6/12/2015

තැටිය හා රොටිය

කතෘ:යුතුකම     6/12/2015   No comments

මේ දිනවල බොහෝ දේශහිතෛශීන් කලබලයට පත් වී ඇත. විග්නේස්වරන් උතුරේ කඳවුරු ඉවත්කර ගැනීම පිළිබඳ ව උද්ඝෝෂණ කරයි. එක්සත් ජාතින්ගේ සංවිධානය උතුරු පළාත් සභාව උතුරු පළාත් ආණ්ඩුව ලෙස හඳුන්වයි. මංගල සමරවිර ලංඩනයේ දී ලෝක දෙමළ සංසදයේ එම්මානුවෙල් පූජක ඇතුළු දෙමළ විසුරුණු ජනයාගේ සංවිධානවල නියෝජිතයන් හමුවෙයි. මංගල ඒ සාකච්ඡාවලට සහභාගි වන්නේ කුරුඳු පොළු හමුදාවේ නියෝජිතයකු ලෙස නොව ලංකාවේ විදේශ ඇමති ලෙස ය. ඒ සාකච්ඡාවලට සම්බන්ධන් හා සුමන්තිරන් ද සහභාගි වෙති. එපමණක් නොව සොල්හයිම් ද එහි වෙයි. ලංකාවේ දී විසිරුණු දෙමළ ජනයාගේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කෙරෙයි. ඒ අතර කාදිනල්වරයා පාසල් රජයට පවරා ගැනීමේ වැරද්ද කියයි. ඔහුට අනුව රජයට පවරාගැනීමෙන් පසුව පාසල්වලට දේශපාලනය රිංගා ඇත. ඒ අතර විග්නේස්වරන්ට අනුව 2009න් පසු උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය පැතිර යයි. ඔහු ව්‍යංගයෙන් කියන්නේ හමුදාව මත්ද්‍රව්‍ය බෙදාහරින බව ය.

මෛත්‍රිපාල රනිල් පික්පොකට් ආණ්ඩුව බලයට පත් වූ දිනයේ සිට බටහිරයෝ ද ඉන්දීයයෝ ද එයට ස්තොත්‍ර ගයති. ඇතැම්හු මෙරටට එති. කැමරන්, මෝදී, කෙරී, සොල්හයිම් ආදීහු ඒ අතර වෙති. බෑං කි මූන් ස්තෝත්‍ර ගැයූ නවතමයා වෙයි. සාමාන්‍යයෙන් ස්තොත්‍ර ගයන්නෝ වන්දිභට්ටයෝ ය. එහෙත් මේ අය පික්පොකට් ආණ්ඩුවේ වන්දිභට්ටයෝ නො වෙති. රනිල් මෛත්‍රිපාල ඒ අයගේ වන්දිභට්ටයෝ වෙති. මේ අබුද්දස්ස කාලය බැවින් එසේ වන්නේ යැයි නොසිතිය යුතු ය. එක්තරා ආකාරයකින් ගතහොත් එයත් වෙනසකි. ජනතාව මෛත්‍රිපාලට ඡන්දය දුන්නේ වෙනසකට යැයි කියැවෙයි.

අපි සාම්පුර් කඳවුර ඉවත් කිරීම, උතුරේ කඳවුරු ඉවත්කිරීම, යාපනයේ පුවඟු දිවයිනේ (මේ මහාවංසයෙහි ද සඳහන් වන පුවඟු දිවයින ය, ගැමුණු රජතුමා සැනසීමට රහතන් වහන්සේ වැඩම කෙළේ පුවඟු දිවයිනෙනි) විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීම ගැන ඇති වූ උද්ඝෝෂණ, තැනින් තැන ආයුධ සොයා ගැනීම්, ආදී සිද්ධි ගැන ද වෙන වෙන ම කතා කරමු. එහෙත් මේ සිද්ධි, ස්තොත්‍ර ගැයීම්, ලංඩනයේ හමුවීම් එක ම දැවැන්ත සිද්ධියක (රොටියක) කොටස් පමණක් බව හඳුනා නො ගනිමු. එසේ හඳුනා ගන්නා තෙක් අපට දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කළ නො හැකි ය.

ඒ ඒ සිද්ධිවලට ප්‍රතිචාර දක්වන දේශපාලන විචාරකයන්ගෙන් අපට අඩුවක් නැත. අපට එහි ඇත්තේ අතිරික්තයකි. ඒ ඒ පුවත්පතෙහි, ගුවන් විදුලි නාලිකාවෙහි, රූපවාහිනී නාලිකාවෙහි, විශ්වවිද්‍යාලයෙහි, ඊනියා පර්යේෂණ ආයතනයෙහි සිටින දේශපාලන විචාරකයන්ට තවමත් සමස්ත ප්‍රශ්නය හඳුනාගැනීමට නොහැකි වී ඇත්තේ බොහෝ කරුණු අතින් ගත්කල ඔවුන් ලැබූ අධ්‍යාපනයෙහි බංකොළොත්බව හේතුකොට ගෙන ය.

බටහිරයෝ සංස්ලේෂණයට වඩා විශ්ලේෂණයට වැදගත් කමක් ලබා දෙති. ඔවුහු වෙන් කරන්නේ කෙසේ දැයි සාමාන්‍ය ජනයාට කියා දෙති. එහෙත් ඔවුන්ගෙන් කිහිප දෙනෙක් සිදුවන්නේ කුමක් දැයි දනිති. ආසියාවේ හා අප්‍රිකාවේ ජනයා ද සාමාන්‍ය ජනයා පමණක් ම වෙති. අපේ පැරුන්නෝ සංස්ලේෂණයට හෙවත් එකතු කිරීමට වැඩි වැදගත්කමක් දුන්නෝ ය. තවමත් ගැමි සංස්කෘතියෙහි ඒ යම් ප්‍රමාණයකට දැකිය හැකි ය. සාමූහිකත්වය එකතුව මත පදනම් වෙයි. පොදුවේ ගත්කල ආසියාතික චින්තනවල සාමූහිකත්වය වැදගත් විය.

පහළොස්වැනි සියවස පමණ වන තෙක් බටහිර ද එසේ ම විය. කතෝලික චින්තනය සාමුහිකත්වය අගය කෙළේ ය. එහෙත් ඉන්පසු පැන නැගි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පෞද්ගලිකත්වය, වියුක්තය ආදීය ඉස්මතු කෙළේ ය. ධනපති ක්‍රමය මෙන් ම බටහිර විද්‍යාව ද එහි ප්‍රතිඵල විය. මේ සියල්ල පසුගිය අවුරුදු තිහක පමණ කාලයක වර්ධනය කළ දේ ය. ඒ නැවතත් විස්තර කළ යුතු නො වේ.

අපි ඊනියා වෙන් කිරීම ගැන එක් උදාහරණයක් පමණක් ගනිමු. ආගම හා රාජ්‍ය වෙන් වී ඇතැයි ද රාජ්‍ය පාලනයේ දී ආගම ගාවා නොගත යුතු යැයි ද බටහිරයෝ අපට කියති . කාදිනල් තුමා කියන්නේ අධ්‍යාපනය රාජ්‍යයෙන් වෙන් විය යුතු බව ය. එහෙත් බටහිර රටවල රාජ්‍යය ආගමෙන් වෙන් වී නැතිවා පමණක් නොව අප රටේ ඉංගිරිසි ආණ්ඩුව තිබූ කාලයේ අධ්‍යාපනය, ආගම (ක්‍රිස්තියානි) හා රාජ්‍යය එකට බැඳී තිබිණි. මෙරට පළමු අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ප්‍රධාන පරීක්‍ෂක) ක්‍රිස්තියානි පූජකයෙක් විය. යුරෝපීයයන් පැමිණීමට පෙර මෙරට සිංහල බුද්ධාගම, රාජ්‍යය හා අධ්‍යාපනය බැඳී තිබිණි.

සිංහල රජවරුන් හා භික්‍ෂූන් වහන්සේ අතර තිබුණේ අවියෝජනීය සම්බන්ධයකි. භික්‍ෂූන් වහන්සේ රජවරුන් පුහුණු කළහ. ආරක්‍ෂා කළහ. අද මහින්ද රාජපක්‍ෂ පන්සල් යන්නේ මේ අතීතය සිහිපත් කරමිනි. මෙරට ඉතිහාසය හා සංස්කෘතිය නොදත්තෝ මහින්දට ගරහති.

මේ ලිපියෙහි පළමු ඡෙදයෙහි සඳහන් කරුණු එකිනෙකින් වෙන් වූ දේ නො වේ. ඒ එකිනෙකට බැඳී ඇත. අප සංස්ලේෂණාත්මක ව සිතීමට පුරුදු විය යුතු ය. ඒ සියල්ලට ම ඊනියා පොදු සාධකයක් වෙයි. එහි අරමුණ හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමය. ඒ බැරි නම් දුර්වල කිරීම ය. මෙරට දෙමළ ජාතිවාදයේ ආරම්භය පනස්හයට හෝ අසූතුනට හෝ ගෙන යන්නෝ සමස්තය නො දකිති. අප ප්‍රශ්නයේ මුලට යා යුතු ය. එවිට අනෙක් සියල්ල වටහා ගැනීම පහසු ය.

දෙමළ ජාතිවාදය ගැන විස්තරයක් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි දැක්වෙයි. එහි වත්මන් ආරමිභය 1833 දක්වා දිව යයි. එය ඉංගිරිසින් විසින් බෞතීස්ම කෙරිණි. දෙමළ ජාතිවාදය, දෙමළ බෙදුම්වාදය බවටත් එය දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විය. මහින්ද රාජපක්‍ෂ දෙමළ ත්‍රස්තවාදය පැරදවීමට දේශපාලන නායකත්වය දුන්නේ බටහිරට අකීකරු වෙමිනි. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කෙරුණේ එයට දඬුවමක් වශයෙන් මිස යහපාලනයක් වෙනුවෙන් නො වේ. අද බටහිරයන්ට හිතවත් ආණ්ඩුවක් තිබේ. සෝභිත හිමයන්ගේ බසින් කියන්නේ නම් තැටිය රත් වී ඇත. බටහිරයෝ හා ඉන්දීයයෝ රොටිය පුච්චති. උන්වහන්සේ ද රොටිය ඒ පැත්තට මේ පැත්තට හරවති. ඉහත සඳහන් සිද්ධි රොටිය පිච්චීමේ දී අපට නිරීක්‍ෂණය කිරීමට හැකි දේ ය.

ප්‍රශ්නය තේරුම් නොගැනීම නිසා ඇතැම්හු හුදු සිද්ධිවලට ප්‍රතිචාර දක්වති. ඇතැමුනට අනුව ලංකාවේ පැවැත්වීමට කටයුතු කෙරෙන දෙමළ විසුරුණු ජනයාගේ සම්මන්ත්‍රණයට සිංහල විසිරුණු ජනයා ද කැඳවිය යුතු ය. එමගින් දෙමළ විසිරුණු ජනයාට නීත්‍යානුකූල තත්ත්වයක් ලබා දීමට සිංහලයන් ද එකඟ වන බව ඔවුනට අවබෝධ නො වේ. ඒ අතර චම්පක තම අවස්ථාවාදය පෙන්නුම් කරමින් ඒ සම්මන්ත්‍රණයට විරුද්ධ වෙයි. එහෙත් සම්මන්ත්‍රණය පවත්වනු ලබන්නේ රනිල් මංගල ඇතුළු පික්පොකට් ආණ්ඩුව විසිනි. පික්පොකට් ආණ්ඩුව එවැනි දේ කරන බව චම්පක නොදැන සිටියේ නම් එයින් කියැවෙන්නේ ඔහුගේ අවස්ථාවාදය නොවේ නම් දේශපාලන අනවබෝධය ය. එවැන්නකුගෙන් රටට වන්නේ අයහපතක් බව ඉතා පැහැදිලි ය.

නලින් ද සිල්වා 
කාලය
2015 ජූනි 12

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions