6/25/2015

භික්‍ෂූන් වහන්සේ හා පාලකයෝ

කතෘ:යුතුකම     6/25/2015   No comments

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන කාලයේදීත් මෙරට බුදුදහම ප්‍රචලිත වී තිබිණි. එකල මෙහි හෙළ බෞද්ධ සංස්කෘතියක් විය. ඒ බව වරිගපූර්ණිකාවෙන් ද මෑත දී ලැබුණු පුරා විද්‍යාත්මක සාධකවලින් ද හෙළි වෙයි. එසේ නම් මිහිඳු මහ රහතන් වහන්සේ කෙළේ කුමක් ද? උන්වහන්සේ මෙරටට බෞද්ධ දේශපාලනයක් හඳුන්වා දුන්හ. ඉන්පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතිවීම ආරම්භ විණි. එය අශෝක බුද්ධාගම විය. එහි පදනම වූයේ තුන්වැනි සංගායනාව ය. මිහිඳු හිමියන් විසින් කරන ලද ප්‍රධාන කාර්යය වූයේ මෙරට තිබූ හෙළ බෞද්ධ සංස්කෘතිය වෙනුවට අශෝක රාජ්‍ය තන්ත්‍ර සහිත ව ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් බිහි කිරීමට පළමු පියවර ගැනීම ය.

එහෙත් එයින් කියැවෙන්නේ දේවානම්පිය තිස්ස රජු දවස මෙරට සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් ඇති වූ බව නො වේ. නැගී එන ඒ සංස්කෘතියට හෙළ බෞද්ධ සංස්කෘතිය සමග ගැටෙන්නට සිදු විය. ගැමුණු තිස්ස යුද්ධය පවා ඒ සටනෙහි කොටසක් විය. අවසානයේ දී හෙළ බෞද්ධ සංස්කෘතිය පරදවා සිංහල බෞද්ධ සංස්කෘතිය ස්ථාපිත වූයේ පස්වැනි සියවසේ දී ය. ඒ මිහිඳු හිමියන් වැඩම කර අවුරුදු හයසියයක් පමණ ගතවීමෙන් පසුව ය. මහාවංසය ඒ ජයග්‍රහණය ලිඛිතව ඉදිරිපත් කළ ග්‍රන්ථය විය. එහෙත් ඉන්පසු ද කුරුණෑගල යුගය වන තෙක් ම හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝග එල්ල විය. දැනට අවුරුදු සියයකට පෙර ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන ඇතැම්හු සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝගාත්මක ව ජීවත්වූහ.

කෙසේ වෙතත් තුන්වැනි සංගායනාවෙන් පසු අපට ලැබුණු අශෝක බුද්ධාගම නොවන්නට මෙරටින් බුදුදහම නැතිවන්නට ඉඩ තිබිණි. අශෝක බුද්ධාගම යථා කාලයේ දී සිංහල බුද්ධාගම බවට පත්විය. එහි දී හෙළ බෞද්ධ සංස්කෘතියේ දෙවිවරු ද සිංහල බෞද්ධ සංස්කෘතියට හෙවත් සිංහල බුද්ධාගමට අවශෝෂණය කෙරිණි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි සිංහල බෞද්ධ රාජ්‍යය විය. එය පණ්ඩුකාභයගේ රාජ්‍යයෙන් වෙනස් විය. මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර දේවානම්පිය තිස්ස රාජ්‍යය ද පණ්ඩුකාභය රාජ්‍යය විය. එහෙත් මිහිඳු හිමියන් වැඩම කිරීමෙන් පසුව හා දෙවැනි අභිෂේකයෙන් පසු දේවානම්පිය තිස්ස රාජ්‍යය සිංහල බෞද්ධ රාජ්‍යය විය.

සිංහල බෞද්ධ රාජ්‍යයෙහි භික්‍ෂූන් වහන්සේ රජුට උඩින් සිටියා පමණක් නොව රජුන් තනන්නා ද ආරක්‍ෂකයා ද විය. සිංහල බෞද්ධ රාජ්‍යය රැඳුනේ ගල් තුනක් මත ය. එනම් භික්‍ෂූන් වහන්සේ, රජු හා ජනතාව ය. ඒ කොටස් තුන අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් විය. රජු ආරක්‍ෂා කිරීම, රජු පත්කිරීම හා රජුට අවවාද කිරීම හා ජනතාවට අවවාද කිරීම භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරය විය. භික්‍ෂූන් වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කිරීම රජුගේ ද ජනතාවගේ ද කාර්යභාරය විය. රජු ජනතාවගේ පියා විය. රජු දශරාජ ධර්මයෙන් රජ කළ යුතු වූ අතර ජනතාව දරුවන් මෙන් රැක බලා ගත යුතු විය. එහෙත් භික්‍ෂූන් වහන්සේ කිසි දිනෙක සිවුරු දරා සිටියදී රජ වීමට උත්සාහ නො දැරූහ.

එක්තරා ආකාරයකින් බැලූ කල අද සිදුවන්නේ එය ය. ඇතැම්හු මහින්ද රාජපක්‍ෂ පන්සල් යෑම ගැන කතාකරති. සිංහල බෞද්ධ සම්ප්‍රදායට එරෙහි ව පාලකයන්ගේ අනුශාසක ධුරයෙන් සෑහීමට පත් නොවී චීවරය පිටින් පන්සලේ වැඩවාසය කරමින් ම පාර්ලිමේන්තුවට වැඩම කළ රතන හිමියෝ ද මහින්දගේ පන්සල් ගමන ගැන කතා කරති. අද මහින්ද පාලකයා (රජු) ලෙස තෝරාගැනිම, ඔහු රැක බලා ගැනීම, ඔහුට අනුශාසනා කිරීම භික්‍ෂූන් වහන්සේ අතින් සිදුවෙයි. ඒ සිංහල බෞද්ධ සංසකෘතිය යි. ඒ ගැන නොදන්නෝ එයට දොස් කියති.

අද විජිතමුණිට පවා මහින්ද රාජපක්‍ෂට අප්පච්චි (මළා) යැයි කීමට සිදු වී ඇත. සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය කිසිම පැකිළීමකින් තොරව මහින්ද අප්පච්චි ලෙස හඳුන්වති. මේ සිංහල බුද්ධාගම හෙවත් සිංහල බෞද්ධ සංස්කෘතිය වෙයි. අද ජනතාව ඉල්ලන්නේ ශ්‍රී ල නි ප, සන්ධානය හෝ එ ජා පක්‍ෂය හෝ වෙනත් දේශපාලන පක්‍ෂයක් බලයට පත් කිරීම නොව මහින්ද රාජපක්‍ෂ අගමැති කරන ලෙස ය. දේශපාලන පක්‍ෂ වෙනුවට නායකයකු පත්කර ගන්නා දිනය වැඩි ඈතක නො වේ.

නලින් ද සිල්වා
කාලය
2015 ජූනි 24

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions