11/07/2016

මගේ ලෝකයට වසර තිහයි...

කතෘ:යුතුකම     11/07/2016   No comments
නොවැම්බර් 9 වන දා හවස 3 ට කොළඹ නව නගර ශාලාවේදී අප එක රැස් වන්නේ කුමක් සඳහා ද ? ජාතියට දැක්මක් ලබා දීම සඳහා ය. දැක්මක් නැති ජාතියකට කල හැක්කේ එදිනෙදා සිද්ධි පිලිබඳ කෑ ගැසීම පමණි. එදිනෙදා සිද්ධි සිදුවන්නේ කෙසේද ඒවායේ සම්බන්ධය කුමක් ද යන්න තේරුම් ගන්නා ජාතියකට අනාගතයට ලැහැස්ති විය හැක. අතීතය දෙස අනුකාරක ඇසින් නොබලා අතීතයෙන් පාඩම් ඉගෙනගත හැක. වර්තමානය පිළිබඳ නොරැවටී තීරණ ගත හැක. දැක්මක් අවශ්‍ය ඒ සඳහා ය.

පසුගිය වසර තිහක කාලය තුල ලංකා දේශපාලනයේ සංවාද විවාද බොහොමයකට අවශ්‍ය පදනම් සංකල්ප මගේ ලෝකය තුල දැකිය හැකි විය. යුදෙව් ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍ය ගැන සිංහල බෞද්ධ චින්තනය ගැන කතෝලික චින්තනය ගැන එහි කතා කෙරුණි. මාක්ස්වාදය විද්‍යාව ෆැසිස්ට්වාදය ලිබරල්වාදය ආදිය පදනම් වන චින්තනය ගැන එහි කතා කෙරිණි. අවාසනාවකට ‘චින්තනය’ යනු කුමක් ද යන්න ගැන බොහෝ දෙනාට අදටත් අවබෝධයක් නැත. චින්තනය යනු ලෝක දැක්ම යයි ඇතැම්හු සිතති. චින්තනය යනු සදාචාර සංග්‍රහය යයි ඇතැම්හු සිතති. එහෙත් චින්තනය යනු මේ කිසිවක් නොවේ. චින්තනය යනු එකිනෙකට වෙනස් එකිනෙකින් ස්වාධින යයි බැලු බැල්මට පෙනෙන ලෝක දර්ශන වල මතවාද වල ආකල්ප වල සංස්කෘතිකාංග වල ඇති ඒ දෙස වඩා හොඳින් බැලු විට පෙනෙන අන්තර් සම්බන්ධතාවට හේතුවයි.

මගේ ලෝකයත් සමග ගොඩනැගුනු සංවාදය තුල වැඩියෙන් ම අවධාරණය වූ කරුණක් වුයේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව දැනුම නිර්මාණය කිරීම ය. අපට බටහිර යටත්විජිතවාදයෙන් නිදහස් වීම බටහිර දැනුමට යටවන තාක් කල නොහැකි බව එහිදී කියැවුණි. බටහිර දේශපාලන විද්‍යාව වන්දනාමාන කරමින් අපට දේශපාලනය කල නොහැකි බව නිර්භය ව කියවුනේ මේ සංවාදය තුල ය. අපේ දේශපාලන ආර්ථික සමාජීය විද්‍යා ප්‍රවාද පමණක් නොව ස්වභාවික විද්‍යාවන් ද ගොඩනගා ලෝකයට දායාද කිරීමට යෝජනා කෙරුනේ මේ සංවාදය තුල දී ය. ලෝකයට බටහිර නුතනත්වයේ චින්තනයෙන් වී ඇති හානිය නතර කල හැක්කේ එවැන්නකින් පමණක් බව කියැවිණි. ඒ පිණිස මගේ ලෝකයේ කතෘ නලින් ද සිල්වා මහතාගේ වසර තිහක ශ්‍රමයෙන් සැහෙන ප්‍රමාණයක් යෙදවිණි. එතුමා මහන්සි වී කුඹුර සකස් කර යම් පමණකට වී වපුරා ඇත. අනාගත පරපුර ගොයම රැක පෝෂණය කර අස්වනු නෙලනු ඇතැයි සිතමු.

පොතේ කතෘ නලින් ද සිල්වා මහතා ගැන ද යමක් කිව යුතු ය. සමාජයේ මෙතරම් විවාදයට විරෝධයට පාත්‍ර වන අදහස් එතුමා දිගින් දිගට නිර්භය ව පවසමින් සිටි. එවැන්නක් කල හැකි කි දෙනෙක් ලෝකයේ සිටි දැයි නොදනිමු. අද මාවිලාරු විවෘත කල බවක් කියමින් ලකුණු දමාගැනීමට බොහෝ දෙනෙක් සිටිති. එහෙත් බොහෝ දෙනාට මතක නැතත් ඊනියා සාම කාලයක් ද තිබිණි. එකල ප්‍රභාකරන් ගේ ප්‍රශ්නයට විසඳුම කුමක් දැයි ඇසු සැනින් සටන් කර විනාශ කර දැමීම යයි පැහැදිලි ව කිවේ එතුමන් ය. පසුව යුද්ධය විකිනු දේශපාලකයෝ කලාකාරයෝ ආදිය එකල සාම වෙළෙන්දන් ව සිටියහ. වටිනාකම ඇත්තේ එතන ය. බොහෝ දෙනා නොදකින දේ දැකීමෙහි ය. බොහෝ දෙනා කීමට බිය වන දේ කීමෙහි ය.

එදාට අප එක රැස් විය යුතු වැදගත් ම කාරණයක් ඇත. අප මේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නයේ විකාශය නිවැරදි ව හඳුනාගත යුතු ය. නැවතත් ජනවාරි 8 වැනි රැවටීමේ දිනයන් උදා කර නොගෙන සිටීමට එය අවශ්‍ය ය. නලින් ද සිල්වා මහතා විසින් රචිත ප්‍රභාකරන්ගේ සියල බාප්පලා මස්සිනාලා කෘතියේ මේ පිලිබඳ ව අඩංගු ය. එදාට අපි මේ මතය සමග පෙළගැසී දැනුමෙන් අවබෝධයෙන් සන්නද්ධ ව රටට එරෙහි ව්‍යවස්ථාවට එරෙහි ව සංවිධානය වීම හා ජනතාව සංවිධානය කිරීම වඩාත් අවබෝධයකින් යුතු ව කිරීමට ඉගෙනගමු.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/28/2016

යළි මිනීමරු 87 ක් එපා !! ජාතික බලවේග සවිමත් කර ජාතියට මග පෙන්වමු !!

කතෘ:යුතුකම     5/28/2016   2 comments
-ශිරන්ත චාමර-
එදා 1987 ඉන්දු ලංකා ගිවිසුම ගහන කාලේ ගැන අපේ වැඩිහිටියන් කියන කතා අපි අහල තියෙනවා. පොත්පත් වල කියවල තියෙනවා. ඒ කාලේ ඉතින් අපි දණගාන පොඩි දරුවෝ. යු එන් පී ආණ්ඩුවටයි ජේ වී පී යටයි දෙකටම බයෙන් මිරිකිලා ගුලිගැහිලා ජිවත් වෙච්ච් හැටි, දරුවෙක් ප්‍රසුත කරන්න ලං වෙනකොට ඉස්පිරිතාල වහයි ද කියල බයේ හිටපු හැටි අපේ අම්මල තාත්තල ඉඳල හිටලා අපට මතක් කරනවා. වධකාගාර වල තරුණයෝ දුක් විඳපු හැටි, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ව පැවත්වෙච්ච උද්ඝෝෂණයට ආපු නිරායුධ මිනිස්සු 150 කට අමු අමුවේ වෙඩි තියල මරල දාල ගිවිසුම අත්සන් කරපු ජේ ආර් ජයවර්ධනගේ කෘර ඒකාධිපතිත්වයේ හැටි, ඉන්දියන් තානාපතිල මේ රටේ ජනාධිපතිට නියෝග දීපු හැටි අපි පොත් පත්තරවල අදත් කියවනවා.

අද ? අද සමහරු කියනවා ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලය අමතක කරලා නිසා මෙවැනි තත්වයක් උදා වෙන එකක් නැහැ කියල. එහෙත් අමතක කරන දේ තමයි එදා ජනතා විමුක්ති පෙරමුණ කරේ ඇවිස්සුනු තරුණයන් ට සන්නද්ධ නායකත්වය දීපු එක පමණක් බව. රටේ ආණ්ඩුව බෙදුම්වාදයට කත් අදින කොට ඉන්දියාව ඇමරිකාව හමුවේ රණවිරුවන් මෙන් ම රටේ අනෙකුත් සියල්ල ම පාවා දෙනකොට ඇවිස්සෙන තරුණයන් ව හරිමග ගෙනයන්න නිවැරදි නායකත්වයක් නොතිබුනොත් ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ට ජවසම්පන්න නායකත්වයක් නොදුන්නොත් ඒ හිඩැස පුරවන්න අවස්ථාවාදීන් බලන් ඉන්නවා. විශේෂයෙන් ඉදිරි බෙදුම්වාදී ව්‍යවස්තාවකදී ජාතික හෙළ උරුමය සිට ඇතැම් වාමාංශික පක්ෂ දක්වා ඕන ම පක්ෂයක් කුමක් හෝ සටන් පාටයක් ඔස්සේ මේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙත් එවැනි අවස්ථාවාදී සුළු පක්ෂවලට ජනතාව හරිමග ගෙනයන්න හැකියාවක් හෝ ශක්තියක් නැහැ. එය කල හැක්කේ අද ඒකාබද්ධ විපක්ෂයට අයත් දේශපාලන ප්‍රවාහයට පමණයි. එහෙත් අපට අමතක කරන්න බැරි ඒ වගේ ම අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේත් දේශපාලකයින්. ඒ නිසා ඔවුන්ට සියල්ල භාර දී බලා හිටියොත් ඔවුන් මොන වගේ තීරණයක් ගනී දැයි කියන්න බැහැ. දැන් ම ඉදන් ජනතාව ඒකාබද්ධ විපක්ෂයට බලපෑම් එල්ල කිරීම වැදගත්. එය කල හැක්කේ ජාතික බලවේග හා ජාතික සංවිධාන හරහායි. ඒකාබද්ධ විපක්ෂය ජාතික සංවිධාන වලට සවන් දෙන්නේ ජනතාව ජාතික සංවිධාන වටා රොද බඳින්නේ නම් පමණයි.

ඒ වගේ ම තවත් ඉතා වැදගත් දෙයක් මේ වාතාවරණය හරියට කියවාගෙන තේරුම් ගැනීම. මෙහිදී අපට පණ්ඩිත නොවී නලින් ද සිලවා මහතා වැනි ජාතික ව්‍යාපාරයේ අත්දැකීම් තියෙන කැපවුණු මිනිසුන්ගේ උපදෙස් ගැන සලකා බලන්න සිදුවෙනවා. මේ මිනිසුන් කියන දේ එකින් එක සනාථ වෙද්දීත් පණ්ඩිතයන් වගේ අපේ අත්තනොමතයේ එල්ලී සිටීම හානිකරයි. එහෙම නොකර ඔවුන්ට සවන් දී ඒ හරහා හරියට මේ තත්වය තේරුම් ගත්තොත් නලින් ද සිල්වා මහතා කියනවා වගේ ම එදිනෙදා සිදුවන සිද්ධි (උදාහරණේකට නැගෙනහිර මහා ඇමති රණවිරුවන්ට අවමන් කිරීම ) වලට ප්‍රතිචාර දැක්වීමෙන් පමණක් සිමා නොවී ඉදිරියේ අප හමුවේ පෙනී සිටීමට නියමිත භයානක අභියෝග පරාජය කිරීමට කල් ඇතුව සැලසුම් සහගත ව ලැහැස්ති විය හැකියි. එහෙම නොවුනොත් එදාටත් ඒ භයානක අභියෝග වලට විවිධ කණ්ඩායම් විවිධාකාරයෙන් හුදු ප්‍රතිචාර දැක්වීමෙන් අන්තිමේදී සිදු වනු ඇත්තේ අර කියූ අවස්ථාවාදී කල්ලි වලට ජාතියට විනාශය ලබාදීමට නැවත අවස්ථාවක් ලබා දීමත් අවසානයේ අපගේ විරෝධතා කඳුළු ලේ බිම් ගැන කිසිදු තැකීමක් නොකර වියරු යහපාලකයන් ඔවුන්ට අවශ්‍ය දෙය සිදුකිරීමත් ය. එජාප ආණ්ඩු වල හැටි එහෙමයි. 80 වැඩවර්ජනේදී වේවා 87 ඉන්දු ලංකා ගිවිසුමේදී වේවා රනිල්ගේ සටන් විරාම ගිවිසුමේ දී වේවා ජනතාවගේ මතය පමණක් නොව මිනි කඳු ගැන පවා ඔවුන් සතපහකට මායිම් කලේ නැහැ. ඒ එජාප ආණ්ඩුවල හැටි. කරලා ම දානවා. මිනිසුන් 150 ක් ජීවිතය දීලත් ඉන්දු ලංකා ගිවිසුම නවත්වන්න බැරි වුණා නම් තවත් මොන කතා ද ? මේ නිසා අපි සිද්ධ වුනේ මොකක් ද කියල සිද්ද වෙන්නේ මොකක්ද කියල තේරුම් ගත යුතුයි.

නලින් ද සිලවා මහතා නිතර උපුටා දක්වන චෙල්වනායගම් ගේ ආකල්පයට අනුව 1949 දෙමල රාජ්‍ය පක්ෂය ආරම්භ කිරීමේ සිට ම ඔවුන්ගේ උපක්‍රමය වුයේ ‘දැන් ටිකක්. පසුව හුඟක්’ යන න්‍යායට අනුව වැඩ කිරීමයි. ක්‍රම ක්‍රමයෙන් ඊළම කරා යාම ඔවුන්ගේ උපක්‍රමයයි. මුලින්ම ඔවුන් තමන්ගේ නිජබිම් සංකල්ප උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ සුවිශේෂත්වය වැනි දේ ඊනියා ප්‍රශ්න විසදීම සඳහා යොදාගන්නා ගිවිසුම් වලට ඇතුලත් කරගන්නවා. ඒ වගේ ම මේ පළාත් හා මධ්‍යම රජය අතර සම්බන්ධය ක්‍රමයෙන් ලිහිල් කරගන්නවා. 1987 ගිවිසුම හොඳ ම උදාහරණයක්. 1996 හා 2000 දී තවත් අඩියක් ඉස්සරහට තියන්න උත්සහ කලත් චන්ද්‍රිකා ගේ බලලෝභය හා එක්සත් ජාතික පක්ෂයේ බලලෝභය හමුවේ ජාතික බලවේග මේවා පරාජය කළා. එහෙත් අද තත්වය භයානකයි. මේ හැමෝ ම එකට. මේ මොන ගිවිසුම වුනත් ඉදිරිපත් කරන්නේ ඊනියා ප්‍රශ්නයට අවසාන විසඳුම හැටියටයි. ඒ ජනතාව රැවටිමටයි. සමහර වෙලාවට දෙමලෙන් ජාතික ගිය ගැයීම වැනි දෙත් ඉදිරිපත් වන්නේ ප්‍රශ්නය විසදීමේ ප්‍රවේශයක් හැටියටයි. එහෙත් ඒ සියල්ල බොරු. මේ සියල්ලෙන්ම ඔවුන් කරන්නේ සාමාන්‍ය ජිවිත ගතකරන දෙමල ජනයා තුලට ජාතිවාදී අභිලාශ එන්නත් කිරීම. ඇතැමුන් ඉතා ආස්වාදයෙන් සැලකු දෙමලෙන් ජාතික ගිය ගැයීම මහපොලොවේදී දෙමල ජාතිවාදී අභිලාශ ශක්තිමත් කිරීමට හේතුවුණා.

පොඩි උදාහරණයක් කියන්නම්. ගුරුවරයෙක් වන මගෙන් දෙමල සිසුන් ද ඉගෙනගන්නවා. කිසිදු වාර්ගික අභිලාශයක් නොදැක්වූ ඉතා සුහදශීලි එක්තරා සිසුවෙක් දෙමලෙන් ජාතික ගිය නිදහස් දින උත්සවයේ ගැයූ සතියට පසු සතියේ මගෙන් ඇසු දෙයකින් මම තුෂ්නිම්භූත වුණා. ‘sir. Why our school does not sing the national anthem in tamil ? now it is legal no ? why do they sing only in sinhala ?’ (සර් .. ඇයි අපේ ඉස්කෝලේ ජාතික ගිය දෙමලෙන් කියන්නේ නැත්තේ ? දැන් එය නිතයනුකුලයි නේ ? ඇයි සිංහලෙන් විතරක් කියන්නේ ?) එතෙක් දෙමලෙන් බැරිනම් ඕන බසකින් ජාතික ගිය කියපුදෙන් යන මතයේ සිටි මට ප්‍රශ්නය එකවරම තේරුණා. එතෙක් තමන්ගේ භාෂාවෙන් බය නැතුව කටයුතු කරන කතා කරන අතරේ ජාතික ගිය වැනි දෙයක් සිංහලෙන් තිබීම ප්‍රශ්නයක් ලෙස තේරුම් ගෙන නොසිටි මෙම සිසුවා එක්වරම එය දෙමලෙන් නොකිමෙන් තමන්ට විශාල අසාධාරණයක් වී ඇති බව හිතන්න ගත්තා. ඇත්තටම දෙමළුන්ට අසාධාරණයක් සිදුවී ඇති බව ඔහු හිතන්න ගත්ත. ඊනියා ප්‍රශ්න විසදීමේ සෑම පියවරක්ම ඉවර වන්නේ ඊළඟ පියවරට යාම සඳහා අවශ්‍ය ආවේගය දෙමල සමාජයට එන්නත් කිරීමෙන් .

ඉදිරියේ දී ඉදිරිපත් වෙන අලුත් ව්‍යවස්ථාව ඉදිරිපත් වෙන්නෙත් මේ වගේ ම සටකපට ආකාරයකින් බව හිතාගන්න පුළුවන්. ඔවුන්ට පැකේජය ආදිය පිලිබඳ ව අත්දැකීම් තියෙනවා . එවැනි අවස්ථාවක මුළු ඒකාබද්ධ විපක්ෂය ම මිට විරුද්ධ ව එකහඬින් ස්ථිර ව ජවසම්පන්නව නැගී හිටුවන්න හැකියාව තියෙන්නේ ජාතික බලවේග ශක්තිමත් ව සිටින්නේ නම් පමණයි. ඒ නිසා ජාතික බලවේග වටා රොද බඳිමු! සහය වෙමු ! සංවිධානය වෙමු ! කියවමු! අසමු! ප්‍රශ්නයේ ඉතිහාසය ඉගෙනගමු !! දැනුවත් වෙමු ! අනෙක් අයවත් දැනුවත් කරමු !

(ලංකාවේ දෙමල ඊලාම්වාදයේ ඉතිහාසය හා උපක්‍රම පිලිබඳ තේරුම් කෙරෙන ප්‍රභාකරන් බාප්පලා මස්සිනාලා කෘතියේ මෘදු පිටපතක් කාලය වෙබ් අඩවියෙන් බාගත හැක. ඒ සඳහා යොමුව පහත දැක්වේ .
>> )

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

5/04/2016

අලුත් පරපුරේ එකල නරි නැටුම් හා මෙකල රිලා නැටුම්

කතෘ:යුතුකම     5/04/2016   No comments
-ශිරන්ත චාමර-
අලුත් පරපුරට දැන් සනීප ද ? මේ අප සියලු දෙනා මේ දිනවල ෆෙස්බුකියේ නිතර දකින ප්‍රකාශයකි. එහෙත් මේ ප්‍රශ්නය වැරදි හා නො ඇසිය යුතු ප්‍රශ්නයකි. අලුත් පරපුරේ සිටින්නේ යහපාලනයට රැවටුණු බබ්බුන් නොවෙයි. මාධ්‍ය ඉස්සරහ කෙතරම් අසනීපයක් පෙන්නුව ද අලුත් පරපුර අද සිටින්නේ හොඳ සනිපෙනි. ඇතැම් විට උගුරට හොරා බෙහෙත් බිම නිසා ඇතිවන අසනීපයක් මිස වෙන බරපතල අසනීපයක් ඔවුන්ට නැත. ජගත් මනුවර්ණ එදා තමන් ව මේ කාලකන්නි ඩිස්නිලන්තයට බිහි කල මවට දොස් කිවේ ආවේගයෙන් කෑ ගසමිනි. එය නළුවෙකුගේ රඟපෑමකි. ඩිස්නිලන්තය බිහි කලේ මහින්ද රාජපක්ෂ නොවේ. එහෙත් ඔහු ඩිස්නිලන්තය සමග ඇති අරෝව මාධ්‍ය සාකච්ඡාව ඉදිරියේ දෙකේ පන්තියේ රංගනයක් මගින් මහින්ද පිටින් ඇරියේ ය . එදා එය නරි නාටකයක් විය. මේ නරින්ට ඇතැමුන් රැවටුණි. එහෙත් ඒ නරි නාටක අද පැවැත්වෙන අලුත් පරපුරේ මාධ්‍ය සාකච්ඡා වල නැත. අද ඇත්තේ මලගදරකට ගොස් වැඩක් පලක් නොකර තම සෝකය ලොකුවට පෙන්නීමට බුම්මා ගත් මුහුණක් ප්‍රදර්ශනය කරන බොරුකාරකයකුගේ රිලා නාටකයකි . බොරුකාරයාට මැරුණු මිනිසා ගැන ලොකු ප්‍රශ්නයක් නැතත් ඒ බව ලොකුවට පෙන්නීමට අවශ්යක ය.

අලුත් පරපුරේ මහා රැඩිකල් පොරවල් සහ ඔවුන් සමග සිටින ආචාර්යවරුන්ට ලංකාවේ ලොකු ම ප්‍රශ්නය ලෙස පෙනෙන්නේ ඔවුන් ලංකාවේ ඇතැයි කියන සිංහල බෞද්ධ ආධිපත්යරයි. ඔවුන්ගේ ශාස්ත්රීමය බසින් සිංහල බෞද්ධ හෙජමොනියයි. එසේ වුනත් ජනතාව ඉදිරියට ඇවිත් මාධ්‍ය සාකච්චා පවත්වා මේ හෙජෝමොනි බයිලා කියන්නේ කෙසේ ද ? ලොවෙත් නැති සිංහල බෞද්ධ ආධිපත්යක් පැරදවීමට යයි සිංහල ජනයා එකතුකරගන්නේ කෙසේ ද ?

සිංහල විරෝධය වසාගෙන ඒ වෙනුවට ඊනියා යහපාලනයක් හා ඊනියා ප්‍රජාතත්‍රවාදයක් මාධ්‍ය නිදහසක් ගැන කියමින් ජනතාව ඇන්දවීම අලුත් පරපුරේ හා සාධාරණ සමාජයේ ආචාර්යවරුන්ගේ නරි නාටකය විය. සාරුවා සුනිල් ලා ගෙන් මර්වින් සිල්වාලාගෙන් රට ගලවාගැනීම ෆෙස්බුකියේ හා ජනතා විමුක්ති පෙරමුණේ නරි නාටකය විය. මොහොමඩ් මහින්දගෙන් සිංහලකම ගලවාගැනීම චම්පිකලාගේ නරි නාටකය විය. මේ සියල්ල අවසානයේ ජනවාරි 8 නරි විප්ලවය ඇති විය.
නරි නැටුම් වලට අපේ ජනතාවගෙන් කොටසක් රැවටීමේ ප්‍රතිපලය ලෙස මෛත්රිපපාල ජයග්රරහණය කල දවසේ පටන් මේ නරින් ක්‍රමයෙන් රිලවුන් බවට පත්වුණු ආකාරය අපි දැන් විමසා බලමු.
මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් රට කෑලි කිරීමේ නව ව්යහවස්ථාවක් සම්මත කරගැනීම සඳහා යු එන් පී ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක වීම අනිවාර්ය සිදු වීමක් බව අප බොහෝ දෙනෙක් ජනාවරි 8 නරි විප්ලවයට පෙර ම කීවෙමු.

එහි පළමු පියවර හැටියට ඊනියා ප්‍රජාතත්‍රවාදයේ තරම කියාපාමින් පරාජයට පත් ලක්ෂ පනස් අටක් ජනයා දේශපාලන අනාථයන් බවට පත්කරමින් චන්දයෙන් දිනු අපේක්ෂකයා චන්දයෙන් පැරදුනු පක්ෂයේ නායකත්වය සියතට ගත්තේ ය. අලුත් පරපුරේ හා ඊනියා සාධාරණ සමාජයේ න්‍යායාචාර්ය නරින් ට මේවා ලොකු ප්‍රශ්න නොවී ය. අපට දේශපාලන අනාථයන් යයි කියමින් කෝචෝක් දැමීම මගින් මේ ක්‍රියාව සමග මේ නරින්ගෙන් බොහෝ දෙනෙක් එකතු විය. අද මේ පිරිස නියම දේශපාලන අනාථයන් බවට පත්ව ඇත.

ඔවුන්ට තිබු එක ම ප්‍රශ්නය වුයේ සිරිසේන ජනාධිපති තමන්ට පසුපස හරවන්නේ ද යන්න පමණකි. අගෝස්තු 17 චන්දය ආසන්නයේ මෛත්‍රීපාල පඹයකු මෙන් එහෙට මෙහෙට වැනෙමින් සිටින විට ඔවුන් ගේ ලොකුම ප්‍රශ්නය වුයේ එයයි. අවසානයේ මෛත්‍රීපාල ගේ වියරු රංගනය මොවුන්ගේ හදවත් වලට ලේ පොදක් එක කිරීමට සමත් විය. මෛත්‍රීපාල එදා මහා මැතිවරණයේදී එසේ ගේම් ගැසුයේ මහින්ද සමග නොව මහින්ද විසින් නියෝජනය කල ජනයා සමග වීම ඔවුන්ගේ ඊනියා ප්‍රජාතන්ත්රමවාදයට ප්‍රශ්නයක් නොවී ය. අලුත් පරපුර එකල සහය දුන් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර මේ මහා දේශපාලන ගේම බෙහෙවින් වර්ණනා කලේ ය. මෙය මහා ගේමක් නොව දේශපාලන විලිලජ්ජා නැතිකමකි. මෛත්‍රීපාල වැනි මොලේ කළදක් නැති මිනිසෙකුට ගේම් ගැසීමේ හැකියාවක් නැත. මෙවැනි දෙකේ පන්තියේ වැඩ මිට පෙර කිසිවෙකුත් කර නැත්තේ ලැජ්ජාව පිලිබඳ ප්‍රශ්නය නිසා ය. අන්තිමට නැවත වතාවක් ලක්ෂ හතලිස් හතකට කොකා පෙන්නා ජාතික ආණ්ඩුව බිහි වු අතර අගමැතිකම් විපක්ෂනායකකම් ආදී සියලු දේ ලක්ෂ හතලිස් හතෙන් පිට ඉතා සමගියෙන් බෙදා ගැනුනි. සිංහල බෞද්ද හෙජමොනිය පැරදවීමේ තීරණාත්මක කාර්යය වන මෙය හමුවේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එතරම් වැදගත් වන්නක් නොවන බව ජනවාරි 8 අත්දැකීම් සමග අප එවකට තේරුම් ගෙන සිටි බැවින් මේවා ගැන අලුත් පරපුරෙන් හෝ හරි සාධාරණ සමාජයෙන් මොනවත් නො ඇසුවෙමු.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන අවසානයේ අලුත් පරපුරට හා හරි සාධාරණ සමාජයට පසුපස පෙන්නුවේ ය. ඒ කවදාද ? සාරුවා සුනිල් තමන් ලඟට ගත් දවසේ ද ? විය නොහැක. මර්වින් සිල්වා එවකටත් ආරක්ෂිතව හොදින් සුවසේ සිටි අතර හසිත මඩවල කනත්තේ සුවසේ සිටියේ ය. එවැනි තත්වයක් තුල සරුවා සුනිල් ල පමණක් ප්‍රශ්නයක් ද ? අනෙක් අතට ගෝනවල සුනිල් ට ගැහැණු දරුවකු දුෂණය කිරීම සඳහා ජනපති සමාව හා සාම විනිසුරු ත්යාඅග ලබාදීමට හේතු වු රනිල් වැනි අගමැතිවරයෙකු ම සිටින තැනක සාරුවා සුනිල් වැනි හුදු නාගරික මන්ත්රීිවරයෙක් ප්‍රශ්නයක් විය නොහැක. එසේ නම් කමල් ඉන්දික ? විය නොහැක. . මිට පෙර මෙවැනි බොහෝ දේ වලට අලුත් පරපුර උගුරට හොරා සහය දුන්නේ ය. අලුත් පරපුර වැනි සමාජය ගැන සිතන සංවිධානයක් තමන් එතෙක් සහය දුන් සිංහල බෞද්ධ හෙජමොනිය පැරදවීමේ ඒ මහා පුණ්ය කර්මයේ තවත් එක දිගුවක් ලෙස කමල් ඉන්දික ආණ්ඩුවට ගන්නා විට පුද්ගලික කොන්තරකම් ගැන හිතනවා විය නොහැක. එසේ නම් ඒ කවදා ද ?

ඒ මෛත්‍රීපාල සිරිසේන සිංහල බෞද්ධ කතා කීමට පටන් ගත් දවසේ සිට ය. සිංහල බෞද්ධ හෙජෝමොනියක් පැරදවීමට පැමිණි පිරිසට මේවා ඉවසිය හැකි ද ? හෙජෝමොනිකාරයන් මෛත්‍රීපාලව තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප කලේ මේ සමග ය. එතෙක් කල් දේශපාලනයේ සිටින බොහෝ දෙනා තේරුම් ගෙන සිටි මෛත්රිපාලගේ විකට චරිතය ඔවුන්ට විකට චරිතයක් වුයේ එදා සිට ය. බයියන් හම ගැසීමට ගෙනා එකා බයියෙකු වන විට ඉවසිය හැකි ද ? මේ සමග ම බොරු මධ්‍යස්ථකමක් පෙන්වන අතර උගුරට හොරා සහය දීමට ඉතුරු වී තිබු එක ම පිදුරු ගස ද ඔවුන්ට නැති වී ඇත.
අද ආණ්ඩුව කරන සියලු දේට වගකිව යුත්තේ අද රිලවුන් බවට පත්ව ඇති මේ නරින් ය. ලංකාවේ ඓතිහාසික ව අනෙක් පක්ෂ නිවාස වලට වඩා ගව් ගණනකින් වාසි සහගත පක්ෂ නිවාස දෙකම කුමන්ත්‍රණකාරී ලෙස එක පිරිසක් අතට ගෙන ඇමරිකන් ඉන්දියන් දේශපාලන සහය සහිත ව අතිබලවත් ආණ්ඩුවක් ඊට විරුද්ධ ජනතාවගේ දේශපාලන නියෝජනය තඹයකට මායිම් නොකර ඊට උඩින් සකස් කිරීමට සහය දුන්නේ මොවුන් ය. බලතුලනය ගැන එදා කි නරි කතා අද බුම්මන රිලවුන්ගෙන් ඇසෙන්නේ නැත. අඩු ගණනේ අදවත් ඔවුන්ට මේ වරද නිවැරදි කිරීමේ උවමනාවක් නැත. ඒ වෙනුවට සිංහල බෞද්ද හෙජෝමොනියට කෙලවිම සඳහා ජනමතය විකෘති කල ආණ්ඩු - විපක්ෂ සැකැස්ම පවත්වා ගැනීමට එරෙහි නොවෙමින් ඒ නිසා ම හොඳ සනීපයෙන් සිටිමින් තම අනන්ය තාව පෙන්වීමට ආණ්ඩුවේ වැඩවලට විරුද්ධව අසාර්ථක ලෙස කාඩ්බෝඩ් විරෝධය පාති.

මේවා පෙනෙන්නේ රිලා නැටුම් ලෙසය. එහෙට පැන්නත් මෙහෙට පැන්නත් මොනවා කිව්වත් මොනවා නොකිව්වත් ඔවුන් කරන කියන දෙයින් පලක් නැත. ඒවා දේශපාලන අනාථයන් ගේ රිලා නැටුම් ය. ඔවුන්ට ජනතාව හමුවට යාමේ හෝ ජනතාව එක්රැස් කිරීමේ හැකියාවක් නැත. අප ද එය තේරුම් ගත යුතු ය. රිලා නැටුම් රිලා නැටුම් ලෙස සලකනු මිස ඒවාට බොරු තැනක් ලබා නොදිය යුතු ය. ඔවුන්ට අපේ ශ්රාමයෙන් ලාබෙට ඇඟ හෝදා ගැනීමට ඉඩ නොදිය යුතු ය. ඒ සඳහා නිසි ගාස්තුව අප අත්පත් කරගත යුතු ය. එසේ නිසි ගාස්තුව ගෙවන්නන්ට පමණක් ඒ අවස්ථව ලබා දිය යුතු ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/06/2016

සිංහල චන්ද දෙමල චන්ද හා මුස්ලිම් චන්ද

කතෘ:යුතුකම     4/06/2016   No comments
-ශිරන්ත චාමර-
මහින්ද රාජපක්ෂට දෙමල චන්ද නැතිවුනේ සරල හේතුවක් නිසා ය. අවුරුදු පනහක් තිස්සේ දෙමළුන්ට පමණක් අයත් දෙමල මාතෘභූමිය යයි දෙමල ජාතිවාදය විසින් වරගන්වන ලද භුමිය පුරා සිංහල හමුදාවක් ගෙනගොස් දෙමල කොටින් තොග පිටින් මරා දමා දේශපාලන වශයෙන් දෙමල ජාතිවාදයටත් සමාජීය වශයෙන් දෙමල ජාතිවාදයට හසුවූ උතුරේ මිනිසුන්ටත් ලබාදුන් කම්පනය නිසා ය. මේ කම්පනය කෙමෙන් තුනී වෙමින් තිබුණු අතර මහින්ද සැලකිය යුතු දෙමල හදවත් ප්‍රමාණයක් දිනා තිබිණි. 2020 වනතෙක් මහින්ද හිටියේ නම් මහින්ද පරාජය වන්නේ (නිශ්චිත ව ම පරාජය වනු ඇත ) සිංහල චන්ද 45 %ක් හා දෙමල චන්ද 45% ක් ලබාගෙන යයි මට සිතේ .

මුස්ලිම් චන්ද සම්බන්ධයෙන් කිව යුත්තේ එහි සැලකිය යුතු වගකීමක් බොදුබල සේනාවට සහ ඊට සහය දුන් අයට හිමි නමුත් ඒ වගකීම ඔවුන්ට තනිව හිමි නැති බව ය. මේ රටේ 'දෙමල ප්‍රශ්නය' යනු මුලික වශයෙන් දෙමල ජනයා අනෙකුන්ගෙන් තමන්ට ඇතිවන්නේ යයි සිතන ප්‍රශ්නයකි. එහෙත් මේ රටේ 'මුස්ලිම් ප්‍රශ්නය' යනු අනෙක් ජනයා තමන්ට මුස්ලිමුන්ගෙන් ඇතිවන්නේ යයි සලකන දෙයකි. මේ අනෙක් ජනයා අතර සිටින මහින්දවාදීන් ප්‍රමාණය සාමාන්‍ය ජනයා අතර සිටින මහින්දවාදින් ප්‍රමාණයට අනුපාතයෙන් සමාන බව මට සැහෙන දැනී ඇති කරුණකි. මහින්දට ට එරෙහිව චන්දය දී මුස්ලිම් අන්තවාදයට කෙලවිමට තැත් කල සිංහල පිරිස සැලකිය යුතු තරමකි . මොවුන් බොහෝ විට යමක කමක් හිමි සිංහල පිරිස් ය.

එමෙන්ම මේ රටේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බව ද පැහැදිලි සත්‍යයකි. මුස්ලිම් අන්තවාදය තිබෙන තාක් කල් සැලකිය යුතු මුස්ලිම් චන්ද ප්‍රමාණයක් ලැබෙන්නේ මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් මගින් නියෝජනය වන මුස්ලිම් අන්තවාදී දේශපාලනයට එකඟතාව දක්වන පුද්ගලයාට ය. මහින්ද මෙහිදී දැක්වූ වැනෙන සුළු පිළිවෙත මහින්දට සිංහල චන්ද එක පසෙකින් ද මුස්ලිම් චන්ද අනෙක් පසින් ද නැතිකර දැමී ය. මහින්ද මුස්ලිම් දේශපාලකයන් ට වරදාන දීම සිංහල චන්දදයකයන් දැක්කේ මුස්ලිම් අන්තවාදයට වරදාන දීමක් ලෙස ය. එහෙත් මුස්ලිම් අන්තවාදය මුස්ලිම් දේශපාලකයන්ට වඩා බලවත් ය. (දෙමල ජාතිවාදය එසේ නොවෙයි. ) මුස්ලිම් දේශපාලකයන්ට වරදාන අතහැර තම දේශපාලන අරමුණු ඉටුකරදීමට මුස්ලිම් අනතවාදය බල කලේ ය. මුස්ලිම් අන්තවාදය මහින්දට කිවේ බොදුබල සේනා වැනි සංවිධාන නැත්තට නැතිකරදමා මුස්ලිම් අන්තවාදයට පාර සම්පුර්ණයෙන් ක්ලියර් කර දෙන ලෙස ය. (බොදුබල සේනාව මහින්දට රටට සහ සමගියට කෙලවූ බව ඇත්ත ය. එහෙත් එය මුස්ලිම් අන්තවාදයට අභියෝග කලේ ය .) මහින්ද බොදුබල සෙනාවටත් බදුර්දින්ලාගේ හකීම්ලාගේ ජාතිවාදයටත් යන දෙකට ම ඉඩ දුන්නේ ය. ඊට මුස්ලිම් රටවල් වලින් ඔහුට ලැබුණු දේශපාලන සහයත් සිංහල චන්ද මත වැඩියෙන් රැඳී ඇති ඔහුගේ දේශපාලන පදනමත් හේතු වන්නට ඇත. මරණ තුනක් ඇති මිනිසෙකු වැඩකරන අයුරින් ම ඔහු වැඩ කලේ ය. ඔහු කල වැරැද්ද මරණ තුනෙන් මිදීම ගැන කල්පනා නොකර පැණි කෑම ය.

කෙසේ වෙතත් දැන් සියල්ල වී අහවර ය. ඉදිරි කාලයේ දේශපාලනය තුල දෙමල ජාතිවාදී මත බලවත් වීමත් ඒවාට උත්තේජන ලැබීමත් නොවැලැක්විය හැක. ඒ ඔස්සේ දෙමල චන්ද රනිල්- මෛත්‍රීපාලට තව තවත් ලං වනු ඇත. දැන් රනිල් හා මෛත්‍රිපාල එළවිය හැක්කේ සිංහල චන්ද වලිනි. දෙමල චන්ද ගැන බලාපොරොත්තුවක් තැබිය නොහැක. මුස්ලිම් අන්තවාදය ප්‍රතිපෝෂණය කිරීම නැවතී ඇතිනිසා මුස්ලිම් චන්ද ලබාගැනීමට කල්පනා කිරීමේ වරදක් නැත.

කෙසේ වෙතත් මහින්දට හෝ රනිල්- මෛත්‍රීපාලට එරෙහි බලවේගයකට ලැබෙන මුස්ලිම් හා දෙමල චන්ද සාමාන්‍යයෙන් සිංහල ජාතිකත්වයට කොහොමටත් පක්ෂ චන්දයන ය. එවැනි පිරිස එකෙක් දෙන්නෙක් නොවෙයි. ලංකාවේ සියල්ලන්ට සිංහල අනිවාර්ය විය යුතු බව වැනි මමවත් නොකියන දේ කියන මුස්ලිම්- දෙමල මිනිසුන් සිටිති. විමල් විරවන්සගේ කතා යන තුරු බල සිටින දෙමල මුස්ලිම් මිනිසුන් වෙති. සිංහල අකුරක් නොදන්නා වචනයක් කිව නොහැකි එහෙත් ජාතික ගිය අකුරක් නෑර සිංහලෙන් කටපාඩමින් සීරුවෙන් සිටගෙන අභිමානයෙන් කියන දෙමල මිනිසුන් සිටිති. මහින්දට චන්දය දෙන දෙමල මුස්ලිම් මිනිසුන් චන්දය දෙන්නේ වාසුදේවගේ හෝ ඩිලාන් පෙරේරා ගේ හෝ දයාන් ජයතිලකගේ හෝ බයිලා වලට නොවෙයි. ඒ මතවාද වලට සමීප දෙමල මුස්ලිම් මිනිසුන් මෛත්‍රීපාලට රනිල්ට මිස මහින්දට චන්දය දෙවි ද ? මහින්දට චන්දය දෙන සුළුතරයක් වන දෙමල මුස්ලිම් මිනිසුන්ට සිංහල ජාතිකත්වය ප්‍රශ්නයක් නොවෙයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/13/2016

කතෝලික අගරදගුරුතුමන්ට සෙනෙහසින් ලියන වග නම්

කතෘ:යුතුකම     1/13/2016   3 comments
(මේක සෙනෙහසින් ලියන්නේ. ඒ නිසා මේකේ තියෙන කරුණු කැත විදිහට පාවිච්චි නොකරයි කියල හිතනවා. දේශපාලනයට බැස්සට පස්සේ හාමුදුරුවන්ට වේවා රදගුරුතුමන්ට වේවා කියන්න තියෙන දේ මුහුණට කියන්න වෙනවා !! )

මම ඉගෙනගත්තේ කතෝලික පාසලක. සාමාන්‍යයෙන් ලංකාවේ කතෝලිකයන් සංස්කෘතිය අනුව පන්ති දෙකක ඉන්නේ . මගේ පාසල සාමාන්‍යයෙන් පළමුවන - ඉහල පන්තියට අයිතියි කියල රටේ මිනිස්සු හිතන් ඉන්නේ. එහෙත් ඉස්කෝලේ ටිකෙන් ටික ඉහල යන්න යන්න තේරුනා සාමාන්‍යයෙන් බටහිර සිරිත් අනුකරණය කරන (හෝව් !! කවුරු කාවවත් අනුකරණය කලාට මගෙන් ප්‍රශ්නයක් නැහැ. ඔවුන් එක්ක ජිවත් වෙන එක හිනා වෙන එක සතුටු වෙන එක විතරක් නෙමෙයි ඔවුන් එක්කම ඒවා අනුකරණය කරන එක වුනත් ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත් අනුකරණය කියන්නේ අනුකරණය ) කතෝලික පිරිස අන්තිම සුළුතරයක් බව. සාමාන්‍යයෙන් පාසලේ පුජකතුමන්ලා තමයි සිංහලෙන් කතා කිරීම අධෛර්යමත් කිරීම වැනි දේවල් කරන්නේ. එහෙත් ඒ පුජකතුමන්ලත් ඒ දේ කරන්නේ ඔවුන්ට එක නියම වෙලා තියෙන නිසා - ඔවුන් ඒ බර කරට ගෙන තියෙන නිසා බව දැන් හොඳට තේරෙනවා. ඔවුන්ගෙනුත් බහුතරය අයිති පොළොවේ පයගහල ජිවත් වෙන පන්තියට.

දුප්පත් හා මැද පන්තියේ කතෝලිකයන් තමයි මාව හැදුවේ. ගුරුවරු හා මිතුරන්. ඔවුන්ට නම් ඔය අගරදගුරුතුමා කියන බොරු අදහස් නැහැ. මට හොඳට ම මතක දෙයක් තියෙනවා. ලංකාවට කතෝලික ආගම ගෙනාපු පෘතුගීසින් ලංකාවේ රජවරුන් අතින් ආසියාවේ ලබපු දරුණු ම පරාජයන් ලබපු හැටි අපට බොහොම රසවත් ව විස්තර කලේ කන්‍යා සොහොයුරුතුමියක්. 8-9 වසර වලදී මේක කියල දෙනකොට කතෝලික මිතුරන් කිහිප දෙනෙක් ම ලංකා පෘතුගීසි ක්‍රිකට් තරගයක ලංකාව පැත්තේ ඉන්න ප්‍රේක්ෂකයෝ වගේ උද්දාමයෙන් කරපු හුමිටි තැබීම මට මතකයි. ඔවුන් දැනන් හිටිය ජේසුතුමන් ව වඳින්න පෘතුගීසින් ව සාධාරණිකරණය කරන්න ඕන නැති බව. චාරිකා වලදී රුවන් වැලි සෑයට ගියහම රුවන් වැලි සෑය කතෝලික නොවුනට ඒ ඔවුන්ගේ ඉතිහාසයේ කොටසක් බව ඔවුන් සැලකුව. මේ වගේ ම දෙයක් මටත් තියෙනවා. බෞද්ධ වුනත් අපේ ඉස්කෝලේ උගන්නන්න හම්බවෙච්ච කාලේ මම ඉස්කෝලේ පල්ලියට ගිහිල්ල පොඩි කාලේ ඇහුනු ගීතිකා හිතෙන් අහනවා. අර කියපු කන්‍යා සොහොයුරුතුමිය තමයි ඒ කාලේ අලි විද්යාත්මක පොරක් වෙලා හිටපු මට පෝයට පන්සල් යාම කියන්නේ ආගමික වැඩක්ම නෙමෙයි සමාජීය වැඩක් බව පුද්ගලිකව ම කියල තේරුම් කරේ. තවත් බොහොම රසවත් අත්දැකීමක් මතක් වෙනවා. චිත්‍ර උගන්නපු ගුරුතුමා මට කිව්වා ජාතක කතාවක් විස්තර කරන්න කියල. මම ඉස්සරහට ගිහින් විස්තර කරනගමන් කිව්වා මේකේ සත්තු කතාකරනවා......ඒවා ඇත්තද නැද්ද කියල මම දන්නේ නැහැ කියල.........උත්තරේ............පණ්ඩිතය නොවී කතාව කියනවා........අපට ඕන කතාව මිසක් විද්‍යාව නෙමෙයි. ....මේ අය දන්නවා ද දන්නේ නැහැ මේ අය ජිවිතයක් කොච්චර වෙනස් කරා ද කියල.

සිංහල වේවා දෙමල වේවා මොන වර්ගයේ වේවා මේ රටේ මිනිස්සුන්ට බක පණ්ඩිත කම් ඔළුවට ගහන්නේ විශ්වවිද්යාලෙකින් ටිකක් ඉගෙනගත්තට එහෙම පස්සේ. අගරදගුරුතුමන්ටත් වෙලා තියෙන්නේ ඒක බවයි පෙනෙන්නේ. සිංහ ලේ කියන සංවිධානය හෝ වෙනත් යම් සංවිධානයක් වාර්ගිකව අන් මිනිසුන් පෙලනවා නම් ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න පුළුවන්. ඔවුන් ආරක්ෂාවට තර්ජනයක් නම් එහෙම කරන්න පුළුවන්. ඇත්තටම එහෙම ගන්න එක ආණ්ඩුවේ වගකීමක්. එහෙත් සිංහ ලේ කියන නම තියෙන නිසා සංවිධානයක් තහනම් කරනවා නම් එක සිංහල ජනතාවට එරෙහි වාර්ගික පීඩනයක් !! ඒ අනුව දැන් ක්‍රියාමාර්ග ගන්න ඕන අගරදගුරුතුමට එරෙහිවයි. ජාතිවාදියා අගරදගුරුතුමයි. (තව අතුරු කතාවක් කිව්වොත් හරිහමන් භාෂණ නීතියක් තියෙන රටක තහනම් වෙන්නේ සිංහ ලේ කියන නම නෙමෙයි 'අම්ම කැලේට ගියා ද ?' කියන ප්‍රශ්නය !!!) හුදෙක් නම් නිසා තහනම් කරනවා නම් කතෝලික සභාවත් තහනම් කරන්න වෙයි. ඇයි එක සර්වාගමික සභාව නොකර කතෝලික සභාව වෙන්නේ ?

ඊළඟට රදගුරුතුමා ඒකීය බවටත් බැනල තිබ්බ. ඇතැම් දෙනා ඒකීය බවෙන් අදහස් කරනවලු ලංකාවේ හැමෝම එකවගේ හිතන්න පතන්න ඕන කියල !! කොහෙද දන්නේ නැහැ මේ ඇතැම් දෙනා ඉන්නේ ? ඇත්තටම මේ ඇතැම් දෙනා සිංහල හෝ ලංකාවේ වෙනත් වර්ගවල සාමාන්‍ය මිනිස්සු අතර නැහැ. කාට ද ඕනේ හැම වර්ගෙම ඉන්න මිනිස්සුන්ට තමන් හිතන පතන විදිහ බලෙන් දෙන්න ? බොහෝ විට සිංහල වර්ගවාදී ගණයට වැටෙන අය තුළවත් එහෙම දයක් නැහැ. ගොඩක් වෙලාවට සිංහල වර්ගවාදයට වැටෙන සුළුතර පිරිස පවා ඉල්ලන්නේ සිංහලයන්ට සිංහල වීම නිසා වැඩිපුර ඓයිතිවාසිකම් මිසක් අනික් හැමෝම සිංහල විදිහට හිතපියව් කියන එක නම් නෙමෙයි.

ඔය ඒකීය පටලගනිල්ලත් උගත්කම වැඩිවීමේ ප්‍රතිපලයක්. සාමාන්‍යයෙන් සුදන්ගේ ඒකීය රාජ්‍ය වල සුදු මිනිස්සු හිතන පතන විදිහට හැමෝම හිතන්න ඕන. අවසානයේ කල්ලෝ අරුන් මුන් ඔක්කොම දියවෙලා යන්න ඕන සුදු සංස්කෘතියට. (නමට නම් සියලු සංස්කෘති ඉවසනවා. එහෙත් ප්‍රයෝගික ව වෙන්නේ අනෙක් සියලු දෙනා ටිකෙන් ටික සුදු සංස්කෘතියට තම අංග ලබාදෙමින් ඒ හා සමජාතීය වීම. ඒ විදිහට හිතීම) රදගුරුතුමා ඒ රටවල තියෙන ප්‍රශ්න ඔළුවට අරගෙන ලංකාවේ ගැලරියට කියන බණ වලින් කාටවත් සෙතක් නැහැ. මෙහෙ එහෙම ඇතැමුන් නැහැ. ඉන්නවා නම් ඉන්නේ අර ෆෙස්බුකියේ සිරිපාලලා වගේ පිරිස්. ඒ විතරක් නෙමෙයි රදගුරුතුමා ගේ කතා ඇහුවම අනෙක් අය කෙසේ වෙතත් රදගුරුතුමා නම් තමන් හිතන විදිහට හැමෝම හිතන්න ඕන කියල හිතන බව හිතෙනවා. ඒක නේ තමන්ගේ මතයට එකඟ නැති වුනු ගමන් තහනම් කරන්න යන්නේ.


ලංකාවේ දේශපාලනයේ ඒකීය කියන වචනය යෙදෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලතල හා ප්‍රාදේශීය බලතල අතර බලතුලනයේ සීමාවන් ගැන කතාකිරිමටයි. නැතුව ඒකීය කියන එකෙන් රටේම සංස්කෘතිය සමජාතීය කරන මතවාදී ඒකත්වයක් ඇතිකරන පිස්සුවක් මේ රටේ රදගුරුතුමා ඇතුළු උගත් බුද්ධිමතුන් කියාගන්න ඇතැම් පිරිස් වලට මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට නැහැ.

අවසාන වශයෙන් ලේබල් පෙනෙන තරම් අහිංසක නොවෙන බව පිළිගන්න වෙනවා. එහෙනම් ඒවා අහිංසක කරන්න බලන්න ඕන. අපි අහිංසකයි කියල හිතන බොහෝ දේ අහිංසක නැහැ. සාමාන්‍යයෙන් කතෝලික පල්ලිවල තාප්පෙට හේත්තු කරලා පාරට පෙනෙන්න වැඩියෙන් ම ගහන පාඨය මොකක් ද ? 'වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ සියල්ලන් ම වෙත එව. මම ඔබට සහනය දෙමි'...........මේක අහිංසක ද? ජේසුස් වහන්සේගේ මානව ප්‍රේමය ගලන කෙතරම් විශිෂ්ට අවවාදාත්මක වැකි තියෙනවා ද ? ඒ තියෙද්දී මේක ම ඇයි ? හැමෝට ම ප්‍රචාරක අරමුණු තියෙනවා. එක තමයි තිත්ත ඇත්ත. අවසාන වශයෙන් අපට ඕන වෙන්නේ මේ ප්‍රචාරක යුද්ධය සඳහා ලෝක සන්ධර්භය තුල සාධාරණ එකඟතා ටිකක්. ලංකාවේ බුද්ධ සාසනය ප්‍රමුඛතාවෙහි ලා වැඩි උවමනාවකින් රැකගැනීම කියන්නේ එසේ තිබිය යුතු යයි අප සලකන සාධාරණ එකඟතාවක්. සාමාන්‍ය කතෝලිකයන්ට විතරක් නෙමෙයි මම හොඳින් දන්නා බොහෝ මුස්ලිම්වරුන්ට පවා මේ ගැන කිසිම කහටක් නැහැ. උගත් බුද්ධිමත් (කියල හිතන් ඉන්න අධිපතිවාදින්ට ) තමයි ප්‍රශ්නේ තියෙන්නේ.

අවසාන වශයෙන් සිංහ ලේ කියන්නේ මගහැර යා හැකි තහනම් කර 'විසඳිය හැකි' දෙයක් නෙමෙයි. රටේ හැමෝට ම එක ම ලේ නම් ඒ එක ම ලේ සිංහ ලේ බව නම් සිංහ ලේ පිරිස කියන්නේ ඔවුන් ඇත්තටම කරන්නේ හොඳ දෙයක්. (එක එහෙම ද නොවෙයි ද කියන එක සැකයි. ) එක අනික් ජනවර්ග අකමැත්තෙන් පිළිගන්න ඕන නැහැ. එහෙත් මතවාදයක් හැටියට එක ලෙන්ගතුයි. අතීත සිංහල රාජ්‍යය ඔබටත් අයත් කියන ආරාධනය කරන්නේ. ඔබේ අනන්‍යතාව එලෙසින්ම තබාගෙන ලංකාවේ ඓතිහාසික උරුමය ඔබත් ලබාගන්න කියලයි කියවෙන්නේ. ලේබලයකින් අනන්‍යතාව නැතිවෙන්නේ නැහැ. බොහෝ දෙනා තේරුම් නොගන්න දෙයක් තමයි සිංහ ලේ කියන එකයි ශ්‍රී ලංකික කියන එකයි අන්‍යෝන්‍ය ප්‍රතිවිරුධ්ධ දෙකක් නෙමෙයි කියන එක. මම කියන්නේ නැහැ එක එකමයි කියල. එහෙත් ප්‍රතිවිරුධ්ධ නැහැ. ඔය ජනවර්ග හැටහුටහමාරක් එකතුවෙච්ච කිසිම දවසක තනි රාජ්‍යයක් නොවිච්ච හුදු විසිරුණු ජනකොටස් එකතුවක් වෙච්ච හින්දුන් 40 % ක් ඉන්න ඉන්දියාවේ 'හින්දුස්තාන්' කියන එකයි ඉන්දියා කියන එකයි ප්‍රතිවිරුධ්ධ නැහැ. ඉන්දියා ඓතිහාසික සභ්‍යත්වයෙන් අඩක්වත් නියෝජනය නොකරන හින්දු සංස්කෘතියට අයිති දෙයක් තමන්ගේ එකමුතුවීමේ ලේබලයක් ලෙස ගන්න ඉන්දියාව ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මෙහෙ ඉතින් බක පණ්ඩිතයෝ නේ ඉන්නේ. ශ්‍රී ලාංකිකත්වය කියන අලුත් ජාතිකත්වය වෙනුවෙන් ඓතිහාසික සිංහල සංකේත සියල්ල හෙට උදේ නැගිටින කොට නැතිකර ගනිවු !! කියලයි මෙහෙ ඉන්න පණ්ඩිතයන්ට හිතෙන්නේ.

(හොව් !! දැන් මම මේ කියන්නේ දෙමල සංකේත නැතිකරගනිවූ කියල එහෙම නෙමෙයි. හරි ද ? ඒවත් තියාගන්න. පස්සේ දවසක කොටිය වුනත් ප්‍රාදේශීය සංකේතයක් වුනාට කමක් නැහැ. )

-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/12/2016

ව්‍යවස්ථා මගඩිය - [පද්‍ය]

කතෘ:යුතුකම     1/12/2016   No comments
-ශිරන්ත චාමර
සිහල දමිල සමගිය ඇති කෙරුමට යැයි මෙත්පාලුන්
වියවස්ථාවක් ගෙනෙතැයි සමගින් එක් වී රනිලුන්
සැල වූ විට බොහො දේ සිහියට ආවයි ඉතිහාසෙන්
පවසමු ඒ හැකි විලසින රට දැනුවත් කරනු පිණිස

රටේ සියලු දෙනා එක ම රැයින් සමගි කරනු රිසින්
තිබෙනා සමගිය ද බිඳී යයි ඇතැමුන් කරන දෙයින්
වසර සියයකට කලියෙන් කුමරතුඟුන් කියු මෙ වදන්
එල්ල කෙරූ ඇනුමක් වැනි වියවස්ථා පඬියන් හට

සිහල දෙමල සමගිය ඇති කෙරුමට කල යුතු දේ නම්
අධිවේගය රේල්පාර හරහා ඇති කර පාලම්
එකට හොඳට කවලන් වී එක මවකගෙ දරුවො ලෙසින්
සිටිනු මිසෙක කුමන පල ද වියවස්ථා මගඩි වලින් ?

උතුරු දකුණු පාලම් වැඩ නවතාලා මෙත්පාලුන්
උතුර ඉන්දියාවට යා කර හැදුමට යන පාලන්
සිහලුන්ගෙන් ඈත් කරල ඉන්දියාව වෙත උතුරුන්
ළං කල විට කුමන පල ද වියවස්ථා මගඩි වලින් ?

දුරුතු මහේ අට වැනි දා දින්නෙ චන්දෙ මෙත්පාලුන්
දිවුරු නිසයි රකින බවට ඒකිය ජනරජය නිතින්
ඇමරිකාවෙ ඉන්දියාවෙ පදයට නටනා රනිලුන්
හමුවේ බිල්ලට දෙනව ද රට ම අපේ ජනපතිදුණි ?

ඇත්ත තමයි විරසක ඇත අතරේ සිංහලුන් දෙමළුන්
නොවී කොහොම සොලින් සමග යුද කල තරමට සිහලුන්
එදා පටන් සිහලා ගේ සතුරන් ලෙස ගත් දෙමළුන්
තව තව සතුරන් වෙනවයි වියවස්ථා මගඩි වලින්.

සොළින් සමග සදා වෛරෙ තිබුණා සමගින් සිහලුන්
ඒ මදිවට සුද්දො ඇවිත් සිහල රටේ ඉඩම් උඩින්
ගොඩබෑවයි කම්කරුවන් ලෙසට අහිංසක දෙමළුන්
ඉතින් සිහලු මොවුන් එක්ක හතුරු වීම පුදුමයක් ද ?

සුද්දන් ගේ බලේ පිටින් සිටිය අහිංසක දෙමළුන්
සමග සුහද හැඟුම් වලින් බැඳුණත් බහුතර සිහලුන්
විදේසියන් ලෙසයි ඔවුන් ගැනුනෙ තව ම සිහල ඇසින්
මෙ හැගුම් පළවා හරින්න සියවසකුත් සැහෙනව ද ?

මේ ඔක්කොම ඉලව් මැද්දෙ පණහ පණහ ඉල්ලුවා ම
පනස් එකේ ඊළම ඉල්ලන චෙල්වා බිහි උනා ම
පනස් හයේ බාසා ප්‍රස්නෙට භුමිය ගැටගැහුව ම
සිහල දෙමල දෙවර්ගය ම මරා ගැනුම පුදුමයක් ද ?

සිහල දෙමල මරාගැනුම චෙල්වට වාසියක් උනා
අහිංසක ව හිටි දෙමලුත් චෙල්ව එක්ක එකතු උනා
බොරු ඉතිහාසෙට වසී වී දෙමල තරුණො කුපිත උනා
චෙල්වාටත් උඩින් ගිහින් අවියෙන් ඊළම ඉල්ලුව.

ප්‍රභාකරන් ඉවර උනත් උතුරුන් තරහිනුයි ඉන්නෙ
නොවී කොහොම ප්‍රභා එක්ක මැරුණෙ උන්ගෙ දු පුතුන් නෙ
දකුණෙ දෙමලු එකට බැඳිල සිහලු එක්ක දිවි ගෙවන්නෙ
උතුරෙ අයට එහෙම වෙන්න කලක් යාවි මනුස්සයොනෙ

සොළී මතක සුද්දන්ගේ බලෙන් කරපු ගෙනත් බෑම්
අසු තුනත් මතක තියන් සිහලු දෙමලු ඉන්නෙ හොඳින්
සිහල දෙමල සංස්කෘතියෙ සහජීවන ගුණය උතුම්
තියෙන නිසයි නොකඩනු එය වියවස්ථා මගඩි වලින්

ඇමරිකානු ඉන්දියානු උවමනාව මත ගෙන එන
වියවස්ථා මගඩි වලින් උතුර දකුණ විරසක වෙන
රනිල් මෙත්පලුන් කරන්නෙ පවකි සමාවක් නොලැබෙන
නොමදෙමු ඉඩ ඔවුනට පාවා දෙන්නට ලක් මෑණිය.

-ශිරන්ත චාමර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/29/2015

තක්කඩියා ගේ අවසාන නවාතැන්පොල ගැන විමසීමක්.

කතෘ:යුතුකම     12/29/2015   No comments
තක්කඩියා ගේ අවසාන නවාතැන්පොල ගැන විමසීමක්.

තක්කඩියා ගේ පළමු නවාතැන්පොල ප්‍රජාතන්ත්‍රවාදයයි දෙවන නවාතැන්පොල වකුගඩු රෝගයයි තෙවන නවාතැන්පොල විල්පත්තුවයි අවසාන නවාතැන්පොල 'උඩුකය වසන කාන්තා යට ඇඳුම යි '

පළමුවැන්න පරාජිත පක්ෂයේ ලක්ෂ පනස් අටකගේ දේශපාලන අයිතිවාසිකම් නැතිකර දැමීමෙන් තහවුරු කරන ලදී. දෙවැන්න ලොතරැයි හා ක්‍රිකට් ක්‍රීඩකයන් හා කඳුළු ව්‍යාපාර මගින් විසඳන ලදී. තුන් වැන්නේ වරදකාරිත්වය 'මොහොමඩ් මහින්දගෙන්' 'බදුර්දීන් ගස් වැද්දාට' මාරු කරන ලදී - . හතරවැන්න 'මඩු වලිග ක්‍රමයෙන්' විසදන ලදී.

යට ඇඳුම් විසිකිරීමෙන් ලිංගික සතුටක් ලැබීම මානසික රෝගයකි. මට තේරෙන හැටියට නම් එහෙමයි. අද වෙනකොට ලිංගිකත්වය වෙනුවට දරුණු ලෙස සමාජ කාමය ආදේශ වෙලා තියෙනවා. සමාජ කාමය කියල මම අදහස් කරන්නේ ප්‍රදර්ශනාත්මක කාමයක්. අද පෙම්වතුන් උත්සහ කරන්නේ අනුන්ට තමන්ගේ ආදරයේ - ගැලපීමේ - තරම පෙන්නලා සතුටු වෙන්න. ඇඳුම් පින්තුර නළු නිලි ආකර්ෂණ හරහා ඇති කෙරිලා තියෙන්නේ සමාජ කාමයක්. මේ ප්‍රසංග වලින් සමාජ කමය තවත් ව්‍යාප්ත කරනවා. ලිංගිකත්වය බෞද්ධ සංස්කෘතියකට නරක නැහැ. එහෙත් සමාජ කාමය තුල බෞද්ධ සංස්කෘතියක් පවත්වාගෙන යන්න අමාරුයි. මට තේරෙන හැටියට නම් සමාජ කාමය නිසා අපේ ලිංගිකත්වයත් ප්‍රාණවත්කමින් අඩුවෙලා තියෙනවා. කොහොම වුනත් තේරුම් ගත යුත්තේ වර්තමාන ලෝකය තුල අප සියල්ලන්ට ම පාහේ මෙවැනි විවිධාකාර මානසික රෝග ඇතිකරගැනීමට බලකෙරී ඇති බව යි . ලියන මටත් ඒක පොදුයි. සමාජ කාමයෙන් බේරිලා ඉන්න එක ලෙහෙසි නැහැ. එහෙත් මෙම මානසික රෝගී සංස්කෘතිය අපේ මුළු ජීවිතය පුරා සමාජය පුරා අධික තිව්‍රතාවකින් පැතිරවීම නුසුදුසු ය. ඒ සඳහා සීමාවන් තිබිය යුතුයි. (මේක වැරදියට තේරුම් ගන්න එපා. අපි දන්නවා පන්සලේ ගම්මඩු වලදී උනත් දෙපිට කැපෙන කතා කියනවා. එහෙත් ඒවායින් හිනා යනවා මිසක් කාමය ඇවිස්සෙන්නේ නැහැ. එක සමාජ කාමයක් නෙමෙයි. අන්න එතන තමයි මම කැමති තැන. අපි බොහොම ප්‍රසිද්ධියේ මේවා ගැන කතා කළා. හිනා වුනා. එහෙත් උදේ නැගිටලා පාරට බැහැල ගෙදර එනකල් කාමුකත්වය හිතේ මතුකර කර හිටියේ නැහැ. එකට උඩගෙඩි දෙන පරිසරයක් තිබුනේ නැහැ. වේදිකාවල ලලනාවෝ නටද්දී අපට (පිරිමින්ට) ගැහැණු ලස්සන පේන්න ඇති. එහෙත් එතන කාටවත් කාගෙන්වත් ලංගික ආරාධනයක් නැහැ. ටෙනිසන් කුරේ ල සහ ඕල් රයිට් ප්‍රසංග වලට මිනිස්සු ආකර්ෂණය වෙන්නේ නිකම් නෙමෙයි කියල හිතෙනවා. ඒවා අද පුරවන්නේ ගම්මඩු වල හිඩැස. )

අද සමාජ කාමය ලංකාවේ ප්‍රචලිත කෙරෙන්නේ බටහිර අනුකරණ හැටියට. සමාජ කාමය අමතක කරමු. ලංකාවේ මුලින් ම සුපර් ස්ටාර් වැඩසටහන් යද්දී එකේ ඉන්න විනිශ්චයකාරයො ගායකයන්ට බනිනවා. කවුද ඔයාට සින්දු කියන්න පුළුවන් කිවේ කියල අහනවා. මට මේක අවුල්. මම යහලුවෙකුට කිව්වා...........මේ මොන විකාරයක් ද මුන්මනේ පුළුවන් තරම් ජාතිවල එවුන්ට එන්න කියන්නේ ඊට පස්සේ මුන් ම බැන්නහම මොන විකාරයක් ද කියල. මගේ යහළුව මට කියනවා......උඹ රියලිටි දැකල නැහැනේ බන්........ඔහොම නෙමේ බනින්නේ.......ඔහු ඇත්තටම මේක අනුමත කරනවා. එහෙත් ඒ අනුමත කිරීම නිකම් ම නිකම් අනුකරණයක්.

මෙවැනි පිරිස් ලංකාවේ හැමදාම හිටියා. ඔවුන් හිටියාවේ. ඔවුන් හුදු අනුකාරකයන් පමණයි. ඔවුන්ට ප්‍රසංගයකදී නීති දැමීම සුදුසු නැත. අපි වැද්දන්ට ඉන්න ඉඩ දෙනවා වගේ මේ පිරිසට ඉන්න ඉඩ දෙන්න ඕනකරන්න ඕන. එහෙත් මේ ප්‍රසංග පිටිපස්සේ තියෙන සංස්කෘතිය ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය සහ අධිපති සංස්කෘතිය බවට පත්වීමට ඉඩ නොතැබීම යි කල යුත්තේ . ඒ සඳහා මේ ප්‍රසංග කොන් කල යුතුයි. මේ ආකල්ප ප්‍රචාරය කිරීම සඳහා ප්‍රසිද්ධ ජනමාධ්‍ය වල ඉඩ සිමා කල යුතුයි. . ඇත්තෙන් ම මෙවැන්නක් ප්‍රචාරය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රමය නීති දැමීම නොවේ. අනගාරික ධර්මපාලතුමා මෙවැනි අනුකරණ පැතිරවීම ජයග්‍රාහී ලෙස නවත්වුයේ නීති දැමීමෙන් නොව උපහාසයෙන් . යම් යම් දේ වැළැක්වීම පිලිබඳ නුතන සම්මත ක්‍රම පිලිබඳ අවබෝධයක් නැති ජනයා 'නීති මගින් තහනම් කිරීම' ආස්වාදයෙන් සලකනු ඇත. එහෙත් එවැන්නක් තක්කඩියා කීවා ට කරන්නේ ද නැත. තක්කඩිකම ඇත්තේ එතන ය.
ඊළඟට ෆේස් බුකියේ හා පොළොවේ වෙනස සැහෙන වැදගත්. පලවෙනි පියවරේදී හැර අනෙක් හැම පියවරකදී ම තක්කඩියා පොළොවේ චන්ද එකතුකරගත්තා. මඩු වලිග කතාව වුනත් අහම්බයක් නෙමෙයි. මඩු වලිග කතාවෙන් සිංහ ලේ කැරැල්ලෙන් බොදුබල සේනාව වැඩේට අතගැසීමෙන් කියවෙන්නේ තැටිය රත්වී ඇති බවයි. දැන් මෛත්රිපාලටයි බොදුබලසේනාවටයි රත්වෙච්ච තැටිය උස්සල ආයෙත් රට පුච්චන්න අපි ඉඩ දෙන්න ඕන නැහැ.

-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/22/2015

සිංහ ලේ හා බුකි ලේ

කතෘ:යුතුකම     12/22/2015   2 comments
මුලින්ම මේ ටික කියන්නේ සිංහ ලේ ව්‍යාපෘතිය කරන පිරිසට

සිංහ ලේ කියල අහිංසක ව්‍යාපෘතියක් ගෙනිච්චට කමක් නැහැ. ස්ටිකර් හෝ මොනවා හෝ. එහෙත් ඕක අහිංසක වෙන්නේ සිංහ ලේ කියන ලේබලය මත නෙමෙයි එක උස්සගෙන යන කට්ටිය අනුවයි. සිංහ ලේ කියන නමින් ඕනේ නම් රට ම එකතුකරන ව්‍යාපෘතියක් පටන් ගත හැකි. එහෙත් එක කොන්දේසියක් තියෙනවා. සිංහ ලේ කියන්නේ මේ රටේ මේ පොළොවේ ජිවත් වෙන ඕන ම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. සිංහ ලේ කියන්නේ මේ රටේ ඓතිහාසික සිංහලේ ලේ. එහෙත් ඒ ලේ අද අපි හැමෝගෙම ලේ. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට සිංහ පෝතකයෝ කියන්නේ. අන්න ඒ වගේ. මුරලි කැමති නම් එයාට තියෙන්නෙත් සිංහ ලේ කියල ආඩම්බරෙන් අපේ රටේ ඉතිහාසය එක්ක බද්ධ වෙලා කියන්න පුළුවන් වෙන්න ඕන . එකට පසුබිම සිංහ ලේ ව්‍යාපෘතියෙන් හදල දෙනවා නම් රට ගැන මේ රටේ ඉතිහාසය ගැන හැඟීමක් අනාගතය ගැන කැක්කුමක් වර්තමානය ගැන අවධානයක් මේ රටේ හැමෝ තුල ම කිසිම භේදයකින් තොර ව ඇති කරනවා නම් බොහොම හොඳ ව්‍යාපෘතියක්. මේ රටේ අන්තවාද තියෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ මම ඒවාට උත්තරය දන්නවා කියල. අන්තවාදයන් අසාධාරණයන් හරියට හොයල බලල හෙළි කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙත් මරක්කලේ කලවම් ලේ හම්බ ලේ කලවම් ලේ වගේ දේවල් කියල කියන ඔබ බහුතරය අතර ඉන්න සුළුතර කිහිප දෙනා විසදුම් දීම කෙසේ වෙතත් ප්‍රශ්න තව තවත් උග්‍ර කරන බව පැහැදිලියි. මේ සුළුතරය හරි මග යවන්න ඔබට පුළුවන් නම් සිංහ ලේ ඔබට ලොකු දුරක් යන්න පුළුවන් වේවි. නැත්නම් බොදුබලේ නැවතුනු තැනින්ම නවතින්න වේවි.

ඊළඟ ටික කියන්නේ සිංහ ලේ ව්‍යාපෘතිය විවේචනය කරන ජාතිකත්වවාදී පිරිසට.

1. සිංහ ලේ ස්ටිකර් ගැසීම වත් සිංහ ලේ කියන වචනය වත් ප්‍රශ්නයක් නෙමෙයි. ස්ටිකර් නොගහ වැදගත් දේවල් කතා කරපන් කියන එක වැරදියි නේ ? ඔය ස්ටිකර් ව්‍යාපෘතිය වගේ ඒවා වලින් තමයි ඉස්සරහ දවසක මිනිස්සු අවදි වෙන්න අවශ්‍ය හැඟීම තියාගෙන යන්නේ. ස්ටිකර් ගැසීම බාල බොළඳ වැඩක් නෙමෙයි ඇත්තටම සාර්ථක උපක්‍රමයක්. අපි ඒ වගේ දේවල් නොකරන එකයි ප්‍රශ්නේ. ඇත්තට ම යුතුකම වගේ සන්විධානෙකට වඩා බොහොම ඉක්මනට මේ වගේ සංවිධාන ජනතාව අතරට යන්න හේතුව මේකයි. අපි උන්ට 'ස්ටිකර් නොගහ වැදගත් දේවලට අවධානය යොමු කරපන්' කියන එක වැරදියි. උන් එතකොට අහන්නේ උනුත් අපි වගේ අන්තර්ජාලේ හෑලි කොටන එක ද කරන්න ඕන කියල. ඒ ප්‍රශ්නේ හරි නේද ? මෙතන ඇත්තටම අපටයි උන්ගෙන් පාඩමක් ඉගෙනගන්න තියෙන්නේ. ලිපි සම්මන්ත්‍රණ තාර්කික සංග්‍රහ වලින් විතරක් ජනතාව අවදි කරන්න බැහැ

2. සිංහ ලේ බොදු බලේ ව්‍යාපෘතියක් වීම මිසක් සිංහ ලේ නම ගැන ප්‍රශ්නයක් නැති බව කිව යුතුයි. සිංහ ලේ නම වාර්ගික අනන්‍යතා සංකේතයක් වෙන එකෙන් මුදාගෙන රට ජාතියේ අනන්‍යතා සංකේතයක් හැටියට පාවිච්චි කරන්න කියල අපට හැකි අයුරින් කීමයි වැදගත් වෙන්නේ. මොකද අන්තිමට වැදගත් වෙන්නේ අපි කියන දේ නෙමෙයි කෙරෙන දෙය යි. අපි සිංහ ලේ නම ට නිකම් මොක්කුද වගේ විරුද්ධ වීමෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නමට සමාජයට හිතකර අර්ථකතන ලබා දීමයි වැදගත්.

3. සිංහ ලේ ට විරුද්ධ ව ෆෙස්බුකියේ දාන හැම පොස්ටුවක ම පෝස්ටරයක ම උන් එක්ක හැප්පෙන ගොබ්බ රැඩිකල් පිරිසගේ ගොන් පාට් වලටත් එකපාර බැනීම වැදගත්. එහෙම නොවුනොත් සිංහ ලේ උන්ට වෙනමයි ගොන් පාට් දාන කට්ටියට වෙනමයි බැන්නොත් මොකද වෙන්නේ අපිත් සිංහ ලේ උන් එක්ක හැප්පෙනවා විදග්ධ විදිහට අරුන් හැප්පෙනවා ගොන් ජෝක් දාගෙන. මෙතන අපේ අරමුණ වෙන්න ඕන ෆේස්‌ බුකියේ 'ආතල්' රැල්ලක් යන එක වැළැක්වීම. එකෙන් ෆේස්බුකියේ ආණ්ඩු විරෝධය යටපත් වෙන එක වැළැක්වීම. එතකොට අපි බලන්න ඕන මේ ඔක්කොම ව්‍යාපෘති යටවෙන විදිහට වැඩකරන එක මිසක් මේ ගොබ්බ මාතෘකා පෝෂණය කරන එක නෙමෙයි. අපේ විරුද්ධතාව ප්‍රකාශ කරන විදිහෙන් මේවා පෝෂණය වෙන්න හොඳ නැහැ.

4. මේ ඔක්කොට ම අවසාන විසදුම මේවා එක්ක හැප්පෙන එක නෙමෙයි අපි නොකරන දේ - ජනතාවට දැනෙන හැඟෙන දේවල් බුකියෙන් පිට කිරීමට තැත් කිරීම. ඇත්තට ම සිංහ ලේ ස්ටිකරය එතැනදී අපට වඩා සාර්ථකයි. අපේ සම්මන්ත්‍රණ ලිපි පොත් වලට වඩා. මම කියන්නේ ඒවා වැදගත් නැහැ කියල නෙමෙයි. බොහෝ ම වැදගත්. අත්‍යවශ්‍යයි. මොකද ඒවයින් තමයි ජනතාව දේශපාලන අවබෝධය ලබන්නේ. එහෙත් ඒක මදි ජනතාව ඉසරහට ගන්න.

ඊළඟට සිංහ ලේ ව්‍යාපෘතිය දැකල බුකි ලේ කුලප්පු වෙච්ච පිරිසකුත් ඉන්නවා. ෆේස් බුකිය හරහා සමාජ සේවය කිරීමේ පවිත්‍ර චේතනාවෙන් තමන් වැඩ කරනවය කියල හිතාගෙන තමන්ගේ ම ලේ සන්තර්පණය කරගන්න පිරිසක්. ආදිවාසියා වගේ ෆේස්බුක් පේජ මෙහෙයවන්නේ මේ පිරිස. බොදුබලේ හෝ සිංහලේ වැනි ව්‍යාපෘතියකින් තොර ව මේ පිරිසට පැවැත්මක් නැහැ. කොටින්ම බොදුබලේ නැති වුණාට පස්සේ මේ ගොල්ලන්න්ට කරන්න දේවල් නැතිව අමු යු එන පි ප්‍රචාරක ව්‍යාපෘති වල නියැලුනා. පහුගිය කාලේ සිංහල මුස්ලිම් ගැටුම මේ කට්ටියට බොහොම ආස්වාදජනක වුනා. හම්බ විරෝධී පොස්ටරුයි බෞද්ධ විරෝධී පොස්ටරුයි බෙදාහරින මධ්‍යස්ථාන බවට මේවා පත්වුණා. ගහගන්න හැමෝටම අවශ්‍ය ප්‍රතිවිරෝධී උත්තේජන සැපයුවා. අන්තිමට මේ ගැටුම පෝෂණය කරන්න වැඩි ම දායකත්වයක් දක්වපු පිරිසක් බවට මේගොල්ලෝ පත්වුණා. සමහර මිනිස්සු පාරේ ඉන්න හිඟන්නෝ අවුස්සලා සතුටු වෙනවා වගේ මේගොල්ලෝ වැඩ කරන්නේ. සිංහ ලේ ව්‍යාපෘතියටත් මේගොල්ලෝ ප්‍රතිවිරෝධී උත්තේජන හරහා හොඳ පෝෂණයක් ලබා දුන්න. එක අතකින් මාත් මෙතන පෝෂණයක් දෙනවා තමයි. එහෙත් මම පෝෂණය දෙන්නේ මොන දිශාවට ද කියල පැහැදිලි වෙන්න ඕනේ. එහෙත් මෝඩ තුට්ටු දෙකේ විහිළු හරහා සිංහ ලේ ව්‍යාපෘතිය පෝෂණය වුනේ මොන දිශාවට ද කියල ෆෙස්බුකියේ පෙනෙනවා. අන්තිමට ඒගොල්ලන්ගේ බුකි ලේ කුලප්පු කරගෙන කරපු සමාජ සේවය තමයි ඕක.

-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/16/2015

කොටි නිදහස් කිරීම හා යුධ අපරාධ පරීක්ෂණ - හරි ද වැරදි ද ?

කතෘ:යුතුකම     11/16/2015   No comments
විමංස ගේ සිතුවිලි මාලා..........

විමංස : කොටි 31 ක් නිදහස් කරලා. මොකෝ හිතෙන්නේ? මොකක්ද අපි හිතන්න ඕනේ ?

අහිංසක : මේ මිනිස්සුත් මිනිස්සු නේ . කොච්චර කල් තිස්සේ හිරේ ද ? සැකකාරයෝ මිසක් වැරදිකාරයො නෙමෙයි නේ ? වැරදිලා හරි මේ මිනිස්සු නඩුවෙන් නිදහස් වුනොත් එකෙන් වැඩක් තියෙනවා ද ? රිමාන්ඩ් එකේ ඉඳල ම දඬුවමක් ගෙවල ඉවරයිනේ තීන්දුව දෙනකොට. 

ආවේග : ඒ වුණාට රුකඩපාලයට කොටි නිදහස් කරන්න පුළුවන් වුණාට හමුදාවේ උන් ව නිදහස් කරන්න බැහැ. එක්ස්ප්‍රස් දඬුවම් දීමේ උපක්‍රමයක් හමුදාවට. ඒ මදිවට තව අපරාධ කෙරිලා ද කියල පරීක්ෂණත් කරනවලු . අර ගම්මාන වලට පැනල අම්මගේ කුසෙන් ළමය අරන් දාපු උන් ගැනත් හොයල පරීක්ෂණ කරනවා ද දන්නේ නැහැ ? ප්‍රශ්නේ තියෙන්නේ එතන. දෙමල ජාතික සන්ධානේ මන්ත්‍රී ල මනෝ ගනේෂන් ල කොටි නිදහස් කරන්න කොච්චර වලිකනවා ද ? සමහර දෙමල පළාත් වල හර්තාල්. එකට සිංහල උන්. උන් දන්නේ බෝම්බ පිපිරෙනවට බයේ පිටිසර කොල්ලෝ ටික හමුදාවට යවල ප්‍රශ්නයක් ආවහම උන්ගේ බෙල්ල උඩ ම ප්‍රශ්නේ විසඳලා දාන්න විතරයි. එතකොට තියෙනවා ලොවෙත් නැති තර්ක. යුද්දෙට යවනකොට ඒවා නැහැ. මුන් වගේ ජාතියක් වඳ වෙලා යනවනම් වඳ වෙලා ම ගියදෙන්. ඒක ම තමයි හොඳ. 

අහිංසක : එතකොටආවේග කියන්නේ වන්නියේ ගමක් ගමක් ගානේ පීරලා අපරාධ කරපු ත්‍රස්තවාදියෝ හොයනන ඕනේ කියල ද ? උත්තරේ එහෙම නෙමෙයි කියල මම දන්නවා. ආවේග කියල ඉතින් මගේ ම කොටසක් නේ. මේ ප්‍රශ්නේ කියවන්නන් වෙනුවෙන්. 

ආවේග : මම කියන්නේ මේ දෙක එකවගේ වෙන්න ඕනේ. මමත් කැමති නැහැ යුද්දෙක පාර්ශවකරුවෝ වෙච්ච මිනිසුන්ට දඬුවම් දෙන්න. එහෙත් මේක දිගටම ඇදගෙන යනවනම් අපටත් තියෙන්නේ ඔය ගම්මාන වල සිංහල මිනි ඔක්කොම උස්සන් ඒ අපරාධ කරපු එකා ව හොයල එල්ලපිය කියල උද්ගෝෂණය කරන්න. 

විශ්ලේශ : තර්කයක් හැටියට ඕක හරි. එහෙත් නීතියට අනුව ගත්තොත් එක නඩුවක් තව නඩුවකින් සවායත්තයි. සිංහල ගම් වල මිනිමරපු කොටින් හොයාගන්න අමාරු වීම හමුදාවට එරෙහි නඩුවල දඬුවම් දෙන්න බාධාවක් නෙමෙයි. 

විමංස : එහෙත් ඒක සිංහල ගම් වල මිනිමරපු එවුන් හොයල අල්ලපියව් කියල උද්ගෝෂණය කරන්නත් බාධාවක් නෙමෙයි නේ ? මෙහෙමයි. ප්‍රශ්නේ නීත්‍යානුකුල ව විතරක් දකිනවා නම් ඒකට පලවෙනි කොන්දේසිය හැටියට අපක්ෂපාතිව නඩු පැවරීම, විසඳීම විතරක් නෙමෙයි සිදුවූ අපරාධ ගැන ගවේෂණය කිරීමත් එක බරින් වෙන්න ඕන . සිංහල ගම්මාන වලට පැනපු කොටින් ගැනත් බර තියා හොයන්න ඕන . ඒ වගේ ම මේවායේදී දේශපාලනයක් නොවිය යුතුයි. එහෙත් මේක පල් බොරුවක්. කොටි 31 නිදහස් කිරීම හා හමුදාව සම්බන්ධ ඇමරිකන් යෝජනා වලට එකඟ වීම තනිකරම දේශපාලනික ක්‍රියාවක්. සුනිල් රත්නායකගේ මරණ දඬුවම වුනත් දේශපාලනික ක්‍රියාවක්. නීතියට අනුකුල ද නැද්ද කියන එක පිටිපස්සේ මේ දේශපාලනය හංගන්න බැහැ. අපි කරන්න ඕන මේ දේශපාලනයට මැදිහත් වෙන එක.
බොරුවට වැරදි කල සියල්ලන් සොයා දඬුවම් දිය යුතුයි කියන අය එහෙම කියන්නේ එහෙම කරන එක තමන්ගේ දේශපාලනයට අනුකුල නිසා. මේ ආණ්ඩුව යටතේ 'වැරදි කල සියල්ලන්' යන්නට අයත් වෙන්නේ ඇමරිකන් දේශපාලන ව්‍යාපෘතියට/ ඉන්දියන් දේශපාලන ව්‍යාපෘතියට/ රුකඩපාල ගේ පළිගැනීමේ ව්‍යාපෘතියට අදාළ දේවල්. එක්තරා ආකාරයකට අමානුෂික යුද්ධය නොකළ යුතුව තිබිණි වැනි හැඟීමක් විශේෂයෙන් සිංහලයන් අතර ඇතිකිරීම මේ පර්යේෂණ වාර්තා මගින් සිදුකරන්න ඉඩ තියෙනවා.

අවංක : දැන් ආවේග උඹ යුද්දෙට ගියා ද ? උඹත් ඔය කියන වඳ වෙලා යන්න ඕන ජාතියෙන් ම එකෙක් නෙමෙයි ද ? 

ආවේග : ගියේ නැහැ. එහෙත් මම අර ජාතියේ එකෙක් නෙමෙයි නේ ? මට ඔය පඬි අදහස් නැහැ. මම යුද්දෙට යැව්වා නම් මම උන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. යකෝ කොහෙවත් ඉන්න රජයේ නීතීඥයකු ට අර සුනිල් රත්නායක සොල්දාදුවා ව විත්තිකාරයෙක් හැටියට සලකල පෙනී ඉන්න පුළුවන් නම් ඌට සමාව ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන් නම් මගෙත් ආශිර්වාදයෙන් යුද්දෙට ගිය එකෙක් වෙනුවෙන් මම පෙනී ඉන්නේ නැතුව කවුරු පෙනී ඉන්න ද ? 

අවංක : ප්‍රශ්නේ ඒක නෙමෙයි. උඹට ඕක නිකම් කියවනවා හැර මේ මිනිහව නිදහස් කරන්න මොකක් හරි දායකත්වයක් දක්වන්න පුළුවන් උනා ද ? නැහැ නේද? ඉතින් ඔය කෑ ගැහුවට උඹත් අර ගොඩේ නේද ? මම පිලිගන්නවා උඹ පඬි නැහැ. එහෙත් අර හර්තාල් කරපු දෙමල මිනිස්සු කරපු දේ උඹට කරන්න පුළුවන් වුණා ද ?

ආවේග : ඔව්. එකේ ඇත්තක් තියෙනවා. ක්‍රියාවෙන් ගත්තහම මමත් වඳ වෙලා යන්න ඕන සිංහල ජාතියේ එකෙක්. (ප්‍රචණ්ඩ ඇත්තටම අවංක ට වඩා අවංකයි. අවංක ප්‍රචණ්ඩට වඩා ටිකක් හිතනවා. ඒ කියන්නේ ප්‍රතිවිරෝධී අදහස් ගැනත් . ඒ නිසා බාහිරට අවංක ව තමයි අවංක ව පෙනෙන්නේ. ඒ නිසා ප්‍රචණ්ඩ අවංකට වඩා අවංක බව බාහිරට අමුතුවෙන් කියන්න උණා. ඒක කිව්වට පස්සේ සමහරකට ප්‍රචණ්ඩ ව අවංක ට වඩා අවංක ව පෙනේවි. )

විමංස : කොහොම උනත් ආවේග කියන තැන තමයි තැන. ඔය සැකකාරයෝ නිදහස් කරපු එක හරි ද වැරදි ද කියන එකට ලෝකයේ ඕන ම ස්ථානයකදී ඕන ම වාතාවරණයක් යටතේ වලංගු සදාචාරයක් යටතේ උත්තරයක් ලැබෙන්නේ නැහැ. මේකට නෙමෙයි කිසි ම ප්‍රශ්නෙකට නැහැ. මේක හරි ද වැරදි ද කියන එකට උත්තරය ලැබෙන්නේ මේක සිද්දවෙන සන්දර්භය මත. සන්දර්භය අමතක කරලා ගත්තහම ඕන කුහකයෙකුට ඕන උත්තරයක් දෙන්න පුළුවන්. ව්‍යාජ අවිහිංසාවාදියෙකු ට පුළුවන් වෛරයෙන් වෛරය නොසන්සිදේ හරි වෙනත් බුදුබණක් හරි මතක් කරලා ඒ එක්කම සැකකරුවන් නිදහස් කිරීමට විරුද්ධ අයට ඒ අයගේ අශිෂ්ටකමත් මතක් කරලා දෙන්න. ඊට පස්සේ සුනිල් රත්නායක ගැන කතාකරන කොට බුදියාගන්න පුළුවන්. නැත්නම් ඒ වෙලාවට වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම ගැන කතා කරන්න පුළුවන්.
මෙතන කොටි සැකකාරයෝ නිදහස් කිරීමට හා හමුදාව ගැන පරීක්ෂණ කිරීම ට එකවිට එකඟ කුහකයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. විශේෂයෙන් ඒගොල්ලෝ යුද මල්වට්ටියටත් අතගහනවා නම් කතා කරන්න ම දෙයක් නැහැ. එහෙත් මෙතන ප්‍රයෝගික ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒවා විසඳගන්න වෙන්නේ අපේ පදනම මොකක්ද කියල පැහැදිලි කරගෙන. ප්‍රශ්න කිහිපයකට උත්තර අවශ්‍යයි.

1. ඔය සුනිල් රත්නායක ගේ නඩුව ඊ පී ඩී පී එකෙන් දාපු නඩුවක්. අවුරුදු දහයකටත් වැඩියි. මහින්ද රාජපක්ෂත් ඒ නඩුව ඉවත් කරේ නැහැ. අපි ඒ කාලේ පොල් ගාල දැන් පරල වෙන්නේ අපේ දේශපාලන වාසියට නෙමෙයි ද ?
2. පහුගිය ආණ්ඩුව හා මේ ආණ්ඩුව මේවා ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද ? පැහැදිලි ව පෙනෙනවා පහුගිය ආණ්ඩුවේ පදනම ජාතික ආරක්ෂාව. මේ ආණ්ඩුවේ පදනම හැටියට පෙන්වන්නේ සංහිඳියාව. මේක සංහිඳියාව හා ජාතික ආරක්ෂාව අතර ගැටුමක් ද ?
3 පොදු සමාවක් දෙනවනම් දෙන්නේ කොහොම ද ? ඔක්කොම නඩු ඉල්ලා අස් කරගන්නවා ද ? ඔහේ සමාව දෙන එක හමුදාවකට හොඳ ආදර්ශයක් ද ? යුක්තිය ඉටු වෙන්න ඕන ද ? පැහැදිලි සාක්ෂි තියෙන නඩු වලට මොකද කරන්නේ ?
මේ ප්‍රශ්න ගැන අපි කතා කරන්න ඕන. දැන් අපි ඔක්කොටම මහන්සියි නේ. පස්සේ හම්බවෙමු. එතකල් මේ ප්‍රශ්න ගැන කල්පනා කරමු.



-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

7/18/2015

මහින්ද ද චම්පික ද අනුර කුමාරගේ ජේ වී පි ය ද ?

කතෘ:යුතුකම     7/18/2015   1 comment
-ශිරන්ත චාමර -
මහින්ද ජනවාරි 8 දිනනවට වඩා ඇත්තටම එදා පැරදිලා දැන් දිනන එක රටට හොඳයි. මොකද අනිවාර්යයෙන් ඔහුට තිබ්බ අසහාය බලය අඩුවෙනවා. එහෙත් ඔහු පැරදුනොත් ඔහුට තිබ්බට වඩා අසහාය බලයක් රනිල් - මෛත්‍රිපාල කියන කපටි එහෙත් අදක්ෂ දේශපාලන යුගලයට යනවා. මේ වෙලාවේ අපි තීරණාත්මක අඩියක ඉන්නේ. ඔක්කොටම කලින් එක පන්නගෙන ඉන්න ඕනේ.

එක ප්‍රශ්නයයි. රට රනිල්ට දෙනවා ද මහින්දට දෙනවා ද ? පහුගිය ජනාධිපතිවරනේදී මහින්ද ගත්තු චන්ද සංඛ්‍යාව සන්ධානය ගත්තොත් සන්ධානයට හම්බවෙන්නේ ආසන 107 ක් විතර . ජේ වී පි ය ට කිසිම විධියකින් ආසන 7-8 කට වඩා ගන්න බැහැ . ආසන නොගත්තට ජේ වී පි එක කඩන්නේ සන්ධානෙට ලැබෙන ආසන. මොකද ඔය අලියට දාන එවුන් මලාට ජේ වී පි යට දාන්නේ නැහැ. දාන්නේ අර මහරගම කැස්බෑව වගේ ඉන්න ශ්‍රී ලංකාකාරයෝ ටික. ඉතින් වෙන්නේ මොකක්ද අන්තිමට යු එන පි හා දෙමල සන්ධානේ ආසන එකතුව මහින්දට වඩා වැඩිවෙනවා. අනිවාර්යයෙන් රනිල්ට රට ලැබෙනවා. 2001 දී රනිල්ට රට ලැබුනෙත් ජේ වී පි ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද කඩපු නිසා.

මහින්දට ආසන 115 - 120 ක් ගන්න නම් ජනවාරි 8 වෙනිදා 50%න ඔන්න මෙන්න දිනපු පැතිවලින් 55 % ක් ගන්න ඕනේ. 55 % න දිනපු පැතිවලින් 60% ක් ගන්න ඕනේ. ඒ චන්ද ටික ඔබ දෙන බව විශ්වාසයි. චන්ද සියයකින් වුනත් ආසනයක් එහා මෙහා වෙන්න පුළුවන්. ඔබේ චන්දය රට වෙනුවෙන් දෙන්න.

අනුර කුමාරගේ ජනතා විමුක්ති පෙරමුණ මහින්දගේ ආරක්ෂාව ඉවත් කරන ලෙසට ඉල්ලන්නේ ඇයි ? අපට ඕකට බනින්න පුළුවන්. එහෙත් පැහැදිලිව ම මේක අනුර කුමාරගේ ජනතා විමුක්ති පෙරමුනට තියෙන චන්ද ටිකත් නැතිවෙන්න මිසක් වැඩිපුර චන්ද එකතුවෙන්න හේතුවක් නෙමෙයි නේද ? ඇයි අනුර කුමාරගේ ජනතා විමුක්ති පෙරමුණ මේ වගේ අපකීර්තියට ලක්වීමට නියමිත නඩුවක් දැම්මේ? මේකට උත්තරය මොකක්ද ? මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ නේ ? ඇත්තටම අනුර කුමාරගේ ජනතා විමුක්ති පෙරමුණට මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීමට අවශ්‍යයි කියන එක හැර වෙන කිසි විධියකින් මේ කරලා තියෙන දේ පැහැදිලි කරන්න කාට හරි පුළුවන් ද ?

අනුර කුමාරගේ ජනතා විමුක්ති පෙරමුණ ට අවශ්‍ය මහින්ද ව පරාජය කරවීම මිසක් රනිල් ව පරාජය කරවීම නෙමෙයි. ආරක්ෂාව ඉවත් කරවල මහින්ද ඝාතනය වුනොත් ඊළඟ ආණ්ඩුව යු එන පි එක යටතේ ජාතික ආණ්ඩුවක් වෙන එක සක්කරයටවත් වලක්වන්න බැහැ . මෛත්‍රිපාල තමන්ගේ පක්ෂ සභාපතිකමේ බලය උපරිමෙන් පාවිච්චි කරලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශේෂ මැතිරීම් දෙක තුනක් කරලා ජාතික ආණ්ඩුවක් හදනවා එහෙම වුනොත් එකේ ආයේ කතා දෙකක් නැහැ. එහෙම වුන ගමන් ප්‍රධාන විපක්ෂය වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ ප්‍රධාන විපක්ෂය වීමේ සිහිනය (1977 ඉදන් ම ). ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිකරලා දාල රටේ දේශපාලන බලතුලනය නැතිකරලා දැමීම ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. චම්පක රණවකට තියෙන්නේ ජාතික බලවේග වල අසහාය නායකයා වීමේ සිහිනය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යු එන පි යට ගැට ගැසීම ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. එතනින් රටට සිද්ධ වෙන හානිය ගැන ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. එකයි මේ දෙගොල්ලොම ජනවාරි 8න පස්සේ මහින්ද ව හිරේ දාන්න චරිතය ඝාතනය කරන්න නාම යෝජනා නොදී ඉන්න පුදුම විධියට උත්සහ කලේ.

 -ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/13/2015

'ප්‍ර' යන්න කියන්න එන්න එපා මල්ලි.

කතෘ:යුතුකම     7/13/2015   No comments
ප්‍රජාතන්ත්‍රවාදය තරම් පහුගිය කාලයේ වෙනත් කිසිම 'ප්‍ර ' යන්නක් ගැන කතා නොවිණි. අප මෙහිදී උත්සහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යන්න පහුගිය රජයට හා මෙවර රජයට වලංගු වන අයුරු කතා කිරීමට ය. ඒ ගමන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන බෙරිහන් දෙන උගතුන් ගැන කතා කල යුත්තේ ඔවුන්ගේ නිරුවත පහුගිය මාස කිහිපයේ නොබියව එළිදක්වන ලද නිසා ය. මේ උගතුන්ට 'ප්‍ර ' යන්න උච්චාරණය කිරීමට වත් අයිතියක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හැදින්වෙන්නේ හුදු බහුතර මතයට ඉඩ දීම පමණක් නොව දේශපාලන මතවාද ආදියට සමාන ඉඩක් දීම ආදියයි. එහෙත් එහි ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැක්කේ බහුතර මතය ක්‍රියාත්මක කිරීම පමණි. නිදහස් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තුල දේශපාලන අදහස් ප්‍රචාරණය යනු අවසානයේ බල අරගලයක් පමණි. නියෝජනය සුළු වීම නිසා, ධනය බලය අහිමි කොටසකගේ මතය වීම නිසා, යටපත් වන මතවාද වලට සාකච්චාව සඳහා ඉඩ දීම හදවතින් කල යුත්තකි. පුහු නිදහස් ප්‍රජතන්ත්‍රවාදයේදී කෙරෙන්නේ අවසානයේදී ධනය බලය සහිත කොටස්වලට තමන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීමටත් ප්‍රචාරණය හරහා තමන්ගේ නියෝජනය වැඩි කිරීමටත් ඉඩ දෙන අතරේ ධනය බලය අහිමි අයට දේශපාලන අයිතිය මහා අකුරින් ලබා දී දේශපාලනය කිරීමට 'ඉඩ' නොදී සිටීම ය. මේ නිසා අප මෙහිදී කතාකරන්නේ පුහු නිදහස් ඊනියා ප්‍රජාතන්ට්‍රවාදයක් ගැන නොව අනෙකාට දේශපාලනය කිරීමට ඇති අයිතිය පිළිගන්නා වූ සහ ධනය බලය අහිමි වීම නිසා දේශපාලනය කිරීමට නොහැකි ව සිටින අනෙකාට (තම විරුද්ධ මතධරයාට ) ඉඩ - එනම් ධනය බලය හා අවස්තාව - ද හදවතින් ලබාදෙන දේශපාලනයක් පිළිගනිමින් ඒ මත පදනම් වෙමිනි. පහුගිය රජයේ අඩුපාඩු හා මෙම රජයේ නිර්ලජ්ජිත පිළිවෙත අප එසේ දකින්නේ මේ පදනම මත මිස ඊනියා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය මත සිටගෙන නොවන බව නැවතත් පැහැදිලි ව කිව යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට 'ප්‍රජා මතයට ගරු කිරීම' යන්න යොදාගමු.

පහුගිය රජය ප්‍රජා මතයට ගරු කලේ ද ?

මුලින්ම පහුගිය රජය කාලයේ ප්‍රජා මතය වුයේ කුමක් ද ? ප්‍රභාකරන් පැරදවීම එකකි. එය වුව ද මුළු ප්‍රජාවගේ මතය නොවී ය. කොටින් යනු විමුක්තිදායකයන් ලෙස සලකු ප්‍රජාවක් ද ලංකාවේ සිටියේ ය. පැහැදිලිව ම එහිදී අතිබහුතරය තම මතය ක්‍රියාත්මක කලේ ය. ඊළගට රට සංවර්ධනය කිරීමට අවශ්‍ය ව තිබිණි. ජාතික චින්තනවාදියකු ලෙස මහින්දගේ සංවර්ධනය ට මෙය ලියන මට එකඟ විය නොහැක. එහෙත් 77 දක්වා සෙමෙන් ද 77 න පසු සිග්‍රව ද මිනිසුන් මෙවන් සංවර්ධනයක් ඉල්ලමින් මරහඬ දෙමින් සිටියහ. ඒ අතින් එහිදී ද පහුගිය රජය ජනමතයට අනුව ක්‍රියා කලේ ය. ඇත්තෙන්ම මේ කරුණු දෙකේදී ම පහුගිය රජයේ මතය ජනමතයට සමපාත වීය . ඒ හැරෙන්නට තවත් අමිහිරි කරුණකට ද රටේ ජනමතය සමපාත ව තිබිණි. ඒ පාතාලය මර්දනය කිරීමේදී යොදාගත් 'ආයුධ පෙන්වීමේ' කලාවට ය. ත්‍රස්තවාදයට එරෙහිව වත් එතරම් රජය සමග නොසිටි පිරිසක් පාතාලය අහවර කිරීමේදී රජය සමග සිටි බව සත්‍ය කරුණකි. මේ පිරිසගෙන් ද සැලකිය යුතු පිරිසක් මහින්දට එරෙහිව චන්දය දුනි. මේ නිසා මේ කරුණු සිදුවුයේ ජනමතයට එකඟ ව ය. මෙහි එන එක එක කරුණ ගැන වෙන වෙන ම ලිපි ලියමින් කතා කිරීමට වටින නමුත් ඒවා පසුවට තබමු.

ජනමතයට ප්‍රශ්න ඇතිවුයේ එක ම එක කරුණක් සම්බන්ධයෙනි. ඒ මහින්ද කරන්නේ යයි කියූ මෙගා දුෂණ ගැන ය. (මේවා ගැන යහපාලන ආණ්ඩුව කිසිත් නීතිමය ලෙස නොකියයි. ඒ වෙනුවට ඒවා ලජ්ජා නැතිව නැවත චන්ද වේදිකා වල කියවයි ) ඒ සමග ම විශේෂයෙන් වැටුපෙන් ජිවත් වන මැද පන්තිය තුල අසහනයක් සකස් වී තිබිණි. ඒ රට තමන්ට වඩා වේගයෙන් සංවර්ධනය වීම ය. ඒ සංවර්ධනය භුක්ති විඳිය හැකි වුයේ බිස්නස්කාරයන්ට ය. කුප්ප සමාජවාදී උගතුන් වැටුප් අනුපාතය 4:1 සිට 12: 1 තෙක් කරන ලෙස ඉල්ලා කරන සටන් වලදී යොදාගැනුනේ ඉහල මැදපන්තියේ මේ අපේක්ෂා භංගත්වයයි. මේ කාටවත් රටේ කන්න බොන්න නැති මිනිසුන් ගැන වගක් නැත. මහින්දට වැඩියෙන් ම සහය ලැබෙන්නේ අඩුවෙන් ම ආදායම් ලබන මිනිසුන්ගෙන් ය. මේ මිනිසුන් ව 'නුගතුන්' , 'බත්කන හරකුන්' ලෙස ලේබල් ගසා දැමීම සාමාන්‍ය සිරිතයි. එහෙත් තම එදාවේල දිනෙන් දින කඩාවැටේ නම් දුප්පතුන් මහින්දට සහය දෙවි ද ? එය උගත් නගත්කම නොව බඩක් ඇති නැතිකම ගැන ප්‍රශ්නයකි. දුප්පතුන් මහින්ද යටතේ වැටුනේ නැත. එහෙත් දුප්පතුන් දුෂණයට ලක්විය. හිඟනකම හොඳ රස්සාවක් විය. දුප්පතුන්ට සල්ලි හම්බකිරීමේ මං සැදිණි. සත්‍ය එයයි. මැද පන්තියට පොහොසතුන්ගේ දුෂණය හා දුප්පතුන්ගේ දුෂණය මැද හිරවීමට විය. මහින්ද පැරදුනේ ප්‍රජාව සම්බන්ධයෙන් ගත්කල හුදෙක් ම මේ කරුණ නිසා ය. (ඊට අමතර ව මුස්ලිම් ප්‍රශ්නය නිසා )ඒ මිසක ජනමතයට ගරු නොකිරීම නිසා නොවේ.

මහින්ද උතුර සම්බන්ධයෙන් ක්‍රියා කලේ කෙසේ ද ? ඔහු උතුරේ පරිපාලනය ආරක්ෂාව දැඩි ව පවත්වාගෙන ගියේ ය. එයින් උතුරේ ජනතාවට සාමජිය ප්‍රශ්න ඇතිවන්නේ විය හැක. එහෙත් එය ත්‍රස්තවාදය පිලිබඳ ප්‍රශ්නයකි. එහෙත් මහින්ද උතුරේ දේශපාලනයට ඉඩ නොදුන්නේ ද ? ප්‍රභාකරන් පැරදුනු පසු ව මහින්ද දෙමල දේශපාලනය බලහත්කාරයෙන් පුනුරුත්තාපනය කිරීමට උත්සහ කලේ ද ? ඒ අතින් මහින්ද උතුරේ ජනමතයට හිස නමා නැත්තේ ආරක්ෂක හේතුන් නිසා පමණි.

නැවතත් කතා කලොත් මහින්ද බහුතර මතයට අනුව දේශපාලනය කලේ ය. එක ම ප්‍රශ්නය වන්නේ බහුතර මතය යහපත් ද අයහපත් ද යන්නයි. සංවර්ධනය පාතාල මර්ධන ක්‍රමය වැනි ඒවායේදී බහුතර මතය අයහපත් බවත් හා වැටුප් අනුපාතය වැඩි කිරීම වැනි මහින්ද විරෝධී ව්‍යාපාර වලදී පෙන්නුම් කල මැද පන්තියේ සුළුතර මතය අයහපත් බවත් මගේ මතයයි.

මෛත්‍රිපාල හා උගතුන්

මෛත්‍රිපාල දිනු පසු සන්ධාන හිතවාදී 'බයියන්' යු එන පි ටොයි නළුවන්ට වඩා ඇත්තෙන්ම ජනමතයට ගරුකරන බව හොදින් ම පෙනිණි. බත්කන හරකුන් ගැන අපට ඇහුනේ අඩුවෙනි. වැඩ පටන්ගත්තේ මහින්ද රැල්ල පටන් ගැනීම සමග ය. මහින්ද සමග ඉතිරි වූ හතර පස් දෙනා ට නුගේගොඩට අතිවිශාල සෙනගක් ගෙන ඒමට හැකිවිය. එවිට මේ උගතුන් මේ දේශපාලකයන හතර පස් දෙනාට කිවේ 'දේශාපලන අනාථයන්' කියා ය. ඉන් වැදගත් දෙයක් පැහැදිලි විය. මේ උගතුන් 'දේශපාලන අනාථයන් ' ලෙස හදුනාගන්නේ ඉහල දේශපාලන බල දරන්නන්ගේ තීරණයන් අනුව ඉහල දේශපාලනයේ නියැලීමට ඉඩ නොලැබෙන පිරිස් වලට බව ය. ලක්ෂ ගණන් ජනතාව රැස්කිරීමේ හැකියාවක් තිබීම සතපහකට සලකා නොබැලේ !! ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරුණු පළමු අවස්තාව එයයි. මට මතක හැටියට කුමාරතුංග මහතා කියා ඇති කරුණක් මදක් වෙනස් කර කියන්නේ නම් අද කාලයේ සුද්දන් ගේ ආණ්ඩුක්‍රම වයන පිරිස් යම් හෙයකින් එකල රජකාලයේ සිටියේ නම් අපේ හිස් ගසා දැමීමට රජුට කේලම් කියන්නේ මෙවැනි උන් බවට සැකයක් නැත.

මහින්ද ගේ සභාපතිකම යම් ලෙසකින් මෛත්‍රිපාල විසින් ලබාගන්නා ලදී. උගතුන් සද්ද නැත. උගතුන් සද්ද නැති වුව ද ජනතාව සද්ද කළහ. ජනතාව සද්දය වැඩි කරමින් යනවිට උගතුන්ගේ සද්දය ද පටන් ගැනිණි. විප්ලවය ආපසු නොහරවන ලෙස උගතුන් බෙරිහන් දෙනු අපට පෙනුනි. පැරදුනු පිලේ නායකත්වය ජයග්‍රාහකයා භාරගැනීම නුතන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ අංගයක් බව ද එම පරාජිතයන් පුනුරුත්තාපනය කිරීම උගතුන්ගේ කාර්යභාරයක් බව ද අපි එවෙලෙහි දැනගතිමු. ප්‍රභාකරන් පැරදුනු විගස මේ කාර්යය උතුරේදී අප කළා නම් කොපමණ පහසු වනවා ද ? මේ උගතුන් මෙන් අපට ප්‍රජාතන්ත්‍රවාදී ව සිතීමට නොහැකි ඇයි ?

ඊළඟට නාමයෝජනා ප්‍රශ්නය පැනනැගුණි. උගත් සංගම් විසින් මාධ්‍යහමු තබමින් මහින්දට නාමයෝජනා තබමින් මෛත්‍රී විප්ලවය පාවා දුන් බව කීමට පටන් ගැනුනි. එතකොට සන්ධානය මෛත්රිපාලගේ බුදලයක් ද ? උගතුන් තම හෙළුව මෙතරම් හොඳින් පෙන්නු අවස්තාවක් නැත. එක්තරා පක්ෂයක ජනතාව ලක්ෂ ගණනින් පාරට බැස ඉල්ලන නායකයා ට අඩු ගන්නේ නමයෝජනාවත් නොදීමට තරම් ඒකාධිපති වන ලෙස මේ උගතුන් මෛත්‍රීපාලට අණ කරයි. මේ එක කරුණ නිසා වුව ද මේ උගතුන් මින් පසු 'ප්‍ර ' යන්න කියන්න ආ විගස හොඳ ම කුණුහරුප වලින් සංග්‍රහ කිරීමට අපට අයිතිය ඇත.

මේ සියල්ලෙන් පෙනෙන තවත් දෙයක් ඇත. උගතුන් වැඩ කරවාගැනීමට අදහස් කරන්නේ ජනයාට ආමන්ත්‍රණය කිරීමෙන් නොව දේශපාලන කුමන්ත්‍රණ මගින් බව ය. මෛත්‍රිපාල ලවා මහින්ද ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරවීම මිස ජනතාව ලවා මහින්ද පරාජය කරවීම ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට අයත් නොවේ. උගතුන් ද උත්සහ කරන්නේ රාජ්‍ය බලය 'අල්ලා ගැනීමට' ය. අප ප්‍රජාතන්ත්‍රවාදීන් නොවීම ගැන සතුටු විය යුතු ය.

ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/01/2015

හෙළ උරුමයේ අවස්ථාවාදය

කතෘ:යුතුකම     7/01/2015   1 comment
ඊයේ පෙරේද රතන හිමියන් කියා තිබෙන්නේ මහින්ද චන්දය ඉල්ලීම නොව තමන්ගේ ප්‍රශ්නය වන්නේ මහින්ද චන්දය ඉල්ලන්නේ පැරණි හොරු තක්කඩින් වීම සමග වීම බවයි. එවැනි හොර තක්කඩින් සමග සන්ධානගත වීමට කිසිදු අපේක්ෂාවක් තමන්ට නැති බවත් කියා තිබේ. අප මෙය සැලකිය යුත්තේ මාස කිහිපයකට පෙර හෙළ උරුමයේ ක්‍රියාකාරීත්වය සමග ගෙන ය.

මහින්ද චන්දය පැරදුනු විගසම හෙළ උරුමය විසින් කලින් සැලසුම් කල පරිදි විමල් මහින්ද ඇතුළු අන් සියලු ජාතික බලවේග වලට එරෙහි ව දැවැන්ත ප්‍රහාරයක් ආරම්භ කරන ලදී. නලින් ද සිල්වා මහතා චම්පික ව සිංහල ප්‍රභාකරන් ලෙස හදුන්වන්නේ නිකම් නොවන බව අපට එවිට තේරුම් යාමට පටන් ගැනුනි. ප්‍රභාකරන් කලේද ඉතිරි සියලු දෙමල සංවිධාන නැත්තට නැතිකර දමා දෙමල ජනයා නියෝජනය කිරීමේ ඒකාධිකාරය තමන් අතට ආයුධ බලයෙන් ගැනීම ය. චම්පික මේ අවස්ථාවේ සිදු කිරීමට උත්සහ කලේ ද එයයි. එය ඔහු 2000 දී සිහල උරුමය පිහිටවූ අවස්ථාවේදී ද කිරීමට උත්සහ කලේ ය. එහිදී ඔහු ලියු සිහල අභියෝගය නම් පොතෙන් මේ බව හොදින් පැහැදිලි වේ. 80 දශකයේ රට වෙනුවෙන් වැඩ කල නලින් ද සිල්වා අමරසේකර වැනි ' හාන්සි පුටු ජාතික චින්තනවාදින්' ව සම්පුර්ණයෙන් පරාජය කර ඔවුන්ගේ ඉතුරු බිතුරු ද අතුගා දැමිය යුතු බව එම පොතේ ඔහු පැහැදිලි ව කියයි. එදා ද ඔහු වරද්දා ගත්තේ ය. චන්ද්‍රිකා ගේ 1994 - 2000 ෆෙඩරල් ව්‍යාපෘතියට එරෙහිව ගොඩනැගුනු සියලු ජාතික ව්‍යාපාර සිහල උරුමය යටතට පැමිණ ඇති බවට මෝහනයකට එළඹුණු ඔහු තම ප්‍රභාකරන ස්වරුපය එදා එසේ නොබිය ව එළිදැක්වූයේ සිහල උරුමය නොබෝ කලකින් රටේ බලය අල්ලා ගනු ඇති බවට නිගමනය කිරීමෙනි. චම්පික මහින්ද පරාජයෙන් පසු දෙවන වතාවටත් මෝහනයට පැමිණියේ ය. ඊනියා යහපාලන ආණ්ඩුව ෆෙඩරල් තවලමේ යනවිට තමන්ට ජාතික ව්‍යාපාරයේ වීරයා බවට පත්විය හැකි බවට නිගමනය කල ඔහු ඒ හරහා රටේ බලයට පත්වීමට තිබු ප්‍රධාන බාධකය ලෙස දැක්කේ ජාතික ව්‍යාපාරය එකතු කිරීමට සමත් අනෙක් පුද්ගලයන් හා ව්‍යාපාරයන් ය. ඒවා නැතිකිරීමට ඔහු ජනවාරි 9 වන දා ම වැඩ පටන් ගත්තේ ය. මෙවැනි හිවලෙකුට ට ජාතිය ගැන ඇති හැගීම කුමක් ද ?

ජනවාරි මුල් කාලයේ දී රතන හිමි කියන මේ හොර තක්කඩින් ගෙන් වැඩි පිරිසක් මෛත්‍රිපාල සරණ ගොස් සිටියේ ය. එවිට චම්පික මේ හොර තක්කඩින් බේරාගැනීමට ඉදිරියට පැමිණියේ ය. ඔහු කිවේ සියලු දේට වැරදිකාරයා මහින්ද රාජපක්ෂ බව ය. එහෙත් මහින්ද බලවේගය වටා ලංකාවේ ඓතිහාසික සිංහල ජාතික ප්‍රවාහය එකතු වී චම්පිකගේ මෝහනයට කෙළ විය. යම් හෙයකින් මෙය සිදු නොවිණි නම් චම්පික අදටත් මහින්ද යනු වැරදිකාරයා බවත් මන්ත්‍රීවරුන් පුස් පැටවුන් බවත් අඟවමින් මෛත්‍රිපාල සමග එකතු වී මේ 'හොර තක්කඩියන්' සමග එකට චන්දය ඉල්ලීමට ඉඩ තිබිණි. එදාට රතන හිමිට ද මේ මන්ත්‍රීවරුන් 'හොර තක්කඩියන්' නොවීමට තිබිණි. අද නැවතත් තමන්ගේ ප්‍රශ්නය මහින්ද නොව මහින්ද වටේ සිටින 'හොර තක්කඩියන් ' බව කීමෙන් හෙළි වන්නේ මේ පිරිසගේ අවස්ථාවාදී දේශපාලනයයි. එසේ කියන්නේ අද මහින්ද වටේ සිටින ජනතාව තරහ කරගැනීමට නොහැකි නිසා ය. ජනවාරි 9 වෙනි ද සිට ජාතියේ මහා වීරයා මෙන් හැසිරීමට උත්සහ කර සියලු ජාතික ව්‍යපාර විනාශ කිරීමට චම්පික භාරගත් කොන්ත්‍රාත්තුව ඉටු විනි නම් අද සිංහල ප්‍රභාකරන් බිහි වී අවසන් ය.

සිංහල ප්‍රභාකරන් යනු විජාතික බලවේග මෙන් ම සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආදී වචන වලින් දමාගසන අන්තිම අවස්ථාවාදී නරුමයෙකු පමණි. අපට විමුක්තිය ලැබෙන්නේ මෙවන් හිතක් පපුවක් නැති නරුමයන් සමග නම් විමුක්තිය වෙනුවට පොළොවෙන් වඳ වී යාම සැප ය. මේ පිරිස ලක්ෂ පනස් අටකගේ නායකත්වය නැතිකර දැමීමට කල හැකි හැම දෙය ම කලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මතුරමිනි. උන්ගේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදය හදවතේ නැත. අනික් සමාජ ප්‍රවාහ වලට දේශපාලනය කිරීමට ඇති අයිතිය හදවතින් පිළිගන්නා එකෙකුවත් මෙවැනි අසමජ්ජාති වැඩවලට සම්බන්ධ වන්නේ නැත. ඔවුන් කිරීමට උත්සහ කලේ දේශපාලන සමුලඝතනයකි. මොවුන්ව චන්දයෙන් සමුලඝාතනය කිරීම අපේ යුතුකම වේ.

-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

4/28/2015

කුරගල බොදුබලය මහින්ද මෛත්‍රිපාල හා මුස්ලිම් අන්තවාදය.

කතෘ:යුතුකම     4/28/2015   No comments
බොදු බල සේනාව , සිංහල බෞධ්ධයා වෙබ් අඩවිය , නිරාගමික ඓහික අඩවි සමුහය, මහින්ද විරෝධී ඊනියා ජාතික සමගිවාදින්, මහින්ද විරෝධී මුස්ලිම් විරෝධීන්, මහින්දවාදී මුස්ලිම් විරෝධීන් මහින්ද සමයේ එකිනෙකා ප්‍රතිපෝෂණය කරගනිමින් ක්‍රියාත්මක වුයේ කුමන්ත්‍රණකාරී ක්‍රියා මගකින් බව මම කිසිසේත් නොකියමි. ඒ තුල කුමන්ත්‍රණකරුවන් ක්‍රියාත්මක වී තිබෙන බව පැහැදිලි නමුත් සමස්ත ක්‍රියාදාමයන් එකිනෙකා ප්‍රතිපෝෂණය කිරීම කුමන්ත්‍රණකාරී ව සිදුවූවක් නොවෙයි. ඒ ප්‍රතිපෝෂණය තුල ඇතිවූ සියලුම වර්ගවල පෙළඹවීම් මහින්ද එළවීම සඳහා ඉතා සාර්ථක ව යෙදී ඇත. මේ පිලිබඳ ව ආචාර්ය උපාධියක් කල හැකි යයි සිතමි. ආචාර්ය උපාධිය ලැබුනත් නැතත් මේ ගැන අධ්‍යයනය කිරීම රටට හිතකර ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් හැකි සියලුදෙනා සොයා බැලිය යුතු ය. රාවනා බලකාය යනාදිය ද අවසානයේ අපටවත් රටටවත් කරන්නේ හොඳක් නොවෙයි. සිංහ කොඩියේ තීරු තිබීම නැතිවීම ගැන මගේ ලොකු ප්‍රශ්නයක් නැත. තීරු නැති තරමට හොඳ ය. එහෙත් රාවනා බලකායේ සිංහ කොඩියේ තිබෙන තීරු ප්‍රමාණය මට ප්‍රශ්නයකි. ඔවුන්ගේ අරමුණ අප තේරුම් ගත යුත්තේ 2004 හෙළ උරුම ප්‍රපංචය සහ 2012 බොදුබල සෙන ප්‍රපංචය සමග ය. මේවා නැතිභංග වී යාම අත්‍යවශ්‍ය වේ. මේවා තිබීමෙන් දැන් නම් මහින්දට අවාසියක් නැත. ඊට හේතුව මේවා ටික එකතු වී සියලුම මුස්ලිම් චන්ද මහින්දගෙන් උදුරා ගෙන තිබෙන නිසා ය. දැන් ඔවුන්ට උදුරා ගැනීමට දෙයක් නැත. දැන් මහින්දට සිංහල චන්ද අවශ්‍ය තරම් තිබෙයි. මේවයින් මහින්දට දේශපාලන හානිය සිදුවන්නේ මහින්ද නැවත බලයට පැමිණි විට ය.

මේ කතාකරන්නේ මුස්ලිම් අන්තවාදීන් ගැන ය. කුරගල පල්ලිය ඉවත් කර ඇතැයි කියවේ. මින් කියවෙන්නේ කුමක් ද? කුරගල ඉවත්කිරීමට මුස්ලිම් අන්තවාදීන් එක්වරම එකඟ වුයේ ඇයි ? දැන් ඔවුන් අන්තවාදයෙන් මිදී ඇත් ද? එකල මෙය වරදක් බව නොතේරුනි ද? මුස්ලිම් අන්තවාදයේ ද අප සිතනවාට වඩා මහින්ද විරෝධී දේශපාලන සංරචකයක් තිබෙන බව මේ වන විට පෙනෙයි. මුස්ලිම් අන්තවාදයකට එවැනි දේශපාලන සංරචකයක් ඇතුල් කල හැක්කේ නම් පැහැදිලි සැලසුමකින් පමණි. අප අයිසිස් අන්තවාදයට හෝ කුරාන අන්තවාදයට නොව මහින්ද විරෝධී මුස්ලිම් අන්තවාදයට දේශ[පාලනික පිළිතුරු ලබාදිය යුතු ය. සිංහල බෞද්ධයන් තුල කුරාණ විරෝධයක් ඇතිකිරීම එය ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාවක් කිරීම මහින්ද විරෝධීන විසින් වක්‍ර ව මෙහයවන මුස්ලිම් අන්තවාදයක කොටසක් වීමට බොහෝ ඉඩ ඇත. කුරානයේ තිබෙන දේවල් අපට වැඩක් නැත. අපි අපේ සිංහල ක්‍රමයට ජිවත් විය යුතු ය. අනුන්ගේ ආගම් වල ඇදකුද සෙවිය යුත්තේ ඒවා අප මත බලෙන් පටවන්නේ නම් පමණි. මුස්ලිම් ආගම අප මත බලෙන් පටවන්නේ නැත. ඒ නිසා අපට ඒවා වැඩක් නැත. ඒ නිසා අප කල යුත්තේ මුස්ලිම් ජාතිවාදී දේශපාලනයට විරුද්ද ව කටයුතු කිරීම පමණි.
 
-ශිරන්ත චාමර 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

4/24/2015

මෛත්‍රිපාලගේ කතාවේ හිස්තැන් පිරවීම.

කතෘ:යුතුකම     4/24/2015   No comments
මෛත්‍රිපාල මහතාගේ කතාව ලියා දුන් කතාවකි. ඔහුට විප්ලවය - ප්‍රතිවිප්ලවය වැනි දේවල් එන්නේ ලියා දුන් කතාවෙනි. එහි තිබෙන්නේ ඔහුගේ අදහස් නොවෙයි. මහින්දගේ කතා වල අවසානයේ තිබෙන්නේ මහින්දගේ අදහස් ය. ජනාධිපතිවරණයට පෙර සිට ම අප පැවසූයේ මෛත්‍රිපාලගේ ප්‍රධාන ප්‍රශ්නය ඔහුට අදහස් නොමැති වීම බවයි. මයිත්‍රිපාල නායකයකු නොවන්නේ ඔහුට අදහස් නැති නිසා ය. එක එක අවස්ථාවල එක එක අයගේ අදහස් වෙනුවෙන් කුලියට කහින නිසා ය. එසේ කුලියට කැහිමෙන් තොර ව ඔහුට ජනාධිපති තනතුරක වැඩ බැලීමට කිසිදු හැකියාවක් ද නැත. (මෙහි කුලිය යනු ඔහුගේ හීනමානය ජනාධිපති තනතුර හරහා පුරවා ගැනීමට ලැබෙන අවස්තාව ය. ) ඒ මිසෙක ඇඟපත පණ නැතිවීමක් ගැන ප්‍රශ්නයක් නොවෙයි.

හිස්තැන් පිරවීම පටන් ගමු.

ඔහු බලය අත්හැරීමක් ගැන කතා කලේ ය. ඔහු අප තේරුම් ගත යුත්තේ දේශපාලකයෙකු වශයෙන් නොවෙයි. ඔහු අප හදුනාගත යුත්තේ තම හීනමානය නැතිකරගැනීමට ජනපති තනතුර භාවිතා කරන්නෙකු ලෙස ය. දේශපාලකයාගේ සහජ ස්වභාවය බලය තබා ගැනීම ය. මම කියන්නේ එසේ නොවන දෑ හිතකාමී දේශපාලකයන් නොමැති බව නොවෙයි. එහෙත් කලකදී මහින්දට වන්දිභට්ටකම් කර ඉන්පසු ජනපති අපේක්ෂකකම දුන් විගස පැදුරට නොකියා මාරුවුවෙකු පිලිබඳ ව අප තේරුම් ගත යුත්තේ හිනමානියකු ලෙස මිස දෑ හිතකාමී ඒබ්‍රහම් ලින්කන් කෙනෙකු ලෙස ද? අනෙක් අතට බලයට ඔතරම් ආසා නැතිනම් ශ්‍රී ල නි ප යේ බලය ගත්තේ ඇයි ? මේ දේවල් පැහැදිලි ය. චන්ද්‍රිකා ගන්න කියන විට ගනී. රනිල් දෙන්න කියන විට දෙයි. ඒ නිවටකමේත් අදහස් නැතිකමේත් ප්‍රතිපලයන් ය. මින් එහා ඒබ්‍රහම් ලින්කන් කෙනෙක් අපට මෙහි පෙනේ ද?

ඒබ්‍රහම් ලින්කන් ගැන මතක් වුයේ මෛත්‍රිපාල ලින්කන් හා වහලුන් ගැන කතා කල නිසා ය. ඔහු ගැන ජනපතිවරණ සමයේ මවන ලද ප්‍රතිරූපය කවුරුන් නැතත් ඔහු විශ්වාස කරන බව නම් පෙනෙයි. ඔහු මෙ රටට බිහි ව ඇත්තේ මහින්දගේ වහලුන් මහින්දගෙන් මුදවා දීමට ය. ආ ..........ප්‍රජාතන්තරවාදය !!!!!!!! ඒ සදහා ඔහු මුලින්ම 58 ලක්ෂයකගේ දේශපාලන අයිතිවාසිකම් නැත්තට නැතිකර දමයි. එවිට මේ කාලකන්නි වහලුන් තමන්ට වහල්කමේ ම ඉන්නට අවශ්‍ය ලෙසට ගෝරනාඩු කරයි...ආආආ...........ප්‍රතිගාමිත්වයක තරම්!!!!!!!!!!!!

ඉහත උදාහරණය නිරුපනය කරන්නේ එක්තරා ප්‍රචාරණ උපක්‍රමයකි. මෙය පහුගිය මහින්ද පාලනයට එරෙහිව බෙහෙවින් භාවිතා විය. මහින්ද නැවත බලයට ගෙන එම වහල්කමක් වැනි අප සියලු දෙනා විරුද්ධ වන දෙයක් වෙනුවෙන් පෙනී සිටිමකට සමාන කෙරෙයි. ඒ අනුව රනිල් මහින්ද බෙදීම යනු පෙරටුගාමිත්වය හා ප්‍රතිගාමීත්වය ලෙස බෙදීමක් මිස දේශපාලන අදහස් ප්‍රමුඛතා මත වන බෙදීමක් නොවෙයි !!! රනිල් - මහින්ද හා ලෝක දේශපාලනය හා වත්මන් ලංකා දේශපාලන තත්වය ආදී කිසිවක් මෙහි දී වැඩක් නැත. මහින්ද වෙනුවෙන් දේශපාලනය කිරීම යනු නියත ප්‍රතිගාමිත්වයකි.!!! ආ........ ප්‍රජාතන්තරවාදය !!!!!!

වහල්කමේ කතාව ද එයයි. මෛත්‍රීපාලට නම් වහල්කම ඉතා ආස්වාදජනක බව අපට පෙනේ. අපට එසේ නොවෙයි. මහින්ද පාලනයේදී අපේ දේශපාලනය ද මහින්දට කඩේ යාමට ලඝු වූ බව අපි පිළිගනිමු. එහෙත් ඒ මෛත්‍රිපාල මෙන් වහල්කම ආස්වාදනය කිරීමට නොවෙයි. වහල්කම ආස්වාදනය නොකරන වහලා කවදා හෝ වහල්කමින් මිදෙයි. එය ආස්වාදනය කරන්නා අතින් අතට මාරු වෙයි.

මෛත්‍රිපාල මේ රටට ප්‍රජාතන්තරවාදය දුන් බව කියයි. මේ ප්‍රජාතන්තරවාදය අප ද අනුගමනය කල යුතු යයි මම සිතමි. ආණ්ඩු බලය අත්පත්කරගත් විගස අලුත් අගවිනිසුරා හු කියා පන්නා දැමිය යුතු ය. අවශ්‍ය නම් පියවරක් ඉදිරියට ගොස් මෛත්රිපාලව ද හු කියා එලවිය යුතු ය. රනිල් ව පක්ෂ නායකත්වයෙන් ඉවත් කර දයාසිරි ව පත්කළ යුතු ය. සියලු මාධ්‍ය අත්පත් කරගත යුතු ය . (සිරසට ඉඩ දෙමු - මොකද දෙරණට ඉඩ දීල තියෙනවනේ ) . රනිල්ගේ ගෝලබාලයන් පමණක් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කල යුතු ය. මේ මොනවා කරන අතරෙත් එක දෙයක් අමතක නොකළ යුතු ය. මේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බව නිතර නිතර මැතිරිය යුතු ය. මේවට විරුද්ධ වන්නන් යහපාලනයට විරුද්ධ වන්නන් බවට හංවඩු ගැසිය යුතු ය. මාධ්‍ය නිදහස ලබාදුන් බව නිතර කිව යුතු ය. එමෙන්ම රාජ්‍ය මාධ්‍ය තම ස්වාධින බව නිතර කිව යුතු ය. මැතිරිය යුතු ය.

විදේශ ප්‍රතිපත්තිය ගැන ඔහුට විරුද්ධව කීමට මට කිසිවක් ඉතිරි වී නැත. ඔහුට විරුද්ධ ව කීමට ඇති දේ ඔහු ම කියාගත්තේ ය. ඔහු වන්නකු ට නොතේරුනාට ලෝක දේශපාලනය ම බල අරගලයක් මිස වෙනත් දෙයක් නොවන බව හැම එකා ම දනි. නොබැදි ප්‍රතිපත්තියක් තබා ගත හැක්කේ දඹානේ වැද්දන් මෙන් ජිවත් වීමෙන් පමණි. යුධ අපරාධ චෝදනා කල්දමිම වැනි දේ මෛත්‍රිපාල සිතන්නේ ඔහුගේ ප්‍රජාතන්ත්රිකත්වයට ලැබුණු ත්‍යාගයක් ලෙස ය. ඔහු එලෙස සිතාගැනීමට ආශා කරන බව පෙනෙයි. අපේ ජනපති මෙවන්නෙකි.

දේශීය ආහාර ගැන ද ඔහු යමක් කිවේ ය. මේ රටේ තුන් වේල බත් කෑමට නාගරික ජනයා පුරුදු කලේ කුමන ආණ්ඩුව ද? සහල් මාෆියාවට එරෙහිව හාල් වලට පාලන මිලක් නියම කල විට හර්ෂ ද සීල ගේ සිට ටිල්වින් සිල්වා තෙක් උන් ඉල්ලුම සැපයුම න්‍යාය මතක් කල හ. එහෙත් සහල් පහුගිය වසර කිහිපයේ ම සෑහෙන ස්ථාවර විය. පාන් මිල වැඩි කිරීමට විරුද්ධ වුයේ කවු ද? මහින්ද ද? නැත්නම් රනිල් ද? මෙහි වැදගත් දෙයක් ඇත. පාන් වෙනුවට බත් මතය දේශපාලනිකව මතයක් ලෙස ම ජයගෙන ඇත. පාන් වලට ආණ්ඩු පෙරලීමට හැකි යුගය පාන් අඩු කිරීම දේශපාලන පොරොන්දුවක් වන යුගය දැන් නැත. (එවැන්නක් තිබුණු බව මතක නැති අය ද ඇතැයි සිතමි. ) මේ ආණ්ඩුව පාන් මිල අඩු කර දේශීය අහාර පරිභෝජනය ගැන කතාකරයි. මේ ගැන අපි පුදුම විය යුතු නැත. ලක්ෂ 58 කගේ දේශපාලන නායකත්වය හිමිව තිබු පක්ෂය කොල්ල කා ප්‍රජාතන්ත්‍රවාදය ගැන බෙරිහන් දෙන ආණ්ඩුවකින් මිට වඩා දෙයක් බලාපොරොත්තු නොවිය යුතු ය.

ඉතා ම වැදගත් කරුණ කියවුනේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙනි. ඊට අලුත් වැඩපිළිවෙලක් සකසන ලෙස මෛත්‍රිපාල උපදෙස් දී ඇති බව ඔහු කියයි. මෙන්න වැන්දා !!! තිබ්බ එක සැහෙන හොඳයි.

-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

---------------------------------------------
"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama
ෆේබුක් පිටුවට Like  කර එකතු වන්න "
--------------------------------------------- 

3/10/2015

ජාතිය යනු කුමක් ද?

කතෘ:යුතුකම     3/10/2015   1 comment

මේ ලිපි මාලාවේ පෙර ලිපිය මෙතනින් : ජාති[ක]වාදය    
අද එතැන් සිට...

ජාතිය යනු කුමක් ද?

මෙම ලිපි පෙළෙහි සිංහල ජාතිවාදය යන්න sinhala nationalism ලෙසත් ශ්‍රී ලාංකික ජාතිවාදය යන්න sri lankan nationalism යන්න ලෙසත් නම් කර ඇත. ඊට හේතුව nationalism යන බටහිර සංකල්පය සත්‍ය වශයෙන්ම ජාතිවාදී වර්ගවාදී නිසා ය. සෛධ්ධන්තිකව මෙන් ම ප්‍රායෝගික ව ද එය එසේ ය. එහිදී වර්ගය ලෙස සම්මත ජනවර්ගයක් හෝ ඒ වෙනුවට ජාතික රාජ්‍යයේ පුරවැසිභාවය මත තීරණය වන කෘතීම පුරවැසි කුලකයක් වර්ගය ලෙස ගත්තද ඒ දෙකම වර්ගවාදී වෙයි. ඊට හේතුව වන්නේ මෙම මිනිස් කුලකය ලෝකය තුල තම අභිවෘද්ධිය උදෙසා ලෝකය සමග ස්වකෙන්ද්‍රිය මානසිකත්වයකින් තරගයක නියැලීම ය. ඇමරිකානු ජාතිකවාදය ජාතිවාදයක් වන්නේ එහි කල්ලන්ට සිදුවන අසාධාරණයක් නිසා නොව ඇමරිකන් ජාතික (වාර්ගික - ඇමරිකන් පුරවැසි වර්ගය ) අභිලාශ වෙනුවෙන් ලෝකය විනාශ කිරීමට ඇමරිකන් දේශපාලනය දක්වන නොපසුබට බව නිසා ය. අප හඳුනාගන්නා බයි සිංහල ජාතිකත්වය තුල බිහිවන ජාතිකවාදයන් nationalisms නොවෙයි. මෙම ලිපි පෙළ තුල එය විස්තර කෙරෙනු ඇත. පසුගිය ලිපියේ යෙදුනු අර්ථදැක්වීම් තවදුරටත් යොදා ගමු.

මුලින්ම අප පසුගිය ලිපියේදී ජාතිකවාදය මිස ජාතිකත්වය හෝ ජාතිය ගැන කතා කලේ නැත. ජාතිකවාදය වුවද හඳුනාගැනීමක් පමණක් කළෙමු. 'ජාතිය' යන වියුක්ත සංකල්පය ලංකාව වැනි රටවල් වල ඇතිවන්නේ nation යන බටහිර සංකල්පය අනුකරනයෙනි. එහෙත් එයින් කියවෙන්නේ nation යනුවෙන් හැදින්විය හැකි ජාතියක් ලංකාවේ හෝ වෙනත් රටක සිට නොමැති බව නොවෙයි. සිංහල සාහිත්‍ය ඉතිහාසය පුරාම ඇත්තේ සිංහල ජාතියේ කතාවයි. ජනකතා වල ද ඇත්තේ එයයි. ඉන්දියාවේ නම් ජාතියක් නොවී ය. ඉන්දියන් ජාතිය 20 වන සියවසෙහිදී නිර්මාණය කෙරුණකි. සිංහල යනුවෙන් ජාතියක් තිබුනේ යයි අප කියන්නේ nation යන සංකල්පය යුරෝපිය සන්ධර්භයෙන් පෙරා ඉවත් කර මෙරට තුලට ආදේශ කර බැලීමෙනි. ආදේශ කලවිට ගැලපෙන බැවින් අපි සිංහල ජාතිය යයි කියමු. එසේ කියන්නේ කුමන කාරණා මතදැයි සරල ව හදුනා ගමු. ඒ ගමන්ම සිංහල ජාතියේ හා යුරෝපිය ජාතින් හි ජාතික හැගීම තුල ඇති වෙනස වටහා ගමු. (කෙසේ වෙතත් ජාතිය යන්න භාවිතා කල යුත්තේ යම් ජනකොටසක් ජාතියක් ද නැද්ද යන ප්‍රශ්නයට පිළිතුර ඔව් හෝ නැත යන්න ට සිමා නොවන ලෙස ය. nation යන්නට වඩා ජාතිය යන්න පුළුල් අර්ථයකින් යෙදිය යුතුය. එය පසුව සලකා බලාමු. )

ජාතියක් (nation) ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ යම් නිශ්චිත භුමි ප්‍රදේශයක දේශපාලන ස්වෛරීභාවය ජනකොටසක් ලෙස එක්ව ක්‍රියාත්මක කරන ජනකොටසකි. මෙය වුවද පුර්ණ ව සාර්ථක අර්ථදක්වීමක් නොවෙයි. දේශපාලන ස්වෛරීභාවය ලෝකයේ කිසිදු රාජ්‍යයක මුළු ජන සමුහයේ ඒකමතිකත්වයෙන් හෝ අඩු ගන්නේ පුර්ණ සහභාගිත්වයෙන් හෝ ක්‍රියාත්මක වී නැත. අප චන්දය දීමෙන් පසු සිදු වන්නේ අප සියල්ලන් කැමති දෙය නොවෙයි. අනෙක් අතට ඇමරිකාව වැනි රටවල චන්දය දෙන්නෙම 50 % ක් පමණි. මේ නිසා අප මිට වඩා මෙම සංකල්පය දියාරු කරගමු. ජාතියක් ලෙස අප හදුනාගත යුත්තේ ලෝකයේ එක්තරා භුමි ප්‍රදේශයක් තම පොදු දේශපාලන සංස්කෘතික සාමාජිය අවශ්‍යතා ඉටුකරගැනීම සදහා වෙන් කරගෙන සිටින සහ එම භුමියේ අධිකාරි බලය තමන් සතුව පවතින්නේ යයි පොදුවේ සිතන සහ එම අධිකාරි බලය සත්‍ය වශයෙන්ම දිගින් දිගට පවත්වා ගෙන යන ජනකොටසකි. තම දේශපාලනික සමාජීය අවශ්‍යතා ක්‍රියාත්මක කරගැනීම සදහා ඔවුන් එකඟ වී ඇති ක්‍රමවේදයන් ඇතැම් විට මහාසම්මතයකින් පැන නැගුනක් හෝ බලෙන් පටවන ලද්දක් හෝ එම ජනසමාජය තුල මතවාදී හෝ දේශපාලන ආධිපත්‍ය දරන කොටසක් විසින් පනවනු ලබා අනෙක් කොටස් විසින් ක්‍රමයෙන් කාලයත් සමග එකගවනු ලැබුවක් විය හැක. ජාතියක් ද නැද්ද යන්න නිර්ණය කිරීමේදී ඒවා වැදගත් නොවෙයි. වැදගත් වන්නේ භුමිය හා ජනවර්ගය සම්බන්ධයෙන් මානසිකව ඇතිකරගන්නා වුත් පොළොවේදී ක්‍රියාත්මක වන්නා වුත් එකට එක සම්බන්ධතාවයි. මිට අනුව කරුණු සලකා බලන විට යුරෝපිය ජනයා ජාතින් ලෙස වෙන්වන්නේ සියවස් කිහිපයක විකාශයක් 18 වැනි සියවස්වලදී පමණ පුර්ණ වීමෙනි. සිංහල ජනයා ජාතියක් බවට පත්වීම පණ්ඩුකාභය යුගයේදී පමණ ඇරබුනු බව උපකල්පනය කල හැකි ක්‍රියාවලියක් ගැමුණු රජුගේ ප්‍රබල දායකත්වයකින් පසු මහාවංසයේ මතවාදී දායකත්වය හරහා විජයබාහු රජුගේ කාලය පමණ වන විට සම්පුර්ණ වී ඇති බව පෙනෙයි. අපි ඉදිරියේදී අපේ නැණ පමණින් විමසන්නට උත්සහ කරන්නේ මෙසේ ඇරඹි එන බයි සිංහල ජාතිකත්වයේ විකාශයයි.

මීළඟ ලිපියේ මෙය විස්තර කිරීමට පෙර කරුණු දෙකක් කතාවට ගමු. පළමුවැන්න වන්නේ ජාතියක් බවට පත්වීමේ අභිලාශය ඇතිව ඒ සදහා භූමියක්ද මානසිකව තෝරාගෙන සිටින එහෙත් එහි අධිකාරය දැරීමේ වරම අහිමි ව සිටින ජනකොටසක් ජාතියක් ද යන්නයි. අප කතා කරන්නේ ලංකාවේ මෑත කාලින උතුරු දෙමල ජනයාගේ අභිලාශය ගැන බව පැහැදිලි විය යුතු ය. අර්ථ දැක්වීමට අනුව නම් ඔවුන් ජාතියක් නොවෙයි. ඉන් අප පවසන්නේ ඔවුන්ට දැන් ජාතියක් නොවන නිසා කවරදාකවත් ජාතියක් නොවිය යුතු බව නොවෙයි . එහෙත් ඔවුන් ජාතියක් ලෙස නොව ජාතියක් බවට පත්වීමේ අභිලාශය සහිත වාර්ගික ප්‍රජාවක් ලෙස හදුනාගත යුතු ය. උතුර සම්බන්ධ ඔවුන්ගේ මෙම අභිලාශය ලෝක සන්ධර්භය තුල සාධාරණ ද නැද්ද යන්න වෙනත් ලිපියක සලකා බලමු. එමෙන්ම ඔවුන්ගේ මෙම වාර්ගික අභිලාශය සමස්ත ලෝක දෙමල ප්‍රජාවගේ වාර්ගික අභිලාශය සමග බැඳී ඇති බව ද මතක් කල යුතු ය.

දෙවන ප්‍රශ්නය නම් 20 වන සියවසේදී අනගාරික ධර්මපාලතුමා වෙනමත් උගත් ලාංකිකයින් පිරිසක් වෙනමත් උගත් ලංකික දෙමල නායකයින් පිරිසක් විසින් වෙනමත් ඇතිකිරීමට උත්සහ කලේ මොනවාද යන්නයි. මේ තුන් පිරිසම යුරෝපිය ජාතිය (nation) යන සංකල්පය අනුකරණය කළහ. අනගාරික ධර්මපාල තුමා මේ nation යන සංකල්පය තුල සිංහල ඓතිහාසික ජාතිය ගැලපුවේ ය. එහෙත් සිංහල ඓතිහාසික ජාතිය යුරෝපිය ජාතිය යන්න සමග ගැලපෙන්නේ නැත. එසේ ගැලපීම සඳහා ජාතිය යන සංකල්පය යම් මට්ටමකට යුරෝපියත්වයෙන් මුදාගෙන තේරුම් ගත යුතුය. ඇත්තෙන්ම ඒ මහතා සිංහල ජාතිය යුරෝපිය ආකාරයේ ජාතියක් බවට පත්කිරීමට උත්සහ කළේය. එතුමාගේ ජාතිකවාදය ඒ පිණිස විය. සුද්දන් යටතේ සිටි සිංහලයන්ට ඒ මහතාගේ සිංහල කැක්කුම සහ පෞරුෂවත් සිංහල රාජ ලීලාව ආකර්ශනීය වන්නට ඇතත් ගැමි සිංහලයන්ට ඒ මහතාගේ නව ජාතිකවාදී අදහස් ගැලපුනේ නැත. එතුමාගේ නව ජාතිකවාදී අදහස් ගැලපුනේ සුද්දන් විසින් යුරෝපිය දැනුම ආකල්ප යම් මට්ටමකට ලබා දී තිබු නගරයේ සිංහල ජනයාට ය. පසුව මෙම නාගරික සිංහල ජාතිකවාදී ප්‍රවාහය දිශා කිහිපයකට ගමන් කර තිබේ. ඊනියා ජාතිකවාදී ඕල්කට් බෞද්ධයන්, සෝම හාමුදුරුවන් සහ උන්වහන්සේගේ අනුගාමිකයන්, හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය තුල වැඩි වශයෙන් හා නිදහස් පක්ෂය තුල අඩුවෙන් තිබෙන නාගරික සිංහල ජාතිවාදී ප්‍රවාහ ආදී මේ සියල්ල අයත් වන්නේ මේ ප්‍රවාහයටයි.

ඊළගට ශ්‍රී ලංකා ජාතිකත්වයක් ගැන කතා කල පිරිසට අවශ්‍ය වුයේ ජාතිය අලුතින් ම යුරෝපයේ මෙන් නිර්මාණය කිරීමට ය. දැනටමත් ලංකාව සම්බන්ධයෙන් සිංහල ජාතික හැගීමක් තිබෙන විටෙක මෙය අසාර්ථක වීම ගැන පුදුම විය යුතු නැත. ශ්‍රී ලංකා ජාතියක් නිර්මාණය කිරීමට ඉඩ දෙන්නේ නැති බව කියමින් සිංහලයන් ජාතිවාදී බව කියමින් පතුරු ගසන්නො මෙය තේරුම් ගත යුතුය. මෙය සංවේදී ප්‍රශ්නයකි. දෙමල නායකයන්ට දෙමල ජාතිකවාදයක් තිබුනේ නැතැයි කීම වඩා සුදුසුය. ඔවුන්ට තුබුණේ ප්‍රභූ වර්ගිකත්වයකි. එම ප්‍රභූ වාර්ගිකත්වය දෙමල ජාතිකවාදයක් දක්වා පුළුල් කිරීමේ අවශ්‍යතාව පැන නැගුනේ සර්වජනචන්ද බලයෙන් පසුව දෙමල ප්‍රභූ වර්ගයට බලය රැකගැනීමට ය. එය අවසන් වුයේ දෙමල ජාතිවාදය බිහි කරමිනි. කෙසේ වෙතත් මේ අවශ්‍යතාවයෙන් ස්වායත්ත දෙමල ජාතිවාදී කතිකාවක් ද තිබුණු බව ද පිළිගත යුතුය. එය දෙමල ප්‍රභූන් විසින් දකුණු ඉන්දීය දෙමල සංස්කෘතික ව්‍යාපාර සමග අතිනත ගනිමින් මෙහෙයවුවකි.


නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය 
www.yuthukama.com

2/09/2015

මොකක්ද මේ ජාතිකවාදය සහ ජාතිවාදය ?

කතෘ:යුතුකම     2/09/2015   2 comments

(බයි ) සිංහල- ශ්‍රී ලාංකික ජාතිකවාදය, (බයි -ටොයි) සිංහල ජාතිවාදය සහ (ටොයි) ශ්‍රී ලාංකික ජාතිවාදය - 1
(sinhala - sri lankan 'jaathikavaadaya', sinhala nationalism and sri lankan nationalism -1)

 
1. ජාති[ක]වාදය

ඇතැම් දෙනා ජාතිවාදය හා ජාතිකවාදය යන දෙක එකවර නිරුපනය කිරීමට ඉහත ලෙස ජාති[ක]වාදය ලෙස යෙදීම සිදු කරන බව පෙනී ගොස් ඇත. මෙහි අරමුණ ජාතිකවාදය යනු ජාතිවාදයම බවත් එය වෙනස් වන්නේ නම් ඒ ජාතිකවාදය ඇති කරගෙන ඇති ව්‍යාජ ප්‍රබුද්ධත්වය නිසා බවත් පෙන්වීම ය. හුදෙක් භාෂා දැනුම පමණක් භාවිතා කළහොත් ජාතිවාදය හා ජාතිකවාදය ලෙස වචන දෙකක් භාවිතා කිරීම විකාරයකි. nationalism යන්න ජාතිවාදය ලෙස නම් කලත් ජාතිකවාදය ලෙස නම් කලත් ඉන් අවුලක් පැන නොනැගිය යුතු ය. (කෙසේ වෙතත් අප නුතන ධනවාදී nationalism යන්න ද දැකිය යුත්තේ වර්ගවාදයක් ලෙස ය. අපි වර්ගවාදී නොවන ජාතිකවාදයක් (nationalism නොවේ ) ඇදහිය යුතු ය. මෙම ජාතිකවාදය අපට අපේ ඉතිහාසයෙන් හා සංස්කෘතියෙන් මතු කරගත හැක. ) කෙසේ වෙතත් ප්‍රශ්නයක් ඇතිව තිබීමට හේතුව වන්නේ 'ජාතිවාදය' යන නම කී විගස අපේ මනසට නැගෙන්නේ වර්ගවාදී මෙන්ම පරපීඩක වූ චිත්‍රයක් වීම ය. ඊට හේතුව ජාතිවාදය යන්න කාලයක් පුරා racism යන්න හැදින්වීමට යොදාගෙන තිබීම ය. මේ නිසා ජාතිකවාදයට සැලකිය යුතු හානියක් කල හැක.


මින් ගැලවීමට 'ජාතිකවාදය' වෙනුවට වෙනත් වචනයක් යෙදීම කල නොහැක. කල යුත්තේ කවුරුන් කුමන ආකාරයෙන් හෑල්ලු කලත් 'ජාතිකවාදය' යන වචනය
ප්‍රබල ව හා අතොරක් නැතුව භාවිතා කිරීම ය. ඒ සමග ම බටහිර අදහස් පුනුරුච්චාරණය කරමින් (එහි නෛසර්ගික වරදක් නැත. එහෙත් සමාජ ප්‍රශ්න සඳහා අවශ්‍ය සංකල්ප ඒ සමාජය තුලින් නිපදවීම වඩා සාර්ථක ය. ඒ සඳහා බටහිර අදහස් වලින් ඉගෙන ගත යුතු දේ ඉගෙන ගත යුතුය. ) racism හා nationalism යන සංකල්ප වලින් නොව අපට ලෝකය පෙනෙන ලෙස අවංකව වර්ගීකරණ සංකල්ප නිපදවිය යුතු ය. ජාතිකවාදය තේරුම් ගැනීම පසෙකට තබා ජාතිකවාදයන් අතරින් වර්ගවාදී ජාතිකවාදයන් ජාතිවාදයන් ලෙස හදුන්වමු. එක්තරා ආකාරයකට ගත කල වර්ගවාදය සමග එකතු වූ ජාතිකවාදයන් ජාතිවාදයන් බවට පත්වේ යයි කිව හැක. මෙම ලිපි පෙළෙහි මාතෘකාව ලියවී ඇත්තේ ඒ අදහසිනි.

මුලින් ම වර්ගවාදය ලෙස අප හදුනාගන්නේ කුමක් ද? එක්තරා සීමිත මිනිස් කොටසක් කේන්ද්‍ර කරගෙන අනෙක් කොටස් නොසලකා හැර හුදෙක් තමන් අයත් කොටසේ උන්නතිය ම පමණක් බලාපොරොත්තු වෙමින් ක්‍රියාත්මක වීම සහ ඒ ක්‍රියාත්මක වීමේදී අනෙකුන්ට සිදුවන අසාධාරණයන් නොතකා හැරීම අපි දැනට වර්ගවාදය ලෙස හදුනාගමු. වැදගත්ම දේ තමයි වර්ගවාදය වුනත් ඍජුවම පරපීඩක හෝ ස්වෝත්තමවාදී මානසිකත්වයකින් ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. උදාහරණයකට රවුෆ් හකීම් වරායට මුස්ලිම් අය වැඩිපුර බැඳගන්නේ මුස්ලිම් උන් තරම් උන් නැහැ කියන ස්වෝත්තමවාදී මානසිකත්වයෙන් වත් සිංහලුන්ට රිදවන්න පරපීඩක මානසිකත්වයකින්වත් නොවෙන්න පුළුවන්. එහෙත් ඔහු එහිදී ඉතා වර්ගවාදී ලෙස තම වර්ගයේ උන්නතිය උදෙසා අනෙකුන්ට අසාධාරණයක් කරනවා. මේ අර්ථ දැක්වීම් අනුව පැහැදිලිවම ධනවාදයත් සමග (නුතනත්වයත් සමග ) යුරෝපයේ පැතිර ගිය ජාතිකවාදයන් (nationalisms ) සියල්ලම පාහේ වර්ගවාදියි. එම ජාතිවාදයන් තුල තිබුයේ ස්වකිය රටේ සෞභාග්‍යය උදෙසා තරගකාරී ලෙස අනෙකුත් රටවල් සමග හැප්පෙමින් ලෝකය කොල්ල කෑමේ අදහසයි. එහිදී තම රටේ උන්නතිය මිසෙක අනෙකුන්ගේ උන්නතිය ගැන සැලකිලිමත් වීමක් නැහැ. මිට අමතරව එහි පරපීඩකත්වයක් හා ස්වොත්තමවාදයක් තිබිණි. එහෙත් මේ ස්වෝත්තමවාදය හා පරපීඩකත්වය ක්‍රියාත්මක වුයේ තම තරගකරුවන් වන අනෙකුත් යුරෝපා ජාතීන්ට එරෙහිව නොව හුදු ම්ලේච්චයන් ලෙස සලකනු ලැබූ ලෝකයේ අවශේෂ ජනකොටස් සම්බන්ධයෙනි.


ජාතිවාදය යන්න අනෙකුත් වර්ගවාදයන්ගෙන් වෙනස් වන
ප්‍රධාන සාධකය වන්නේ භුමිය සමග දක්වන සම්බන්ධතාවයි. කෙසේ වෙතත් ජාතිවාදයක් වර්ගවාදී වන නිසා එහිදී ජාතියට (වර්ගයට ) අයත් භූමියක් පිලිබඳ යම් සම්මුතියක් එම වර්ගයට අයත් පුද්ගලයන් අතර තිබුවද ජාතියේ ගාමක බලය වන්නේ වාර්ගික විඥාණයයි. වාර්ගික ආශාවන් තෘප්ත කිරීම සඳහා ඇතැම් විට භුමිය ආක්‍රමණශීලි ලෙස පුළුල් කරගැනීමට උත්සහ කෙරෙයි. ඇතැම් විට ශූන්‍ය භුමි ප්‍රදේශයක හිමිකාරිත්වය දරන වාර්ගික විඥාණයක් දරන පිරිසකට වුවද ජාතියක් බවට පත්වීමේ අවශ්‍යතාව ඇතිව ජාතිවාදයක් හෝ ජාතිකවාදයක් බිහි කරගත හැක. උදාහරණ ලෙස ඊශ්‍රායලය නිර්මාණය වීම හා ලංකාවේ දෙමල ජාතිවාදයේ විකාශය දැක්විය හැක. මෙහිදී වාර්ගික විඥාණය ඉතා ම ප්‍රබල වේ. එය විසින් ඔවුන්ව ජාතියක් හෙවත් භූමියක් සහිත වර්ගයක් බවට පත්වීමට පොළඹවයි.

ජාතිවාදී නොවන ඓතිහාසික සිංහල ජාතිකවාදය පැරණි චීන ජාතිකවාදය වැනි ජාතිකවාදයන්ටද භුමිය යන සාධකය පොදු ය. බොහෝ විට මෙවැනි ජාතිකවාදයන්හිදී ජාතිය හා ජාතික විඥාණය බිහිවන්නේ එක්තරා භුමි
ප්‍රදේශයක ජිවත් වන (හෝ ජිවත් වීමට සිදුවූ ) විවිධ මිනිස් කොටස් පුද්ගලයන් ලෙස පවුල් ලෙස ගම නගර ලෙස බැඳීම හරහා එම භුමි ප්‍රදේශය තුල අධිකාරත්වය දරන එකට බැඳුනු මිනිස් කොටසක් බවට පත්වීමෙනි. එහිදී භුමිය තුලම ක්‍රමයෙන් ජාතිය බිහි වෙයි. එම ජාතිය වාර්ගික විඥාණයක ප්‍රතිපලයක් නොවේ. භූමියෙන් ස්වායත්තව පවතින වාර්ගික විඥාණය වෙනුවට එහිදී භුමිය හා තදබල ලෙස බැදුණු ජාතික විඥාණයක් ජාතිය බිහිවීමේ ක්‍රියාවලිය සමගම බිහිවෙයි. සිංහලයන්ට ලංකාවෙන් තොර සිංහලකමෙන් වැඩක් නැත්තේ ඒ නිසා ය. (දැනට ඉහත ප්‍රකාශය ජාතිකවාදයේ අර්ථ දැක්වීම ලෙස ගමු. පසුව එය විසතරාත්මකව තේරුම් ගැනීමට උත්සහ කරමු ) සිංහල ජාතිකත්වය චීන ජාතිකත්වය පමණක් නොව ඇමරිකන් ජාතිකත්වයද බිහි වී ඇත්තේ මෙලෙසය. කෙසේ වෙතත් මෙසේ බිහි වූ ජාතිකවාදයක් පසු කලකදී ජාතිවාදයක් බවට පත්වීමට හැක. ඇමරිකන් ජාතිකවාදය ඇමරිකන් දියුණුවත් සමග අපගේ අර්ථ දැක්වීමට අනුව වර්ගවාදයක් බවට පත්ව ඇත. එනිසා එය ජාතිවාදයක් වෙයි. ඊට අමතරව එය ස්වොත්තමවාදයක් හා පරපීඩකතත්වයක් දක්වා වර්ධනය වී ඇත. ඇමරිකන් ජාතිකවාදය ජාතිවාදයක් බවට පත්වීම ලෝක දෙමල ජාතිවාදයේ බිහිවීම, ඊශ්‍රායලයක් සඳහා වන අවශ්‍යතාව බිහිවීම යන මේ සියල්ල පසුපස තිබෙන පොදු කරුණක් ඇත. එනම් පැරණි යුරෝපිය ජාතික රාජ්යයන්ගේ ආදර්ශයයි. මේ සියලුම වර්ගයන්ට ලෝකය දිනීමට ලෝකයේ තම නම සලකුණු කිරීමට අවශ්යතාවයක් ඇතිවී ඇත. භූමියක් දැනටමත් තිබෙන ඇමරිකාව , රුසියාව, චීනය වැනි රාජ්යයන් තම පැරණි ජාතිකවාදයන් අතහැර දමා පැරණි යුරෝපා ආදර්ශය අනුව යමින් ලෝකය දිනීමට වර්ගවාදී ලෙස උත්සහ කිරීම තුල ජාතිවාදයන් බවට පත්ව ඇත. පැහැදිලි ජාතිකත්වයකින් තොර ඉන්දියාවට වුවද මේ තත්වය පොදුය. පරිසර සම්මුති වැනි සම්මුතීන් වලදී මේ අසන්තෘප්ත රටවල් දක්වන මැලිකම පිටුපස මෙයද ඇති බව සිතෙයි. ලෝකය දිනීමට වාර්ගික අවශ්යතාවක් තිබුවද භූමියක් නැති යුදෙව්වන් හා ලෝක දෙමල ප්‍රජාව ඒ සඳහා භූමියක් සෙවුහ. එහි අවාසනාවන්ත වින්දිතයන් බවට පලස්තිනුවන්ටත් සිංහලයන්ටත් පත්වීමට සිදුවිය. (කෙසේ වෙතත් ලංකාවේ දෙමල වර්ගවාදය මිට වඩා ඈතට යයි. එය ඇතිවුයේ ලෝක දෙමල ප්‍රජාව තම ජයභූමිය ලෙස උතුර තෝරා ගැනීමට ද පෙර ය. )


මෙම පැරණි යුරෝපා ආදර්ශය සිංහලයන්ටද බල පා ඇති බව සිතෙයි. සිංහල ජාතිකවාදය අදවන විට ඇතැමුන් අත සිංහල ජාතිවාදයක් බවටත් ඇතැමුන් අත ශ්‍රී ලංකික ජාතිවාදයක් බවටත් පත්ව ඇත. (වර්ගවාදයේ හා ජාතිවාදයේ අර්ථ දැක්වීම් සිහි කරගන්න ) අද ඓතිහාසික සිංහල ජාතිකවාදය තිබෙන්නේ ගමේ බයියන් අතරය. ඔවුන්ට දෙමළුන් පේන්න බැරි බව ඇත්තය. එහෙත් ඒ ජාතිවාදයක් වර්ගවාදයක් ස්වොත්තමවාදයක් නිසා නොවේ. ඒ පිටුපස තිබෙන්නේ ද ඓතිහාසික සිංහල ජාතිකවාදයයි. පසුව ඒ ගැන කතා කරමු. සත්ය වශයෙන්ම ජාතිවාදීන් සිටින්නේ නගරයේ ය. නගරය තුල සිංහල ජාතිකවාදය සිංහල ජාතිවාදය බවටත් ශ්‍රී ලංකික ජාතිවාදය බවටත් පත්වීම අපේ නැණ පමණින් ඊළඟ ලිපියේදී සාකච්චා කරමු. දැනට කිව යුත්තේ ඉහත ඇමරිකන්, චීන රුසියන්, දෙමල ජාතිවාදයන්ගේ බිහිවීමට බලපෑ පැරණි යුරෝපිය ආදර්ශය හෙවත් ලෝකය දිනීමේ අවශ්‍යතාව සිංහල ජාතිවාදයේ මෙන්ම ශ්‍රී ලංකික ජාතිවාදය බිහිවීමටද බල පා ඇති බව ය.

මිට අමතරව මෙහිදී අප සංකල්ප අර්ථකථනය කල ආකාරයට මුස්ලිම් වර්ගවාදය හුදු වර්ගවාදයක් මිස ජාතිවාදයක් නොවන බව කිව යුතුය.

[මතු සම්බන්ධයි... ]

-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions