
රිවිරැස මෙහෙයුමෙන් පසුව යාපනයේ බලය හමුදාව අතට පත්වී දැන් වසර 20 කි. කුමන්ත්‍රණකාරී ලෙස දෙමළ තරුණයන් මළ මිනී බවට පත්කිරීමට උත්සාහයක් ඇති බව විග්නේෂ්වරන් මහතා යාපනයේ පැවැති ක්‍රීඩා උත්සවයකදීත් ප්‍රකාශ කර තිබිණි. එහිදී ද වක්‍රව චෝදනා කර තිබුණේ ආරක්‍ෂක අංශවලටය. නමුත් දෙමළ තරුණයන්ට මත්ද්‍රව්‍ය බෙදා හැරීමට හමුදාවට ඇති උවමනාව කුමක්‌ද? කොටි සංවිධානය බලයේ පැවැති සමයේදී නම් මුහුදු කොටි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළා පමණක් නොව ඒ ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ගත් බවද රහසක් නොවේ. උතුරේ මත්ද්‍රව්‍ය ජාවාරම තදින් සිදුනොවූයේ කප්පම් ගෙවමින් මේ ව්‍යාපාරය කිරීමට අපහසු නිසයි.
ඇත්තෙන්ම 2009 න් පසුව දෙමළ ජනයාට නිදහස ලැබිණි. ඒ නිදහස නිසාම උතුරට පළාත් සභාවක් පත්කර ගැනීමට අවස්‌ථාව උදාවිය. එහෙත් විග්නේෂ්වරන්ට අවශ්‍ය සියළු විපත් උදාවන්නේ 2009 පසුව බව කියන්නද? කොටි බෝම්බ පුපුරද්දී ෂෙල් වෙඩි පතිත වෙද්දී, මිනිස් බෝම්බ පුපුරා යද්දී, මේ සියළු ෙ€දවාචක සමඟ ගෙවුණු කාලය හොඳ බව කීමද? මේ මහ ඇමැතිවරයා උත්සහ ගන්නේ. අපට නම් මෙය අදහාගත නොහැකිය. 2009 මැයි මාසයෙන් පසුව රටේ සෑම ප්‍රදේශයකම බලය ශ්‍රී ලංකා රාජ්‍ය සතුවිය. එක කොඩියකට එක නීතියකට රට නතු විය. එහෙත් විග්නේෂ්වරන් ප්‍රකාශ කරන්නේ කොටි කොඩිය යටතේ පැවැති කාලයේ උතුර මත්ද්‍රව්‍යවලින් නිදහස්‌ව සාමකාමීව තිබුණු බවයි. මේ ඊනියා මහඇමැතිට අවශ්‍ය නැවත කොටි පාලනයකට යන්නද?
ඇත්තෙන්ම උතුරු මහඇමැතිවරයා සිදුකරන මෙවැනි සාහසික ප්‍රකාශවලින් සිදුවන්නේ හමුදාව නිග්‍රහයට ලක්‌වීමය. මේ ප්‍රකාශ ජාත්‍යන්තරයටද යයි. එයින් සිදුවන්නේ කවරක්‌ද? යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින ජාත්‍යන්තර බලවේගයන්ට විශේෂයෙන්ම කොටි ඩයස්‌පෝරාවට තවත් අනුබලයක් ලැබීම පමණි.
උතුරේ හමුදාව ඉවත් කිරීමට "සිරිසේන - වික්‍රමසිංහ" නව ආණ්‌ඩුවද සූදානම් නොවන නිසා හමුදාව නිග්‍රහයට ලක්‌කිරීමේ තවත් උපාය මාර්ගයක් විග්නේෂ්වරන් අරඹා ඇත. මෙය විග්නේෂ්වරන්ගේ පමණක් නොව දෙමළ සන්ධානයේද ප්‍රධාන දේශපාලන උපක්‍රමයකි.
'විද්‍යා' පාසල් සිසුවියගේ ඝාතන පුවත රටේම ආන්දොaලනයට ලක්‌වූ බව අමුතුවෙන් කිවයුතු නැත. මේ සම්බන්ධව පැවැති රූපවාහිනි වැඩසටහනකදී ළමා කටයුතු නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරම් මහත්මිය ප්‍රකාශ කළේ කුමක්‌ද? කොටි පාලනය පැවැති සමයේ කාන්තාවන්ගේ ආරක්‍ෂාව වඩා සුරක්‍ෂිතව

විග්නේෂ්වරම් මෙන්ම විජයකලාද එකම මානසික මෙහෙයුමක නිරතවන බව පැහැදිලිය. 'විද්‍යා' දැරිය දෙමළ ජාතියකුගේම අතින් දූෂණය වී ඝාතනය වුවත් අපවාදයට ලක්‌කෙරෙන්නේ ආරක්‍ෂක හමුදාවයි. හදිසියේ හෝ මෙයට සෙබළෙක් සම්බන්ධ වූවානම් කවර තත්ත්වයක් උදාවෙයිද? එහෙත් අපේ ආරක්‍ෂක අංශ කටයුතු කරනු ලබන්නේ විනයානු කූලවය. 2009 න් පසුව උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ස්‌ත්‍රී දූෂණ චෝදනා එල්ලවුණේ නැත. විග්නේෂ්වරම්ලා දුක් වන්නේ එවැනි චෝදනාවක් නැගීමට අවස්‌ථාවක් නොලැබෙන නිසාය. එනිසා මත්කුඩු වලින් හමුදාවට දමා ගසයි.
උතුරු මහ ඇමැතිවරයා මත්කුඩුවලින් හමුදාවට දමා ගසනවිට අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති නිලංග සමරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට කිසිම පදනමක් නොමැති බවයි. යාපනය මත්ද්‍රව්‍ය පැතිරීම ඉතාම අඩුම ප්‍රදේශයක් බව සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙරට කුඩු ගෙන එන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 17 දෙනෙක් හඳුනාගෙන ඇති බවත් එයින් 07 දෙනෙක්‌ම දෙමළ ජාතිකයන් බවත් උතුරේ දෙමළ තරුණයින්ට කුඩු විකුණුවේ දෙමළ ජාවාරම්කරුවන් මිස අන් අය නොවන බව සමරසිංහ මහතා අවධාරණය කරයි.

චතුර පමුණුව
-දිවයින
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .