මදය නැති ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් දැන් වඩාත් හොඳින් නිරාවරණය වන්නට පටන් ගෙන තිබේ. එස් බී දිසානායක, තිලංග සුමතිපාල, රාජිත සේනාරත්න වැනි අය එවැන්නන් ය. ඌරන්ට කෑම පිළිබඳ තේරීමක් නැත. අතනින් මෙතෙන්ට පනිමින් හසුවන ඕනෑම දෙයක් කෑම ඌගේ සිරිත ය. ඉහත මන්ත්‍රිවරුන්ට දේශපාලන දෘෂ්ටිවාදයක් හෝ ප්‍රතිපත්තියක් අවශ්‍ය නැත. තාවකාලික හෝ සුවයක් ඇත්තේ කොතැන ද, තම පුද්ගලික අවශ්‍යතා සපිරෙන්නේ කොහි ද එතනට තල්ලු වීමට මොවුන්ට දුෂ්කර නොවන දෙයකි. පහුගිය සතියේ ශ්‍රීලනිප මාධ්‍ය සාකච්ඡාවේ දී බෙදා හල කැලෑපත්තරය කරළියට එන්නේ ඉහත ඌරු කුලේ දේශපාලකයින්ගෙන් ය. දැන් මොවුන් විසින් හෙට අනිද්දා රනිල්-චන්ද්‍රිකා-මෛත්‍රී කට්ටුවේ අවමනාවට මහින්දට එරෙහි නොයෙක් අවලාද ද නගනු නියත ය.
මෙම අලජ්ජී දේශපාලකයින් අනිවාර්යෙන් ම මහින්ද පිළිබඳ ඉන්නේ චම්පිකලා එදා මහින්ද පිළිබඳ කළ වැරදි ගණයයට සමාන එකක ය.චම්පිකලා එදා සිතුවේ කෙසේ හෝ පරාජය කළහොත් මහින්දට දෙවැනි උපතක් නැති බව ය. ඒ අනුව, ජාතිකවාදය තමාට ගෙඩිපිටින් අනුභව කළ හැකි බව ය. එහෙත් මැදමුලනට ඇදුනු ජනගඟ ද මහින්ද යන යන තැන් රොක් වී මහින්ද ඉල්ලූ මෙරට සංස්කෘතික ජනකැළ ද තුප්පැහි ආත්මාර්ථකාමීන්ගේ අපේක්ෂා භංග කළේ ය.
එස් බීලා ද හිතන්නේ ශ්රීලනිපය යනු ලියාපදිංචි ලකුණ, නම හා ඩාර්ලි පාරේ ගොඩනැගිල්ල බව ය. ඇතැම් පක්ෂවලට සාපේක්ෂ ව නම් පක්ෂයක් යනු මේවා ය. වහල් මානසිකත්වයෙන් යුතු ජවිප සාමාජිකයාට මෙය ඇත්තකි. කැපුවත් කොළ එජාප සාමාජකයාට එය එසේ ය. ඔවුන්ට අලියා තරම් අන් කිසිවක් වටින්නේ නැත. මොවුන් පක්ෂ වහලුන් ය. එහෙත් ශ්‍රිලනිපයා තම පක්ෂ ලකුණ. පාට හා නම පිළිබඳ තකන්නේ නැත. ඔහු නිරන්තර ව තැකුවේ රට, ජාතිය හා සමය ගැන ය. ඔහු බලය තිබෙන පැත්ත ගන්නේ ද නැත. බලය හමුවේ දනින් වැටෙන්නේ ද නැත. බලය ඇති මෛත්‍රී ප්‍රතික්ෂේප කරමින් බලය නැති මහින්ද වටා ඔහු රොක් වන්නේ ඒ පදනමින් ය. ඔහු තමාට, තම පවුලට රැකියාවක් ලබා ගැනීම සඳහා ප්‍රතිපත්ති පාවා නොදෙන්නකි. ඒ අතින් ඔහු සංවර්ධිත බටහිර රටවල පුරවැසියාට සමාන ය. ඔවුන් ද රට, ජාතිය හා ආගම ඉදිරියේ අන් සියල්ල ඉවත ලයි. ඔවුන්ගේ සංවර්ධනයේ රහස ඒ ය.
රට ජාතිය නියෝජනය වන්නේ කොතැන ද ශ්‍රිලනිපය එතැන ය. ශ්‍රිලනිපයේ උරුමය ජාතික උරුමයයි. අන් කිසිවක් ඊට ඉහළින් නැත. එය පක්ෂ පාට ඉක්මවා යන්නකි. ඒ අනුව, ලියාපදිංචි ශ්‍රිලනිප ලිපි ශීර්ෂය හා ලකුණ අලුයම ලූ කෙළ පිඩක් සේ බැහැර කිරීමට ශ්‍රිලනිපයා සූදානම් ය. ඔහු නිදහස් මතධාරියෙකි. නිදහස් පක්ෂය යන නමේ නියම අරුත් එයයි. මහින්ද යනු තවත් එක ශ්‍රිලනිප නායකයෙක් නොවන බව නිදහස් පාක්ෂකයා දනී. ඔහුට ආදේශ නැත. ඔහු සිරිමා මැතිනිය හෝ චන්ද්‍රිකා ද නොවේ. ඔවුන් ගියොත් ගියා ය. එහෙත් මහින්ද යනු අද්විතීය ජනමූල නායකයෙකි. ශ්‍රිලනිපයා ඔහු ගෙදර යවන්නේ මෙරට යළි කිසිවෙකුට පරාජය කළ නොහැකි තැනකට ඔසවා තැබීමෙන් පසු පමණි. මහින්ද නැති ශ්රිලනිපයක් ගොඩගත හැකිය යන එස්බීලාගේ ගණනය, මහින්ද පිළිබඳ චම්පිකලාගේ වැරදි ගණනයේ දෙවැන්න වන්නේ මෙනිසා ය.
-මහින්ද පතිරණ
මෙම අලජ්ජී දේශපාලකයින් අනිවාර්යෙන් ම මහින්ද පිළිබඳ ඉන්නේ චම්පිකලා එදා මහින්ද පිළිබඳ කළ වැරදි ගණයයට සමාන එකක ය.චම්පිකලා එදා සිතුවේ කෙසේ හෝ පරාජය කළහොත් මහින්දට දෙවැනි උපතක් නැති බව ය. ඒ අනුව, ජාතිකවාදය තමාට ගෙඩිපිටින් අනුභව කළ හැකි බව ය. එහෙත් මැදමුලනට ඇදුනු ජනගඟ ද මහින්ද යන යන තැන් රොක් වී මහින්ද ඉල්ලූ මෙරට සංස්කෘතික ජනකැළ ද තුප්පැහි ආත්මාර්ථකාමීන්ගේ අපේක්ෂා භංග කළේ ය.

රට ජාතිය නියෝජනය වන්නේ කොතැන ද ශ්‍රිලනිපය එතැන ය. ශ්‍රිලනිපයේ උරුමය ජාතික උරුමයයි. අන් කිසිවක් ඊට ඉහළින් නැත. එය පක්ෂ පාට ඉක්මවා යන්නකි. ඒ අනුව, ලියාපදිංචි ශ්‍රිලනිප ලිපි ශීර්ෂය හා ලකුණ අලුයම ලූ කෙළ පිඩක් සේ බැහැර කිරීමට ශ්‍රිලනිපයා සූදානම් ය. ඔහු නිදහස් මතධාරියෙකි. නිදහස් පක්ෂය යන නමේ නියම අරුත් එයයි. මහින්ද යනු තවත් එක ශ්‍රිලනිප නායකයෙක් නොවන බව නිදහස් පාක්ෂකයා දනී. ඔහුට ආදේශ නැත. ඔහු සිරිමා මැතිනිය හෝ චන්ද්‍රිකා ද නොවේ. ඔවුන් ගියොත් ගියා ය. එහෙත් මහින්ද යනු අද්විතීය ජනමූල නායකයෙකි. ශ්‍රිලනිපයා ඔහු ගෙදර යවන්නේ මෙරට යළි කිසිවෙකුට පරාජය කළ නොහැකි තැනකට ඔසවා තැබීමෙන් පසු පමණි. මහින්ද නැති ශ්රිලනිපයක් ගොඩගත හැකිය යන එස්බීලාගේ ගණනය, මහින්ද පිළිබඳ චම්පිකලාගේ වැරදි ගණනයේ දෙවැන්න වන්නේ මෙනිසා ය.
-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබගේ අර්ථකථනය ඉතාමත් නිවැරදිය. නියම නිදහස් පාක්ෂිකයා ලකුණක, පාටක, කාර්යාලයක සිරවී නැත. නමුත් එක අදහසක ඇත. ඒ රට, ජාතිය, ආගම රැක ගැනීමය. එය ඉටු කර ගැනීමට සිට ගත යුත්තේ කා සමගද යන්නත් ඔවුන්ට මැනවින් හඳුනා ගත හැක.
ReplyDelete