6/13/2018

ලුම්පන් එලීටියානු තුප්පහි සාද ..!

කතෘ:යුතුකම     6/13/2018   No comments
- කුමාර ලියනගේ-පසුගියදා කොළඹ පැවැත්වුණු සුපිරි උපන්දින සාදය (?) පිළිබඳ ව සමාජයේ විවිධ අදහස් නිර්මාණය වෙමින් තිබේ. බොහෝ දෙනෙකු විසින් මේ වන විට එකී උපන් දිනයේ ඡායාරූප සහ වීඩියෝ පට නරඹනු ලැබ ඇතුවාට සැක නැත.

මම ද නැරඹුවෙමි.
ඒවා නැරඹු අය ඔලු අවුල් කර ගෙන තිබේ. එක්කෝ ඊට කැමැත්තෙනි. නැත්නම්, ඊට අකැමැත්තෙනි.

එ් සාදයේ විවිධ කාමුක ඉරියව්, සංකේත, ඇඳුම් ඉදිරිපත් කළ අය කෙරෙහි බොහෝ පිරිසක් වෛරයක් ඇති කර ගෙන තිබෙන බව, ඒ ඒ නිළියන් ගේ සහ නිරූපිකාවන් ගේ FB පිටු නරඹන විට වටහා ගත හැකි ය.
ඒවායේ ඇත්තේ අමුතිත්ත කුණුහරුප ය. එකී තරුණියන් ද, ඒ අදහස්වලට වීදිගණිකා භාෂාවෙන් ම උත්තර දී තිබේ.

දැන් මේ සිදුවීම විග්‍රහ කර ගැනීම පහසු ය.

කෝටි ගණනක් මුදල් වියදම් කර තරු පන්තියේ හෝටලයක පවත්වනු ලබන කවර හෝ සාදයක අරමුණ විය හැකි වන්නේ උසස් සමාජභාවයකි. උසස් හැසිරීමකි. වගකීම්සහගත විනෝදයකි. එ් අනුව, වීදිගණිකා භාෂාවක් ඔවුන් විසින් භාවිත කෙරෙන්නේ කෙසේ ද?

යථාර්ථය ඇත්තේ මෙතැන ය.

මේ සියලු පිරිස් අයත් වන්නේ 77න් පසු මෙරට තුළ එක්වර බිහිවුණු ලුම්පන් එලීටියානු පන්තියට හෙවත් අතමිට සරු තුප්පහි පන්තියට ය. එය විස්තර කිරීම කෙටියෙන් සිදු කළ නො හැකි ය. එනම්, සුපිරි ජීවිත (?) ගත කරන මැරයන්, කුඩුකාරයන්, ගණිකාවන් වැනි පිරිසකි.

ඒ අනුව වීදි ගණිකා භාෂාවෙන් මේවාට බනින්නෝ ද, උඩගෙඩි දෙන්නෝ ද, එකම කාසියක දෙපැත්තක් වෙති. එය සමාන වන්නේ, 2015දී රාජපක්ෂ රෙජීමයට බැණ අඬගසන ලද පුද්ගලයන්ට ය. එදා යහපත් මිනිසුන් ලෙස පෙනී සිටි පුද්ගලයෝ, අද ඇරියස් කවර් කරමින් සිටිති. එ් අනුව එදා බැණ තිබෙන්නේ වෙනත් යටි අරමුණක් ඇති ව බව පැහැදිලි ය.

මා පවසන්නේ මේ චරිත පිළිබඳ ව අප රුදාවක් ඇති කර ගත යුතු නැති බව ය. ඊට හේතුව මොවුන් ගේ මුළු ජීවිත ම ඛේදවාචක වී තිබෙන නිසා ය.

පොදුජන සමාජය නො ඉවසන යමක් කරන්නේ නම්, ඔහු/ඇය හැදී වැඩී තිබෙන්නේ සාමාන්‍ය සමාජ පරිසර තත්ත්වයක නො වන බව අවබෝධ කර ගත යුතු ය. ඒ නිසා ඔවුන් ගේ ජීවිතවල ඇතුළාන්තය යනු, දහජරාව පිරුණු පල් වලකි.

ජීවිතයේ සෞන්දර්ය විඳින්නට ඔවුන්ට පින නැත. ප්‍රේමයේ නිර්ව්‍යාජ උණුසුම ලබන්නට ඔවුන්ට පින නැත. සැමියා, බිරිඳ, දරුවා අතර ඇතිවන ශිෂ්ටාචාරික මානව බැඳීමක උත්කර්ෂය ඔවුන් ගේ මායිමක නැත. කෙටියෙන් පවසනවා නම්, ඔවුන් ජීවිතයේ සතුට අත් විඳ නැත. ඔවුන් කරන්නේ මෙවැනි සාදවලට පැමිණ, අසහනය දුරු කර ගෙන, මත්ද්‍රව්‍ය සහ මත්වතුර පානය කර, මහ රෑ තමන් ගේ ගුබ්බෑයමට ගොස් ඇඳේ වැටී, හිඟන්නන් මෙන් නිදා ගැනීම ය.

මේ සඳහා කදිම උදාහරණයක් සපයන්නේ මෙරට කාමුක චිත්‍රපටිවලට නමක් දිනා ගැනුණු එක්තරා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු සහ ඔහු ගේ හිටපු බිරිඳ ය. ඔවුන් දෙදෙනා එක් ව වසන කාලයේ, ඔවුන් හැසිරුණේ ලෝකයේ ඉතා දියුණු අඹුසැමි යුවලක් මෙනි. එකිනෙකා ගේ නිදහසට ගරු කරන සබුද්ධික යුවලක් මෙනි. එකල ඔවුන්ට අනුව, සාම්ප්‍රදායික ජීවිතයට නැඹුරු වන්නෝ ළිං මැඩියෝ ය. එසේ ද වුවත්, යටින් ඔඩු දුවා ගොස්, කුණු සැරව පිරුණු විසර ගෙඩිය පිපිරුණු පසු එහි ගඳ සමාජය පුරා පැතිර යන්නට වූයේ, බිරිඳ දික්කසාද වීමෙන් පසු ය. ඈ, ඇය ගේ ජීවිත ඛේදවාචකය හිටිවන හෙළිදරව් කිරීමට පටන් ගත්තා ය. එ් නිසා ඉහත කී අධ්‍යක්ෂකවරයා ගේ රෙදි ගැලවී ගියේ ය.

පසු හෙළිදරව්වට අනුව ඇය ලෝක පරිමාණයෙන් ප්‍රකට ලිංගික නිළියක් වී තිබුණේ, කුඩා කාලයේ ඇයට ලිංගික අඩන්තේට්ටම් කරන ලද බාප්පාට පින්සිද්ධ වන්නට මිස, සැමියා ගේ අප්‍රමාණ මානව බැඳීම නිසා නො වේ. ඈ ඔහු ගේ ද ලිංගික වහළියක් වී සිටියා ය.

මෙවැනි සුපිරි පන්නයක් මවා ගෙන සිටින, ලුම්පන් එලීටියානු සමාජයේ එක්තරා නිරූපිකාවක විසින් ඇය ගේ ජීවිතයේ ඇත්ත මේ වන විටත් අන්තර්ජාලයට මුදා හරිනු ලැබ තිබේ.

එහිදී ඈ කියන්නී, වයස අවුරුදු 7දී මව මියයෑම නිසා, වැරැදි කළ විට ඒවා පෙන්වා දෙන්නට කිසිවකු නොසිටි බව ය. මව සිටියා නම් තමන් ගේ ජීවිතය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණු බව ය.

'මීට වඩා වෙනස් වන්නට තිබුණා' යන්නෙහි අර්ථය වන්නේ 'මීට වඩා සුන්දර වන්නට තිබුණා' යන්න ය.

ඒ අනුව ලිංගික අවයව පෙන්වමින් ප්‍රසිද්ධියේ සිදු කරන මෙවැනි ඊනියා තරු පන්තියේ වීදිගණිකා රංගනවල ඇත්තේ කාලකණ්ණිකම බව අපට අවබෝධ විය යුතු ය.
දන්නා බව පෙන්නුව ද, ඔවුන් දන්නා දෙයක් නැත. ලිංගික අවයව කුණු වූ වීදි ගණිකාවන් වෙසෙන ඉන්දියාවේ 'කාමාතිපුර' සහ ව්‍යාත්සායන ගේ දර්ශනය මත ඉදි කරන ලද 'කජුරාවෝ දේවාලය' අතර තිබෙන වෙනස, දන්නවාදැයි, ඔවුන් ගෙන් අසන්න.

'කාමාතිපුර' උන් ගේ ය. 'කජුරාවෝ දේවාලය' අප ගේ ය.

පිරිමින් ලෙස මෙලෙස පෙනී සිටින මුග්ධයන් ගෙන්, 'ශුක්‍රානු පහ කිරීම' (ejaculation) සහ 'සුරතාන්තය' (orgasm) අතර තිබෙන වෙනස, දන්නවාදැයි අසන්න.
ප්‍රේමයෙන් ද, ලිංගික වශයෙන් ද, ත්‍රිවිධාකාර වූ සාමිභෝගික රසයෙන් ද, තෘප්තිමත් වූූ පිරිමින්ට ද, ගැහැනුන්ට ද, කිසිදාක ඇරියස් පවතින්නේ නැත. ඒ නිසා ඔවුන්ට එළීයේ පෙන්නමින් දඟලන්නට අවශ්‍ය නැත.

මුහුණුපොතේ ප්‍රේම සටහන් තබන බොහෝ පිරිසක ගේ ද ඇත්තේ මානසික හිඩැසකි. අවශ්‍ය කාලයේ ආදරය සහ ලිංගිකත්වය නො ලැබීම ඔවුන් ගේ ජීවිතවල තිබෙන සැබෑ ඛේදවාචකය ය.

සැබෑ ලිංගික ආස්වාදයෙන් ශරීරය නිවා ගත් පුද්ගලයා, ග්‍රීස්ම කාලයේ ජලයේ බැස සිහිල් දිය නාගත් ඇතෙකුට සමාන කෙරුණු අවස්ථා, ඉපැරණි බෞද්ධ සාහිත්‍යයේ ඇත.
ඒ අනුව, ඇතාට මද කිපෙන්නේ නැත.

අප තේරුම් ගත යුත්තේ දුරුත්තට බැල්ලියන් පස්සේ රැළේ ගිය ද, දුරුත්තට පසු, පස්සා පැත්ත මූණේ ඇතිල්ලුව ද, එකී බල්ලන් ම, වගේ වගක් නැතුව සිටින බව ය.
බැල්ලියන්ට එවැනි ඉරණමක් අත් වන්නා සේ ම, මෙවැනි ලුම්පන් එලීටියානු මිනිස් බැල්ලියන්ට සිදු වන දේ ද, අප ගේ ඇස් පනාපිට ඔප්පු වෙමින් තිබේ.

උන් ගේ කරුමය, උන් ගේ ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/17/2017

ජන සාහිත්‍යකරුවා යොදාගත් භාෂාවේ තමයි අපේකම තියෙන්නේ

කතෘ:යුතුකම     8/17/2017   No comments
රාජ්‍ය සම්මානලාභී ගී පද රචකයකු සහ කවියකු වූ කුමාර ලියනගේ ගේ 'අමුතු බටනළාව' නමැති සිව්වන කාව්‍ය සංග්‍රහය රන්පත් ප්‍රකාශනයක්‌ ලෙස අගෝස්‌තු 17වැනිදා සවස 2.30ට කොළඹ ලක්‌ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී එළිදැක්‌වේ. මේ සංවාදය ඒ නිමිත්තෙනි.

Q. සංස්‌කෘතික සිංහලය පදනම් කරගත් නව ජාතික සංවාදයක්‌ අවශ්‍ය බව ඔබ මේ කාව්‍ය සංග්‍රයට දීර්ඝ පෙරවදනක්‌ ලියමින් යෝජනා කරනවා. අපි එතනින් මේ සාකච්ඡාව පටන් ගනිමු. ඔබ අදහස්‌ කරන ඒ සංවාදය කුමක්‌ ද?

අද සිංහල භාෂාව පිරිහිලා. සමහර අය කියනවා මේක තමයි වෙනස්‌වීම, ඒක නවත්තන්න බෑ කියලා. මේවා තක්‌කඩි ප්‍රකාශ. සමාජයක්‌ පිරිහෙන්නත් පුළුවන්, දියුණු වෙන්නත් පුළුවන්. සමාජයක්‌ පිරිහෙන්නේ නැතුව තියා ගන්න ආයතන රැසක්‌ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ම තමයි භාෂාවත්. භාෂාව පිරිහුණා ම සමාජයකට පවතින්න බැහැ. භාෂාවේ තරමට තමයි පුද්ගල චින්තනය ගොඩ නැගෙන්නේ.

අද අපේ රටේ නිර්මාණශීලී කලා ධාරාවක්‌ තිබෙනවා ද? තැනින් තැනින් එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ මතු වෙනවා. අද ලියන ටික දෙනාත් ලියන්නෙ සම්මාන බලා ගෙන. ඒක පේනවා ඔවුන් ලියන දේවල් දිහා බැලුවම. මේක භාෂාවේ සංස්‌කෘතිය නෙවෙයි. විසංස්‌කෘතිය. එතකොට සංස්‌කෘතික සිංහලය කියන එකෙන් මම අදහස්‌ කරන්නෙ, අපේ ජනසාහිත්‍යකරුවා, ජන නාට්‍යකරුවා යොදා ගත්ත නිර්ව්‍යාජ භාෂාව. ඒකේ තමයි අපේකම තියෙන්නෙ. ඒ නිර්මාණ තමයි ජනතාව වැළඳ ගන්නෙ. ජන සාහිත්‍යකරුවා යොදා ගත්ත බස තමයි නවීකරණය කරන්න පහසු. අද නිර්මාණ එක තැන පල්වෙන්නෙ මේ භාෂාවේ අර්බුදය නිසා. ඒ අර්බුදය ඇති කළේ මේ රටේ බටහිර අනුකාරක විශ්වවිද්‍යාල පද්ධතියයි. ඔවුන් සිංහල බස මරමින් ඉන්නවා. මේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු කියා ගන්නා අය අද ලියන කියන බහුබූතවලින්ම ඒක පේනවා. සිංහල අංශවල මහාචාර්වරුන්ටත් සිංහල බැරි නම්, මොකට ද සිංහල අංශ? ඒ නිසා මේ සංස්‌කෘතික සිංහලය කියන සංවාදය සමාජය තුළින් පැන නැඟිය යුතුයි කියා මා විශ්වාස කරනවා.

Q. භාෂාවේ නිෂ්පන්න ශක්‌තිය ඇත්තේ පොදුජන භාෂාවේ බව ඔබ කියනවා. ඔබ ඊට නිදසුන් ලෙස බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ, ජන සාහිත්‍යය, සීගිරි ගී ඇතුළු නිදසුන් රැසක්‌ දක්‌වා තිබෙනවා. ඒ පොදුජන භාෂාව, සම්භාව්‍ය භාෂාව ලෙස අද දුරස්‌ වී තිබෙනවා නේද? මෙයින් පෙනෙන්නේ භාෂාව කලින් කලට පරිණාමය වන බව නොවේ ද?

ඇත්තටම අපේ රටේ සම්භාව්‍ය කියලා හඳුන්වන්නේ පොදුජන කලාව නෙවෙයි. 10වැනි සියවසෙන් පස්‌සෙ අපේ රටේ පැළපදියම් වුණු සංස්‌කෘත භාෂාව පදනම් කර ගත්ත කලා කෘතියි. පොදුජන කලාවට එහෙම පිළිගැනීමක්‌ නැහැ. ඒක ග්‍රාම්‍ය එකක්‌ කියලා තමයි ඔය කියන බුද්ධිමත්තු කියන්නෙ. ඒ තමයි එයාලා දන්න තරම. ඒ නිසා තමයි මං මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න ගේ 'සිංහල ගී යුගය' කෘතිය උපුටලා දක්‌වලා තියෙන්නෙ. ඒක අහම්බයක්‌. මොක ද ඒ කෘතියට අනුව සංස්‌කෘත සාහිත්‍යයි, ජන සාහිත්‍යයි එකට ගලපලා තියෙනවා. සම්භාව්‍ය පොදුජන සාහිත්‍යය කියන යෙදුම තමයි මම යොදා ගන්නෙ. සම්භාව්‍ය කියන්නෙ සම්භාවනාවට පාත්‍ර වෙනවා කියන එකයි. ගෞරවයට පාත්‍ර වෙනවා කියන එකයි. එතකොට මේ රටේ සභ්‍යත්ව විඥානය ගොඩ නඟපු මිනිස්‌සු, මිනිස්‌සු නෙවෙයි ද?

අපේ රටට අනන්‍ය ශිෂ්ටාචාරයක්‌ තිබෙනවා. අපේ රටේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ව අද නවීන දැනුමක්‌ සම්පාදනය වෙලා තිබෙනවා. ඒක පුරාවිද්‍යාත්මකව ඔප්පු කරලා ඉවරයි. වංශකතා සාහිත්‍යය කියන්නෙ වෙනම එකක්‌. ඒක තනියෙන් ඉතිහාසය නිර්මාණය කරන්නෙ නැහැ. ඉතිහාසය නිර්මාණය කරන්නෙ සියල්ලයි. පුරාවිද්‍යාව බලවත් නැති රටවල ප්‍රබන්ධ සාහිත්‍යය බලවත් වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ වඩා බලවත් වෙන්නෙ පුරාවිද්‍යාව සහිත වංශකතාවලියයි. මෙන්න මේ මූල සංස්‌කෘතිය පදනම් කර ගත්ත සිංහල භාෂාව අද යටපත් වෙමින් යනවා. ඒක නවීකරණය කියලා වරදවා වටහා ගත්ත කට්‌ටියක්‌ විශ්වවිද්‍යාල පද්ධතියෙත් ඉන්නවා. නවීකරණය කියන්නෙ සම්ප්‍රදාය ආරක්‌ෂා කර ගනිමින් කෙරෙන දෙයක්‌. භාෂාව පරිණාමය වෙනවා කියන එක ඇත්ත. ඒක නවත්වන්න බෑ. දැන් යටත්විජිත සමයේ අපේ භාෂාවට අලුත් වචන රැසක්‌ එකතු වුණා. හැබැයි අපේ රටේ සංස්‌කෘතියට අනන්‍ය විදියට ඒ වචන හැඩ ගස්‌වා ගත්තා. දැන් බලන්න මාතර සාහිත්‍යයේ තිබෙනවා සීගිරි ගී ආරට ලියපු කවි. ඒවා ලියල තියෙන්නෙ ඒ යුගයේ දේවල් කතා කරන්න. මාතර යුගයෙදි හරිම නිර්මාණශීලී විදියට භාෂාව යොදා ගෙන තිබෙනවා. එතකොට ඒවා සීගිරි ගීවලට දුරත් නැහැ. ළඟත් නැහැ. භාෂා නවීකරණය කියන්නෙ අන්න එහෙම එකක්‌. මේක තමයි සිද්ධ වෙන්න ඕන දේ.

අපේ රටේ වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ගොඩ නැඟුණ භාෂාවට අනන්‍ය සංස්‌කෘතියක්‌ තිබෙනවා. ඒ නිසා පොදුජන සිංහලය කියන්නෙ අපේ රටේ මහා සම්ප්‍රදාය හෙවත් බෞද්ධ සම්ප්‍රදාය මත ගොඩ නැඟුණ සිංහල භාෂාව. ඒ භාෂාව අභ්‍යන්තරික වශයෙන් පරණ කරන්නත් බැහැ. අලුත් කරන්නත් බැහැ.

Q. අලුත් පරම්පරාවේ බොහෝ නිර්මාණකරුවන්ට භාෂා සන්දර්භය සහ ප්‍රකරණය පිළිබඳ කිසිදු වැටහීමක්‌ නැති බව ඔබ කියනවා. ඊට ඔබ දකින හේතුව කුමක්‌ ද?

ඒක වෙන්නෙ ඔවුන් සම්ප්‍රදාය හදාරන්නෙ නැති නිසා. වික්‌ටර් රත්නායක ගායනා කරන 'සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති' ගීතයයි, 'සඳ හිරු තරු පවතින තුරු' ගීතයයි බලන්න. ඕන නම් ඒ ගීත දෙක 'සඳත් හිරුත් නැති තරුත් වැසී ඇති' කියන්නත් පුළුවන්. 'සඳ ඉර තරු පවතින තුරු' කියන්නත් පුළුවන්. පණ්‌ඩිත් අමරදේව, 'රමණී කල්හාර කුසුම්' කියලා ලියන්නෙ නැතුව 'රමණී මන්දාර කුසුම්' කියලා ලිව්ව එකත් එහෙම එකක්‌ තමයි. දැන් මේක තමයි මම කියන සංස්‌කෘතික සිංහලය. අද මේවා නෑ. ඔහේ ලියනවා. කවිත් එහෙමයි, ගීතත් එහෙමයි. ඒ නිසා අහන් ඉන්න බෑ. බල්ලො සැමන් ටින් කනවා වගේ.

සිංහල භාෂාව කියන්නෙ හරිම ලස්‌සන භාෂාවක්‌. ලෝකේ ඕනෑම භාෂාවක්‌ එක්‌ක සමතැනක තියන්න පුළුවන් භාෂාවක්‌. මේ භාෂාවෙන් මොනවද නොකියන්න බැරි? ඒ තරම් පුළුල් භාෂාවක්‌ තමයි අපට තියෙන්නෙ. අතීතයේ ඉඳලා සිංහල මිනිස්‌සු වෙනත් ජාතීන් එක්‌ක එකට කටයුතු කරන්න ආත්ම විශ්වාසයක්‌ ඇති කර ගත්තේ සිංහල භාෂාවේ තිබෙන භාෂා පෞරුෂය නිසා. අද අලුත් පරපුර හිතන් ඉන්නවා දන්නවා කියලා. මෙලෝ දෙයක්‌ දන්නෙ නැති ටියුෂන් ගුරුවරු තමයි මේ අය ගේ පරමාදර්ශ වෙලා තියෙන්නෙ. එහෙම නැත්නම් කොහේ හරි පිටරටක ගිහින් ආපු කවුරු හරි වීරයා කර ගන්නවා. මේ අය දන්න දෙයක්‌ නෑ. ගොඩ නඟපු දෙයක්‌ නෑ ගෝසාව විතරයි.

Q.මෙරට තුළ ඉන්ද්‍රජාලික, රෝමන්තික, පශ්චාත් නූතන වැනි විකාර සාහිත්‍ය ධාරා ඉස්‌මතු වී තිබෙන්නේ නූතන ජන සම්ප්‍රදාය ගැඹුරින් වටහා නො ගැනීම නිසා බව ඔබ පවසනවා. මේ පිළිබඳ ව පැහැදිලි කිරීමක්‌ කළොත්...

බටහිර ශිෂ්ටාචාරය තුළ දේවවාදය එක්‌ක ගැටුම් හට ගත්තා. ඒ නිසා මිනිස්‌සු වෙන වෙන විදියට හිතන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ, ක්‍රිස්‌තුන් වහන්සේ, බයිබලය, පල්ලිය බටහිර ශිෂ්ටාචාරයේ මූලික පදනම. පශ්චාත් නූතන වේවා, රෝමන්තික වේවා සියල්ල දේවවාදය එක්‌ක ගැටගැහිලා තියෙන්නෙ. බහු පඨිත කියවීම අදාළ වෙන්නෙ පරණ තෙස්‌තමේන්තුවට. කර්තෘ මියයැමත් එහෙමයි. ඉතිං මේවා බටහිර අය පිළිගත්තට කමක්‌ නෑ. දේවවාදය පිළිගන්න මෙහේ අයටත් ඒක වලංගුයි. ප්‍රශ්නය තියෙන්නෙ එතැන නෙවෙයි. මේවා හංගලා සේරම නොමඟ යවන්න හදන එක. ඉන්ද්‍රජාලික යථාර්ථවාදයත් එහෙම තමයි. ලෝකයේ ඒවා ආරම්භ වෙන්නෙ හේතු සහිතව. ඒවා බටහිර සමාජවලට, එහෙම නැත්නම් ලතින් අමෙරිකානු සමාජවලට අභ්‍යන්තරයෙන් සම්බන්ධයි. මෙහේ තියෙන්න එහේ එකේ නොපිට. ඒ නිසා බටහිර ඇති වුණ නූතන තත්ත්වයක්‌ නැති අපේ රටට කොහොම ද පශ්චාත් නූතනවාදයක්‌ ගේන්නෙ? මට පේන විදියට මේ රටේ සමහර අය, පශ්චාත් නූතනවාදයයි, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලය අමෙරිකාවට බලපාපු එකයි, නව ලිබරල්වාදයයි අච්චාරු කරන් ඉන්නෙ.

Q. ඔබ ජනමානී සහ පණ්‌ඩිතමානී යනුවෙන් කාව්‍යධාරා දෙකක්‌ හඳුනා ගන්නවා. මෙය සනිදර්ශක ව පැහැදිලි කරන්නේ කොහොම ද?

ඒ කියන්නෙ සකු, අලංකාරවාදය පදනම් කර ගත්ත කාව්‍ය ධාරාවයි, අපේ ජනකවි ධාරාවයි. ඇත්තටම 10වැනි සියවසෙන් පස්‌සේ අපේ සාහිත්‍යය විකෘති වුණා කියන එක තමයි කියන්න තියෙන්නෙ. දැන් බලන්න අපේ බුදුපිළිම කලාවට වෙච්ච දේ. අනුරාධපුර යුගයේ දි අපි නිවන් මුහුණින් නෙළපු බුදුපිළිමය පස්‌සෙ කාලේ වෙන කොට, ඇස්‌ ලොකු කර ගත්ත, බය බිරාන්ත මූණක්‌ තිබෙන විකෘත බුදු පිළිමයක්‌ කර ගන්නවා. ලෝකයේ විශාරද මතයක්‌ තිබෙනවා බුදු පිළිම නිර්මාණකරණයෙන් දැනට සිංහල කලාකරුවා සාර්ථක විදියට නිවන් මුහුණ නිරූපණය කරලා තිබෙනවා කියලා. ඒකට හේතුව සිංහල කලාකරුවා පිළිම නෙළන්නේ වෙනත් දේවවාදයක්‌ හෝ ආගමක බලපෑමක්‌ නැතුව නිසයි. මං විශ්වාස කරනවා බුදුදහම අපේ රටේ ස්‌ථාපිත වුණේ අපේ රටේ තිබෙන නිවර්තන කලාපීය තත්ත්වය නිසා කියලා. ඒකත් අපේ චින්තනයට බලපාන්න ඇති. ඒ නිසා සෞම්‍ය බුදුපිළිමයක්‌ අපට නෙළා ගන්න හැකි වුණා. දැන් බලන්න ඉන්දියාවේ තිබෙන පිළිම කලාව. ඒවා හරිම රණකාමීයි. ඒක තමයි 10වැනි සියවසෙන් පස්‌සේ අපේ රටේ බුදුපිළිම කලාවටත් වුණේ. මහනුවර යුගය වෙනකොට බුදුපිළිමය කියන්නේ හින්දු දේවවාදයේ බලපෑමෙන් නිරූපණය වුණු මුහුණක්‌ සහිත පිළිමයක්‌. මේ හින්දු දේවවාදයෙන් ආපු සංස්‌කෘත රීතිය අපේ සාහිත්‍යයටත් බලපෑවා.

සකු රීතිය කියන්නේ රජු දේවත්වයට පත් කරන්න ගොඩ නැඟුණු එකක්‌. ඒ නිසා ව්‍යාජ වර්ණනා තමයි තියෙන්නෙ. රාජසභාවට කවියෝ අවශ්‍ය වෙන්නේ ඒ නිසා. කව්සිළුමිණ වගේ කෘතිවල මූලික කතා පුවත පවා විකෘති කරලා තමයි කාව්‍ය රචනා නිර්මාණ කරලා තියෙන්නේ. නමුත් ජනකවි සම්ප්‍රදාය කියන්නෙ එහෙම එකක්‌ නෙවෙයි. දැන් බලන්න යසෝදරාවත. යසෝදරා කියන්නෙ මොන තරම් නිර්ව්‍යාජ චරිතයක්‌ ද? ඇය ගේ චරිතය තුළින් ඉස්‌මතු කර තිබෙන බුද්ධ චරිතය කියන්නෙ මහ පොළොවේ චරිතයක්‌. ඇය අහන්නේ 'කොමළ අනගි සිරිපා දෙක රිදෙනව ද?' කියලයි. ඒක මොන තරම් අහිංසක ප්‍රශ්නයක්‌ ද? යසෝදරාවතේ කතුවරයා ගේ අරමුණ යසෝදරා වැනි ගුණ මහිමයක්‌ තිබෙන නූතන කාන්තාවක්‌ ගොඩ නංවා ගැනීමයි. ඒ නිසා කවි පන්ති අවසානයේ ඔහු, නූතන කාන්තාවට කියනවා 'යසෝදරා වගේ වෙන්න' කියලා, උපදෙස්‌ ටිකකුත් දෙනවා. මේක තමයි අපේ බෞද්ධ සම්ප්‍රදාය.

මෙන්න මේ බෞද්ධ සම්ප්‍රදාය අපේ ජීවන ප්‍රතිපදාව බවට පත් වෙන්න ඒ කාලේ සමාජ ක්‍රියාවලියක්‌ තිබුණා. ත්‍රිපිටකය පිළිබඳ දැනුම උගත් යතිවරුන් ළඟ තිබුණා. ඒ දැනුම ඔස්‌සේ බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ජාතක පොත වගේ විශාල කෘති බිහි වුණා. ඊට පස්‌සේ උම්මග්ග ජාතකය වැනි කෘති බිහි වුණා. අවසානයේ වෙස්‌සන්තර, යසෝදරාවත, ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය වගේ කුඩාපොත් බිහිවුණා. ඒ පොත් අපේ ජනසමාජයට ඉමහත් බලපෑමක්‌ කළා. මේ බෞද්ධ සංකල්ප නිසා අපේ ජීවිත රැකුණා. සතා සීපාවා රැකුණා. පරිසරය රැකුණා. අද මොකක්‌ද වෙලා තියෙන්නෙ?

Q.මාතර සාහිත්‍ය යුගය මෙරට සාහිත්‍යයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ බව ලෙස ඔබ දකිනවා. ඊට ඔබ දකින හේතු මොනවාද?

මාතර සාහිත්‍ය යුගයෙන් තමයි මම කියන ජනමානී සහ පණ්‌ඩිතමානී ධාරා දෙක එකට වැඩ කරන්න පටන් ගත්තෙ. ඒකට රාජවංශයක්‌ නෑ. අනුරාධපුර යුගය දක්‌වා දිව යනවා. මෙතනදි තවත් විශේෂ දෙයක්‌ සිදු වෙනවා. ඒක තමයි නිර්මාණකරුවන් තම තමන් ගෙ පෞද්ගලික අත්දැකීම් පාදක කරගෙන නිර්මාණ කිරීමට පෙළඹීම. තවත් කාරණයක්‌ තමයි එතෙක්‌ ආ විදග්ධ ධාරාවයි, ජන ධාරාවයි එකට අසුන් ගැනීම. මේවා නිකම් සිද්ධ වුණ දේවල් නෙවෙයි. ඓතිහාසික යථාර්ථයන් එක්‌ක තමයි මාතර යුගය විකාශනය වෙන්නෙ. දකුණ කියන්නෙ මේ රටේ බොහෝ බුද්ධිමතුන්ගේ නිජබිම. මාතර සාහිත්‍යය මහනුවරට බලපෑම් කළ බව අපි දන්නවා. මහනුවර රාජසභාව දකුණේ කවිත්වය නිසා හෙල්ලුම් කෑවා. මාතර කවිය ඉදිරිපිට රජවරු දණ ගැහුවා. මේක තමයි ජනසාහිත්‍යයේ තිබෙන ප්‍රබලකම.

මාතර නර්තන සම්ප්‍රදාය කියන්නෙ ජන පදනම මත ගොඩ නැඟුණ එකක්‌ බව අපි දන්නවා. ඒ නර්තන ශිල්පීන් ගේ නිදහස්‌ නර්තන විලාසවලින් පේන්නේ ජනතාව ගේ ඉරියව් ස්‌වභාවයයි. උඩරට නර්තනය එහෙම නෑ. ඒක හරි ශෛලිගත එකක්‌. මාතර සම්ප්‍රදාය වගේ ජනතාව අස්‌සේ යන එකක්‌ උඩරට නර්තන සම්ප්‍රදායට නැහැ. ඔවුන් පිනවන්නේ ජනතාව නෙවෙයි. රජුයි. ඒ නිසා හරි ගාම්භීර කමක්‌ උඩරට නර්තන ශිල්පියාට තිබෙනවා. ඔවුන් අහංකාරයි. මාතර නර්තන ශිල්පියා කියන්නෙ ජනතාව එක්‌ක ඉන්න කෙනෙක්‌. මොකද ජනතාවගේ ආතුරවීම් මුලින් ම දැන ගන්නේ ඔවුන්. ඒ සඳහා ශාන්තිකර්ම කිරීම තමයි මාතර නර්තන ශිල්පියා ගේ මූලික කටයුත්ත. නමුත් උඩරට නර්තන ශිල්පියා ශාන්තිකර්ම කරන්නේ රජුටයි. ඔවුන් තමයි මහනුවර පෙරහරේ යන්නෙත්. ඒ නිසා මාතර නර්තන සම්ප්‍රදාය අදටත් දළදා පෙරහර නියෝජනය කරන්නෙ නැහැ. මේක සුද්දන් ඇති කරපු එකක්‌. තාමත් සුද්දව කර තියන් යනවා. බුදුරජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා වැඩම කරවන දළදා පෙරහැරට දකුණේ නර්තනය යොදා නොගැනීම කියන්නෙ පරස්‌පරයක්‌. වඩා වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ද? රජා ද? මේ මෝඩ අදහස්‌ දැන්වත් වෙනස්‌විය යුතුයි.

Q. ජනකලාව පදනම් කරගත් නිර්මාණකරුවකු ලෙස ඔබ සේකර ගේ වැදගත්කම දකින්නේ කොහොමද?

නිර්මාණකරුවකු විදියට මම දකින විශිෂ්ටම නිර්මාණකරුවා තමයි සේකර කියන්නේ. ඔහු ගේ කවි, ගීත, නවකතාව, කෙටිකතාව, සිනමාව, චිත්‍රය අදටත් සම්භාවනාවට ලක්‌ වෙන්නෙ ඒ සියල්ල අපේ ජන සාහිත්‍යය මත පදනම් ව ගොඩ නැඟූ නිසයි. ඒ තරමට සිරි ගුණසිංහ ගේ නිර්මාණ ජනතාව අතර පිළිගැනීමක්‌ නැහැ. එතුමා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිටි නිසා ගෝල බාලයෝ ටික එතුමාව කරතියාගෙන එක්‌කන් ගියා. එහෙම නැතුව සේකර වගේ ජනමනසේ රැඳුණ කෙනෙක්‌ නෙවෙයි සිරි ගුණසිංහ කියන්නෙ.

අනෙක තමයි සේකර ගේ කවිමඟ මේ තරමට නවීකරණය වෙන්න බලපෑවෙත් ජනකලාව. ජනකලාකරුවා කියන්නෙ නිතර වෙනස්‌ වුණු කෙනෙක්‌. දැන් බලන්න අපේ කෝලම් නාට්‍යකරුවා. ඔහු දකින දකින දේ අනුව වෙනස්‌ වෙලා අලුත් බස්‌ වහරක්‌ හදා ගෙන තමන් ගේ අදහස්‌ ඉතාම ලස්‌සනට සමාජයට කිව්වා. අද අපට ගුරුකොට ගන්න තිබෙන්නෙ සේකර කියලයි මම කියන්නෙ.

Q. ඔබ අනෙක්‌ කවීන්ට වඩා සමාජ ගවේෂණයක්‌ එක්‌කයි කවි පොතක්‌ ප්‍රකාශයට පත් කරන්නේ. මීට පෙර පළ කළ "චේ සහ ඇපල්' කාව්‍ය සංග්‍රහයත් එහෙමයි. නමුත් එය වැඩි අවධානයකට ලක්‌ නොවී යටපත් වුණා. වර්තමානයේ සමාජ අවධානයට ලක්‌ වන එකම මිණුම සම්මානයක්‌ ලබා ගැනීම හෝ නිර්දේශ ලැයිස්‌තුවට ඇතුළත් වීමයි. ලංකාවේ ග්‍රන්ථ සමීක්‌ෂණ ක්‍රියාවලිය පිළිබඳ ව ඔබට ඇත්තේ කවරාකාරයේ හැඟීමක්‌ ද?

මම කරන්නේ අලුත් එකක්‌ නෙවෙයි. අපේ වැඩිහිටි නිර්මාණකරුවන් තැන් දෙකක කරපු දේ මම එක තැනක කරනවා. එච්චරයි. ඔවුන් නිර්මාණ වෙන ම පළ කළා. සමාජ දැක්‌ම වෙන ම පළ කළා. මම දෙකම එකේ කරනවා. අද වෙන් වෙන් වශයෙන් කරන එක එතරම් ඵලදායක නෑ කියලා හිතෙනවා. ඒ නිසා අදහස්‌ සමාජ ගත කරන්න මෙහෙම කරන එක හොඳයි.

මම පොත් කරන්නෙ සම්මාන ලබා ගන්න නෙවෙයි. මට ගී පද රචනය සඳහා රාජ්‍ය සම්මාන ඇතුළු සේරම ජාතික සම්මාන ලැබිලා තිබෙනවා. ඉතිං මොකක්‌ද වුණේ? සම්මාන කියන්නෙ අදාළ කාරණයක්‌ නෙවෙයි. දැන් බලන්න රත්න ශ්‍රී විඡේසිංහ ගේ 'වස්‌සාන' කාව්‍ය සංග්‍රහය. ඒක අදාළ අවුරුද්දෙ සම්මානවලට නිර්දේශ නොවෙන විදියට අපේ රටේ ඉන්න කුහකයෙක්‌ එදා හැංගුවා. 'වස්‌සානේ' කවිපොතට සම්මාන ලැබුණේ නෑ කියලා මොකක්‌ හරි අඩුවක්‌ වෙලා තියෙනවා ද? මම කවි ලියන එක මේ මඟට ගත්තෙ, අහම්බෙන් දවසක්‌ ගාල්ලෙදි 'වස්‌සානේ' පොත මිළ දී ගත්ත දවසෙන් පස්‌සෙ.

අද සම්මාන කියන්නෙ මගඩියක්‌. සමහරු ගෝලයෝ දාලා පොත් නිර්දේශ කරගෙන ගිහින් සම්මාන ගන්නවා. මේවා කොන්දක්‌ තියෙන කෙනෙකුට කරන්න බැහැ. මේ ව්‍යාජ වැඩවලින් වෙන්නෙ සාහිත්‍ය ක්‌ෂේත්‍රය පිරිහෙන එක. මමත් ඔය වගේ සම්මානයක්‌ ගත්ත නවකතාවක තිබෙන දෝෂ පෙන්නලා ලිපියක්‌ ලියලා තිබෙනවා. ඒකෙන් පේනවා මෙතන තියෙන්නෙ කල්ලිවාදයක්‌. සම්මාන සමීක්‌ෂණ මණ්‌ඩලේ මූණු බලලා පොත් ලියවෙන තත්ත්වයක්‌ අද ඇති වෙලා තිබෙනවා. මේ සම්මාන බලු පොරය කියන්නෙ නියම සමාජ වස්‌තු බීජයක්‌ හොඳ නිර්මාණකරුවෙකුට. සේකරලා නිර්මාණ කළේ ඒ අවුරුද්ද දිහා බලාගෙන නෙවෙයි අනාගතයට. මාත් එහෙම හිතාගෙන නිර්මාණ කරන කෙනෙක්‌.

Q. ඔබ මෙම කාව්‍ය සංග්‍රහය මුද්‍රණයෙදී එකිනෙකට වෙනස්‌ පිටවැසුම් පහක්‌ භාවිත කර තියෙනවා. ඇයි එවැනි දෙයක්‌ කරන්න හිතුණේ...

මෙම කාව්‍ය සංග්‍රහයේ ප්‍රකාශකයා වන රන්පත් ආයතනයේ බුද්ධි ගේ අදහසක්‌ අනුව තමයි මමත් මේ සඳහා යොමුවුණේ. අලුත් සංකල්පයක්‌ නිසාත්, ඇතැම් පාඨකයන් කෘතියක්‌ තෝරා ගැනීමේදී පිටවැසුම පිළිබඳ දක්‌වන උනන්දුව නිසාත් පිටවැසුම් පහකින් මෙම කෘතිය මුද්‍රණය කළා. මෙතනදි පාඨකයන්ට තමන් කැමති පිටවැසුමින් යුත් කෘතිය මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙය තරමක්‌ වියදම් අධික කාර්යයක්‌ තමයි. කවි පොතේ මිල ටිකක්‌ වැඩිවෙන්න පුළුවන්. නමුත් මම හිතන්නෙ අද මිනිස්‌සු අනවශ්‍ය දේවල්වලට වියදම් කරන මුදල් දිහා බලද්දි කවි පොතකට යම් මුදලක්‌ වියදම් කිරීම අපරාධයක්‌ වෙන්නෙ නෑ කියලයි. මේ සියලුම පිටවැසුම් නිර්මාණය කර දුන්නේ මගේ මිත්‍රයන්. ඔවුන් මේ සඳහා කිසිදු මුදලක්‌ අය කළේ නෑ. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕන.

සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි
2017 අගෝස්ත්තු11 දිවයින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/13/2016

ෆෙඩරල් කෙප්ප!

කතෘ:යුතුකම     1/13/2016   No comments
ශ්‍රී ලංකා රාජ්‍යය බහුජාතික ය, බහුආගමික ය, යන කෙප්පය මුල් වරට ප්‍රසිද්ධ කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේදී, හෙන්රි කැන්ඩිඩස් නමින් අන්වර්ථ නාමයකින් ලියන ලද, තක්කඩියකු ගේ ලිපි මාලාවකිනි. මේවා දේශද්‍රෝහී කටයුතු බව විශේෂයෙන් පැහැදිලි කළ යුතු නැත.

ජාති, කුල, ආගම් භේද ඇති කර එය ලංකා ජාතික සංගමය දක්වා වර්ධනය කළ මෙරට ඊනියා ප්‍රභූ දේශපාලන ජඩයන් විසින් ඉංග්‍රීසින් ගේ පස්ස ලෙව කමින් සිදු කරන ලද, නිවට දේශපාලනය නිසා අදටත් අප රටට හෙණ ගසමින් තිබෙන බව පෙනේ.

අප පවසන්නේ, ශ්‍රී ලංකා රාජ්‍යය බහුජාතික නැත. බහුආගමික ද නැත. එහෙත් ශ්‍රී ලංකා සමාජය බහුජාතික ය. බහුඅාගමික ය. අද ලෝකයේ සෑම රටකම පාහේ විවිධ ජාතිකයෝ ජීවත් වෙති. විවිධ ආගමික කණ්ඩායම් ජීවත් වෙති. එපමණකින් එකී රටවල් බහුජාතික, බහුආගමික සංකල්පයෙන් රාජ්‍ය පවත්වා ගෙන යන්නේ නැත. එසේ ද වුවත්, විවිධ ජාතිකයන්ට, විවිධ ආගම් ලබ්ධිකයන්ට පහසුවෙන් සහ පීඩනයෙන් තොර ව ජිවත් විය හැකි සමාජ පරිසරයක් ඒ රටවල ඇති කර තිබේ. අවශ්‍ය වන්නේ එය ය.
මෙහිලා එක් උදාහරණණයක් ලෙස සිංගප්පූරුව දැක්විය හැකි ය. සිංගප්පූරුවේ දෙවැනි භාෂාව ලෙස සෑම තැනකම ප්‍රදර්ශනය කර තිබෙන්නේ දෙමළ භාෂාව ය. එමතු ද නො ව, little India වැනි ප්‍රදේශ ද, සිංගප්පූරුවේ දැකිය හැකි ය. එහෙත් එරට දෙමළ ජනතාවට වෙනම පාලනයක් ඉල්ලා සිටීමේ වාතාවරණයක් සිංගප්පූරුවේ නැත.
අද ෆෙඩරල් පාලනයට අප රට ඇද ගෙන යමින් තිබෙන තක්කඩියන් ගෙන් අප අසන්නේ ප්‍රශ්න දෙකකි.

01. ඔබ මේ රටට සැබැවින්ම ආදරය කරන්නේ ද?
02. ඔබ බටහිර යටත්විජිතකරණයට පක්ෂ ද?

ඉහත සඳහන් ප්‍රථම ප්‍රශ්නයට සියල්ලන්ම පාහේ 'ඔව්' යනුවෙන් ද, දෙවැනි ප්‍රශ්නයට 'නැත' යනුවෙන් ද, පිළිතුරු දෙන බව අපි දනිමු.
එසේ උත්තර දෙන කිසිදු පුද්ගලයකුට ෆෙඩරල් සංකල්පයට එකඟ විය නො හැකි ය. ඊට හේතුව ෆෙඩරල් ක්‍රමය යනු, දේශද්‍රෝහී ලෙස, බ්‍රිතාන්‍යයන් (බටහිරයන්) විසින් කුමන්ත්‍ර්‍රණකාරී ලෙස මේ රට මත පටවන ලද මර උගුලක් වන නිසා ය.

මේ අනුව අපට එරෙහිව අවලාද නඟන නිවටයන්ට පවසා සිටින්නේ, අප ගේ ස්ථාවරය දෝෂ සහගත නම්, ලංකා ජාතික සංගමයේ ‍ලිපි ලේඛනවල සඳහන් පහත දැක්වෙන උද්ධෘතය (හැකි නම්) සංශෝධනය කරවා ගෙන අප හා සබුද්ධික සංවාදයකට එළඹෙන ලෙසයි.

උද්ධෘතය -
'එ් අනුව 'සීහදීප' සහ 'ධම්මදීප' සංකල්පවල ආභාසය සමකාලීන බෞද්ධයන්ට පමණක් සීමා වී නො තිබුණු බව ද, එසේම දේශීය ප්‍රතිසංස්කරණවාදීන්, මධ්‍යස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදීන්, නොදැඩි රැඩිකල්වාදීන්, වාමාංශිකයන්, බෞද්ධයන්, කෛස්ත්‍රවයන් යන මේ හැම කොටසකටම අයත් වූ සිංහල දේශපාලනඥයන්, සිංහල ශිෂ්ටාචාරයේ අතීත උදාරත්වයෙන් හා අඩුවැඩි වශයෙන්, සිංහල ජාතික හැගීම්වලින් පෝෂණය ලැබූ බව ද පෙනී යන්නේ ය. එසේ නම්, එදා ඔවුන් හිසින් ගෙන සිටි ලංකා ජාතික රාජ්‍ය සංකල්පය සුපරිශුද්ධ නොවූවකැ'යි නිගමනය කිරීම සාවද්‍ය නො වේ' (පිටුව - 65)

මෙයින් පැහැදිලි වන එක් දෙයක් ඇත.
ශ්‍රී ලංකා රාජ්‍යය බහුජාතික සහ බහුආගමික යයි පවසන සියලු අවස්ථාවාදී ජඩයන් ඉපදී තිබෙන්නේ හෙන්රි කැන්ඩිඩස්ට ජාතක වීමෙන් බව ය.

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/09/2015

ප්‍රභාකරන්ට වඩා භයානකයි බබාකරන්!

කතෘ:යුතුකම     12/09/2015   3 comments
ප්‍රභාකරන් යකා වගේ.
බබාකරන් බබා වගේ.

ප්‍රභාකරන් ‍ඉන්නෙ ඈත.
බබාකරන් ඉන්නෙ ළඟ.

ප්‍රභාකරන් හඳුනගන්න ලේසියි.
බබාකරන් හඳුනගන්න අමාරුයි.

ප්‍රභාකරන් ඉන්නෙ හතුරෙක් වගේ.
බබාකරන් ඉන්නෙ මිතුරෙක් වගේ.

ප්‍රභාකරන් අභියෝක කරනවා.
බබාකරන් වර්ණනා කරනවා.

ප්‍රභාකරන් අකීකරුයි.
බබාකරන් කීකරුයි.

ප්‍රභාකරන් පෙනුමෙන් දරුණුයි.
බබාකරන් පෙනුමෙන් අහිංසකයි.

ප්‍රභාකරන් ඉල්ලන්නෙ ජීවිතේ.
බබාකරන් ඉල්ලන්නෙ සේරම.

ප්‍රභාකරන් ගෙ ආගම වෛරය.
බබාකරන් ගෙ ආගම මෛත්‍රිය.

ප්‍රභාකරන් ගේ තේමාව යුද්ධය.
බබාකරන් ගේ තේමාව සාමය.

ප්‍රභාකරන් ඉල්ලන්නෙ රටෙන් කෑල්ලක්.
බබාකරන් ඉල්ලන්නෙ මුඵ රටම.

ප්‍රභාකරන්ට අතීතය මතකයි.
බබාකරන්ට අතීතය අමතකයි.

ප්‍රභාකරන් පාවා දෙන්නෙක් නෙවෙයි.
බබාකරන් පාවා දෙන්නෙක් තමයි.

ප්‍රභාකරන් ගේ බෙල්ලෙ සයනයිඩ් කරල.
බබාකරන් ගේ බෙල්ලෙ නවගුණවැල.

ප්‍රභාකරන් අඳින්නෙ ගරිල්ලා ඇඳුම.
බබාකරන් අඳින්නෙ උපාසක ඇඳුම.

ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක්.
බබාකරන් මස්තවාදියෙක්.

ප්‍රභාකරන් ඉන්නෙ කොටියෙක් වගේ.
බබාකරන් ඉන්නෙ පූසෙක් වගේ.

ප්‍රභාකරන් ජාතිය වෙනුවෙන් ජීවිතේ දෙනවා.
බබාකරන් ජීවිතේ ‍වෙනුවෙන් ජාතිය දෙනවා.

ප්‍රභාකරන් පිහියෙන් අනින්නෙ පපුවට.
බබාකරන් පිහියෙන් අනින්නෙ පිටට.

ප්‍රභාකරන් බැරි වුණාම වෙඩි තියා ගන්නවා.
බබාකරන් බැරි වුණාම අඬනවා.

- කුමාර ලියන‍ගේ

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/06/2015

ජහපාලනය හෙවත් රට විසංයෝජනය කිරීම

කතෘ:යුතුකම     12/06/2015   3 comments
වර්තමාන රනිල්-මෛත්‍රී ආණ්ඩුව පැමිණ තිබෙන කුට ගමන කොපමණ කලක සිට විවිධාකාරයෙන් සැලසුම් කෙරුණක් ද කියා දැන ගන්නට, බොහෝ 'ගෙදර වැඩ' කළ යුතුයි.

අද දවසේ එ.ජා‍.ප. පුමුඛ මෙරට නව ලිබරල් ඒජන්තයන් මෛත්‍රීපාල සිරිසේන ද, අන්දවා ගෙන සිදු කරමින් යන දේශපාලනික විපරිවර්තනය තේරුම් කර ගත හැකි ආකාරයේ අදහසක් පළ කිරීමට, 1999 වර්ෂයේ පළ කෙරුණු business today සඟරාවක ඡේදයක් උපුටා දැක්විය හැකි ය. එකී සම්මුඛ සාකච්ඡාව, මංගල සමරවීර සමඟ පවත්වන ලද්දකි.

'The statement is fairly lengthy but the essence of it is to combine the human side of socialism with the dynamism and the efficiency of capitalism. Basically, it is economic transition with a human face. Way back in 1994, that was again one of our slogans. We said we were going to introduce a market economy with a human face. Today of course people like Anthony Giddens is also talking about it. I was happy to see that even President Clinton is now talking about the market economy having to have a human face.' (Nov.1999)

මෙයින් පැහැදිලි කර ගත යුතු වන්නේ, ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි නව ලිබරල්වාදීන්, 'අමෙරිකානු ආර්ථික ප්‍රතිපත්තියෙන් බැහැර වී, සමාජ ආර්ථික වෙළෙඳපළ ක්‍රමයක් සහිත දේශීය ආර්ථිකයක් ගො‍ඩ නඟමින් සිටිනවා' යනුවෙන් පවසමින් තිබෙන ආර්ථික කෙප්පයේ තරම ය. ඒ අනුව, 'සමාජ ආර්ථික ‍වෙළෙඳපළ' යනු, වෙස් මුහුණක් සහිත අමෙරිකානු අධිරාජ්‍යවාදයම බව මෝඩයන් නොවන සියල්ලන් විසින් තේරුම් ගනු ලැබිය යුතු ය.

(අමෙරිකානු) 'පශ්චාත් නූතනවාදය' නමින් පසුගිය කාලයේ මෙරට ප්‍රචලිත වූ සමාජ සංවාදය, අද ගමන් කර ති‍බෙන්නේ කොතැනකටදැයි, කියා දැන් කවුරුත් සිහි එළවා ගැනීම මැනවි. දීප්ති කුමාර ගුණරත්නලා, මංගල සමරවීර වැනි බටහිරවාදීන් සමඟ සමීප ව කටයුතු කර, දැන් 'සත්හඬ' වැනි පුවත්පත්වල කර්තෘකම් දරන්නේ, රස්සා නැති කමට නො වේ.

ඔවුන් විසින් අනවරත අරගලයක් ලෙස දියත් කරන ලද 'විසංයෝජන' (deconstruction) ප්‍රවාදය, උක්ත මංගල සමරවීර ගේ ප්‍රකාශයේ ගැබ් වී ති‍බෙන ආකාරය තේරුම් ගැනීමට, ජහපාලන අඩස්සිය සනීප කර ගත යුතු ය.

'මේ රට විසංයෝජනය කළ යුතු ය'යි, සඳහන් ප්‍රකාශ සහිත ලිපි NGO ප්‍රකාශනවල තිබේ. මංගල සමරවීර ගේ මෙකී අතීත ප්‍රකාශය සමඟ, අද දවසේ ලාංකික දේශපාලනය තුළ සිදු කර තිබෙන විතැන් කිරීම් සසඳා බැලීම බුද්ධිගෝචර ය.

අප විසින් ලියා පළ කරන ලද 'චේ සහ ඇපල්' කෘතියේ පිටු 120ක් පුරා ලියැවුණු පෙරවදනේ, මෙකී දේශපාලනික ක්‍රියාවලිය පිළිබඳ ප්‍රමාණවත් සටහනක් තිබේ. එහෙත් ඒවා කියවා ගැනීමට තරම් විවේකයක් අප රටේ බුඩ්ඩිමතුන්ට නො තිබිණි. 'රට වටලෑම' යනුවෙන් අප ලීවේ එහි දෙවැනි කොටස ය. දැන් සියල්ල සිදු වී තිබේ. වොලේ සොයෙන්කා කීවේ, 'දූෂකයා ගේ ශුක්‍රානු වේලාසනින් ආඝ්‍රාණය කරන්නන් අවශ්‍ය බව' ය.

අප, අපට හැකි පමණින් කළ හැකි දේ කළෙමු.

එසේම, අද ජවිපෙ. කල්ලිය කටයුතු කරමින් සිටින්නේ කා වෙනුවෙන් ද?

ඔවුන් අමෙරිකානු අධිරාජ්‍යවාදය, ලෝක සමාජවාදී කඳවුරට එරෙහි ව දියත් කරන ලද, ගෝලීය දේශපාලන කුමන්ත්‍රණයේ ආසියානු ඒජන්තයන් බවට පත් ව තිබේ. ජ.වි.පෙ. කල්ලිය කොළඹ, රුසියානු තානාපති කාර්යාලයට මහා දවල් කඩා පැන්නේ නිකං ඉන්න බැරි ව නො වේ. ඔවුහු අද පඩි ලබන විප්ලවකාරීහු (paid rebels) බවට පත් ව සිටිති‍.
සෙස්ස පස්සට නො වේ.
හොඳ, හොඳ සෙස්සවල් ඇත්තේ ඉදිරියට ය.

- කුමාර ලියනගේ


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/29/2015

විප්ලවය සහ විප්ලොවිය

කතෘ:යුතුකම     11/29/2015   No comments
ජන. 8වැනිදා මේ රටේ 'විප්ලවයක් සිදු වුණා' යයි කියන අතිපණ්ඩිතයෝ ද සිටිති. එය ලෝකයේ රටවල සිදුවුණු පොදුජන 'විප්ලවය' යන වචනයට එතෙක් ලබා දී තිබුණු අර්ථය හැව ඇරවීමකි.

රටක විප්ලවයක් සිදු විය යුත්තේ පීඩිත ජනතාව ගේ උන්නතිය පිණිස මිස, අවස්ථාවාදීන් ගේ යහපත උදෙසා නො වේ. අනෙක් කරුණ නම්, කිසියම් ජනතා විරෝධී බලවේගයක් පහ කරලීම සඳහා කවරකාරයේ ක්‍රියාමාර්ග ගත හැකි වුවත්, බලයට ඒම සඳහා පොදු ජනතාවට පච කෙලීම, විප්ලවයකදී සිදු විය හැක්කක් නො වන බව ය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු ජනතාව හෙවත් ඡන්දදායකයා මුළා කිරීම සඳහා දැන දැන සිදු කෙරුණු එවැනි මහා බොරු අතර ප්‍රධාන දෙක තුනක් පිළිබඳ ව අවධානය යොමු කිරීම මෙහිලා වැදගත් ය.

මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපතිවරණය සඳහා පෝස්ටර් නො ගසන්නේ පරිසරයට ඇති ළැදියාව නිසා ය යන්න, එයින් එක් ‍ප්‍රධාන කෙප්පයකි.

