දිවි ඇතිද මහ බර ඔටුන්නෙහි
හිත නොවේ වැඳ වැටෙන දෙදණෙහි
තෙත නැතේ බලෙන් සිඹි දෙතොළෙහි
හිත මැරේ යළි යළිත් අඳුරෙහි
හිරු මකනු නොහැකිය අහසෙහි
යට නොයෙක් බහුරූ ඇවිදිති
ගිනි අසුන ඔහුට දී නොකැමැති
මම ගිලෙමි සිනහවේ කළුවෙහි
ආරියවංශ රණවීර - රළ සමග කාව්‍ය සංග‍්‍රහයෙනි. ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරයන් අතින් උක්ත කවිය රචනා වී ඇත්තේ මහාවංශයේ එන යස චරිතය පාදක කොට ගනිමිනි. තමාගේ රුවට සමාන දොරටුපාලයෙකු සිහසුනේ හිදුවා, අන්‍යයන් ඔහු හමුවේ හැසිරෙන ආකාරය දෙස බලා සිනාසීමටත්, ඒ සිනහව නිසාම තම හිස අහිමි කර ගැනීමටත් පෙළඹුණු යසලාලක තිස්ස රජගේ චරිතය කවරාකාරයේ එකක් විය හැකිද? ඔහු උපන්ගෙයි විහිළුකාරයෙකු, විකාරකාරයෙකු, හෝ මානසික රෝගියකු ලෙස නිගමන දීම පහසු නැතත් රණවීර කවියා සිදුකර ඇත්තේ මේ අසාමාන්‍ය චරිතයට බැහැර කළ නොහැකි අර්ථමය ජීවයක් සැපයීමය. ඒ අර්ථකථනය තුළ මට නම් ඇසෙන්නේ මිනිස් පැවැත්ම පිළිබද අධිකාර විරෝධී ප‍්‍රශ්න මතු කරන සාංද්‍රෂ්ටිකවාදී මනුෂ්‍ය කටහඬකි.
රටක මිනිසකුට ලද හැකි ඉහලම බලය වන රජකම යසට හිමිවී ඇතත්, ඔහුට රජ කිරුළ මහත් බරකි. ඒ තුළ ජීවිතය තිබේ දැයි ඔහු ප‍්‍රශ්න කරයි. කෘතිමව අත් විදින ඇතොවුර ස්ත‍්‍රීන්ගේ පහස, යටත් වැසියන්ගේ ව්‍යාජ වන්දනා මාන, නිල චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදිය යසට අපුලය. ඒ තුළ ඇත්තේම පුද්ගලභාවය අභිභවා ගිය සංස්ථාමය පර්ෂදයන්ට එරෙහිව ලතෙත් මිනිසකු තුළ මතුවිය හැකි සානුකම්පිත විරෝධයකි. එහෙත් ඔහුට මේ සංස්ථාමය පර්ෂදය සුනු විසුනු කිරීමට හැකියාවක් නැත. එය අහසේ හිරු මෙන් නොවෙනස්ව ස්ථාපිතව තිබෙන්නකි. ඒ හිරු යට නිල බල නියාමයන්ට අනුව සිදුවන සියල්ල ඔහුට පෙනෙනුයේ බහුරූ කෝලම් ලෙසය. ඒ නිල බල ලෝකය තුළ නිදහස් සිනහවකට පවා ඉඩක් නැත. එහෙත් යස තම ගිනි අසුන හා කඨෝර නිල බල ලෝකයෙන් ඔබ්බෙහි ඇති මිනිස් පැවැත්මක් ගැන සිිහින මවයි. මේ සියල්ල අතහැර නිර්ව්‍යාජ මිනිස් පැවැත්මක් වෙත යළි පොළා පැනීමට ඇති ආශාවත්, එයින් රජකෙනකුගේ ජීවිතයට මතුවිය හැකි අනතුරු නොතැකීමේ සෙල්ලක්කාර ගතියත්, එයින්ම මතුවන ඛේදාන්තයේ ගැඹුරු ශෝකයත්, මේ කවියේ අවසාන වචන හතර තුළ හකුලා දක්වා ඇති ආකාරය විශ්මිතය. ”මම ගිලෙමි සිනහවේ කළුවෙහි” යන්න ඒ හාස්කමක් බදු වචන කීපයයි.
මේ සාංද්‍රෂ්ටික හඬ ලෝක සාහිත්‍යයේ හා දර්ශනයේ බලවත් ප‍්‍රවණතාවකි. සොරේන් කියකිගාඞ්, ෂන් පෝල් සාත‍්‍ර, ඇල්බෙයා කැමූ ආදීන් ඒ හඩ නැගූවන් අතර ප‍්‍රමුඛයන් ලෙස සැලකුවද ඉන් ඔබ්බට ගිය බොහෝ දෙස් විදෙස් සාහිත්‍ය කෘතීන් තුළ අපට සාංද්‍රෂ්ටිකවාදයේ මිනිස් හද ගැස්ම මුණගැසෙයි. මේ කවිය කියවූ සැනින් මගේ මතකයට ආ පුද්ගලයන් දෙදෙනෙක් සිංහල සාහිත්‍ය ලෝකයේ වෙසෙති. ඉන් එකෙක් නම් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මළ ගිය ඇත්තෝ කෘතියේ එන දෙවොන්දරා සංය. දෙවොන්දරා සං සහ යසලාලක තිස්ස යනු එකිනෙකට බොහෝ වෙනස් චරිත දෙකක් වුවද ඒ චරිත ද්විත්වයේම ඇතුළාන්තයෙන් නැගෙනුයේ මිනිස් පැවැත්ම පිළිබද එකම මහා පොදු කාන්සියේ හඬකි.
මම දුප්පත් හිඟන කෙනෙක්
යන්තමින් දෙවේල යැපෙන
ඒ අය නම් පෝසත් අය
පළඳින හොඳ සිනිදු ඇඳුම්
යනාදී පදවලින් ඇරඹෙන මළගිය ඇත්තෝ කතාවේ තැනක එන ගැමි ගීය මේ හඩේ වඩා ප‍්‍රබල සංධිස්ථානයකැයි මට සිතේ.
මෙහිලා මගේ සිහියට නැගුනු ඊළග පුද්ගලයා වන්නේ ලී ලොං ජි නැමති චීන අධිරාජ්‍යයාය. ඔහු සැබවින්ම කි‍්‍රස්තු වර්ෂ හත්සිය ගනන්වලදී චීනය පාලනය කළ අධිරාජ්‍යයකු වුවද ලී ලොං ජී මට මුණ ගැසෙනුයේ සුනේත‍්‍රා රාජකරුණානායක විසින් රචිත සිංහල නවකතාවක් වූ ”සර්ව කාලත‍්‍ර පේ‍්‍රමය” තුළිනි. ලී ලොං ජි යනු චීනයේ ප‍්‍රථම ජාතික නාට්‍ය පාසැල පටන් ගත් තැනැත්තාය. ඇතොවුර ස්තී‍්‍රන් තුන්දහසක් පසෙක ලා එක බිසවක් කෙරේ පේ‍්‍රමයෙන් උමතු විය හැකි පුදුමාකාර පේ‍්‍රමාතුරයෙක් මේ අධිරාජ්‍යයා තුළ සිටියේය. කුමාර වියේ සිටම නැටුමට ගැයුමට හා සංගීත භාණ්ඩ වාදනයට හපනකු වූ ඔහුට හොද අධිරාජ්‍යයකු වීම ලේසි නොවීය. අධිරාජ්‍ය තනතුර වටා දැඩිව පැනවී ඇති සාටෝපවත් චාරිත‍්‍ර වාරිත‍්‍ර ඔහුට එකම හිසරදයකි. වරෙක ඔහු මහා පෙරහැරකින් තමා වෙත වඩම්මා ගෙන එන ආහාර බදුන් කෝපයෙන් පොළවේ ගසනුයේ ආහාර ගැනීම පවා රජෙකුට යුධ සංග‍්‍රාමයක් වී තිබීම ගැන ඇතිවූ අප‍්‍රසාදය නිසාය. මේ අන්දමට රජ සිරිත් පැහැර හරිමින් කලාවේ සංගීතයේ හා පේ‍්‍රම සුවයේ වෙලී දවස් ගෙවා දැමූ ලි ලොං ජි අධිරාජ්‍යයාට අවසානයේදී ඊට තම රාජ්‍යයෙන් පමණක් නොව ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවෙයි. මේ අධිරාජ්‍යයාගේ චරිතය දෙවොන්දරා සංටත් වඩා පහසුවෙන් යසලාලක තිස්ස හා හරයාත්මකව සමපාත කොට ගත හැකිය.
ආරියවංශ රණවීර යනු අපට සිටින විශිෂ්ඨ කවියෙක් පමණක් නොවේ. ගැඹුරු කියවීම අනුන් බියපත් කරවන රකුස් මුහුණක් බවට පමුණුවා නොගත්, නිරාකූල බසක් හා අදීන චින්නත ශක්තියකින් යුත් හෘදයාංගම විචාරකයෙක්ද අපට රණවීර තුළ මුණගැසෙයි. අඩු වචන ප‍්‍රමාණයකින් බොහෝ දිගු පළල් අර්ථ සම්භාරයක් නිදහසේ විදාරණය වන්නට හැරීම රණවීරගේ කවියේ වෙසෙස් අනන්‍යතා ලකුණකි. ඒ අනන්‍යතාව මේ කවියේද එලෙසම සටහන්ව තිබේ. මෙහිදී කවියා රූපක හැසිරවීමේ තම හුරු පුරුදු භාවිතයෙන් තරමක් වෙනස් අතකට ගමන් කොට ඇතත්, ගිනි අසුන, සිනහවේ කළුව ආදී වචන මේ කවිය තුළද අති ප‍්‍රබල රූපකාර්ථ මතුකරයි. රණවීරගේ කවිය මිනිසුන්ගෙන් හා දේශපාලනයෙන් දුරස්ථ එකක්ය යන නිසරු චෝදනාවට යස නැමති ඉහත කවිය ලේසියෙන් දිරවා ගත හැකි පිළිතුරකි. රණවීරගේ කවියේ ඇති වියුක්ත දාර්ශනිකත්වයක් ගැන ඇතැම් විචාරකයන් සදහන් කළද, ”වියුක්ත දාර්ශණිකත්වය” යනු ”අං සහිත හාවා” වැනි ප‍්‍රායෝගික අර්ථයකින් තොර හුදු වාචික යෙදුමකි. තත්‍ය ලෝකයෙන් හෝ සැබෑ මිනිස් පැවැත්මෙන් වියෝවූ දාර්ශනිකත්වයක් තිබිය නොහැකිය. මිනිසුන් පිළිබද, පීඩිතයන් පිළිබද සෘජු ප‍්‍රකාශන පමණක් නොව ගහ කොළ මල් ආදී රූපක ඔස්සේද ගැඹුරු දේශපාලන සත්‍යයන්ට පණ දිය හැකිය.
කාලීනත්වය, ප‍්‍රහාරාත්මක ආවේග, සෘජු අමු ප‍්‍රකාශණ, ඇවිලෙන සටන් පාඨ ආදී දෑ පවා කවිය තුළ අතිශය කාව්‍යාත්මක ලෙස යොදා ගත හැකි බව ඇත්තක් වුවද කවියේ දේශපාලනය ඒ සීමාවන් තුළ පමණක් බල ගැන්වෙන්නක් නොවේ. හුදු අධිකාර විරෝධයෙන් මුසපත් වූ නොමේරූ මනසක බොහෝ විට උත්පාදනය විය නොහැකි දේශපාලන අර්ථ සමුදායක් මේ කවිය තුළ මැනවින් සාන්ද්‍ර වී තිබේ. පීඩනයට, පරාරෝපණයට ඇත්තේ හුදු ආර්ථිකමය, පන්තිමය අරුතක් පමණක් නොවන බව හැඟවීම ඒ අතරේ එන වැදගත් තුරුම්පුවක් බව අවසාන වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමි.
-ඉසුරු ප‍්‍රසංග

යුතුකම සංවාද කවය
wwww.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .