1/19/2016

අපි ලෝකයටම 'නරක' ආදර්ශයක්

කතෘ:යුතුකම     1/19/2016   1 comment
පංතියක ටීචර් කියන එක කනකට ගන්නේ නැති ළමයිනට දඩුවම් කරන්නේ ඒ ළමයින්ව කීකරු කර ගන්න විතරක්ම නෙමෙයි. එහෙම නොකලොත් අනෙක් ළමයිනුත් ටීචර් කියන දේ කනකට ගන්නේ නැති වෙන්න පුළුවන්. එක පැත්තකින් අපේ කතාවත් අන්න ඒ වගේ තමයි.

.මම මේ කියන කතාවත් සුරංගනා කතාවක් කියලා හිතෙනවා නම් 2009 න් පස්සේ ලංකාවේ සාම ක්‍රියාදාමය අසාර්ථක වීම ගැන ලියවුනු පර්යේෂණ පත්‍රිකා Google scholar වලට ගිහින් බලන්න පුළුවන්.

ලංකාවේ තිබ්බ ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසඳුමක් විදිහට සාකච්ඡා මාර්ගය තෝර ගන්න කියලනේ ලෝකයේ රටවල් අපිට අවුරුදු ගානක් තිස්සේ කිව්වේ. අපිට විතරක් නෙමෙයි අපි වගේ සාපේක්ෂව බලය අඩු හැම රටකටම එහෙම තමයි කියන්නේ. 2005 න් පස්සේ අපි ටිකක් මුරණ්ඩු උනා. මුරණ්ඩු වෙලා අපේම ක්‍රමයට ත්‍රස්තවාදයට මුහුණ දුන්නා.

ගොඩ දෙනෙක් අපෙන් හැමදාමත් අහන ප්‍රශ්න තමයි සුද්දන්ට මොකද්ද තියන අමාරුව අපේ රටට ඇඟිලි ගහන්න? මොකද්ද ඒ අයට තියන උවමනාව අපිව යුධ අපරාධ වලට කොටු කරන්න? අපි යුධ අපරාධ කරලා නැත්නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දුන්නාම මොකද වෙන්නේ? අපි මේවට දෙන උත්තර ඒ අය දකින්නේ සුරංගනා කතා වගේ. මේකත් එහෙමද කියලා ඔබම තේරුම් ගන්න

ලංකාවේ කරගෙන ගිය සාම ක්‍රියාදාමය පැත්තකට දාලා අපේම ක්‍රමයකට යුද්ධයක් හරහා ත්‍රස්තවාදයට සාර්ථකව මුහුණ දීමම මේ අයට තියන ගැටලුවක්. ඒ අයම සැක පල කරන විදිහට ලෝකයේ අනෙක් රටවල් ලංකාවේ සිද්ද වෙච්ච දේ ආදර්ශයට අරන් තමන්ගේ රටවල තියන ප්‍රශ්න විසඳන්න ක්‍රියා කරන්න පුළුවන්.

//Sri Lankan case contributes to a broader discussion among critics of the liberal peace, who have begun to discuss alternative approaches to liberal peace-building//

//Sri Lankan case may suggest a growing contestation of international peacebuilding norms, and the emergence of a legitimated ‘illiberal peace’//

සහ

//If the Sri Lankan counter-insurgency does produce long-term stability, and does not result in significant negative international consequences for the regime, then it may become a model for future illiberal forms of conflict management in other intrastate wars.//

එහෙම නම් මේ අය කියන ක්‍රමයෙන් බැහැරව තමන්ගේම ක්‍රමවේදයකට අනුව යුද්ධ හරහා ගැටුම් වලට විසඳුම් හොයන එක වළක්වන්න නම් ලංකාවේ දීර්ඝ කාලීනව අස්ථාවර බවක් ඇති වෙන්නත් ඕනේ. රජයට ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑම් එල්ල වෙලා රජය අපහසුතාවයට පත් වෙන්නත් ඕනේ.

ලංකාවේ වෙන්නේ ඒක නෙමෙයිද?

මූලාශය
Lewis, David. "The failure of a liberal peace: Sri Lanka's counter-insurgency in global perspective." Conflict, Security & Development 10.5 (2010): 647-671.

-අංජන මලගලගේ
[යුතුකම පාඨක ලිපියකි.]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

8/10/2015

ටික ටික එළි වන යුධ අපරාධ අවදානම

කතෘ:යුතුකම     8/10/2015   1 comment

මේ දවස් වල ඡන්දය හින්දා හැමෝටම අමතක වෙලා තිබුනත් තව මාසයක් යනකොට මේ රටේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ යුධ අපරාධ චෝදනා වාර්තාව. ඒක මොනවගේ වෙයිද කියලා විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ වලින් අපිට ඉඟියක් ලබා ගන්න පුළුවන්. (මම ප්‍රාර්ථනා කරනවා මෙතනදී මගේ පුරෝකථනයන් වරදින්න කියලා)

  • Heavy wait battle: Sirisena wants to wait, but UNP cannot (ද සන්ඩේ ටයිම්ස්-  2015 ජුනි 21)
මහින්ද-මෛත්‍රී සමඟි කරන්න පත්කල නිදහස් පක්ෂයේ 6 දෙනාගේ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල මුණගැහිච්ච වෙලාවේ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා තියනවා. පුවත්පත ඒක වාර්ථා කරන්නේ මෙන්න මේ විදිහට.
''He said three different countries were now probing Rajapaksa but did not name them. This was besides the strong likelihood of critical references against Rajapaksa in the probe report on alleged war crimes.''


මේ වෙලාවේ මහින්ද ගැන විමර්ෂණයක් කරන්න රටවල් තුනකට අවශ්‍ය නම් ඒ යුධ අපරාධ ගැන මිසක් වෙන දෙයක් ගැන නොවන බව පැහැදිළියි. යුධ අපරාධ වාර්තාවෙන් මහින්ද රාජපක්ෂට ඍජුවම චෝදනා එල්ල වෙන් පුළුවන් බවට පළවෙච්ච පළවෙනි ප්‍රභලම ඉඟිය මෙයයි. වැදගත්ම දේ තමයි මේ පුවත්පත වාර්තා කරල තිබ්බ දේ කිසිම කෙනෙක් වැරදියි කියලා ප්‍රකාශයක් කලේ නැහැ.


  • Sri Lanka polls timed ahead of U.N. war crimes report to foil Rajapaksa comeback (රොයිටර් වෙබ් අඩවිය - 2015 ජූලි 6)
යුධ අපරාධ වාර්තාව ඉදිරිපත් වීමට පෙර මේ රටේ මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය මේ පුවතින් පෙන්වා දෙනවා.

''A U.N. report on the last days of the war is due for release in September but an aide to President Maithripala Sirisena said diplomatic sources had warned it may be leaked in late August.


    The possibility of an early release prompted Sirisena to call elections for Aug. 17 to give his ally Prime Minister Ranil Wickremesinghe an edge and hopefully deny Rajapaksa any chance of a political resurgence, said sources close to Sirisena.

"Even if is not said openly, the U.N. report was considered when deciding the date," Champika Ranawaka, power and energy minister and one of Sirisena’s close allies, told Reuters.

Foreign diplomatic sources said some Western countries also worried the U.N. report could help Rajapaksa and urged Sirisena not to delay elections.''

මේ වාර්තාවෙන් කියවෙන විදිහට යුධ අපරාධ වාර්තාව මැතිවරණයට පෙර ඉදිරිපත් උනොත් එය පැහැදිළිවම මහින්දට මැතිවරණය ජය ගන්න උදව්වක් වන බවයි. එය මහින්දට ජය ගන්න උදව්වක් වන්නේ ඔහුට යුධ අපරාධ වාර්තාව හරහා යුධ අපරාධ චෝදනාවක් එල්ල වනවා නම් පමනයි. යුධ අපරාධ වාර්තාව හරහා ඔහු යම් වරදකරුවකු වීමේ අවදානමක් නැත්නම් ඒ හරහා මහජන සහයෝගයක් ලබා ගැනීමේ හැකියාවක් ඔහුට නැහැ. ඒ නිසා මහින්දට කෙළින්ම චෝදනා ඉදිරිපත් වන බවට පෙනෙන දෙවන ප්‍රභල ඉඟිය මෙයයි.


  • යුධ අපරාධ නිර්දේශ වලට රජයෙන් කොළ එළි (දිවයින - 2015 අගෝස්තු 07 )


ඒ වාර්තාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා



''සැප්තැම්බර් 15 දා ප්‍රකාශයට පත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ නිර්දේශ පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.



කොටි සංවිධානය සිදු කළ වරද ලෙස දක්‌වා ඇත්තේ ළමා සෙබළුන් බඳවා ගැනීම බවද එහි දක්‌වා තිබේ. මෙකී වාර්තාවෙන් සුදු කොඩි සිද්ධිය පිළිගෙන ඇත. එහි ප්‍රධාන සාක්‍ෂිකරු හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් යෑයි හෙළිවී තිබේ.''


තනි පුවතක් විදිහට මෙහි එතරම් ලොකු ඉඟියක් නැතිවුනත් ඇමති රාජිතගේ ප්‍රකාශත් එක්ක ගත්තාම වැදගත් දෙයක් තියනවා. ඒ ප්‍රකාශ නම්,

  • සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නා නම් බේරාගන්න බෑ - කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න (දිවයින - 2015 අගෝස්තු 06)

මෙහිදී ඇමතිවරයා මෙහෙම කියනවා

''යුද්ධය පැවැති අවස්‌ථාවේදී සුදු කොඩි උස්‌සාගෙන එන අය මරන්න කවුරුන් හෝ නියෝග දුන්නේ නම් ඔවුන් බේරා ගැනීමට නොහැකි බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ජිනීවා සමුළුවේදී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළහොත් ඊට සැප්තැම්බර් මාසයේදී පිළිතුරු ලබාදෙන බව කී ඇමැතිවරයා යුද්ධයේදී සිදුවූ සැබෑ සිද්ධීන් වලදී ආණ්‌ඩුව පෙනී සිට සියලු දෙනා බේරාගන්නා බවද කියා සිටියේය.

එහෙත් යුද්ධයට මුවාවී විවිධ අපරාධ, මිනී මැරුම් කළ හෝ කිරීමට අණදුන් කිසිවකු වෙනුවෙන් පෙනී නොසිටින බවද ඇමැතිවරයා කීය.''

අනිවාර්යයෙන්ම මෙහිදී ඉදිරිපත්වන්නේ යුධ අපරාධ පිළිබද චෝදනාය. ඇමතිවරයාම කියන පරිදි අපරාධ කල අය වෙනුවෙන් පෙනී ඉන්නේ නැත. 

ඒ වගේම සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවේ ජනාධිපතිතුමා මෙහෙම කිව්වා කියලත් සඳහන් වෙනවා.

''If Rajapaksa agrees to accept his offer, Sirisena said there was a possibility of Rajapaksa being defended or saved.''

මෙහිදී ඔහුගේ යෝජනාව වූයේ

''He then made clear he was not prepared to make Mahinda Rajapaksa the prime ministerial candidate nor give him nominations to become a candidate at the parliamentary elections. He will also not be named on the National List. However, Sirisena said he could be given a ‘sambhavaneeya thanathurak’ or a distinguished position.''

මහින්ද ඒ යෝජනා ප්‍රතික්ෂේප කල නිසා මෛත්‍රී කියන විදිහට ඔහුට කරන්න දෙයක් නැත. (මම දකින විදිහට එය බාරගත්තත් මෛත්‍රී මුකුත් කරන්නේ නැත. ඔහු කලේ මහින්දව බිය ගන්නවා ඡන්දයට ඒම වැළැක්වීමය. ඒ අනුව මහින්ද ඇතුළු යුද්ධයට සම්බන්ධ වූවන් දඩයම් කිරීමේ පැහැදිළි අවදානමක් ඇති බව මම දකිනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න වත්මන් රජය සූදානම් නැති බවත් කියවෙනවා. (නැවතත් මා ප්‍රාර්ථනා කරනවා මගේ අනුමානය වරදින්න කියලා)

කෙනෙකුට කියන්න පුළුවන් අපරාධයක් කරලා නැත්නම් ඇයි බය වෙන්නේ කියලා. ඒකට මට කියන්න තියෙන්නේ කාරණා දෙකයි.

1.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
2. කන්න ඕනේ උනාම කබරගොයාත් තලගොයා වෙනවා

ඉදිරි මහමැතිවරණයේදි කැමත් පක්ෂයකට කැමති පුද්ගලයෙකුට මනාපය දීමට ඔබට අයිතිය හා නිදහස තියනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. කරුමෙට වගේ මේ දේවල් ඇත්ත උනෝතින් එදාට මතක්කර ගන්න මෙහෙම දේකුත් කවුරුහරි කිව්වා කියලා.

-අංජන මලගලගේ
[යුතුකම පාඨක ලිපියකි]

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions