6/07/2015

සිංහලයා නිහඩ කරවීම හා තිසරණීලාගේ සිංහල බෞද්ධ වෛරය

කතෘ:යුතුකම     6/07/2015   1 comment

තිසරණි ගුණසේකර විසින් ලංකාදීප පුවත්පතට ලියන ලද ලිපියකට පිළිතුරක් ලෙස එම පුවත්පතටම ලියු මෙම ලිපිය පළවුයේ පසුගිය වසරේ වුවද එදාටත් වඩා අදටත් මෙම ලිපිය සර්වකාලීන වටිනාකමකින් යුක්තය. මන්ද එදාටත් වඩා මෙකල (මෛත්‍රී යුගයේ) තිසරණීලාගේ දෘෂ්ටිවාදය හොල්මන් කරමින් තිබෙන නිසාය. පරවේනිගත රෝගයක් බඳුව ඔවුන්ට වැළදී තිබෙන සිංහල බෞද්ධ වෛරය හෙළිදරව් කිරීම අද මෙන්ම මතු මතුත් කළයුතු යුතුකමකි. එබැවින් මේ ලිපිය නැවත පළකරමු.
*************************************************************

සිංහලයා නිහඩ කරවීම හා තිසරණීලාගේ සිංහල බෞද්ධ වෛරය

තවත් යුද්ධයකට අප සූදානම්ද? මැයෙන් ජූනි මස 25 වෙනදා ලංකාදීප පත‍්‍රයේ පළවු තිසරණි ගුණසේකර මහත්මියගේ ලිපියට මෙසේ පිළිතුරු ලියනන්ට අදහස් කළේ සිංහල බහුතරයගේ නිහඬබව තවත් මහා දරුණු යුද්ධයකට මුල් වන බව ඇය දක්වා තිබු අදහස කරුණු කොටගෙනය.

තිසරණි ගුණසේකර මහත්මිය සඳහන් කරන අදහස නිවැරදිය. ඉතිහාසය පුරාම සිංහලයා නිහඬව සිටියේය. වර්තමානයේදීත් එසේමය. එදා මෙන්ම අදද ඉතිහාසය පුරාම සිදුවු විවිධ බිය ගැන්වීම්, නිර්මාණය කළ භීතිකා එසේ නිහඬවීමට සිංහලයාට බලපෑම් කළේය. ඔවුන් පවසන ආකාරයට ශි‍්‍ර ලංකාව විනාශ මුඛයට ඇද දමන්නෝ සිංහලයෝය. සිංහලයා අන්‍යමත නොඉවසන ජාතිවාදියෝය. තිසරණි මෙය කියන්නේ සිංහල සුළුතරයක් කියාය. ”සුළුතරය” යන වචනය භාවිතා කර ඇය, ඇගේ සිංහල විරෝධීබව හා බොඳු බල සේනා විරෝධිබව වසාගනු ලබයි. මේ ජාතිවාදීන් ගැන කතා කළයුතු යුගයකට වඩා ජාතිද්‍රෝහින් ගැන කතා කළයුතු කාලයකි. නැත්නම් සිංහලයා හෙටද නිහඬව සිටිනු ඇත.

සිංහලයාට විරුද්ධව සිංහලයා උසි ගැන්වීමේ කාළකණ්නි ව්‍යායාමය තිසරණිලා බාරගෙන ඇත. තිසරණි පුන-පුනා මතක් කරන කළු ජූලියේ සැබෑ තත්ත්වය ඇය නොදන්නා බව සක්සුදක් සේ පැහැදිලිය. කළු ජූලිය සිදු වූ අවස්ථාවේ ලංකාවේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ දෙමළ ජාතිකයෙකි. ඔහු රුද්‍රා රාජේස්වරම්ය. එසේම නියෝජ්‍ය පොළිස්පතිවරුන් සතර දෙනෙකුම දෙමළ ජාතිකයෝය. කළු ජූලිය සිදුවන අවස්ථාවේදී මෙම නියෝජ්‍ය පොළිස්පතිවරු නිවාඩු සහිතව නිවෙසට වී සිටියහ. රටේ පොලිස්පතිවරයා, නීතිපතිවරයා හා අගවිනිසුරුවරයා දෙමළ ජාතිකයන්ව සිටියදීත් තිසරණි කියනා අන්දමට සිංහල ජාතිවාදීන් අහිංසක දෙමළ ජනතාවට පහර දුන්නේ කෙසේද? දේපළ කොල්ලකෑවේ කෙසේද? තිසරණිට අවශ්‍ය නම් මේ පිළිබඳව කෙරුණු ඩග්ලස් මහතාගේ අධ්‍යයන වාර්තාව කියවා බැලිය හැක. මෙහිදී තිසරණි පිළිගත යුතු දෙයක් ඇත. කළු ජූලිය සිංහලයාගේ නිර්මාණයක් නොව අමානුෂික ලේ පිපාසැති ප‍්‍රභාකරන්ගේ සහ එවකට පොලිස්පතිවරයා ඇතුළු නියෝජ්‍ය පොළ්ස්පතිවරුන්ගේත් එවකට රටේ සිටි නායකයාගේත් කුමන්ත‍්‍රණයක ප‍්‍රථිපලයකි. එහි වරද පැටවුණේ සිංහලයා මතයි. ජාත්‍යන්තරය පමණක් නොව ජාතියේ අවාසනාවට පහළ වු තිසරණීලාත් පුන-පුනා මෙය සිංහලයාගේ වරදක් බව පවසයි. අතීතයේදීත් වර්තමානයේදීත් මේ දෙය එකලෙසම සිදු වේ. සිංහලයා නිහඬව සිටිනවා නොව නිහඬ කරවා ඇත. එදා ක‍්‍රියාත්මක වූ නොපෙණෙන හස්තයන් අදද ක‍්‍රියාත්මක වේ. එදා මෙන්ම අදත් ඒ නොපෙණෙන හස්තයේ සජීවී විකාශය තිසරණීලාමය.

තිසරණි මෙන්ම ජනප‍්‍රියතාව උදෙසා සහජීවනය ගැන කතාකරන පිරිසක් අප අතර සිටිති. ඔවුන්ට පැවරි ඇති කාර්යභාරය කුමක්ද? සිංහල සමාජය නිහඬ කරවීමයි. සිංහල සමාජය තුළ භීතිකාවක් ඇති කිරීම තුළින් එය ඉෂ්ඨ කරගැනීම ඔවුන්ගේ අභිලාෂයයි. ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර සහයෝගය නොලැබී යාම, ආර්ථික සම්බාධක පැණවීම, රටට වැඩිම විදේශ විනිමය ලැබෙන මැද පෙරදිග සේවකයින් එම රටවල් වලින් පිටමං කිරීම, ඛණිජ තෙල් ලබා නොදීම, කොටි සංවිධානයටත් වඩා දරුණු තත්ත්වයකට මුස්ලිම් ජනතාව තල්ලූ කිරීම එවන් වූ භීතිකා වලින් සමහරකි. වඩාත්ම බියගුළු භීතිකාව නම් ජීහාඞ් සංවිධානය ඇතුළු අනෙකුත් ඉස්ලාමීය සංවිධාන අප රටට භයානක ලෙස පහරදීමයි. මේවා සුපීරි භීතිකාය. රටට සිදුවන මෙවන් ව්‍යවසනයන්ට සිංහල ජනතාව වගකිව යුතුය. මේ ආකාරයෙන් සිංහල ජනතාව නිහඬකර තිසරණීලා, වික‍්‍රමභාහුලා, මංගලලා, පාලිත තෙවරප්පෙරුමලා, රාජිත සේනාරත්නලා ඒ අතරතුරේ දී ජිහාඞ් සංවිධානයට හොර රහසේ කුමන්ත‍්‍රණ කිරිමට අවශ්‍ය වාතාවරණය සකස්කර දෙයි. එය හරියට සිගරට් සමාගම්වල අනුග‍්‍රහය ලබමින් දුම්වැටි විරෝධී පෙළපාලි යාම හා සමානය. නව අර්ථකතනයන්ට අනුව ජිහාඞ් සංවිධානය ලංකාවට එන්නේ සිංහල ජාතිවාදීන් නිසාය, බොඳු බල සේනාව නිසාය. මේවාට කියන්නට වචන නැත. ජිහාඞ් සංවිධානය මේ වන විටත් ලංකාව තුළ කුමන්ත‍්‍රණකාරී ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවති. ඒ සිංහලයා ජාතිවාදී වීම නිසා නොව ලොවම ඉස්ලාම් කොඩිය යටතට ගැනීම උදෙසාය. අන්තවාදීහු නම් මොවූහුමය. බොඳුබල සේනාව සිදු කළේ එවන් අන්තවාදීන් හෙළදරව් කිරීමයි.

තව අවුරුදු තිහ හතළිහකින් තිසරණිලා මෙසේ කියනු ඇත. ”අතීතයේ එක් කලක අලූත්ගම දර්ගානගරය තරම් සාමකාමී නගරයක්, මුස්ලිම් ජනතාව තරම් නිතීගරුක පුරවැසියන් පිරිසක් මේ රටේ නොවූහ”. දර්ගා නගරය අලූත්ගම පමණක් නොව මේ රටේ මුස්ලිම් බහුතරයක් ජීවත්වන සෑම නගරයකම තත්ත්වය තිසරණීලා නොදන්නවා නොවේ. ඒ නගරවල කිසිඳු නීතියක් ක‍්‍රියාත්මක කිරීමට පොලීසියට නොහැකිය. නීති කඩකරන මුස්ලිම් අයට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරිමෙන් තිසරණීලා කතා කරන සහජීවනය බිඳ වැටේ. යම් ලෙසකින් එසේ කළහොත් තිසරණීලා මෙසේ කියනු ඇත. ”ජාතිවාදී සිංහල පොලිස් නිලධාරින් හෙල්මට් නොපැළදි අහිංසක මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට ගැනීම නිසා රට තුළ මහත් ව්‍යවසනයක් ඇති වනු නොඅනුමානය”. රටේ සාමාන්‍ය නීතිය පරයා ඔවුන්ගේ ආගමික නිදහස ඉදිරියට පැමිණීමේ ප‍්‍රථිපලයක් ලෙස යතුරු පැදි වල ගමන්ගන්නා මුස්ලිම් අය හෙල්මට් පළදින්නේ නැත. පදිකයින් පාරේ ගමන් කරන්නේ රංචු වශයෙනි. නිකරුණේ පාරට වී සිටින අය බොහෝය. මහපාරේ ගමන්කරන රථ වාහන ඔවුන් අතරින් සීරුවෙන් ගමන් කළයුතුය. කිසිවෙකුගේ හෝ ඇගේ යාන්තමින් හෝ වැදුන හොත් පිරිස වට වී එම වාහනයට පහර දෙති. පසුගිය පෝදා ඇති වූ සිද්ධියට පැහැදිලිව වගකිව යුත්තේ මෙවන් පිරිස්ය. අඳ බාල තිසරණිලා එහි වරද බොදු බල සේනාව වෙත පටවයි. බලය රැකගන්නට ජාතිය පවා දෙන අපේ නායකයින්ට පෝදා සංඝයා වහන්සේ නමකට පහරදීම සුළු සිද්ධියකි. බොඳු බල සේනාව අලූත්ගමට පැමිණියේ මේ කතාව රටට කියන්නටය. සිංහල බෞද්ධයාගේ ඇස් පෑදීමටය. සිංහල බෞද්ධකම ගැන කතා කිරීම අද වන විට ජාතිවාදීවීමකි. තමන්ගේම රටේ සිංහලයෝ අසරණව මුඛ වාඩම් බැඳ සිටිති.

අයේෂා ආබ්දීන්, කළුතර අතිරේක මහේස්ත‍්‍රාත්වරිය මෑතකදි කළ ප‍්‍රකාශයක් මෙහිදි දක්වනු කැමත්තෙමි. බේරුවල මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙසට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිම පිළබඳව ඇය බේරුවල පොලිසියට ප‍්‍රශංසා කරයි. අයේෂා ආබ්දීන් මුස්ලිම් ජාතික කාන්තාවකි. මෙහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහල තරුණයන්ය. සිංහල තරුණයන් අත්අඩංගුවට ගැනීම ගැන බේරුවල පොලිසියේ නිලධාරින්ට ප‍්‍රශංසා කරන ඇය පෝදා සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලිසිය ක‍්‍රියා කළ ආකාරය හෙළා නොදකින්නේ ඇයි? මෙහිදි ඇය සඟවාගන්නට උත්සාහ දරන්නේ ඒ ජාතිවාදය නොවේද? තිසරණිලා කිසිදිනෙක මේවා ගැන කතා නොකරනු ඇත.

තිසරණිට අනුව හික්කඩුවේ සුමංගල හිමියෝ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ, එස් මහින්ද හිමියෝ ජාතිවාදීහුය. හික්කඩුවේ සුමංගල හිමියන් එදා ඉංග‍්‍රිසි පාතික කොඩිය බිම ඇඳ දැමීම නිසා අද ජිනීවාහිදී බි‍්‍රතාන්‍යන්ගේ ජන්දය අප රටට නොලැබී ගියේය. එස් මහින්ද හිමියන් ලියු මෙවන් කවි නිසා කළු ජූලියේදි සිංහල මිනිස්සු ප‍්‍රකෝප වී ජාතිවාදී ලෙස හැසිරීමෙන් අහිංසක දෙමළ ජනතාව පීඩනයට පත් කළහ.

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉහ මොළ තිබියදිත් මේ ගැන නොසිතන්නේ
ඇස්ගෙඩි දෙකට හෙන ගහලද සිහලූන්නේ

තිසරණීලා දැන ගතයුතු දෙයක් ඇත. සිංහල බෞද්ධයා කිසි දිනෙක බුදුදහම බලහත්කාරයෙන් ප‍්‍රචාරය කිරිමට උත්සාහගත්තේ නැත. අනුනගේ රටවල්වල බලහත්කාරයෙන් පදිංචිවූයේද නැත. අනුන්ගේ රටවල් අල්ලාගන්නට ගියේද නැත. එහෙත් තම ජාතියට ආගමට අවැඩක් වූ හැම විටම නැගී සිට ඒ වාඩුව ගත්තේය. සෑම සිංහලයෙකුම එසේ නොවූවත් බහුතරයක් එසේය. නුදුරු අනාගතයේදි තිසරණිලාගේ දරුවන් කළු ලෝගුවෙන් බේරීමට එවන් සිංහලයන්ගේ සෙවණට එනු නොඅනුමානය.

චම්පා වෛද්‍යතිලක 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions