7/16/2015

එජාපය පරාද කල යුත්තේ ඇයි?

කතෘ:යුතුකම     7/16/2015   2 comments

-තාරක ගල්පාය -
එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ වූයේ 1946 සැප්තැම්බර් 6 වන දින දීය. ඒ ඞී.එස්. සේනානායකගේ මූලිකත්වයෙනි. ඉංග‍්‍රීසින්ගෙන් රට, දැය, සමය නිදහස් කර ගැනීම උදෙසා 1818,1848 අරගල දෙකක් ඒ වන විට සිදුවී හමාරය. මෙම අරගල ඔස්සේ යමින් මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමියන්, අනගාරික ධර්මපාලතුමා ආදී වූ යුග පුරුෂයෝ සැබෑ ලෙසම රට, දැය සමයෙහි නිදහස උදෙසා ජාතික අරගලයන් සිදු කළහ. ඕල්කොට්තුමාගේ පැමිණීමත්,බටහිර අධ්‍යාපනය රටතුල ව්‍යාප්ත වීමත් ආදිය හේතුවෙන් නිදහස් අරගල වෙනත් අතකට තල්ලූ වූ ගිය අතර, රට දැය සමයෙහි නිදහස උදෙසා අරගලය පසෙක දමා බි‍්‍රතාන්‍යයන්ගේ යටතේ හිදිමින් පාලන තන්ත‍්‍රයේ බලතල ලබාගැනීම සදහා පමණක් වූ ව්‍යාපාරයක් බවට පත් විය.

ජාතික සංගමය බිහිවන්නේ මේ පසුබිම තුළය. බටහිර සංස්කෘතිය සහ අධ්‍යාපනය වැදගත් ලාංකික ප‍්‍රභූ පන්තියකින් ජාතික සංගමය සමන්විත විය. මේ අය නිදහස් අරගලයේ නායකයින් ලෙස අද දවසේ හැඳින්වුවද, එය සැබෑ නිදහස් අරගලයක් නොවීය. ඉංග‍්‍රීසින්ගේ සංස්කෘතික හා අධ්‍යාපනය ආධිපත්‍ය පිළිගනිමින්ම ලංකාවේ පාලන තන්ත‍්‍රය සියතට ගැනීමේ උවමනාව පමණක් ජාතික සංගමයේ අරමුණ විය. ඒ අනුව ජාතික සංගමය 1947 මැතිවරණයේ සඳහා එක්සත් ජාතික පක්‍ෂය නමින් ඉදිරිපත් විය. ඒ බි‍්‍රතාන්‍ය කිරීටයේ ආධිපත්‍යයට යට වෙමින් ඩොමිනියන් තත්වයට යටතේය. ඉතාම සරලව කියන්නේ නම් ඉංග‍්‍රීසින් වෙනුවෙන් ලංකාව පාලනය කිරීමට භාර ගැනීම එක්සත් ජාතික පක්‍ෂයේ මුලිකම අභිප්‍රාය විය.

එක්සත් ජාතික පක්‍ෂයේ ආරම්භය එසේ සිදුවීමත් සමඟ 1951 දී සිංහල මහ සභාව පිහිටවා සිටි එස්.ඩබ්.ආර්.ඞී.බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී ගියේය. ඊට බලපෑ ප‍්‍රධානම හේතුව වූයේ සුළුතරයක් වූ දෙමළ, මුස්ලිම් ජාතීන්ට බහුතරයක් වූ සිංහලයට වඩා අධිකතර වරප‍්‍රසාද එක්සත් ජාතික පක්‍ෂයෙන් හිමි වීමයි. ඉංග‍්‍රීසින්ට විරැද්ධව සටන් වැදුණු සිංහලයන් ඉංග‍්‍රීසින්ගේ වෛරයට ලක් වී තිබියදී ඔවුන්ගේ දේශීය සේවකයන් වූ එක්සත් ජාතික පක්‍ෂයෙන් සිංහලයන්ට අසාධාරණයට ලක් වීම පුදුමයට කාරණයක් නොවේ.

මෙලෙස ආරම්භවූ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් මුල සිටම ක‍්‍රියා කළේ විජාතික ගැති ප‍්‍රතිපත්තියක් සහ සිංහල විරෝධී ප‍්‍රතිපත්තියකට අනුවය. ආරම්භයේදී ඉංග්‍රීසීන්ට ගැති වූ ප‍්‍රතිපත්තියක් සිටි එක්සත් ජාතික පක්‍ෂ නායකයෝ ලෝක දේශපාලන බලය ඇමෙරිකාව අතට පත්වීමේදී ඉතා දරුණු ඇමෙරිකන් ගැති ප‍්‍රතිපත්තියක්ද අනුගමනය කරන්නට විය. ජේ.ආර්. සහ ඔහුගේ බෑනා වන රනිල් වික‍්‍රමසිංහද උග‍්‍ර ඇමෙරිකන් හිතවාදීන් වනුයේ මේ අනුවය.නොබැදි ජාතීන්ගේ සම්මුතිය පවා උල්ලංඝනය කරමින් ජේ ආර් ඇමෙරිකාව වෙනුවෙන් පෙනී සිටියේය. ඒ අතර විටින් විට ඉන්දියාවේ ආධිපත්‍යයටද එක්සත් ජාතික පක්‍ෂ නායකයෝ දීන ලෙස යටත් විය. වඩමාර්ච්චි මෙහෙයුම සහ ඉන්දු ලංකා ගිවිසුම ඒ බව ප‍්‍රකට වූ අවස්ථා ය.

එජාපයේ ඉහළ සිට පහළ දක්වා පාලනය වන පක්ෂයකි. ඇමරිකාව එංගලන්තය මගින් පක්‍ෂයේ ඉහළ නායකත්වය පාලනය වන අතර පක්‍ෂ නායකත්වය ඒ අනුව සාමාන්‍ය එජාප පාක්‍ෂිකයා මෙහෙයවනු ලබයි. 29 වතාවක් පැරදුණු රනිල් වික‍්‍රමසිංහ තවමත් නායකත්වයේ සිටින්නේ පක්ෂ නායකත්වයට බලපෑමක් නොකෙරෙහිය හැකි ආකාරයේ ආකෘතියක් එජාපය තුල ක්‍රියාත්මක වන බැවිනි.ඒ සදහා සරිලන ආකාරයේ මානසිකත්වයක් එජාප පාක්ෂිකයා අභ්‍යන්තරයේ කාලයක් ති‍ස්සේ නායකත්වය විසින් පැලපදියම් කොට ඇත.පක්ෂයේ අවශ්‍යතාව හා පැවැත්ම උදෙසා පක්‍ෂයේ සභාපති ද රටෙහි ජනාධිපති ද වන මෛත‍්‍රිපාල සිරිසේන හැර දමා ශ්‍රීලනිප පාක්ෂිකයෝ මහින්ද රාජපක්‍ෂ වටා එකතු වූහ. ශ්‍රීලනිපය පාලනය වන්නේ ප්‍රධාන වශයෙන්ම පහළ සිට ඉහළටය.එජාපයේ ආකෘතිය ශ්‍රීලනිපය සමග සංසන්දනය කළ හැකිය. පක්‍ෂයක් තම නායකත්වයට ගෞරවයක් සහිතව පාලනය වීම වරදක් නොවේ. නමුත් නායකත්වයේ රෑකඩයක් ලෙස පාලනය වීමද නායකත්වයට බලපෑමක් කිරීමට පාක්ෂිකයාට නොහැකි නම් ද පාක්‍ෂිකයා යම් ආකාරයේ වහලෙකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පරමාධිපත්‍යය ගැන කතා කරන එජාපය පාක්‍ෂිකයා කෙරෙහි දක්වන්නේ එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි.

ලංකාවේ සංස්කෘතිය සහ සම්ප‍්‍රදායට පක්‍ෂ දේශපාලන, පාර්ලිමේන්තු ක‍්‍රමය ආදිය අවශෝෂණය කර ගැනීමට නොහැකි විය. එහි ප්‍රථිඵලයක් ලෙස පක්‍ෂ දේශපාලනය අද වන විට මඩ ගොහොරුවක් බවට පත්වී ඇත. ඒ කෙසේ හෝ වේවා ලංකාවේ දේශපාලන පක්‍ෂ සඳහා ජනතාව වෙන්වීම සඳහා බලපාන ප‍්‍රධාන සාධකය පරම්පරාවෙන් පක්‍ෂ අනුව වෙන් වීමයි. ඊට අමතරව වෙනත් පෞද්ගලික හා සාමාජීය කාරණාද කෙනෙක් පක්‍ෂකට වෙන් වී යෑම සදහා බලපෑ හැක. නමුත් ඊට අමතරව එජාපය කරා යොමු වීමට බලපාන ප‍්‍රධානතම අදහස් මතවාද කිහිපයක් ම හඳුනාගත හැකිය.

බටහිර දැනුම් හා දේශපාලන ආධිපත්‍යයට යට වීම
 
බටහිර දේශපාලන හා සංස්කෘතික ආධිපත්‍යය පිළිගන්නා බොහෝ දෙනෙකුට ගෝචර වන සහ එකඟ විය හැකි පක්‍ෂය එජාපයයි.  නීතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම්, සමානාත්මතාවය යහපාලනය ආදි බටහිර ප්‍රෝඩාකාරී සංකල්ප වල කරවටක් ගිලි ඇති බොහෝ දෙනෙක් අද මෙරටින් සොයා ගත හැක. බටහිර ගැති  එජාපයට  මේ අය කත් අදිති.නමුත් ඉතිහාසය පුරා යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ආදිය ප්‍රයොගික තලයේදී අඩුවෙන්ම කියාත්මක කලේ එජාපය යි.ජවිපෙ මර්ධනය,ජේ ආර් පේමදාස සමයේ පාතාලය,ආදි දහසකුත් අතීත උදාහරණද පසුගිය මාස හය තුල සිදුකරණ ලද අගමැති කම පිට්පොකට් ගැසීම, අගවිනිසුරැ ඉවත් කිරීම ,මහ බැංකු මංකොල්ලය ආදීය එජාපයේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය මොනවට කියා පායි. මේ බටහිර දැනුමේ දාසයන් සහ එජාපය අතර ඇති සම්බන්ධයට ප්‍රධානම හේතුව බටහිර ගැති පොදු සාධකය විනා අන් කිසිවක් නොවේ. රනිල්ගේ බටහිර ගැති ස්වරූපය මේ අය මහ ඉහළින් අගය කරති. රනිල්ව ඇමෙරිකාව අඳුනනවා. රනිල්ව තමා ජාත්‍යන්තරය පිළිගන්නේ ආදී නොයෙකුත් හීනමානි අදහස් බොහෝ එජාප පාක්‍ෂිකයන් තුළින් දැකගත හැකිය. රනිල්ව බටහිර විසින් පාවිච්චි කරනු ලබන්නේ බළල් අතක් ලෙස මිස රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස නොවන බව පාක්‍ෂිකයන්ට නො වැටහේ.රනිල්ගේ නායකත්වයේ දුර්වලතාය නොහැකියාව ආදී නොයෙකුත් අඩුපාඩු වසා දමන්නේ පාක්ෂිකයා තුලට එවැනි අදහස් එන්නත් කිරීම මගිනි.

සිංහල බෞද්ධ විරෝධය
 
ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්‍ෂ සිංහල බෞද්ධ සංස්කෘතිය නොසලකා හිඳීමේ හෝ සිංහල බෞද්ධ විරෝධි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. බණ්ඩාරනායක මහතා එජාපය හැර යන්නේද  මූලික වශයෙන් ඒ හේතුව නිසාය. විද්‍යාලංකාර ප‍්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා ලෙස යක්කඩුවේ පඤ්ඤාරාම මාහිමියන්ට ඞී.එස්.සේනානායක බලපෑම් කළේය. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාව ජාතික දේශපාලනයෙන් ඉවත් කර තැබීමට එජාපය අතීතයේ සිට උත්සාහ කලේය.අද මහින්ද රාජපක්ෂ මහතාට භික්ෂුන් වහන්සේලාගෙන් වීශාල සහයෝගයක් ලෑබිම එජායට දිරවා ගත නොහැකි වී ඇත්තේ ඒ අනුවය. වර්තමාන එජාප නායක රනිල් වික‍්‍රමසිංහ දරුණු ආකාරයේ සිංහල බෞද්ධ විරෝධියෙකි. රනිල්ගේ පියා ඇංග්ලිකන් ක‍්‍රිස්තියානි වූ අතර බාප්පා ඇංග්ලිකන් ක‍්‍රිස්තියානි පූජකයෙකු විය.

ලේක් හවුසිය හරහා ධර්මපාලතුමාට දරුණු ලෙස අවලාද නගමින් පහර දුන්නේ රනිල්ගේ මවගේ පරම්පරාව බව බොහෝ දෙනාට අමතකව ගොසිනි. රනිල් බෞද්ධයෙකු ලෙස පෙනී සිටියද ඔහුගේ සංස්කෘතිය හා පසුබිම ඇංග්ලිකන් ක‍්‍රිස්තියානිය. සිංහලයන් දහස් ගණනාවක් ඝාතනය කළ පෘතුගිසින් ලංකාවට පැමිණීම සැමරීමට රනිල් වරක් උත්සාහ කළේය. විජයදාසලා රෝසිලා මේ රට සිංහලයන්ට අයිති නැති බවට දොඩවන්නේ රනිල් වික‍්‍රමසිංහ ඒවා පිටුපස සිට අනුමත කරන නිසාය.
ආරම්භයේ සිටම එජාපයට විශාල සුලූ ජන වර්ග පදනමක්  විය. එජාපය එම ඡන්ද ආරක්‍ෂා කර ගැනීම උදෙසා සෑම විටම සිංහල විරෝධි පදනමක් භාවිත කලේය.වර්තමානයේදී සිංහලයන්ගෙන් අනෙකුත් ජාතීන්ට අසාධාරණයක් වී ඇති බවට අමුලීක චෝදනා නගමින් සුලු ජනවර්ග ඉතාමත් අවස්ථාවාදී ලෙස එජාපය විසින් භාවිතා කරනු ලබයි.එය එසේ සිදුකරද්දී තමන් ජාතිවාදී නොවන බවටද දොඩවමින් එජාපය ජනතාව රවටමින් සිටී.
 
එජාපය පරාද කල යුත්තේ ඇයි
 
ආරම්භක අවධියටත් වඩා මෙරට ඒකීයත්වයටත්,සම්ප්‍රදායටත් සංස්කෘතියටත් ජාතිකත්වයටත් එරෙහි මාවතක අද වන විට එජාපය ගමන් කරමින් සිටී.සේනානායකලා තුල තිබු ජාතිකත්වයෙන් ඉහදක් තරම්වත් වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ තුලින් දැක ගත නොහැක.ආරම්භක නායකයින් දෙස බලා අද දවසේ එජාපයට ජන්දය ලබා දෙන්නේ නම් එය තමා විසින්ම තමන්වම රවටා ගැනීමකි. සිරිකොත අද වන විට බටහිර ඒජන්තයින්ගේද දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ගේද සිංහල බෞද්ධ විරෝධීන්ගේද ගුබ්බෑයමක් වී හමාරය.

තම බලය උදෙසා දෙමළ ජාතීවාදීන්ට කප්පන් දීමට රනිල් වික්‍රමසිංහ සූදානම්ය.2002 දී මෙන් උතුරැ නැගෙනහිර දෙමළ ජාතීවාදීන්ය බෙදා වෙන් කර දීම කාලය පිලිබද ප්‍රශ්නයක් පමණි.විදේස ආධිපත්‍යයට යටවෙමින් රටෙහි ස්වෙරීත්වයට පයින් ගසා බටහිරයන්ගේද ඉන්දියාවේද පිළිකන්නක් බවට ලංකාව පත් කිරීමට එජාපය සූදානම්ය.ඒ අතර එජාපයේ මේ දේශද්‍රෝහී ක්‍රියාවන්ට විරැද්ධව සටන් වදින සිංහල බෞද්ධයන් මර්ධනය කිරීම එජායේ අද දවසේ කාර්යභාර්ය ය වී ඇත.

මේ කිසිත් නොදන්නා ග්‍රාමීය සිංහල බෞද්ධ පාක්ෂික පිරිසක්ද එජාපයට නැත්තේ නොවේ.ඒ අයගේ ජන්ද එජාප නායකත්වය විසින් භාවිතා කරනු ලබන්නේ ඔවුන්ගේම සංස්කෘතිය සහ අයිතීන්ට එරෙහිවය.මේ අවාසනාව නොතේරෙන තරමටම පාක්ෂිකයාගේ ඔලු සේදී දීමට තරම් එජාප නායකත්වය දක්ෂ වී ඇති බවත් කිව යුතුය.

එළඹෙන මැතිවරණයේදී එජාපය ජරාද කිරීම හුදෙක් ‍එක් දේශපාලන පක්ෂයක් පරාද කිරීමක් පමණක් නොවේ.මෙරට ජාතිකත්වයට එරෙහි බලවේග පරාජය කිරීමකි.මාතෘභූමියේ ඒකියත්වය සහ ස්වෙරීත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමකි.දේශ හිතේෂි සියලුදෙනා ඉදිරි මැතිවරණයේදී එජාපය නියත ලෙස පරාද කිරීමට වග බලා ගත යුතුය.

-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

6/13/2015

මහින්ද පන්සල් යාමේ අවුල කුමක්ද ?

කතෘ:යුතුකම     6/13/2015   No comments
ගැමුණු කුමරැ යුද්ධයට පිටත් වුයේ භික්ෂුන්වහන්සේලා පන්සියයක් සමග බව කියවේ.මහානාම හිමියෝ මහාවංශයේ ඒ බව සදහන් කරන්නේ ගැමුණු කුමරැගේ දේශපාලනය ධාතුසේන කුමරැට කියාදීමටය.රට එක්සේසත් කල හයවන පරාක්‍රමබාහු කුමරා රජකම දක්වාම පෝෂණය කරමින් ආරක්ෂා කරන්නේ භික්ෂුන් වහන්සේය.මේ සියලු දේ භික්ෂුන්වහන්සේ හා සිංහල රජවරැන් අතර ඇති අවියෝජනීය සම්බන්ධය කියාපාන අවස්ථා කිහිපයක් පමණි.අනෙකුත් සියලු දෙයෙහි මෙන්ම දේශපාලනයේදී ද සිංහල බෞද්ධයන්ගේ පිහිට ආරක්ෂාවට සිටියේ භික්ෂුන්වහන්සේය.

මහින්ද රාජපක්ෂ පන්සල් යන්නේ අපගේ අතීත උරැමය නැවතත් සිහිපත් කරමිනි. පන්සල කේන්ද්‍ර කරගනිමින් මහින්ද වටා ජාතිකත්වයේ බලය තවත් ශක්තිමත් වෙමින් පවතී. සිංහල බෞද්ධ විරෝධීන් මෙන්ම මෙරට ඉතිහාසය සහ සංස්කෘතිය නොදත්තෝ ද මහින්දට මෙන්ම භික්ෂුන් වහන්සේලාටද ගරහති.
මේ සිංහල බෞද්ධ විරෝධීන් තප්පුලන්නේ මහින්ද පන්සල් දේශපාලන මඩුබවට පත් කරන්නේ යයි චෝදනා කරමිනි. ඒ පන්සලට ඇති ආදරයක් නිසා නොව සිංහල බෞද්ධ ජාතිකත්වය භික්ෂුන්වහන්සේ යටතේ ශක්තිමත් වීම වැළැක්වීමටය. ඒ පන්සලේ බලය සියල්ලන්ටම වඩා දන්නේ මේ අය බැවිනි.

ඒ අතර මෙරට ඉතිහාසය මෙන්ම සංස්කෘතියද නොදත් ඕල්කොට් බෞද්ධයෝද භික්ෂුන් වහන්සේ ජාතික දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට මැසිවිලි නගති.ඊනියා පිරිසිදු බුදු දහමක් ගැන භික්ෂුන්වහන්සේට බණ කියති.මේ වැදි බණ කියන පඩියෝ බටහිර සංස්කෘතිය හා දේශපාලනය විසින් සිංහලයන්ට මෙන්ම බෞද්ධයන්ටද එරෙහිව සිදුවන කිසිවකට එරෙහි නොවෙන අතර ඒවාට උඩ ගෙඩිද දෙති.ඒ අතරම භික්ෂුන් වහන්සේ සියල්ලෙන්ම ඉවත් කර නිවන් දැක්කවීමටද මේ අයට ඇත්තේ පුදුම උවමනාවකි.ථේරපුත්තාභය පරපුරේ අපේ හාමුදුරැවරැන්වහන්සේලාට දේශපාලනය පිලිබද මෙන්ම නිවන පිලිබදවද මේ අයගේ උපදෙස් අනවශ්‍යය.

[ඡායාරූපය :මහරජ ගැමුණු චිත්‍රපටයෙන් ]

තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

6/06/2015

හැදූ දරුව‍ා දමා මාරු නොවනු

කතෘ:යුතුකම     6/06/2015   No comments
යහපාලන දරුවා ලංකාවට ජාතක වුයේ ජනවාරි 9 ‍වැනි දාය.මේ දරැවා ජාතක කිරීමට බුරැතු පිටින් පියවරැ සැදී පැහැදී සිටියහ. හෙළ උරුමය,ජ වි පෙ,සොභිත හිමියන්ගේ සාධාරණ සමාජක්,රතන හමියන්ගේ පිවිතුරු හෙටක්,පුරවැසි බලය ආදි වු නා නා ප්‍රකාර පියවරැන් රනිල්ව පියෙක් කිරීම සදහා තමන්ගේ සර්වාංගයේම හයි හක්තිය භාවිතා කළේය. ඒ වන විටත් 29 වතාවක් අප්පෙක් වීමට උත්සහා කළ රනිල් වඳ පියෙක් බව ලංකාවම දැන සිටියේය. මේ වඳ පියාව නාමිකව හෝ පියෙක් කිරීමටත් යහපාලන දරැවා හැදීමටත් මේ සියල්ලෝ එක ගේ කෑමට එක පයින් කැමති වූහ.බිත්තර ආප්පයක් කා පැත්ත පෙරලුණු සිරිසේන නෝනා එක ගේ කෑමට මේ අප්පලාගේ ගුබ්බෑයමට කිසිදු විළි ළැජ්ජාක් නොමැතිව කැන්දන් ආවේය.

කපක් මුලුල්ලේ පවුල් කෑවද මොවුන් අතින් වැරදිලාවත් ළ‍මයෙක් හැදීම සිදු නොවන බව දැන සිටි එංගලන්ත ඇමරිකන් ඉන්දියන් හොර වෙද්දු මේ හත්තිලව් ටිකට ඉන්ජෙක්ෂන් ටිකක් විද දැම්මේය. ඒවාට පින්සිදු වන්නට කන්දක් විලි ලා මී පැටියෙක් තරම් වු යහපාලන බබෙක් අන්තිමේදී වදා ගත්තේය. මේකා දින 100 යන විට යෝධයෙකු වන බව මේ හොර වෙදුන් පොළොවේ පස් කමින් ලංකාවටම කියා සිටියහ. ළමයාගේ අප්පලා බුරැත්තද අම්මාද සිටියේ මහා මේරුවටද ඉහළිනි.

දින සියක් තියා සතියක් දෙකක් යන විටම යහපාලන ඇච්චා අංගවිකල රෝගියෙකු බව මේකා දියසේන කුමාරයා වන බවට පරසක්වල ගැසූ උන්ටද පෙන්නට විය. ළමයා දමා මුලින්ම මාරු වුයේ මේ වාචාලයෝ ටිකය. මේ සිවිල් සමාජ වාචාලයෝ දැන් හන්දි කඩ පිල් ගානේ වවුල් කටවල් වී ඇත. ඉන් පසු අප්පලා එකා දෙන්නාද තමන් වැදූ එකාගේම දෝස කියමින් ළමයා දමා මාරු වීමට වුහ. අද වන විට ජවිපෙ අප්පලා මේ අබ්බගාතයාට නොබනිනා බැනුම් නැත.හෙළ උරුම අප්පාද ළමයාගෙන් ජාතකයෙන් අත පිසදා ගැනීමට මාන බලමින් සිටී. සාධාරණ සමාජයද පිවිතුරු හෙටක් අප්පලාද නැවත සිල් අරගෙනය.වැරම වැරදිලාවත් අඩුම තරමෙන් පොඩි එකා දණ ගෑවා නම් හෝ මේ අප්පලා වැසිකිලි යන්නේද මූව කර තියාගෙනය.

අද රටටම බරක් වී ඇති ලෙඩ කොලුවා වඳ පියාගේද මොන්ගල් ‍අම්මාගේද ඇගේ ගසා මාරු වීමට මේ හොර අප්පලාට ඉඩ නොදිය යුතුය. එක ගේ කෑ සියලු දෙනා මේ පාපයට සියල්ලෝම එකට කරගැසිය යුතුය. එළඹෙන ජන්දයෙන් තොලොන්චි වී යන තුරැවත් මේ අප්පලාගේ පාපය රටටම මතක තිබිය යුතුය. නැතිනම් තව දුරටත් රටට හෙණයක් වූ අබ්බගාතයින් මොවුන් විසින් වදනු ඇත.

-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

6/04/2015

බොදු බල සේනාවට ඉඩ නොදෙමු

කතෘ:යුතුකම     6/04/2015   No comments
බොදු බල සේනාව නැවතත් වැඩ අරඹා ඇත.ඒ මල්වතු,අස්ගිරි මහානායක හමිවරැන්ටද අනෙකුත් අටමස්ථාන සොළොස්මස්ථාන හිමිවරැන්ටද බැන වදිමිනි.ඒ අතරතුරම සිංහලයන්ට නායකයෙකු නැති බැවින් තමන් එළඹෙන මැතිවරණයේදී ඒ සදහා ඉදිරිපත් වන බවද කියා සිටියේය.ඒ කෙසේ හෝ බොදු බලසේනාව නැවත වරක් මේ සිදු කිරීමට යන්නේ සිංහල බෞද්ධයන්ගේ බලය කෑලි කඩා නැති කර දැමීමටය.බොදු බලයේ පළමු ව්‍යාපෘතිය වුයේ මහින්දට තිබුණු මුස්ලිම් ඡන්ද ටික නැති කර දැමීමය.ඒ හරහා අවසානයේ සිදුවුයේ මහින්ද හරහා සිංහල බෞද්ධයන්ට තිබු අවසාන දේශපාලන බලයත් නැත්තටම නැති විමය.ලංකාව තුල දරැණු මුස්ලිම් ව්‍යාප්තවාදයක් පවතී.ඒ පිලිබද කතා දෙකක් නොමැත එසේ තිබියදීත් සිංහල බෞද්ධ ජාතිකතවයේ ප්‍රධානත්වය පිලිගත් තරමක හෝ මුස්ලිම්වරැන් සිටියහ.මහින්දට සිටියේ ඒ අය ය.බොදු බලයේ ඊනියා මුස්ලිම් විරෝධයෙන් ඉතිරිව සිටී සහනශීලි මුස්ලිම් ජාතිකයන්ද අන්ත මුස්ලිම් ජාතීවාදීන් බවට පත් කලේය.බොදු බලයට වැඩ කල බහුතරය කුජිත වී ගිය යු ඇන් පී කාරයන්ය.බොදු බලය අද පුස්සක් බවට පත් වී ඇති අතර මුස්ලිම් ජාතිවාදය තව තවත් ශක්තිමත් වී ඇත්තේ ඒ නිසාය.

අද නැවතත් සිංහල බෞද්ධයන්ගේ දේශපාලන බලය ගමේ පන්සල වටා ඒක රාශී වී ඇත.මහින්ද පන්සල් යෑම බොහෝ අයට දිරවා ගත නොහැකි වී ඇත්තේ ඒ නිසාවෙනි.ඩොයිලිගේ වචන වලින් “කහ කඩය” තිබෙන තුරැ මේ රට අල්ලා ගැනීමට නොහැකි යි කීවාක් මෙන් අද සිටින සිංහල බෞද්ධ විරෝධීන්ගේද අරමුණ සිංහල බෞද්ධයන්ගේ බලය ගමේ පන්සලෙන් ඈත් කර තැබීමය. මහා නායක හිමිවරැන්ටද මහින්දටද බැන වදිමින් බොදු බලය මේ සිදු කිරීමට යන්නේ සිංහල බෞද්ධයන්ගේ දේශපාලන බලයත් ගමේ පන්සලත් එකට කටයුතු කීරීම වැලැක්වීමටය.ඒවාහි බලයන් තමන් අතට ගෙන බෞද්ධ විරෝධීන් අතට පාවා දිමටය.බොදු බලය මේ සදහා කුමන්ත්‍රණ කරනවායැයි නොකිය යුතුය.කුමන්ත්‍රණ බාහිරට නොපෙනුද දැන හෝ නොදැන කරන බොදු බලයේ මේ වැඩ අසා දැක ගත හැකි ඔවුන්ගේ භාවිතය තුලින් ස්ථිර කර ගත හැක.

-තාරක ගල්පාය

5/19/2015

විජයග්‍රහණයේ පසුබිම් කතාව

කතෘ:යුතුකම     5/19/2015   3 comments
2009 මැයි 18 ශ‍්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කල බව ප‍්‍රකාශ කලේය. දස දහස් ගණනකගේ ජීවිත අහිමි වූ ද තවත් ලක්‍ෂ ගණන් පිරිසක් ආබාධිතයන්, තුවාලකරුවන් බවට පත් වූ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය ඒ සමඟ නිමා විය. 2009 මැයි 18 වෙනිදා ශ‍්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත් වූයේ හුදු ත‍්‍රස්තවාදී සංවිධානයක් පමණක් නොවී ය. එල්.ටී.ටී.ඊ ය යනු දෙමළ බෙදුම්වාදී ජාතිවාදයේ අවසාන වශයෙන් පැවති සන්නද්ධ අංශයයි. ඊළාම් රාජ්‍ය පිහිටුවීම සඳහා ශී‍්‍ර ලංකා භූමියෙන් තුනෙක් එකකට ආසන්න ප‍්‍රමාණයක් අත්පත් කරගෙන සිටි එල්.ටී.ටී.ඊ යේ පරාජය යනු දෙමළ ජාතිවාදී බෙදුම්වාදය ඉතිහාසයේ ලැබූ සුවිශාලම පරාජය විය.

දෙමළ ජාතිවාදයේ ආරම්භය අඩුම තරමින් 18 වන සියවසේ මුල් භාගය දක්වා පමණවත් ඈතට දිව යයි. ඉංග‍්‍රීසින්ට විරුද්ධව සටන් වැදුණු සිංහලයන්ගේ දේශපාලන බලයද සාමාජීය බලයද නිශේධ කිරීම සඳහා උගත් දෙමළ ජනයාට ඉංග‍්‍රීසින් විසින් අධික වරප‍්‍රසාද ලබාදී තිබුණි. එක් දහස් අටසිය ගණන් වල අවසාන භාගයේද නමසිය ගණන් වල මුල් භාගයේද පැවති ව්‍යවස්ථාදායක සභා දෙස බැලීමෙන් මේ බව සරලවම පැහැදිලි වේ. පසුව ඇතිවු සර්ව ජනඡන්ද බලය,ජන අනුපාතික නියොජනය ආදිය මගින් උගත් දෙමළ ජනයාට අනිසි ලෙස හිමිව තිබූ දේශපාලන බලය හා සාමාජීය වරප්‍රසාද ක්‍රමයෙන් අඩු වන්නට විය. මේ අධික වරප‍්‍රසාද තවදුරටත් රැක ගැනීම සඳහා තම දේශපාලනයවර්ගවාදී මාවතකට උගත් දෙමළ ජනයා විසින් ගෙන යන ලදී.මේ වර්ගවාදී ප්‍රෙව්ශය ක්‍රමයෙන් ජාතිවාදී පදනමක් මත වූ බෙදුම්වාදයක් බවට පත් කර ගනු ලැබීය.පසුව බෙදුම්වාදය වෙනම රාජ්‍යයක් උදෙසා වූ සටනක් බවට අනිසි වරප්‍රසාද බලාපොරොත්තු වූ සුලුතරයක් වූ උගත් දෙමළ ජනයා පත් කරනු ලැබීය.දෙමළ ජනයාට සිදුව ඇතැයි පවසන ඊනියා අසාධාරණයක් මවා උතුරේ සාමාන්‍ය දෙමළ ජනයා ද මේ සදහා ඈඳා ගත්තේ ය. මෙලෙස ක‍්‍රමයෙන් දෙමළ ජාතිවාදය, දෙමළ බෙදුම්වාදය බවටත්, දෙමළ බෙදුම්වාදය දෙමළ ත‍්‍රස්තවාදය බවටත් පත් විය.

ඉංග‍්‍රීසින් විසින් සිංහලයන්ට විරුද්ධව ඇති දැඩි කරනු ලැබූ දෙමළ ජාතිවාදය, පසුකාලීනව දෙමළ ත‍්‍රස්තවාදය බවට පත්වීමේදී ඇමෙරිකාව, එංගලන්තයඇතුළු බටහිර ද ඉන්දියාවද ශ‍්‍රී ලංකා රාජ්‍ය මත තමන්ගේ දේශපාලන ආධිපත්‍යය පැතිරවීම සඳහා උපායික මාර්ගයක් බවට පත් කර ගත්හ. මතුපිටින් ඒ සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද්දේ දෙමළ ජනයාට සිදුව ඇතැයි කියවෙන ඊනියා අසාධාරණයක් නාමයෙන් තමන් දෙමළ ජනයාගේ අයිතීන් උදෙසා පෙනී සිටින බව වුවත් එහි අභ්‍යන්තර පරමාර්ථය වූයේ ශ‍්‍රී ලංකාවේ දේශපාලන බලය තමන්ගේ යටතට ගැනීමත්, විශේෂයෙන්ම දෙමළ ජාතිවාදය භාවිතා කරමින්බටහිරයන් ඉදිරියේ දණ නොනැමූ සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර ගැසීමත් ය. මෙලෙස එකිනෙක සමඟ බද්ධව තිබූ දෙමළ ජාතිවාදය ද දෙමළ බෙදුම්වාදය දදෙමළ ත‍්‍රස්තවාදය ද බටහිර සහ ඉන්දියානු ආධිපත්‍ය මෙන්ම සිංහල බෞද්ධ විරෝධය ද යන සියල්ල සාධාරණීකරණය කිරීමටද, ඒවාට උල්පන්දම් ඇල්ලීමටද ඊනියා මානව හිමිකමක් සංවිධාන, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල උගතුන්, ඊනියා කලාකරුවන්, මාධ්‍යවේදීන් ආදී වූ සංවිධාන කල්ලි කණ්ඩායම් රාශියක් වූහ. එල්.ටී.ටී.ඊ.යේ පරාජයත් ඉහත කී සියලූ අංශවලම දැවැන්ත පරාජයක් විය.බටහිරයන්ගේද ඉන්දියාවේද පරාජයක් විය.

දෙමළ ජනයාගේ අයිතීන් වලට මුවා වෙමින්ද බටහිරයන්ගේ මතවාද වලට වහල් වෙමින්ද මේ උගතුන්, ඊනියා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් ආදීහු දෙමළ ජාතිවාදයද, ත‍්‍රස්තවාදයද උදෙසා ම සෘජුව මෙන්ම වක‍්‍රව ද පෙනී සිටියහ. මේ අතරින් බහුතරය ඒත් සමඟින් සිංහල බෞද්ධ විරෝධයද සියල්ල අස්සේ ක‍්‍රියාත්මක කළහ. මෙයින් කොටසක් අවිඥානික මුග්ධයින් වූ අතර, අනෙක් කොටස සවිඥානික අමනයෝ වූහ. මේ අවිඥානික මුග්ධයන්ට දෙමළ ජාතිවාදයේ ද එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයේ ද පසුබිමද, ආරම්භය, ඒවා සමඟ වූ සමස්ත දේශපාලනය තේරුම් ගැනීමේ හැකියාවක් නොමැතිවිය. භයානකම පිරිස සවිඥානික අමනයෝ වූහ. ඔවුන්ට දෙමළ ත‍්‍රස්තවාදයේ අභ්‍යන්තරික දේශපාලනික අරමුණු පිළිබඳව දැනුමක් තිබූ අතර, ඒවා සඟවමින් බටහිරයන් අනුව යමින් සිංහල බෞද්ධ විරෝධය සදහා දෙමළ ජාතිවාදය භාවිතා කලහ.


කොටි තස්ත්‍රයින් දෙමළ ජාතිවායේ අතුරුඵලයක් වූ අතර, ජාතිවාදී ම්ලේච්ඡ මිනීමරු ත‍්‍රස්තවාදී කල්ලියක් විය. එල්.ටී.ටී.ඊ ය රට පුරා සාමාන්‍ය වැසියන් ඉලක්ක කර බෝම්බ පිපිරවූයේ සිංහල ජනයා ඉලක්ක කර පමණක් නොවී ය. සිංහල, දෙමළ, මුස්ලිම් වෙනසක් නොමැතිව සියල්ලෝම එකම මර බියෙන් පසු වූහ. එල්.ටී.ටී.ඊ.ය උතුරු නැ‍ගෙනහිර මුස්ලිම් ජනයා ඝාතනය කළ අතර, දෙමළ ජනයා නියෝජනය කළ අනෙකුත් දෙමළ නායකයින්ද ඝාතනය කළ බව අමතක නොකළ යුතුය. ශ‍්‍රී ලංකා හමුදාව රටෙහි ඒකීයත්වයට ගරු කර සියලූ ජන වර්ගයන්ගෙන් එකතුවකින් සෑදුණක් විය. කර්නල් තුවාන් මුතාලිෆ්,තුවාන් මීඩීන් ආදී වූ අසිංහල හමුදා නායකයින් රාශියකින් ඒ අතර විය. එසේ තිබියදීත් මේ අවිඥානික මුග්ධයෝ මෙන්ම සවිඥානික අමනයෝ ද එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයට එරෙහිව පැවති හමුදා මෙහෙයුම් දෙමළ ජනයාට එරෙහිව සිංහලයන් විසින් කරනු ලැබූ සංහාරයක් බව දැක්වීමට නොගත් උත්සාහයක් නොවී ය.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය වසර 30 ක් තිස්සේ මර්දනය කිරීමට නොහැකි වූයේ ප‍්‍රධාන ලෙසම ශ‍්‍රී ලංකා හමුදාවට නිවැරදි දේශපාලන නායකවයක් රාජ්‍ය නායකයින් විසින් නොදුන් බැවිනි. බටහිරයන්ගේද, ඉන්දියාවේ ද බලපෑම් වලට යටත් වූ ජේ.ආර්,චන්ද්‍රිකා, රනිල් වැනි දීන නිවට රාජ්‍ය නායකයින් හමුදාව පාවා දීමට කටයුතු කළහ. රජිව් ගාන්ධි ඉදිරියේ නිවට වෙමින් ජේ.ආර් හමුදාව පවා කටයුතු කල අතර ජේ.ආර් ගේ බෑනා වූ රනිල් වික්‍රමසිංහ මිලේනියම් සිටි පවා දීම වැනි අති නින්දිත පවා දීම් සිදු කලේය. මේ කිසිවෙක් අවශ්‍ය පරිදි හමුදා මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්හ. ඒ අතර බටහිරයන් සහ දෙමළ ජාතිවාදීන් ඉදිරියේ නිවට වෙමින් එල්.ටී.ටී.ඊ.යේ ඉල්ලීම් ඉටු කිරීමට රනිල්-චන්ද්‍රිකා ඉදිරිපත් විය. කොටින්ට ලංකාවෙන් කොටසක් ලබා දීමට කටයුතු කළහ.ඒ සදහා ඉදිරිපත් කරන ලද කුප‍්‍රකට 2002 සටන් විරාම ගිවිසුම, සුනාමි සහන මණ්ඩලය ආදිය නැවත නැවතත් සිහිපත් කොට ගත යුතුය.

ඒ අතරම ඊනියා සාම ව්‍යාපාරද රට තුළ නිර්මාණය වී තිබුණි. රටෙහි ඒකීයත්වයද, රට වැසියන්ගේ ද ජීවිත ආරක්‍ෂාව උදෙසා ද සටන් වැදීම ජාතිවාදී, ම්ලේච්ඡත්වය ලෙස විකෘති කොට දැක්වීමට මේ ඊනියා සාම ව්‍යෘපාර කටයුතු කළේය. හමුදාව අගෞරවයට ලක් කළේය. එසේ වී නමුත් එල්.ටී.ටී.ඊ.යට විරුද්ධව මේ ඊනියා සාම ව්‍යාපාරකරුවෝ වචනයකින් හෝ ක්‍රියා නොකළේ ය. තමත්අමනයික් පිරිසක් ඊනියා මාක්ස්වාදී සමාජවාදී ප්‍රවාද අනුව යමින් ප‍්‍රභාකරන් විප්ලවවාදියෙක්, විමුක්තිකාමියෙක් ලෙස දැක්වීමට උත්සාහ කළේය. දළඳා මාලිගාවට, ශ‍්‍රී මහා බෝධීන් වහන්සේට එල්ල කළ එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාර වලට වචනයක් නොකිවූ අය බුදු දහමට මුවා වී සිංහල බෞද්ධයන්ට යුද්ධය අකැප බව කීය.

2009 මැයි හිදී මෙහි එකී නොකී සියල්ලෝම එල්.ටී.ටී.ඊ. සමඟ එකට තබා පරාජය කිරීමක් විය. මිනීමරැ ම්ලේච්ඡ ත්‍රස්වාදයේ ද ඊට අනුබල දුන් විජාතිකත්වයේද ජරාජයක් විය.රටෙහි ජාතිකත්වයේද, ඒකීයත්වයේ ද, ජයග්‍රහණයක් විය. රටෙහි ඒකීයත්වයට ගරු කරන සියලූ සිංහල,දෙමළ, මුස්ලිම් ජනයාගේ ජයග‍්‍රහණයක් විය.මේ සියලුම ජනයාගේ ජීවිත ආරක්ෂාවක් විය.නිදහස් සාමකාමී රටක් යලි ලබා ගැනීමක් විය.මැයි 18 සැමරැම ජයග්‍රහණයක් පමණක් නොව විජයග‍්‍රහණයක් වනුයේ ඒ නිසාවෙනි.

එල්.ටී.ටී.ඊ.ය පරාජයත් සමඟ දෙමළ ත‍්‍රස්තවාදය අවසන් වූවද, ඊට පසුබිම් වූ දෙමළ ජාතිවාදයේද, බටහිර ආධිපත්‍යෙය් ද තාවකාලික පරාජයක් පමණක් වූ අතර, ඒවාහි අවසානයක් අදටත් නොවී ය. අද විජයග‍්‍රහණයේ සමරුව නොපවත්වන්නේ මේ ඉතිරි වූ ජාතිවාදීන්ගේ බලපෑමෙනි. රටෙහි දිනාගත් ඒකීයත්වය සැමරීමට, රටවැසි සියලූ ජනයාගේ ජීවිත අයිතිය සුරක්‍ෂිත බව සැමරීමට මේ ජාතිවාදීහු ඉඩ නොදෙති. සිංහල , දෙමළ, මුස්ලිම් සියලූ ජනයා මර බියෙන් නිදහස් වීමද සියලු ජනයා එක්සේසත් වීමදනියෝජනය කරන විජයග‍්‍රහණයේ සැමරුම හුදු සිංහලයන්ගේ සැමරුමක් ලෙසද, දෙමළ ජාතීන්ගේ සිත් රිදුමක් ලෙසත් දැක්වීමට දෙමළ ජාතිවාදීහු ද සිංහල බෞද්ධ විරෝධීන්ද ඔවුන්ගේ නිර්මාණයක් වූ යහපාලන ආණ්ඩුව ද කටයුතු කරමින් සිටී.සමාන්‍ය දෙමළ ජනයා තුලට නැවතත් ජාතිවාදී විසක් එන්නත් කීරීමට මේ අය සැරසෙති.එදා ඉංග්‍රීසින්ද අද ඔවුන්ගේ ඒජන්තයෝ වන රනිල්-මෛත්‍රී ආණ්ඩුවද ජාතිවාදී විස පොවා සිංහලයන්ට විරැද්ධව දෙමළ ජනයා යොදා ගැනීමට කටයුතු කරමින් සිටී.

ඒ අතරතුර මිනීමරු එල්.ටී.ටී.ඊ.ය ප‍්‍රසිද්ධියේ සැමරීමට සිවාජිලිංගම්ලා, සුබ‍්‍රමනියම්ලා ඇතුලු පිරිසක් කටයුතු කරමින් සිටිති. බෙදුම්වාදී, ත‍්‍රස්තවාදී සංවිධානයක් ප‍්‍රසිද්ධියේ සැමරීම රාජ්‍ය විරෝධී වැඩකි. ඊට විරුද්ධව යහපාලන ආණ්ඩුව සෘජුව පෙනී සිටිය යුතුය.ඊට විරැද්ධව පෙනී සිටීම කෙසේ වෙතත් ආණ්ඩුවෙන් දක්නට ලැබෙන්නේ ඊට උඩ ගෙඩි දෙන ආකාරයකි. සිවාජිලිංගම්ලා, සුබ‍්‍රමනියම්ලා ජාතිවාදී බෙදුම්වාදීන් බවත්,කොටින් වෙනුවෙන් පෙනී සිටි බවත් අලූතින් දැනගැනීමට දෙයක් නොවේ. ඒ කෙසේ වෙතත් ඔවුන්ට ප‍්‍රසිද්ධියේ මෙලෙස කටයුතු කිරීමට ඉඩ දෙන ආණ්ඩුව ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවකි.රටෙහි ඒකියත්වය විනාශ කිරීමට ඉඩ දෙන ආණ්ඩුවකි.

ත‍්‍රස්තවාදය නිසා මියගිය වීරෝධාර රණවිරැවන්ගේ ද, සාමාන්‍ය ජනයාගේ ද ත‍්‍රස්තවාදීන්ගේ ද ජීවිත පිළිබඳ කම්පාවක් අපි සියලූ දෙනා තුල තිබිය යුතුය.ඒ කම්පාවේ අර්ථය අපට සැමරීමට දෙයක් නොමැති බව නොවේ.එලෙස ජීවිත අහිමි වීමක් මේ නිදහස් සාමකාමී රටෙහි අද නොමැත.මැයි විජයග‍්‍රහණයෙන් සමරන්නේ මේ ජීවිත අහිමි වීම නොව තවදුරටත් මෙලෙස ජීවිත අහිමි වීම නතර වීමයි. සුරක්ෂිත වූ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ ජීවිත අයිතියයි.

එල්.ටී.ටී.ඊ යේ සිටි තම පුතා හෝ දුව කොවිලකට ගොස් සිහිකිරීමට මව් පියන් කටයුතු කිරීම ප්‍රශ්නයක් නොවේ.නමුත් එය ජාතිවාදී බෙදුම්වාදය සදහා යොදා නොගත යුතුය.ප්‍රසිද්ධියේ කොටි සැමරැම් කිරීමට කිසිම ආකාරයේ අයිතියක් කිසිවෙකුට නොමැත.. එය ත්‍රස්තවාදය සාධාරණීකරණය කොට ඊටඑයට ඉඩ දීමකි.ම්ලේඡත්වයට සුදු හුණු ගෑමකි.

රට වෙනුවෙන් අප‍්‍රමාණ කැපවීම් කල වීරෝධාර රණවිරුවන්ගේ උදාරත්වය සිහි කරමින් රටක් ලෙස අප විජයග‍්‍රශණයේ සැමරුම සැමරිය යුතුය. රටෙහි ඒකීයත්වය සැමරිය යුතුය. එක්සේසත් ජාතිය සැමරිය යුතුය. ඒ සියලූ දේ අතරේ ත‍්‍රස්තවාදය අවසන් කල රණවිරැවන්ද ඔවුන්ට නායකත්වය දුන් දේශපාලන නායකයින්ද දංගෙඩියට යැවීමේ සැලැස්මක් ඇති අතර අප විසින් ත්‍රස්තවාදය අවසන් කලද ජාතිවාදයත්, බෙදුම්වාදයත් පූර්ණ වශයෙන්ම පරාජය නොකළ බවද තරයේ සිහිපත් කොට ගත යුතුමය.

- තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com


2/24/2015

ජාතිය ජාතිවාදයට නතුවීම

කතෘ:යුතුකම     2/24/2015   2 comments
උතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත.

විග්නේෂ්වරන්ලා, සුමන්දිරන්ලා, සම්බන්ධන්ලා 70% ක වැඩි ජන්දයෙන් මෛත්‍රීපාල මහතා ජනාධිපති ලෙස පත්කර රනිල් වික්‍රමසිංහගේ ඊනියා ආණ්ඩුවට සහයෝගය දෙන්නේ කුමක් නිසාදැයි යන්න පැහැදිලිය. විග්නේෂ්වරන්ලා, සුමන්දිරන්ලා, සම්බන්ධන්ලා, හකීම්, සාලිලා, ගනේෂන්ලා මෛත්‍රිපාලට සහයෝගය දැක්වුයේ යහපාලනයක් උදෙසා නොව තම තමන්ගේ ජාතිවාදී න්‍යායපත්‍ර උදෙසා බව නම් ස්ථිර වෙමින් පවතී.

ඇමෙරිකාව,එංගලන්තය යටතේ ක්‍රියාත්මක වන රනිල් -චන්ද්‍රිකා ප්‍රධාන දකුණේ බෙදුම්වාදී නඩය මෛත්‍රීපාලව තමන්ගේ රෑකඩ අත බවට පත්කර ගන්නා බව දෙමළ බෙදුම්වාදීන් දැන සිටියහ.මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ බෙදුම්වාදයට ඉඩක් නොවීය.ඔහු බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය පරිදි වැනෙන නායකයෙකු ද නොවීය.දෙමළ ජාතිවාදීන්ගේද,මුස්ලිම් ජාතිවාදීන්ගේද,ඇමෙරිකාව ඇතුලු බටහිරයන්ගේද ඉන්දියාවේද ,ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබූ රනිල්, චන්ද්‍රිකා,අනුර කුමාරලාගේද සිංහල බෞද්ධ විරෝධීන් වු නිර්මාල් රංජිත්, සන්නස්ගල, ආදි උගතුන්ගේද පොදු සතුරා ජාතිකත්වය නියෝජනය කළ මහින්ද රාජපක්ෂ විය.

මේ කිසිවෙකුටවත් යහපාලනයක් අවශ්‍ය නොවීය. අවශ්‍යවුයේ මහින්දගේ බලය කොල්ල කා ගැනීම පමණය. සිංහල ජනයා තුල මහින්දට තිබුණ ප්‍රසාදය අහිමි කිරීම සදහා රටවල් ගණනාවක ජාතික නායකයින් බොහෝ දෙනෙක් පරාජයට පත්කළ යහපාලන තුරැම්පුව අප රට තුලද ක්‍රියාත්මක කළේය. ගොබෙල්ස්සියානු තියරිය අනුව මහින්ද දූෂිතයයෙක්, ඒකාධිපතියෙක් නීතියක් සාදාචාරයක් නැත්තෙක් බවට ඒත්තු ගන්වන අති විශාල සටකපට ව්‍යාජ ප්‍රචාරණ යාන්ත්‍රණයක් ඇති කළේය. විශේෂයෙන්ම facebook ඇතුලු සමාජ ජාල හරහාද ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය හරහාද එකම බොරැව අතොරක් නැතිව කියවන්නට විය. ඉවක් බවක් විමසීමක් නැතිව මේවා පිලිගත් බොහෝ දෙනාට මහින්ද දුෂිතයෙක් ඒකාධිපතියෙක් යන්න ක්‍රමයෙන් පත්තියන් විය. ඉර පායන තරම් විශ්වාසයෙන් මහින්ද හොරෙකු දුෂිතයෙකු ඒකාධිපතියෙකු බව අදහන්ට විය. අදටත් මහින්දලාගේ හොරකමක් දුෂණයක් චංචාවක් ඔප්පු කීරිමට ඊනියා දුෂණ විරෝධීන්ට නොහැකි වී ඇත. එසේ තිබියදීත් අදටත් මහින්ද අන්ත දුෂිතයැයි සිතා මෛත්‍රීපාලට ජන්දය දුන් බොහෝ දෙනෙක් මහින්ද දුෂිතයැයි යන අදහස ඉවත් කර නොමැති බව පෙනෙන්නට ඇත. ඒ දේශපාලනික ළදරු මනස් ගොබෙල්ස්සියානු තියරියට සහ යහපාලන තුරැම්පුවට යටවූ බැවිනි.

අඩුම තරමින් අවුරැදු 100ක් තිස්සෙවත් ජාතිවාදයෙන් බෙදුම්වාදයෙන් සහ ත්‍රස්තවාදයෙන්(ත්‍රස්තවාදය පරාජය කළද ජාතිවාදය පරාජය කිරීමට අපට නොහැකි විය) අනේක පීඩාවන්ට පත්වු රටක ඒකියත්වයට සහ ජාතිකත්වයට වඩා ඊනියා යහපාලනයක් විශේෂයෙන්ම සිංහලයන්ට වැදගත් විය. (විශේෂයෙන්ම මධ්‍යම පන්තියට සහ බටහිර දැනුමේ අනුකාරකයන්ට) ලැම්බෝගිනිවලින්, රත්තරං අශ්වයන්ගෙන්, හෙලිකොප්ටර් වලින් සමාන්‍ය ජනයාගේද මුණු පොතේ බහුතර නොදරුවන්ගේද දැඩි මහින්ද විරෝධයක් ඇති කළේය. නීතියේ ස්වාධිපත්‍ය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන සදාචාරය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, රෙජිමය වෙනස් කිරීම, මෙගා දුෂණ, සංඛ්‍යා ලේඛන වාර්තා ආදි දහසකුත් කතා මගින් විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේද බටහිර දැනුම වන්දනාමාන කරන සාමාන්‍ය උගතුන් ආදීන් තුලද මහින්ද විරෝධයක් ඇති කළේය. රටෙහි ඒකියත්වයද ජාතිකත්වයද පසෙක දමා දෙමළ ජාතිවාදීන්, මුස්ලිම් ජාතිවාදීන් බටහිර රූකඩ දේශපාලකයින් සිංහල බෞද්ධ විරෝධීන් ආදීන් සමග මහින්ද එලවීමට අත්වැල් බැදගත්හ. ඒ දේශද්‍රෝහී රැල වෙනුවෙන් පෙනී සිටීම සිදු කළහ. විශේෂයෙන් සැලකිය යුතු සිංහල බෞද්ධ පිරිසකගේ දේශපාලනික ළදරු මනස් ගොබෙල්ස්සියානු තියරියට සහ යහපාලන තුරැම්පුවට අසුවී මහින්දව අතුගා දැමීමේ නාමයෙන් දේශපාලන තලයෙන් ජාතිකත්වය අතුගා දැමීමට ඡන්දය ප්‍රකශ කළහ. අදටත් ඔවුන් කළේ කුමක්දැයි අවබෝධ වී ඇතැයි සිතිය නොහැක.

ඒ කෙසේ හෝ අද නැවතත් රටෙහි ජාතිකත්වයද ඒකියත්වයද දුර්වල වී ඇත. විග්නේෂ්වරන්ලා, සුමන්දිරන්ලා,සම්බන්ධන්ලා, රනිල්ලා, චන්ද්‍රිකාලා දේශපාලන තලයේ බෙදුම්වාදය සදහා පාර කපමින් සිටී. සන්නස්ගලලා ආදී දහසකුත් පඩියෝ සිංහල බෞද්ධ විරෝධී මතවාද ජනමාධ්‍ය ඇතුලු බොහෝ තැන්හි සමාජ ගතකිරීමට අවස්ථාව සලසාගෙන ඇත. කෙසේ හෝ විග්නේෂ්වරන්ලා මේ අතගසා ඇත්තේ බෙදුම්වාදය සදහා වු මුලික පියවර වලටය. ඔවුන්ට ඇමෙරිකාවේද එංගලන්තයේද මානව හිමිකම් කවුන්ලයේද පුර්ණ සහයෝගය හිමි වනු ඇත. වචනයෙන් ප්‍රකාශ නොකළද රනිල් -චන්ද්‍රිකා සංයෝගය ඒ සදහා රජයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇත. මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැනටමත් විධායක අගමැති ලෙස හැසිරෙන රනිල්ට අවශ්‍ය පරිදි හැසිරෙමින් සිටියි. සන්නස්ගලලා වියන්ගොඩලා නිර්මාල් රංජිත්ලා මේ සියලු ක්‍රියා ලොකු දේශපාලන වචන හරඹයකින් සාධාරණීකරණය කරනු ඇත. මේ සියලුදෙනා තවත් ඉදිරියට ගියහොත් රට බෙදා වෙන්වීම කාලය පිලිබද ප්‍රශ්නයක් පමණී. රටෙන් කෑල්ලක් කඩා වෙන්කරගෙන සිංහලයන්ට දෙකොනින් හිනා වී තම තමන්ගේ දේශපාලයන් මතවාදයන් දීනු බවට උදම් අනනු ඇත. ජාතිවාදී විසෙන් දෙකඩ කොට වෙන්කරන ලද රටක බෙදුම්වාදී ජාතිවාදය තස්ත්‍රවාදයක් දක්වා වර්ධනය වී දහස් ගණනකගේ ජීවිත අහිමි වීම බෙදුම්වාදී නඩය හුදු තම ආත්මාර්ථය සදහා බලෙන් අමතක කර දමා ඇත.

මෛත්‍රීපාලට ජන්දය දුන් බොහොමයක් අයට මේ පිලිබදව අවබෝධයක් නැති බව පෙනෙන්නට ඇත. දුෂණ චංචා ඇල්ලීම, යහපාලනය ආදියෙන් ඇස් නිලංකාර වී ඇති ඔවුනට විග්නේෂ්වරන්ලාගේ දේශපාලනය පෙනෙන්නේ නැත. ඒ බව පෙනෙන කිහිප දෙනා නිහඩව සිටින්නේ කුහකකම නිසාවෙනි. රට බෙදනවට අපිත් විරැද්ධයි එහෙම උනොත් අපිත් පාරට බහිනවා කෝ තාම එහෙම එකක් පෙන්න නෑනේ මෛත්‍රිට ඡන්දය දුන් බොහෝ දෙනාගේ පිලිතුරය. රටක් බෙදනවා යනු ඉඩම් කට්ටි කිරීමක් වැනි පොඩි දෙයක් ලෙසත් ඒ සදහා වසර ගණනාවක දේශපාලනික වුද මතවාදී වුද ක්‍රියාමාර්ග නැති බවත් සිතන්නට තරම් ඔවුන් අද බාල ද නැත්නම් රටෙහි ඒකියත්වය තුට්ටුවකටවත් මායිම් නොකරන්නේද යන්නත් මේ ලබා දෙන පිලිතුර අනුව විමසා බැලිය යුතුය.

-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com



නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

2/05/2015

ව්‍යාජ ජාතිකවාදියෝ

කතෘ:යුතුකම     2/05/2015   3 comments

ප‍්‍රථම වතාවට සිංහල බෞද්ධයන්ගේ බහුතර කැමැත්තට විරුද්ධව ජනාධිපතිවරයකු පත්විය. දළ වශයෙන් කරන ලද ගණනය කිරීම් අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට සිංහල ජන්ද වලින් 55% ක් පමණවත් ලැබී ඇත. දෙමළ මුස්ලිම් ජන්ද වලින් ලැබී ඇත්තේ 20% වැනි ප‍්‍රමාණයකි. එනම් දෙමළ මුස්ලිම් ජනයාගේ ජන්දවලින් 80% පමණ මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත ලැබී ඇත. මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අල්ලපු ආසනය වූ මින්නේරිය ආසනය පවා එතුමාටජයගත හැකි වූයේ ජන්ද 997 කිනි. ප‍්‍රතිශත වශයෙන් 50.12%: 48.69% ප‍්‍රමාණයකි. එසේ තිබියදී උතුරුනැගෙනහිර ඒ මහතාට 80% පමණ ලැබීමට හේතුව දෙමළ හා මුස්ලිම්ජනයා ජාතිවාදි ලෙස ජන්දය ප‍්‍රකාශ කිරීමය. දෙමළ ජාතිවාදයේ ප‍්‍රධානම ප‍්‍රතිඵලයක්වූ දෙමළ ත‍්‍රස්තවාදය අවසන් කළේ මහින්ද රාජපක්ෂ නායකත්වයෙනි. යුධ ජයග‍්‍රහණය සඳහා බොහෝ දෙනා දායක වූවත් ඒ සඳහා තීරණාත්මක සාධකය වූයේ හිටපු ජනාධිපතිවරයාය. එය කෙසේ හෝ වේවා දෙමළ ජාතිවාදින් වෙත යුධ ජයග‍්‍රහණයේ නායකත්වය මෙන්ම සිංහල ජාතිකත්වයද නියෝජනය වනුයේ මහින්ද රාජපක්‍ෂ මහතා හරහාය. වයිකෝ වැනි දෙමළ ජාතිවාදීන් රාජපක්‍ෂ මහතාගේ පරාජය සැමරුවේද එතුමාගේ බෙල්ලට තොණ්ඩුව දමන අයුරු නිරූපණය කළේද ඒ නිසාවෙනි. ගෝලීය දෙමළ සංගමයේ නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා පෝරකයට යවන බවද ප‍්‍රකාශ කළේ ඒ නිසාවෙනි. සරත් ෆොන්සේකා හෝ පාඨලී චම්පික ගැන දෙමළ ජාතිවාදින් එලෙස නොහැසිරෙන්නේ ඔවුන් හරහා සිංහල ජාතිකත්වය නියෝජනය නොවන බැවිනි. දෙමළ ජාතිවාදයට එරෙහිව ඔවුන් තීරණාත්මක සාධක ලෙස දෙමළ ජාතිවාදීන් නොසලකන බැවිනි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්ද මෙය වෙනසක් නොවේ. එතුමා සිංහල බෞද්ධ වූ පමණින් හෝ ජාතික ඇඳුම ඇන්ද පමණින් ඔහු හරහා සිංහල බෞද්ධ ජාතිකත්වය නියෝජනය නොවේ. එතුමා හරහාද සිංහල බෞද්ධ ජාතිකත්වය නියෝජනය වූයේ නම් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්‍ෂ මෙන්ම දෙමළ මුස්ලිම් ජනයා ඔහුට මෙතරම් ජන්දය ප‍්‍රකාශ නොකරනු ඇත.

සිරිසේන මහතාගේ පිල ප‍්‍රමුඛ වර්තමාන ආණ්ඩුව සිංහල බෞද්ධ ජාතිකත්වය නියෝජනය නොකරද්දී එය එසේ නොවන බවට බෙරිහන් දෙමින් දැඟලූයේ පාඨලී චම්පික රණවක මහතායි. විටෙක සමාජවාදියෙකු වෙස් ගත් ඔහු විටෙක ලිබරල්වාදියෙකු විය. තවත් විටෙක ජාතිකත්වයට පැමිණෙන ඔහු විටෙක ජාතිය මළකඳක් යැයි කියා ඉන් ඉවත්ව යයි. පාඨලි චම්පික සෑම විටම කර ඇත්තේ මෙවැනි අවස්ථාවාදී දේශපාලනයකි. තමන්ට බලයක් ලබාගත හැකි ඕනෑම තැනකට පැමිණීමට ඔහුට අබමල් රේණුවක තරම්වත් ලැජ්ජාවක් නොමැත. ‘‘බලය සහ බලය’’ ලියූ ඔහුට අවශ්‍ය වන්නේද බලය සහ බලය පමණකි. ඕනෑම කි‍්‍රයාවක් සාධාරණීකරණය කිරීම සඳහා අමුතු වචන මෙන්ම ඉලක්කම් හරඹද පාව්චිචි කිරීම චම්පික මහතාගේ සිරිතය. චම්පිකට සැළකිය යුතු දේශපාලන බලයක් ලැබුණේ හෙළ උරුමය හරහාය. සිංහල බෞද්ධ ජාතිකත්වය සුරැකීම උදෙසා(උදෙසා යැයි) ආරම්භ වූ හෙළ උරුමයේ ආරම්භ නායකයෝ බොහෝ දෙනෙක් හෙළ උරුමය හැර ගොසිනි. හෙළ උරුමය ජාතිකත්වය උදෙසා සාධනීය කාර්යයන් සිදු කළේදැයි පිළිබඳ වෙනම කතා කිරීමට සිදුව ඇත. ඒ කෙසේ හෝ වේවා යම් ජාතිකත්වයක් ඇති අය හෙළ උරුමයට සහයෝගය ලබා දුනි. ඒ අතර බහුතරය මධ්‍යම පාන්තිකයන් විය. පාඨලි සෑම විටම කතා කළේ මේ මධ්‍යම පන්තියට විකිණිය හැකි දේවල්ය. විශේෂයෙන්ම පාඨලි මහතාගේ ඉලක්කම් හරඹය බොහෝ දෙනා විමසීමකින් තොරවම පිළිගනී. ඔහුගේ බොහෝ ඉලක්කම් හරඹ තුළ ඇත්තේ බොරු නොව පට්ටපල් අමුලික බොරුය. රනිල් -චන්ද්‍රිකා - TNA – හකීම් පිල සමඟ ලැඟ ලැඟත් පාඨලීට අවශ්‍යවනුයේ ජාත්කත්වයද විකුණන් කමින් තමන්ගේ බලය තවදුරටත් රැකගැනීමයි. ඒ අතරතුර යහපාලනයේ ප‍්‍රධාන කෙරුමාද තමන් වෙමින් එහි ලකුණු දා ගැනීමටද පාඨලී මහතාට අවශ්‍යය. රනිල් - චන්ද්‍රිකා බෙදුම්වාදී විජාතික පිල සමග ලැගීමෙන් ජාතිකත්වය හරහා පාඨලීට ලැබී තිබුණු බලයද නැත්තටම නැති වී ගියේය. ජාතිකත්වය නිවැරදිව හදුනාගත් කිසිවෙකුත් පාඨලීව අද තුට්ටුවකටවත් මායිම් නොකරයි. පෙරටත් වඩා මහින්ද රාජපක්ෂ,ඝෝඨාභය රාජපක්ෂ, විමල් වීරවංශ, උයද ගම්මන්පිල මහත්වරු වෙත සිංහල බෞද්ධජාතිකත්වයේ නියෝජනය ලැබෙන අතර ජාතික බලවේගවලට අද දේශපාලන ක්ෂේත‍්‍රයේ බලාපොරොත්තුව තැබිය හැක්කේ ඔවුන් මත පමණි. මංගල, රාජිත, පරදවමින් මහින්ද, ඝෝඨාභය, විමල්, ගම්මන්පිල මහත්වරු වෙත පාඨලී මඩ ප‍්‍රහාරඑල්ල කරන්නේ ඔවුන් වටා ජනතාව පෙල ගැසී සිටන තුරු පාඨලීට ජාතික දේශපාලනයට ඇගිල්ලක්වත් ගැසීමට නොහැකි බැවිනි.

2009 යුද ජයග‍්‍රහණයත් සමග ජාතික බලවේග අඩුම තරමින් අවුරුදු 25 ක් වත් තිස්සේ ගෙන ගිය දෙමළ ත්‍රස්ත්‍රවාදයට එරෙහි සටන ජයග‍්‍රහණය කළේය. එහි අවසාන කාලපරිච්ෙඡ්දයේ රට තුළ ජාතිකත්වය සදහා විශාල බලයක් ගොඩනැගී තිබුණි. රනිල්, චන්ද්‍රිකා, බෙදුම්වාදි විජාතික පිලට කිසිදු ඉඩක් ලාංකීය දේශපාලනය තුළ නොතිබුණි. පාඨලී එම කාළය තුළ අද ඔහු සිටින රනිල් - චන්ද්‍රිකා පිලට පහර පිට පහර ගැසුවේය. එයට එකම හේතුව වූයේ ඒ කාලයේ ජාතිකත්වය මාකට් කිරීමට හැකියාව තිබු බැවිණි. යුධ ජයග‍්‍රහණයෙන් වසර කිහිපයකට පසු ජාතිකත්වය හරහා පෙර තරම් බලය ලබා ගැනීමට අපහසු බව තේරුම් ගත්පාඨලී මෙන්ම රතන හිමියන් ද තමන්ට බලය ලබා ගත හැකි අලූත්ම කතාව වූ යහපාලනයට පැනගත්තේය. අන්‍යාගාමීකරණයට එරෙහිව හා සිංහල බෞද්ධ උරුමය රැකීමට යැයි කියාගෙන ආ ඔවුන් අද ඊනියා යහපාලනයක් ඇති කිරීමට ඉදිරිපත් වී සිටී. රන්ජන් රාමනායකලා, මංගලලා, රාජිතලා සමග වංචා දූෂණ ඇල්ලීමේ කඩා පනින හමුදාවට එක්වී සිටින චම්පිකලා යහපාලන බබාලාගේ ලකුණු ගැනීමට තවත් බොරු බේගල් අභීත ප‍්‍රකාශ ඇද බානු ඇත.

ඒ කෙසේ වෙතත් රනිල් - චන්ද්‍රිකා- සම්බන්ධන් -හකීම් බෙදුම්වාදී පිල රටෙහි ඒකීයත්වය හා සිංහල බෞද්ධ ජාතිකත්වය විනාශ කිරීමට කටයුතු කරන බව නොදන්නා තරම් පාඨලී මහතා තොත්ත බබෙකු නොවේ. ඔවුන් මේ මොහොතේදීත් ඒ සදහා කටයුතු කරන බව පාඨලී හොද හැටි දනී. උතුරේ ආණ්ඩුකාරවරයා මෙන්ම දිස්ත‍්‍රීක් ලේකම්වරියද මාරු කළේ බෙදුම්වාදයට විරුද්ධ නිලධාරින් උතුරු නැගෙනහිරින් ඉවත් කිරීම සදහාය. අගමැති රනිල් වික‍්‍රමසිංහ ද උතුරු නැගෙනහිරට පූරිණ ස්වයං පාලන අයිතිය දෙන බවට දමාධ්‍ය වලට ප‍්‍රකාශ කර තිබුණි. බෙදුවාදයේ මූලික පියවර සැකසෙද්දීත් ඒවා පාඨලීසාධාරණීයකරණය සිදු කරන්නේ යහපාලනය තුල ඔහුට තවදුරටත් ලකුණු දාගනිමින් ඉදිරියට යෑමසදහාය. සිංහල බෞද්ධ ජාතිකත්වය මෙන්ම රටෙහි ඒකීයත්වයද පාඨලීට වැදගත් නැත. ඔහුට අවශ්‍යබලය හා බලයම පමණකි. රනිල් - චන්ද්‍රිකා විජාතික බෙදුමිවාදි පිල තව දුරටත් ඉදිරියටගියහොත් ඔවුන්ට විරුද්ධව ජාතික බලවේගවල විශාල පෙලගැස්ම රට තුළ නිර්මාණය වනු ඇත.නැවතත් ජාතිකත්වය සහ රටෙහි ඒකීයත්වය වෙනුවෙන් විශාල ජන බලයක් ගොඩනැගෙකු ඇත. ජාතිකබලවේග පාඨලීගෙන් මෙන්ම රතන හිමියන්ගෙන් ද වඩාත්ම පරිස්සම් විය යුත්තේ එදාටය. එදාට නිර්මාණය වන ජාතික බගවේගයේ බලය තමන් අතට ගෙන තමන්ගේ බලය රැක ගැනීම සදහා ඔවුන් එදාට යහපාලනයට පයින් ගසා ජාතිකත්වය වෙත නැවතත් පනිනු ඇත. යහපාලනය අමතක කර දමාජාතිකත්වයේ උරුමක්කරුවන්ට තමන් බව ඔවුන් එදාට හඩ තලනු ඇත. එදාට ඔවුන් ජාතිකත්වය වෙත පැමිණෙන්නේ ජාතිකත්වය රටේ ඒකීයත්වය රැක ගැනීම උදෙසා නොව තමන්ගේ බලය රැක ගැනීම සදහා පමණක්ම බව අවබෝධ කරගැනීමට සහ ඔවුන්ට එහි බලය අතට ගැනීමට ඉඩ නොදීම සදහා ජාතිකබලවේග අද සිටම ශක්තිමත් විය යුතුය.


-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com


2/04/2015

නිදහස අහිමි කරවන නිදහස

කතෘ:යුතුකම     2/04/2015   3 comments

පෙබරවාරි 4 අපගේ නිදහස් දිනයයැයි කියන්නට හෝ සිතන්තට අපි පුරැදු වී ඇත්තෙමු. අවුරුදු 300 ක් පමණ බලපෑම් සහිතව පැවතුණු බටහිර ආක්‍රමණය 1815 දී පුර්ණ යටත්විජිතවාදයක් බවට පත්විය. අවුරැදු දහස් ගණනක් ඉපැරණි සංස්කෘතියක් චින්තනයක් සතුව පැවති සිංහල ජාතිය දේශපාලනික, සමාජිය, සංස්කෘතික, ආගමික ආදී සැම අංශයක්ම ඔස්සේ දැඩි මර්ධනයකට ලක්විය. තුවක්කුවෙන් මෙන්ම දැනුමෙන්ද සිංහල බෞද්ධ ජාතිකත්වය අඩපණ කළේය.

පසු කාලීනව තුවක්කුව වෙනුවට දැනුම භාවිතා කර තුවක්කුවට වඩා පහසුවෙන් අප මත බටහිර ආධිපත්‍ය පැටවීය. සිංහල දැනුම(වෙදකම, ගොවිකම, විද්‍යාව,අධ්‍යාත්ම විද්‍යාව, කලාව, සාහිත්‍ය ආකල්ප ආදී මුළුමහත් සංස්කෘතියම)සිංහල බෞද්ධයන්ට භාවිතාකිරීමේ නිදහස දැඩි මර්ධනයකට ලක්විය. ඒ වෙනුවට බටහිර දැනුම අප මත බලෙන් පැටවීය. ඒ තුල තව දුරටත් සිංහල දැනුම, සිංහල බෞද්ධ සංස්කෘතිය,සිංහල බෞද්ධ ජාතිකත්වය නොවටිනා නොවැදගත් දේවල් බවට ඉගැන්වීය. ඒ තුලින් සිංහල දැනු‍මේ, සිංහල බෞද්ධ සංස්කෘතියේ,සිංහල බෞද්ධ ජාතිකත්වයේ නිදහස උදෙසා සටන් කිරීම අඩපණ කළේය.බටහිරයන් අපව කෙතරම් සිහිමුලාවටත් දීනත්වයටත් පත් කළේදැයි කිවහොත් 1948 දී ලැබුණු අඩු මට්ටමේ දේශපාලන නිදහස , පූර්ණ නිදහසක් ලෙස සිතීමට පවා අපව පුරැදු කරවීය. පූර්ණ නිදහසක් ලැබී ඇතැයි සිතන්නන්ට සිංහල දැනුම, සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බෞද්ධ ජාතිකත්වය තවමත් මර්ධනයටත් බටහිර දැනුමේ,බටහිර සංස්කෘතියේ ආධිපත්‍යටත් යටවී ඇති බව නොවැටහෙන දෙයක් විය.

තුවක්කු පෙනෙන්නට නොතිබුණද අවුරැදු සියගණනකට අධික යටත්විජිතවාදය තවමත් අවසන් වී නොමැත.බටහිර දැනුම හා බටහිර සංස්කෘතිය මගින් සිංහල දැනුම, සිංහල සංස්කෘතිය තව තවත් මර්ධනයත් යටපත්වීමත් සිදුවෙමින් පවතී.අවසන් නොවුණ යටත්විජිතවාදයක් තුල සිටීයදී පවා පූර්ණ නිදහසක් ලැබී ඇතැයි සිතන්නේ හෝ දැනෙන්නේ බටහිර දැනුමේ ආධිපත්‍ය මගින් අපව නිවටයන්,දාසයන්, සිහිවිකල් වූවන් බවට පත්කර ඇති හෙයිනි.ඊනියා නිදහසක් පිළිගැනීම තරම් සැබෑ නිදහස අහිමි කරවන තවත් දෙයක් නොමැති බව අප අද දිනයේ දී හෝ තේරැම් ගැනීම ජාතියක් ලෙස අප කළ යුතුම වන්නේය.එසේ නොවුනහොත් බටහිර දැනුම , බටහිර සංස්කෘතිය, බටහිර දේශපාලනය හමුවේ තැලි පොඩිවී විකෘති වී ගිය අනන්‍යතාවයක්,අදීනත්වයක්,නිදහසක් නොමැති සංස්කෘතිකයම අවජාත බෙලහීන ජාතියක් නිර්මාණය වීම නොවැළැක්විය හැකිය.


-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com


HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions