6/24/2015

ජනාධිපතිවරණයේ දී නිර්වින්දනය කිරීමටකට ලක්‌වුණු සමාජය දැන් නැවත ප්‍රකෘති සිහිය ලබමින් සිටිනවා

කතෘ:යුතුකම     6/24/2015   No comments

“වෙබ් අඩවි සහ ජනමාධ්‍ය ඔස්‌සේ වපුළ අසත්‍යයෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්වින්දනය කිරීමකට ලක්‌වුණු සමාජය දැන් නැවත ප්‍රකෘති සිහිය ලබමින් සිටිනවා”
-“වෙනස සැපද?"  පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි අසයි

“යුතුකම සංවාද කවය” විසින් රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ රටේ ඉදිරි ගමන් මග පිළිබඳව පැවැත්වීමට යන සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය “වෙනස සැපද? ” යන ශීර්ෂය යටතේ පසුගිය ජුනි 18 වැනි බ්‍රහස්පතින්දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයදී පැවැත්වුණු අතර එහිදී
ආරම්භක දේශනය පවත්වමින් අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසුවේ වෙබ් අඩවි සහ ජනමාධ්‍ය ඔස්‌සේ වපුළ අසත්‍යයෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්වින්දනය කිරීමකට ලක්‌වුණු සමාජය දැන් නැවත ප්‍රකෘති සිහිය ලබමින් සිටින බවය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ....
"සමහරු මානසික වින්දනයක් ලබන්න යම් යම් මත් ද්‍රව්‍ය භාවිතා කරනව. ඒවා පාවිච්චි කරල සැපයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනවාරි 08 වැනිදා අපේ සමහරුන් නිර්වින්දනය කාරල මත් කළා. නොයෙක් නොයෙක් පොරොන්දු නොයෙක් නොයෙක් චෝදනා නගලා ඡන්ද දායකයා මත් කළා.
ජනවාරි 08 වැනිදාට පෙර අපි මේ පිළිබඳ විවිධ සම්මන්ත්‍රණ තබමින් ජනතාවට ඇත්ත අවබෝධ කරදෙන්න උත්සාහ කළා. ඒත් ඔවුන් මුළාවෙලයි සිටියේ.  අප එදා කොයි තරම් අප පැහැදිලි කරත් පිළිගන්න තරම් නිරවුල් මානසිකත්වක නෙවෙයි ඒ අය හිටියේ. මත් වෙලා. අද ඔවුන් අප හමුවට ඇවිත් තමන් අතින් සිදුවුණු වරද පිළිබඳ ඔවුන් පශ්චාත්තාප වෙනවා”

“හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පක්‍ෂය වත්මන් ජනාධිපතිවරයාට භාර දුන්නා. ඒ නිසා පක්‍ෂය රැකගෙන පක්‍ෂය ජයග්‍රහණය කිරීමේ වගකීම වත්මන් ජනාධිපතිවරයාට තිබෙනවා. ඒත් අද තිබෙන්නේ හයිබ්‍රිඩ් ආණ්‌ඩුවක්‌. පාලකයා කවුද, අගමැති කවුද, විපක්‍ෂ නායකයා කවුද යන අවුල් භාවය රටේ තිබෙනවා. දේශපාලනය අවුල් වෙලා. දේශ හිතෛෂීව, ජාති හිතෛෂීව කටයුතු කළ ස්‌වාමීන් වහන්සේලා පවා අපෙන් ඈත්වෙලා සිටිනවා”.

“ජනවාරි 08 වැනිදාට පෙර කියූ දේවල් නොවේ අද සිදු වෙන්නේ. කල් මැරීම් සහ මවාපෑම් පමණයි තිබෙන්නේ. රටේ ආණ්‌ඩුවක්‌ තිබෙනවා. හැබැයි වැඩක්‌ නැහැ. මේකද යහපාලනය කියන්නේ. මොන ප්‍රශ්න තිබුණත් රටක ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ තිබිය යුතුයි. රටේ ඒකීයත්වය ආරක්‍ෂා විය යුතුයි. වත්මන් විදේශ ඇමැතිවරයා රට අරාජික කරන්න කටයුතු කරනවා කවුරුවත් ඒවා ගැන කතා කරන්නේ නැහැ. හාමුදුරුවන් වහන්සේලාත් මේවා පිළිබඳ නිහඬයි. මේකයි අද තිබෙන ප්‍රශ්නය” යැයි වදාළ සේක.

 පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සිදුකළ සම්පූර්ණ දේශනය



ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ දේශනය :

බොරුවෙන්ම ගොඩනගන සිරිසේන මහතාගේ ව්‍යාජ ප්‍රතිරූපය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions