9/24/2017

ගැමුණු කුමරුනි යළි වඩින්න

කතෘ:යුතුකම     9/24/2017   No comments
1914 දී පමණ ලක්දිවට වැඩම කළ එස්. මහින්ද හිමියෝ විදේශිකයකු වුවද ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබා ළමුන්ට දේශානුරාගය වඩවන කෘති විශාල ගණනක් රචනා කළහ. මෙරට දේශජ කාව්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමේ පුරෝගාමීවූවකු ලෙස ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ගෞරවයෙන් සිහිපත් කළ යුත්තේ අද පවා ළමුන්ට කමටහනක් කොට දිය හැක්කේ උන්වහන්සේගේ කෘති වන නිසාය. වර්තමානයේ නම් රට, දැය, සමය, නිර්මාණයවලට වස්තුකොට ගැන්ම ජාතිවාදය යයි අපේ ඓතිහාසික උරුමයන් කෙරෙහි බරපතල ආසාත්මිකතාවෙන් පෙළෙනන්ගේ ගර්හාවට ලක්වීමට හේතු විය හැකිය. තමා හැර අන් සියල්ලම දුෂණයට ලක්වී ඇතැයි සිතන මේ ලුම්පන් සංස්කෘතික පඬියන්ගේ දේශපාලන ව්‍යාධියට අනුව ‘කවිය’ ජාතික ව්‍යාපාරයට බද්ධ කළ පුරෝගාමියකු මෙන්ම සිංහලයන් තුළ ජාතික අභිමානය, දේශ වාත්සල්‍ය, මතුවන පරිදි කාව්‍යකරණය මෙහෙය වූ එස්. මහින්ද හිමියන් පවා ජාතිවාදියකු වෙනු නිසැකය.

එවන් දෘෂ්ටියමය විපරිණාමයට ලක් නොවූ තරුණයකු වශයෙන් සිය කාව්‍ය ප්‍රතිභාව අපේ අතීත උරුමයට මුල් ඇදුණු මනසකින් අභ්‍යාස කිරීම අගය කළ යුතුය. පුනර්ජි දඹෝරගම මේ කාව්‍ය සංග්‍රහයෙන් කරන්නේ යටහත් රාජ ප්‍රතිරූපකයින් හා රූකඩ රජුන් පාලකයන් වී ඇති මෙකල යළිත් මේ රට, දැය, සමය, අරාජිකත්වයෙන් මුදා ගැනීමට මේ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යරත්නය වූ ගැමුණු කුමාරයා වැනි රජෙකු මේ රටට යළි පහළ වෙන්නැයි ඉල්ලා සිටීමයි. මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුද්ධ සාසනයේ චිරස්තිය උදෙසාය යනුවෙන් ප්‍රකාශයක් කොට සිංහල බෞද්ධ රාජ්‍යයක පදනම දැමූ සහ සිය රාජ්‍ය කාලය තුළදී එයට ජීවය දුන් වීරයකු ලෙස අදටත් මිනිසුන්ගේ බහුමානයට පාත්‍රවන චරිතය වන්නේ ගැමුණු රජුගේ චරිතයයි.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/28/2017

රට දැය සමය වනසන - එන විට සතුරු සේනා - සැඟවෙමුද නිවටුන් සේ ....

කතෘ:යුතුකම     6/28/2017   No comments
-පුනර්ජි දඹොරගම-

රට දැය සමය වනසන
එන විට සතුරු සේනා
"සැඟවෙමුද අපි කොහේ හෝ
බලාගමු අපේ වැඩක් "

කැළෑ කපලා දිගට හරහට
මොකක් වේවිද මෙහෙම ගියොතින්?
"කලබල වෙන්නෙ මොකටද
බලාගමු අපේ වැඩක් "

ගිවිසුම් ගහයි එක්ටා
යමුද පොඩ්ඩක් එළියට
"එරෙහිවෙමු තත්ත්වෙ බලලා
වුනොතින් අපට මුකුත් "

බෙදුනොත් වෙනම රටක්
මොනව වේවිද හෙට දින?
"ව්‍යවස්ථා සන්ශෝදන
ඕව මොකටද අපට "

නටා පිටරට පදයට
අහෝ පිටකොඳු ඇනගෙන
රකිමුද ගේ හතර මායිම
නොදැක කළු වලා අහසේ
සැඟවෙමුද නිවටුන් සේ
තෙමි තෙමී තුඹස් අස්සේ....

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/26/2016

සෙබළා දෙවියෙකි - "රණමඟ ඔස්සේ නන්දිකඩාල්"

කතෘ:යුතුකම     9/26/2016   No comments
-පුනර්ජි දඹොරගම-
සතුරන් වියරු වී රට දැය වනසාය
සෙනෙහෙන් රටට අප රැක දුන් සොයුරාය
මිනිසුන් රකින්නට ඉපදුනු මිනිසාය
මිහිපිට උපන් සෙබළා මුර දෙවියාය

ජාතික සෙනෙහෙ හැම ලේ බිඳකම මුහුවී
දෑතක නැගුනු සවි බල එඩියෙන් සුරුවී
දාරක සෙනෙහෙ හැම මවකම ලෙය කිරිවී
සෙබළා නමින් ඇත ලය පතුලේ සැඟවී

මහ වන මැදින් නොබියව පෙර ඇදුනාදෝ
සතුරන් මුවට පියවර අඩි තැබුවාදෝ
රට දැය රකින බෝසත් ගුණ දැනුනාදෝ
ඇස් ඉස් වුවද දන් දෙන්නට සිතුවාදෝ

රෑ තුන් යමේ රට දැය රැකුවේ නොනිද
පෑ එඩිතර බවයි හද නැගුවේ නිබද
වෑහෙන විටදි ජාතික සෙනෙහස ලමැද
කෑ බත් පතට ණය නැති මිනිසෙකි සබඳ

පෙර මෙහි උපන් විරුවන් හද සිහි වේවී
උන් තෙද බසින් නිදහස් ගී මුමුණාවී
රණ මඟ දිගේ රුපු සෙන් පොදි පැන යාවී
විරුවන් නිසා හෙටටත් ඉර පායාවී....

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/03/2016

බැන්කි හඳ (මූන්)

කතෘ:යුතුකම     9/03/2016   No comments
දැන් එකහමාරයි
ඉස්කෝලෙ ඉවරයි
වෙලාවත් ගත වෙලා
පුතු තවම එන තුරා
මඟ බල බලා සිටී
දහක් අම්මාවරුන් ..

"ඊයෙත් බස් එකක
බෝම්බයක් පිපුරුවා"

හවස් වෙයි තාත්තා
ගෙදර එනකම් කියා
ඊලඟට ඈ සිටී
කම්මුලට අත තියා ..

ගෙදර දොරඟුලු තියා
පුතු රැගෙන යයි කියා
ඒ ලපටි අත් වලට
ගිණි අවිය දෙයි කියා
උතුරුකරයේ දෙසින්
අඳෝනාවක් ඇසේ
ඒ මවුවරුන්ගේ
පපු කැවුතු උණු වෙලා..

නිවූ ඒ ගිණි දැලින්
තෙද අපේ විරු පුතුන්
දැන් නිවා ඒ දුකින්
සත් වසරකුත් ගියා..

හිරු නැතිව ගිය අහස
ඝන අඳුර ඉගිල්ලා
තරු වලට හිරු සේම
හිස කඳක් නැති නිසා
බිඳ වැටුනු සිහසුනක
දොර අගුලු හැරපියා

කලුවරේ හොර හොරෙන්
"බැන්කි හඳ" පායලා....


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/17/2016

ද්‍රෝහියෝ කවුද?

කතෘ:යුතුකම     8/17/2016   No comments
-පුනර්ජි දඹොරගම-

විරු පුතුන් රකින ලෙස
බුදු පුදට මල් රැගෙන
කැවී දෑ බැති පෙමින්
යදින විටදී දැයක්

අසා පරදෙසේ බස
යවා උන් දඟ ගෙයට
නිගා දෙන්නට උන්ට
මග කපන්නේ කවුද ?

ලොවේ බලවතුන් මැද
නොබිය සිහ වෙසින් සිට
නිවී යුධ ගිණි දැලින්
සැනසෙනා විට දැයක්

නැවී අදිරදුන් වෙත
බිඳී දෑ අභිමාන
මවු බිමට පහරනා
නිවට නිවලුන් කවුද ?

එකම රට දැයක් ලෙස
එකම සොහොයුරන් ලෙස
එකම ජන ගඟක් වී
එකට වෙසෙනා දැයක්

අවුලුවා ගිණි දැලින්
රිඳුම් දෙන්නට හෙටක
බෙදුම්වාදෙට යලිත්
පණ පොවන්නේ කවුද?

මහ මඟේ හඬ නගන
කන් නොදී ජන හඬට
මගේ රට දැය නසන
සැබෑ සතුරන් කවුද?

අටවලා මර උගුල්
වැටි වැටි පැටලිලා
සිහසුනද කෙලෙසනා
දොන් ජුවන්ලා කවුද?

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/13/2016

නඩු කියමු ගැමුණු ට...

කතෘ:යුතුකම     8/13/2016   No comments
-පුනර්ජි දඹොරගම-

මැරූ මිස්ට එළාරව
කොහෙද දුෂ්ඨ ගැමුණු
බිඳී යැයි සහජීවනය
යවමු විදෙස් අධිකරණෙට?

දස මහ යෝධයෝ කෝ?
නඩු කියමු වෙන වෙනම
ථෙරපුත්ථාභය,
මේකද නියම බුදු දහම?

අතුරුදන් වූ අය
විජිතපුර සටනේ
සොයා කැඳවමු සාක්ෂි
ගෙන්වමු විදෙස් විනිසුරුවන්?

කෝ අර තිස්ස
කුඹුරු කරවූ දහසක්
කන්ඩ දීමත් සෙබලුන්ට
පාපයක් නොවද මහ?

විහාර මහ දේවි කෝ ?
වකුටු වී නිදනකොට ගැමුණු
කියන්නට තිබුනා නොවේද
අපට ඇතැයි මාගම්පුර

කෝ අද ඡත්ත?
සමරන්නට කියමු උන්ව
ඉටු කරන්න නම් යුක්තිය
කල් නොයවා අද හෙටවත්
සම්මත කරමු ද පනතක්?

(2016- 08 -11 වන දින පාරිලිමේන්තුවේදී සම්මත වූ දේශද්‍රෝහී "අතුරුදන් වූවන් පිළිබඳ පනත" නිමිති කොට )

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

8/06/2016

මුරලිගේ දුස්රාව...

කතෘ:යුතුකම     8/06/2016   No comments
-පුනර්ජි දඹොරගම-
ඒ අපේ ක්‍රිකට් ජ්‍යාත්‍යන්තරය තුල නමක් දිනා ගත් කාලය යි. '96 ලෝක කුසලානයද ඉන් එපිට ද දඟ පන්දු යවන්නන් ඉදිරියේ ස්වභාවයෙන්ම දුර්වල වූ සුදු ජාතිකයන්ට මහත් හිසරදයක් වූයේ මුරලිය. ඔහු පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක් වූයේ ඒ නිසාය. මුරලි දුස්රාව යැවූයේ ඔවුන් වෙත ය.

මුරලි දමිළ ජාතිකයෙකි. එහෙත් අපට වෙනසක් දැනුනේ නැත. ඔහුට එරෙහි සුද්දන්ගේ අඩත්තේට්ටකම් වලට එරෙහි වූයේ අප අපමය. එහෙත් සුදු ජාතිකයන් අපේ ක්‍රීඩයන්ට එරෙහිව ක්‍රියා කරන විට ඒ පිළිබඳව අපේ පුහු උගතුන් නැගූ කතිකාව කුමක් ද? ඒ පිළිබඳ හඬක් නොනැගීමට තරම් ඔවුන් දීන වීද? අද පවා එංගලන්ත සංචාර වලදී අපේ ක්‍රීඩයන්ට සුදු ජාතිකයන් සලකන්නේ කෙසේදැයි ඔවුන් සොයා බැලුවා ද? ඊනියා දෙමළ ප්‍රශ්නයක් පිළිබඳ නන් දොඩවන පුහු උගතුන්ගේ වහල් බව කොතරම් ද? මුරලි අපේම අයෙකු ලෙස අපට නොසිතුනේ ද? ගැටලුව ඇත්තේ දෙමළා බෙදුම්වාදියෙකු වීම තුල මිස දෙමළා දෙමළෙකු වීම නිසා නොවන බව මෙයින් නොකියවේ ද? දෙමළා බෙදුම්වාදියෙකු නොවීම තුල එංගලන්තය ඇතුලු බටහිර රටවල් අනුගමනය කරන පිළිවත කුමක් ද? ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීම මිස ඊනියා මානව හිමිකම් රැකීමක් නොවන බව පැහැදිලි නොවේද? මුරලිගේ දෙවන දුස්රාව යැවෙන්නේ මේ පුහු උගතුන් වෙත ය.

මුරලි මෑතකදී කතා බහට ලක් වූයේ ශ්‍රී ලංකා පිළට එරෙහිව තරඟ වදින ඕස්ට්‍රේලියානු පිලට දඟ පන්දු යැවීම පිළිබඳ දින දහයක පුහුණුවක් ලැබීම පිළිබඳව ය. එහෙත් ඔහු සම්පූර්ණ තරඟාවලිය සඳහා එම තනතුර භාර නොගත්තේ තමන්ගේ රටේ කණ්ඩායම පිටියේ තරඟ වදින විට ප්‍රතිවාදී පිලේ ක්‍රීඩාගාරයේ සිටීම නුසුදුසු යැයි ඔහු හෘද සාක්ෂියට දැනුනු නිසා ය.

අප ඔහු ගැන ආඩම්බර වෙමු. ගැටලුව ඇත්තේ යුධ අපරාධ චෝදනා සම්බන්ධව, අවාසිදායක ජ්‍යාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධව මෙන්ම රටේ ස්වරීභාවය සම්බන්ධව ප්‍රතිවාදී පිලේ ඉත්තන් වී ඔවුන්ගේ ක්‍රීඩාගාරයේ සිටින අපේ නිවට පාලකයන් ගැන ය. මුරලිගේ ඊලඟ දුස්රාව යැවෙන්නේ ඔවුන් වෙත ය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/28/2016

සංහිඳියාවෙ රඟ...

කතෘ:යුතුකම     7/28/2016   No comments
-පුනර්ජි දඹොරගම-
ලොවට පෙනෙන්නට සංහිඳියාවෙ රඟ
එපිට තියෙන්නේ රට දැය බෙදන මඟ
හෙටට ගියොත් ගිණි දළු මතු නඟින වග
නැගිට බලව් දෑ බැති පෙම් පව්වෙ නැග

විකුන විකුන අද සංහිඳියාවෙ නම
රඟන විටදි එළිපිටදිම සතුරුකම
වරද දුටු තැනදි ඉන්නා නිහඬකම
සිතනු එයම වෙයි අපගේ නිවටකම

රකින ලෙසින් රට දැය නෙත් යුගල සම
මකනු කෙලෙස උරුමය රැකි මුතුන් තම
සිතනු හැකි උනොත් බැඳ මව් ලෙසින් පෙම
රඟනු නොහැක බිඳලන්නට මෙ රන් බිම....

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/22/2016

නිදහස ලබමු - එළවා පරගැති පෙන්දා

කතෘ:යුතුකම     7/22/2016   No comments
-පුනර්ජි දඹොරගම -ඉන්නා විටදි වැසියෝ මර තැවුල්ලේ
උන්නේ කොහෙද රට ගිණිලන ඇසිල්ලේ
පන්නා ජය ද රජවරු ලඟ කැකිල්ලේ
දුන්නා නොවෙද රට පරයන් තුරුල්ලේ

පර රුපු සෙන් පරදා රට රකිනු මිස
නර සැප උදෙසා රැකගනු පිණිස කුස
වර දෙන්නට නම් හිස් මිනිසුන්ගෙ බස
කුමටද තව උන් පාමුල නැවෙන හිස

මිසදුටු වසුරු වපුරන මොළගෙඩි සින්දා
ජාතික ආලයේ සිතුවිලි යලි කැන්දා
මවුබිම යස ඉසුරු පිරි කල යලි කැන්දා
නිදහස ලබමු එළවා පරගැති පෙන්දා

යුතුකම සංවාද කව
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/20/2016

නින්දනීය ඇස්බැන්දුම්...

කතෘ:යුතුකම     7/20/2016   No comments
-පුනර්ජි දඹොරගම-
අතින් අත දෙන ඇඟිලි කරු යට
යටින් සඟවා පැතුම් විසකුරු

තුටින් මෙන් අද නගන සිනහව
හෙටින් කෙලෙවර වේවි නපුරට

රුපුන් - මිතුරන් ලෙසින් වෙස් ගෙන
එබෙන් මුර දෙව් දොරින් හැරගෙන

හමන් එන සැඩ සුළං අදිරද
ලවන් පොඟනා ලෙයක් වෙයි හෙට
 
මවන් සුර දූතයන් විලසට
ඉදින් විරුවන් යවා දඟගෙට

දනන් රවටා අදත් මෙලෙසට
තවත් එළිපිට රැඟුම් කුමටද?

 

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/11/2016

අනාගමික රාජ්‍ය සහ ධර්ම රාජ්‍ය....

කතෘ:යුතුකම     7/11/2016   No comments
-පුනර්ජි දඹොරගම-
රටේ පොදු ජන මතයට එරෙහිව ද රටේ ස්වෛරීභාවයට එරෙහිව ද පාළකයන් කටයුතු කරද්දී එහි ව්‍යවස්තාමය පිළිලය වන නව ව්‍යවස්ථා සංශෝදන නිර්දේශ වාර්තාව නිකුත් වී තිබේ. එහි ආකෘතිමය ස්වරූපය වූයේ මහජන අදහස් විමසා කමිටුවක් මගින් පළමුව එහි නිර්දේශ වාර්ථාවක් ලබා ගැනීම ය.

ව්‍යවස්ථාවක් සැකසීමට මහජන අදහස් ලබා ගැනීමෙහි වරදක් නැත. එහෙත් එම මහජන අදහස් සම්පින්ඩනය කර වාර්තාවක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමේදී ප්‍රායෝගික ගැටළු රැසක් මතු වේ. රට පුරා විවිද අදහස් ලබා ගෙන අවසාන නිර්දේශ වාර්ථාව ඉදිරිපත් කරන්නේ කමිටුවක් විසිනි. මෙම කමිටුවට පත් කරන්නේ කුමන පුද්ගලයන් ද? එම පුද්ගලයන් තේරීමේ නිර්නායක මොනවා ද? අනෙක් කාරනය නම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද්දේ මහජන මතය නම් එම අදහස් නිර්දේශ ලෙසට තෝරා ගැනීමේදී ඒ ඒ මහජන අදහස් වලට දුන් බර කොපමණ ද? එසේත් නැත්නම් එම මහජන අදහස් නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමේදී සලකා බැලූ නිර්නායක කවරේද?

මෙම කමිටු වාර්ථාවේ 20 දෙනෙකුගෙන් 18 දෙනෙකුම තම නිර්දේශය සටහන් කල වාර්ථාවේ සඳහන් ගැටළුකාරී යෝජනාවන්ගෙන් එක් යෝජනාවක් වන්නේ අනාගමික රාජ්‍ය පිළිබඳ යෝජනාවයි. දැනට පවතින ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති වලින් මෙයින් ආදේශ වන්නේ ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය වශයෙන් සඳහන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය යන යෝජනාවයි. අනාගමික රාජ්‍ය සංකල්පයම සාපේක්ෂ වූවකි. එය තම තමන් ආගම වශයෙන් සලකන්නේ කුමක්ද යන්න මත රඳා පවතින්නකි. අනාගමික රාජ්‍ය සංකල්පයම බටහිර රටවල ආගමික අන්තවාදීන්ගෙන් ජනයාට සිදු වන අහිතකර බලපෑම් නිසා වර්ධනය වූ සංකල්පයකි. එහෙත් එම සංකල්පය ප්‍රජනනය වූ බටහිර ද ආගමික රාජ්‍ය සංකල්පය අතහැර නොමැත. අපේ රටට අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යන්න මගින් අනෙක් ආගම් වලට අසාධාරණයක් සිදු වේ ද? එසේත් නැත්නම් උපතින් බෞද්ධයෙකු වූවෙකුට බලපෑමක් කෙරේ ද? බුද්ධාගම ආගමක් වශයෙක් හැඳින්වුවද එයට එදිය හැකි සුදුසුම නම ධර්මය යි. ධර්මයේ අනුසාරයෙන් පාරම්පරිකව පැවත එන දැනුම් සම්භාරය මත සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබේ. ඒ අතර ඕනෑම කෙනෙකුට අනුන්ට හින්සාවක් නොවන ලෙස තමන් කැමැති ආගමක් ඇදහීමට හෝ මතවාදයක් දැරීමට නිදහස අපේ සංස්කෘතිය තුල ඉඩ ලැබී ඇත.

පෙර සිරිතට අනුව ධර්මයේ පැවත්මට සහ එය වටා ගොඩ නැගුනු සංස්කෘතියේ පැවත්මට අවශ්‍ය කටයුතු සැලසීම් වශයෙන් වෙහෙර විහාර සෑදීමත් භික්ෂූන් වහන්සේට සිවු පසයෙන් උපස්ථාන කිරීමත් ඒ හා සම්බඳ කළා ශිල්පාදිය පවත්වා ගැනීමට පහසුකම් සැලසීමත් රාජ්‍යත්වයේ වගකීමක් විය. ව්‍යවස්ථා නිර්දේශ සැකසීමේදී මේ පෙර සිරිත් ගැන අවධානය යොමු වීද? තවමත් ජීවමානව පවතින රටේ ඓතිහාසික සංස්කෘතියේ පැවැත්ම මුලුමනින්ම ඝාතනය කිරීමට තැත් කිරීම බරපතල සංස්කෘතික ඝාතනයක් නොවන්නේද?

රජය කෙරෙහි ජනතා විරෝධය දැඩිව පවතින අවස්ථාවක ජන මතය ලබා ගන්නා මුවාවෙන් විකෘති ව්‍යවස්ථා නිර්දේශ සැකසීම ජනතාවගේ ඇසට වැලි ගැසීමකි. නව ව්‍යවස්ථාව සැකසෙනු ඇත්තේ මේ නිර්දේශ මතය. අනාගමික රාජ්‍ය යෝජනාවට අමතරව බෙදුම්වාදය පෝෂණය කිරීමටද රටේ සංස්කෘතිය විනාශ කිරීමට ද මෙම නිර්දේශ වාර්තාව මගින් ඉදිරිපත් කරන අහිතකර යෝජනා බොහෝ ය.

තමන්ට බලයට පත් වීමට උපකාර කල උන් සැනසීමට ජනයාද දේශයද පාවා දෙන අවස්ථාවාදී දේශපාළකයන්ගේ නිසා මුලු මහත් ජාතියටම අයත් වනු ඇත්තේ කටුකදායක ඉරණමකි.අප යා යුත්තේ බටහිර ආකෘතියට සැකසූ අපට නොගැලපෙන යෝජනා පදනම්ව අනාගමික රාජ්‍යක් කරා නොව නිදහස් නිවහල් රටක් ලෙස ධර්ම රාජ්‍යයක් කරා ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/02/2016

හිස්වූ සිහසුන...

කතෘ:යුතුකම     7/02/2016   1 comment
-පුනර්ජි දඹොරගම-
ලොව අභිමුව දෙස-බස-රැස වෙනුවෙන්
දෑ බැති සෙනෙහෙන් මුමුණන්නට බැරි
ගීයක් නොමැතිව හිස්වූ සිහසුන...

නන් සතුරන් මැද රට දැය වෙනුවෙන්
නොවැටී නොබියව සිට ගන්නට බැරි
සිරසක් නොමැතිව හිස්වූ සිහසුන...

මිතුදම් වෙස්ගෙන එන ගැති බලමුලු
සතුරන් ලෙස දැක වනසන්නට බැරි
අසිපත් නොමැතිව හිස්වූ සිහසුන...

මහජනයා මැද හිස් බස් දොඩවන
උන්ගේ පැතුමන් ඉටු කර දෙනු බැරි
සුරුකම් නොමැතිව හිස්වූ සිහසුන..


පැල්පත තුල සිට එන කෙඳිරිලි හඬ
දුක සැප උන්ගේ හඳුනන්නට බැරි
මිනිසෙක් නොමැතිව හිස්වූ සිහසුන....

කිරිදී ඇකයේ හොවලා මිහිකුස
එන රුපුසෙන් බිඳ මවු රැකගනු බැරි
පුතනුන් නොමැතිව හිස්වූ සිහසුන.....

බුදු සිරිපා පහසින් පිසලූ බිමක
ඒ පිංබිම මතු රැකගන්නට බැරි
නිරිඳුන් නොමැතිව හිස්වූ සිහසුන..

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook https://www.facebook.com/yuthukama

6/19/2016

බලාහිඳිමුද - බෙදුම්වාදයේ නපුරෝ රට ගිණි තියන තුරු?

කතෘ:යුතුකම     6/19/2016   1 comment
-පුනර්ජි දඹොරගම-

එදා රජ දවස ඔද තෙජසින් පිරුනු
මෙදා නිවටයින් රජ පුටුවල වැටුනු
නිදා හිඳින තුරු ජාතික පෙම බිඳුනු
කදා වළලු ගෙනයති එලිපිට නපුරෝ

රටක් බෙදන්නට හැල්මේ පොර බැඳුනු
එහෙත් නිවට පාළකයන් නිදි වැදුනු
කටින් බතල හිටවන්නට දිව නැමුනු
වදන් වලට විතරද අද තැන ලැබුනු?

දෙකට නැමෙන දුටු විට සුදු මහත්තුරු
විකට රැඟුම් දෙති පටවා දහක් බොරු
කපටකමින් රට වනසන මෙහෙම හොරු 
සැපට තවත් කනවද විස පැණි හකුරු?

රටක් බෙදන බෙදුම්වාදයේ නපුරු
රඟන්නේ තවත් අද ලිප නටන තුරු
හුඹස් වලට වී බඩ කට රැකෙන තුරු
තපස් රකිමුදැයි රට ගිණි තියන තුරු?

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

6/14/2016

"මිනිස්සුන්" රට කරන කලක් එන තුරු...

කතෘ:යුතුකම     6/14/2016   No comments
 -පුනර්ජි දඹොරගම-
අහස් කුස කළු කරන් දහක් දන හඬවලා
ගෙවල් කඩ යට කරන් ගඟේ දිය උතුරලා
එබැව් දැක අපේ හිත් මිනිස්කම් මතු වෙලා
ගඟේ රැළි දිගේ නැග ගියා උඩුගං බලා

එහේ මෙහෙ රටවලින් හයිබ්‍රිඩ් කොමිසමයි
එහා රට එක්කලා අර සීප ගිවිසුමයි
රට බෙදන්නට හදන කොටින්ගේ තදියමයි
රටම කන්නට උපන් ඇමතිවරු පෝළිමයි

බොරුව රජ කරන කල ජනතාව රවටලා
නලුවො වී ඒකෙනුත් වාසි ගන්නට බලා
රළුව අප ගිලගන්න මහා ජළ කඳ වෙලා
කළුව එන එකත් මහ පුදුමයක්දෝ බොලා

ගැලූ ගංවතුර දැක අපිත් එකමුතු වුනා
වළා රොද එබැව් දැක කොහේදෝ සැඟවුනා
"මිනිස්සුන්" රට කරන කලක් එන තුරු විනා
වැස්ස වැහි පෑව්වද සැකක් නම් මතු වුනා.....

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/08/2016

විරුවාණෝ

කතෘ:යුතුකම     6/08/2016   No comments
- පුනර්ජි දඹොරගම-
උන්ඩ පිට උන්ඩ මැද
රුදුරු ඝන කැළෑ බිඳ
එදා දිවි දෙවැනි කොට
සටන් කල විරුවාය

ගෙදර-දොර බිරිඳ හැර
පැල්පතේ මග බලන
දහක් අම්මාවරුන්
කිරි එරුනු විරුවාය

පිටරටුන්ගේ බසට
"යුද්දෙ ඇති" කියන කොට
ඉහළ මහ පුටු වලට
මෙත් වැඩූ විරුවාය

ගඟ එගොඩ තලා ගිය
කරවටක් දියේ බැස
මිනිස්කම් නැගිටුවා
සැනසුවේ විරුවාය

හිසක් නැති මහත්තරු
ඇවිත් ටයි-කෝට් හැඳ
කලත් මඩ-අපහාස
නිහඬ වූ විරුවායඑදත් රණ බිම වැටී
තවත් හදවත කෙටී
අදත් ගුණ සුවඳ දෙන
නුඹ අපේ විරුවාය...

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

6/06/2016

ජාතික නිදහස වෙනුවන් - නුඹ හා අද ගිවිසමි මම......

කතෘ:යුතුකම     6/06/2016   No comments
 -පුනර්ජි දඹොරගම-
මහ නිරිඳුන් පැරකුම් සඳ
බත බුලතින් සරුවී ලද
ගැමුණු විජයබා නිරි සඳ
තෙදසින් ලක බබළන සඳ

ඉපිද ඉන්නවත් නැතුවද
ඉපිද ඉපිද මැරෙනා සඳ
රටක් එහෙව් එඩි තෙද ලද
කිමද අහෝ තැවෙනා අද

නොකලෙද මම මගෙ යුතුකම
රට වෙනුවෙන් කරනා සොඳ
මෙහිම ඉපිද මෙහිම මැරෙන
මා මෙහි පොහොරක් පමණද

පරගැතියන් අතරේ ඉඳ
මිසදිටුවන් ඉහ මොළ සිඳ
රට ජාතිය රකිනට අද
මා කල පමණක් මදිවද

දෙකඩ කරන්නට රට අද
කෑ මොර දෙන සතුරන් බිඳ
ජාතික සුවඳින් පිඳුමට
මා කල පමණක් මදිවද

ජාතිය හට වන විපතට
ඒ බව දෑසින් දැකමුත්
ඉන්නට නම් නොහැකිය තව
කරමිය කල හැකි හැම වැඩ

දිවි පුද දී රැක දුන් ඒ
රට ගැන මොහොතක් සිතන්න
ලක් මවුනේ සමා වෙන්න
නිහඬව මෙතුවක් හිටියට

උපදින මතු දවසේ හෙට
ජාතික නිදහස වෙනුවන්
එකමුතු වී හඬ තලන්න
නුඹ හා අද ගිවිසමි මම 

ඉටුකොට කල යුතු යුතුකම
ඉපදුනු මේ ලක් පොළොවේ
නිවහල් දවසක් දකින්න
නුඹ හා අද ගිවිසමි මම.....

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

5/28/2016

දින කිහිපයකට " මිනිස්සු" රටේ ආණ්ඩු කළේය

කතෘ:යුතුකම     5/28/2016   No comments
-පුනර්ජි දඹොරගම-
පසුගිය දිනවල පැවති ගංවතුර හා නායයෑම් නිසා අවතැන් වූ මිනිසුන් පිළිබඳ අපට ඇති වූයේ ඉමහත් සංවේගයකි. ඒ පිළිබඳව රට පුරා අප සියල්ලෝ සහන සැළසීම සඳහා විවිද අයුරින් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූහ. ඔවුන්ට දේශපාළන පක්ෂ තිබුනේ නැත. ඔවුන්ගේ දේශපාළනය රට ජාතිය ය. මිනිස්කම ය. කහ සිවුරද හමුදා ඇඳුම ද එහි පුරෝගාමී නිළ ඇඳුම් විය.

ස්වභාවයෙන්ම කරුණාව මෛත්‍රිය අතහැරීම පුරුදු කල සංස්කෘතියකින් පැවත එන අපට ඔවුන්ට උපකාර කිරීමට වෙනත් උත්ප්‍රේරක අවශ්‍ය නොවී ය. රට මුහුණපා ඇති ආපදා තත්වය පිළිබඳ හොඳ අවබෝධයක් අප තුල තිබුණි. ඒ පිළිබඳ සංවේදී වීමට තරම් මිනිසත් ගුණදම් ද අප තුල දක්නට ලැබුණි. ආපදාවට පත් වූවන්ගේ ජන ජීවිත යථා තත්වයට පත් කිරීමට උපරිම අන්දමින් සහය වීම අපගේ යුතුකමයි. එහෙත් මේ රට මුහුණ දෙන එක් අභියෝග එයින් කෙළවර වේ ද? රට මුහුණපා ඇති අනෙක් අභියෝග කෙරෙහිත් මෙලෙසින්ම අප සංවේදී විය යුතු නොවේ ද?

එක අතකින් රටේ ආර්ථිකය බිළි දෙමින් අන් රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට ආණ්ඩුව සැරසෙයි. අනෙක් අතින් ජාතියේ අභිමානය වූ යුධ හමුදාව ජාත්‍යන්තරය තුල හෑලිලුවට ලක් කිරීමට විවිධ බලවේග සැරසෙයි. බෙදුම්වාදීන් රට දෙකඩ කිරීමට අර අදියි. ජාතියේ ආරක්ෂක පවුර වූ සංස්කෘතිය විනාශ වෙමින් පවතී. එහි මුර දේවතාවුන් වහන්සේලා වන මහා සංඝරත්නය එම ඓතිහාසික කාර්යභාරයෙන් ඉවත් කිරීමට මග හසර විවර වෙමින් පවතී.

තව නොබෝ දිනකින් දේශපාළන නරි නාටක ආරම්භ වනු ඇත. රටේ ජාතික අවශ්‍යතා පසෙකලා තම පටු දේශපාළන වුවමනා වෙනුවෙන් උන් කටයුතු කරනු ඇත. සැබෑ පොළොවේ ගංවතුර බැස ගිය ද රට දැය නැමැති පොළොවේ ආපදාවන් පහව ගොස් නැත.

"මිනිස්සු" නැවත රටේ ආණ්ඩු කල යුතු ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/24/2016

උතුරෙන් යළි ඇසෙන සම්බන්ධන්ලාගේ උලලේන් හඬ අස්සේ...මාවිල්ලාරුව කතා කරයි..

කතෘ:යුතුකම     4/24/2016   No comments
-පුනර්ජි දඹොරගම-
දුදන න් එදා මා ගෙල සිරකොට අල්ලා
අවම න් කලේ මනුසත් ගුණදම් හොල්ලා
විරුව න් එදා කල වීරිය සිහි ගල්ලා
අබිම න් නැගූ මව්බිම මගෙ රැකපල්ලා

සා ගින්නෙන් පෙලුනත් මේ ගම ඇත්තෝ
මා බලන්ඩ ආවද පිටරට ඇත්තෝ
කා එක්කත් නැටවෙනකොට ඒ ඉත්තෝ
නෑ කවුරුත් විරුවන් හැර අප රැක්කෝ

පොළො වේ උපන් පෙර රජවරු සිහි ගන්නේ
හෙල වේ යලිත් ඒ අබිමන් මිනිසුන්නේ
සැල වේ පුවත් ඇයි අද රට බිළි දෙන්නේ
මැල වේ මහද ඒ බව දැන දුක් වන්නේ

ර ට ජාතිය රකිනා උන් දෙවි වැන්නේ
ක ට තිබුනට දොඩනා උන් නරි වැන්නේ
පි ට රැටියගෙ පදයට අද නැටවෙන්නේ
පි ට කොඳු නැති නිවටුන් බව සිහි ගන්නේ

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

 (Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/19/2016

අපේකම - අවුරුද්දට විතර ද?

කතෘ:යුතුකම     4/19/2016   No comments
-පුනර්ජී දඹොරගම-
ගහ වැල ද බර වෙලා
මලින් තව හැඩ වෙලා
ගොයම් ගස් සරු වෙලා
අස්වැන්න ගෙට ගෙනා...

පාං පිටි හුරු වෙලා
පිටරටින් මෙහි ගෙනා
අවුරුද්ද දාටවත්
කිරිබතක් රහ වෙලා...

වෙනදාට කේක් කන
කඩේ ලොකු ගනන් වල
අලුව මුං කැවුමකින්
මේසයම ඉතිරිලා.....

නැතිව හොඳ සින්දුවක්
අවුරුද්දකුත් පුරා
අද ගුවන් විදුලියම
මියුරු ගීයක් වෙලා....

බස් වහර නොදන්නා
වෙනද රූ පෙට්ටියේ
මෙන්න අද පේනවා
හෙළ නැටුම් ගායනා....

සින්තටික් මල් ඇතත්
හුස්ම නැති ගෙවල් වල
බලාපන් ගෙවත්තේ
එරබදුත් පිපෙනවා...

නගරයම හිස් වෙලා
ගම්මැද්දෙ රොක් වෙලා
ඇළ දොලේ වැව් තොටේ
හැබෑ මිනිසුන් වෙලා...

අපේකම මතු වෙලා
කොහෝ හඬ නද දෙනා
තිබුනනං මේ වගේ
හැමදාම අවුරුද්ද......

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/06/2016

ජයග්‍රහණය සහ ජාතිකත්වය

කතෘ:යුතුකම     4/06/2016   No comments
-පුනර්ජි දඹොරගම-
පසුගිය දින වල බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් විසින් විස්සයි විස්ස ලෝක කුසලානය, කාන්තා ලෝක කුසලානය සහ 19න් පහල ලෝක කුසලානය දිනාගන්නා අයුරු අප දුටුවෙමු. මෙහිදී ඔවුන් ක්‍රීඩා පිටියේදී මෙන්ම ඉන් පිටතදී ද ජයග්‍රහණය සැමරීම සඳහා ඔවුන්ටම ආවේණික වූ නර්තනයක යෙදෙනු දැක ගත හැකි විය. විශිෂ්ඨ රගර් කණ්ඩායමක් වන නවසීලන්ත රගර් පිළ ද තරඟයට පෙර මෙලෙස තමන්ටම ආවේණික වූ නර්තනයන්හි නිරත වෙයි. මෙය හුදෙක් ආනන්දජනක අත්දැකීමක් ලෙස ලඝු කොට නොතැකිය යුතු අතර මෙය ක්‍රීඩකයන්ගේ එකමුතුවද තරඟකාරීත්වය ද ජයග්‍රහණය ද කෙරෙහි බෙහෙවින් බලපාන සාධකය කි.
රටක් ජාතියක් යනුද එවැනිම කණ්ඩායමකි. රටක් ජාතියක් ජයග්‍රහණය කරා යෑමට, උදාසීන නොවීමට තමන්ටම ආවේණික වූ ජාතිකත්වයක් තිබිය යුතුය. එය තම ජාතියේ ආධ්‍යාත්මය තුලින් ශක්‍යතාවය තුලින් ගොඩනැගිය යුතු ය.
අප රටේද එෙතිහාසික වශයෙන් සිංහල බෞද්ධයා තුල ආවේණික වූ ජාතියේ ප්‍රගමණය සඳහා වූ බලවේගයක් තිබුණි. එනම් සිංහල ජාතිය ලෝ සසුන් බැබළවීමටත් සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් ආරක්ෂා කිරීමට ත් බැඳී සිටින බවයි. සටන් ශිල්ප ද කළා ශිල්ප ද සාහිත්‍ය ද ආර්ථිකය ද ගොඩනැගුනේ එම සුවිශේෂී උත්තේජකය මත යි. අප බතින් බුලතින් සරු වූයේ ද ආධ්‍යාත්මිකව ශක්තිමත් වූයේ ද පරසතුරන් පළවා හැරියේ ද සම්බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමේ උතුම් අරමුණ ඇතුව ය.පාවා දෙන්නන් විසින් ඉංග්‍රීසීන්ට අපේ මව්බිම පවරා නොදෙන්නට කිසි කලෙක විදේශීය ආක්‍රමණ වලට සම්පූර්ණයෙන් මේ දෙරණ යටත් කර ගත නොහැකි වූයේ ඒ නිසා විය යුතු ය.

ලෝකය තුල සහජීවන සංකල්පයේ භාවිතාව විය යුත්තේ ඒ ඒ ජාතීන් තම ජාතිකත්වය ගොඩ නැගීමෙනි. ජාතීන්ගේ ජාතිකත්වය විනාස කර දමා බටහිර අනුකාරකත්වයේ පොදු සාධකයක් ගොඩනැගීමට යාමෙන් ජාතින් පිරිහී යයි. එවිට කුමන සහජීවනයක් ද?

ජාතීන් ජයග්‍රහණය ලබන්නේ තම තම අන්න්‍යතාවය හඳුනා ගැනීමෙනි. බටහිර වෙළදපොළට අවශ්‍ය ලෙස හුදු අනුකාරකත්වයක යෙදීමෙන් අපට කිසිවක් ඉතිරි නොවේ. අප අපට අනුකූල ජාතිකත්වයක් ගොඩනැගිය යුතු ය. අතොරක් නැතිව මංමුලා වී තවමත් අපට නොගැලපෙන න්‍යායන්ගෙන් ජයග්‍රහණය සොයා නිෂ්ඵල ගමනට දැන්වත් තිත තැබිය යුතුව ඇත.

ජයග්‍රහණය උදා වනුයේ අප අපවම හඳුනා ගත් පසු ය.

-යුතුකම සංවාද කවය

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions