මහින්ද සුළඟ මිරිඟුවක්ද? - ක්‍රිශාන්ත කුරේට පිළිතුරක්.
මහේන්ද්‍ර ගුණවර්ධන, අංශ ප්‍රධාන, ක්ෂුද්‍ර ජීව විද්‍යා අධ්‍යයනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය.
ජනවාරි මස පැවති ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුපස ඇතැයි සැලකෙන ජනතා ආකර්ෂණය යනු, එතරම් සැලකිය යුතු බලවේගයක් නොවන බව පෙන්වා දීම සඳහා, දේශපාලන විශ්ලේෂක ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ මහතා විසින් ලියන ලද විශ්ලේෂණයක්, ‘මහින්ද සුළඟ ප්‍රෝඩාවකි, මිරිඟුවකි’ යන මැයෙන්, මැයි මස 31දා ඉරිදා ලංකාදීපයෙහි පලවිය. කාලීනව වැදගත් යැයි සැලකිය හැකි මාතෘකාවක් පිළිබඳ සංවාදයකට මුලපිරීම වෙනුවෙන් කුරේ මහතා හටද, ඒ සඳහා ඉඩ ලබාදීම වෙනුවෙන් ඉරිදා ලංකාදිපයටද ස්තුතිවන්ත වෙමින් එම සංවාදයට සම්බන්ධවීමට අදහස් කරමි.
ජනපතිවරණයෙන් පසුව එළඹ ඇති මෙම යුගයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි කේන්ද්‍රගතව ඇති ජනතා ආකර්ෂණය වනාහි, අවධානය යොමු විය යුතු සංසිද්ධියකි. මැතිවරණයකින් ජය ගත් පාර්ශවයක් කෙරෙහි විනා, මෙවැනි ආකර්ෂණයක් මේ රටේ මින් පෙර දක්නට නොලැබුණි. එහෙයින්, එවැන්නක් කවර හේතු සාධක නිසා ඇතිවූවක්ද යන්නත්, කවර ආකාරයේ එකක්ද යන්නත් තේරුම් ගන්නට උත්සාහ කිරීම ප්‍රයෝජනවත්ය. එය දේශපාලනඥයන් ගේ සහ දේශපාලනය පිලිබඳ උනන්දුවක් දක්වන්නන්ගේ පමණක් නොව සමාජ විද්‍යාඥයන්ගේද විග්‍රහයට බඳුන් විය යුතුය. කෙසේ වෙතත්, එම ජනතා ආකර්ෂණය විග්‍රහ කිරීම සඳහා දරන උත්සාහයන්හිදී, ඒ සඳහා ඉදිරිපත් කෙරෙන සමහර අර්ථ දැක්වීම් එතරම් උපකාරී නොවන බව පෙනේ.
සමහර වහලුන් වහල් ජීවිතයකට කෙතරම් හැඩගැසී සිටියේද යත්, වහල් බවින් නිදහස් කරනු ලැබූ පසුද වහල් මානසිකත්වයෙන් මිදීමට නොහැකිව, තවදුරටත් දීන බවින් යුතු වහලුන් සේ ජීවත් වීම ප්‍රියකළ බව, නව ජනාධිපතිතුමා දින සියය අවසානයේ ජාතිය අමතමින් කල කතාවේදී, වරක් නොව දෙවරක්ම පෙන්වා දෙන්නට යෙදුණි. එතුමා ඉන් අදහස් කලේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුපස ඇදෙන ජනතාව වහල් මානසිකත්වයෙන් පෙලෙන බවය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එම ජනතාව පෙනුනේ, මත් පැන් බොන්නට දී බත් පැකට් එකක් අතට දුන්විට, ඒවා ගාස්තුව ලෙස ගෙන එම කුලියට වැලි කකා හඬමින් මිදුලේ පෙරලෙන සමූහයක් ලෙසිනි. මේ උදාහරණ වලින් පෙනෙන්නේ, සත්‍යය තේරුම් ගැනීම සඳහා විචාරශීලී විචක්ෂණ බවක් තිබිය යුතු බවත්, දේශපාලන පසමිතුරු භාවය නිසා යමක් නිවැරදිව දැකීමේ හැකියාව අහෝසි වී යන බවත් ය.
විවිධ පාර්ශවයන් විසින් විවිධ අයුරින් අර්ථ නිරුපනය කෙරෙන්නේ වුවද, ආකර්ෂණ බලයකින් මෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුපස ඇදෙන ජනතා රැල්ල විසින්, පසමිතුරු දේශපාලන කඳවුර දේශපාලනිකව නොසන්සුන්තාවයට පත්කොට තිබෙන බව පැහැදිලිය. ජනපතිවරණයෙන් පසු පාලන බලය ලැබුනද, තමන් වටා එතරම් ජන රැල්ලක් නැති බවත්, ජන රැල්ල ගොඩනැගෙන්නේ ජනපතිවරණයෙන් පැරදුනු මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා බවත්, කාලයත් සමග වඩාත් හොඳින් පෙනෙන්නට ගත්විට, ඔවුනට දේශපාලන බියක් ඇතිවනු නොවැලක්විය හැකිය.
මැතිවරණයකින් පසුව එළඹෙන ආසන්න වකවානුවේදී, ජයගත් පාර්ශවය, දේශපාලන වශයෙන් වඩාත් ස්ථාවරව තහවුරු වූ බව, නිදහසින් පසුව අපේ රටේ පවතී මැතිවරණ සියල්ලකදීම පාහේ පොදුවේ දක්නට ලැබුණු දෙයකි. එමෙන්ම, පරාජයට පත්වූ පාර්ශවය, කලකට යලි හිස එසවීමට නොහැකිවන ලෙස බෙලහීන වීමක් ද දක්නට ලැබුණි. එහෙත්, මෙම පශ්චාත් ජනාධිපතිවරණ යුගය තුල සිදුව ඇත්තේ සම්පුර්ණයෙන්ම එහි අනෙක් පැත්තයි. එහෙයින්, එම නැවුම් සංසිද්ධිය පිලිබඳ විමසා බැලීම වැදගත් වේ.
දෙදහස් පහළොවේ ජනවාරි අටවැනිදා පැවති ජනපතිවරණයෙන් පසුව ගතවූ පළමු දින දෙක තුන තුලදී, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි කුඩා ගම්මානයක වෙසෙන එක්තරා තරුණයෙකුගෙන්, දුරකථන ඇමතුමක් ලදිමි. මා කුඩාකල හැදී වැඩුනේ මපියාණන් ගුරුවරයෙකු ලෙස දිගු කලක් සේවය කල එම ගමෙහි බැවින්, එහි වෙසෙන අය සහ මා අතර නෑදෑකමක්ම නොවන තදබල නෑදෑකමක් පවතී. දුරකථනයෙන් කතාකළ තරුණයා තුල වුයේ, සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු මාහට කිසියම් කරදරයකට ලක්වන්නට සිදුවෙතැයි යන සිතිවිල්ලෙන් ඇතිවූ නොසන්සුන්බවකි. එය එසේ නොවන බවට මා විසින් ඔහු අස්වැසූ පසු, මා අමතා “මාමා නම් ජනාධිපතිතුමා බලන්නට යන්නට ඇති” යැයි පවසා, “අපිත් මේ බස් එකක් අරගෙන යන්නයි හිතාගෙන ඉන්නේ” යැයි ඉතා උනන්දුවෙන් යුතුව පවසා සිටියේය.
අප කවුරුත් පසුව හොඳින් දැනගත්තේ වුවද, මහින්ද රාජපක්ෂ මැතිතුමා බලන්නට යාමේ හැඟීම්බර අවශ්‍යතාවයක් අපේ රටේ ජනතාව තුලින් මතුවන බව මා පළමුවරට දැනගත්තේ එම මොහොතේය. ඉන්පසුව ගතවන දිනයක් පාසා, “තවම ජනාධිපතිතුමා බලන්න ගියේ නැතිද? අපි නම් ගියා” යැයි පැවසූ බොහෝ දෙනා හමුවීමි. සති කිහිපයකට පසුව, මමද තංගල්ලට ගොස්, අපේ රට ඉතා පරාජිත දුක්ඛිත අවධියකින් මුදවා කෙලින් සිටවූ නායකයා දැකීමේ වරප්‍රසාදය නැවත වරක් ලැබුවෙමි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා බලන්නට යාමේ හැඟීම්බර අවශ්‍යතාවය සමාජය තුල කෙසේ පැනනැගුණි දැයි විමසා බැලිය යුතුමය. මැතිවරණයෙන් පරාජය වූ ලක්ෂ පනස් අටක ජනතාවක් රට තුල සිටින්නේ වුවද, කිසිදු මෙහෙයවනු ලැබීමක් හෝ, සංවිධානය වීමක් හෝ, අඩු තරමින් සන්නිවේදනයක් හෝ සිදු නොවූ, සිදුවීමට කිසිදු ඉඩක් නොතිබූ, ඒ මුල් දින කිහිපය තුලදීම, මහින්ද රාජපක්ෂ මැතිතුමා බලන්නට යාමේ අවශ්‍යතාවය ඔවුන් අතරින් ඉබේ මතුවී ආ බව දුටුවෙමු. එහෙයින්, එම හැඟීම්බර අවශ්‍යතාවය, එක් එක් ගුණගරුක හදවතක් තුල, තනි තනිව, ස්වාධීනව ජනිතවූවක් බව ඉතා පැහැදිලි වේ. එසේ නොමැතිව එය, මේ ජනතා හැඟීම දැක භීතියට පත්වූ එක්තරා නපුරු දේශපාලකයෙකු විසින් පැවසූ ලෙස, කඳුළු විකිණීමේ සංවිධනාත්මක වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් නොවේ. හොටු පෙරාගෙන මහින්ද බලන්නට යාමෙන් වැඩක් නොවන බව, එවන් පුද්ගලයන් විසින්, වරින් වර පවසන්නට යෙදුනි.
අපේ රටේ ජනතාව, තම නායකයෙකු සමග, මැතිවරණ පරාජයකින් පසු මේ ආකාරයට හැඟීමෙන් බැඳුනු අවස්ථාවක් මෙයට පෙර දැක තිබේදැයි, මහින්ද ජනාධිපතිතුමා වෙතින්ම ගෞරවයෙන් යුතුව විමසා සිටියෙමි. ජය පරාජය හොඳට හුරු පුරුදු නායකයෙකු වන එතුමා මින් පෙර මෙවැන්නක් අත්විඳ නැති බව පැහැදිලි කරන්නට යෙදුනි. එනයින් බලන කල, අප ඉදිරියේ මේ පෙනෙන්නේ ඉතිහාසයේ සටහන් වන සිදුවීමක් බව සිත තබාගත යුතුය.
ජනපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකෙරුණු දිනවල, ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් කිහිපයකින්ම ඉදිරිපත් වී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් තර්ක ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලද්දෙමි. එලෙස රූපවාහිනියෙන් මුහුණ දැක පුරුදු නිසා, එදිනෙදා මගතොටදී මුණගැසෙන බොහෝ දෙනා විසින් මා හඳුනාගනු ලැබේ. ඔවුන් විසින්, සුහද සිනහවකින් ද, ඉඩ ලදහොත් කතා බහකින්ද පිළිගනු ලැබීමේ සතුට නොයෙක් වර ලබන්නෙමි. එසේ පිළිගැනීමට ලක්වන සැම විටම, ම සිතෙහි නැගෙන සිතිවිල්ලක් වනුයේ, එම ජනතාව මා වැනි අයගේ කාර්ය භාරය ඉහලින් අගය කරන්නේ වුවද, මා විසින් ඊටත් වැඩි ගෞරවයකින් ඔවුනගේ කාර්ය භාරයෙහි වැදගත්කම දකින බවය. විද්වතුන් කෙතරම් සංඛ්‍යාවක් රුපවාහිනී කෙතරම් සංඛ්‍යාවක පෙනී සිටියද, ඉන් ගොඩනැංවිය හැකි ප්‍රතිරූපය, මහින්ද රාජපක්ෂ මැතිතුමා පිලිබඳව ජන විඥානයෙහි ස්වාධීනව ගොඩ නැංවී ඇති ප්‍රතිරූපය තරම් දැවැන්ත විය නොහැකි යැයි සිතමි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වන මොනයම් හෝ උත්සවයක් වැනි අවස්ථාවක් ඇතොත්, එවන් තැන්වලට එක්රැස්වී සිටින ජනතාවගේ හැසිරීම තුලින්, අපට එම ප්‍රතිරූපයෙහි පරිමාණය පිලිබඳ වැටහීමක් ලබාගත හැක. සෑම සති අන්තයකම, මහින්ද රාජපක්ෂ මැතිතුමා තංගල්ලේ කාල්ටන් නිවසෙහි සිටින නොසිටින බව හෝ හරියටම නොදැන වුවද, එහි ඇදෙන ජනතාව තුලින් පෙනෙන්නේ, ජනතා සිත් සතන් තුල එතුමා පිළිබඳව ගොඩනැගී ඇති ප්‍රතිරූපයයි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඇති මේ ජනප්‍රියතාවය ඉක්මවන තරම් ජනප්‍රියතාවයක්, වර්තමාන ලංකාවේ වෙනත් කිසිදු තනි පුද්ගලයෙකු කෙරෙහි නොමැති බව පෙනේ. ඒ ජනප්‍රියතාවය ඉක්මවීමෙහි සමත් වෙනත් දේශපාලනඥයකු නැතිවා පමණක් නොව, ඊට ලංවීමෙහි හෝ සමත් කලාකරුවකු හෝ ක්‍රීඩකයකු පවා දක්නට නොලැබේ. මෙය දකින විරුද්ධ දේශපාලනඥයන් ඉරිසියාවෙන් සහ බියෙන් නොසන්සුන්වනු පුදුමයක් නොවේ.
මහින්ද රාජපක්ෂ මැතිතුමා බැලීමට ගොස් කඳුළු මැදින් ආචාර කරන රටේ ගුණගරුක ජනතාව සියැසින් දුටුවෙමි. එසේ හැඟීම් වලට ඉඩදීම සාමාන්‍ය ජනතාවගේ හැසිරීමක් බවත්, උගතුන් බුද්ධිමතුන් හට. එලෙස හැසිරීම එතරම් නොගැලපෙන බවටත් වූ මධ්‍යම පන්තික වර්ගයේ මතයක්, විරුද්ධවාදියෙකු වෙතින් අසන්නට ලැබුණි. ඒ මතයට නිගරු කිරීමේ අරමුණද සහිතව, “මහින්දගේ නොවන මහින්දගේම රැස්වීමක්” බැලීමට පසුගියදා රත්නපුරයටද ගියෙමි. එහිදී සාමාන්‍ය ජනතාව අතරේ, විද්වතුන්ද ඇතුළුව දේශපාලන රැස්වීම්වලට සාමාන්‍යයෙන් සහභාගී නොවන සමාජ ස්ථරවලට අයත් අයද, මහා වර්ෂාවේ තෙමීගෙන සහභාගී වී සිටිනු දක්නට ලැබුණි. මැයි අට වැනිදා කුරුණෑගලදී දක්නට ලැබුනේ එම ජනතා ප්‍රවාහය බෙහෙවින් වර්ධනය වී ඇති බවය. ජනපතිවරණයට පසුව ගතවූ මුල් සති කිහිපය තුල සමහර මැදහත් විචාරකයන්ගේ මතය වුයේද, හිටපු ජනාධිපතිතුමා කෙරෙහි ඇති මෙම ජන ආකර්ෂණය කෙමෙන් වියැකී යා හැකි බවය. ඒ අනුව බලන කල, මෙය මින් පෙර දක්නට නොලැබුණු සංසිද්ධියක් බව තේරුම් ගනිමු.
මෙම ජන ආකර්ෂණය තේරුම් ගැනීමට නම් පළමුවෙන්ම පිළි ගත යුතු කරුණු කිහිපයක් ඇත. එසේ ඇදෙන ජනතාව මහින්ද මැතිතුමා පසුපස යන්නේ, එමගින් පැහැදිලිව පෙනෙන වාසියක් නැති බව දැනගෙනමය. එය මෙම ජන රැල්ල තේරුම් ගැනීමේදී සැලකිල්ලට ගතයුතු එක් ප්‍රධාන කරුණකි. වත්මන් ව්‍යාකූල වාතාවරණය අනුව, ඉදිරියේ රටේ දේශපාලන පරිසරය කෙසේ නිර්මාණය වනු ඇතිදැයි යන්න පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවා ගැනීම කාටත් අසීරු කටයුත්තකි. ජනතාව, මහින්ද මැතිතුමා පසුපස යන්නේ, එලෙස රටේ ඉදිරිය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නොමැති බවද නොසලකමිනි. මහින්ද ගෙන ඒමේ අධිෂ්ඨානයෙන් පෙළගැසෙන ජනතාව තුල ඒ කෙරෙහි ඇති උද්යෝගය කෙතරම්ද යත්, එහි ක්‍රියා මාර්ගය සහ ඊට සිදුවිය හැකි බාධා පිළිබඳව ඔවුහු එතරම් සැලකිල්ලක් නොදක්වති. ඊළඟ කරුණ වන්නේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුපස ජනතාව ඇදෙන්නේ, රාජපක්ෂවරුනට එරෙහිව මැතිවරණ කාලයේ සිට අද දක්වා නොකඩවා එල්ල කෙරෙන චෝදනා සත පහකට විශ්වාස නොකරමින් බවය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාහට එරෙහිව මැතිවරණයේදී කෙරුණ එක් චෝදනාවක් වූයේ ඒකාධිපතියෙකු ලෙස බලයේ එල්ලී සිටින්නට තැත් කරන බවය. ආචාර්ය හරිණි අමරසේකර නම් සරසවි ඇදුරියක විසින් අප්‍රේල් මස යාපනයේ පැවති දේශනයකදී, ඉංග්‍රීසි භාෂාවෙන් “වන් ඔෆ් ද මෝස්ට් බෘටල්, රිප්රෙසිව්, ඇන්ටි ඩිමොක්‍රටික්, වයලන්ට් ස්ටේට් රෙජීම්” යන වචන යොදාගනිමින් පවසා තිබුණේ, දෙදහස් පහෙන් පසුව අප දුටුවේ, පාලන යන්ත්‍රයන් අතුරින් “වඩාත්ම කෘර, මර්ධනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ දරුණු පාලන යන්ත්‍රයක්” බවය. බුද්ධිමතුන් ලෙස පෙනී සිටින තවත් සමහර අය විසින්, මහින්ද රාජපක්ෂ පාලනය ෆැසිස්ට්වාදී පාලනයක් ලෙස, කිසිදු පැකිලීමකින් තොරවම අර්ථ නිරුපනය කෙරිණි. එවැනි උදවිය වනාහි, එක්කෝ දේශපාලන විචාරයෙහි යොදාගැනෙන ඉහතකී වචනවල තේරුම නොදන්නා මෝඩ අය විය යුතුය. නොඑසේනම්, රටේ ජනතාව එම වචනවල තේරුම නොදන්නා හරකුන් යයි සිතාගෙන කතාකරන දුෂ්ට උදවිය විය යුතුය. මා සිතන්නේ ඔවුහු ඒ ගතිලක්ෂණ දෙකෙහි දෙමුහුම් බුද්ධිමතුන් විශේෂයක් බවය. ඔවුහු කෙසේ කියූවද, ජන විඥානයෙහි මහින්ද රාජපක්ෂ පාලනය සටහන්ව ඇත්තේ, එපා වන තුරු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ තැබූ සහ එවන් මැතිවරණයකින්ම අවසන්වූ පාලනයක් ලෙසිනි. මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුපස යන ජනතාව, එම අවබෝධයෙන් සන්නද්ධව සිටිනා බුද්ධිමත් ජනතාවක් විනා, රැවටී, හැඟීම් වලට යටත් වූ කොටසක් නොවන බව තේරුම් ගත යුතුය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාහට එරෙහිව, මැතිවරණයේදී කෙරුණ අනෙක් චෝදනාව වූයේ සංවර්ධන කටයුතුවලින් මුදල් සොරකම් කරන බවය. අවුරුදු තිහක් තිස්සේ ප්‍රභාකරන්ට සිදුකිරීමට බැරිවූ තරමේ ආර්ථික හානියක් මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙටි කලකින් රටට සිදුකල බවත්, දුෂණ පිලිබඳ ලිපිගොනු දාහක් පමණ තමන් සතුව ඇති බවත්, මැතිවරණයේදී චම්පක රණවක මහතා පැවසූ බව වාර්තා විය. ඒවාට රැවටුණු උදවියද රටේ සිටි බව මැතිවරණයෙන් පැහැදිලිවිය. කෙසේ වෙතත්, අතිවිශාල සංඛ්‍යාවක් ජනතාව, ඊට වඩා බුද්ධිමත් ලෙස කරුණු තේරුම් ගැනීමට තමන් සමත් බව පෙන්වුහ. මහින්ද රාජපක්ෂ මැතිතුමා සොරෙකු නොවන බව තේරුම් ගැනීමට අවශ්‍ය දේශපාලන විඥානය ඔවුහු සතු විය. සොරා කෙතරම් මුදල් ලැබුනද සොර සිත අත නොහරින බව මෙන්ම, සොරකම් නොකරන තැනැත්තා සොරෙකු නොවීමේ අභිමානය දිවිහිමියෙන් රැකගන්නා බවද සත්‍යයකි. නවසිය තිස් එකේ පටන් දේශපාලනය කල රාජපක්ෂවරුන් එවන් අභිමානවත් ලකුණක් ලක් බිමෙහි තබා ඇත. අවාසනාවකට මෙන්, සොරුනට එම අභිමානය තේරුම් ගත නොහැකිය. නිල මැස්සා සිතනු ඇත්තේ මී මැස්සාද හොරෙන් හෝ කුණට ඇදෙනු ඇතැයි කියාය.
මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙදහස් පහේදී සුළු බහුතරයකින් බලයට පත්වනවිට, අපේ කුඩා රටෙහි දක්නට ලැබුණේ ඉතා අවාසනාවන්ත ලෙස දීන භාවයට පත්කරනු ලැබූ ජනතාවකි. දෙමල ජනතාව අතුරින් බහුතරය සිය කැමැත්තෙන්ම එල්ටීටීඊ යේ වහලුන් බවට පත්ව සිටියහ. යුද්ධය ජයගත නොහැකි බවත්, එනිසා එල්ටීටීඊය සතුටුවන පරිදි හැසිරී පණ බේරාගැනීමට උත්සාහ කලයුතු බවත් පිළිගැනීමට දෙදහස් පහට පෙර සිටි පාලකයන් විසින් රටේ සෙසු ජනතාව පොළඹවනු ලැබ සිටියහ. මේ තත්ත්වය යටතේ, සංවර්ධනය සහ යහපත් අනාගතයක් පිලිබඳ බලාපොරොත්තු මුළුමනින්ම වියැකී ගොස් තිබිණ.
ඒ මියගිය දේශයට නැවත ජීවිතය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව ජනතාව දනිති. එහිදී රාජපක්ෂ සහෝදරවරු කටයුතු කලේ තම ජීවිත ආශාව අමතක කර දමා බව ඔවුහු දනිති. නිදහස් කරගත් රට සංවර්ධනය කිරීම උදෙසා සියවසකට ගැලපෙන මහත් වැඩ කොටසක් දස වසරකින් නිමකළ බව ඔවුහු දනිති.
මහින්ද මැතිතුමා පසුපස අද ජනතාව ඇදෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ කරන ලද මෙහෙය වෙනුවෙන් කෙලෙහිගුණ දැක්වීමට බව සහතිකය. මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කලයුතු වන්නේ ඇයි දැයි යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස, එසේ කලයුතු වන්නේ ප්‍රධාන වශයෙන්ම කෙලෙහි ගුණ දැක්වීමට යැයි, මැතිවරණ සමයේ පැවති රුපවාහිනී විවාදයකදී පෙන්වා දුන්නෙමි. කෙලෙහි ගුණ දක්වන්නට අවශ්‍ය මන්දැයි ඔහුට නම් කිසිසේත් තේරුම් ගන්නට බැරි යැයි, යහපාලනය පැත්තට ආවැඩූ උගතෙකු එහිදී තර්ක කළේය. ඔහු තතනමින් කියන්නට තැත් කලේ ‘කෙලෙහි ගුණ සැලකීම’ යනු මෝඩ අහිංසකයන් ගේ හැඟීමක් විනා, ප්‍රබුද්ධ දේශපාලන ආකල්පයක් නොවන බවය. නමුත්, කෙලෙහි ගුණ දැක්වීමේ හැඟීම බොහොමයක් ජනතාව තුල තිබූ බව, වැඩසටහන නැරඹු අයගෙන් ලද ප්‍රතිචාර තුලින් දුටුවෙමි. අද මහින්ද රැල්ල තනිකරම මෙහෙයවෙන්නේ එම හැඟීමෙන් බව දැක සතුටට පත්වෙමි. කෙලෙහි ගුණ දැක්වීම හෙවත් එතෙක් කරන ලද කාර්යයන් නිසි ලෙස තක්සේරු කර අගය කරමින් ඒ වෙනුවෙන් කෘතඥ වීම වනාහි විශේෂයෙන් මැතිවරණයකදී ජනතාව තුල තිබිය යුතු ප්‍රබුද්ධ බවකි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුපස යන්නේ එවන් ප්‍රබුද්ධ ජනතාවකී. එම ජන රැල්ල, අරක්කු සහ බත්පැකට් දී පොලඹවාගත් හිඟන්නන් ගෙන් හෝ, වහල් මානසිකත්වයෙන් මිදීමට බැරි අසරණයන් ගෙන් හෝ, සමන්විත යැයි අර්ථ දැක්වීම මගින් පෙනෙන්නේ දේශපාලන අවබෝධයේ දුර්වලතාවයන් පමණි. ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ මහතා ගේ විශ්ලේෂණයද එම වර්ගයේ එකක් බව එතුමාගේ ලිපියෙන් පෙනී යයි.

[ ලංකාදීප ]
මහින්ද සුළඟ කෙසේවත් මිරිඟුවක් නොවේ.
ReplyDeleteමෙවැනි අදහස් අප තුළ ඇති වූවත් ඒවා වචන වලට නගන්නට හැකියාවක් නැත. ඔබ වැනි උගත්, හැකියාවන් ඇත්තවුන් මෙලෙස ඉදිරිපත් වීම රටට කෙරෙන මගඟු සේවයකි.
මේ ඔබ වන් අයගේ සේවය වැඩි වැඩියෙන් උවමනා කාලයකි.
මහින්ද සුලගේ කිසිම ශක්තියක් නැහැ කියන කතා ඉතාම තාර්කික විදිහට බිදලා තියනවා, නමුත් 'රාජපක්ෂ පාක්ෂිකයෝ හැටියට අපි ඉදිරීයේ තියන අබියෝගය යථාර්තවාදීව විග්‍රහ කලයුට්තුයි, එහෙම නැතිව නැවතත් ජාතිකවාදී පාලනයක් ඇතිකරගැනීම ලේසිනැහැ
ReplyDeleteමහාචාර්ය තුමා මෙන්න මෙ කාරනේ විග්‍රහ කරලා නැහැ. මහින්දට ශ්‍රීලනිපයෙන් එන්න දෙන්නේ නැහැ, වෙනත් සංධානයක් හදාගෙන තමයි එන්න වෙන්නේ, මේ සංධානයට , පාර්ලිමේන්තුවේ බහුතර ආසන ගනනක් තනි පක්ෂයක් හැටියට දිනා ගන්න බැහැ. වැඩිම ආසන ගානක් දිනා ගනියි නමුත් , ශ්‍රීලනිපයයි, එජාපයයි සුලු ජාතික පක්ෂයි එකතුවෙලා බහුතරය පෙන්නන්වා,
ඉදිරි ජනාදිපතිවරන දිනන්ත් මහින්ද රාජපක්ෂට දැන් ව්‍ය්වස්ථාවෙන් ඉඩක් නැහැ, ඊලගට ඉන්න ජනප්‍රියතම ජාතික වාදී නායකයා ගෝඨා, නමුත් ඔහුට සුලු ජාතික චන්ද 10%ක් වත් ගන්න බැහැ, සුලු ජාතීන චන්දය දෙන්නේ තනිකරම් ජාතිවාදී විදිහට ,මේ අනුව නැවත සෑහෙන කාලයකට ජාතික වාදී රජක් එන්නේ නැහැ, ඒ අනුව බලන කොට මහින්ද සුලග මිරිගුවක් කියන එක ඇත්තද කියලත් හිතෙනවා
මගේ ලිපිය කියවා, "මෙවැනි අදහස් අප තුළ ඇති වූවත් ඒවා වචන වලට නගන්නට හැකියාවක් නැත" යැයි ප්‍රකාශ කල සහෘදයාණන් වෙත: වඩා වැදගත් වන්නේ අදහස් වචනවලට නැගීමේ හැකියාව නොව, අදහස් දැරීමයි. මේ රටේ වෙසෙන, අඩුම තරමින් පනස් අට ලක්ෂයක් ජනතාව, අදහස් දැරීම අතින් මොනයම් හෝ දුර්වලතාවයක් නොපෙන්වති. ඒ හැකියාව අප සැමගේ ගෞරවයට පාත්‍ර වේ.- මහේන්ද්‍ර ගුණවර්ධන
ReplyDeleteමහසොහොන් පිල්ලිය වෙත:
ReplyDeleteඉරිදා ලංකාදීපයේ පළවූ මගේ ඉහත ලිපිය, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේද විශේෂ අවධානයට සහ ප්‍රශංසාවට ලක්වූ බව දැනගතිමි. ඒ ඇයි දැයි ඔබ මහත් පුදුමයට පත්වනු නොඅනුමානය.