය යුතුයි කියල. එවැනි මත ගැටුම් තියෙනවා. අපි උත්සාහ කළේ මේ විවිධ මතාවාද තිබෙන අය පොදු අරමුණක් ඉදිරියේ ඒකරාශී කරන විදියයි.
නමුත් ඒකීයභාවය සමබන්ධ ජනාධිපතිවරයාට තිබූ බලතල කිසිඳු වෙනසකින් තොරව එලෙසම අඩංගු වෙනවා. මම දැක්කා පසුගිය දවස්වල සමහරු ප්‍රශ්න කරල තිබුනා කෝ රතන හාමුදුරුවන්ගේ යෝජනාවලියේ ඒකීය භාවය හැලිලනේ කියල. ඒකීයභාවය සම්බන්ධව මෙන්ම , කැරැල්ලක් වැනි දෙයක් ඇති වන අවස්ථාවකදී ජනාධිපතිවරයාට තිබූ බලතල එහෙමම තිබෙනවා. ඒවා අපි කිසිඳු සංශෝධනයක් කළ යුතුයි කියල නෑ. අපි මේ සංශෝධනය හරහා ඉවත් කරල තිබෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරය හැසිරවීමට ජනාධිපති ධූරය දරන්නාට තිබෙන අසීමිත බලය පමණයි.
හෙළ උරුමය ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙත් තිබෙනව පිවිතුරු හෙටක් එකෙන් ඉදිරිපත් කළ බොහෝ යෝජනා. විධායක බලතල අඩු කරන්න , ශ්‍රේෂ්ඨාධිකරණයට වගකියන ජනාධිපතිධූරයක් බිහි කරන්න , ඇමති මණ්ඩලය අඩු කරන්න ඔය වැනි දේවල්. ඊට අමතරව හෙළ උරුමයට අනන්‍ය යෝජනාත් එතන තිබෙනව.උදාහරණයකට ගත්තොත් අන්‍යාගම්කරණ පනත පිළිබඳ යෝජනා, උතුරු නැගෙනහිර ප්‍රශ්නය , බුද්ධාගම සම්බන්ධ යෝජනා.
පිවිතුරු හෙටක් එකෙන් කළේ සියලු දෙනාට එකඟ විය හැකි යෝජනා එකතු කරල ඒ වටා හැම පක්ෂයක්ම එකතු කරගන්න කටයුතු කරපු එකයි. හොරකමට දූෂණයට නාස්තියට එරෙහිව සියළු දෙනාටම පිළිගත හැකි ලෙසයි එය ඉදිරිපත් කරල තිබෙන්නේ.
යුතුකම :පිවිතුරු හෙටක් සංවිධානයේ යෝජනාවලියේ තිබෙනවා 17 වන සංශෝධන නැවත බලාත්මක කල යුතුයි කියල. නමුත් අපට මතකයි වකට චම්පික රණවක මහතා තමයි ඔය සංශෝධනයට විරුද්ධ වූ එකම මන්ත්‍රීවරයා. ඔහුට එහෙම විරුද්ධ වෙන්න හොඳ ශක්තිමත් පදනමක් තිබුනා. නමුත් අද ඔබ වහන්සේලා ඒ අදහස කනපිට ගහලා 17 වන සංශෝධනය පිළිබඳ ප්‍රසාදය පළ කරල තිබෙනව මේ පිවිතුරු හෙටක් යෝජනාවලියේදි. එතන යම් කිසි පරස්පරයක් තිබෙනව නේද?
අප 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ හරය පමණයි ගෙනැත් තිබ්න්නේ. අපි 17 තිබ්බ ව්‍යුහයේ වැරැද්දක් තමයි තිබුණේ. අපි ඒක මෙතන්දි නිවටදි කරල තිබෙනව. ජාතිකත්ව පදනමින් නියෝජිතයන් පත් වීම අප වෙනස් කරල තිබෙනව. ඒ වෙනුවට වෙනත් ව්‍යුහයක් අප යොජනා කරල තිබෙනව. උදා හරණයකට උපකුලපතිවරුන්ගේ සංගමය , වාණිජ මණ්ඩලය , නීතිඥ සංගමය අදිය හරහා තමයි මේ යෝජනාවලියට අනුව ව්‍යවස්ථාදායක සභාවන්ට නියෝජිතනයන් පත් වන්නේ.
යුතුකම :ඔබ වහන්සේ පසුගියදා පැවති සමුළුවේදී ප්‍රකාශ කර තිබුණා මීලඟ ජනාධිපතිවරණයට කලින් මෙම සංශෝධනය සම්මත කර නොගත්තොත් ජනාධිපතිවරයා පරදවන්න කළ හැකි සියළු දේම කරනව කියල.
අපි ඒ ප්‍රකාශයේ අනිත් පැත්තෙන් ගත්තොත්, මහින්ද පරදවලා කවුද දිනවන්නේ කියන ප්‍රශ්නයට ඔබ වහන්සේගේ පිළිතුර මොකක්ද?
ඔව් පසුගියදා පිවිතුරු හෙටක් සමුළුවේදී මම ටිකක් තද කතාවක් කළේ. මහින්ද පරදවලා දිනවන්නේ කවුද කියන එක අපට වැදගත් නෑ. අපි දැනට දිනන්නේ කවුද කියන එක ගැන කල්පනා කරන්නේ නෑ. මේ සංශෝධනය ජනාධිපතිවරයා සිදු කළ යුතුයි. එය නොකරන්නේ නම් ඔහු පරාද කරන්න කරන්න පුලුවන් උපාය මාර්ගය මොකක්ද කියල අප සාකච්ඡා කළ යුතුයි.
මේ ආණ්ඩුව යටතේ අපිට ලැබුණු කිසිවක් නෑ. සිංහලයන්ගේ පැත්තෙන් කරපු දේකුත් නෑ. උතුරේ පළාත් සභා පිහිටෙව්වා. ඒ නිසා මේක රැකගත යුතුයි කියල අපට කොන්දේසි නෑ. ජනාධිපතිවරයා මේ සංශෝධනයට එකඟ නොවන්නේ නම් අපි එයට එරෙහිව බලවේගයක් ගොඩනගන එකයි. මුලින් ඒ බලවේගය හදාගන්න ඕන. මේ ප්‍රතිපත්ති තහවුරු කරගත හැකි බලවේගයක් ගොඩ නගන එක තමයි අපේ ව්‍යයායාමය.
යුතුකම : ඊළඟ ජනාධිපතිධූරය ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත බව ආරංචි වෙනව. ඔබ වහන්සේ හිතනවද මේ මාස දෙක තුනක් වැනි කෙටි කාලය ඇතුලත ඔය කියන බලවේගය ගොඩ නගන්න පුළුවන් වෙයි කියල.?
බලවේග ගොඩනගන්න වැඩි කල් ගත වෙන්න නෑ. ඒකට අවුරුදු ගනන් යන්නේ නෑ. අපේ සමාජය බොහොම සංවිධානාත්මක සමාජයක්. හෙළ උරුමය බිහි වුනේ කොහොමද? මාසයයි ගියේ ඒකට. එවකට ඡන්දය නිවේදනය කළාට පස්සෙයි හෙළ උරුමය බිහි කලේ.
යුතුකම :අපට ප්‍රායෝගිකව ගත්තම පුද්ගලයන් සම්පූර්ණ අමතක කරල හුදු ප්‍රතිපත්ති මත පමණක් දේශපාලන ක්‍රියාමාර්ග තෝරන්න පුළුවන්ද? ඒක කොයි තරම් දුරට ප්‍රායෝගිකද?
පුද්ගලයෝ -ප්‍රතිපත්ති කියල දෙකක් ගැන කතා කරල වැඩක් නෑ. ප්‍රතිපත්තිවලට තමයි පුද්ගලයො ඇතුළු වෙන්නේ. මේ තිබෙන ව්‍යවස්ථාවට ඕනම හොඳ මිනිහෙක් ඇතුළු වුනාට පස්සේ නරක මිනිහෙක් වෙනවා. ඉතාම පරිණත මිනිහෙකුට පමණයි එයින් මිදෙන්න පුළුවන්. මේ ව්‍යවස්ථාවේ එවැනි ලක්ෂණයක් තිබෙන්නේ.
එසේ බැලූවිට මෙය වෙනස් කරගත යුතුමයි.
යුතුකම :මෙහි අවසාන ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමද?
අපට වැදගත් නෑ කවුද දිනන්නේ කියන එක. අපට උවමනා ජනතාව දිනවන්න. ඒ සඳහා ඉන්පසු එළඹෙන මහ මැතිවරණයේදී අපේ කෝටා එක තමයි තීරණාත්මක වෙන්නේ.
2004 දි දැක්කනේ අපි ගත්ත ආසන නමයයි. නමුත් කතානායක තේරුවේ අපි.
තීරණ ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව හරහා. ඒ පාර්ලිමේන්තුවේ ආසන 20ක් හදාගන්නේ කොහොමද කියන එකයි අපේ ඊළඟ අරමුණ.
යුතුකම :මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අහිමි කරගත්තට පසුව ඔය කියන මන්ත්‍රීවරු 20 ද තීරණාත්මක වෙන්නේ?
මන්ත්‍රීවරු 20 ද කියන එක එහෙම කියන්න බෑ. සමාජ බලවේගය එක්කයි ඒක තීරණය වෙන්නේ. අප කියන දේට කොයි තරම් සමාජ චලනයක් තිබේද කියල බලන්න ඕන.අප කියන දේ අවංක නම් ජනතාව ඒ වටා එක් වෙයි. එහෙම නොවේනම් කරන්න දෙයක් නෑ. ඒක තමයි ජනතාවගේ ඉරණම. අප මොකද කරන්නේ.
යුතුකම :මේ ව්‍යවස්ථා සංශෝධන ජනාධිපතිවරණයකට කළින් ක්‍රියාත්මක විය යුතුයි කියන මතයේ ඔබ වහන්සේලා දැඩිව සිටිනවාද?
අනිවාරයයෙන්ම. ඒකේ වෙනසක් නෑ. මේවා මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලෙස භාවිතා කරන්න ඉඩ දෙන්නේ නෑ.
www.yuthukama.com
යුතුකම සංවාද කවය.
හොඳ සාකච්ඡාවක්. යුතුකමට ප්‍රණාමය!
ReplyDeleteමට හිතෙන විදියට නම් රතන හාමුදුරුවෝ පොඩ්ඩක් සීමාව පැනල.
ReplyDeleteමහින්දගෙන් සිංහලයට වෙච්ච දෙයක් නෑ කියන්නම බෑ.
ප්‍රභාකරන් පරදවපු එක ගැන පුන පුනා වර්ණනා නොකලත් ඊට සම කරන්න පුලුවන් මෙහෙයක් මෑත ඉතිහාසේ වෙළා නෑ.
අනිත් කාරණය
ඉස්සර මේ වගේ ආණ්ඩු නැටවුනේ සිංහලයට ඕන විදියට නෙවෙයි. තොණ්ඩා අශ් රොෆ්/හකීම් ට ඕන විදියට
ඒක නැති වුනා කියන්නේම සිංහලයගේ ජයග්‍රහණයක්.
මහින්ද රතන හිමියන්ට ඇහුම්කන් දෙන තරම්වත් රනිල් කීකරුයි කියල හිතන්න පුළුවන්ද?
ReplyDeleteඅනිත් කාරණය ජනාධිපතිධූරය
ඒක තමයි මේ වෙලාවේ සිංහලයට තිබෙන ආරක්ෂාව
ඒක කපල කොටල දාල හරි යන්නේ නෑ.
මහින්ද හොඳ නැත්නම් වෙන හොඳ එකෙක් ගේනව මිසක් මොකෙක් හරි ගෙනත් හරි යන්නේ නෑ.
රතන හිමියන්ගේ පරණ ජේ වීපී ගති මතුවෙලා.
ජාතික මතයට තමයි මේ වැඩවලින් පහර වදින්නේ.
රනිල් ආව කියන්නේ ආයේ කලක් යනකන් 'ජාතික' කතා නෑ.
හෙළ උරුමය එහි ආරම්භයේ සිටම තේරුම් ගත නොහැකි දේශපාලන සංවිධානයකි. 2004 දී සටන් විරාම ගිවිසුම ගැන මුළු රටම කතා කරන විට ඔවුන්ගේ මාතෘකාව වී තිබුනේ බලෙන් ආගම මරුකිරීමයි. ඔවුන් යුද්ධය ගැන කතා කලත් ඒකීය භාවය ගැන එතරම් තැකීමක් නොකරයි. බලය බෙදීමට එතරම් අකමැත්තක් නැත. ඒ ඔවුන්ගේ චන්ද පදනම ගොඩනගා ගෙන තිබෙන්නේ කොළඹ කේන්ද්රීලය එජාප පාක්ෂිකයන් හරහා නිසාය. මේ නිසා 2004 දී විජමු කතානායක කිරීමට ඔවුන් දායක වුයේ සටන්විරාම ගිවිසුම තුලින් හානිවී තිබු එජාප ප්ර.තිරූපය ගැන පවා නොසලකමිනි.
ReplyDeleteසිහල උරුමය අවදියේ සිටම ඔවුන්ගේ උපාය වී තිබුනේ රනිල් යටතේ ඇති එජාපයෙන් බෞද්ධයන් ගලවා ගෙන තම පක්ෂය වර්ධනය කරගැනීමයි. (ජවිපෙ උත්සහ කලෙත් චන්ද්රියකා යටතේ ඇති ශ්රීග ලනිපයෙන් මේ ආකාරයටම සිංහලයන් ගලවා ගලවා ගැනීම වුවත් මහින්දගේ පැමිණීම හරහා එය අසාර්ථක විය.)
මේ අනුව හෙළ උරුමයට තම පක්ෂය වර්ධනයට කලයුතු වන්නේ රනිල් එජාපය තුල තබාගැනීමත් එජාපයට සමාන්තරව දේශපාලනය කිරිමත් ය.
2004 ජයග්ර හණයෙන් පසු 2005 දී හෙළ උරුමය තමන් ගැන වැරදි තක්සේරුවක් කල අතර ජවිපෙ 2004දී චන්ද්රිවකාගේ ශ්රීතලනිප යේ සිටි සිංහල චන්ද ජවිපෙට ආකර්ශනය වූ අයුරින්ම තමන්ටද ආකර්ශනය වේ යයි සිතිය. මේ අනුව තමන්ගේ න්යාශය පත්රිය එකවරම වෙනස් කරගත් ඔවුන් එජාපය හැරදමා වැඩි සිංහල චන්ද ප්රසමාණයක් ඇති මහින්ද සමග එකතුවිය. (නමුත් 2005 හෙළ උරුමය මහින්දගේ වේදිකාවට ගොඩ නොවූ අතර හෙළ උරුමයේ වේදිකාවට මහින්දට ගොඩවීමට සිදුවිය).එහෙත් ඔවුන් මහින්දගේ පැමිණීම හරහා තම ඉලක්කය වැරදි ගිය බව ජවිපෙ සහ හෙළ උරුමය තේරුම් ගත් අතර ජවිපෙ ඉක්මනින්ම මහින්දගෙන් වෙන් වූ නමුත් හෙළ උරුමය ඊට හේතු සොයමින් සිටියේය.
2014දී හෙළ උරුමය ගෙන ඇත්තේ ඉතාම බුද්ධිමත් උපාය මාර්ගික ප්රිවේශයක්. ඒ අනුව රනිල් එජාපයේ රඳවන ආකාරයේ පොදු අපේෂකයකු යෙදවීමෙන් සහ එජාපය සමග සමාන්තරව සිටිමින් මහින්ද විරෝධයට නායකත්වය දීමෙන් රනිල් යටතේ කලකිරෙන සිංහල චන්දවලට වගකීමට ඔවුන්ට පහසුවෙන්ම හැකිවුණු ඇත. අනෙක් අතට සෝභිත හිමි හරහා අවදිවන සිංහල චන්ද හෙළ උරුමයට ආකර්ශනය කරගැනීම තුලින් සොබිත හිමි නව දේශපාලන පක්ෂයක් තුලින් පැමිණීම වැලක්වීමට හැකිවේ. මෙය 2004 වැඩපිළිවෙල නැවත සිදුවීමයි. හෙළ උරුමය ආණ්ඩුවේ විවේචනයට ලක්වන තරමට ඔවුන්ගේ අරමුණ පහසු වනු ඇත. එසේම 2005 දී මෙන් අනුන්ගේ වේදිකාවට නගිනු වෙනුවට පොදු අපේෂකයා තමන්ගේ වේදිකාවට රැගෙන එනු ඇත.