එහිදී සිදු වී ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන ‍පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමෙන් පසු, හදිසියේ ආරම්භ කරන ලද ප්‍රචාරණ කටයුත්තට සුදුසු එතුමන් ගේ ඡ‍ායාරූපයක් සපයා ගැනීමට නො හැකි වීම ය. ඡායාරූපයක් නොමැති ව ප්‍රචාරණ කටයුත්ත කල් ගත වන විට, එකී ප්‍රචාරණ ක්‍රියාවලියේ යෙදී සිටි, මලිත් ජයතිලක උපක්‍රමයක් ලෙස යෝජනා කර තිබෙන්නේ, 'පරිසරයට හානි වන නිසා පෝස්ටර් ගසන්නේ නැතැ'යි කියා ප්‍රසිද්ධ කරමින් අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීම වඩා නුවණට හුරු බව ය.

එය උපක්‍රමයක් වශයෙන් සාර්ථක වී ඇතත්, අවසාන වශයෙන් සිදු ව ඇත්තේ පොදු ජනතාව නොමඟ යැවීමක් බව පැහැදිලි ය. සැබෑ ජනතා නායකයෝ එසේ වෙත් ද?

විල්පත්තු වන සංහාරය දිගින් දිගට සිදු වන්නේ, පරිසරය‍‍ ළැදියාව පිළිබඳ හැඟීමක් වර්තමාන පාලකයන්‍ට නොමැති බැවිනි.

දෙවැනි මහා බොරුව නම්, බැසිල් රාජපක්ෂ විසින්, ගෝලීය දෙමල සංසදයේ රුද්‍රකුමාරන් වෙත යවන ලදැයි එකල ප්‍රචලිත කරන ලද ඊ-මේල් පණ්විඩය සම්බන්ධ සිදුවීම ය. එය අසෝක අබේගුණවර්ධන, ශිරාල් ලක්තිලක ආදින් විසින් අතේ පත්තු කර, දියත් කරන ලද්දකි.

මෙවැනි දේ සැලසුම් කිරීමෙන් ලබා තිබෙන ජයග්‍රහණ කවර‍ාකාර වුවත්, එයින් අවසන් වශ‍යෙන් සිදු ව තිබෙන්නේ 1948 සිට එක දිගට සිදු කරන ලද, මෙරට පොදු ජනතාව ගොනාට ඇන්දවීම ම පමණි.

මෛත්‍ර්‍රීපාල සිරිසේන ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු භාර ව සිටි පුද්ගලයන්ගේ ද ප්‍රකාශ අනුව, නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීත් මෛත්‍රීපාල සිරිසේන සිට ඇත්තේ පරාජිත පාර්ශ්වයේ ය.

එතැන් සිට මරු විකල්ලෙන් ක්‍රියාත්මක කරන ලද ගොබෙල්ස් පන්නයේ මහා බොරු නිසා, ජන මනස විතැන් වී තිබේ. ලැම්බෝගිනි, ජනාධිපති මන්දිර, රත්තරං අශ්වයන්, මෙගා ඩීල්, ස්ත්‍රී දූෂණ, මිනිස් ඝාතන ආදිය මෙගා ටෙලියක් මෙන් එකල ජනතාවට රස විඳින්නට ඉදිරිපත් කෙරිණි.

මහින්ද රාජපක්ෂ, රාජ්‍ය දේපළ මංකොල්ල කෑ බව, නීතිය ඉදිරියේ ඔප්පු කර මහ උඵ ගෙදර යැවීම, අපට ගැටලුවක් නො වේ. නමුත් පෙනී යන ආකාරයට එයට ද, මෛත්‍රී-රනිල් පිල සූදානමකින් සිට නොමැති බව, වර්තමානයේ සිදු වෙමින් පවතින දේ විමර්ශනය කරන විට පෙනී යයි.

උදාහරණයක් වශයෙන් මේ වන විට හිටපු ජනාධිපතිවරයා බරපතළ මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවමින් තිබෙන අතර, ඊට පදනම් කර ගෙන තිබෙන්නේ ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහින‍ියේ ප්‍රචාරය කරන ලද දැන්වීම් පිළිබඳ විගණන ගැටලුවකි.

ජනාධිපතිවරණ සමයේ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතාවක් (?) ප්‍රමුඛතා ලැයිස්තුවේ මුලට පැමිණීමෙන් ‍හැඟවෙන්නේ කවරක් ද?

ඊට පෙර සිදු කරන ලදැයි පැවසෙන අපරාධ පිළිබඳ කිසිදු චෝදනාවක් සඳහා කරුණු ගොනු කර ගැනීමට තවමත් මෛත්‍රී-රනිල් පිල අසමත් වී තිබෙන බව ය. ඒ සඳහා ඔවුන් විසින් විවිධ හේතු ඉදිරිපත් කෙරෙමින් තිබේ. එහෙත් ඒ කිසිවක් තාර්කික ජනතාව ගේ පිළිගැනීමට සෑහී නොමැත.

අද, ජහපාලනයට එළිපිට උදව් කළ අය, 'පාලකයන් ගේ අම්මා මතක් කරමින්' බනින තත්ත්වයට පත් ව තිබෙන්නේ, ජහපාලනය ආරම්භ කළ සමයේ ජන මනස මත, මිනිත්තුවෙන් මිනිත්තුවට පතිත කරන ලද මහා බේගල් නිසා ඔවුන් තුළ ඇවිල වූ 'මරු විකල්ල' තවමත් සුවපත් නො වී තිබෙන නිසා ය.

දැන් එය අඩස්සියක් දක්වා උත්සන්න වෙමින් තිබේ.
ජහපාලන නායකයන් මුලින්ම සිදු කළ යුත්තේ ඔවුන් ගේ අනුගාමිකයන්ට බේගල් ඇද බා, ඇති කළ 'මරු විකල්ලට' සෘජු ව මුහුණ දීම ය.

- කුමාර ලියනගේ
 

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/21/2015

මහවැලියේ අලි මරණ සහ මත්තල කුරුලු මරණ

කතෘ:යුතුකම     11/21/2015   No comments
මත්තල ගුවන් තොටුපළ ඇත්තේ ශ්‍රී ලංක‍ාවේ ය. ඒ පිළිබඳ විවිධ මතවාද තිබේ. චීනයේ ගෝලීය අවශ්‍යතා ඔස්සේ ගොඩ නැඟුණු මත්තල ගුවන් තොටුපළට එරෙහි වූ අමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් සහ ඔවුන් ගේ ඒජන්තයන්, අප රට තුළ බොහෝ අදහස් ප්‍රචාරය කළ අතර, දැන් එය දේශපාලන පොරපිටියේ ප්‍රධාන මාතෘකාවකි.

අප ගේ දැනීමේ හැටියට මත්තල ගුවන් තොටුපළ නො වන්නට, කොටි සංවිධානය තවමත් උතුරු/නැගෙනහිර ප්‍රදේශයන්හි රජ කරමින් සිටිනු ඇත. ‍කොටි සංවිධානය මර්දනය කිරීමට චීනය වැඩි දායකත්වයක් ලබා දීමේ උපාය මාර්ගය තුළ, මත්තල ගුවන් ‍තොටුපළ සහ හම්බන්තොට වරාය භාවිත කෙරෙමින් ගොඩ නඟන්නට අපේක්ෂා කරන ලද, ආසියානු බල සංකේන්ද්‍රණය ද තිබේ.

කොටි ප්‍රහාර කටුනායක දක්වා විහිදුණු අවකාශයක, මත්තල වැනි නවීන පන්නයේ ගුවන් ‍තොටුපළක් ඉදි කරන්නට චීනය ඉදිරිපත් වීම, අහම්බයක් නොවේ. එය චීනයේ අනාගත බල ව්‍යාපෘතියේ මූලික සැලසුමට අයත් ය‍.

මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය ඔස්සේ ගොඩ නැ‍ඟෙමින් තිබුණු චීන ලෝක වෙළෙඳ ආධිපත්‍යය මූලෝපාය තහවුරු කෙරෙන යටිතළ පහසුකම් පද්ධතියට අයත් ය‍. එය චීන 'නව සේද මාවතේ' (New silk route) ප්‍රධාන කේන්ද්‍රයකි.

මේ පිළිබඳ ව උරණ වූ අමෙරිකාව 'ප්‍රති සේද මාවතක්' (counter silk route) නිර්මාණ කළ අතර, නොබෝ කලකින්ම එය ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලනයේ ද න්‍යය පත්‍රය තීරණය කරන මාරාන්තික සටනක් බවට පත්විණි.

කවර රටක් වුව, කවර රටකවත් ගොදුරක් විය යුතු නැත. සියල්ල සිදු විය යුත්ත‍ේ එකඟතාවෙනි. අමෙරිකාව සහ චීනය සසඳන විට පෙනී යන කරුණක් නම්, චීනය සහ ලංකාව අතර පැවතුණු අතීත දේශපාලනික, ආගමික, සංස්කෘතික සහ වෙළෙඳ ගනුදෙනු සිදු වන කාලයේ, ලෝකයේ අමෙරිකාව නමින් රාජ්‍යයක් තිබී නැති බව ය.

එහෙත් අද ලෝක දේශපාලනය එසේ නො වේ. අප තත්ත්වාකාරයෙන් වටහා ගත යුත්තේ එයයි.

'Tamils For Obama' වැනි සංවිධාන, LTTE සංවිධානයේ කාර්යාල, LTTE ලාංඡන සහිත වාහන සහිත අමෙරිකාවෙන්, ගෝලීය ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවට ‍පූර්ණ අනුග්‍රහයක් ලැබේ යයි සිතනු උගහට ය.

චීනය, ආසියාවේ රටකි. ලෝක කාර්මික පුනරුදයේ පුරෝගාමියා චීනය ය. චීනය නොවන්නට, බටහිර කාර්මික විප්ලවයක් නැත. චීනයේ කොටි කාර්යාල නැත. ඔවුන් ගෝලීය දෙමල සංසදය සමඟ යට උගුල් ගසන්නේ නැත.

ජහපාලන ආණ්ඩුව දැන් චීනයෙන් උදව් ඉල්ලමින් සිටී. EXIM බැංකුවෙන් ණය ගනිමින් සිටී. චීනය, ශ්‍රී ලංකාවට වඩා, අමෙරිකාවටත්, ඉන්දියාවටත් ණය දී තිබේ. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය සඳහා මුදල් ආයෝජනය කර තිබේ.

එහෙත්, මෙරට ජාතික දේශපාලනය තුළ සංවාදයට ලක් වන්නේ මේ කිසිවක් නොවේ.

මත්තල ගුවන් තොටුපළ, කුරුලු අභයභූමිය ආසන්නයේ පිහිටා ඇතැයි කියමින්, ගුවන් යානාවලට අසු වී කුරුල්ලන් මිය යන බව පවසා පරිසරය පිළිබඳ ව කිඹුල් කඳුඵ හෙළන එ.ජා.ප. දේශපාලකයන්, මත්තල ගුවන් තොටුපළ වී ගබඩා කිරීමට තෝරා ගෙන තිබේ. (සබාවේ සිනා)

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය ඔස්සේ පරිසර පද්ධති සහ වැව් විනාශ කළ අතීතයකට උරුමකම් කියන එ.ජ‍ා.ප.ය, අදටත් සිදු වන අලි-මිනිස් ගැටුමේ නිර්මාතෘවරයා ද වෙයි. අද දෛනික ව සිදු වන, පක්ෂයේ ලාංඡනය ද (?) වන අලි මරණවලට ප්‍රධාන වශයෙන් වගකිය යුත්තේ, මහවැලි යෝජනා ක්‍රමය තදියම් කළ, එ.ජා.ප.ය ම ය.

මත්තල කුරුල්ලන් පිළිබඳ ව අ‍ඳෝනා නඟන්නේ, මහවැලියේ අලි (?) මරණ එ.ජා.ප. ය. මත්තල දූෂිත යයි කියති. මහවැලිය ද එපමණට ම දූෂිත ය.
අප කළ යුතු වන්නේ, ජාතික සම්පත් විනාශ මුඛයට ඇද නො දමා, ඒවායින් නිසි ප්‍රයෝජනය ගැනීම ය.

වැන්ක්‍යුර් වැනි ගුවන් තොටුපළවල් තිබෙන ලෝකයක, ජෝකරයන් නොවී, ඇත්ත, ජනතාවට පෙන්වා දීම වර්තමාන දේශපාලකයන් ගේ වගකීම ය.

- කුමාර ලියනගේ
(සංවාදයට විවෘතයි.)


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/08/2015

චතුරිකා පුතේ!

කතෘ:යුතුකම     9/08/2015   No comments
පුතේ, මං ඔයාට දුවේ නොකියා පුතේ කියන්නෙ ආදරේ වැඩිකොමට. ඔයා තාත්ත ගේ පණිවිඩයක් අරන් රට පුරා යන්න පටන් ගත්තා කියලා දැන ගත්තාම, ඇති වුණු සතුට කියලා නිම කරන්න බැහැ. දැන් නම් අපේ රට ගැන, මට තිබුණු බය 'සම්පූර්ණයෙන්ම' (පුතේ, මම මේ 'සම්පූර්ණයෙන් ම' කියන වචනේ ලියන්නෙ, අර එස්බී මාමා කියන විදිය ඔලුවෙ තියාගෙන, ඒ වගේ හැගීමකින්. එස්බී මාමා 'සම්පූර්ණයෙන් ම' කියන වචනේ කියන විදිය ඔයත් පොඩ්ඩක් බලන්නකො.) නැතිවෙලා ගියා. අනේ අපේ රටට දෙයියෝ බැලුවා පුතේ!

පුතේ, චන්ද්‍රිකා අප්පො රට කරපු කාලේ පුතාට ඒ තරම් මතකයක් නැතුව ඇති. උන්නාන්සෙ හරි අපූරුවට රටට සේවේ කළා. රැයක් දවාලක් නැතුව මහන්සි වෙලා වැඩ කළා. කොච්චර වැඩ කළා ද කිව්වොත් සමහර දවස්වලට චන්ද්‍රිකා අප්පො, ජනාධිපති මන්දිරේ උඩ තට්ටුවෙ රෑට හතර ගාතේ දා ගෙන වැටිලා තමයි, බුදිය ගත්තෙ. රටේ හිටපු කාලකණ්ණී චන්ද්‍රිකා අප්පොට මඩ ගැහුවා, බීලා වැටිලා කියලා. අනේ නෑ පුතේ. මහන්සි වෙලා වැඩිකොමට තමයි, උන්නාන්සෙ එහෙම වැටිලා තිබුණේ. පව්, මතක් වෙනකොටත් මගේ දෑහට කදුඵ එනවා.

එතුමිය යුද්දෙ 75-80%ක් විතර ඉවර කරලා තිබුණේ. කොටි 90%ක් විතර රට ඉවර කරලා තිබුණේ. කොහොම හරි, ඉතුරු 25% ඉතාම ලේසියෙන් ඉවර ගර ගන්න, මහින්ද මාමාට පුඵවන් වුණා.

පුතේ හදිසි අාපදාවකදි ඒකට මූණ දෙන විදිය, චන්ද්‍රිකා අප්පො ගෙන් ඉගෙන ගන්න. සුනාමි අාපු වෙලාවෙ, උන්නාන්සෙ ජනාධිපති මන්දිරේ කොම්පියුටර් 50ක් විතර තියා ගෙන ලෝකෙ ආධාර එකතු කළේ. තමන්ට ගන්න නෙවෙයි, පුතේ‍. කරදරේට වැටුණු අයට උදව් කරන්න. අන්න එහෙමයි පුතේ උන්නාන්සෙ ගෙ පපුව උණු වුණේ. අන්තිමට කවුරුත් පොරොන්දු වුණු විදියට සල්ලි දුන්නෙ නෑ කියලා, උන්නාන්සෙ කියලා තිබුණා. ජනාධිපති මන්දිරේ පිළිකන්නට වෙලා චන්ද්‍රිකා අප්පො හොටු හූර හූර අඩනවා, සේවක මහත්තුරු දැකලා තිබුණා, පුතේ‍.

චන්ද්‍රිකා අප්පො ගාව, අර මව්වත්කම කියන ගුණේ හරියට උතුරනවා. රූකාන්තට කරදරයක් වුණු වෙලාවෙ උන්නාන්සෙ ආරක්ෂක අංශ නොතකා මහ රෑ ගිහින් උදව් ඕන ද කියලා අහලා තිබුණා. එතකොට අර රෝහණ කුමාර කියන පුවත්පත් කලාවේදියා මැරු‍ණු වෙලාවෙ උන්නාන්සෙ ජනාධිපති පදවියෙන් පවා ඉල්ලලා අස්වෙන්න හැදුවා, 'ජනමාධ්‍යවේදියෙක් තමන් ගෙ නිල කාලයෙදි ඝාතනය වුණු එක දරන්න බෑ' කියලා.

චන්ද්‍රිකා අප්පො ගැන ලියන්න ගියොත් කෙළවරක් නෑ, පුතේ.
ඔයා දන්නව ද ඇයි මං මේ තරම් චන්ද්‍රිකා අප්පො ගැන ලිව්වෙ කියලා.
චන්ද්‍රිකා=චතුරිකා
දැන් තේරෙනවා නේද?
මට ආයෙත් චන්ද්‍රිකා යුගයක් එනවා, එනවා වගේ දැනෙනවා, චතුරිකා පුතේ!
නම් දෙක සමාන වුණා වගේම, තාත්තට යෝද බල යෝද ශක්තියක් වෙලා ඉන්න චන්ද්‍රිකා අප්පො ගෙ ගුණකඳ ටික පුතා ගෙනුත් දකින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
චතුරිකා පුතේ, ඔයාට බුදු සරණයි!
මේ වගට,
යටහත්,
-කුමාර ලියනගේ

යුතුකම සංවාද කවය
www.yuthukama.com ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

8/21/2015

මෛත්‍රී පාලනයේ කැත!

කතෘ:යුතුකම     8/21/2015   No comments
දැන් ක්‍රියාත්මක වන මෛත්‍රී පාලනය සමාන වන්නේ එළවඵ රොටියකට ය. එළවඵ රොටියේ ඇත්තේ ඉතුරු වූ දහජරාව ය. එහෙත් ඊට හොද පිටි ආවරණයක් ඇත‍. පිටි ආවරණය නිසා ඇතුළේ ජරාවට අමුතු රහක් එකතු වේ. එය රස බලන පුද්ගලයා රොටිය අලුත් එකක් යයි සිතයි.

සැමන් ටින් එක හපන බල්ලාට සැමන් රස මෙන් දැනෙන්නේ ටින් එකට කැපුණු තමන් ගේම කටේ ලේ බව නොදැනෙයි.
එළවඵ රොටිය කන්නාට ද, රොටිය මෙන් දැනෙන්නේ ඊට පෙර දවසක තමන්ම හෝටලයෙන් කෑ බත්, හොදි බව දැනෙන්නේ නැත.
මෛත්‍රී පාලනය, යහපාලනය සමාන වන්නේ මේ උදාහරණවලට ය.
පසුගිය මහමැතිවරණයේදී 'හොද මිනිසුන් පාර්ලිමේන්තු යවන්න' කියමින් රටේ බුඩ්ඩිමත් ඔස්තාර්ලා ඡන්දදායකයන් ගෙන් ඉල්ලීමක් කළ හ.
එ් අනුව දැනුම් තේරුම් පමණට මිනිස්සු නරක එවුන් ගෙදර යැවූහ.
'අප්පොච්චි මළා' ද එසේ ගෙදර යැවූ අයෙකි.

ඡන්ද ප්‍රතිඵල කී දිනයේ හවස සිරස News 1st අපූරු ප්‍රවෘත්තියක් ඉදිරිපත් කර තිබිණි. ප්‍රවෘත්තිය මොණරාගල නිල්ගල වන රක්ෂිතය ගැන ය. නිල්ගල රක්ෂිතයේ කලක සිට දැව හොරු රජ කරති. ඔවුන් කවුදැයි නොදැන සිටියේ ජනාධිපති, අගමැති, රජය සහ පොලීසිය පමණි. මිනිස්සු දැන සිටියහ.
ප්‍රවෘත්තියට අනුව, නිල්ගල වන රක්ෂිතය කාබාසිනියා කරන 'මහ හොරා' පිළිබඳ ව ‍තොරතුරු පොලීසියට ආරංචි වී තිබිණි. ප්‍රවෘත්තිය ප්‍රචාරය වන අතරේ, මොණරාගල සහකාර පොලිස් අධිකාරී, ඌව පළාත් භාර නියෝජ්‍ය ප‍ොලිස්පතිතුමන්ට දුරකථන ඇමතුමක් දෙන දර්ශනයකි.

'මේකෙ ඔක්කොම කරන 'මිනිහා' දන්නවා සර්. එයා ගේ ගෝලයොත් දන්නවා. මිනිස්සු කියන කතා ඇහුවම කියලා වැඩක් නෑ සර්. හරියට වැඩේ අල්ලන්න පුඵවන් සර්'
මේ 'මිනිහා' අනෙකකු නොව 'අප්පාෙච්චි මළා' ය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ සජීව චාමිකරලා සමග, පරිසරය සුරක්ෂිත කරන බවට ගිවිසුම් අත්සන් කළ මෛත්‍රී පාලන සමයේදී, 'අප්පොච්චි මළා' නිල්ගල රක්ෂිතය වනසා ඇත. රජය, ආණ්ඩුව, පොලීසිය ඒ ගැන දැන සිට නැත. පොලීසියට ඒ බව දැන ගන්නට ලැබී තිබෙන්නේ, 'අප්පොච්චි මළා' ඡන්දයෙන් පැරදුණු දා ය. (සබාවේ සිනා)

දැන් මේ, මිනිසුන් විසින් ගෙදර යවන ලද 'අප්පොච්චි මළා' නැවත පාර්ලිමේන්තුවට පැමිණ සිටී. ඒ ජනාධිපතිවරයා ගේ උදව්වෙනි. ජාතික ලැයිස්තුවේ පිහිටෙනි.
ජනාධිපතිවරයා පවසන්නේ යහපාලනය සඳහා 'අප්පොච්චි මළා' අත්‍යාවශ්‍ය බවයි. නිල්ගල රක්ෂිතය වැනසූ 'අප්පොච්චි මළා' යහපාලනයේ ප්‍රතිමූර්තියක් බවයි.
විධායක ජනාධිපති යනු ජනතාව ගේ නායකයා ය. ජනතාව බලය දුන්‍ නිසා, ජනාධිපතිට බලය තිබේ. ජනතාව 'අප්පොච්චි මළා' ගෙදර යවා ඇත. මොණරාගල පොලීසිය, 'අප්පොච්චි මළා' සොයමින් නිල්ගල රක්ෂිතය පීරමින් සිටිති‍.
'අප්පොච්චි මළා' පාර්ලිමේන්තුවට ගන්නට ජනාධිපතිට බලය දුන්නේ කවුද?
 
- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/31/2015

'ජාත්‍යාලය යනු තක්කඩියා ගේ අවසන් රක්ෂාස්ථානයයි'

කතෘ:යුතුකම     7/31/2015   1 comment
ජාත්‍යාලය-ජාතිවාදය (racism) යනු, ජාතිකවාදය (nationalism) නො වේ. 'ජාතිවාදය' යනු එකකි. 'ජාතිකවාදය' යනු අනෙකකි.

මේ රටේ 'ජාත්‍යාලය' යන වචනය ප්‍රචලිත වූයේ '83 කලු ජූලිය' නිසා ය. දෙමල ජාතිකයකු වීම මරණ දඩුවම ලැබිය යුතු තරමේ වරදක් ලෙස අර්ථ ගැන්වුණු 'කලු ජූලිය' නිර්මාණය කළෝ, එක්සත් ජාතික පාක්ෂිකයෝ ය. එහෙත් 'කලු ජූලියේ'ප්‍රධාන විත්තිකරුකරුවකු ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් හඳුන්වා දෙන ලද හේම ශ්‍රී අමරසිංහ (ප්‍රකට චිත්‍රශිල්පියා) පවසන්නේ, එය ම්ලේච්ඡ ඝාතන රැල්ලක් බවට පත් කිරීමේ මූලික මෙහෙයුමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම, ජවිපෙ ද සම්බන්ධ බව ය.

කෙසේවෙතත්, ජාතිවාදය (racism) යනු රටකට යහපත උදා කරන සංකල්පයක් නොවේ. එහෙත් පුදුමය නම්, 'කලු ජූලියට' විරුද්ධත්වය පළ කළ ඇතැම් ව්‍යාජ සමාජ ක්‍රියාකාරිකයන් අද, 'කලු ජූලිය' ඇති කළ එක්සත් ජාතික පක්ෂය සමඟ, එකට ලැග සිටීම ය.

ජාතිකවාදය සහ ජාතිවාදය (ජාත්‍යාලය) පිළිබඳ සංවාදය නිතර මෙරට මාධ්‍ය අවකාශයේ සිදු වනු පෙනේ. ඒ සෑම විටම පාහේ, 'ජාත්‍යාලය යනු තක්කඩියා ගේ අවසන් රක්ෂාස්ථානයයි' යන කියමන හෝ එකී කියමන හැඟවෙන පාඨ උපුටා දැක්වෙනු දැක්ක හැකි ය. එය ද සඳහන් කෙරෙන්නේ, 'ජාතිකවාදය' යන්න අර්ථ ගැන්වෙන ආකාරයට ය.

මෙය කියමනක් අවභාවිතයට ලක් කෙරෙන අඳබාලයන් ගේ ක්‍රියාවක් ලෙස සඳහන් කරනු කැමැත්තෙමි.

උක්ත කියමනට සම්බන්ධ ව යුරෝපයේදී සිදු වුණු අතීත සිදුවීමක් තිබේ. ජාතිකවාදය විකෘති කරන තක්කඩියන් විසින්, 'ජාත්‍යාලය යනු තක්කඩියා ගේ අවසන් රක්ෂාස්ථානයයි' යන්න උපුටා දැක්වෙන්නේ අතීත සිදුවීම ද විකෘති කෙරෙමින් බව කිය යුතු ය.

ජොන්සන් දවසට අදාළ එකී සිදුවීම කිසිසේත් ජාතිකවාදයට (nationalism) සම්බන්ධ නැත. එකී සිදුවීම වෙනත් ක්‍රියාවක් සමඟ බැඳී පවතින්නකි. වරක් අශෝක හඳගම, මේ කියමන දිවයින 'වටමඬළ' විශේෂාංගයට ජාතිකවාදයට එරෙහි ව, විකෘති අන්දමින් භාවිත කර තිබිණි‍. එවර ද මේ වරද ඔහු විසින් සිදු කරන ලදි. ඊට පසු සතියේ මවිසින් අදාළ විකෘතිය පිළිබඳ ව පැහැදිලි කිරීමක් දැක්විණි. ඔහු නිහඬ විණි.

අද ඕනෑම නූගතකුට, ඕනෑම ගොබ්බ කතාවක් කියා පොරක් විය හැකි වාතාවරණයක් නිර්මාණ වී තිබේ. එ්, සමාජය ගරා වැටීමේ ලක්ෂණයකි.

'ජාත්‍යාලය යනු තක්කඩියා ගේ අවසන් රක්ෂාස්ථානයයි' යන්න උපුටන්නා අතීත සිදුවීම දැන සිටීම යෙහෙකි. එය කවර සිදු වීමක් අරබයා සිදු වූවක් දැයි, අධ්‍යයන කර තිබීම ද යෙහෙකි.

එසේ ‍නො කර, හුදෙක් ජාතිකවාදයට එරෙහිව එවැනි ඉපැරණි ජන කියමන් අවභාවිතයට ලක් කරන්නා යනු තක්කඩියකු පමණක් නො ව, මැට්ටකු ද වන බව දැන ගත මනා ය.

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/20/2015

වීරයා මැරිලා ...

කතෘ:යුතුකම     7/20/2015   No comments
පසුගිය දා ජනාධිපති සිරිසේන ජනාධිපති සිදු කළ ප්‍රකාශයෙන් ආතල් ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පමණි. අවම වශයෙන් එයින්, ශ්‍රිලනිපයේ මෛත්‍රී හිතවාදී පිරිසත් ආතල් ගත්තේ නැත. ඔවුහු ද ජනාධිපති සිරිසේන ගේ ප්‍රකාශයෙන් බැහැර කළ හ. ඒ අනුව ඇතැම් මෛත්‍රී හිතවාදිහු ඊට විරෝධ පාමින් සිය පදවි තානාන්තරවලින් ද ඉවත් වූහ.මෙයින් පෙනී යන්නේ නායකයකු නොවී, නායකයකු ලෙස රගපාමින් අනුන් ගේ පදයට නටන්නට යෑමෙන් කාට වුවත් සිදු විය හැකි විජ්ජුම්බරයකි.

ජනාධිපති සිරිසේන ‍ගේ ප්‍රකාශයෙන් පසු ශ්‍රිලනිප මාධ්‍යම කාරක සභාව රැස් වී, ඔහුට එරෙහි ව ක්‍රියාමාර්ග ගැනීමේ තීරණයකට එළඹෙමින් සිටියහ. එය ඇතැම්විට මෛත්‍රීපාල සිරිසේන ‍ජනාධිපති, පක්ෂ සභාපතිකමින් නෙරපා හ‍ැරෙන තත්ත්වයක් දක්වා දිගු වන්නට ඉඩ තිබුණු බව අදාළ සිදු වීම්, විමර්ශනය කරන විට පෙනී යයි.
ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව සිදු කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මෛත්‍රීපාල සිරි‍සේන ජනාධිපතිට දුරකථනයෙන් දන්වා තිබෙන අතර, එහිදී ඔහු speaker on කර සියල්ලන්ට ඇසෙන පරිදි අදාළ ඇමතුම ලබා දී තිබේ.

එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඉල්ලා ඇත්තේ 'හැකි නම් රැස්වීම අවලංගු කරන' ලෙස ය. මධ්‍යම කාරක සභාවේ කටයුතු තවදුරටත් ඉදිරියට යද්දී, එස්.බී.දිසානායක දුරකථනයෙන් අමතා පවසා ඇත්තේ, 'හදිසියේ රැස්වීමක් පැවැත්වීමෙන් තද තීරණවලට යා හැකි අවදානමක් පවතින බව' ය. මෙහි 'තද තීරණ' යනු 'සභාපතිකමින් නෙරපීම', 'පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම' වැන්නක් විය හැකි බව පැහැදිලි ය.

එහෙත් මධ්‍යම කාරක සභාව ස්වකීය ස්ථාවරයේම සිට ඇත.

'සභාපති නොමැති ව මධ්‍යම කාරක සභාව රැස්වීමේ අවස්ථාව වළක්වා, සිරිසේන ජනාධිපති වෙනුවෙන් අධිකරණ වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණේ ඉන්පසු ව ය. එයට මැදිහත් වී තිබුණේ කුප්‍රකට පුද්ගලයකු වන සෝලංගආරච්චි ය.
'කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට, කැසිනෝකාරයන්ට මගෙන් කිසිම සමාවක් නෑ' කියමින් නිතර වහසි බස් දොඩන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවසානයේදී උපකාරයට පැමිණ ඇත්තේ කුඩු ජාවාරම්වලට සම්බන්ධ යයි ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකි.

උපදේශය-

කවර සමාජ විරෝධී අපරාධකාරයන් වුව ද, ඇතැම්විට කුඩුකාරයන් ගෙන් ද අපට උදව් ලබා ගන්නට සිදු වන අවස්ථා ත‍ිබේ.

- කුමාර ලියනගේ

යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/08/2015

ඉතිහාසය නැවත සිදු වීම

කතෘ:යුතුකම     7/08/2015   1 comment
අද සිදු වන්නේ ද, එදා සිදු වූ දෙයම බව බ්‍රිතාන්‍ය ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි. ඉංග්‍රීසි ජාතිකයන් එදා සිදුවීම් වාර්තා කර තිබෙන්නේ ද අද සිදුවීම්, රාජ්‍ය නොවන සංවිධාන වාර්තා කරන ආකාරයටම ය. ක්‍රමවේදය ද එකම ය.

මේ පිළිබද කදිම වාර්තාවක් කපිතාන් එල්. ද බුෂේ ගේ වාර්තාවේ සදහන් වේ. කියවන්න.
'ඒකාධිපතියකු ගේ පාලනය තුළ එවැනි කුරිරුකම් හා එවැනි වෙනත් නොයෙක් ප්‍රචණ්ඩ ක්‍රියා හමුවෙහි ආරක්ෂාවත් නොයෙක් අංශවල සහායත් සදහා පියවර ගන්නට අප ගේ රජයට කරුණු යෙදුණේ ය. අපගේම යටත්වැසියන් ගෙන් පමණක් නොව, කන්ද උඩරැටියන් ගෙන්ම සැදි නොයෙක් කණ්ඩායම්වල උදවු ලබා ගන්නට ද අපට සිදු විය'. (පිටුව - 16)
'මේ සිද්ධියේදී රජු ඔහු ගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, ඔහු ගේ යටත්වැසියන් ඔහු කෙරෙහි බලවත් සේ කලකිරීමට හේතු විය‍.' (පිටුව - 46)
'අපට පක්ෂපාති යටත්වැසියන් පිරිසක් බවට පත් කිරීම සදහා සාධාරණ යහපාලනයක ධෛර්යය අපේක්ෂා කරන යහපත් මිනිස් වර්ගයක ගේ සහයෝගය ද අප මීට එක්කර ගැනීම යෝග්‍ය ය.' (පිටුව - 47)
උක්ත කෘතිය 2010දී සිංහලයට පරිවර්තනය කර තිබෙන ප්‍රේමචන්ද්‍ර ද අල්විස් මහතා 47වැනි පිටුවේ 'සාධාරණ යහපාලනයක' යනුවෙන් සදහන් කර තිබීම දෛවෝපසහගත ය.
මේ රට යටත් කර ගැනීම සදහා අවශ්‍ය නම්, බටහිරයන්ට 88/89 භීෂණය ද, යොදා ගත හැකි ව තිබිණි. එහෙත් එකල මානව හිමිකම් ගැටලු නො තිබිණි. නිරායුධ තරුණ අරගලකරුවන් ගේ මළ සිරුරු මහ දවල් හන්දි ගාණේ ටයර් සෑ මත දැවිණි. එහෙත් භීෂණයෙන් වසර ගණනක් ඉක්ම ගිය ද රාජ්‍ය ත්‍රස්තවාදී අපරාධ චෝදනා කිසිවකුට එරෙහි ව එල්ල නො කෙරිණි. ඒ, අදාළ ඝාතන බටහිරයන්ට කත් අදින ආණ්ඩුවක් විසින් සිදු කරන ලද නිසා ය.
88/89 භීෂණ සමයේදී වධකාගාර පවත්ව‍ා ගෙන පිරිස් අද මානව ප්‍රේමයෙන් ඔද වැඩී සිදු කරන ප්‍රකාශ දෙස, අද අපට පුදුමයෙන් බලා සිටින්නට සිදු ව තිබේ.
බුෂේ ගේ පරිවර්තන කෘතියේ සදහන් වන 'සාධාරණ යහපාලනයක ධෛර්යය අපේක්ෂා කරන යහපත් මිනිස් වර්ගය' අද නියෝජන කරන්නේ, එදා 88/89 භීෂණය ක්‍රියාත්මක කළ පිරිස් වීම ද පිළිකුල්සහගත ය.
අද සියලු භීෂකයෝ එකම වේදිකාවක ය.
ගෝලීය ධනේශ්වර මජර දේශපාලනයේ හැසිරීම මෙබදු ය.

- කුමාර ලියනගේ

යුතුකම සංවාද කවය 
www.yuthukama.com

6/09/2015

ලාංකීය සාහිත්‍ය සමාජය තුළ කතුවරයාගෙන් වියුක්තව කෘති සංවාදයට ලක්කරන්න බැහැ

කතෘ:යුතුකම     6/09/2015   1 comment
ලාංකීය සාහිත්‍ය සමාජය තුළ කතුවරයාගෙන් වියුක්තව කෘති සංවාදයට ලක්කරන්න බැහැ
- කුමාර ලියනගේ -

1988 දී ”විමානයෙන් බසිනු මැනවි” සහ 2000 වර්ෂයේ දී ”ඉඳුවර පොකුණ” නමින් කාව්‍ය සංග‍්‍රහ දෙකක් පළ කොට කවියෙකු වශයෙන්  සලකුණු තැබූ කුමාර ලියනගේ ගේය පද රචකයකු ලෙසද අනන්‍යතාවක් ගොඩනගා ගත්තෙකි. ඔහුගේ   ”චේ සහ ඇපල් ” නමැති තෙවන කාව්‍ය සංග‍්‍රහය සංවාදයට බඳුන් කළ යුතු පිටු 120 ක  විමර්ශනාත්මක පෙරවදනකින් යුක්තය. මේ ඒ පිළිබඳ ඔහු සමග කළ  සංවාදයේ සංක්ෂිප්ත සටහනයි. මේ සංවාදය දිවයින වටමඩලේ මුල්වරට පලවිය.

-------------------------------------------------------------------------------------------------------------
”විමානයෙන් බසිනු මැනවි”, ”ඉඳුවර පොකුණ” වැනි ඔබේ අනෙකුත් කාව්‍ය සංග‍්‍රහ වලින් ”චේ සහ ඇපල් ” වෙනස් වෙන්නේ කොහොම ද?

මූලික වශයෙන් ”විමානයෙන් බසිනු මැනවි”, ”ඉඳුවර පොකුණ” යන කාව්‍ය කෘති දෙක ගත්තොත් ඒවායෙහි මූලික අරමුණ එහි පෙරවදනේම සදහන් කොට තිබෙනවා. ආධුනික කවියෙක් හැටියට අත්‍යවශ්‍ය කාරණයක් තමයි සම්ප‍්‍රදාය හැදෑරීම. එතකොට තමයි යම් විදිහකට තමන්ගෙම කියල අනන්‍යතාවයක් කෙනෙකුට ගොඩනගාගන්න පුළුවන් වෙන්නෙ. අධ්‍යාපනික පැත්තෙන් වානිජ විද්‍යාව තමයි මම උපාධිය දක්වා හැදෑරුවේ. එතැනදී කලා උපාධිය හදාරපු අයට මෙන් කලා ඉතිහාසය, අපේ සාහිත්‍ය සම්ප‍්‍රදාය පිළිබද  දැනුම මට ලැබුණේ නෑ. එතකොට මට සිද්ධවෙනවා ස්වාධීන උත්සාහයක් ඔස්සේ එය දැන ගන්න. සම්ප‍්‍රදාය හදාරමින් ඊට අනන්‍ය කවි බසක් ගොඩ නගා ගැනීමට තමයි  මම මුල් කෘතිවලින් වෙහෙසුනේ. ”චේ සහ ඇපල් ”කෘතියේ දී මම කරන්නේ ඒ කවි බස තව දුරටත් මගේ රීතියක් ඔස්සේ නවීකරණය කර ගන්න පුළුවන්ද කියලා උත්සාහයක් දැරීම.
ඔබ කිසියම් දේශපාලන මැදිහත්වීමක් ද ඒ ඔස්සේ කරන බව පේනවා,

ඉතාමත් පැහැදිලියි, සාහිත්‍යකරුවා කියන්නේ සමාජ ජීවියෙක්. එතකොට මේ සමාජ රටාව මෙහෙයවන ජාතික සහ අන්තර්ජාතික දේශපාලන ක‍්‍රියාවලියට ඔහු මුහුණ දෙමින් සිටිනවා. ඉතිහාසයේ අපේ රටේත් විවිධ රටවල සාහිත්‍යකරුවන්ගේත් කාර්යභාරය මම හැමවිටම දකින්නේ යම් දේශපාලනික මැදිහත් වීමක් විදිහට. බෞද්ධ සමාජයේ ගිහි පැවිදි පඩිවරුන්  ආගමික මතවාද ඔස්සේ යම් යම් අර්බුදකාරී අවස්ථාවල සාහිත්‍යකරුවන් විදිහට ඒ මැදහත්වීම කර තිබෙනවා. ඒ මැදිහත්වීම්වල අරමුණ තමයි සමාජය පොදු ජනතාවගේ යහපත පිණිස සකස් කර ගැනීම. එතකොට මේ කෘතියේ මගේ මැදිහත්වීම තිබෙන්නේ වර්තමානයේ අපට නොපෙනෙන ඒ වගේම අපි නොසිතන තරමේ සංකීර්ණ බටහිර බලවේග විසින් මෙහෙයවනු ලබන කොල්ලකාරී ධනේශ්වර දේශපාලනය නිරාවරණය කිරීම. එය අත්‍යවශ්‍ය කරුණක් බව මා විශ්වාස කරනවා.

ගෝලීය දේශපාලනය හමුවේ බටහිර බලවතුන්ගේ ක‍්‍රියාකාරීත්වය නූතන මානවයාගේ ජීවිතයට කරන බලපෑම නිරාවරණය කළ යුතු යැයි ඔබ සිතන්නේ කවර හේතු සාධක මත ද?

මේ මොහොතේ අපේ ආසියානු මෙන්ම අප‍්‍රිකානු ලතින් ඇමරිකානු රටවල තිබෙන සමාජ අර්බුද නිර්මාණය කර තිබෙන අදිසි බලවේගය ඇමරිකාව ප‍්‍රමුඛ බටහිරයන්ගේ දේශපාලනය. ලෝක ශිෂ්ටාචාරය ගත්තම යම් යම් දර්ශන එහෙම නැත්නම් දේශපාලනික මතිමතාන්තර බලවත් රටවලින් දුබල රටවලට ඉදිරිපත් වෙලා තිබෙනවා. නමුත් නව ලිබරල් යටත්විජිතවාදය ඔස්සේ ලෝකයේ මුල්වරට ඒ දෘෂ්ටිවාදී මතවාදය සදහා විද්‍යාත්මකව, ශාරීරික සහ මානසික වශයෙන් මිනිසුන් පරිවර්තනය කිරීමේ මෙහෙයුමක් දියත් වෙනවා. මේක ඉතාමත් සූක්ෂමව දියත් වෙන්නේ. ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය, විනෝද කර්මාන්තය, ආහාර සංස්කෘතිය, ඖෂධ හා ජනමාධ්‍ය මේ ක‍්‍රියාවලියට විවිධාකාරයෙන් දායක කර ගන්නවා. මේ පිළිබදව මා වසර 10 ක් පමණ අඛණ්ඩ අධ්‍යයනයක යෙදී සිටියා. 

නමුත් ගෝලීය දේශපානය හමුවේ කිසිම රටකට හුදකලා වෙන්න බැහැ නේද?

ලංකාවේ ඉතිහාසය ගත්තත් අපි හුදකලාව ගොඩනැගිල නෑ. අපි අන්තර්ජාතික ක‍්‍රියාවලීන් සමග බැදී සිටි ජාතියක්. අපේ රටට රත්න දීප, සිහල දීප, සෙයිලාන්, සිලෝන්, මේ ආදී වශයෙන් නම් ගොඩක් ලැබෙන්නේ ඒ නිසා. නමුත් ඉතිහාසයේ අපට පුළුවන්කම තිබුණා අපිට අනන්‍ය ශිෂ්ටාචාරයක් ගොඩ නගාගන්න. අද අපිට ජාතික රාජ්‍ය වලංගු නෑ කියන මිත්‍යාව අද අපේ ඔලූවලට දාලා තියෙනවා. අපි තේරුම් ගන්න  ඕන දේ තමයි රාජ්‍යයකින් තොරව අධිරාජ්‍යයක් ගොඩනැගෙන්නෙ නෑ කියන එක.  ඒ කියන්නෙ නූතන දේශපාලනය ඇතුලෙත් ජාතික රාජ්‍ය වලංගුයි. ඒ නිසා තමයි ඇමරිකාවට රාජ්‍ය ලේකම්වරයෙක් ඉන්නෙ. මං යෝජනා කරන්නේ බටහිර බලවේග  යෝජනා කරන අත්තනෝමතික දෘෂ්ටිවාදවලින් බැහැර වෙලා මේ නූතන දේශපාලනය ඇතුලේ අනන්‍යතාව ගොඩනගා ගන්නේ කොහොමද කියන එකයි. අද රටවල් කලාපීය වශයෙන් සන්ධානගතවීමක් දක්නට ලැබෙනවා. නමුත් ඒ කලාපීය සන්ධාන ඇතුලේ ඒ ඒ රටවල අනන්‍යතාව ආරක්ෂා කරගන්න උත්සාහ ගැනීම මා කියන කරුණ තහවුරු වෙන එක් සාධකයක්.

77 විවෘත ආර්ථිකයේ විෂම පැවැත්ම මේ බොහෝ විපර්යාසයන්ට හේතු වූ කඩඉමක් ලෙස ගැනීම නිවැරදි වුවත් එම කාල සීමාව වන විට ජේ.ආර් සිටි තැන විජේවීර සිටියත් අපේ රට ගෝලීය ධනේශ්වරයට විවෘත වීම වළක්වන්න බැහැ නේද.

නූතන ලංකාවේ සමාජය වහා කළ යුතු දේ තමයි ජේ.ආර්. ගෙන් ගැලවීම. ජේ.ආර්. කියන්නේ ඉංග‍්‍රිසි පාලන සමයේ ඔවුන්ගේ ක‍්‍රියාවලියට ඍජුව බැලමෙහෙවරකම් කරපු පරම්පරාවක නූතනයා. නිදහස් ලංකාවෙ ප‍්‍රථම ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය ධූරය හොබවන්නෙ ඔහු. ඊළගට දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ සැන්ෆ‍්‍රැන්සිස්කො (San Francisco) නගරයේ දී ඇමරිකාවට පක්ෂග‍්‍රාහීව ආසියානු කලාපය නියෝජනය කරමින් රුසියාවට එරෙහිව මත නිෂ්පාදනය කළෙත් ඔහු. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඔහු හා ඇමරිකාව අතර අප‍්‍රකාශිත එකගතාවක් තිබුණ බව. 1956 බණ්ඩාරනායක ඝාතනය කිරීම, උතුරේ ත‍්‍රස්තවාදය නිර්මාණය කිරීම, වාමාංශික දේශපාලනය බිද දැමීම සහ අවසාන වශයෙන් 76 වෙනකොට විවිධ කුමන්ත‍්‍රණ ඔස්සේ සභාග ආණ්ඩුව බිද වැට්ටීම ඇතුලේ බටහිර බලවේග සියුම්ව ක‍්‍රියාත්මක වුණු බව පේනවා. ඒ නිසා මේ අනාගත අවදානම අපිට ඒ කාලෙ තේරුම් ගන්න බැරි වුණා. නමුත් සියල්ල අවසන් වූවාට පසු මේක අවබෝධ කරගන්න පුලූවන් වෙලා තියෙනවා. 
අන්තර්ජාතික අලෙවිකරණ ක්ෂේත‍්‍රයට 70, / 80 දශකවල බටහිරයන් විසින් හදුන්වා දුන් නව ප‍්‍රවේශ බහුමානීය වශයෙන් ගත්විට වැදගත්කමක් ඇත්තේම නැද්ද?

වැදගත්කමක් තියෙනවා. ඒ වැදගත්කම තියෙන්නෙ ඒක භාවිතා කරන ක‍්‍රමවේදය අනුව. දැන් ගෝලීය නව ආර්ථික ක‍්‍රමවේදය කියන්නේ ලාභය පදනම් කර ගත්ත වෙළද සමාජයක්. ලාභය උපරිම කර ගැනීම සඳහා පිරිවැය අවම කරගත යුතුයි. බටහිර සහ ලෝකයේ ධනවත් රටවල් වලට අයත් පාරජාතික සමාගම් (Trans National Companies - TNC) ලාභදායී ශ‍්‍රමය සහ භූමිය හොයාගෙන දුප්පත් රටවලට එනවා. ඒ ඇවිත් ඔවුන්ගේ නිෂ්පාදන කර්මාන්තශාලා ඒ රටවල් ආශි‍්‍රතව ගොඩනගනවා. මෙතැන දී බටහිර රටවලට වැරදුණු දෙයක් තමයි ඒ එක්කම ඔවුන්ගේ තාක්ෂණය ඒ රටවල් වලට ගලාගෙන යන එක. ආසියානු කොටි (Asian Tiger ) නමින් හැදින්වෙන රටවල් බිහිවුණේ ඒ විදිහට.

චීනය අදවන විට ලෝක බලවතෙක් බවට පත් වී තිබෙන්නේ ඩෙන් ෂියා  ඕපින් ගේ ( Deng Xiaoping ) පාලන කාලයේ දී බටහිර රටවල තාක්ෂණය චීනයට ලබා ගැනීම සදහා විවිධ වෘත්තිකයන් ඒ රටවලට යවලා ආපහු ගෙන්වා ගත් නිසා. ගෝලීයකරණය ප‍්‍රතිවර්තනය වීම (Bounce Back) සිදුවුණේ ඒ විදිහට. අද ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් වලට, අමුද්‍රව්‍ය හිමිකාරීත්වය සහිත රටවල් වලට, ඔවුන්ගේ ගොදුරුබිම් බවට පත් වී තිබුණ අමුද්‍රව්‍ය සහිත රටවල් අහිමි වෙමින් තිබෙනවා. බටහිර ආර්ථිකයත් අද කඩා වැටෙන්නේ ඒ නිසයි. ස්වභාවික සම්පත් සහිත ජාතික රාජ්‍යයන් නූතන දේශපාලනයේ දී සිදු කළ යුත්තේ තමන්ගේ අවශ්‍යතාවන් සදහා අන්තර්ජාතික මට්ටමේ දැනුම් පද්ධති ගොඩ නගා ගැනීමයි. මේ ගෝලීය දේශපාලනය භාවිතා කළ යුත්තේ ඒ සදහායි.

මේ විවෘත්ත ආර්ථිකය කියන්නේ යුද්ධයක්. එය ඔබ පිළිගත්තේ  නැත්නම් ඔබට සිදුවන්නේ යුද්ධයේ ගොදුරක් වෙන්නයි.” යන කීත් චෙම්බර්ස් ගේ ප‍්‍රකාශය ද ඔබ පෙරවදනෙහි උපුටා දක්වා තියෙනවා. එහෙම ප‍්‍රයෝගිකව බැලූවොත් ලෝකයේ දිනෙන් දින දියුණු වන සංවර්ධනයට සීමාවන් පැනවිය හැකි ද?

මේ සමාජ ක‍්‍රමය පිළිගත යුතුමයි කියා බලකරන්නන් අප වටකොට සිටිනවා. ඒ නිසා මේ සිද්ධ වෙන්නේ සංවර්ධනය යැයි අප සිතමින් ඉන්නවා. නමුත් වෙළදපොල ආර්ථිකය අද වන විට ඇමරිකාව පවා ප‍්‍රතික්ෂේප කරනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී බැරක් ඔබාමා සහ මිට් රොම්නි (Mitt Romney) අතර සිදු වූ සජීවි සංවාදය මා නැරඹුවා. ඔවුන් දෙදෙනාගේම යෝජනා වල තිබුණේ අභ්‍යන්තරාභිමුඛ (Inward bound) ආර්ථික යෝජනා. ඒවා කි‍්‍රයාත්මක වෙන විදිහේ ප‍්‍රශ්න තියෙන්න පුලූවන්. නමුත් මාර්ගෝපදේශිත (Guided market) වෙළදපල ක‍්‍රමය තමයි වර්තමානයේ සංවාදයට ලක්වෙමින් තිබෙන්නේ. ලිබරල් ආර්ථික ක‍්‍රමය ඇතුලේ මිල්ටන් ෆ‍්‍රීඞ්මන් (Milton Friedman) කියපු විදිහේ රූරා වැටීමේ (Trickle Down) වාසිය සිදුවන්නේ නැති බව  ඕනෑවටත් වඩා ඔප්පු වී තිබෙනවා. ලෝක වෙළද මධ්‍යස්ථානයට ප‍්‍රහාර එල්ල වූ අවස්ථාවේ බිද වැටුණු ගොඩනැගිලි දෙක සංකේතවත් කරමින් සමාජවාදය හා ධනවාදය රජ කළ යුගය අවසන් වී ඇති බව ඇතැම් ආර්ථික විද්‍යාඥයන් පැවසුවා.

ආසියානු සියවසේ එළැඹිමත් එක්ක අලූත් ආර්ථික න්‍යායන් ලෝකයට අවශ්‍ය වී තිබෙනවා. එය මාක්ස්වාදී විග‍්‍රහයන් ඇතුලෙත් ආසියානු නිෂ්පාදන මාදිලිය කියා වෙනම හදුනාගෙන තිබෙනවා. ලෝක අර්බුදය හමුවේ නූතන මිනිසාට නව සමාජ දැක්මක් අවශ්‍ය වී තිබෙන බව පැහැදිලියි. ඊට හේතුව මුලූ මහත් ලෝකයම සංවර්ධනය යැයි අද ගමන් කරමින් සිටින්නේ විනාශයටයි. 

80 දශකයෙන් පසු බිහි වූ Yපරම්පරාව පවා ඔබ හදුනාගන්නේ සමාජ අර්බුදයක් ලෙසයි. ඔබ එවැනි නිගමනයකට එන්නේ කවර කරුණු නිසා ද?

ලෝකයේ 1980 න් පස්සේ බිහි වූ තරුණ පරම්පරාව Y ජෙනරේෂන් (Y - genaration) හැටියට තමයි හදුන්වන්නේ. ඒ Y පරම්පරාව බිහිවන්නේ නව ලිබරල් ධනවාදයේ අවශ්‍යතාවයක් හැටියට. ලෝකයේ විද්වත්තු පිළිගන්නවා Y පරම්පරාවේ ගැහැනු සහ පිරිමි අතරින් ප‍්‍රථම ලිංගිකයා (First Sex) බවට පත්වෙන්නේ ගැහැනිය. ඒක සැලසුම් සහගත ක‍්‍රියාවලියක් ඇතුලෙයි සිද්ධ වෙන්නේ. 

බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී වෙල්ලස්සේ කැරැල්ල මර්ධනය කිරීම සදහා අවුරුදු 18 ට වැඩි සියලූම පිරිමි ඝාතනය කිරීමේ සැලැස්මක් දියත් කළා. පසුකාලීන අධිරාජ්‍යවාදයට එරෙහිව විවිධ රටවල ගොඩනැගුණු අරගල වල මූලිකත්වය ගත්තේ ඒ ඒ රටවල පිරිමි සමාජය.  එදා වෙල්ලස්සේ කරපු ඝාතනය අද සිද්ධ වෙන්නේ ගර්භාෂයෙන්. ඒ සදහා ඖෂධ, හෝමෝන, ජාන, ආහාර, කුමන්ත‍්‍රණකාරී ලෙස භාවිත කරනවා. මං අහන්නේ අපේ රටේ නූතන තරුණ පිරිමි පරපුරේ බහුලව දැකිය හැකි කාන්තා ලක්ෂණ සහිත පිරිමින් බිහිවුණේ කොහොම ද? ඔවුන් අද වන විට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර ආර්ථිකය විසින් සැලසුම් කර තිබෙන වෙළදපොල යාන්ත‍්‍රණ්‍යට අනුගත වෙමින් සිටින්නේ කොහොම ද?

Y පරම්පරාවේ ප‍්‍රථම ලිංගිකයා (First Sex) තරුණිය බව අපේ සමාජය මේ වන විට ඔප්පු කරමින් සිටිනවා. අද කලාව, සාහිත්‍ය, ජනමාධ්‍ය, පොළඹවන්නේ කාන්තාවන් විදිහට හිතන්න. අද පිරිමින්ට තියෙන්නේ කාන්තාවන් විදිහට ලියන්න. කාන්තාවන් විදිහට රගපාන්න. කාන්තාවන් විදිහට අඳීන්න, කාන්තාවන් විදිහට මාල, වළලූ, කරාබු දාන්න. කාන්තාවන් විදිහට ඇහිබැම සහ තොල් සකස් කර ගන්න.

නූතන Y පරම්පරාව බිහිවන්නේ ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රතිඵලයක් හැටියට කියන එක ද ඔබේ අදහස

අපි තේරුම් ගන්න  ඕන දේ තමයි ලිබරල් ආර්ථික ක‍්‍රමය මත ගොඩනැගුණු වෙළදපළෙන් තොර ජනප‍්‍රිය සංස්කෘතියක් නෑ කියන එක. නූතන ජාතික රාජ්‍ය බිද වැටීම කියන ක‍්‍රියාවලිය මුහුණ දෙන්නේ  ලිබරල් වෙළෙන්දන්ගේ ආක‍්‍රමණයට. ලිබරල් වෙළදාම - සිනමාවෙන්, ටෙලිවිෂන් එකෙන්, එෆ්.එම් ගුවන් විදුලියෙන්, පොත් වෙළදාමෙන්, විලාසිතා කර්මාන්තයෙන්, සංගීතයෙන්, අලෙවිකරණයෙන්, විනෝද කර්මාන්තයෙන්, සිදුවෙමින් තිබෙනවා. ජනප‍්‍රිය සංස්කෘතිය කියන්නේ  Y- පරම්පරාව පදනම් කරගෙන ලිබරල් ආර්ථිකය ස්ථාපිත කිරීම. 

පශ්චාත් නූතනවාදය ප‍්‍රවණතාවයක් වශයෙන් ඉස්මතුවීමත්, ඔබ සදහන් කරන සමාජ වෙනස් වීම කෙරෙහි බලපෑම් කළා ද?

බටහිර රටවල පශ්චාත් නූතනවාදය කියන ප‍්‍රවණතාවය බිහිවන්නේ ඔවුන්ගේ ක‍්‍රියාවලියක් ඇතුලේ. හැබැයි මට පශ්චාත් නූතනවාදය කියන යෙදුම පිළිබද ගැටලූවක් තියෙනවා. පශ්චාත් ලෝක යුධ සමයක් තියෙන්න පුළුවන්. පශ්චාත් යටත් විජිත සමයක් තියෙන්න පුලූවන්. ඊට හේතුව ඒ සිදුවීම් නිශ්චිත දවසක අවසන් වන නිසා. නමුත් කාර්මීකරණය නූතනත්වය නිශ්චිත දවසක අවසන් වෙන්නේ නැහැ. ඒවායේ වර්ධනයත් එක්ක තමයි සමාජයත් ඉදිරියට ගමන් කරන්නේ. උදාහරණයක් විදිහට පශ්චාත් ළදරු අවධියක් පුද්ගලයෙකුට තියෙන්න බැහැ. පශ්චාත් නූතනවාදයේ ශී‍්‍ර ලංකා  පීතෘවරුන්ට මේක නොතේරුනත් පශ්චාත් නූතනවාදය කියන යෙදුම මම පළමුව බැහැර කරනවා.

දෙවනුව,

ඔය කියන පශ්චාත් නූතනවාදය අවශ්‍ය වෙන්නේ මිනිසාගෙන් බැහැර වුණු සංස්කෘතික ජීවිතය නැවත ගොඩනගන්න. නමුත් ලංකාවේ පශ්චාත් නූතනවාදය කියන්නේ නව ලිබරල් වෙළදපලේ අවශ්‍යතාවන් සදහා ගොඩනැගුණු සමාජ ප‍්‍රවණතාවක්. ඒ මතවාද ඔස්සේ යම් යම් දාර්ශනික සංවාද ඉස්මතු කර පෙන්නුවත් ඒ ක‍්‍රියාකාරිකයන් සමාජය තුළ නැගී සිටියේ වෙනත් වේෂයකින්. ලිබරල් වෙළදපළේ විවිධ පාතාල වැඩවලට මොවුන්ගේ දායකවීම් තිබෙනවා.ඒවා එළිපිට සාකච්ඡා වෙන්නේ නැහැ. ඒ හිඩැසෙන් තමයි අද සිංහල සක්විතිලා වගේ චරිත විචාරකයෝ සහ දේශකයෝ වෙලා තියෙන්නේ.

අද අපේ රටේ කලාවේ, ජනමාධ්‍යයේ, සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවන තක්කඩිකම්වලට එරෙහිව පොදු ජනමතයක් ගොඩනගන්න බැරිවී තිබෙන්නේ ඒ නිසයි. දීපිකා ප‍්‍රියදර්ශනීට මෑතක දී ලැබුණු බුසී සම්මානය පිළිබද නූතන සාහිත්‍ය පරිවර්තකයෙකු සැර විවේචනයක්  කර තිබුණා. ඔහු මතුකර තිබුණේ බුසී සම්මානය ප‍්‍රදානය කරන්නේ ඒ රටේ සමාජ අපරාධකාරයෙක් කියන එක. එතකොට ඔහුගේ ඇතැම් සාහිත්‍ය කෘති ප‍්‍රකාශයට පත් කරන්නේ කවුද? මේ වගේ ප‍්‍රශ්න පශ්චාත් නූතනවාදීන් කියන කණ්ඩායම් වලට විෂය නොවන්නේ ඇයි?

තෙවනුව,
අපේ රටේ මෑතක දී ප‍්‍රචලිත වූ මහා ආඛ්‍යාන අවසන්ය කියන කතාව මා සළකන්නේ කෙප්පයක් හැටියටයි. සෝවියට් දේශය බිදවැටුනට පස්සේ ලෝකයේ නිර්මාක්ස්වාදීන් ප‍්‍රචාරය කරපු මෙවැනි අශාස්ත‍්‍රීය මතවාද අපේ විලාසිතාවාදී ඊනියා දාර්ශනිකයන් අවිචාරශීලි ලෙස භාර ගත්තා. මහා ආඛ්‍යාන අවසන් යැයි කියන ඔවුන්ම මහා ආඛ්‍යාන උපුටා දක්වමින් මහා ආඛ්‍යාන ගොඩනගන්න උත්සාහ දරමින් සිටිනවා.

හෙණ වැදීම, බහුජාතික ගොවියා පුත වැනි කාව්‍ය හරහා ඔබ මෙරට පාරම්පරික කෘෂිකර්මාන්තය බහුජාතික සමාගම්වලට නතු වූ ආකාරය පවා ප‍්‍රශ්න කරනවා. මේ කෘතිය තුළ මෙවැනි දෑ පිළිබදව ද අවධානය යොමු කිරීමට කල්පනා කළේ ඇයි?

අද ලංකාවේ පාරම්පරික ආහාර සංස්කෘතිය සැළැසුම් සහගතව බිද දමා තිබෙන බව පැහැදිලියි. එයින් ඇතිකර තිබෙන අහිතකර සමාජ උවදුරු වලින් ගැලවෙන එක පහසු නෑ. විවිධ සමාජ සත්කාර වැඩසටහන් හැටියට ජනමාධ්‍ය තුළ ඔජ වඩන කෘෂිකාර්මික වැඩසටහන්යට තිබෙන්නේ විශාල සමාජ අනතුරක්. අද අපට පිරිසිදු වතුර පානය කිරීමත් ප‍්‍රශ්නයක් වෙලා. නමුත් අපේ අතීත මුතුන් මිත්තන් පරිසරය ආරක්ෂා කර ගනිමින් ගොවිතැන් කර්මාන්තයේ නියැලූණා. ඒ සියල්ල අද අර්බුදයට ලක් කර තිබෙන්නේ පාරජාතික කොම්පැනිකාරයෝ. ඒවාට උඩගෙඩි දෙමින් අපේ උරුමය විකුණන කලාකරුවන් යැයි කියාගන්නා දුෂ්ඨ පුද්ගලයන් ද සිටිනවා. මනුස්සකම මුවාවෙන් අමනුස්ස වැඩ කරන පුද්ගලයන්ට අවශ්‍ය වෙන්නේ සල්ලි විතරයි. 

නමුත් කවියා කළ යුත්තේ මතවාද ගෙන ඒම ද? ඒ පිළිබද සංවේදනා පළකිරීම ද?

ඒක සාපේක්ෂයි. ලතින් ඇමරිකානු රටවල සහ අපි‍්‍රකානු රටවල සාහිත්‍යකරුවන් තමන්ගේ මෙහෙවර හැටියට සලකන්නේ අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කිරීම. සහරා කාන්තාරය පතුලේ ලෝකයේ භාවිත වන ජලය වගේ සිය ගුණයක උල්පත් තිබෙන බව ගවේෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. එහෙත් ඒවා මතුකර ගැනීමට අප‍්‍රිකානු රජයට තවමත් නොහැකි වී තිබෙනවා. මෙවැනි අර්බුද දැක දැක සංවේදනා පළකිරීම කළ හැකි වන්නේ මානසික රෝගීන්ට පමණයි. අද කලාවෙන් සංවේදනා පළකරන්න උත්සාහ කරන ජීවිත ඇතුලේ තිබෙන්නේ අදුරු යථාර්ථ. මේවා අභියෝගයට ලක් නොකර මනෝරාජික සාහිත්‍ය ලෝකවල කැමැති කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්.

නමුත් ඔබ මහගමසේකරව ගෝලීය දේශපාලනය පුරෝකතනය කල කවියෙකු ලෙස හදුන්වා දෙමින් පෙරමුණට ගේන බව පේනවා.

පැහැදිලිවම ඔව්. 60 දශකයේ මැද භාගයේ ඇමරිකාවේ, ප‍්‍රංශයේ, එංගලන්තයේ සංචාරය කරපු ඔහුට බටහිර සමාජයේ තිබුණ ඇතැම් නිස්සාර දේවල් දෙස විචාරශීලීව බලන්නට හැකියාව ලැබුණා. ලෝක දේශපාලනයේ ඉදිරි ගමන පුරෝකතනය කළ ඔහුට නුදුරු කාලයේදීම ඒ සමාජ ක‍්‍රමය අපේ රටත් ආක‍්‍රමණය කරන බව වටහා ගන්න තරම් බුද්ධියක් තිබුණා. ඔහුගේ බොහෝ කෘතිවල මේ අදහස දකින්න පුළුවන්. මම සේකර හදුනා ගන්නේ ලංකාවේ බිහි වු අග‍්‍රගන්‍ය නූතන දාර්ශනික කවියා විදිහට.

එතකොට නූතන කාව්‍ය සම්ප‍්‍රදාය පිළිබද ඔබේ අදහස මොකක්ද?

ලංකාවේ කලා සම්ප‍්‍රදාය අතීතයේ  ඉදලම අර්බුදයකට මුහුණ දුන්නා. ඒ නිසා අපි මහා සම්ප‍්‍රදාය කියලා තේරුම් ගත්තේ වෙන දෙයක්. 10 වෙනි සියවසේ දී පමණ අපේ රටට බලපෑ හින්දු සභ්‍යත්වය ඔස්සේ සංස්කෘත සාහිත්‍ය ධාරාවට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණා. ඒක ඇත්තටම පොදුජන සාහිත්‍ය ව්‍යාපාරයක් නොවෙයි. සකු රීතිය ඔස්සේ ගොඩනැගුණු මහා කාව්‍ය සම්ප‍්‍රදාය නිසා දේශජ සාහිත්‍ය කලාව දූෂණය වූ බවයි මා විශ්වාස කරන්නේ. දඹදෙණි කතිකාවත, බුදුගුණ අලංකාරය වැනි කෘති පසුකාලීනව නිර්මාණය වෙන්නේ ඊට එරෙහිවයි.

කෝට්ටේ යුගයේ දී අත්කර ගත්ත ජයග‍්‍රහණ පිළිබදව විචාරකයන් කතා කරනවා. මේ අදහස පිටුපස තිබෙන්නේ එතෙක් කලක් රටේ පැවතුණේ පීඩනයක්ය කියන එක. අපේ රටේ ජන සම්මත කවීන් සීගිරි කුරුටු ගී ලිවීමෙනුත් කළේ විප්ලවයක්. 

පශ්චාත් යටත්විජිත සිංහල බුද්ධිමතුන් හැටියට ප‍්‍රකට වුණු ඇතැම් සමාජ විද්‍යාඥයන් අනුකාරකයන් විදිහට කටයුතු කළ බව කියන්න  ඕනෑ. ඔවුන් රොබට් රෙඞ්ෆීල්ඞ් ( Robert Redfield ) වැන්නන්ගේ සංකල්පවලින් අපේ රටේ සම්ප‍්‍රදාය විග‍්‍රහ කළා. එතැනිනුත් විශාල හානියක් සිදු වුණා. ඔය කියන මහා කාව්‍ය සම්ප‍්‍රදායෙන් කැටකිරිලි සංදේශය ලියැවෙනකොට ඒක දෙවියන්ගෙන් දෙවියන්ට යොමු කැරෙන කාව්‍ය ධාරාවක් බවට පත් වුණා. අපට අවශ්‍ය මිනිස් ජීවිතයත් එක්ක බැදුණු කවියක්.

නමුත් ඒ සදහා නූතන කාව්‍ය සම්ප‍්‍රදායේ තිබෙන අර්බුදය මොකක් ද?

සෑම කාව්‍ය කෘතියක්ම එකම භාෂා රීතියකින් නිර්මාණය විය යුතුයි යන මිත්‍යා මතයට කවීන් ගොදුරු වුණා. වර්තමානයේ කාව්‍ය කෘතියක් යනු විවිධ තේමා මත පදනම් වුණු කාව්‍ය නිර්මාණ සංඛ්‍යාවක එකතුවක්. මේ අනුව නූතන කාව්‍ය නිර්මාණ සදහා ඒ ඒ ප‍්‍රස්තුතයන්ට  අදාළ ආකෘතියත්, භාෂාවත් යොදාගත යුතුයි. නිදහස් කාව්‍ය සම්ප‍්‍රදාය බිහිවන්නේ ඒ සදහා යි. නාගරිකයා හා ගැමියා මුහුණ දෙන සමාජ ගැටළු එකම භාෂා රීතියකින් පවසන්නට යෑමෙන් බිහිවන්නේ කවියකු විනා කවිය නොවෙයි. ප‍්‍රස්තුතයට අනුව භාෂාව ගොඩනගනවා නම් භාෂාව වෙනස් වෙන්න  ඕන. ගැමියාට ගැමියාගේ මුහුණුවරත්, නාගරිකයාට නාගරිකයාගේ මුහුණුවරත් ලබා දිය යුතුයි. වර්තමාන කාව්‍ය නිර්මාණ කෘතිවල තිබෙන්නේ සංදේශ සාහිත්‍ය වලින් ආභාසය ලැබූ දූත කේන්ද්‍රීය කාව්‍ය සම්ප‍්‍රදායක්. මේ නිසා එකම භාෂා රීතියකින් විවිධ ප‍්‍රස්තුත, නිර්මාණ බවට පත්කිරීමට උත්සාහ කිරීම මා දකින්නේ පටු සාහිත්‍ය ව්‍යාපාරයක් ලෙස.
ඔබ ”චේ සහ ඇපල් ” කෘතියෙන් කරන්නේ එම කාව්‍ය සම්ප‍්‍රදාය අභියෝගයට ලක් කිරීම ද?

”චේ සහ ඇපල් ” අභියෝග කරන්නේ කාව්‍ය සම්ප‍්‍රදායට නොව චේ සහ ඇපල් සමාජයටයි.

”චේ සහ ඇපල් ” සමාජය යනුවෙන් ඔබ හදුන්වන්නේ මොකක් ද?

වර්තමානයේ තියෙන්නේ සල්ලි ආර්ථිකයක්. සල්ලි ආර්ථිකයක දී ”චේ සහ ඇපල් ” එකට විකිණෙනවා. මෙහිදී ”චේ” යන්නෙන් මා අදහස් කරන්නේ වාමවාදී ව්‍යාපාරයෙන් බිහි වූ වර්තමානයේ වෙළද නාමයක් බවට පත් වී තිබෙන ”චේ” නම් වූ පුද්ගල චරිතයයි. ඔහු ධනේශ්වරයට අභියෝග කළ සටන්කාමියෙක්. ”ඇපල්” යන්නෙන් අදහස් කරන්නේ ”බිග් ඇපල්” නමින් හැදින්වෙන නිව්යෝක් නගරයයි. එජාප සහ  ජ.වි.පෙ. අද එක වේදිකාවට ගොඩ වෙන්නේ මේ සල්ලි ආර්ථිකය නිසයි. නන්දා මාලනියි සිරස නාලිකාවයි ශ්වේත රාත‍්‍රියක දි එකතු වෙන්නෙත්, සරසවි මහැදුරන් ටියුෂන් මුදලාලිලාගේ නිබන්ධන කෘති අගයමින් කුඩා ලිපි ලියන්නෙත්, ඇකඩමික් විචාරකයන් සිංහල සක්විතිලා ගේ කුණුහරුප කෘති විචාරය කරන්න පේරාදෙණියේ සිට කොළඹ එන්නේත් මේක ”චේ සහ ඇපල් ”සමාජයක් වූ නිසයි.

ඔබ ව්‍යංගයෙන් කියන දේ පැහැදිලියි. නමුත් කතුවරයා මගහැර කෘතිය පමණක් සාහිත්‍ය පඨිතයක් විදිහට අපට කියවන්න බැරි ද? උදාහරණයක් විදිහට ගීද මෝපසාං ගේ  සාහිත්‍ය මිසක් ඔහුගේ දුරාචාර පුද්ගලික චරිතය අපට වැදගත් නැහැ.

බටහිර විචාරයේ දී කතුවරයා මියයාම පිළිබද සංවාදය ඇතිවෙන්නේ කෘතිය බහුමානීය කියවීමකට යොමු කිරීමේ එක් උපක‍්‍රමයක් හැටියටයි. ඒ අනුව කෘතිය නැවත කියවීමකට (Re-Reading) ලක් කළ හැකි බව රෝලන්ඞ් බාත් පෙන්වා දුන්නා. නමුත් ලංකාවේ සාහිත්‍යකරුවන් සහ ඊනියා විචාරකයන් ඒක විග‍්‍රහ කරන්නේ වෙනත් ආකාරයකටයි. කතුවරයාගේ පාදඩකම් වසා ගනිමින්  ඕනෑම කෘතියක් රචනා කළ හැකි බව තමයි එයින් ප‍්‍රකාශ වුණේ. ඒ අනුව කතුවරයා බැහැර කර කෘතිය විචාරයට ලක් කරන විට ඔහු රෑට  දුරකතනයෙන් නිවසට කතාකොට කතුවරයා සිටින බවත් කතුවරයාගෙන් විචාරකයා පරෙස්සම් විය යුතු බවත් මතක් කර දෙනවා. උදාහරණ වශයෙන් එවන් අවස්ථාවක් මාස කිහිපයකට ඉහත දී ”වටමඩල”ට ලිපියක් ලියමින් චින්තක රණසිංහ පෙන්වා දුන්නා.  මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා ද ජීවත්ව සිටියදී  ලියනගේ අමරකීර්ති එතුමාට  දුරකතන ඇමතුමක්  දී නාකියා කියා බැණවැදුනු  අයුරු හෙළිදරව් කළා. ඉන් පෙනෙන්නේ ලංකාවේ සාහිත්‍ය සමාජය ඇතුලේ කතුවරයාගෙන් වියුක්තව කෘති සංවාදයට ලක් කරන්න බැරි බවයි. 

සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි

6/04/2015

බොරුව මත ගොඩනැගූ දින 100 යහපාලන සිහින මන්දිරය

කතෘ:යුතුකම     6/04/2015   2 comments
මේ කතාව මා මුල් වරට සදහන් කරන්නේ අද ය.පසුගිය ජනවාරි 09වැනි දා මම මේ රටේ එක්තර‍ා සුවිශේෂ පුද්ගලයකුට කතා කළෙමි.ජනවාරි 09වැනි දා යනු, ජනාධිපතිවරණයට පසු දිනයයි. කවුරුත් විවිධ අදහස් දක්වමින්, රටේ හෙට දවසත්, දේශපාලනයේ අනාගතයත් පිළිබද මත පළ කරන්නට පටන් ගත් දිනයයි.
මා විසින් දුරකථනයෙන් අමතනු ලැබූ පුද්ගලයා ‍ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥයෙකි. ඒවා ඉදිකිරීම්, වනජීවී, පශ්චාත් යුද සංවර්ධන, කාබනික ගොවිතැන ආදිය ය.උක්ත ක්ෂේත්‍රයන්හි විශේෂඥයකු වන ඔහු සමග මම ඉතා සමීප ව කටයුතු කර ඇත්තෙමි. රටේ තත්ත්වය පිළිබද ප්‍රායෝගික දැනීමක් තිබෙන ඔහු ගෙන් මා විමසා සිටියේ 2015 පශ්චාත් ජනාධිපතිවරණ යුගය පිළිබද අදහස ය.
මේ ඔහු එක්වර කී දේ ය.
'අලුත් ආණ්ඩුවට කරදර කරන්නේ නැතුව, කකුලෙන් අදින්නේ නැතුව මාස 6ක් වැඩ කරන්න දෙන්න ඕන.'
'මොකටද?' මම ඇසුවෙමි.
'මොකටද නෙවෙයි, අනිවාර්යයෙන් අර්බුදයට යනවා.'
එසේ කියූ ඔහු ඊට හේතු ඉදිරිපත් ක‍ළේ ය. ඔහු කී ප්‍රධාන හේතුවක් වූයේ, නොගැලපෙන කණ්ඩායම් සහ පුද්ගලයන් රාශියක් එක් මතයකට ගොනු කිරීමට තිබෙන අපහසුතාව ය.දැන් ඔහු පැවසූ කාල වකවානුව ආසන්න වෙමින් තිබේ. ආණ්ඩුව ද අර්බුදයේ ය. එදා ඔහු අදහස් දක්වන අතරේ තවත් දේ කීවේ ය.
'ඔය පාඨලී කියන තරම් අඩු ගණන්වලට, අධිවේගී මාර්ග හදන්න බැහැ. ලෝකයේ මේ වගේ වැඩ කරද්දි කොයි රටේත් මුදල් ගසාකෑමක් සිදු වෙනවා. ඒක වළක්වන්න බැහැ. නමුත් පාඨලී කියන තරම් සල්ලි ගහලා ඔය අධිවේගී මාර්ග හදන්න බැහැ.'
එසේ කියූ ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය.
'වල ගොඩැලි නැති සාමාන්‍ය තැනිතලා පාරක, ගල්දාලා කි.මී.1ක් කාපට් කරන්න කොච්චර විතර යනවා කියලද හිතන්නේ?'
'ලක්ෂ 20ක් විතර' මම සාමාන්‍ය අනුමාන ගණනක් කීවෙමි.
'එ් ගාණට පුඵවන් ගල් විතරක් අතුරන්න. කාපට් දාන්න හිතන්නවත් බැහැ.'
'සාමාන්‍ය පාරක, කි‍.මී.1ක ගල් අතුරලා කාපට් දාන්න මිලියන 70-140 අතර වෙනස් වෙන ගණනක් වියදම් වෙනවා.'
'ඔය අධිවේගී මාර්ග හදලා තියෙන්නේ, තව අවුරුදු 50කට එහා ගැන හිතලා. ෆයිල් බස්සලා තියෙන්නේ ලයින් 6කට. හරියට තට්ටු 3කට ලෝන් එකක් දාලා, ෆයිල් බස්සලා තනි තට්ටුවේ ගෙදරක් හදලා වගේ. උඩින් පේන්නෙ තනි තට්ටුවයි. තට්ටු 3 තියෙන්නේ පොළොවේ යට. පොළොවෙන් උඩ විතරක් බලලා, කෝ තට්ටු 3 කිව්වට වැඩක් නෑ.'
දැන් ඔහු පැවසූ ඒ කතාවත් ඇත්ත වී තිබේ.
කඩවත-කෙරවලපිටිය මාර්ගය ඊට උදාහරණයකි. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී පිල, මේ ම‍ාර්ගය පිළිබද ව කී දේ, මාස 6ක් යන්නට ප්‍රථම ආපසු කැරකී ආවේ ය.වර්තමාන ආණ්ඩුව චීන රජයට කතා කර, එහි මිල ගණන් නැවත සකස් කරන්නට මාන බැලුවේ ය. කොමිස් දී ඇද්දැයි විමසුවේ ය. සියල්ල ව්‍යර්ථ වූ පසු අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේ ය.එනම් එකී ඉදිකිරීම 'ඌන සැලසුම්' (under design) පදනම මත සිදු කිරීම ය.
'ඌන සැලසුම්' යනු, මුල් සැලසුම ලයින් 6ක් නම්, එය ලයින් 4ක් කිරීම ය. තාප්පයක පළල අඩි 6ක් නම්, එය අඩි 4ක් දක්වා අඩු කිරීම ය. පාලම අඩි 1000ක් නම්, එය 800 දක්වා අඩු කිරීම ය.
වර්තමාන අාණ්ඩුව, දැන් කඩවත-කෙරවලපිටිය මාර්ගය ඉදි කිරීමට අර අදින්නේ ඒ ආකාරයට ය. ඒ අනෙකක් නිසා නො වේ. පසුගිය ආණ්ඩුව ‍කඩවත-කෙරවලපිටිය මාර්ගයෙන් මුදල් ගසා කා ඇතැයි කියමින් ප්‍රචාරය කළ කතාව අැත්ත කිරීමට ය. මෙලෙස ඌන සැලසුමෙන් ඉතුරු කර ගැනෙන මුදල්, ගසා කෑ මුදල් ලෙස පෙන්වීමට අපේක්ෂා කර තිබේ.
මා, මේ අදහස් පළ කිරීම මේ තාක් ප්‍රමාද කළේ, කොයි දේටත් කාලයක් තිබෙන හෙයිනි.
අනෙක් අත‍ට, එක් ආණ්ඩුවක් මෝඩකම් කළ පළියට ඊළගට පත් වන ආණ්ඩුවත් ඒ ආකාරයේම මෝඩකම් කළ යුතුයයි, න්‍යායක් නොමැති බව පැවසීමට ය‍.ආණ්ඩුව, රජය, පවුල, ජනතාව යනු ‍වෙන් වෙන් වශයෙන් සැලකිය යුතු පාලන ඒකක බව කාටත් අවබෝධ විය යුතු ය. කවර දේ සිදු වුව ද, අවසානයේදී ආණ්ඩුවක් සහ රාජ්‍යයක් තිබිය යුතු ය. පසුගිය ආණ්ඩුව වැරැදි කර ඇතැයි පවසමින් 'රාජ්‍යය බිද වැට්ටවීම' යනු, පට්ට මී හරකුන් ගේ වැඩක් මිස, රාජ්‍යතාන්ත්‍රිකයන් ගේ කාර්යභාරය ‍නොවේ.
(ඉහත නම් සදහන් කර තිබෙන විශේෂඥයා ගේ නම සදහන් නො කරන ලද්දේ, එය අවශ්‍ය නැතැයි මා සිතන නිසා ය. ඔහු FB අවකාශයේ ද සිටින්නෙකි.)

[කාටූනය :ජනරල]

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com


6/03/2015

මා, මේ තරම් මෝඩයෙක් ද?

කතෘ:යුතුකම     6/03/2015   No comments
වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල හෝ හිටපු ජනාධිපති මහින්ද හෝ වර්තමාන අගමැති රනිල් හෝ වෙනත් කිසි‍ දේශපාලකයකු හෝ තම තමන් ගේ බල අරගලයේදී සිදු කර ගන්නා මෝඩකම් ගැන මට රුදාවක් නැත‍‍.

ඊට හේතුව, එවැනි අමනකම්වලට එක්කෝ නීතියෙන් දඩුවම් ලැබෙන නිසා ය. නැත්නම් සමාජයෙන් දඩුවම් ලැබෙන නිසා ය.

ගස් කැපුවොත් නීතිය හරස් වේ. මිනීමැරුවොත් නීතිය හරස් වේ. වංචා කළොත් නීතිය හරස් වේ. රට බෙදුවොත් නීතිය හරස් වේ. මේ කිසිවක් සිදු නො වන්නේ නම්, අඩු ගණනේ ජනතා විරෝධයක් හෝ එල්ල වේ.

ඒ අනුව, තම තමන් කළ කී දේට ප්‍රතිඵල ලබා ගැනේ. ‍තේරෙන සිංහලෙන් කියන්නේ නම්, 'වැපුරූ දේ නෙළාගන්නේ ය.' අපට තිබෙන්නේ එතෙක් බලා සිටින්නට ය. එපමණි.

එහෙත් මගේ අරෝ ව ඇත්තේ, එයට නො වේ.
මා ද, මෝඩයකු ලෙස සිතීම ගැන ය.
මේ එක් උදාහරණයකි.

මම මේ රටේ, රට වැසියකු ලෙස අද දින (03) පුවත්පතක් මිල දී ගතිමි. ඒ, ලංකාදීප පුවත්පතකි.
එහි 05වැනි පිටුවේ සදහන් වන්නේ, 'ලෝක දුම්වැටි විරෝධී දිනය-මැයි 31' ජාතික උත්සවය දින පුවතකි.

එකී පුවතේ මෙලෙස දැක් වේ.

'නීති විරෝධී දුම්කොළ නිෂ්පාදන වෙළෙදාම නවතනු' තේමාව යටතේ ලෝක දුම්කොළ විරෝධී දින සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (01) පස්වරුවේ පැවැත්විණි.
ඒ උත්සවයට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද සහභාගි වී ති‍බේ.

දැන් මට පැහැදිලි ය.

දුම්කොළ වෙළෙදාම නීති විරෝධී තත්ත්වයට පත් කෙරෙමින් තිබේ. එය යහපාලනය යටතේ සිදු වෙමින් තිබෙන තවත් යහපාලන කටයුත්තක් විය හැකි ය. ඒ අනුව අපේ රටේ දරු පරපුරේ අනාගතය සදහා වැදගත් පියවරක් ගැනෙමින් තිබෙනවා විය හැකි ය.
එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සැබැවින්ම සිදු කර ති‍බෙන්නේ එය ද? එය තේරුම් ගැනීමට, දහසක් දෛනික ගැටලු තිබෙන අතරේ මොළේ වෙහෙසා සිතිය යුතු ය.

මේ කතාවේ ඇත්ත තිබෙන්නේ මේ කොටසේ ය.
'දුම්කොළ සමාගම්වල චෝදනාවක් තිබුණා, නීති විරෝධි දුම්කොළ භාවිතය නතර කිරීමට අප කටයුතු කරන්නේ නැහැ කියලා.' - සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා

දැන් මට මුල් පුවත පැටලේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා දුම්කොළ වෙළෙදාම නීති විරෝධි කටයුත්තක් බවට පත් කර නැද්ද? එසේ සිදු කර නැත්නම්, සිදු කර තිබෙන්නේ කුමක්ද?
පොළොන්නරුවේ, අති සරල සිරිසේන ද, සිතන තරම් ලේසි පාසු පුද්ගලයකු නො වන බව පේන්නේ මේ අවුල ලිහා ගත් විට ය.
මෙරට දුම්කොළ වෙළෙදපල 100ක් ලෙස ගත්විට එහි ප්‍රධාන සැපයුම්කරුවා, දුම්කොළ සමාගම ය. ඊට අමතර ව, එකී වෙළෙදපළේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරෙන දුම්කොළ නිෂ්පාදන ද අලෙවි වේ.
දැන් දුම්කොළ සමාගමේ ඉල්ලීම වී තිබෙන්නේ, 100ක් වන රටේ සමස්ත දුම්කොළ වෙළෙදපළ තමන්ට පමණක් පවරා දෙන ලෙස ය. එය ද ඔවුන් ඉල්ලා සිටින්නේ වර්තමාන ආණ්ඩුවෙන් සහ ශ්‍රී ලංකා රජයෙනි. රටේ ජනාධිපති සහ සෞඛ්‍ය ඇමති 'ලෝක දුම්වැටි විරෝධී දිනය-මැයි 31' ජාතික උත්සවයට සහභාගි වී, සිදු කර තිබෙන්නේ, දුම්කොළ සමාගමට එකී සහතිකය ලබා දෙමින්, දුම්වැටි වෙළෙදාමට අතහිත දීම ය.
පිළිකා, හෘදයාබාධ, පවුලේ ආර්ථික විනාශ ආදියට අතහිත දීම ය.
එසේ නොමැති ව, 'දුම්වැටි විරෝධී දිනය' යටතේ රටේ ජනතාව ගේ සෞඛ්‍ය තත්ත්වය නංවන්නට අදාළ ඉදිරි වැඩපිළිවෙලක් සංවිධානය කිරීමට නො වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සිටිනුයේ දුම්කොළ සමාගම පැත්තේ ය.
ඒ අනුව රටේ ජනතාව සිටින්නේ මෝඩයන් ‍‍ගේ පැත්තේ ද?

මා සිටිය යුත්තේ කාගේ පැත්තේ ද?

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

5/31/2015

ගෝඨා සිංගප්පූරුව‍ට....

කතෘ:යුතුකම     5/31/2015   No comments
සිංගප්පූරු රාජ්‍ය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී නාගරික සංවර්ධනය සහ ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම පිළිබද දැනුම ලබා දෙන ලෙස, එරට විදේශ ඇමති කේ. ශන්මුගම් මහතා ගෝඨාට දැනුම් දී තිබේ.

වර්තමාන ලෝකයේ මිලේච්ඡ ත්‍රස්තවාදය තමන් ගේ භූමිය තුළදී මැඩ පැවැත්වීමේ එකම විජයග්‍රහණය වාර්තා කළ එකම රට වන්නේ ද ශ්‍රී ලංකාව ය. එයට විශාල ජීවිත වන්දියක් ගෙවන්නට සිදු වූ බව නොරහසකි.

පසුගියදා සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ 1976 දොරේඅප්පා ඝාතනය වූයේ තමන් ගේ පාලන ප්‍රදේශයකදී බව ය. දොරේඅප්පා ඝාතනය සිදු කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. එය ද පිස්තෝල ප්‍රහාරයකිනි.ඉන්පසු 80 දශකයේ මුල, යාපනයේ අපරාධ සිදු කරන සාමාජිකයන් '11 දෙනා ගේ පිස්තෝල කල්ලිය' පිළිබද පුවත් එකල ගුවන් විදුලියෙන් ප්‍රචාරය කෙරෙනු මට මතක ය.
එකල ද සරත් ෆොන්සේකා මහතා 'ප්‍රභාකරන් ගේ කල්ලිය' දැක දැක ඉන්නට ඇත.
ඒ අනුව පැහැදිලි වන්නේ නො තිබුණු LTTE සංවිධානයක් වර්ධනය වී, නාවුක, ගුවන් සහ පාබල වශයෙන් සියලු ක්ෂේත්‍රවලින් සන්නද්ධ වන තෙක්, සරත් ෆොන්සේකා මහතාට තම සිතැගි ඉටු කර ගන්නට, දශක ගණනක් මග බලා සිටින්නට සිදු ව තිබෙන බව ය.
එය ද ගෝඨා ‍ගේ ආරාධනය ලැබෙන තුරු ය.
සියලු සැලසුම් සාර්ථක ව දියත් කළ සිංහල ප්‍රමුඛ ශ්‍රී ලාංකික මොළකරුවෝ, අවසානයේ LTTE ත්‍රස්තවාදය යුදමය වශයෙන් අවසන් කළ හ.

එතැන් සිට සිදු විය යුතු ව තිබුණේ කුමක් ද?

රට මූලෝපායික වශයෙන් සංවර්ධනය කෙරෙන අතරේ, අවම වශයෙන් දකුණු ආසියානු කලාපයේ ත්‍රස්තවාදී කටයුතු මර්දනය කිරීමේ වගකීම ශ්‍රී ලාංකික හමුදාවේ නායකත්වයට පැවරීම ය. ආරක්ෂක සේවා උපදේශකයන් ලෙස ඔවුන් ‍ගේ දැනුම ඉහළ මිල ගණනට අලෙවි කළ හැකි දැනුම් පද්ධතියක් සහිත ආයතන බිහි කිරීම ය.
නිදර්ශනයක් වශයෙන් LTTE ත්‍රස්තවාදීන්ට අදහා ගන්නට නො හැකි වූ arrow boat දේශීය සංකල්පය පිළිබද තාක්ෂණික දැනුම සදහන් කළ හැකි ය.

එහෙත් සිදු වූයේ කුමක් ද?

සරත් ෆොන්සේකා මහතා නො ගැලපෙන දේශපාලනයකට ඇද දමා, යුද ජයග්‍රහණය ද බලු කුණක් බවට පත් කිරීම ය. අද විවිධ කබරු, විටින් විට පැන බලුකුණ ඇද ගෙන දුවති. නපුංසක දේශපාලුවන් රොත්තක් මැදට වැටුණු සරත් ෆොන්සේකා මහතා දැන් අයාලේ යන දේශපාලන විහිඵකාරයකු බවට පත් ව තිබේ.
යුද්ධයට අතරමැදි ව දිවි කැප කළ සියලු අය ගේ ජීවිතවලට අර්ථයක් දිය හැකි වන්නේ, එය ජයග්‍රහණයක් ලෙසින් ම ඉදිරි පරපුරට පැවරීමෙන් පමණි.
අද ජීවිත පරදුවට තබා දිනා ගත් මහා යුද ජයග්‍රහණය ගැන උදම් අණන සරත් ෆොන්සේකා මහතාට එද‍ා, දොරේඅප්පා ඝාතනයෙන් පසු පැනගිය ප්‍රභාකරන් පසුපස එළවා ගොස් මරා දමන්නට සිතක් පහළ නො වූයේ ඇයි?
ඔහුට අණක් අවශ්‍ය ව තිබිණි.
ඒ අණ මෙදා ඔහුට සැබැවින්ම දෙන ලද්දේ, ගෝඨා විසිනි.
ගෝඨා නො වන්නට, සරත් ෆොන්සේකා-වසන්ත කරන්නාගොඩ ගැටුම පවා කළමනාකරණය වන්නේ නැත. එසේ සිදු නො කළේ නම්, අද රනිල්ලාට සමරන්නට යුද ජයග්‍රහණයක් උදා වන්නේ ද නැත‍.

කවර චෝදනා එල්ල වුව ද, ගෝඨා දේශීය නාගරික සංවර්ධනයට නූතන අර්ථකථනයක් ලබා දුන් අයෙකි. එය ද ඔහු ගේ සැළසුම්වල ඵලයකි. 2014 වර්ෂයේදී අමෙරිකාවේ නිව්යෝක් නගරයේ දකුණු ආසියානු කටයුතු පිළිබද සම්මන්ත්‍රණයක් පැවැත්වුණු අතර, ඊට පාදක වී තිබුණු විශේෂ මාතෘකාවක් වූයේ, ගෝඨා ගේ නාගරික සංවර්ධන වැඩපිළිවෙල ය.
රටක් වශයෙන් සිදු කළ යුතු ව තිබුණේ, ජයග්‍රාහී සැලසුම් ඉදිරියට ගෙන යන අතරේ, රටේ අවභාවිතයන් අවම කර ගැනීම ය. එහෙත් අද සිදු ව තිබෙන්නේ, සියල්ල අතරමග අත්හැර දමන ලද තත්ත්වයෙන් තබා ගන්නට ය.
වසර 20ක් බලය අල්ලන්නට බැරි ව ගෙදරට නාකි වෙමින් සිටි එක්සත් ජාතික පක්ෂයට අද අවශ්‍ය වී තිබෙන්නේ රට ගොඩ නැගීම නො ව, පක්ෂය ප්‍රතිසංවිධානය කර ගැනීම ය. ඒ සදහා එක්සත් ජාතික පක්ෂයේ නො වන, සියලු නූතන දේ විනාශ කළ යුතු යයි සිතන අමන ප්‍රතිපත්තියක් ඔවුහු දැන් අනුගමනය කරමින් සිටිති‍.
අද ශ්‍රී ලංකාව, ගෝඨා හිරගෙදරට යවන්නට මග බලමින් සිටී.
සිංගප්පූරුව, ගෝඨා රාජ්‍ය විශ්වවිද්‍යාලයට බදවා ගන්නට මග බලමින් සිටී.
වෙළෙදපළ ආර්ථිකයේ අනභියෝගී කේන්‍ද්‍රස්ථානය බදු සිංගප්පූරුව, නූතන රාජ්‍ය සංකල්පය භාවිත කරන ආකාරයෙන් සිටිනුයේ, ශ්‍රී ලංකාවට වඩා ගව් සිය ගණනක් ඉදිරියෙනි.

රනිල් වික්‍රමසිංහ යනු උගතකු නො ව, බටහිර හුළං පාරට වැනෙන පඹයෙකි.

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions