6/18/2015

ඒ චම්පික නිරුවත් කරන මේ චම්පික.

කතෘ:යුතුකම     6/18/2015   7 comments

පාඨලී චම්පික රණවක මහතා බොහෝ දෙනා මීට කලකට පෙර හඳුනාගෙන තිබුණේ ජාතිකවාදී පිලේ ප්‍රකාශකයකු ලෙසයි. නමුත් ජාතිකවාදී ගුරුකුලේ විද්වතුන් චම්පික රණවක කවුදැයි මීට දශකයකට එහා කාලයකට පෙර තක්සේරු කර තිබුනේ බලය වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන බලකාමියෙකු සහ නොම්මර එකේ දේශපාලන අවස්ථාවාදියෙකු ලෙසයි. අසූව දශකයේ අග භාගයේ සිට චම්පිකලාගේ භාවිතාවෙන් ඒ බව ඔවුන් අවබෝධ කර ගෙන තිබිණ. ඔවුන්  කොතරම් සංගතව එය පැහැදිලි කර දුන්නත් එක්වරම පිළි නොගන්නා මනෝභාවයක් චම්පික රණවකගේ අපට මතක කාලයේ භාවිතය හා ප්‍රතිරූපය විසින් නිර්මාණය කර තිබිණ. ඊටත් වඩා පසුගිය ත්‍රස්ත විරොධී සටනේදී ඔහු පය ගසා සිටි පිල පිලිබඳ තිබූ පැහැදීම නිසාදෝ අවාසනාවකට බොහෝ දෙනාට චම්පික ගැන කල ඒ රළු විවේචන ගෝචර නොවීය. 

නමුත් පසුගිය ජනාධිපතිවරණ සමයේ ඒ චම්පික කවුදැයි බොහෝ දෙනා නිසි පරිමාණයෙන් තහවුරු කර ගත්තේය. සමහරුන් ජනාධිපතිවරණය අවසන් වන්නට ප්‍රථමත්  , ජනාධිපතිවරණයට පෙර එයට යමෙක් අපොහොසත් වීනම් ජනාධිපතිවරණයෙන් දින 100 ක් ගතවන්නට මත්තෙන්ම එයින් කොටසකටද චම්පික කවුදැයි හරි හැටි අවබෝධ විය.  තවමත් එය අවබොධ නොවී ඇත්නම් ඒ නොම්මර එකේ අවස්ථාවාදියෙකු හෝ අවංක මෝඩයෙකුට ( ඔවුන්ගෙන් බහුතරය උගතුන්ය)  පමණි.  

මේ සටහන තැබෙන්නේ අද  චම්පික රණවක විසින් එදා සිටි චම්පික රණවක නිරුවත් කරන අයුරු හා  ඒ හරහා චම්පික පෙන්නුම් කරන නග්න අවස්ථාවාදය  චම්පිකගේ භාවිතය හරහාම හෙළි වන අයුරු කෙටියෙන් පෙන්වාදීමටය.
පසුගිය මැයි මස 24 වනදා ලංකාදීප වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්චාවකට එක්වන පාඨලී චම්පික රණවක මහතා 2009  යුධ ජයග්‍රහණය පිලිබඳවත් ඒ සමග  මහින්ද රාජපක්ෂ මහතාගේ භූමිකාව  සම්බන්ධවත් අදහස් පළකර තිබිණ. ‘මහින්දගේ කිල්ලොටෙත් හුණු‘ මැයෙන් ලංකාදීප වෙබ් අඩවිය පළකර තිබූ සාකච්චාවේ අදාළ කොටස මෙහි දැක්වේ. එහිදී ඔහු යුධ ජයග්‍රහණයේ ගෞරවයේ වැඩි කොටසක් මහින්ද රාජපක්ෂට හිමි කර දීම අපරාධයක් දැයි පෙන්වා දීමට බොහෝ කරුණු ගෙනහැර පායි. ඒ සමගම සුපුරුදු පරිදි ත්‍රස්ත මර්ධනයේ ගෞරවයෙන් වැඩි කොටසක් තම පිඟානට බෙදා ගැනීමටද චම්පික එහිදී වෙර දරයි.

"මහින්ද රාජපක්ෂ මුල ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියා තිර අදිටනකින් සිටි බව, උපන්දා සිට  ත්‍රස්තවාදය පරාජය  කරන්න බලාගෙන සිටින බව කවුරුන් හෝ කියනවා නම් එය බොරුවක්. ඔහු 2005 හෙළ උරුමය සමඟ ගිවිසුම් අත්සන් කරන තුරු ෆෙඩරල් වාදියෙක්. රටේ ඒකීය භාවය ගැන වචනයක් කතා කළේ නෑ. 
උතුරු නැගෙනහිර කොටින්ට පාවා දෙන ‘පීටොම්ස්‘ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ අගමැති විදියටයි.  
2005 ජනපතිවරණයට පෙර කොටින්ට අරමුදල් දුන් බව ශ්‍රීපති සූරියආරච්චි, ටිරාන් අලස් හා මංගල සමරවීර  ප්‍රකාශ කර තිබෙනවා. අද වෙනකම් එය බොරු බව කිව්වේ නෑ. සමහරුන් රහස් පොලිසියට පවා ඒ ගැන ප්‍රකාශ දී තිබෙනවා."
-චම්පික රණවක
2015 මැයි මස 24 වනදා ලංකාදීප

අපි දැන් අද ඔහු මේ කියන කරුණු එකින් එක ගෙන ඔහුම මීට පෙර මේ පිලිබඳ පළකර තිබෙන අදහස් සමග සසඳා බලමු. ඒ සඳහා හොඳම මූලාශ්‍රය ලෙස අපට හමු වන්නේ චම්පික රණවක විසින්ම 'පටිසෝතගාමීව තිස් වසක්' මැයෙන්  රචිත  ස්වයං චරිතාපදානයයි.

බල්ලා නෑවීම සහ වීරයා මැරීම
"මහින්ද රාජපක්ෂ මුල ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියා තිර අදිටනකින් සිටි බව, උපන්දා සිට  ත්‍රස්තවාදය පරාජය  කරන්න බලාගෙන සිටින බව කවුරුන් හෝ කියනවා නම් එය බොරුවක්. ඔහු 2005 හෙළ උරුමය සමඟ ගිවිසුම් අත්සන් කරන තුරු ෆෙඩරල් වාදියෙක්. රටේ ඒකීය භාරවය ගැන වචනයක් කතා කළේ නෑ. "
-චම්පික රණවක 2015 මැයි මස 24

චම්පික අද මෙලෙස පවසන්නේ මහින්ද රාජපක්ෂ සිටියේ  යුද්ධය කිරීමේ අරමුණක්වත් අදහසක්වත් නොමැතිව බවට සහ යුද්ධයට යොමු කලේ තමන් බවට තවුරු කරන්නටත් ඒ හරහා එහි ලකුණු ටික තමාගේ ගිණුමට දා ගැනීමටය. මේ කතාවම මීට ටික කලකට පෙර වන තෙක්ම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රකාශ කලේය. මහින්ද යුද්දෙට තල්ලු කලේ තමන් බවත්  මහින්ද ඒ සඳහා ගෙන ගියේ 'බල්ලා නාවන්න ගෙනියනවා' වැනි අපහසුවකින් බවත් ජවිපෙ පෙරටුගාමීන් ලෙස දෙකඩ වෙන්නට පෙර තෙක්ම පලකල අදහස විය. ඔවුන්ද එසේ කලේ යුධ ජයග්‍රහණයේ තමන්ගේ ලකුණු ටික වෙනුවෙනි. (නමුත් පසුව පෙරටුගාමීන් බිඳී යාමත් සමගම ඔවුන් යුධ ජයග්‍රහණයට අයිතිවාසිකම් කීමෙන් මිදී පෙරටුගාමීන් සමග ඊනියා යුධ විරෝධී භූමිකාවට පණ දෙන්නට විය .)
නමුත් මීට වසර පහකට පමණ පෙර ස්වයං ලිඛිත චරිතාපදානයේදී චම්පික මේ පිලිබඳ දීර්ඝ සටහනක් තබයි. මහින්ද රාජපක්ෂ බලයට පත්වීමත් සමග ඇතිව තිබූ තත්වය ඔහු මෙහිදී පැහැදිලි කර දෙයි. මේ එයින් උපුටා ගත් කොටසකි.

"සුභවාදී ලෙස පෙනුණු එකම දෙය ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවූ පෙරළියයි. ආරක්ෂක ලේකම් ලෙස  ගෝඨාභය රාජපක්ෂ පත්විය. එහි උපදේශකයින් ලෙස එම්.ඞී.ප‍්‍රනාන්දු හා එච්.එම්.ජී.බී.කොටකදෙණිය මහත්වරු පත්වූහ. හමුදාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත්විය. මේ සියලූදෙනාම ප‍්‍රතිපත්තිගරුක දේශපේ‍්‍රමීන් වූහ. අප බලාපොරොත්තුවන ඉලක්කය කරා හමුදාව ගමන් කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇතිවිය. ඊළඟට සිදුවූ ක‍්‍රියාදාමයන්ගෙන් පෙනී ගියේ එය සිදුවෙමින් පවතින බවය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ආරක්ෂක අංශවල සිදු වූ නායකත්ව වෙනස්කම් මගින් ඉක්මණින්ම සියලූදෙනා දැනගත්තේ ආණ්ඩුව කොටින්ගෙන් එල්ලවන  ඕනෑම අභියෝගයක් සඳහා
සූදානම් වන බවයි. විශේෂයෙන්ම කොටින්ගෙන් බිදී ගිය කොටස් හා කොටි විරෝධී කොටස් අනුක‍්‍රමයෙන් අප හා සම්බන්ධ වන්නට විය. "
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
පිටුව 153

මේ හරහා චම්පික එකල පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ විගසම ගත් ක්‍රියාමාර්ග හරහා අනාගත ත්‍රස්ත මර්ධන සටන සඳහා ඉතා නිවරදි පදනමක් දමා ගත් බවයි. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභයත්  යුධ හමුදාපති ලෙස සරත් ෆොන්සේකා පත් කරගැනීම එහිදී තීරණාත්මක විය. (සාම්ප්‍රදායිකව නම් හමුදාපති ලෙස පත් කරගන්නේ බලයේ සිටින නායකයාගේ   පක්ෂයට පක්ෂපාතී තමන්ට ඉතා හිතවත්ව ක්‍රියා කරන ජ්‍යේෂ්ඨයෙකි. සරත් ෆොන්සේකාට ඒ පළමු සුදුසුකම නොතිබුණු බව පසු කලෙක ගොඨාභය රාජපක්ෂ මහතාම හෙළි කර තිබිණ. ඔහු මහින්ද රාජපක්ෂ වාදියෙකු නොවීය. නමුත් එසේ තිබියදීත් ඔහු හමුදාපති ලෙස පත් කලේ සටන් බිමේ ඔහුගේ දක්ෂතා ගැන ගොඨාභය ලබා දුන් රෙකමදෝරුව මතයි. ඒ හරහාත් පැහැදිලි වන එකම කරුණ නම් අනාගත සටන සඳහා ඉතා නිවරදි පෙර සූදානමක මහින්ද රාජපක්ෂ මහතා සිටි බවයි. )

මහින්ද රාජපක්ෂ මහතාට ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ උවමනාවක් නොතිබුණු ෆෙඩරල්වාදියෙක් බව සහ යුද්ධයට මහින්දව ඇද දැම්මේ හෙළ උරුමය බවට අද චම්පික කරන ප්‍රකාශය එදා චම්පිකගේම පැහැදිලි කිරීම හරහා නිෂේධනය වී යයි. මේ එදා ඔහු ඒ පිළිබඳ තබන තවත් සටහනකි

"2006 ජූලි 26 සිට අගෝස්තු මුල දකුණු ත‍්‍රී'මලයේ දී හා උතුරු යාපන මුහමලේ දී එකවිට කොටින්ගේ ද්විත්ව ප‍්‍රහාරය පරාජය කිරීමේ මුල් සතිදෙක අතිශය තීරණාත්මක විය. ජනාධිපතිතුමා පක්ෂ නායක රැස්වීමක් කැඳ වූ අතර, යූ.එන්.පීය හා විශේෂයෙන් මුස්ලිම් කොංග‍්‍රසය අඳුරු චිත‍්‍රයක් රටට මවා පෙන්වීය. සුපුරුදු පරිදි ජ.වි.පෙ කීවේ හරි සූදානමක් නැතිව ආණ්ඩුව සටනට ගොස් ඇති බවයි. මේ පිළිබඳව ඔවුන් හා ජනාධිපතිතුමා අතර, වචන හුවමාරුවක් ද ඇති වූ බව පසුව හෙළිදරව් විය."
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
පිටුව  156

චම්පිකගේ මේ හෙළිදරව්ව හරහා පැහැදිලි වන එකම දෙය නම් චම්පිකලා අද කියන දේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ මෑතක් වන තුරුම පැවසූ 'බල්ලා නාවන්නට ඇදන් ගිය' කතාවද යුධ ජයග්‍රහණයේ ගෞරවය තමන්ට හිමි ප්‍රමාණයට වඩා තම පිඟානට බෙදා ගැනීමට ගෙතූ ප්‍රලාපයක් බවයි. චම්පික මේ ප්‍රලාපය ඊලඟ පිම්ම දක්වා ඇද ගෙන යන්නේ ඔහුගේ අනාගත පෞද්ගලික බල ව්‍යාපෘතියේදී ඔහුට වඩා වීරයන් සිටීම ඇඟට ගුණ නොවන බව ඔහු ඉතා හොඳින් වටහා  ගෙන ඇති නිසාය.  අන් සියල්ලටම ප්‍රථම මහින්ද - ගොඨා ද්විත්වය චම්පිකගේ නොම්මර එකේ ඉල්ලක්ක වන්නේ ඒ නිසාම පමණි. "වීරයා මැරීමේ" චම්පිකගේ අභිප්‍රාය සම්පූර්ණයෙන් ඒ වෙනුවෙනි.

2005 දී කොටි සමග එකඟතාවයක්ද?
2005දී ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නේ ගල උඩ සටනකිනි. උතුරේ එල්ටීටීඊය පැවැත්වූ චන්ද වර්ජනය හේතුවෙන් උතුරේ ඡන්ද වලින් ජය ලැබීමට බලා සිටි රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තු බිඳ වැටිණ. උතුරේ කොටි ඡන්ද වර්ජනය නොයෙක් දෙනා නොයෙක් අයුරින් අර්ථ  ගැන්වීය. චම්පික රණවක මහතාද අද නම් පවසන්නේ මුදල් හා වෙනත් ආධාර එල්ටීටීඊයට ලබාදීම හරහා චන්ද වැලැක්වීමට මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊය සමග එකඟතාවයක සිටි බවයි. එයින් ඔහු උත්සාහ කර බලන්නේ ත්‍රස්ත මර්දන සටනේ ගෞරවය කිළිටි කල හැකිද කියාය. "වීරයා මැරීම " අද චම්පිකගේ මුඛ්‍ය ඉලක්කයයි. නමුත් අද ඒ චෝදනා කරන චම්පිකම තම චරිතප්‍රදානයේ ඒ සිදුවීමම විස්තර කරන්නේ මෙසේය.

"1982 සිට පවත්වන ලද සියලූ ජනාධිපතිවරණ සිය ශක්ති ප‍්‍රමාණයේ හැටියට වේලූපිල්ලේ වර්ජනය කළේය. එයට හේතූව තමිල් ඊළාමයේ ජනාධිපති තමාය යන හැඟීමය. 2005 ජනාධිපතිවරණයේ දී එය යාපනය වැනි හමුදාව සතුව තිබූ ප‍්‍රදේශවලට ද ව්‍යාප්ත වූයේ ආණ්ඩුවේ මුග්ද සාමය නිසාවෙනි. අනෙක් අතින් හමුදා බලප‍්‍රදේශවල පවත්වන මැතිවරණයක දී තමනට සිතූ හැටියේ ඡන්ද පෙට්ටි පිරවීමට කොටින්ට හැකිවන්නේ ද නැත. පෙරළා දකුණ, බස්නාහිර, උතුරු මැද, වයඹ, සබරගමුව වැනි සිංහල ප‍්‍රදේශ අතිවිශාල වැඩි ඡන්දයකින් දිනා ඒ ප‍්‍රතිඵලය වන්නියේ දෙමළ ඡන්දවලින් ආපසු හැරුණා නම් රට තුළ ඇතිවන්නේ කැරැල්ලකි. එමෙන්ම විපක්ෂයේ චෝදනාව ඇත්ත යැයි ගත්ත ද වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රථමවතාවට
රැවටීමේ ශූරකම, මහින්ද රාජපක්ෂට ලැබෙන්නේය. මන් ද එයට පෙර ඔහු ගනුදෙනු කළ සියල්ලෝම ඔහු විසින්, රැුවටීමට ලක්කර මරාදමා හෝ රාදැමීමට තැත්කර හෝ තිබුණු හෙයිනි.
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
පිටුව 147

චම්පික අද කරන චෝදනාව ඔහු එදා එය අර්ථදැක්වූයේ ද්‍රෝහීකමක් ලෙස නොවේ දක්ෂ කමක් ලෙසයි. චම්පිකගේ මේ නිරුවත් දෙබිඩි හැසිරීම අපට කියා දෙන්නේ බල තණ්හාව වෙනුවෙන් ආයෝජනය කරන ජඩ අවස්ථාවාදයට සදාචාරයේ සාධාරණත්වයේ සීමා වලංගු නැති බව නොවේද?

 ජාතික බලවේගවල වෛරය හා 'බම්බුව'

"උතුරු නැගෙනහිර කොටින්ට පාවා දෙන ‘පීටොම්ස්‘ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ අගමැති විදියටයි.  "
-චම්පික රණවක
2015 මැයි මස 24 වනදා ලංකාදීප
සුනාමි සහන මණ්ඩල ගිවිසුම (PTOMS)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ මහින්ද රාජපක්ෂ විසින් බවද ඒ  වෙද්දීත් ඔහුට ත්‍රස්තයන් සැනසීම මිස ත්‍රස්තයන් වැනසීමට අරමුණක් නොතිබුණු බව චම්පික අද පවසයි. නමුත් අප දන්නා ඉතිහාසයේ නම් චන්ද්‍රිකාගේ කුප්‍රකට සුනාමි සහන මණ්ඩල යෝජනාවට එරෙහිව කැබිනට්ටුව තුල හඬක් නැගූ අතලොස්ස අතර මහින්ද රාජපක්ෂ මහතාද විය. චන්ද්‍රිකා යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට මහින්දම තෝරාගත්තේ ඒ වන විට ජාතික හෙළ උරුමය හා  ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික සංවිධාන සමගද මහින්ද රාජපක්ෂ ගොඩනගාගෙන තිබූ විශ්වාසය පළුදු කරන්නටය. 2005 ජනාධිපතිවරණය තුල මහින්දට තීරණාත්මක ලෙස බලපාන එම බලවේග මහින්ද වෙතින් දුරස් කර තැබීමට චන්ද්‍රිකා ඇටවූ උගුල එයයි.
අවසන් වෙස් පෙරළියට පෙර චම්පික රණවක මහතා විසින් එම කරුණ තම චරිතප්‍රදානය තුල සටහන් කරන්න මෙසේය.

"රටම අවදි කිරීම අපේ පරමාර්ථය වූ අතර, දහස් ගණන් ක‍්‍රියාකාරීන් රටපුරා පන්සල් හා සේවා ස්ථාන කරා පිටත් කරවීමු. තුන්වන දිනය වනවිට ජ.වි.පෙ ආණ්ඩුවෙන් එළියට ආ අතර, වෙනම උපවාසයක් ආරම්භ කළේය. කපටි චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩල :PTOMS යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ අගමැති
මහින්ද හරහාය. ඒ එතුමා වෙතට ජාතික බලවේගවල වෛරය තල්ලූ කර හරින්ටය.
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
පිටුව   136

එදා ජාතික බලවේග වල වෛරය මහින්ද වෙත එල්ල කරන්නට කටයුතු කලේ විජාතික ලේබලය සහිත චන්ද්‍රිකාය. අද ඒ කොන්තරාත්තුව බාරගෙන ඇත්තේ ජාතික වෙස් ගත් කපටි චම්පිකයි. කපටි චන්ද්‍රිකා වෙනුවට කපටි චම්පික ආදේශ වී ඇත.
හොඳම විහිළුව එය නොවේ.
පීටොම්ස් ගිවිසුම වෙනුවෙන් චන්ද්‍රිකා පාර්ශවය වෙනුවෙන් එකල පෙනී සිටි ප්‍රමුඛයා වෙන කිසිවෙක් නොව අද ජනාධිපති ධූරය දරන මෛත්‍රීපාල සිරිසේන මහතාය. පීටොම්ස් හරහා එල්ටීටීඊයට ලැබෙන අසීමිත බලය හේතුවෙන් එයට විරුද්ධව එකල සභාග ආණ්ඩුවේ ඇමතිකම් දැරූ ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වන බවට තර්ජනය කරද්දී ' ජවිපෙ ආණ්ඩුවේ තබා ගෙන ආණ්ඩුව රැක ගැනීමට වඩා අපට වටින්නේ සුනාමි සහන මණ්ඩලය  කොටි ත්‍රස්තයන් වෙත ලබා දීම' යැයි ප්‍රකාශ කලේ ඒ සිරිසේන මහතාය. පසුව ජවිපෙ ලාල් කාන්ත මහතා සමග  පිළිබඳ දීර්ඝ විවාදයකට පැටලුනු සිරිසේන මහතා එකල පැවසූ ' බම්බුව තමයි බම්බුව" යන වචන කිහිපය බොහෝ දෙනාට තවමත් මතක ඇති.
හොඳම විහිළුව නම් තමන් එදා පැවසූ දේ අංශක 180 කණපිට ගසා අද පවසන චම්පික රණවක දේශපාලනිකව අද සිටින්නේ එලෙස පීටොම්ස් වෙනුවෙන් බෙල්ල දෙන්නට සිටි සිරිසේන මහතාගේ ඔඩොක්කුවේ සහ සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෲ චන්ද්‍රිකාගේ සාරි සාරි පොට අස්සේ වීමයි. 

මේ කරුණු අනුව ඉතා හොඳින් පැහැදිලි වන කරුණ නම් තම බල ව්‍යාපෘතිය උදෙසා ඕනෑම පාවාදීමකට ඕනෑම අවස්ථාවාදී ස්ථාවරයකට මාරු වීමට චම්පික රණවක සතු සහජ හැකියාවයි. අතිශෝක්තියට නගන ඉලක්කම් සෙල්ලම් හරහා ඕනෑම බොරුවක් ඇත්ත සේ පැවසීමට ඇති හැකියාව සහ නමට මුලින් ඇති 'උගත් වියත්' බෝඩ් ලෑල්ල චම්පිකට ඒ සඳහා අතිරේක සුදුසුකමක් වී තිබේ.

ඒ කෙසේ වෙතත් අද වන විට චම්පික බොහෝ දුරට හෙළිදරව් වී හමාරය. කාටූන් කරුවන් සිංහ වෙස් ගත් සිඟාලයන්ගේ මුහුණට චම්පිකගේ මුහුණ ආදේශ කරමින් සිටින්නේ ඒ නිවරදි අවබෝධය නිසාය.  තව දුරටත් කිසිවෙකු හෝ ඒ පොරවාගත් සිංහ හමට රැවටී සිටී නම් එයද ඉතා ඉක්මනින් නැති වන බවට සැක නැත.

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. ඉතා පැහැදිලි විවරණයකි. අවාසනාවකට අපේ අහිංසක ගම් දනව් වල ජනී ජනයාට මේ දේ නිවැරදි ලෙස වටහා දෙන්නට යාන්ත්‍රණයක් නැත.

    ReplyDelete
    Replies
    1. උදය ගම්මන්පිල මහත්තයා නියමෙට ලියලා තියෙනවා මේ ලිපිය.

      Delete
  2. I think this has the answer: https://www.youtube.com/watch?v=4ywz8FtUBGU

    ReplyDelete
    Replies
    1. මාතර ආතර6/18/2015 10:23 AM

      දැන් ඩිලාන් ද චම්පිකගේ ආරක්ෂකයා?
      ඩිලාන් කියන දේ රිෆරන්ස් එකක් විදියට ගන්න පිස්සුද?
      ඩිලාන් පෙරේරා ගැන ඔයා කියන වීඩියෝ එකට පස්සෙ තව වීඩියෝ එකක් තියෙනව ඒකත් බලන්න
      https://www.youtube.com/watch?v=AB-b0a6Fug0

      Delete
    2. චම්පිකන එදා කියපු දේට වඩා ඩිලාන් කියන දේ අද චම්පිකගේ ආරක්ෂාවට යොදා ගන්න හැටි...
      අයියෝ සල්ලි...
      පටිරෝල්ගාමීව ගිහින් වෙච්ච විනාසේ

      Delete
  3. Absolutely

    ReplyDelete
  4. Absolutely

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions