6/04/2015

බොරුව මත ගොඩනැගූ දින 100 යහපාලන සිහින මන්දිරය

කතෘ:යුතුකම     6/04/2015   2 comments

මේ කතාව මා මුල් වරට සදහන් කරන්නේ අද ය.පසුගිය ජනවාරි 09වැනි දා මම මේ රටේ එක්තර‍ා සුවිශේෂ පුද්ගලයකුට කතා කළෙමි.ජනවාරි 09වැනි දා යනු, ජනාධිපතිවරණයට පසු දිනයයි. කවුරුත් විවිධ අදහස් දක්වමින්, රටේ හෙට දවසත්, දේශපාලනයේ අනාගතයත් පිළිබද මත පළ කරන්නට පටන් ගත් දිනයයි.
මා විසින් දුරකථනයෙන් අමතනු ලැබූ පුද්ගලයා ‍ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥයෙකි. ඒවා ඉදිකිරීම්, වනජීවී, පශ්චාත් යුද සංවර්ධන, කාබනික ගොවිතැන ආදිය ය.උක්ත ක්ෂේත්‍රයන්හි විශේෂඥයකු වන ඔහු සමග මම ඉතා සමීප ව කටයුතු කර ඇත්තෙමි. රටේ තත්ත්වය පිළිබද ප්‍රායෝගික දැනීමක් තිබෙන ඔහු ගෙන් මා විමසා සිටියේ 2015 පශ්චාත් ජනාධිපතිවරණ යුගය පිළිබද අදහස ය.
මේ ඔහු එක්වර කී දේ ය.
'අලුත් ආණ්ඩුවට කරදර කරන්නේ නැතුව, කකුලෙන් අදින්නේ නැතුව මාස 6ක් වැඩ කරන්න දෙන්න ඕන.'
'මොකටද?' මම ඇසුවෙමි.
'මොකටද නෙවෙයි, අනිවාර්යයෙන් අර්බුදයට යනවා.'
එසේ කියූ ඔහු ඊට හේතු ඉදිරිපත් ක‍ළේ ය. ඔහු කී ප්‍රධාන හේතුවක් වූයේ, නොගැලපෙන කණ්ඩායම් සහ පුද්ගලයන් රාශියක් එක් මතයකට ගොනු කිරීමට තිබෙන අපහසුතාව ය.දැන් ඔහු පැවසූ කාල වකවානුව ආසන්න වෙමින් තිබේ. ආණ්ඩුව ද අර්බුදයේ ය. එදා ඔහු අදහස් දක්වන අතරේ තවත් දේ කීවේ ය.
'ඔය පාඨලී කියන තරම් අඩු ගණන්වලට, අධිවේගී මාර්ග හදන්න බැහැ. ලෝකයේ මේ වගේ වැඩ කරද්දි කොයි රටේත් මුදල් ගසාකෑමක් සිදු වෙනවා. ඒක වළක්වන්න බැහැ. නමුත් පාඨලී කියන තරම් සල්ලි ගහලා ඔය අධිවේගී මාර්ග හදන්න බැහැ.'
එසේ කියූ ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය.
'වල ගොඩැලි නැති සාමාන්‍ය තැනිතලා පාරක, ගල්දාලා කි.මී.1ක් කාපට් කරන්න කොච්චර විතර යනවා කියලද හිතන්නේ?'
'ලක්ෂ 20ක් විතර' මම සාමාන්‍ය අනුමාන ගණනක් කීවෙමි.
'එ් ගාණට පුඵවන් ගල් විතරක් අතුරන්න. කාපට් දාන්න හිතන්නවත් බැහැ.'
'සාමාන්‍ය පාරක, කි‍.මී.1ක ගල් අතුරලා කාපට් දාන්න මිලියන 70-140 අතර වෙනස් වෙන ගණනක් වියදම් වෙනවා.'
'ඔය අධිවේගී මාර්ග හදලා තියෙන්නේ, තව අවුරුදු 50කට එහා ගැන හිතලා. ෆයිල් බස්සලා තියෙන්නේ ලයින් 6කට. හරියට තට්ටු 3කට ලෝන් එකක් දාලා, ෆයිල් බස්සලා තනි තට්ටුවේ ගෙදරක් හදලා වගේ. උඩින් පේන්නෙ තනි තට්ටුවයි. තට්ටු 3 තියෙන්නේ පොළොවේ යට. පොළොවෙන් උඩ විතරක් බලලා, කෝ තට්ටු 3 කිව්වට වැඩක් නෑ.'
දැන් ඔහු පැවසූ ඒ කතාවත් ඇත්ත වී තිබේ.
කඩවත-කෙරවලපිටිය මාර්ගය ඊට උදාහරණයකි. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී පිල, මේ ම‍ාර්ගය පිළිබද ව කී දේ, මාස 6ක් යන්නට ප්‍රථම ආපසු කැරකී ආවේ ය.වර්තමාන ආණ්ඩුව චීන රජයට කතා කර, එහි මිල ගණන් නැවත සකස් කරන්නට මාන බැලුවේ ය. කොමිස් දී ඇද්දැයි විමසුවේ ය. සියල්ල ව්‍යර්ථ වූ පසු අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේ ය.එනම් එකී ඉදිකිරීම 'ඌන සැලසුම්' (under design) පදනම මත සිදු කිරීම ය.
'ඌන සැලසුම්' යනු, මුල් සැලසුම ලයින් 6ක් නම්, එය ලයින් 4ක් කිරීම ය. තාප්පයක පළල අඩි 6ක් නම්, එය අඩි 4ක් දක්වා අඩු කිරීම ය. පාලම අඩි 1000ක් නම්, එය 800 දක්වා අඩු කිරීම ය.
වර්තමාන අාණ්ඩුව, දැන් කඩවත-කෙරවලපිටිය මාර්ගය ඉදි කිරීමට අර අදින්නේ ඒ ආකාරයට ය. ඒ අනෙකක් නිසා නො වේ. පසුගිය ආණ්ඩුව ‍කඩවත-කෙරවලපිටිය මාර්ගයෙන් මුදල් ගසා කා ඇතැයි කියමින් ප්‍රචාරය කළ කතාව අැත්ත කිරීමට ය. මෙලෙස ඌන සැලසුමෙන් ඉතුරු කර ගැනෙන මුදල්, ගසා කෑ මුදල් ලෙස පෙන්වීමට අපේක්ෂා කර තිබේ.
මා, මේ අදහස් පළ කිරීම මේ තාක් ප්‍රමාද කළේ, කොයි දේටත් කාලයක් තිබෙන හෙයිනි.
අනෙක් අත‍ට, එක් ආණ්ඩුවක් මෝඩකම් කළ පළියට ඊළගට පත් වන ආණ්ඩුවත් ඒ ආකාරයේම මෝඩකම් කළ යුතුයයි, න්‍යායක් නොමැති බව පැවසීමට ය‍.ආණ්ඩුව, රජය, පවුල, ජනතාව යනු ‍වෙන් වෙන් වශයෙන් සැලකිය යුතු පාලන ඒකක බව කාටත් අවබෝධ විය යුතු ය. කවර දේ සිදු වුව ද, අවසානයේදී ආණ්ඩුවක් සහ රාජ්‍යයක් තිබිය යුතු ය. පසුගිය ආණ්ඩුව වැරැදි කර ඇතැයි පවසමින් 'රාජ්‍යය බිද වැට්ටවීම' යනු, පට්ට මී හරකුන් ගේ වැඩක් මිස, රාජ්‍යතාන්ත්‍රිකයන් ගේ කාර්යභාරය ‍නොවේ.
(ඉහත නම් සදහන් කර තිබෙන විශේෂඥයා ගේ නම සදහන් නො කරන ලද්දේ, එය අවශ්‍ය නැතැයි මා සිතන නිසා ය. ඔහු FB අවකාශයේ ද සිටින්නෙකි.)

[කාටූනය :ජනරල]

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com


,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. ඒ කියන්නේ මේ ආණ්ඩුවත් වැටෙයිද ? බයියතුමා ආපහු එනවද රට බේරගන්න? අනේ ආප්පයක් කාල නිදාගනින් බන්.

    ReplyDelete
    Replies
    1. You eat shit and die....

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions