6/22/2015

වෙනස සැප ද?

කතෘ:යුතුකම     6/22/2015   No comments

[ යුතුකම සංවාද කවය විසින් සංවිධානය කළ "වෙනස සැපද?" සම්මන්ත්‍රණයේදි බෙදා හැරි අත් පත්‍රිකාව..
-2015 ජුනි 18 ]


දසතින් ම එන අරාජිකත්වයක් විසින් රට වටලා ඇත. සැනසුම් සුසුමක් හෙළීමේ සියලු අවස්ථා දිනෙන් දින අප වෙතින් උදුරා ගනිමින් තිබේ. 2009 දී දිනා ගත් ඓතිහාසික නිදහසට කන කොකා හඬන විට, එම ජයග්‍රහණය මත ගොඩ නැගූ සමාජ, ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ශීඝ්‍රයෙන් කඩා වැටෙන රටකි අප හමුවේ තිබෙන්නේ. සියල්ල ගමන් කරමින් ඇත්තේ ඍණ අගයන් වෙත ය. ආර්ථික වර්ධන වේගය 7.5 සිට 6.5 දක්වා දින 100ක් ඇතුළත කඩා වැටෙද්දී ඊට සමගාමී ව කොටස් වෙළඳ පොල තුළ දක්නට ඇත්තේ අන් කවර දිනකවක් නො දුටු අසුබ දසුන් ය. රුපියල, ඩොලරය හමුවේ දැඩි පසුබෑමකට ලක් වෙමින් තිබෙන්නේ වත්මන් ආණ්ඩුවේ ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තිය සංකේතාත්මක ව නිරූපණය කරමින් ය. අස්ථාවර දේශපාලන වාතාවරණය හමුවේ විදේශ ආයෝජකයින් තම ආයෝජන ක්‍රියාකාරකම් නවතා දමා ඇත. සියලු සංවර්ධන වැඩ නතර වී ඒවායෙහි සේවය කළ සේවකයින් දහස් ගණනින් රැකියාවලින් දොට්ට දැමෙන අතර තේ, රබර් ආදී නිෂ්පාදනවල මිල දරා ගත නො හැකි ලෙස පහළ ගොස් ග්‍රාමීය ජීවන තත්ත්වය කඩා වැටෙද්දී පාලකයින් ශපථ කරමින් කියන්නේ අප ‘වෙනසක්’ කර තිබෙන බවකි. උස් නිදහසේ අමිල ඵල භුක්ති විඳිමින් ම ඒ වෙනුවෙන් දිවි පිදූ දහස් ගණනක් රණ විරුවන් වෙනුවෙන් යෙදුණු ඓතිහාසික මැයි 18 දින සැමරුම රජයට නයාට අඳු කොළ සේ පෙනීම දෛවයේ සරදමක් ද? ජනවාරි 08 බල පෙරළියෙන් රටට ලැබුණු ආණ්ඩුවේ ශේෂ පත්‍රය මේ ය. ඉසුරු සිහින මන්දිර ලෙස අපට පෙන්වමින් සිටින්නේ ඇත්ත වශයෙන් ම හොල්මන් මන්දිර නොවේ ද? රට යන්නේ කොයිබට ද?

උපක්‍රමික ව යුධ විරුවන් සිර ගෙට

යුද්ධය සැලසුම් කොට ක්‍රියාත්මක කළ ගෝඨාභය හා මහින්ද රාජපක්‍ෂ කෙසේ හෝ යුධ අධිකරණයකට ගෙන යෑමේ උත්සාහයක් දේශීය ව ද විදේශීය ව ද මේ මොහොතේ ක්‍රියාත්මක බව අති පැහැදිලි ය. දේශීය යුද දඬුවම් යාන්ත්‍රණය සැප්තැම්බරයේ ආරම්භ කරන බව සිරිසේන ජනපතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර, මෙම නායකයින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශ කැඳවමින් දැන් කෙරෙන්නේ ‍ඒ සඳහා පෙරහුරුවකි. දැන ගන්නට තිබෙන පරිදි යුධ අපරාධ යාන්ත්‍රණය මදකට සැර බාල කොට ඇත්තේ මහා මැතිවරණය අවසන් වන තුරු ය. එක්සත් ජාතීන් විසින් සිදු කළ ඊනියා පරීක්‍ෂණයේ වාර්තාව පවා මැතිවරණය අවසන් වන තුරු ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවා තිබේ. ජාතිය නැවත වරක් රවටා පවතින රජය ම ජයග්‍රහණය කර වීම මෙහි අරමුණ ය. රටට සැබෑ නිදහස දිනා දුන් නායකයින්ගේ ඉතිරි ජීවිත කාලය සිර කුටියකට සීමා කිරීමට ඔබ සූදානම් ද?

අනෙකාට ‘සොරා’ කියමින් තමන් ම සොරකම් කිරීම

කිසිදා නො තිබුණු ලැම්බෝගිනි, රත්රන් අශ්වයින්, හෙලිකොප්ටර්, විදෙස් මාලිගා, අධිවේගී මාර්ග කොමිස් ඈ නොයෙක් නීලකාස බොරු රැල්ලකින් මෙරට ජනතාව අම්බරුවන් සේ සලකා කළ රැවටීම යළි යළිත් නඩත්තු කරනු පිණිස පවත්වා ගෙන යන පොලිස් රාජ්‍යයකට පාර කපන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ දේශපාලන ළැදියාව මත තෝරා ගත් පළි ගැනීම් මාලාවකි. ආණ්ඩුව නඩත්තු වන්නේ බොරුවෙනි. ඒ අනුව, හොරු අල්ලන බවට ජනතාවට ඒත්තු ගන්වනු පිණිස අත් අඩංගුවට ගත් හිටපු මැති ඇමතිවරුන්ට පොලිසියෙන් එල්ල කොට තිබෙන චෝදනා අතර එදා මොවුන් දතකට මැද කී කිසිදු චෝදනාවක් ඇතුළත් නැත. භාණ්ඩාගාර මුදල් ලැබෙන තෙක්, කැබිනට් අනුමැතිය ද සහිත ව ස්වේඡාවෙන් විශ්‍රාම ගිය සමෘද්ධි නිලධාරීන්ට දිවි නැගුම අරමුදලින් වන්දි ගෙවීම සිරගත කළ යුතු වරදක් ද?

තත්වය මෙසේ තිබිය දී පසුගිය දා සිදු වූ බැඳුම්කර නිකුතුවකින් රුපියල් කෝටි 6000 ක් පමණ කොල්ල කෑ බවට ප්‍රබල චෝදනා එල්ල වූ සිංගප්පූරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කිසිදු බාධාවකින් තොර ව තාමත් තනතුරු දරනු පෙනේ. තව ද පසුගිය ජනපතිවරණ සමයේ දී ද ඉන් පසුව ද කුඩු සම්බන්ධ ව දැඩි චෝදනා එල්ල වූ පිරිස් දැන් අන් කවර දිනකටත් වඩා නිදහසේ සිටින විට ‘වෙලේ සුදා’ පිළිබඳ ඔහු ම කතා කළත් ආණ්ඩුව නම් මාරාන්තික නිහඬතාවක ගිලී සිටියි.

අධිවේග මාර්ග කොමිස් කතා හෙළි වීම

පසුගිය රජය පෙරලා දැමූවේ ප්‍රධාන වශයෙන් ම අධිවේගි මාර්ගවලින් අධික ලෙස සොරා කෑවේ ය කියමින් ය. කිලෝ මීටරයක් සඳහා වැය වූ මුදල් ප්‍රමාණය කෝටි මෙ පමණකි යි ආදි නොයෙක් චෝදනා නැඟිණි. එහෙත් ඉතිහාසයේ අධිවේග කිලෝ මීටරයක් සඳහා වැය කළ වැඩි ම මුදල වන රුපියල් බිලියන 7.5 මුදල කඩවත-කෙළවර පිටිය කොටස සඳහා වැය කිරීමට වත්මන් ආණ්ඩුව දැන් ගිවිසුම් අත්සන් කොට ඇත. කනගාටුව මේ පාරවල් හදන්නේ රත්තරන්වලින් දැයි ඇසීමට දැන් කිසිවකු ඉතිරි නො වීම ය. මහින්ද පැන්නීමට ගෙතූ ලොකු ම බොරුව මෙම ගිවිසුමත් සමග දැන් හෙළි වී අවසන් ය.

නීතිය වල් වැදෙද්දී රාජ්‍ය නිලධාරීහු ඉල්ලා අස්වෙති

මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ ම ප්‍රජාතන්ත්‍රවාදයට දරුණුතම පහරවල් දෙකක් එල්ල කරමින් ය. ඒ නම් නීත්‍යනුකූල ව පත් වූ අගවිනිසුරුවරයා ඉවත් කොට නීත්‍යනුකූල දෝෂාභියෝගයකින් ඉවත් කළ හිටපු අගවිනිසුරුවරිය නැවතත් අදාළ තනතුරට පත් කිරීමෙන් හා ඒත් සමගම ඇයට ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි. මෙය අමු අමුවේ නීතිය විහිළුවට ලක් කිරීමකි. ඉහත මෙහෙයුම ක්‍රියාත්මක කළ නීතිඥ සංගම් සභාපති උපුල් ජයසූරිය මහතා අදාළ සිද්ධියෙන් දින කිහිපයකට පසු ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කොට ඔහුට ඉහළින් ම “කෘතගුණ” සලකා තිබිණි. දෙවැනි ප්‍රහාරය නම් පාර්ලිමේන්තුවේ සුළුතරය නියෝජනය කරන පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීම හා ඔහුට එන දේශපාලන අභියෝග පාලනය කිරීම සඳහා බහුතර පක්‍ෂයේ නායකත්වය විධායක බලය යොදා ගනිමින් ජනාධිපතිවරයා සතු කර ගැනීම ය.

රජයේ උසස් නිලධාරීන්ට නීතියට හා තම හෘද සාක්‍ෂියට අනුව වැඩ කිරීමේ අවස්ථාව මේ රජය විසින් ලැජ්ජා සහගත ලෙස අහිමි කොට තිබේ. කරුංකා හා තඹ තොගයක් රේගුවෙන් නිදහස් කිරීමට ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු කළ බලපෑම ගැන මාධ්‍ය වාර්තා පළ වී සති දෙක තුනක් ඇතුළත ශ්‍රි ලංකා රේගු අධ්‍යක්‍ෂවරයාට ඉල්ලා අස්වීමට සිදු විය. මේ අතර පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්සුක් මහතා ද ඇමතිවරයා සමග වූ ‘නො එකඟතාවක්’ හේතුවෙන් ඉල්ලා අස් වී ගෙදර ගියේ ය. මේ දින 100 ප්‍රතිඵල නොවේ ද?

කොටි සැමරුම් මැද ආරක්‍ෂක අනතුර නැවතත්

පසුගිය සතියේ හිටපු තමිල්නාඩු මහ ඇමති එම් කරුණානිධි පැවසූයේ උතුරු නැගෙනහිර දමිළ ජනතාව විසින් මෛත්‍රිපාල සිරිසේන ජනපති කර වූයේ උතුරින් හමුදාව ඉවත් කොට එම පළාත්වලට බලය බෙදා ගනු පිණිස බව ය. මේ ඔවුන් වපුල බිජුවල අස්වැන්න නෙළන කාලය බව අප අමතක නො කළ යුතු ය. මීට සමගාමී ව දැන් උතුරු කරයේ ද ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව පෙනේ. පසුගිය දා විද්‍යා නම් පාසල් දැරියගේ ඝාතකයින් අත්අඩංගුවට ගෙන තිබිය දී පවා යාපන අධිකරණයට ගල් ගසමින් තරුණ කොටස් හැසිරුණු ආකාරය තුළ අවදානම් සහගත සංඥාවක් සටහන් වී තිබිණි. රටේ පොදු නීතිය පවා උල්ලංඝණය කරමින් මියගිය කොටි වෙනුවෙන් උතුරේ මහ ඇමතිවරයා පවා මල් වඩම් තබනු දක්නට ලැබිණි. නිසි ලෙස පුනරුත්ථාපනය නො කළ දරුණු එල්ටීටීඊ නායකයින් හා සාමාජිකයින් අභිරහස් ලෙස නිදහස් කෙරෙමින් තිබේ. අධි ආරක්ෂිත කලාප ද විශාල වශයෙන් දැන් ඉවත් වෙමින් තිබෙන පසුබිමක ජුනි 4 වෙනි දා උතුරේ කොකාවිල් හා කිලිනොච්චි ප්‍රදේශයේ කළ හදිසි වැටලීමක දී අලුත් ම ටී-56 උණ්ඩ පෙට්ටි 6ක් හා මෝටාර් උණ්ඩ 60ක් පමණ ආරක්‍ෂක අංශ විසින් සොයා ගෙන තිබිණි.

ඇමරිකානු හා ඉන්දියානු හොල්මන් තීව්‍ර වෙයි

චීනය නො වන්නට අපට යුද්ධය කිසි දා ජය ගනු නො හැකි වනු ඇත. එහෙත් දැන් ඇමරිකාවේ සටකපට ඉල්ලීමට එවන් චීනයට අද නොයෙක් අයුරින් කෙනෙහිලි කම් කරද්දී රටේ විදේශ ප්‍රතිපත්තිය සපුරා ජාතික අභිලාෂයන්ගෙන් ගලවා ඇමරිකාවේ හා ඉන්දියාවේ කෙළි බිමක් බවට පත් කොට ඇත. මේ කෘතගුණ දත් ජාතියක් ද? අනෙක් අතට ඇමරිකාවේ පිහිටින් ගොඩ ආ ලොව කිසිම රටක් තිබේ ද? නැත. මේ අතර, මිතුරු කම් පෙන්වන විට පවා ඉන්දියාව අපට කරන්නේ හතුරු කම් ම පමණි. නරේන්ද්‍ර මෝඩි ලංකාවට පැමිණ විධායකය ඉදිරියේ ම සිට ගෙන කීවේ 13 වැනි සංශෝධනය හා ඉන් එහා ද යා යුතු බව ය. මෙය භයානක ප්‍රකාශයකි. මෙවන් විදේශ අත පෙවීමක් මෙරට ඉතිහාසයේ නො තිබූ තරම් ය. ලංකාව දැන් ස්වෛරී රටක් ද එසේත් නැතිනම් ඉන්දියානු ප්‍රාන්තයක් ද යන්න අප දැන් සොයා බැලිය යුතු ය

ජාතික සාරධර්ම විනාශ කරමින් ධර්ම ද්වීපය සමලිංගික රාජ්‍යයක් කරා

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු 74%ක් සිංහලයින් වෙසෙන සිංහලයින් විසින් ශිෂ්ටාචාර ගත කළ මේ රට සිංහල රටක් දැයි අසන තැන දක්වා යන තැනට පත් වී ඇත. තව ද මේ තාක් අප භාවිත කළ අප ශිෂ්ටාචාරයේ සංකේතය වන සිංහයා හා බෝ කොල හතර සහිත ජාතික කොඩිය උපක්‍රමික ව වෙනස් කිරීමේ අපේක්‍ෂාවෙන් ඉමිටේශන් ජාතික කොඩියක් හඳුන්වා දීමට යන බව ද රජය ප්‍රකාශ කරයි. මේ එක් අතකින් ජාතිය පිළිබඳ අලුත් පරම්පරාවේ ගෞරවය හා හැඟීම ක්‍රමයෙන් හීන කිරීමේ මානසික යුද්ධයකි. මේ අතර, අප රටේ මූලික වටිනාකම් පද්ධතිය ක්‍රමයෙන් විනාශ කර දැමීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක ය. බෞද්ධ ධර්මාචාර්ය විභාගය අහෝසි කරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එළිපිට ම සමලිංගිකයින්ට සහාය දෙන එක ම ආසියානු රට බවට පත් විය. ඒ රුසියාව, චීනය හා ඉන්දියාව පවා මීට එරෙහි වන විට ය. වෙනස මේ ය.

සිදු වූයේ කුමක් ද හා සිදු වන්නේ කුමක් ද යන්න තාමත් අප සමාජයේ ම කොටසකට සිතා ගැනීමට නො හැකි තත්වයකි. එහෙත් අපගේ මේ ගිනි කන වැටීම තුළ නො දැනී ම රට තව දුරටත් පසුපසට ගිය හොත් ජාතියේ ප්‍රගතිය අනිවාර්යයෙන් ම යළි ආපසු හැරවිය නො හැකි ලක්‍ෂයට පැමිණෙනු ඇත. අප බලා සිටිය යුත්තේ ඒ ද සිදු වනු තුරු ද? නො එසේ නම් මාතෘ භූමිය නැවතත් අඳුරු අගාධයක් අසලට රැගෙන ගොස් ඇති මේ තීරණාත්මක මොහොතේ දැයේ සුජාත දූ පුතුන් වෙතින් මව්බිම ඉල්ලා සිටින යුතුකම ඉටු කරනවා ද?

රටට දැයට සංස්කෘතියට සාපේක්ෂ වූ නිර්මාණශීලී ඉදිරි මාවතක් පාදා ගත නො හැකි ව තිබීම අප පෙළන බොහෝ සමාජ ආර්ථික ව්‍යසනයන්ට හේතුවකි. ඉහත මූලික ප්‍රශ්නය අරභයා වූ සංවාදයකට ප්‍රවේශ විම බෙහෙවින් අභියෝගාත්මක කාර්යයකි. දුෂ්කරතා, සීමා මායිම් බිඳලමින් ඒ සඳහා දායකත්වයක් ලබා දීමේ වගකීම ඉතිහාසය විසින් අපට පවරා තිබේ.
මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සුවහසක් මිනිසුන්ගේ හදවත්හි රැඳුණු යහපත් අරමුණු පිළිබඳ ව අත් හළ නො හැකි වගකීමක් අප සැමට ඇත. කවර තත්වයක් යටතේ වුව ද අපට එම වගකීමෙන් මිදිය නො හැකි ය. ඒ වගකීම් දරා ගෙන යුතුකම සංවාද කවය බිහි වන්නේ මෙරට සිදු වන සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සිද්ධීන් ඉතා සුපරික්ෂාවෙන් නිරීක්‍ෂණය කරමින් එවා පිළිබඳ විග්‍රහාත්මක මානයන් සම්පාදනය කරමින් රට දැය සමය පිළිබඳ අත්‍යවශ්‍ය සමාජ කතිකාව ඔසවා තැබීමේ අරමුණ පෙරදැරි ව ය. පක්ෂ පාට තුළ සිරගත නො කළ දේශපාලනයකි යුතුකම සංවාද කවය. ඒ යුතුකම හා ඔබ ද එක් වන බව දනිමු. 


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
www.facebook.com/yuthukama



, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions