6/24/2015

හිටපු ජනාධිපති රැක ගනිමු

කතෘ:යුතුකම     6/24/2015   2 comments

හිටපු ජනාධිපති තුමාගේ ජීවිතයට තර්ජන ඇති බවට වරින් වර නොයෙක් කණ්ඩායම් මඟින්පෙන්වාදෙනු ලැබ ඇත. මෙය හුදු හිතලූවක් ලෙස සළකා ඉවත දැමිය හැකි නොවෙි. අතීතයේදී අනෙක් සියළු හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන් ආකාරයටම හිටපු ජනාධිපතිවරයාට ද නීත්‍යානුකූල ව ඔහුට ලබා දිය හැකි උපරිම ආරක්‍ෂාව දැනට ද ලබා දී ඇති බවට තර්කයක් රජය විසින් ඉදිරිපත් කරනු ඇත. එ නමුත් හිටපු ජනාධිපති තුමා ඉන් පෙර සිටි කිසිම ජනාධිතිවරයෙකු සමඟ සංසන්දනය කළ නොහැකි සුවිශේෂී පුද්ගලයෙකු බව අප විසින් තේරුම් ගත යුතු ය. රටක රාජ්‍ය නායකයකු සතු ප‍්‍රධානම වගකීම නම් සිය ජනතාවගේ ආරක්‍ෂාව සළසා දීම යි. ශී‍්‍ර ලංකාවෙි සිටි විධායක ජනාධිපවරුන් සියළුම දෙනාට තම ජනතාව ට ආරක්‍ෂාව සළසා දීම ප‍්‍රභල අභියෝගයක් වූයේ පසුගිය කාල වකවානුව තුළ මෙරට කි‍්‍රයාත්මක වූ කොටි ත‍්‍රස්තවාදය නිසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හැර අන් සියළුම ජනාධිපතිවරුන් හා රජ්‍ය නායකයින් කොටි ත‍්‍රස්තයන්ගෙන් මෙ රට පොදු ජනතාව රැුක ගැනීමට අසමත් වී ය. මහින්ද රාජපක්‍ෂ මහතා හැරුනු කොට ලොව අන් කිසිම රාජ්‍ය නායකයකු බටහිරයන් විසින් පෝෂණය කරණ ලද ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කර නැති බැවින් මෙම ප‍්‍රකාශය අනිකුත් හිටපු ජනාධිපතිවරුන්ට කරන මදි පුංචි කමක් ලෙස නොගිණිය යුතු ය. මහින්ද රාජපක්‍ෂ මහතාට නිසි ආරක්‍ෂාව සැළසීම ඒ සා වැදගත් වන්නේ එතුමා සුවිශේෂී වූ ද පූර්වාදර්ශයක් නොමැති වූ ද ජනාධිපතිවරයා වන බැවිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත් වන්නේ මෙරට පොදු ජනතාවගේ ආරක්‍ෂාව මෙන් ම ජීවත් වීමේ අයිතියද කොටි ත‍්‍රස්තවාදය හමුවෙි ඉතිහාසයේ අන් කවර කලෙකවත් මුහුණ නුදුන් ආකාරයේ තර්ජනයට ලක්ව තිබූ යුගයක දි ය. විශේෂයෙන් ම එතුමාට පෙර සිටි නායකයන් විසින් ඊනියා සටන් විරාම ගිවිසුම් මඟින් ත‍්‍රස්තවාදය වෙන කිසිම කලෙක නුවු තරම් ප‍්‍රබල තත්වයකට පත්කර තිබුනු අවදියක දී ය. මෙම අභියෝගයට යුදමය කියා දාමයක් මඟින් නිවැරැදි දේශපාලන විසඳුමක් දුන් එකම නායකයා රාජපක්‍ෂ මහතා ය. මෙම කි‍්‍රයා දාමය තුළින් කෝටි දෙකක ජනතාවකගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දීම නිසා ම එතුමාට එරෙහි සතුරු බලවෙිග රාශියක් රට තුළ මෙන් ම රටින් පිටත ද නිර්මාණය වී ය.

රාජපක්‍ෂ මහතා කොටි ත‍්‍රස්තවාදය පැහැදිලි ලෙසම පරාජය කර දැමුව ද විසි වන සිය වසේ මුල් කාලයේ සිටම වර්ධනය වුනු දෙමළ ජාතිවාදය සම්පූර්ණයෙන් ම පරාජය කිරීමට අසමත් වී ය. ඉන්දියාව තුළ මෙන්ම බටහිර රටවල් වල ද ඊනියා දෙමළ ඩයස්පෝරාව හා විවිධ ජාතිවාදී සංවිධාන මඟින් ද කරගෙන ගිය ප‍්‍රචාරයන් මඟින් දෙමළ ජාතිවාදී ගින්නට තව තවත් දර එකතු කරනු ලැබිනි. බටහිර නව යටත් විජිතවාදීහු (ප‍්‍රධාන වශයෙන් ම ඇමෙරිකාව හා යුරෝපා සංගමය) තම කොටි හුරතලූන් ලද පරාජය දරා ගත නොහී මෙරටට එරෙහිව විටින් විට රාජ්‍ය ත‍්‍රස්තවාදය මෙන් ම ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාව හා දෙමළ ඩයස්පෝරාව ද, ඇමෙරිකාවෙි මුදලින් ම යැපෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හා රාජ්‍ය නොවන සංවිධාන ද මෙ රටට, එනම් මහින්දට විරුද්ධව මෙහෙයවී ය. මෙම මෙහෙයුම අවසන් වූයේ මෙරට බුද්ධිමත් පොදු ජනතාවගේ අපේක්‍ෂාවන් හා ප‍්‍රාර්ථනා සුනු විසුණු කරමින් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙකින් පරාජයට පත් වීමෙනි. රාජපක්‍ෂ රජයට එරෙහිව මෙවන් වූ මෙහෙයුමක් කි‍්‍රයාත්මක වූ බව මෙ රටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් ද පිළි ගනු ලැබින. මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය පිළිබඳ ව මා ඉහත සඳහන් කළ කණ්ඩායම් මෙන් ම මෙ රට සිටින ඔවුන්ගේ ඒජන්තයන් ද උද්දාමයට පත් වූ අයුරු සැළකිල්ලට ගත් විට වුව ද මා කියන දේ තේරුම් ගත හැකි වෙතැ යි සිතමි.

මෙම මෙහෙයුම කි‍්‍රයා කරවූවන්ට උවමනා වූයේ රාජපක්‍ෂ මහතා විශ‍්‍රාම යවන්නට හෝ ජාත්‍යත්තර උසාවියේ දංගෙඩිය යවන්නට ය. එහෙත් මෙරට දේශපේ‍්‍රමී වූ ද බුද්ධිමත් වූ ද පොදු ජනතාව එය පිළි ගැනීමට සූදානම් නැත. ඔවුන් එක හඬින් මහින්ද රාජපක්‍ෂ මහතාව ම ඉල්ලා සිටින්නේ මෙරට කොටි සෙවණැලි වලින් මෙන් ම සුදු සෙවණැලි වලින් ද මුදා ගත හැක්කේ එතුමාට ම පමණක් බව ඔවුන් දන්නා හෙයිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගැනීම සඳහා වන ඇතැම් බලවෙිග එතුමාට යළි දේශපාලනයට එන්නට ඉඩ දෙන්නේ නැතැ යි තර්ජනය කරණු ලැබුව ද බිය යනු කුමක් දැ යි නො දන්නා මහින්දගේ දේශපාලන ආගමනය පොදුජන අපේක්‍ෂාවන් අනුවම සිද්ධ වනු ඇත. මැතිවරණ ව්‍යාපාරය තුළ මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව ඉදිරිපත් කළ ඊනියා
දූෂණ හා සොරකම් පිළිබඳ වූ චෝදනා හුදු මහින්ද පරාජය කිරීමේ මෙහෙයුමේ ම කොටසක් පමණක් ම බව දැනට දින 150 ද ඉක්මවා සිටින දින සියයේ රජය මේ දක්වාද එතුමාට විරුද්ධව සැළකිය යුතු චෝදනාවක් ඉදරිපත් කිරීමට අපොහොසත් වීම තුළින් ම පැහැදිලි වෙයි.

මා ඉහත සඳහන් කරණ ලද බලවෙිග හා ඔවුනගේ විදේශීය හා දේශීය ඒජන්තයින් මහින්දා(පුනරා)ගමනය වැළැක්වීමට කුමණාකාර පිළිවෙතක් අනුගමනය කරණු ඇද්දැ යි සළකා බලන විට එ තුමාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සිත් තුළ සැක සංකා පහළ වෙනු නො වැළැක්විය හැකි ය.
මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව රටවල් තුනකම මේ වන විට ද යුද අපරාධ පරීක්‍ෂණ කි‍්‍රයාත්මක වන බව ජනාධිපතිවරයා ම ප‍්‍රකාශ කර තිබෙනු සති අන්ත පුවත් පතක දුටිමි. රජය විසින් සිරභාරයේ සිටින බිහිසුණු ත‍්‍රස්තවාදීන් නිදහස් කිරීමට පියවර ගන්නා බව ද, අනාගතයේ දි බටහිර රටවල සිට කි‍්‍රයාත්මක වන ඊනියා දෙමළ ඩයස්පෝරාවට මෙරටට ආරාධනා කරණ බවට ද පුවත් පළ වී තිබිනි. එ මෙන්ම ඉන්දියාව හා ලංකාව අතර ආගමන විගමන නීති ලිහිල් කරණු ලැබ ඇත. මූල්‍ය අපරාධ අංශය හා අල්ලස් කොමිසමේ නිළධාරීන් පුහුණු කිරීමේ මුවාවෙන් ඇමෙරිකානු නිළධාරීන්ට මෙරට දොර විවර කිරීම ම ඇමෙරිකානු අධිරාජ්‍යයේ තම දේශපාලන සතුරන් මෙල්ල කිරීමේ ම්ලේචිඡු පිළිවෙත දන්නා බුද්ධිමත් පාධකයාගේ සිත සසළ කරනු වැළැක්විය නො හැක. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට තර්ජන ඇතැ යි යන්න හුදු හිතළුවක් නොවෙි ය යන්න සනාථ කිරීමට මෙම කරුණු පමණක් වුව ද සෑහේ යැ යි සිතමි.

මහින්ද රාජපක්‍ෂ මේ යුගයේ පහළ වූ අපූර්වතම නායකයා ය. මහින්දා(පුනරා)ගමනය ශක්තියක් වනුයේ අප රටට පමණක් නොව නව යටත් විජිතවාදයෙන් බැටකන ආසියාකරය, මැද පෙරදිග, අපි‍්‍රකානු හා දකුණ ඇමෙරිකානු සියළුම රාජ්‍ය වලට ද ය. අපි ලෝක ඉතිහාසයට විශිෂ්ට ගනයේ වීරයෙකු නිර්මාණය කිරීමේ කාර්යයට දායක වී ඇත්තෙමු. අද අප සතු භාරදූර වගකීම නම් අපගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දුන් මේ අපූරු මිනිසාගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දීමයි.

- විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015-06-22
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. ඕකව රැකගන්න වෙන්නේ දෙහිවල සත්තු වත්තේ බලු කූඩුවකට දාලා. නැත්නම් මිනිස්සුන්ගෙන් ගුටි කාලා බල්ලෙක් වගේ පාරේ මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. තිරිසනෙක් උඹ නම්...
      යකෝ රනිල්ගෙන් රු 1600 කුලියට වැඩකරන ෆේස්බුක් ජොකියෙක් වගේනේ උඹේ කතාව..

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions