7/08/2015

පකිස්ථානය තක්කඩි මුස්ලිම් පූජක පුහුණු පාසල් පාලනය කිරීමට අරගල කරයි

කතෘ:යුතුකම     7/08/2015   No comments
පකිස්ථානය තම රට තුළ වන මුස්ලිම් ආගමික පූජකයන් පුහුණු මධ්‍යස්ථාන අධීක්ෂණය කරමින් නිගමනය කර ඇත්තේ ඒවා තුළ ආගමික අන්තවාදය පෝෂණය කරනු ලබන බවයි. කුඩා දරුවන් 130 දෙනකුට මරණය කැඳවමින් තලිබාන්වරු දෙසැම්බර් මාසයේදී එල්ල කළ ප‍්‍රහාරය නිසා මෙම කි‍්‍රයාමාර්ගයට පකිස්ථානය එළඹී ඇතැයි පැවසේ. නමුත් ගතානුගතිකවාදීන්ගෙන් පකිස්ථාන රජයේ තීරණයට එරෙහිව බරපතල විරෝධයක් එල්ල වෙමින් තිබේ.
පකිස්ථානයේ වයඹ දිග ප‍්‍රදේශයේ පෙෂොවර් නගරයේ සිදුවූ තිරිසන් ප‍්‍රහාරය හේතුවෙන් පකිස්ථානු රජය සන්නද්ධ සටන්කරුවන්ට එරෙහිව කි‍්‍රයාත්මක වීමට ‘‘ජාතික කි‍්‍රයාකාරී වැඩසටහනක්’’ ඉදිරිපත් කරනු ලැබීය.
පකිස්ථානය, මරණීය දණ්ඩනය දීමට පනවා තිබූ, වසර 6ක් වන තාවකාලික පමා කාලය, ඉවත් කරනු ලැබූ අතර ව්‍යවස්ථාව වෙනස් කරමින් ‘‘ආගමේ නාමයෙන් හෝ නිකාය නාමයෙන්’’ කරනු ලබන පහරදීම්වලට හමුදා අධිකරණයක් මඟින් වරදකරුවන් වන අයට දඬුවම් පැනවීමට අවශ්‍ය නීති සම්පාදනය කළෝය.
ජාතික කි‍්‍රයාකාරී වැඩසටහන තුළ, පකිස්ථානයේ කි‍්‍රයාත්මක වන 13,000 ක් වන ඉස්ලාමීය පූජක පුහුණු මධ්‍යස්ථාන සහ ඉස්ලාමීය විද්‍යාල දෙස ඉතා සියුම් නිරීක්ෂණයක් කිරීමට තීරණය කර තිබේ. රජයේ ඇස්තමේන්තුවලට අනුව මෙම පුහුණු මධ්‍යස්ථාන සහ පාසල්වලින් 97%ක්ම කි‍්‍රයාත්මක වන්නේ රාජ්‍ය මැදිහත්වීමෙන් තොර පෞද්ගලික මැදිහත්වීම්වලින් ලැබෙන අරමුදල්වලිනි.
දරුවන්ට උගන්වන්නේ කුමක්දැයි පිළිබඳව තරමක් සැලකිල්ලට ගත් විට සෑම දරුවන් 9 දෙනෙකුගෙන් 5 දෙනකුම අන්මත නොඉවසීම වර්ධනය කරගත්තවුන් බව පෙනේ. එසේම සමහර දරුවන් අතර අන්තවාදය දක්වා තත්ත්වය වර්ධනය වී තිබේ.
සෑම සන්ධ්‍යාවකම ගස් කොළන්වලින් පිරුණු ඉස්ලාමාබාදයේ වීථිවල පිහිටි විශේෂ ස්ථානවල සුදු සල්වාරි කමීසයන්ගෙන් සහ සුදු ‘‘මුස්ලිම් ආගමික’’ තොප්පිවලින් සැරසුණු තරුණයෝ පොදි කකා රැුස්වෙති.
ඔවුහු ජමියා ෆරීඩා(Jamia Farida) නම් පූජකවරුන් පුහුණු කරන පාසලේ සිසුහු වෙති. ඔවුහු ධනයෙන් ආඪ්‍ය \පකිස්ථානුවන්ගේ සහ බොහෝ රටවල තානාපති නිලධාරීන්ගේ සුවිසල් මන්දිරවල වෙසෙන දරුවෝ වෙති.

එම පාසල පවත්වාගෙන යනු ලබන්නේ මව්ලානා අබ්දුල් අසීස් නම් මුස්ලිම් පූජකවරයා විසිනි. ඔහු සුප‍්‍රසිද්ධ රතුපල්ලියේ පූජකවරයෙකි. 2007 වර්ෂයේදී පකිස්ථා නු හමුදාව විසින් මෙම පල්ලිය සතියක් තිස්සේ වටකොට පහරදුන්නේ රැුඩිකල් තරුණයන්ට එරෙහි පියවරක් ලෙසිනි. එම මෙහෙයුමේදී මිනිසුන් 100කට වඩා මිය ගිය අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස තේරික් ඊ තලිබාන් පකිස්ථාන් (Tehreek – e – Taliban Pakistan – TTP) සංවිධානයේ නැගීම සිදු විය.
අසීස් පූජකතුමා ප‍්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ඔහුගේ විවාද සම්පන්න අදහස් හේතුවෙනි. වරක් ඔහු පවසා සිටියේ TTP සංවිධානයට එරෙහි පකිස්ථානු රජයේ හමුදා කරගෙන යන මෙහෙයුම් ඉස්ලාම් ධර්මයට පටහැනි බවයි. පසුගිය වර්ෂයේදී රතු පල්ලියේ පූජක පුහුණු පාසලේ ගැහැණු ළමුන්ගේ පුස්ථකාලය අල් කයිඩා සංවිධානයේ නායකයාව සිට ඝාතනයට ලක් වුනු ඔසාමා බින් ලාඩන්ගේ නමින් නම් කෙරුණි.
ජමියා ෆරිඩියා පාසලේ ශිෂ්‍යයෙකු වන හබීබ් උල්ලා පවසන්නේ, බින් ලාඩන් ඔහුගේ වීරයා වන බවයි. එසේම ඔහුට අනුව බින් ලාඩන් යනු, ෂීයාට් මුස්ලිම්වරු සම්බන්ධයෙන් ඉතා ගැඹුරු දර්ශනයක් තිබුණු කෙනෙකි. පකිස්ථානයේ ජනගහනයෙන් 20%ක් පමණ ෂීයාට් මුස්ලිම්වරුන් වන අතර බහුතරය සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වේ.
‘‘ඔවුහු මුස්ලිම්වරු නොවෙති. ඔවුහු මුස්ලිම්වරු බවට පත්විය යුතුයි’’ වයස අවුරුදු 12ක් වන දරුවෙකු මාධ්‍යයට පැවැසුවේ. එම දරුවාගේ උපන්ගම උතුරුදිග පාකිස්ථානයේ කොහිස්ටාන් දිස්ති‍්‍රක්කයයි. එහි සිටින එක්තරා පූජකයෙකු ඔහුට උගන්වා ඇත්තේ එක් ෂීයාට් මුස්ලිම්වරයෙකු මරාදැමුවහොත් දිව්‍ය ලෝකයට ළඟාවීමට ඇති පඩි 70ක් තරණය කරනු ඇති බවයි.
මෙවැනි මත දරුවෙකුගේ මනස සංවර්ධනයේදී ඉතා ප‍්‍රබන්ධ සිතුවිලි ඇති කරනු ලබයි. එතැනින් නොනැවතී පකිස්ථානය නිකායික ප‍්‍රචණ්ඩත්වයකට ඇද දමනු ලැබීමට හේතුවේ. එසේ ම එම ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වන්නේ ෂීයාට් මුස්ලිම්වරු වීමද නොඅනුමානය.
නමුත්, ඉස්ලාමීය ආගමික විද්‍යාල පාලනය සඳහා පකිස්ථානය තෝරා ඇති කි‍්‍රයාමාර්ග බොහෝ පූජකවරු තුළ කෝපය ජනිත කරවීමට හේතු වී තිබේ. එසේම දුෂ්ඨ චේතනා සහිත පූජකවරු රජය ඉස්ලාම් විරෝධී ආකල්පයන් සතුව කටයුතු කරන බව ප‍්‍රලාප පතුරවති.
ආගමික විද්‍යාල සඳහා වන සංවිධානවලින් විශාලතම ආගමික විද්‍යාල සංවිධානය වන වාෆැක් උල් මදාරිස් අල් ඇරාබියා(Wafaq- ul – madaris al – Arabia) සංවිධානයේ ප‍්‍රකාශකයා වන අබ්දුල් කුඩුස් (Abdul Qudus) ප‍්‍රකාශ කළේ ‘‘ආගම සහ නිකාය යන වදන් ව්‍යවස්ථා සංශෝධනය තුළ භාවිතා කරන්නේ ඒක පාර්ශ්වීය ආකාරයෙනුයි’’ යනුවෙනි.
‘‘අපට ප‍්‍රත්‍යක්ෂයි රජයට අවශ්‍ය වී තිබෙන්නේ ආගමික අධ්‍යාපන ආයතන ඉලක්ක කිරීමයි. නමුත් අප එයට කෙසේවත් අප ඉඩ දෙන්නේ නැහැ.’’ යනු ඔවුන්ගේ අදහසයි.
ජනමාධ්‍ය අමාත්‍ය පර්වේස් රෂීඞ්(Pervez Rashid) මහතා පසුගිය දිනක ප‍්‍රකාශ කළේ ‘‘ඉස්ලාම් ආගමික විද්‍යාල යනු නූගත්කමේ සහ අවිද්‍යාවේ මධ්‍යස්ථාන’’ වන බවයි. එහෙත් ඔහුට ආගමික අධ්‍යාපන ආයතනවලින් විශාල බලපෑමක් එල්ල විය.
එක් රැුයක් තුළ ඉස්ලාමාබාද් නුවර පුරා ඔහුට විරුද්ධව බැනර් ප‍්‍රදර්ශනය විය. එසේම ඔහුට රූපවාහිනිය ඔස්සේ සමාව අයදින ලෙස බල කෙරුණි.



එසේම පාකිස්ථානයේ ධනවත් යහලූවන් වන ගල්ෆ් රටවලින්ද බලපෑම් එල්ලවන්නට විය. ජනවාරියේදී සෙනට් මණ්ඩලය පත් කළ කමිටුවට දකින්නට ලැබුණේ අගාමික අධ්‍යාපන ආයතනවලට මුදල් ගලා එන්නේ සවුදි අරාබියාව, ක්වේටය සහ කටාර් රාජ්‍යය වැනි රටවලින් බවයි.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගේ මත දැක්වීමට අනුව, හමුදා නායකයෙකු වන පාවේස් මුසාරෆ් මහතා විසින් පූජකරුවන් පුහුණු කිරීමේ පාසල් පාලනය කිරීමට උත්සාහ කරනු ලැබීය. එහෙත් ගල්ෆ් රටවල් විසින් විශේෂයෙන්ම සවුදි අරාබියාව, ඉස්ලාමාබාදයට බලකරනු ලැබුවේ පූජකරුවන් පුහුණු කරන පාසල් පාලනය කිරීම තීව‍්‍ර මට්ටමකට නොගෙනීමට කටයුතු කිරීමටයි.
පෙෂොවර් ප‍්‍රාන්තයේ පාසල් දරුවන් ඝාතනය කිරීමෙන් පසුව පාකිස්ථාන මාධ්‍යය සහ පාකිස්ථාන ඇමැතිවරුන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කරනු ලැබුවේ ප‍්‍රචණ්ඩකාරී අන්තවාදය පෝෂණය කිරීම පිණිස සවුදි අරාබියාව පූජක පුහුණු පාසල්වලට මුදල් පොම්ප කර ඇතිද යන්නයි. මෙය දිගුකාලීන මිත‍්‍රත්වයක් ප‍්‍රදර්ශනය කළ මිතුරන් දෙදෙනෙකු අතර අසමගිය පෙන්වූ විරල අවස්ථාවක් විය.
පකිස්ථානයේ සවුදි අරාබි තානාපති කාර්යාලය ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පාකිස්ථානයේ ඇති ආගමික අධ්‍යාපන ආයතනවලට ලබාදුන් සියලූම ප‍්‍රතිපාදන රජයේ අනුමැතිය යටතේ ලබාදුන් බවයි. එහෙත් සත්‍යය නම් එම ආයතනවලට සවුදි අරාබියාවෙන් ලැබෙන මුදල් වැඩි ප‍්‍රමාණයක් ලැබෙන්නේ අනියම් මාර්ගවලිනි.
AFP පුවත් ජාලයට අදහස් දැක්වූ පකිස්ථාන සාම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා වන අමීර් රානා පවසා සිටියේ ‘‘මුස්ලිම් පූජකරුවන් පුහුණු කිරීමේ පාසල්වල විශේෂ නියෝජිතයෙකු නම් කර තිබෙනවා. ඔහුට අරාබි රටවලත් අපි‍්‍රකානු රාජ්‍යවලත්, යුරෝපයේ රටවලත් කිසිදු බාධාවකින් තොරව ඇවිදීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. ඔවුන් එම රටවල සිටින මුස්ලිම් ප‍්‍රජාවගේ අරමුදල් රැුස්කරගනු ලබනවා.’’ කියායි.
ඔහු තවදුරටත් පවසා සිටියේ ‘‘මෙය අධීක්ෂණයට ලක් කළ නොහැකි කළු කුහරයක්’’ කියායි.
නම් සඳහන් නොකරන්නැයි ඉල්ලා සිටි පකිස්ථානු රජයේ ඉහළ නිලධාරියෙක් පවසා සිටියේ ‘‘ආගමික නකයන්ගේ සංචාරයකින් මාස දෙකක් ඇතුළත පකිස්ථාන රුපියල් මිලියන 70ක්(US$ 700,000) නීති විරෝධී ලෙස ගල්ෆ් රටවල් දෙකකින් පාකිස්ථානයට එවා තිබුණා.’’ කියායි.
පකිස්ථානය ඉතා තදින් ආගමට නැඹුරු වූ සමාජයක් සහිත රටකි. පූජක පුහුණු මධ්‍යස්ථාන පිළිබඳව වැරදි අදහස් පැතිරීම නොසලකා හරින්නේ නම්, පූජකවරු සමාජයෙන් හොඳ පිළිගැනීමකට ලක් වෙති.

ඔවුන්ගෙන් එල්ලවන ප‍්‍රතිවිරෝධය මැඬ පවත්වමින් දේශපාලන සහ අභිලාෂයන් සහ අධිෂ්ඨානයන් ජයග‍්‍රහණය කිරීමට උත්සාහ ගත්තද රජයට ඒ සඳහා සාර්ථක කි‍්‍රයාමාර්ගයක් ගත හැකිදැයි සැක සහිත බවටඅමීර් රනාගේ අදහයසයි.
‘‘රජයට දේශපාලන අභිලාෂයක් තිබෙනවා. එසේම මුස්ලිම් පූජකරුවන් සතුව මහපාරේ තිබෙන බලය පිළිබඳවත් පකිස්ථානු සමාජය තුළ එම පූජකවරුන්ගේ අඛණ්ඩ මැදිහත්වීම සම්බන්ධවත් හොඳ තක්සේරුවක් තිබෙනවා.’’ යැයි අමීර් රාණා වැඩිදුරටත් පැවැසුවේය.
හමුදා පාලකයෙකු වූ ජෙනරාල් සියා උල් හක් යටතේ 1980 දශකයේ දී පකිස්ථානය ඉස්ලාමීකරණය කරනු පිණිස වැඩසටහන් කි‍්‍රයාත්මක විය. එසේම ඔහුගෙන් පසුව බලයට පත් වූ රජයන් ඔහුගේ ව්‍යාපෘතිවලින් ප‍්‍රාග්ධනය උපදවා ගැනීමට උත්සාහ ගත්හ.
රජය, ආගමික නායකයන්ගේ උදව් ගෙන පෝලියෝ රෝගය මර්දනය පිණිස දෙමව්පියන් දැනුවත් කර දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීමට කටයුතු කළේය. එසේම පල්ලි සහ ආගමික අධ්‍යාපන ආයතන භාවිත කර ජාතිකවාදය ඇති කරන වෘත්තාන්තයන් සමාජ දේහයට ඇතුළත් කිරීමට කටයුතු කළේය.
පකිස්ථානයේ තත්ත්වය මෙසේ වුවද ඉන්දියානු බලධාරීන් චෝදනා කරන්නේ පකිස්ථානයේ ISIS ඔත්තු සේවය අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වනISIS සංවිධානයේ ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර පළාත් ප‍්‍රමුඛ මුස්ලිම් ප‍්‍රජාව වැඩි ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක කරවීමට කටයුතු කරන බවයි. එය ඉන්දියාවේ චෝදනාවකි. නමුත් පසුගිය දිනවල මඩු රක්ෂිතය ආශි‍්‍රතව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රවාහයේ සිටින මුස්ලිම් දේශපාලකයෙකු වනාන්තර විනාශකර පිහිට වූ මුස්ලිම් ගම්මාන පිළිබඳව නිරීක්ෂණය කළ සමහර මාධ්‍ය වාර්තා පවසා සිටියේ මුස්ලිම් ප‍්‍රජාව අතර දෙමළ හෝ සිංහල නොවන වෙනත් භාෂාවක් කතා කරන මිනිසුන් පිරිසක් සිටි බවයි.
කෙසේ වුවත්, බෙදී වෙන් වෙන ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර පළාත තුළ දෙමළ මුස්ලිම් ගැටුමක් නිර්මාණය වීම ඉන්දියානු අභිලාශයයි. එම අභිලාශය සමඟ අමෙරිකානු ඔත්තු සේවා ප‍්‍රමුඛ බටහිර තානාපති කාර්යාලවල ඔත්තු සේවාවල අභිලාශයද සමපාත වේ. මුස්ලිම් අන්තවාදයෙන් බැට කන ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනයා ඉන්දියානු රූකඩයක් කරගැනීම හරහා එම පළාතේ ඉන්දියන් රූකඩ පාලනයක් අටවා ගැනීම ඉන්දියාවේ උපක‍්‍රමයයි. ඊට සමාන්තරව අමෙරිකාවේ අභිලාශය බෙදුනු රාජ්‍යයේ නාවික බලය ශී‍්‍ර ලංකා භූමිය කේන්ද්‍ර කරගනිමින් තහවුරු කර ගැනීමයි. එසේම දකුණේ ද තමන්ට හිතවාදී කෲර පාලනයක් පිහිටුවා ගැනීමට සන්නද්ධ ගැටුම ඉතා හොඳින් මෙහෙයවා ගත හැකි බව අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් දනිති.
දැන් තිබෙන්නේ මෙම සියලූම ඔත්තු සේවාවල දඩබිමක් වූ ශී‍්‍ර ලංකාවකි. කළ යුත්තේ මෙවැනි කුමන්ත‍්‍රණකාරී කි‍්‍රයාමාර්ග පරදවන්නට හැකි ජාතික බලවේගයන්ගෙන් සුසැදි පාලන තන්ත‍්‍රයක් නිර්මාණය කරගැනීම නොවන්නේද? කාලය එළඹ තිබෙන්නේ ඒ සඳහාය යනු අපගේ හැඟීමයි.

අන්තර්ජාලය ඇසුරෙන් සකස් කළේ
ජීවන්ත ජයතිස්ස :jeewanthaj@yahoo.com

මුල් සටහන : Lanka Lead News වෙබ් අඩවියෙන්

4/08/2015

මහා සංඝරත්නයේ ආශිර්වාදය කාටද?

කතෘ:යුතුකම     4/08/2015   3 comments
පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සමග සිදුකළ සංවාදය

ඔබ වහවන්සේගේ මූලිකත්වයෙන් පසුගියදා කතරගම කිරිවෙහෙරේදී විරුවන් සැමරීමේ ආශිර්වාද පූජාවක් පැවැත් වුණා. එවැනි පූජාවක් පැවැත්වීමේ අරමුණ කුමක්ද?

ශ්‍රී ලංකාවේ ඉතිහාසය සොයා බැලූවාම පේනවා විරුවන් නිසා ආරක්‍ෂා වුණු රටක් බව. දුටුගැමුණු ආරක්ෂා කර දුන්නු රට නැවත විජයබාහු, පරාක්‍රමබාහු, 6වැනි පරාක්‍රමබාහු ආදී වශයෙන් අපට ආරක්‍ෂා කරලා දෙනවා. ඒ අනුව පේනවා මේ රට විරුවන් නිසා ආරක්‍ෂා වුණු රටක් බව. අවසාන වශයෙන් මේ රට ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉතාම ඉහළ වශයෙන් ඒ වගකීම ඉෂ්ට කළා. රට බේරලා දුන්නා. මේ වසර දෙදහස් පන්සියයකට එහා ගිය ඉතිහාසය තුළ විරුවන් කළ අසීමිත කැපකිරීම් සලකා බලන විට ඉතාම වැදගත් දවසක් වුණා පසුගිය මාර්තු 15 වැනිදා. මේ දවස තමයි ඉංග්‍රීසීන්ට අපේ රට සම්පූර්ණයෙන්ම ලියලා දුන්නු ලියවිල්ල ගැසට් කළ දවස. ඒ පාවාදීමට වසර 200ක් ගතවුනා පසුගිය මාර්තු 15 වැනිදාට.

අපි මේ වසර 200 ඉතිහාසය ගත්තොත් ඒ කාලය තුළ අසීමිත විරුවන් ප්‍රමාණයක් මේ රට රැකගැනීමට දායක වෙලා තියෙනවා. එහෙත් අපේ රටේ විරුවන් සැමරීම තුළ හැමදාමත් කරන්නේ ඒ විරුවන් මරණ එක. ඒ හරහා අපේ රටේ විරුවන් බොහොමයක් උපක්‍රමශීලීව ඉතිහාසයෙන් මරලා තිබෙනවා.

අනගාරික ධර්මපාලතුමා ගත්තොත් එතුමා ජාතික වීරයෙක්, එතුමා ජාතික වීරයෙක් ලෙස කළ භූමිකාව බොහොම සුක්‍ෂම විදියට බෞද්ධ කොඩියක දවටලා අන්තවාදී සිංහල බෞද්ධයෙක් කියලා ලේබල් ගහලා පැත්තකට දානවා. ‘‘සිංහලයිනි නැගිටිව්! බුද්ධගයාව බේරා ගනිව් ‘‘ගවමස් නොකව් කියලා සටන් පාඨ කියවූ හුදු ආන්තවාදී හැගීම්බර බෞද්ධ වීරයෙක් බවට පත් කරලා පැත්තකට දැම්මා. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන කතාවත් මේකමයි.

අනගාරික ධර්මපාලතුමා ව්‍යාපාර, කර්මාන්ත දියුණු කරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න අරගල කළා කියලා මිනිස්සු දන්නේ නැහැ. සංස්කෘතිය ආරක්‍ෂා කරන්න සංස්කෘතිය පෝෂණය කරන්න ජාතික ව්‍යාපාරය ගොඩනැගුව කියලා මිනිස්සු දන්නේ නැහැ. මේ අපි දන්න වීරවරයෝ. නමුත් මේ හා සමානවම අති විශාල වීරවරයෝ පිරිසක් නමක් සටහන් නොකර මේ මාතෘභූමියේ පැවැත්ම වෙනුවෙන් මියගොස් තිබෙනවා. ගිහි, පැවිදි උගත්, නූගත්, සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් නමක් නැති විරුවන් මේ මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපුදා තිබෙනවා. මේ සියලූ දෙනා සිහිපත් කරමින් තමයි කතරගමදී අපේ මැදිහත් වීමෙන් ඒ පින්කම සිද්ධ කළේ.

- මෙහිදී වෙනත් විරුවන් සැමරුමකදී නොකරන විශේෂ පින්කමක් ලෙසයි කළේ. ඒ තමයි පැන් වඩා පින් අනුමෝදන් කිරීම. එසේම පැන් වඩා පින් අනුමෝදන් කිරීම කරනු ලැබුවේ ජාතික නිදහසේ වර්තමාන සාක්ෂිකරුවා වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන්.

ඊනියා යහපාලනය පටන් ගත්තේම බෞද්ධ සංස්කෘතික හා ජාතික විරෝධී පාලනයක් ලෙසයි. ඒ අනුව බෞද්ධ සංස්කෘතිය මුලික කරගෙන දේශය, භාෂාව, ජාතිය ආරක්‍ෂා කිරීමට කෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා නම් ඔවුන් සිහිපත් කර වත්මන් පරපුර ඉහත කාරණා පිළිබඳව සවිඥානිකව කටයුතු කිරීමට සැලැස්වීම තමයි මෙහි අරමුණ බවට පත් වුණේ. එසේම මහ සංඝරත්නයෙත්, මහ ජනයාගේත් ආශිර්වාදය ලැබෙන්නේ මේ රට බේරාගන්නට දිවිදුන් නායකයන්ට සහ නමක් ගමක් සඳහන් නොකොට දිවි හිමියෙන් කටයුතු කළ දිවි කැප කළ දේශප්‍රේමී දුවා දරුවන්ට මිස ද්‍රෝහීන්ට නොවේ යන්න ප්‍රකාශ කිරීමක් මේ තුළ ගැබ්ව තිබෙනවා.

- ඔබ වහන්සේ කාරණා දෙකක් මතු කළා. පළවෙනි කාරණය තමයි අපි ජාතික වීරයන් සමරනවා වෙනුවට ඔවුන් මරණවා කියන කාරණය. දෙවැනි කාරණය, මද්දුම බණ්ඩාර වීරයා ඉහළට ඔසවා තබන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහගේ කෲරත්වය ඉස්මතු කර ඔහුගේ වීරත්වය යටපත් කිරීමටද? එසේම අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය ගොඩනැගීමට දැක්වූ දායකත්වය ද පසු පසට තබා ඔහුගේ බෞද්ධ පෙනුම පමණක් ඉස්මතු කිරීමට කුමන්ත්‍රණකරුවන් උත්සාහ කළා කියන කාරණය.

අපි මේ ප්‍රශ්නය තේරුම් ගැනීමට අද තත්ත්වය තුළින් ප්‍රවේශ වෙමු. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සුවිශේෂී දායකත්වය යටතේ මේ රටේ 30 අවුරුද්දක් පැවැති දරුණු යුද්ධය මුලිනුපුටා දැමුවේ නැද්ද? ඒ තුළින් නැගෙනහිර පළාතේ වාසය කරන, මුස්ලිම් ජාතිකයන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ නැතිද? ප්‍රභාකරන්ගේ තුවක්කු උණ්ඩවලට බිලිවෙලා හිටපු උතුරේ දකුණේ නැගෙනහිර දෙමළ තරුණයාගේ ජීවිත ආරක්‍ෂාවෙලා නැද්ද? ඔවුන්ගේ ජීවිත අලූත් වෙලා නැද්ද?

නමුත් පසුගිය කාලේ ඉස්මතු වෙච්ච සමහර අන්තවාදී යැයි ආණ්ඩුව හංවඩුගසන සංවිධානවලට ඔවුන්ගේ නම් ඈඳලා ඔවුන්ගේ සම්බන්ධකම් බොරුවට ඉස්මතු කරලා කටකතා අවලාද මුළු සමාජය පුරා පතුරුවා හැරියේ නැද්ද? අන්තිමේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ගෞරවය දැක්වූ මුස්ලිම් ජාතිකයන් එතුමාගෙන් ඈත් කළේ නැද්ද? ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාව සිංහල බෞද්ධ නායකයෙක් බවට පමණක් පත්කර එතුමාව මුස්ලිම් ජාතිකයන්ගේ සතුරෙක්ය යන හැගීම ඔවුන්ගේ හදවත් තුළ ඇති කළේ නැද්ද? මේක කුමන්ත්‍රණයේම කොටසක්.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ යම් දරුණු වැඩ කතා කරනවා. ඉතිහාසයේ ලියා තැබූ දේවල් සමාලෝචනය කළහම අපට පේනවා එම සටහන්වල තිබෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කෲරත්වය ඔසවා තබන ආකාරය. ඇහැලේපොළ කුමාරිහාමිව මරා දමන ආකාරය ඇහැලේපොළ නිලමේට දඬුවම් කළ ආකාරය ඔවුන්ගේ දරුවන්ට දුන්නු කෲර දඩුවම් සිත් කම්පා කරවන අයුරින් සටහන් තබා තිබෙනවා. ඒ අතරේ අපිද අවිවාදයෙන් පිළිගන්නා මද්දුම බණ්ඩාර ළමා වීරයව ඉතිහාසයේ මුදුනටම රැගෙන එමින් ඉතා සුක්ෂම ලෙස සිංහලේ අන්තිම රජතුමා සහ ඔහුගේ හිතෛෂිවන්ත රදලයන් අතර ගැටුම අවුල වන සැටිත් ඉතිහාසයේ සටහන් පෙළ අතරේ යටින් දිව යනවා. එතැනින් නොනැවතී අපගේ අන්තිම රජතුමා කෲර රජෙක්ය යන්න අපේ හදවත් තුළත් තදින් රෝපණය කරන්නට ඔවුන් ලියූ ඉතිහාස සටහන් දායක වෙනවා. සුද්දාට ගැතිව ලියූ ඉතිහාසය උගන්වන සමහර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු පවා සුද්දාට අවශ්‍ය ලෙස ලියූ ඉතිහාසයේ යටිපෙළ තේරුම් නොගෙන තම ගෝල පරම්පරාවට පුනරුච්චාරනය කරනවා. එහෙම කරලා එතුමා අපෙන් ඈත් කරනවා. එදා උපක්‍රමය අදත් භාවිතා කරනවා. කුමන්ත්‍රණකරුවෝ, සමහර විප්ලවකාරී ඊනියා දේශප්‍රේමී දේශපාලන සංවිධාන, සුද්දා එදා කළ දේ හරි අපූරුවට අද කරනවා. මහින්ද රාජපක්‍ෂගේ අඩුපාඩුකම් කොතෙකුත් ඇති. එහෙත් ඔහු මෑත යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ජන නායකයා ලෙස පිළිගෙන හමාරයි. දේශපාලන කුහකයින්ට එසේ නොවැටහීම පුදුමයක් නොවෙයි. ඒ නිසයි සංවිධානය වී කුමන්ත්‍රණ කොට ඔහු බලයෙන් නෙරපන්නේ.

මේක හරියට මැදිවියට ළංවෙන පුද්ගලයකුගේ හිසේ තිබෙන පැහිච්චි කෙස්ගස් කිහිපයක් ඉවත් කරන්න කියලා හිතලා බෙල්ල කපලා දැම්මා වගේ වැඩක්. එදා කළෙත් මේ දේමයි අද කරන්නෙත් මේ දේම තමයි.

- ඔබ වහන්සේ මද්දුම බණ්ඩාර වීරයා සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන ඉතා පැහැදිලි චිත්‍රයක් අප තුළ මැව්වා. නමුත් අනගාරික ධර්මපාලතුමාගේ ජාතික මෙහෙවර හැල්ලූවට ලක්කරන ආකාරය පිළිබඳව යමක් පැවසුවේ නැහැ.

අනගාරික ධර්මපාලතුමා ජාතික ව්‍යාපාරය ගොඩනගන්නට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ආගමික මෙහෙවර බලපෑව. එසේම ඕල්කට්තුමා මැදිහත්වී ඇති කළ බෞද්ධ පුනරුදය බලපෑවා. මාරි හිගින්ස් මැතිනිය, බ්ලැවැට්ස්කි මැතිනිය, ඕල්කට්තුමා මැදිහත්ව ඇති කළ බෞද්ධ පාසල් නිසා අතිවිශාල ප්‍රබෝධයක් එතුමාගේ සිත තුළ ඇති වුණා. ඒ වගේම එතුමා හොඳ මිෂනාරි අධ්‍යාපනයක් ලැබුවා. ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි කතා කළ උගතෙකු වූවා. ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. චිකාගෝ නුවර තිබුණු ආගමික සමුළුවට සහභාගිවෙලා ලෝකයේ පවතින ආගම් අතර බුද්ධාගම පවතින ස්ථානය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන තිබුණා. ඒ වගේම එතුමා ලෝකයේ විශේෂයෙන්ම අධිරාජ්‍ය විරෝධී බුද්ධිමතුන් අතර, උගතුන් අතර විශාල ප්‍රසාදයක් ගොඩනගාගෙන තිබුණා. ඒ තුළින් එතුමා ලෝකය තුළ ඉතාමත් ජනප්‍රිය පුද්ගලයකු බවට පත්ව තිබුණා. හොනලූලූ වරායෙන් නැව් නැගීමට එනවිට එතුමාව ජනතාව පිළිගත්තේ විශිෂ්ට දාර්ශනිකයකු විදියටයි. වර්තමානයේ සමහර චිත්‍රපටිවලින් එතුමාගේ චරිතය බොහොම අපූරුවට ඝාතනය කර තිබුණා.

එතුමා තුළ ඉතා පුළුල් ජාතික දැක්මක් තිබුණා. විශේෂයෙන් ජාතික ආර්ථිකය ගොඩනගන්න ලෝකයේ වෙනත් රටවලින් තාක්ෂණය උකහා ගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ එතුමා හොඳ තක්සේරුවක හිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස එතුමා ජපානයට තරුණයන් යැව්වා පේෂකර්මාන්තය සහ ගිනිපෙට්ටි කර්මාන්තය ආරම්භ කරන්න අවශ්‍ය තාක්‍ෂණය ඉගෙනගෙන එන්න. එතුමා අපේ රටේ තරුණයෝ එකතු කරලා තැන තැන තරුණ සංගම් හැදුවා. එම තරුණයන්ට දැන්වූවා වෙළෙඳාම ඉගෙන ගන්නා ලෙස. වෙළෙඳාම දන්නේ නැති ජාතියකට ලෝකයේ පවතින්න බැහැ කියලා එතුමා අවධාරණය කළා. බුදු දහමත් පාදක කොටගෙන ජාතියට චර්යාධර්ම පද්ධතියක් හදුන්වලා දුන්නා. ඇඳුම, චාරිත්‍ර, වාරිත්‍ර, ආහාර සංස්කෘතිය, මගුල් ගෙවල්වල කරන අසීමිත නාස්තිය ගැන එතුමා කතා කරනවා. අද අපේ ජාතියට තිබෙන ලොකුම ප්‍රශ්නය මගුල් ගෙදර. අද තරුණ තරුණියෝ තව තවත් වැඩ කරන්න පුළුවන් හොඳම වයසෙදි හම්බ කරලා ඉතුරු කරගන්න සල්ලි ටිකට වැඩ කරන්න පුළුවන් ඉතුරු හොදම කාලයෙන් අවුරුදු හත අටක් උගසට තියලා ණය වෙලා ගන්න සල්ලි වලින් දැවැන්ත මගුල් ගෙයක් ගන්නවා. අද මගුල් ගෙදරකට රුපියල් ලක්‍ෂ 3 සිට කෝටි එක හමාරක් දක්වා සමහරවිට ඊටත් වැඩියෙන් වියදම් කරනවා. මගුල අවසන් වෙන්නේ අවමගුලකින්. ඉදිරි කාලයෙ ණය ගෙවාගන්න මළ ගෙදර වගේ ජීවිතය ගෙවනවා. අසන්තෘප්තිය පිරිච්ච ගෙවල් තමයි මගුල් ගෙදරින් පස්සේ තියෙන්නේ.

මේ වෙන විනාශය අනගාරික ධර්මපාලතුමා පැහැදිලිවම දැක්කා. අනාගතය විනිවිද දැක්කා. බුදු දහමෙන් ඉගැන්වූ ධරනීය සංවර්ධනය හරි අපූරුවට ජාතියේ උන්නතියට අවශ්‍ය දැක්ම හදාගන්න ගැලප්පුවා. ඒවා ජාතියට ඉගැන්නුවා. ජාතික ව්‍යාපාරයේ වත්මන් රුව, ගුණ, සුවඳ එතුමා එදා සකස් කළා.

අද දහම් පාසලේ පහළ පන්තියේ ශිෂ්‍යයෙකුට අවබෝධ කරගත හැකි ප්‍රමාණයට ලියා තියෙන පාඩමක තියෙන පිටු දෙක තුනක ධර්මපාල චරිතය දකින්න සමහරු උත්සාහ කරනවා. ඒක අසාර්ථක වෑයමක්. මේ අනුව ජාතියේ සැබෑ අරටුව සොයා ගන්න ඕන නම් අනගාරික ධර්මපාලතුමාව සොයා යා යුතුයි. නමුත් එතුමාට කලෙත් මම ඉහතින් දැක්වූ ආකාරයට බුද්ධගයාව බේරාගන්න, ගවමස් කෑම නවත්තන්න වීරිය දරපු බෞද්ධ නායකයෙක් කියන ලේබල් එක අලවලා සිංහල බෞද්ධ ජාතිවාදියෙක් කියලා පැත්තකට දැමීමයි.

- ප්‍රභාකරන් නැමති ඝාතකයාගේ ඝාතනයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අපේ රටේ සියලූ ජාතීන්ගේ ගලවුම්කරුවා බවට පත්වුණා. එහෙත් ටික කාලයකින් බටහිර තානාපති කාර්යාල සහ රෝ ඔත්තු සේවාවේ දායකත්වය ඇතුව මහින්ද එපා කියන තැනට සමාජය රැගෙන ආවා. මේ සම්බන්ධව ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

මහින්ද නරකයි කියන්නේ 2010න් පස්සේනේ. 2005 ඉදන් 2010 වෙනකම් එතුමා හරි හොඳයිනේ මිනිස්සුන්ට. හැබැයි මේ හොඳ මහින්දට එරෙහිව නේ සරත් ෆොන්සේකා මහත්තයව අරගෙන එන්නේ. 2010 ජනාධිපතිවරණයට එදත් ඔය කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණ කණ්ඩායම් වැඩට බැහැලා හිටියා.

චම්පික මහත්තයා වගේ අය කියනවනේ 2010ට කලින් ගෙවුණු අවුරුදු පහේ හිටපු මහින්ද හරි හොඳයි 2010න් පස්සේ අවුරුදු පහේ හිටපු මහින්ද හරි නරකයි කියලා. නමුත් පොදු අපේක්‍ෂයෙක් අරගෙන එදත් මේ කණ්ඩායමමනේ එළියට ආවේ මහින්ද මහත්තයා එළවන්න.

එතකොට එහෙනම් 2010 සරත් ෆොන්සේකාව ගේන්න මහින්දගේ හොර මැරකම්වලට නොවෙයිනේ. මේ සිද්ධ වුණේ හැමදාම අපේ රටට එරෙහිව ක්‍රියාත්මක වුණු කුමන්ත්‍රණවල තාවකාලික ජයග්‍රණයක්. මහින්දලා හැමදාම දිනන්න ඕන නැහැ. මහින්දලා පරදින්න පුළුවන්. හැබැයි රට දිනන්න ඕන. හැබැයි මහින්ද කියන්නේ මොකක්ද? මහින්ද කියන්නේ වර්තමාන ජාතික සටනේ සංකේතය. ඔන්න ඔය දෙය තේරුම් ගන්න ඕන. පටු දේශපාලන ඇහැකින් නොව ජාතික ඇහැකින් මේ දෙස බලන්න. ඒ නිසා කුමන්ත්‍රණකරුවෝ පරාජය කරන්නේ කුමක්ද? ඒ තමයි සිංහල, දෙමළ, මුස්ලිම් සාතිශය බහුතරයේ ජනමූල නායකත්වය. ඔබ අහන්නේ මේ සිද්ධ වුණේ කුමන්ත්‍රණයක්ද කියා. ඔව් එය පැහැදිලියි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශයක් කරනවා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මෙන්න මේ දේවල් කරනවාය කියන ලිඛිත පොරොන්දුවක් තිබුණ කියා. හැබැයි! ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ඡන්ද කාලේ හැසිරුනේ කොහොමද බිත්ති කණ්ඩිය උඩ නැගලා ඉන්න මිනිහට කියනවා ‘‘ඉස්සරහට නම් පනින්න එපා! පස්සට පනින්න කියලා නම් අපි කියන්නේ නැහැ.’’ කියලා. මේවා මහ බාල තර්කනේ. බත්කන වෘෂභයන්ට නම් මේවා හොඳයි.

ලංකාවේ මහඡුන්දයක් තිබුණේ නැහැ. තිබුණේ ජනාධිපතිවරණයක් එතකොට කොහොමද ජනාධිපතිවරණයකින් පස්සේ රනිල් අගමැති වෙන්නේ. මේවා තමයි මෛත්‍රීපාල මහතා සහ රනිල් මහතා අතර තිබුණ සම්මුතිය. අර ගිවිසුම් කතාවේ ඉඩම් බෙදිල්ලක් ගැන කියලා තිබුණානේ දැන් තමයි ඒවා වෙන්නේ.

අනිත් පැත්තෙන් රෝ සංවිධානය සම්බන්ධ වුණු හැටි ජෝන් කේරිලා මේ සඳහා දායකත්වය සපයපු හැටි හෙළිවෙළා ඉවරයි. ඒ විතරක් නොවෙයි. ඒ කුමන්ත්‍රණකරුවෝ දක්වපු සහයෝගයට ඒ අයට ප්‍රතිඋපකාර කරන හැටිත් අපේ ඇස් පනාපිට සිදුවෙලා ඉවරයි.

ඊළගට මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න ඕන මහින්ද මහත්තයාව දේශපාලන භූමියෙන් අකා මකා දමන්න ඕන නම්. ඒ සඳහා සියලූ දේ කරමින් ඉන්නවා. එතුමට විශාල ආදරයකින් උපදෙස් දෙනවා ‘‘ඔබ දැන් විශ්‍රාම සුවයෙන් ගෙදරට වෙලා ඉන්න. නැවතත් දේශපාලනයට ඇවිල්ලා අපහාස විඳින්න එපා.’’ හරි ආදරෙයි මේ අය මහින්ද මහත්තයාට. ඊළගට මේ අය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පුදුම ගෞරවයක් ආදරයක් තියෙන්නේ පක්‍ෂය බෙදන්න එපා කියනවනේ මහින්ද මහත්තයාට. එදා මහින්ද මහත්තයාගේ ඡන්ද ව්‍යාපාරය අඩපණ කළ මැති ඇමතිවරුම තව වටයකින් වැඩ පටන් අරගෙන තියෙනවා. නිවටයින් පාර්ලිමේන්තුවට යැවීමේ ජනතා වැරැද්ද.

පක්‍ෂය හැරගියේ එය දෙකඩ කළේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාද? ඉතා පැහැදිලියි පක්‍ෂය විනාශ කළේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බව.

උස්මහත් වෙච්ච ලැඡ්ජ බය ඇතිව හැඳුණු ගැහැණු ළමයි ඉන්න පවුලක අම්මා ගෑනු දරුවෝයි තාත්තවයි දාලා යනවා. රෝන්දේ ගිහිං ආපහු ගෙදරට එනවා. ඇවිදින් දරුවෝ එක්ක යන්න හදනවා. එතකොට අර දරුවෝ අම්මාව ප්‍රතික්ෂේප කරලා තාත්තගේ තුරුල්ලට යනවා. එතකොට අම්මා දොස් කියනවා. තාත්තට ළංවෙලා ඉන්නවා කියලා. හෘද සාක්ෂියක් තියෙන දරුවෝ තාත්තාගේ ළඟට යන එකද වැරදි. ඒ වගේ දෙයක් තමයි මේ වන්නේ. පක්‍ෂයට විරුද්ධ වුණේ මහින්දද ?

27000ක් විතර ජීවිත පූජා කරලා තවත් ඒ වගේම පිරිසක් අතපය අහිමි කරගෙන, ඇස් කන් අහිමි කරගෙන බේරාගත්තු මේ රට පුළුවන්ද මෛත‍්‍රී මහත්තයා හරි රනිල් මහත්තයා හරි මූලික වෙලා පවාදෙනකම් බලාගෙන ඉන්න. ආයි යුද්ධයක් අවොත් ඒ අයගේ ළමයි ඇවිල්ලා ද මේ රට බේරාගන්නේ

අනිත් කාරණය යුද්ධය කරන කාලේ යුද කදවුරෙන් කදවුරට ගියේ අපි, ඒ අය නෙවෙයි. මේ රට එයාලගේ බූදලයක් නෙවෙයි.

අටුකොස් කන්න දීපුවහම ඒවායේ රහ වැටිලා අටුකොස් පැළයක් ඉල්ලන ජාතියේ නායකයෝ අපට වැඩක් නැහැ. මේ රටට ඕනේ ජන මූල නායකයෝ පොළවේ පය ගහලා ඉන්න අය.

- අන්තවාදී බෞද්ධ බලවේග මහින්ද රාජපක්‍ෂ මහතා වටේ ගොනුවුණු මුස්ලිම් ජාතිකයාගේ මතය බිඳවට්ටන්න දායකත්වයක් සැපයුවා නේද?

අන්තවාදී බෞද්ධ බලවේග යන වචනය මම කැමතියි වෙනත් විදියකට විග්‍රහ කරන්න. බෞද්ධ බලවේග කියන්නේ අපේ කම, ජාතිකත්වය, දේශීයත්වය, බෞද්ධකම කියන සියල්ල එක්ක කැටිවෙච්ච එකක්. ඒක කැක්කුමක් ඒ කැක්කුම අඩු වැඩි වශයෙන් අපි හැමෝටම තියනවා. ඒ කැක්කුම අනුව කෙනෙකුට සංවිධාන ගොඩනගන්න පුළුවන්. එවැනි සංවිධාන හැදුවට පස්සේ ඔවුන් නොදැනුවත්වම අන්තගාමී තැන්වලට අරගෙන යන්න පුළුවන්. බේරුවල සිද්ධියේදී සිදුවූ දේ හරි හැටි විග්‍රහ කරගත්තොත් පුළුවන් අපට මේ තත්ත්වය තේරුම් ගන්න. කාදියවත්ත පන්සල ඉදිරිපිට හරක් ඔළුවක් දැම්මා කියලා පත්තරවල ගියේ නැහැ. හාමුරුවන්ට පහරදුන්නා කියලා පත්තරව පල වුණේ නැහැ. ඒ විතරක් නොවෙයි බොදු බල සේනාව ඇතුළු බෞද්ධයින් සංවිධානය කළ පා ගමනට මුස්ලිම් පල්ලියේ ඉඳන් පහර දුන්නා කියලා හරි හැටි මාධ්‍ය වාර්තා පල වුයේ නැහැ. ඒ විතරක් නොවෙයි ගැටුම අවසන් වුණායින් පස්සේ පන්සල ආශ්‍රිතව තිබුණ සිංහල ජාතිකයන්ගේ ගෙවල් 6ක් පුළුස්සා දැම්මා. ඒවා ඉතාම සංවිධානාත්මකවයි වුණේ. වැලිබෝතල්වලින් පහරදීමට බෞද්ධයාගේ ප්‍රතිචාර දැක්වීම අන්තවාදී මුස්ලිම් සංවිධාන කළේ සංවිධානාත්මකව පහර දීම. ඒ විතරක් නොවෙයි එහි උපරිම ප්‍රචාරක වාසිය ගත්තා. මුස්ලිම් සමාජය තුළ බොරුව විශාල වශයෙන් පැතිරුවා. පසුගිය රජය මේ සම්බන්ධව නිවැරැදිව කටයුතු කළා නම් මේ තත්වය මෙසේ වන්නේ නැහැ. ජාතිවාදය ආගම්වාදය ඇවිස්සෙයි කියලා හිතලා පසුගිය රජය කළ යුතු දේ කළේ නැහැ. ඒක ඔවුන්ට අවාසියට හිටියා. බෞද්ධ බලවේග ගත්ත යම් යම් ක්‍රියාමාර්ග ඉතා සූක්ෂම විධියට මුස්ලිම් අන්තවාදය ප්‍රයෝජනයට ගත්තා. දැන් බෞද්ධ බලවේග තේරුම් ගන්න ඕන කුමන්ත්‍රණකරුවන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් කිසිදු දෙයක් නොකර සිටීමට.

- අපේ හාමුදුරුවනේ, මේ වන විට මොන ක්‍රමයකින් හෝ මුස්ලිම් අයගේ හිත් බිඳවීමක් සිදුවෙලා තිබෙනවා. බහුතර සිංහල බෞද්ධයාගේ හිත් රිදවීමකින් තොරව මුස්ලිම් ජාතිකයා දිනාගත යුතුයි නේද?

ඔව්! සිංහල ජනයා ජීවත් නොවන ලංකාවේ පළාත්වල පවා මුස්ලිම් ජනයා ජීවත්වනවා. ඒ වගේම සිංහල බෞද්ධ බහුතරය ජීවත් ප්‍රදේශවලත් සැලකිය යුතු ප්‍රතිශතයක් මුස්ලිම් ජනයා ජීවත් වෙනවා.

දැන් දැන් මතවාදයක් යනවා ජාතික කොඩියේ පාට දෙක අයින්කර ගන්න ඕනේ කියා එයින් වක්‍රව කියවෙනවා ඒ පාට දෙක එල්ලන්න පුළුවන් ප්‍රදේශ දෙකක් උඹලා හොයා ගනිල්ලා කියලා. මේවා අතිශය විනාශකාරී වැඩ. මතක තියාගන්න තොප්පියක් එකවරකට පළදින්න පුළුවන් ඒක් අයෙකුට පමණයි නමුත් අපි හොඳ කූඩාරමක් හැදුවොත් හැමෝටම ඒ කුඩාරම තුළට එන්න පුළුවන් අපි හැමෝම විනාශකාරී නොවන අභිලාෂයන් තෘප්ත වන ආකාරයේ හොඳ කුඩාරමක් ගොඩනගමු. එතකොට මේ ගැටලූව විසඳෙයි.

- ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ ස්ථරය මේ කුමන්ත්‍රණයක් එක්ක බොහොම හොඳින් පෑහෙනවා කියලා පේනවා. නමුත් ශ්‍රීලනිපයේ පහළ ස්ථරය එසේ නැහැ.

පහළ ස්ථරය කියන්නේ පොදු ජනයාගේ හදවත් හදුනන පිරිසයි. ඒ පිරිස් ප‍්‍රදේශීය සභා පළාත් සභා නියෝජිතයෝ ලෙස හදුන්වන්න පුළුවන්. ඉහළ ස්ථරය කියන්නේ ඔවුන් විසින් ඔසවාගෙන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇමතිවරුන්. මේ ඉහළ ස්ථරයට තියෙන්නේ බලය පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් පහළ සාමාජිකයාට තියෙන්නේ රට පිළිබඳ ප්‍රශ්නයයි. ඔවුන් ඉන්නේ මහ පොළොවේ පය ගහලයි. ඒ වගේම තමන්ගේ ජනතාවගේ මළ ගෙදරදී, මගුල් ගෙදරදී දුකේදී සැපේදී එකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු තවමත් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමගයි. සුපිරි හෝටල්වල ජීවත්වුණු විෂමාචාර ජීවන රටාවකට හුරුවුණු අය ලැබුණු අවස්ථාවෙන් කල දුටු කළ වළ ඉහගන්නයි මේ සූදානම් වන්නේ,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මේ අය මතක තියා ගන්න ඕන රනිල් වික්‍රමසිංහ බෙදුම්වාදීන් එක් කරගෙන බටහිර තානාපති කාර්යාලවලින් උදව් උපකාර අරගෙන ආණ්ඩු පිහිටවන්නේ ශ්‍රී ලනිපයට ඇමතිකම්, උප ඇමතිකම් දෙන්න නොවෙයි. ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්මරත්නාවලියේදී සඳහන් කරන උපමාවක් මට මතක් වෙනවා. ‘‘නුගගස මහත් වුවත් නුග ඵල කුඩා වන්නා සේ’’ කඳින් බඩින් මහත වුවත් නුවණ කුඩා අය ඉන්නවානේ ඒ අයට මේවා තේරෙන්නේ නෑ.

- අපේ හාමුදුරුවනේ දැන් ආණ්ඩුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ඒමට සූදානම් එය ඉතා භයානක තත්ත්වයක් ඇති කරන්නක් මේ සම්බන්ධව ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

කොටියා බැඳලා ඉන්නේ. ඒවගේම නිර්වින්දනය කරලයි කොටියා බැඳලා තියෙන්නේ. මේ කොටියාට සිහිය ගන්නවා නම් එය කළ යුත්තේ බැඳලා ඉන්නෙද්දීමයි. බැරි වෙලාවත් ඌව දන්වැලෙන් ලිහලා සිහිගැන්වීම කළොත් මහා විනාශයක්.

බෙදුම්වාදය නැමති කොටියාව බැඳලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය කියන දම්වැලෙන්. 19 වන සංශෝධනය කියන එන්නතින් කොටියා වන 13 වන සංශෝධනය බලගන්වනවා. දැන් රටට වෙන්නේ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද?


සංවාද සටහන
-ජීවන්ත ජයතිස්ස
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions