මේ රටට දැයට සංස්කෘතියට සාපේක්ෂ වූ නිර්මාණශීලී ඉදිරි මාවතක් පාදාගත නොහැකිව තිබීම අප පෙලන බොහෝ සමාජ ආර්ථික ව්‍යසනයන්ට හේතුවකි. මෙරට බොහෝ සමාජ බලවේග හා දේශපාලන ව්‍යාපාර වල්බිහිව දූෂිතව ඇති මොහොතක ඉහත මූලික ප්‍රශ්නය අරභයා වූ සබුද්ධික සංවාදයකට ප්‍රවේශවිම බෙහෙවින් අභියෝගාත්මක කාර්යයකි. බොහෝ සීමා මායිම් මැද වුවද ඒ සදහා අපට හැකි දායකත්වයක් ලබාදීමේ වගකීම ඉතිහාසය විසින් අපට පවරා තිබේ. යුතුකම සංවාද කවයයේ අප එබඳු කාර්යයකට අත ගැසුවෙමු. මේ අපේ පළමු වෑයමයි.
"වෙනස සැපද ?" යුතුකම සම්මන්ත්‍රණය- අද දෙරණ ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මෙලෙස සටහන්ව තිබිණ.
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .