6/07/2015

දින 100 යේ ශිෂ්‍ය මර්දනය

කතෘ:යුතුකම     6/07/2015   No comments

දින 100 යේ ශිෂ්‍ය මර්දනය නමින් මර්දන වාර්තාව එලි දක්වන අවස්ථාවේ නජිත් ඉන්දික සහෝදරයා කල කතාව - 2014/06/01

දින සීයේ ශිෂ්‍ය මර්දනය නමින් පහුගිය කාලසීමාවට අදාළ මර්දන වාර්තාව එළිදක්වන අද දවසේ ඒ සාකච්ඡඡාව පටන් ගැනීමට කලියෙන් මතක් කරන්නට කැමතියි පහුගිය මැතිවරණයේදී මෛත‍්‍රීපාල  සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයෙන් අනතුරුව පැවැත් වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී රාජිත සේනාරත්න මහතා පැවසුවා තවදුරටත් පැරණි ප‍්‍රශ්න සිද්ධ වෙනනෙ නැහැ, නැවත ෆෝන් ටැග් වෙන්නෙ නෑ, බුද්ධි අංශවලින් පස්සෙන් එන්නෙ නෑ, මර්දනයට බයේ විදේශ ගත වුණ අයට නැවත එන්න පුළුවන් කියලා. ලක්ෂ හැට දෙකක ජනතාව ඔවුන්ට ලැබුණේ ඔවුන් මේ ආණ්ඩුව ගැන විශ්වාස කළ නිසයි. අපි දින සීයේ මර්දන වාර්තාව ලෙස ගත්තෙ දින සීයක කාලය නෙවෙයි. ආණඩුවේ දින සීයේ වැඩ පිළිවෙළ ගැන තමයි පහුගිය සමයේ සෑම දෙනාම පාහේ සාකච්ඡා කළේ. එම නිසා අපි තීරණය කළා කියන්න ශිෂ්‍ය ව්‍යාපාරය මෙම දවස් සීයේ මොනාද කළේ කියන එක.

රාජ්‍ය මර්දනය නැවතත් ශිෂ්‍ය ව්‍යාපාරයට එලව එලව පහර දෙන්නට පටන් අරන් තියෙනව. මේ වන විට ශිෂ්ය ක‍්‍රියාකාරීන් හත් දෙනෙක් සිරගත කරල තියෙනව, මේ අවස්ථාවෙත් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේලා පස් නමක් වැලිකඩ බන්ධනාගාරගත  කරල තියෙනව. මේ වෙන කොට ශිෂ්‍යයන් බොහෝ දෙනෙක්ගේ නිවෙස් වලට පොලීසිය ලෙසත්, බුද්ධි අංශ ලෙසත් ගිහිල්ලා මරණ තර්ජන එල්ල කරලා දෙමාපියන්ව බියගන්වනවා. නමුත් මේ සමාජයේ බොහෝ දෙනෙක්ට තවම මෙය දැනී නැති වෙන්නට පුළුවන්, මොකද බොහෝ දෙනෙක් සක‍්‍රීයව ආණ්ඩුවත් සමග ගැටීමට සූදානම් නැහැ. එසේ ගැටිච්ච ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍යයන්ට පවා අත් වූ ඉරණම, මේ ආණ්ඩුව දක්වපු ප‍්‍රතිචාරය අපි දැක්කා. මේ ආණ්ඩුව මැදිහත්වෙලා තමන්ගෙ අරමුණ ඉටු කර ගැනීමට කරන දැවැන්ත මැදිහත් වීමක් පමණි. ඒ අනුව ශිෂ්‍යයන්ට උසාවි නියෝග ගේනව, පංති තහනම් එනව, වරෙන්තු නිකුත් කරනව, අත්අඩංගුවට ගන්නව, දැන් උද්ඝෝෂණ කරන්නත් කලින් උසාවි කැඳවනව. පහුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ජනතාව ශිෂ්‍යයන්ව මර්දනය කරනව කියලා පිළිගත්තා. රාජපක්ෂ ආණ්ඩුවෙන් ශිෂ්‍යයන්ට පංති තහනම් කළ, සුදු වෑන් සංස්කෘතියක් ගෙනාව, එතකින් නොනැවතී ශිෂ්‍යයන් තිදෙනෙක් ඝාතනය කළා. දාහක් දෙදාහක් හරි ශිෂ්‍යයෝ විශවවිද්‍යාලයෙන් එළියට දාලා පෞද්ගලික විශ්වවිද්‍යාල පණත ගෙනවා කියල එස්. බී. දිසානායක මහතා ප‍්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡුාවක කියන කොට, ඒ දේවල් අවුරුද්දක් දෙකක් වගේ කාලයකදි සිද්ධ වෙනකොට සමාජය ඒකට සංවේදි වුණා. වෘත්තීය සමිති, ඇතැම් දේශපාලන පක්ෂ, ජනතාව සටන්
කළා වගේම ඊට විරුද්ධව කථා කළා. අරගල කරපු හැම කෙනෙක්වම මර්දනය කරද්දි රොෂේන් චානක, ඇන්ටනි වගේ අයව ඝාතනය කරද්දී, දහස් ගණනක් පිරිස සුදු වෑන් වලින් අතුරුදහන් කරද්දි, අධ්‍යාපනය විකුණද්දි වෘත්තීය සමිති, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කි‍්‍රයා කරද්දි ශිෂ්‍යයො සහ අනෙකුත් ජන කොටස් එක්ව නව ලිබරල් ධනවාදි ප‍්‍රතිපත්තියට එරෙහිව සිසු ජන පෙළගැස්මක් ලෙස සියළු දෙනා ඒකාබද්ධ කරල අරගල කළා. ඇතැම් කොටස් එස්. බී. බන්දුල ගෙදර යවමු කියලා සටන් පාඨ ගෙනාව. හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරය විධියට අප මතක තබා ගත යුතුයි එස්. බී. බන්දුල ගෙදර යැව්වට මේ ප‍්‍රශ්නය විසදෙන්නෙ නැහැ කියල. උදාහරණයක් ලෙස ගත්තහම එස්. බී. බන්දුල අධ්‍යාපනයට අදාළම නෑ. ඒත් දැන් ඉන්නව ඊට වඩා ආචාරශීලි ආචාර්ය කෙනෙක් ආචාර්ය සරත් අමුණුගම, මර්වින් සිල්වා වගේ නෙවෙයි, ඇත්ත ආචාර්ය කෙනෙක්. එස්. බී. වගේ නෙවෙයි බොහොම ආචාරශීලිව කථා කරනව, ජනතාව හිතනව දැන් ප‍්‍රශ්නය විසඳුනා කියල. ඒත් එහෙම නෙවෙයි. එතන තියෙනව ප‍්‍රතිපත්තිමය කාරණාවක්.

මේ සුවිශේෂී මොහොතේ දින සීයේ මර්දනය කියන එක අපි ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය කියන ඒ වදන් දෙක පදනම් කරගෙන අන්න ඒ දේ සඳහා බලය ඉල්ලලා එය ස්ථාපිත කරන්න බලය ලබා ගත් ආණ්ඩුවක් සම`ග තමයි අපට මේ ක‍්‍රියා කරන්නට සිදුවෙලා තියෙන්නෙ. ජනවාරි 02 වන දින එනම් ජනාධිපතිවරනයට සතියකට පෙර පුවත් පතක මුදල් ගෙවා ප‍්‍රචාරනයකරන ලදී කියල තිබුණු දැනවීමක්, මේ අද හෙට කියල කොටස් දෙකකට බෙදල තියෙනව, අද කිව්වෙ රාජපක්ෂ යුගය, හෙට කිව්වෙ මෛත‍්‍රී පාලනයෙන් එළඹෙන යුගය. අද කියල තියෙනව ‘‘අධ්‍යාපනයට පහසුකම් ඉල් ̈වම ලැබෙන්නෙ කදුළු ගෑසු යි, බැටන් ප‍්‍රහාර මදිවට හිර ගෙදර යකඩ කූරු ගණින්න විතරයි’’ ඊට පස්සෙ හෙට කියල කියනව සමස්ත අධ්‍යාපනයට වෙන් කෙරෙන වියදම දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් දක්වා වැඩි කෙරේ, සරසවි මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් දක්වා වැඩි වේ, ඔන්න ඔය වගේ තියෙනව. එතකොට මෙතන කියන හෙට දැන් අද බවට පත් වෙලා තියෙන්නෙ. හැබැයි අද දවසේ අපට ශිෂ්‍ය මර්දනය ගැන කථා කරන්න වෙලා තියෙනව. මේ කඳුළු ගෑසුයි, බැටන් පොලුයි, හිර ගෙදර යකඩ කූරු ගැනීමයි මේ ඔක්කොම අපි දිනපතා අත්විඳිමින් ඉන්නව. ඉතින් තවමත් කවුරුහරි හිතනව නම් මේ යහපාලනය මොකක් හරි දෙයක් කරයි කියලා, අපි කියනව එහෙම හිතන්න එපා, ඒක වැරදි.ඒ වගේම මෙහෙමෙ දින සීයක් කාලයෙදී මේ වගේ මර්දනයක් ක‍්‍රියාත්මක කළේ නිකං නෙවේ. රාජපක්ෂ ආණ්ඩුව කාලෙ පාසල් වලින් මුදල් අය කිරීමේ සංස්කෘතියක් ගෙනාවා, දල ජාතික නිෂ්පාදනයෙන් පාසල් සඳහා වෙන් කරන මුදල අඩු කළා, පාසල් වහල දාන තැනට පත් වුණා. මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවල මීට විරුද්ධව කථා කළා. නමුත් මේ ආණ්ඩුව පත් වෙලා වැඩි දවසක් යන්නට මත්තෙන් ජනවාරි 29 වෙනිදා පාසල් වලින් මුදල් අය කිරීම නීතිගත කරල චක‍්‍රලේඛයක් ගෙනාවා. නිදහස් අධ්‍යාපනය ලැබීමෙන් පසු පළමු වතාවට පාසල්වලින් මුදල් අය කිරීම නීතිගත කරල තියෙනව. විවෘත විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 167 ගත වෙලා තියෙනව. අත්තනෝමතික ලෙස ගාස්තු වැඩි කරල තියෙනව. සත්‍යග‍්‍රහයට වාඩි වුණේ රාජපක්ෂ ආණ්ඩුව කාලේ. තවම විසඳුම් ලැබිල නෑ. උසස් තාක්ෂණ ආයතනවල ගැටළු තවම විසඳලා නෑ. එම ශිෂ්‍යයන්ව අපරාධ විමර්ශන කොට්ඨාශවලට කැඳවමින් ඉන්නව. පෞද්ගලික විශ්වවිද්‍යල ගැටළුවට විසඳුම් ලබා දීල නෑ. මාලඹේ හොර උපාධි කඩයට විරුද්ධව මේ රටේ ශිෂ්‍යයන් ජනතාව දැවැන්ත අරගලයක යෙදිල හිටියා, වෛද්‍ය උපාධිය රුපියල් ලක්ෂ 20කට විකුණුව, තියෙන නීති කොන්දේසි සියල්ලම කඩ කළා. ඒක වහල දාන්න කිව්ව ඒක වෙනුවට ආචාර්ය සරත් අමුණුගම නව අධ්‍යාපන ඇමති ගැසට් පත‍්‍රයක් නිකුත් කරල ඒ ආයතනයේ ඉංජිනේරු උපාධි දෙකක් විකිණීම සඳහා. මේ ඔක්කොමත් කරල ආණ්ඩුව බලාපොරොත්තු වෙනව නම් ශිෂ්‍යයො අරගල නොකර ඉදී කියලා ඒක ප‍්‍රශ්නයක්. ඇත්තටම දැන් මේවට විරුද්ධව තමයි ශිෂ්‍යයො අරගල කළේ. බොහෝ දෙනා යහපාලනය අද වැටෙයි හෙට වැටෙයි කියලා හිතාගෙන ප‍්‍රශ්න නොකර බලං ඉන්නව. නමුත් අපිට එහෙමම කරන්න බෑ.
අපෙන් සමහර අය අහනව ඔයාල සාකච්ඡුාවකට සූදානම් නැද්ද කියල, නෑ අපි සාකච්ඡුා ඉල්ලුව. ලිඛිතව විතරක් තුන් වතාවක් ඉල්ලුව. ඔවුන් දෙන්න සූදානම නෑ. මීට හොඳ පිළිතුරක් දීලා තියෙනව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පහුගිය දවසක පුවත්පතකට, ඔහු කියනව ශිෂ්‍යයන් සමග සාකච්ඡුා කිරීමට මම සූදානම් නැහැ, ඒවගෙම විවෘත විශ්වවිද්‍යාලය සම්බන්ධ කාරණාවේදී ගාස්තු ගැන කථා කිරීමට ශිෂ්‍යයන්ට අයිති නැහැ කියල. එස්.බී දිසානායක මහතා කිව්වෙත් මේකම තමයි. ඔවුන් සාකච්ඡුා කරන්න කැමති නෑ එම නිසා අපට උද්ඝෝෂණ කරන්න වෙනව. මාර්තු 31 වන දා උද්ඝෝෂණයේදී එලව එලව පහර දෙනව. කදුළු ගෑස් වලින් සෘජුව පහර දීලා සිසුන්ට තුවාල කරනව. මේ හැම දේම කරලා කියනව සාකච්ඡුා කරන්නළු තිබුණේ. දැන් නිතර නිතර සිසුන්ව අපරාධ විමර්ශන කොට්ඨාසයට යවනව. ්‍යභෘ් සිසුන් 8 දෙනෙක්ව ගෙනයලා පැය අටක් ප‍්‍රශ්න කරනව. රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ සිසුනට පහර දුන්න එක අරන් වෙළඳ දැන්වීම් විධියට මැතිවරණයේදී පාවිච්චි කරලා දැන් ඔවුන්ව අපරාධ විමර්ශන ඒකකයට ගෙනත් ප‍්‍රශ්න කරනවා. මේ ශිෂ්‍යයන්ව ගෙනයල ඒ අවස්ථාවේ හිටපු පොලිස් ස්ථානාධිපති කියනව ‘‘අපි ඉන්නෙ උඹලව ආරක්ෂා කරන්න නෙවෙයි ආණ්ඩුව ආරක්ෂා කරන්න. ඒ නිසා දගලන්නෙ නැතුව හිටපල්ල’’ කියල. ඉතින් අපි ඒක දන්නව, ඒ නිසා තමයි අපිට සටන් කරන්න වෙලා තියෙනනෙ. ඒ නිසා දැන් තොරතුරු අරගන්න, ගෙවල් වලට රිංගන්න කටයුතු කරල තියෙනව, ඒ වගේ තව තවත් ශිෂ්‍යයන් ගණනාවක් අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවන්න උත්සාහ කළා. නමුත් අපි තීරණයක් ගත්ත ඊට ඉදිරිපත් නොවීමට, මොකද මේ ආණ්ඩුව මර්දනය ගේන ගේන වෙලාවට එන්න එන්න කියන තැනට යන්න අපි සූදානම නැහැ. නීතිය කියන්නෙ උත්තරීතර එකක් නෙවෙයි කියල අපි කවුරුත් දන්නව.

මේ තත්ත්වයන් මෙසේ තිබියදීම සමාජය සාරාංශයක් විධියට කියනව ‘‘ශිෂ්‍යයො හිතාමතා මර්දනය කැඳව ගන්නව කියල. ඕනවට වැඩියෙන් කරනව එතකොට පොඞ්ඩක් ගහන්න වෙනව තමයි. පොලීසිය නිකන් ඉන්නවද ගහනව.’’ ඔන්න ඔය වගේ කථා සමාජයේ ඇති වෙමින් තියෙනව. අපි දන්නව පිරිසක් පුද්ගලයෙක් මර්දනය කරන්න ඕන වුණාම තුවක්කුව බැටන් පොල්ලට වඩා ජනතාව අතර ඊට විරුද්ධ මතයක් හදල ඒ විධියට මර්දනය ගේනව. යුද්ධෙන් පස්සෙ විශ්වවිද්‍යාල මුදා නොගත් ප‍්‍රදේශ කියල ජනතාව අතර මතයක් හැදුව, ඊට පස්සෙ සංජීව සහෝදරයව ආයුධ ප‍්‍රවාහනය කළා කියල අත්අඩංගුවට ගන්නව. ඔවුන්ට කන්න ඕන වුණාට පසසේ කබරගොයත් තලගොයෙක් කර ගන්නව, ඔවුන් අවශ්‍ය මතය සමාජයේ හදනව.

ඒ වගේම මේ අපිත් එක්ක ඉන්න බලවේග පවා කියනව ‘‘මේ ආණ්ඩුවට පොඞ්ඩක් කල් දෙන්න ඕන, දන්නෙ නැද්ද ඔහොම වන බව, උන් කොහොමත් ඔහොමනෙ අපි දැන ගන්න ඕන ඒ විධියට හැසිරෙන්න.’’ හැබැයි මේක යථාර්ථයක් විදියට භාර ගන්න අපි සූදානම් නැහැ. එම නිසා අපි බලා පොරොත්තු වෙනව මේ රටේ ප‍්‍රගතිශීලයි කියල හිතන අය තමන්ගෙ කඳවුර හරියට තේරුම් අරගෙන තමන්ගෙ කඳවුරේ හරියට සිටගත යුතුයි කියල. මොකද වැනි වැනි ඉන්න කාලයක් නෑ, හෙට වෙද්දි මර්දනය දෝරෙ ගලාගන එන්න පුළුවන්. තාම කට්ටිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනව කියල කියනව මොකද තාම තුවක්කු පත්තු වුණේ නෑ. සුදු වෑන් වලින් පැහැර ගෙන ගියෙ නෑ ගහල ගියා විතරයි. අපේ‍්‍රල් මාසෙ 14 වන දින යක්කල වික‍්‍රමාරච්චි එකේ අට්ටාලෙට පොලීසියෙන් ඇවිත් එහි හිටපු ශිෂ්‍යයන්ගේ ජංගම දුරකතන එකතු කරල අට්ටාලේ කඩල බිඳල දාලා ගිහින් තියෙනව. ඊට විනාඩි පහකට පමණ පසුව සුදු වෑන් එකක් ඇවිත් ශිෂ්‍යයන්ට ගහල ශිෂ්‍යයන් දෙදෙනෙක් ගෙන ගොස් පහර දීල තියෙනව.
මේ තියෙන්නෙ මර්දනය තමයි. මේ තත්ත්වය තේරුම් අරගෙන පෙළ ගැසිය යුතුයි කියල අපි හිතනව. දැන් ශිෂ්‍යයන්ට විතරක් නෙවේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වලට විරුද්ධ වන සියළු දෙනාට මර්දනය ගෙන එමින් තිබෙනව. යාපනය, කොටගෙදර, කොළොන්නාව වැනි ප ‍්‍රදේශ වල ජනතා උද්ඝෝෂණ වලට පහර දුන්නා. ශිෂ්‍ය ව්‍යාපාරයටත් ඒ වගේම තමයි. ඒ නිසා අපි ඉතා වගකීමෙන් කියන කාරණය තමයි ඔය කියන ප‍්‍රජාන්ත‍්‍රවාදය හා යහපාලනය දෙන්නෙ නෑ. හැබැයි ඕක ලැබූ පිරිසක් ඉන්නව. රාජිත සේනාරත්න මහත්තයට කියන්න පුළුවන් මොකද තමන් කැමති විධියට කැමති අමාත්‍යාංශයක් අරගෙන ඉන්න පුළුවන් වෙලා තියෙනව. විජේදාස රාජපක්ෂ මහත්තයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණා තමයි. එයාට තීරණ ගැනීමේ නිදහස, ඒවා ක‍්‍රියාත්මක කිරීමේ නිදහස, භාෂණයේ නිදහස ඒ හැම දෙයක්ම ලැබිල තියෙනව.සරත් ෆොන්සේකා මහත්තයට, චන්ද්‍ර ිකා නෝනට, රන ිල් වික‍්‍රමසිංහ මහත්තයට ප‍්‍රජාතන්ත‍්‍රවාදෙ හම්බවෙලා තියෙනව, ඒක බොහොම හොඳයි. මේ පාලකයන්ට විතරක් ප‍්‍රජාතන්ත‍්‍රවාදෙ ලැබිල, ඉතින් ඕකද ප‍්‍රජාතන්ත‍්‍රවාදෙ? ඕකටද ජනවාරි 08 වෙනිදා ඒ තරම් ජල්ලියක් ඇල්ලුවෙ? ඔය ප‍්‍රජාතන්ත‍්‍රවාදෙරාජපක්ෂ ආණ්ඩුවෙත් තිබුණා. ඉස්සර මේ ගොල්න්ට පොඞ්ඩක් අඩුයි, දැන් ඒ ගොල්ලන්ට පොඞ්ඩක් අඩුයි එච්චරයි.

ශිෂ්‍ය ව්‍යාපාරයට අදාළව ගත්තාම මේ කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය හම්බවෙලා නෑ. අපිට හම්බවෙලා තියෙන්නෙ කඳුළු ගෑසුයි, බැටන් ප‍්‍රහාරයි, හිර ගෙදර යකඩ කූරු ගනින්නයි විතරයි. ඊට අමතරව අපරාධ විමර්ශන කොට්ඨාශ ඒකකයට යන්නත් වෙනව. මේ ප‍්‍රශ්නෙ හරියට තේරුම් ගත යුතුයි. මේකෙ තියෙන දේශපාලනය තේරුම්ගත යුතුයි. සෑබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් දිනා ගත යුතුයි. ඒ සඳහා අරගල කළ යුතුයි. ඉතින් ඒ අරගලයට එකතු වෙන්න අපි ඔබට ආරාධනා කරනව. ඒක එක දවසින් කරන්න පුළුවන් කියල අපි කියන්නෙ නැහැ. නමුත් විශාල ජනතා බලවේගයක් ගොඩනැගීම ඇතුලෙ එය දිනා ගන්න පුළුවන්. ඒ සඳහා අප හා අත්වැල් බැඳ ගැනීමට ඔබට ආරාධනා කරනව.
[අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මාධ්‍ය වෙත යොමු කරන ලද්දකි ]

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions